නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 18
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
18 වන දිගහැරුම
( රහස් පණිවිඩයේ අර්ථය )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔව් යාළුවා.. මෙික අමුතුම ගේම් එකක්.
විශ්වාස කරන්න. මමත් ටිකක් අවුල් වෙලා ඉන්නෙ. මොකද තුන්හතර දෙනෙක් දිහාම
එකම තැනක ඉඳලා ඇහැගහගෙන ඉන්න වෙලා තියෙන්නෙ. ගලපන්න අමාරු කතාවක් මෙික.
නැවත හමුවෙමු ….
මෙතැන්සිට ….
හ්ම්ම්… එතකොට අපි යොමුවෙන්න ඕන තව කාරණයක් තමයි ඕපාදූප කියන අනියම් සාධකයට
*ඕපාදූප … ඒ කොහෙන්ද..
මම හිටපු ගමන් සයිමන්ව අවුස්සනවා. එතකොට තමයි ඔය ඕපාදූප කියන අගනා කොටසින් බලාපොරොත්තු නොවූ වරප්‍රසාද
මට ලැබුනේ.
*සර් මට විස්තර කරලා කියන්න.
මෙතන ඔය හාමුලා තුන්දෙනාම. ඒ කියන්නේ වයසක මනුස්සයා වගේම කපිතන් මාවන් හැර ඉතිරි තුන්දෙනා මෙි පැත්තෙ ගෑනු ළමයි කීපදෙනෙක්ම අනාථ කරලා තියනවා. ඒ අපරාධ තමන්ගෙ සල්ලි වලින් වහලා දාලා තියනවා වගේම, ඒ අනාථ වෙච්ච ගෑනු ළමයි අතර වලව්වේ මෙහෙකාර ජෝෂප් ගෙ ලොකු දුවත් ඉන්නවා කියලා තමයි මට සයිමන් අංකල් වැඩිදුරටත් කිව්වෙ.
*ඒ කියන්නේ මෙතන කණ්ඩායමක් ඉන්නවා ..
ඔව් යාළුවා… ඒක තමයි මම කියන්නේ මෙතන කණ්ඩායමක් හැදිලා තියනවා කියලා. ඒක අසාධාරණයට එරෙහිව රහසේම ක්‍රියාකාරි වන කුමන්ත්‍රණකාරි කුඩා කණ්ඩායමක්. තමන්ට වෙච්ච බලවත් අසාධාරණයට නීතියේ පිහිට පතන්න හැකියාවක් නැති හන්දා ඒ වෙනුවෙන්
තමන්ගෙ අරමුණ ඉටුකරගන්න හැදුන
සංවිධානයක්.
*හපොයි සර්… ඒ වගේ එකක් අපිට මීට කලින් මුණගැසිලම නැහැ නෙ.
ඔව් කසුන්..ඒ වගේම “යුගාන්තය” කතාවෙ
දෙබස් ආශ්රයෙන් දෙන ගුප්ත පණිවිඩයෙන් පැහැදිලිවම තේරෙනවා මෙයාලා මොනවට
හෝ නියමිත කාලය එලඹෙනතුරු හොඳ සිහියෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම ඒ පණිවිඩය ගැන අපි ගිහින් සවිස්තරාත්මකව විග්‍රහයක් කරලා බලමු. තව මොනවද ගන්න පුළුවන් දේවල් කියලා.
*එතකොට සර් ඔය පෝය දවසට ආසන්න දවසක කැරොලින් මැඩම් කරන “හීනෙන් ඇවිදීම” කියන නාටකය මොකක්ද … ?
හහ් හහ් හා… කසුන් ඒකනම් හාස්‍යජනක
කියමනක්. ඔව් ඒක නාටකයක් ද නැත්නම්
යථාර්ථයක් ද කියලා අපි හොයලා බලමු.
