Poem :
තනිය

Author : Roshan Aththanayaka

Date : 2023 Octomber


උදෑසන අරුණැල්ල - එපා ලොව සරසන්න
කිචිබිචියෙ ගී ගයා - කුරුල්ලනි නොම එන්න
නැවුම් සීතල සුලං රැළි - එපා ගත දැවටෙන්න
ඇගෙ පහස අහිමි මගෙ - පණ කෙන්ද ගිලිහෙන්න

නිසි කලට අව් වැස්ස - වසන්තය නොම එන්න
ඇල දොලේ ගංගාවෙ - දිය සිඳී වියැලෙන්න
ඇගේ රුව පරදන්න - මල් එපා පිබිදෙන්න
ඇගෙ පහස අහිමි මගෙ - පණ කෙන්ද ගිලිහෙන්න

නිල් අහස හැඩ කරන - සුදු වලා කළු වෙන්න
රැළි නගන මහ සයුර - මිදී නිසසල වෙන්න
නිසොල්මන නොම නිදා - පොලෝ ගැබ දෙදරන්න
ඇගෙ පහස අහිමි මගෙ - පණ කෙන්ද ගිලිහෙන්න



Story :
අනියම් පෙම


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now


Story :
තනිය


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now


Story :
සිත


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now


Story :
ඉඩෝරේ සැර දැනෙන්නේ


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now