Deprecated: stripslashes(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home2/slstoryh/public_html/memberprofile.php on line 70

Deprecated: stripslashes(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home2/slstoryh/public_html/memberprofile.php on line 74

Deprecated: stripslashes(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home2/slstoryh/public_html/memberprofile.php on line 75

Deprecated: stripslashes(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home2/slstoryh/public_html/memberprofile.php on line 76
Sri Lankan Story Hub | Read Stories Online | Read Poems Online

Name Susan madushanka
Gender Male
District Matara

Story Ctegories


Story :
රෑ කලුවර


Date :
2023/10

Description : #__රෑ_කලුවර___කෙටි_කතා_සිත්තම් ඒයි වරෙන් යන්න..................... බෑ.....ඉදපං....වරෙන් මේ ටිකත් බොමු........ උබ බීපං මට උගුරට එනවා බං.................. දාපං දාපං......උදේ ඉදන් බොද්දි ඔහොම තමයි........ඔහුට බැන වදිමින් මා ඔහුගේ කොන්ද පිරි මැද්දේ ඔහුට වමනය කරන්නට පහසුවටයි........... ඒයි යමං දැන් බලපං නමයත් වෙලා..............උබ නැගපං කෝ .......... කියමින් මා ඔහු ත්‍රී රෝද රථයට නගවා ගත්තේ........ උබට වමනේ යන්න ආවොත් දාපං....මං උදේ වීල් එක හො දන්නම්........... කියමින් මා ත්‍රී රෝද රථය පන ගන්වා ගත්තේ හැකි ඉක්මනින් නිවෙස බලා යාමටයි........... අප රැකියාව ඌයේ එලවලු වෙලදාමයි........සෑම සදුදා දිනම අප උදෑසනින් පැමිනෙන්නේ එලවලු ගොවින්ගෙන් මිලට ගෙන එය ලොරියට දැමීමටයි.......එය ඉවර උනු සැනින් බෝතලයක පහස විදීමට මස්සිනා පුරුදු වී තිබුනි.............ඒ අනුව අද වේලාසනින් වැඩ ටික නිමකර ගත්තත් මස්සිනා හිතවත් ගොවි මහතුන් කිහිප දෙනෙකු සමග මේ වන තෙක් මත් වන්නට විය........ ඕඕඕඕඔක්.......ඕඕක්ක්ක්ක්ක්.........එක් වරම මස්සිනා වමනය කරන්නට විය....මා රථය පාරෙන් ඉවතට ගෙන ඔහුට වමනය කරන්නට පහසු කර විය....... ඔහුට සිහියක් නම් නොමැති විය.....වෙනදා මෙන්ම මා සොයුරියගෙන් බැනුම් අසන්නට නම් වන වග මා හොදින් දනිමි........... යලිත් ත්‍රී රෝද රථය පන ගන්වා ගත් මා එතනින් පිට උනේ......... අද නම් පාන්දර වෙයි වගේ යද්දි............මා පිටුපස සිටින මස්සිනා දෙස බලමින් මුමුනන්නට විය........ පැයක් විතර එක දිගටම පැමිනි මා සුපුරුදු නයිට් කඩය අසලින් නවතා දැමුවේ..... ඒයි මස්සිනා......නැගිටපං..........ඒයි........ හ්ම්......කොහේද බං ඉන්නේ ........හොද නින්දකට ඔහු වැටි තිබුනි......... බැහැපං........තේ එකක් බීලා යමු........ඔහු තරමක සිහියට පැමින තිබුනි....... මල්ලි..........මට කන්න බෑ බං........කූල් මොනවා හරි ගෙනෙන්......කොයමින් ඔහු වාඩි වෙද්දි මා............. කොල්ලෝ......ඔය කූල් බීම එකකුයි....තේ එකකුයි ගෙනාවා නම්............ මා අත සහා මුහුන සොදා ගෙන මස්සිනා අසලම හිද ගත්තේ............. උබ ඔහොම බිලා යද්දි....බැනුම් අහන්න ඕන මම............. මා දෙස බලමින් සිනාසුනු ඔහු ............. උබ මාව මගින් දාලා පලයං මල්ලි අද........අක්කාගේ කට නැත්තම් උබට පන්න පන්න ගහයි...........කියමින් ඔහු සිනාසෙද්දි උබට විහිලු.............. ආ මුදලාලී.............මෙන්න තේ එක මෙන්න බීම එක.........කියමින් කොලුවා මේසය මත තබමින් එලියට ගියේ බීඩියක් උරමිනි. තේ එක සමග බනිස් ගෙඩියක් එක් කර ගත් මා අයියේ උබත් කාපං.......... උබ කාපං මට බෑ මල්ලි..........ඔලුවත් එක්ක රිදෙනවා.......... මුදලාලී......මුදලාලී........එක් වරම කොලුවා අප දෙසට පැමිනියේ සිනාසෙමිනි.... මොකෝ බං.........මා ඔහු දෙස බලමින් අසන්නට විය. කවුද අප්පා අර කෙල්ල......මුදලාලිලා තේ බොනවා.....පවු අර කෙල්ල ත්‍රී විල් එකේ ඉන්දලා ඇවිල්ලා............ මා මස්සිනා දෙස බලද්දී.......ඔහු මා දෙස සිනාසෙමින් මල්ලී......