ඒ එක්කම මධ්‍යම රාත්‍රියේ අර සිප්පියා කන්දට නැගලා ඒ නාටකය බලාගෙන ඉන්නෙ කවුද , මොකටද කියලත් බලන්න වෙනවා. මෙිවා ඉතා සීරුමාරුවට අපි අධ්‍යනය කරන්න වෙනවා වගේම ඒ දේවල් කරන්නේ ඇයි. මොකක් අරඹයාද කියලා අනිවාර්යයෙන්ම හොයන්න වෙනවා මෙි රහස හොයන්න නම්.
*හරිම ගුප්තයි.. අර අපි කලින් විමර්ශනය කරපු නිධහන් සීන් එකේවත් මෙි තරම් ගුප්ත බවක් තිබ්බෙ නැහැ.
ඔව් .. ඒක ඇත්ත. පිරිමියෙක් හොර වැඩ කරනවා වගේ නෙමෙි. වඩා බුද්ධිමත් ගැහැණියක් හොරවැඩ කරනකොට. ඒක හරිම ගුප්තයි. එහෙම වෙන්න හේතුව ගැහැණිය හැම අතින්ම සැළසුම්කරණයේදී පරිස්සම් වෙන හන්දා.
*සර් කියන්නේ මෙි මිනීමැරුම් දෙකම
කැරොලින් මැඩම් කරා කියලද … ?
එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොකර එහෙම කරන්න සැළසුම් නිර්මාණය කලේ මෙයා වෙන්නත් පුළුවන්.
*ඒ කොහොමද… ?
අමතක කරන්න එපා. අපි තවම අර “පැච්වෙිරා” පොත මෑත කාලයේදී කියවපු අය හොයනවා කියලා. මොකද කැරොලින් මැඩම් පොත් කියවන්න ආසයි කියලා අපි දන්නවා. හැබැයි එතනදීත් එයා මට ඒත්තු ගන්වන්න උත්සාහ කරා එයා කැමති ආදරබර කතා කියවන්න විතරයි කියලා. නමුත් ඒ කතා කියවන මුවාවෙන් සැළසුමට අවශ්‍ය බාහිර දැනුම ලබාගන්නා අතරෙම , පණිවිඩ හුවාමාරු කරගන්නවා ඉතාම රහසිගත විදිහට. ඒක ඇත්තටම පොලීසියේ ඇසට වැලි ගැහිල්ලක්.
*සර් පොලීසිය කරන්නේ ගඟේ උඩ පීනනවා මිසක යට කිමිදෙන එක නෙමෙි නේද … ?
හහ් හහ් හා… ඊට වඩා අර්ථකථනය කරොත් වතුර උඩ පීනනවත් නෙමෙි. වතුර උඩින් ඔරුවක යනවා වගේ වැඩක්. ඒක
තමයි ඇත්ත.
*ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
එතකොට කසුන් ඔය පැච්වේරා කියන පොත ගත්ත අයගෙ ලැයිස්තුවේ අපි තෝරගත්ත පිරිස ගැන හොයන්න අපිට
තවම බැරුව ගියා.
*ඔව් සර්. මට තේරෙනවා. සර් මෙි වතුයායේ සුපර්වයිසර් තනතුරට හිරවෙලා ඉන්නෙ කියලා.
ඔව් යාළුවා.. නමුත් ඒ හිරවිල්ල තුල හුඟාක් වාසි තියනවා මට. ඒක අවාසි වලට වඩා බරින් වැඩියි. පොඩ්ඩක් හිතලා බලන්න බාහිර පුද්ගලයෙක් විදිහට මට පුළුවන් ද කැරොලින් මැඩම්ට කිට්ටු වෙන්න. එතකොට ජෝෂප් , සයිමන් අංකල් ට කිට්ටු වෙන්න. බැහැ නේ්ද.. ?
අන්න එතනදී ඒ පරම වාසිය මගේ වටෙිට කැරකෙන්නේ ඔය සුපර්වයිසර් පට්ටම හන්දා.
