Poem :
උගුරැස්ස

Author : Bhagya Kuruwita

Date : 2020

Description : මේ ජීවිතේ සමහර කාල එනවා හරියට මහා කුණාටු වගේ.. එක අඩියක්වත් ඉස්සරහට තියාගන්න බැරි.. තැලිල පොඩිවෙලා ජීවිතය අප්පිරිය වෙන දවස්.. හුස්ම ගන්න හිතනකොටත් පපුවේ කිලෝ ගානක් බරට හුස්මත් අතාරින්න හිතෙන.. මං කියන්නේ ඔව් ඇත්ත.. මිනිස්සු ඔය හැමදේම අස්සෙ අමාරුවෙන් වෙර අරං නැගිටින්නම ඕන.. ඔයා දන්නවද.. ගඟකත් ලස්සනම තැන් තමයි ඇල්ලක් වෙලා කඩා වැටෙන තැන්.. ගඟක් දිහා බලා ඉන්නවා වඩා ඇල්ලක් දිහා බලා ඉද්දි ඒක හරි ලස්සනයි.. ඉතිං තැළුණු පෙළුණු වැටුණු ජීවිත කතා තමයි ලස්සනම.. ඉතින් ඔයත් උගුරැස්ස වගේ වෙන්න.. තැළුනමත් ගොඩක් රස වෙන්න..




කට කාරවන
කහට රහ එක්කම
ඔහේ ගිල දානවට වැඩිය...
තැලිල තැලිලම පොඩි උනාමයි රහ..

ඉතින්..

උඹ හිතනවද..

තැලුනු පෙලුණු වැටුණු ජීවිත
රහ නෑ කියල..

නෑ...

ජීවිතෙත් හරියට උගුරැස්ස වගේ..
හොඳටම තැලුනමයි ඇත්තටම රහ...

භාග්‍යා කුරුවිට✒


Story :
උගුරැස්ස


Date :
2020

Description : මේ ජීවිතේ සමහර කාල එනවා හරියට මහා කුණාටු වගේ.. එක අඩියක්වත් ඉස්සරහට තියාගන්න බැරි.. තැලිල පොඩිවෙලා ජීවිතය අප්පිරිය වෙන දවස්.. හුස්ම ගන්න හිතනකොටත් පපුවේ කිලෝ ගානක් බරට හුස්මත් අතාරින්න හිතෙන.. මං කියන්නේ ඔව් ඇත්ත.. මිනිස්සු ඔය හැමදේම අස්සෙ අමාරුවෙන් වෙර අරං නැගිටින්නම ඕන.. ඔයා දන්නවද.. ගඟකත් ලස්සනම තැන් තමයි ඇල්ලක් වෙලා කඩා වැටෙන තැන්.. ගඟක් දිහා බලා ඉන්නවා වඩා ඇල්ලක් දිහා බලා ඉද්දි ඒක හරි ලස්සනයි.. ඉතිං තැළුණු පෙළුණු වැටුණු ජීවිත කතා තමයි ලස්සනම.. ඉතින් ඔයත් උගුරැස්ස වගේ වෙන්න.. තැළුනමත් ගොඩක් රස වෙන්න..

Date Added : 01 Oct 2023

Read Story Now


Story :
ඉස්කෝල වල කොහෙද නැහැදිච්ච උන්ට ඉඩ?


Date :
2019 October

Description : දෙමාපියන්ට පස්සෙ අපිව හදන තැන ඉස්කෝලෙ.. පවුල කියන පුංචි සමාජයෙන් පස්සෙ ඉස්කෝලෙට ගියාම ඒකෙ සමාජෙ හරි විසාලයි.. දුප්පත් පෝසත් හැමෝටම උගන්නන.. නැති බැරි උන්ගෙ ඔලුවලට ඉගෙනීම ඔබ්බලා උන්ව පරිපූර්ණ මිනිස්සු කරවපු ටීචර්ලා බණ කතා වලත් හිටියා.. සාහිත්‍ය පොත්වල පාඩම් වලදිත් එහෙම ගුරුවරු ගැන කියා දුන්නා.. මම දන්නෑ ඇයි අපේ ටීචර් වගේ අපිට ආදරේ නැති... ප්‍රශ්න වලින් මිරිකිලා හෙම්බත් වෙලා ඉඳිද්දිත් අකුරු එක්ක තරහ නොවුනු උන්ට වල කපන ගුරුවරු අපිට හම්බෙයි කියල ටීචර් අපිට කියා නොදුන්නෙ කියලා.. එහෙම අය ඉන්නවා.. මේක එක්තරා කෙල්ලක් වෙනුවෙන්.. ගුරුවරයෙක් පන්න පන්නා පහර දෙනකොටත්.. ඒ හැම පහරක්ම කාගෙන අකුරු එක්ක තරහ නොවුනු කෙල්ලෙක්ට.. මං ලියපු කවියක්..

Date Added : 01 Oct 2023

Read Story Now


Story :
දරාගන්න බැරි නම් අත්හරින්න


Date :
2023

Description : මිනිස්සු හැමදාම කියනවා ඉවසලා ඉවසලා බැරිම තැනක් ගැන.. ඔව් එහෙම තැනක් හැම මිනිහටම එනවා.. ඔයා හිතන්නද අන්නෙදාටත් ඉවසන්න.. නෑ..එපා.. මං කියන්නේ ආයෙම ඉවසන්න එපා.. සමහර තැන් තියෙනවා බැරිම තැනදි.. මං කියන්නේ.. ඉවසීමේ සීමාව කියන තැනදි.. අතාරින්න.. ජීවිතය නෙවෙයි.. ඔයාට ඉවසීම පුරුදු කරන ඒ කතාව.. ඒ මොකක් උනත් ඒක අතාරින්න.. ඊට පස්සේ ඔයා පියාඹන්න.. මං කියන්නෙ ගෑණු ඉවසන්න ඕන නෑ.. හති වැටෙන දවසට ඒ කතාව අතෑරලා පියාඹන්න.. මතක තියාගන්න ආදරය කියන්නේ කවුරු හරි වෙනුවෙන් කරන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.. තමන් වෙනුවෙනුත් තමන්ගේ හීන වෙනුවෙනුත් කැප වෙන කෙනෙක් එක්ක දරාගෙන ලස්සන කඳු හෙල් සිපගෙන ගලාගෙන යන හුළඟට..

Date Added : 01 Oct 2023

Read Story Now