කවුද ආ............. මා දෙස සමච්චලයට මෙන් බලද්දි....... තොට පිස්සු........කියමින් මා තේ කෝප්පය මේසය මත තැබුවේ.... වරෙන් බලන්න................ඔහු සමග ත්‍රී විල් එක දෙයට ගිය මා .....කුතුහලයෙන් පිටුපස ශීට් එක දෙස බලන්නට විය........... කෝ බං.......මේකේ මොකෙක් වත් නෑනේ......... නෑ නෑ මුදලාලි.....හිටියා.....රතු සායක් ඇදගෙන ........කොන්ඩේ අවුල් වෙලා වගේ තිබුනා........ ඔහු එසේ කියද්දි මා ඔහු දෙස මෙන්ම වට පිටාව බැලුවේ....කුමක් වීද නොදත් නිසාය.......... මූට පිස්සු මුදලාලී...........මා හැරි බැලුවේ හඩ දෙසයි...... ආ මුදලාලි.......ඒ කඩේ මුදලාලි විය......... එම කතාව එතනින් ඉවර කර දමා යලිත් ගමන අරබද්දි රාත්‍රී 11.00 පසුව තිබුනි...... පැයක් පමන ගතවන විට මා ගුරු පාරට හැරෙව්වේ මස්සිනා බස්සන අරමුන ඇතිවය......... නිවස මිදුලට දමද්දීම නිවසේ විදුලි පහන් දැල්වනවාත් සමගම බැහැපං මං යනවා...........අනිත් අතට ඔහු බසිද්දි මා වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.....අක්කා මා හට අඩ ගසන හඩ මා කනට වැටුනත් මා නොඇසුන ගානට ඉදිරියට ඇදුනේ නිවසට යාමටයි......විනාඩි විස්සක් පමන යද්දි මා හුරු පුරුදු පාරට වාහනය දැමුවේ ......සුසුමක් හෙලමිනි.....ත්‍රී රෝද රථය රබර් වත්ත අතරින් වූ ගුරු පාරදිගේ ඇදෙන්නට විය.......එහෙත් එක් වරම මා හට තිරිංග පෑගුනේ මටත් නොදැනිය........... ත්‍රී විල් ලයිට් එලියට වංගුවේ රතු සායක් ඇදගත් අයෙකු පාර හරයා යනු මා දුටිමි.........එක් වරම මා මනසට නැගුනේ තේ කඩය අසල සිදු වූ සිදු වීමයි........ නෑ නෑ.....මනස් ගාත........මටත් පිස්සු.....මා යලිත් රතය ඉදිරියට ගෙන යද්දි යලිත් වංගුව අසලින් මතු වූ තරුනිය නිසා එක් වරම බියට පත් උනත් පසුව...........ඇය අසලම රථය නවතා ගත් මා ආ සුදු නංගි.................මොකෝ මේ වෙලාවේ.... නිමල් අයියේ...........අනේ මං කොළබ යන්න ගියේ බස් එක මග ඇරුනා ...................... හ්ම්......යමං යමං.......මං ගෙදරට දාන්නම්.......ඇය මා දෙස බලා සිටියේ පුදුමයක් මෙනි.... මොකෝ බං කලින් දැකලා නැද්ද මාව...........යන ගමන් මා අසන්නට විය. එහෙම දෙයක් නෑ අයියේ.............. උබ අද අමුතුයි බං...........බලපංකෝ උබේ මේකප් එක.....උබ සුදු මැලි වෙලා නේ........කියමින් මා විහිලුවට මෙන් සිනාසෙන්නට විය. නංගි අම්මා තාම අවදි වෙලාද කොහේද.........බං පාර අසලින් රථය නැවතු මා දොල පාරට එහා පස වූ ඈතින් පෙනෙන ඇගේ නිවස දෙස බලමින් කියන්නට විය....... වරෙන් මං ගිහින් දාන්නම්..........කියමින් මා ඇය ඉදිරියෙන් ගමන් ගනිද්දි ඇගේ නිවස දෙසින් ශප්දයක් ඇසෙන්නට විය....... නංගි මොකක් හරි කලබලයක් වගේ........වරෙන් අඩිය ඉක්මන් කරලා.......කියමින් මා ඇගේ නිවස දෙසට දිව යද්දි .....එහි පිරිසක් එක් රැස්ව සිටිනු දැක මොකෝ උනේ අයියේ.......කෝ නැන්දා..........ඇයි නැන්දට මොකද උනේ.......... නෑ මල්ලි.............. නැත්තම් මොකද බං මේ කට්ටිය.....නැන්දට අසනීපයක්ද ........කෝ........... මල්ලි වරෙන් කෝ...............කියමින් ඔහු මා එක්කර දොර කඩ හිට ගනිද්දි නැන්දේ......මොකෝ මේ.........ඇයි අඩන්නේ....... නංගි බං.......නංගි........ හරි නංගි ආවා මං එක්ක .......අන්න එයා එලියේ.......මා දිහා හැම දෙනාම බැලුවේ පුදුමයෙනි......... මල්ලි.....නංගිට නයා ගැහුවා..........දැන් පැය දෙක තුනකට කලින් තමයි ස්පිරිතාලෙදි නැති උනේ............ එක පිම්මේ එලියට ගිය මා මොහොතකට පෙර කතා කල ඇය සොයන්නට විය එහෙත් ඇගේ මරනය නිවසට ගෙන එන තුරු මා එය විශ්වාස නොකරන්නට විය......එසේ වන්නේ කෙසේද...... සිතන්න ......නොසිතන මොහොතක කෙතරම් එඩිතර සිතක් උවත් වාරය නුබේ නම් නුබ සොයා මලගිය උන් පැමිනෙනවා සත්තයි.........අද මට එහෙත් මීලග තප්පරය නුබේ විය හැක....අදටත් මා මානසිකව වැටුනු අයෙකි....ඇය මා පසු පසින් සෙවනැල්ල මෙන් ඒ යැයි මා සිතට හැගෙයි..... නිමි...............

Date Added : 05 Oct 2023

Read Story Now