*එතකොට පැච්වේරා ගැන සර්ගෙ අදහස මොකක්ද. මම අදහස් කලේ. දැන් අපිට ඉතුරුවෙලා ඉන්නේ අපි තෝරගත්ත පිරිස විතරක් නම් ඒ අය ගැන පූර්ණකාලීනව හොයා බලන්නෙ කොහොමද … ?
කසුන්… අපි වටෙිට වාසනාව කැරකෙනවා නම්, මම විශ්වාස කරනවා ඔය හයදෙනා ඇතුලෙ එක්කෙනෙක් මාර්ගයෙන් මෙි පොත අපි නොදැක්ක සැළසුම්කරුවා අතට ගියා කියලා. බැරිවෙලාවත් එහෙම වෙලා තිබ්බෙ නැත්නම් මම අර කලින් කිව්වා වගේ කැරොලින් මැඩම්ට මයි සැකයේ පූර්ණ වාසිය යන්නේ.
*මොකද කියන්නේ ඔයා හයදෙනා ගැන හොයලා බලන්න තුන්වැන්නෙක් ගේමුද
ඔව් කසුන්… අපි අපේ මෑන් බස්සන්න කාලය හරි. එන්න කියන්න මෑන්ට.
*නියෝජිත ජේ 50 මොන දීපංකරයේ ඉන්නවද දන්නෙ නැහැ. අපේ ජෝකර් නෙ ඉතින්. ගහපං කිව්වොත් ගැහැව්වා. මරපං කිව්වොත් මැරුවා.
අම්මපා ඇත්ත.. අදම මෑන්ට එන්න කියන්න. මට තියනවා ඊට වඩා බැරෑරුම් වැඩක් බාරදෙන්න.
*ඒ මොකක්ද සර්…
මල නොතලා , මලෙන් රොන් ගැනීම.
*ඒ කිව්වෙ.
පල්සර් උපාලිව හඹායාම. අපි මෑන්ට පොඩ්ඩක් වත් නොදැනෙන්නට විමර්ශනය කරන්න ඕන. ඒකට හොඳම කෙනා තමයි නියෝජිත ජේ50. මොකද අපිත් එක්ක ප්‍රායෝගිකව වැඩ කරලා මෑන් මගෙ උපක්‍රම කීපයක් දන්න හන්දා අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. අනික මම කැමතියි මෑන් වැඩකරන ක්‍රමයට.
*සර්ගෙ ප්‍රධාන ටාස්ක් එක මොකක්ද… ? මම කිව්වෙ නියෝජිත ජේ 50 ට බාරදෙන.
හ්ම්ම්… ඒකත් මම දැන් කියන්නම්. මම නියෝජිත ජේ50 ට දෙන ටාස්ක් එක තමයි
පල්සර් උපාලිගෙ බයික් එකට ජීපීඑස් එකක් හයිකරන එක. ඊට පස්සේ ඒකෙන් පෙන්වන තැන් ගැන හොයලා බලනඑක. එතකොට අපිට බලාගන්න පුළුවන් මෑන් යනඑන තැන් වගේම , වැඩි වෙලාවක් රැඳෙන තැන්. ඊට පස්සේ ඒ තැන් ටික පිලිවෙලට විමර්ශනය කරමු. එච්චරයි.
*ඒක නියමයි සර්…
හොඳයි අපි ගෝනහෙල හංදියට ආවා.
දැන් මම මෙි ට්‍රාන්ස්මීටරයේ බැටරි වයරය
ගැටගහන්න ඕන. එතකොට ඒක නැවත වැඩ. ඉන්න කියමින් මෝටර් රථය මාවතේ අයිනක නවත්වා රතුපාට බලසැපයුම් වයරය නැවත ට්‍රාන්ස්මීටරයට සම්බන්ධ කර යලි ගමන ඇරඹුවෙමු.
ගෝනහෙල හංදියට පසුකර යත්ම කතාව සීමා කෙරුවෙමු.
