අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 05 වන කොටස
…………………………………………………………........................
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
…………………………………………………………....
…………………………………………………………..

මා ඔහුදෙස බලා “හරි එල” කියමින් ඉවත බලා ගත්තෙමි. නැවත හැරී බලනවිට ඔහු හා පසුකර රෝහල් පරිශ්‍රය තුලට ඇතුල්වී හමාරය.

මෙතැන් සිට……….

හ්ම්ම්…. මාධව එහෙනම් වැඩ පටන්ගමු.
මා මටම මිමිනුවෙමි. හවස පහහමාරයි. ඉදිරියේ කනුවක ඇති ඔරලෝසුවක් වෙලාව හුවා දක්වයි. සුපුරුදු පරිදි හුරුපුරුදු මුහුණු කීපයක් දෛනිකව රෝහල් පරිශ්‍රයට ඇතුල්වනවා සේම, හවස් බාගයේදී රාජකාරි නිමාවෙන් පසු ඔවුන් ලහිලහියේ ආපසු තම වාසභූමි වෙත ගමන් කරයි. ඇතැම් අයවළුන් වෙහෙසකර නිසාවෙන් උදාසීනව ගමන් කලහ. නමුත් මාහට අවශ්‍ය වන්නේ ඉතාමත් උද්යෝගිමත් ලෙස ගමන් ගන්නා අයවලුන් පමණයි මෙි සේවක ⁣සමූහයෙන්.
මා මෙතෙක් වේලා පහත් කරගෙන සිටි තම හිස සෙමෙන් සෙමෙන් ඉහලට ඔසවා අවට දෙස විපරම්සහගත ලෙස බැලුවෙමි. එනමුත් එසේ ප්‍රාණවත් ආකාරයෙන් ගමන් කලේ කසුන් පමණයි.

“ ලොකු උන්නැහේ.. මෙි බත් එක කෑවනම් “ කියමින් පාර්සලයක් මා අත තබා තම සහයකයා තම මුහුණවත් නොබලා අඛන්ඩව ගමන් කලා මතකයි. රාත්‍රි කාලයේ තරඟකාරි රථවාහන ගමන් නිමාවෙන් පසු බස්නැවතුම්පලකට ගොඩවුනු මා විථී ලාම්පුවක ආධාරයෙන් බත්පත ලෙහා දමා කෑමෙන් පසු. එය ඔතා තිබූ කොලය හොඳින් පිරික්සුවෙමි.

“සර් වැඩෙි හරි. මම දැන් එයා හිටපු වාට්ටුවට නිතරම යනවා එනවා. පලවෙනි දවස හන්දා වැඩිය මොකුත් නැහැ. නමුත් බලමු තව දවස් කීපයකින් එතන ඉන්න අය මිතුරු කරගන්න මම උත්සාහ කරනවා. ඊට පස්සේ බලමු මෙතනින් මොනවද අපිට ගන්න පුළුවන් කියලා. එසේනම් මම නවතිනවා “

කෙටි සුසුමක් හෙලූ මා එම කඩදාසිය ගිනිබත් කෙරුවෙමි. හනික නැගිටගත් මා ලහි ලහියේ මිහිරාණි මෙනවිය මියැදුනු පාළු නිවස ආසන්නයට ගොස් සැඟව සිටියේ. ⁣යමෙකු පසුවිපරම් කටයුතු සඳහා පැමිනේද යන්න සොයාබැලීමටය. රාත්‍රි දොලහ පසුවන්නට ඇති. කිසිවෙක් පැමිණි බවක් පෙනෙන්නට නොවූවෙන් මා ආපසු මාරගස අසල බස්නැවතුම්පලට පැමිණ
නිදාගත්තෙමි. දැඩි සීතල හා මැසි මදුරුවන් නිරන්තරයෙන්ම නින්දට බාධා කලහ.