ඉතින් ගැමුණු මල්ලි අපි කතාව කොතනින්ද නැවැත්තුවෙ.. හා හරි.. සයිමන් අංකල් කොහොමද .. ? දැන් හිතවත් ද.. ?
*ඔව් සර්.. අංකල් හරි හොඳයි.
හ්ම්ම්… වැඩටික කරගෙන ලස්සනට ඉන්න පුළුවන් තැනක් තමයි මෙතන. මමත් ඇවිත් මාසයක් කිට්ටුවෙන්න එනවා.
*මාසයක් ද සර්. එතකොට සර්ගෙ ගම කොහෙද … ?
මම ගම්පහ මල්ලි..
*එහෙමද… ?
ඔව් මල්ලි. ඔය කැරොලින් මැඩම් හරි හොඳයි. මම ගොඩක් කැමතියි ඒ මැඩම්ට.
*එතකොට මැඩම්ගෙ මහත්තයා නැද්ද.
නෑ.. එයා එන්නෙ මාස හතරකට වතාවක්.
කැනඩාවෙ ඉන්නෙ. මෙහෙන් අපනයනය කරන තේ තොග එහෙ ඉඳලා බෙදාහැරීමෙි කටයුතුවල
නිරතවෙනවා කියලා තමයි මට මැඩම් කිව්වෙ.
*එහෙමද…
හ්ම්ම්… හොඳයි ඔන්න එහෙනම් අපි ආවා.
ඔය මළුටික ඇතුලට අරගෙන යන්න. මම යනවා.
*හරි සර්… මම ගෙනියන්නම්. මෙික සුළු දෙයක්..
සයිමන් අංකල් ….
**අපෙ මහත්තයා ( ඈතින් ඇසෙයි )
ඔන්න මම හාල්පොල් ටික ගෙනාවා. හෙට මාකට් එකට ගිහින් එළවලු මස් ගේන්නම්.
**හොඳමයි .. හොඳමයි අපෙ මහත්තයා.
හිටපං හිටපං කොල්ලො මමත් එනකම්.
දෙදෙනාම වියලි ආහාර මළුටික රැගෙන ගිය පසු මා මෝටර් රථය නවාතැන වෙත හෙමින්
ධාවනය කෙරුවෙමි. පසුව ඇඟ සෝදාගෙන ආලින්දයට එනවිට දිවා ආහාරය රැගෙන ආවෙ කසුන්ය.
*සර් කෑම ගෙනාවා…
හා… එන්න ඇතුලට. සයිමන් අංකල් අපි නැති අතරෙ කෑම හදලද … ?
*ඔව් සර්…
හොඳයි ගැමුණු. අපි වැඩිය කාලය ගන්නේ නැතුව කැරොලින් මැඩම්ගෙ අමුතු රහස් පණිවිඩය ටිකක් අධ්‍යනය කරලා බලමු.
මෙි තියෙන්නෙ එයා යවන ලද මැසේජ් එක
“අපිට තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. වෙලාව ආපුවහම මම දන්වන්නම්. එයානම් හරිම හොඳ ළමයෙක්. වැඩිය එහාට මෙහාට යන්න හදන්න එපා. මොනවා කලත් පරිස්සමෙන් සඳා. හුඟ දෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා වගේ දැන්නම්. කඳුළු කතාවක අවසානය දකින්න දිගටම මාත් එක්ක ඉන්න. එතකොට ඔයත් නිදහස්, මාත් නිදහස්. සේරටම පස්සෙ අපි මෙහෙන් යමු ජනිත්”
“අපිට තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා” ඒ කියන්නේ මොකක් නමුත් තව දෙයක් සැළසුම් කරනවා. වගේම , ටික කාලයක් බලාගෙන ඉන්නේ ඒ සැළසුම ක්‍රියාත්මක කරන්න වෙලාව එනකම් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.
*ඔව් සර්…
එතකොට …
“වෙලාව ආපුවහම මම දන්වන්නම්” ඒ කියන්නේ ඒ වෙලාව දන්නේ කැරොලින් මැඩම් විතරයි වෙන්න ඕන.