උදෑසන අවදිව මුහුණ කට සෝදාගත් මා
සුපුරුදු හිඟමනේ යෙදෙන්නට විමි. උදා ආහාරය වන බත් පාර්සලයක් මා අසල දමා ගියහ. ඒ වෙන කිසිවෙකු නොව හිතාදර කසුන් ය. අද දිනද සාමාන්‍ය පරිදි ගතවුවද , සවස් කාලයේ රෝහල් පරිශ්‍රයෙන් රාජකාරි නිමාවෙන් පසු පිටව යන්නන් දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිමි. සුපුරුදු පරිදි වෙහෙසකර වූවන්
පිටව ගියහ. තම මිතුරාද මා නොදැක්කා සේ මා පසුකර ගොස් අවසානයි. රාත්‍රි හතේ කනිසමට ලඟාවෙත්ම එක් අයෙකු කඩිමුඩියේ ඉතාමත් ක්‍රියාශිලිව රෝහලෙන් පිටත්ව ගිය අතර ඔහු සාමාන්‍ය අයෙකු නොව රෝහල් කම්කරුවෙකු බැව් මා දුටුවෙමි. සැබවින්ම ඔහු හඳුනන මුහුණකි.
හ්ම්ම්… බලමු මාධව.

පසුදින …..

මෙි හිඟන්නා අසලට තම මිත්‍රයා පැමිනෙයි. කසුන් (රහසින් ) මෙි රෝහලේ මොකක් නමුත් අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඊයේ රෑ හතට විතර ඇටෙන්ඩන්ට් කෙනෙක් ඉතාම කලබලෙන් පිටතට ගියා. මූනෙ නිකට ලඟ ලපයක් තියෙන මෑන්. අද හවස මාව මෙතනදී බලාපොරොත්තු වෙන්න එපා. හොයලා බලලා දවල්ට මට ඇවිත් කියන්න මෑන් අද හවස රාජකාරියෙන් නිදහස් වෙනවද කියලා. මෙතනදී හැම එකෙක් ගැනම සෝදිසියෙන් ඉන්න වෙනවා.

*හරි සර්… කියමින් පිටවුණි .

දහවල් කෑම පාර්සලයක් රැගෙන ආ තම මිතුරා එය හා ලග දමා ආපසු ගියේය.

කෑමෙන් පසු ඉතිරි දවටනය පිරික්සුවෙමි.
“ සර් මෑන්ගෙ නම ශාන්ත විජේසිරි. අද හවස ඔීෆ් වෙනවා. ඔයාට පුළුවන් මෑන්ව ලුහුබඳින්න. මොනවා වුනත් අඳ ඉදලා සර්ගෙ ආරක්ෂාව ගැන නියෝජිත J50 සොයා බලනවා. ඒක Dark Head ගෙ අණක් “

හ්ම්ම්… ඒකත් එහෙමද. කමක් නැහැ.
කියමින් වටපිට බලන විට යම් අයෙකු තරමක පේනමානයේ දුම්වැටියක් දල්වාගෙන මාදෙස බලා සිටින අයුරු දැක්කෙමි. සැබවින්ම ඔහු නියෝජිත J50 ය. මාදෙස බලා සිටි ඔහු තරමක් හිස නමා අහක බලාගෙන යන්නට විය.
හෝරාවකට පසු මා. කවුරුත් නොදන්නා මගේම නවාතැන වෙතට ගොස් වහාම ස්වරූපය වෙනස්කර නැවත මහා මාර්ගය දෙසට පැමිණ බලා සිටියෙමි.
හෝරාවන් කීපයක්ම අසල ඇති සිමෙන්ති ගල් ආසනය මත කාලය ගත කරන විට නනියෝජිත J50 මා අසලට පැමින මට පිටුපා අනිත් ආසනය මත
වාඩි වී කතාවට මුලපිරිනි.

**ඉතින් AST (Agent Spy Tiger) මොනවද අළුත් තොරතුරු…? සමාවෙන්න මෙික Dark Head ගෙ තීරණයක්. මම දන්නවා සර් කැමති නැහැ අමතර ආරක්ෂාවකට කියලා.