ඊට පස්සේ …
“එයානම් හරිම හොඳ ළමයෙක්”
ඒකනම් මට කියපු කතාවක් වගේ.
*ඒ කියන්නේ සර්ට චරිත සහතිකයක් දීලද.. ?
ඔව් ගැමුණු. එහෙම තමයි හිතන්න වෙන්නෙ.
ඊලඟට…
“වැඩිය එහාට මෙහාට යන්න හදන්න එපා”
ඒකෙන් නම් ටිකක් බරපතල කාරණයක් එලිවෙනවා. වැඩිය එහෙට මෙහෙට යන්න එපා කියන්නේ මෙි අදිසි පුද්ගලයා මෙි පැත්තෙ අතලොස්සක් හෝ දන්න කියන කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම.
*ඔව් සර්…
හරි.. ඊලගට බලමු.
“මොනවා කලත් පරිස්සමෙන් සඳා. හුඟ දෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා වගේ දැන්නම්” හ්ම්ම්… ඒ කියන්නේ පොලීසියට මෙයාලා ගැන ඉව වැටිලා කියලා තේරිලා එහෙනම්.
*අපි ගැනත් ඉව වැටිලාවත්ද.. ?
නැහැ ගැමුණු.. එහෙම හිතන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒක පැහැදිලි වෙනවා එයා මම ගැන කෙටියෙන් කරලා තියෙන වර්ණනාවෙන්.
*ඔව් ඒකත් ඇත්ත.
ඊලඟට ..
“කඳුළු කතාවක අවසානය දකින්න දිගටම මාත් එක්ක ඉන්න” මොකක්ද මෙි කඳුළු කතාව. ඒ ගැන නම් මට මෙයා කියලා තියනවා මෙයාට මෙි වලව්වෙන් බලවත් අසාධාරණ ගොඩක් වෙලා තියනවා. මම ඒවා හෙට කියන්නම්.
* එතකොට දිගටම මාත් එක්ක ඉන්න කියන්නේ. මෙයා අනියම් සැමියෙක් වත්ද..?
හොඳ තර්කයක් ගැමුණු. ඒ වුනාට මෙයා වැරදිලාවත් කොහෙවත් යන්නෙ නැහැ නෙ
යනවා නම් දැන් යන්නෙ මාත් එක්ක නෙ.
එතකොට මොකක්ද ..? හරි අපි බලමුකො.
ඊලඟට…
“එතකොට ඔයත් නිදහස්, මාත් නිදහස්. සේරටම පස්සෙ අපි මෙහෙන් යමු ජනිත්”
ජනිත්, සඳා කියන්නේ කතා පොතේ ඉන්න චරිතනෙ. ඒක වැඩක් නැහැ. සැළසුමට අනුව ගේම්එක දීලා ,මෙතනින් ක්ෂණිකව යන්න තමයි සූදානම.
*මම හිතන්නේ රටින් පනින්න වගේ.
ඔව් ගැමුණු. මොකද මෙයාලා ලංකාවෙ ඉඳලා කොහෙන්වත් ගැලවුමක් නැහැ කියලා හොඳාකාරවම දන්නවා. හැබැයි තව ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමයෙන් පුළුවන් රටින් නොයා ෂේප්එකේ ඉන්න පුළුවන්.
*ඒ කොහොමද… ?
ඔයා අහලා තියනවද කොටිදෙන , කොටි පැටියා , නරියා සහ වෘකයා කතන්දරය.
*නෑ සර්..
හ්ම්ම්… මම නිතරම කියන දෙයක් තමයි
හෙි ක්ෂේත්රයේදී විමර්ශන කටයුතු වලට
ලෝකයේ විවිධ රටවල් වල සාහිත්‍යමය
කතා කියවා තිබීම අමතර වාසියක් කියලා. ඒ කතාව මෙිකටත් වලංගුයි යාළුවා. හරි මව ඒ කතාව පැහැදිලිකිරීම් එක්ක නුදුරු දිනයක කියන්නම්.
*හරි සර්… එතකොට අපි ඔය කියන අදිසි මහමොළකරුවා හොයාගෙන ප්‍රශ්න කරනකම් අපේ හුඟක් දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුයි නේද… ?
ඔව් සහතික ඇත්ත ගැමුණු. ඒක තමයි
අපිට තියෙන කෙටි මාර්ගය. නැත්නම්
අපිට මීට වඩා විමර්ශන කටයුතු දුරදිග
ගෙනියන්න වෙනවා. එහෙනම් අපේ එකම ප්‍රධාන ඉලක්කය මෑන්ව හොයන එක.
මොකද එයා තව ටික කාලයක් ඉවසන්න කියන්නේ. අපිටත් මෙික නවත්වන්න නම් මෙි සැළසුම මොකක්ද කියලා ඉක්මනටම හොයාගන්න වෙනවා. ඉන්න මම දෙන්නම් වැඩක් ඕකට. දැන් ඔයා යන්න ගැමුණු වැඩිය මෙතන කාලය ගතකරන්න එපා.
*හොඳයි සර්… මම ගියා.
හොඳයි ….
දිවා ආහාරයෙන් පසුව. මා අප නියෝජිත ජේ50 වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමි.
දු.ක - අනන්‍යතාවය තහවුරුයි.ආයුබෝවන් සර්…
ආයුබෝවන් නියෝජිත ජනිත්. කොහොමද ඉතින්.
දු.ක - ඉන්නවා ඉතින්. රෙදි තෝරනවා , එව්වා විකුණනවා. කනවා, බොනවා , ඉන්නවා.
ඒ වුනාට මට ආරංචි හැටියට සර් පට්ට, සුදු , ලස්සන කෑල්ලක් සැට් කොරගෙන ආතල් එකේ හෙමිහිට ගේම ගහනවා කියලා.
හා එහෙමද.. ? පට්ට නම් තමයි. හැබැයි රජෝ එයා මෙතන හැමෝම කරලා තියෙන්නෙ පොට්ට.
දු.ක - ඒකත් එහෙමද. හොඳා හොඳා. මටනම් මෙහෙ පට්ට බෝරින්.
හ්ම්ම්… එහෙමද.. ? එහෙනම් මෙහාට එන්න.
දු.ක - මොකක්ද… ? ගේමක් ද සර් .. ?
මට කසුන් සර් වටෙන් ගොඩෙන් කිව්වා..
සර් කතා කරනකම් මම සූදානම්ව හිටියෙ.
ඔව් නියෝජිත ජනිත්. ගේමක් තමයි.
එහෙනම් අපි වැඩෙිට අතගහමු.
දු.ක - එහෙනම් මම අදම එනවා. මට පොට්එක කියන්න.
ලොකේෂන් එක මම එවන්නම්. දැන්ම පිටත්වෙන්න.
දු.ක - නියමයි නෙ. මමත් වේලි වේලි හිට්යේ. මොනවද අරගෙන එන්න ඕන.
ඔයාගෙ පුද්ගලික දේවල් ගේන්න එච්චරයි.
ඇවිත් මහනුවර අපේ ස්පයිඩර් හමුවෙලා එතන මම කියනකම් ඉන්න. මම හෙට එන්නම් ඉදිරි උපදෙස් වලට. ආ..මතක් කරලා එනකොට ප්‍රොන්ටෝ හමුවෙලා සිග්නල් මොනිටර් (සංඛ්‍යාත සංඥා ග්‍රාහකයක් ) එකක් අරගෙන එන්න.
දු.ක - ඕකේ සර්. මම දැන්ම පිටත්වෙනවා.
හරි… අපි හෙට හමුවෙමු ජයවේවා.
දු.ක - ජයවේවා සර්..
නැවත හමුවෙමු ….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023