ඒකට කමක් නැහැ agent J50. මෙි රෝහල තුල උගුරටහොරා බෙහෙත් බොන කණ්ඩායමක් ඉන්නවා. උන් මොකක්ද කරන්නේ කියලා හොයන්න වෙනවා. මොකද අර මියගිය නර්ස් කෙල්ලගෙ මියයාමට මෙතන මොකක් නමුත් සිදුවීමක් හේතුපාදක වෙලා තියනවා .

**ඔව් AST ඒක ඇත්ත වෙන්න පුළුවන්.
දැන් වේෂය මාරුකලේ එකෙක් පස්සේ යන්න නේද…?

ඔව් නියෝජිත J50.

**සර් මමත් එන්නද…?

ඔව් ඔයාට පුළුවන් . මගෙ අකමැත්තක් නැහැ. හැබැයි මට හුඟක් දුරින් එන්න වගබලාගන්න. පේනමානයේ හිටියහම ඇති. අපි බලමු මොකද වෙන්නේ කියලා.
මොකද කලින් මෙහෙයුම වගේ එක ඝාතනයක් හන්දා සේරම එලිවෙනවා වෙන්නත් පුළුවන්. හොකද හැමදේකටම ආරආරම්භයක් තියනවා වගේම ඒවට අවසානයකුත් තියෙන්න එපැයි. කොහොම නමුත් සති එකහමාරකට පස්සේ හොඳට නාගත්තා මම.

** ඔව් ඒකනම් ඇත්ත තමයි. මම දැක්කා මෙි දවස්ටිකේම මඩකරියා වගේ හිටියේ . මමත් පුදුම වුනා මෙි ඉන්නෙ අපේ Spy Tiger මද කියලා. (මදක් සිනාසෙමින්)

හ්ම්ම්…. නියෝජිත J50.. ඔන්න මෑන් යනවා. එහෙනම් මම යනවා. විරාමය තියාගෙන එන්න. අපි බලමු මොකක්ද වෙන්නෙ කියලා. මෑන් මොකද මෙච්චර කලබලයෙන් කියලා.

**ok sir good luck…

මරදාන දුම්රියපල දක්වා ඔහු පසුපස හඹා යන්නට මා සමත්වුනෙමි. අවසානයේ වේකාවට ගොඩවී මුල්ලක පුටුවක වාඩීව දුරකතනයෙන් කාටහෝ කතාකර විසන්ධි කරේ. එම කතාබහ ඉක්මනින් අවසන් කිරීමෙනි. මිනිත්තු කීපයක් ගතවෙත්ම සාමාන්‍ය මැදිවයසේ
සාමාන්‍ය තළෙලු පැහැති අයෙකු මොහු හමුවට විත් තරමක කලබලකාරි කථා බහක නිරත වන්නට විය. මද වේලාවකින් ඔහු ආපසු යන්නට විය. තම නියෝජිතයා හට හස්ත භාෂාවෙන් ඔහුව ලුහුබඳින්නට කියා , මා නැවත මොහු පසුපස සූක්ෂ්මව ගමන් ගත්තෙමි.
ආනන්ද බාලිකා විදුහලට ආසන්නයේ ඇති පටුමාවත දිගේ ඉදිරයට ගොස් එක් නිවසක ගේට්ටුව හැර එතුලට යන්නට විය. මද වෙිලාවක් ඒ අසල රැදීසිටි මා ආපසු එන අතරතුරදී නියෝජිත J50 එනතුරු මග බලා සිටියද , හෝරාවක් ගතවනතුරුම හේ ආවෙ නැති බැවින් මා තම රහස් නවාතැන වෙතට ගොස් දොරගුළුලා ගෙන වේෂය මාරුකරගත්තෙමි. හනික ඒකක කාර්යාලයට ගොස් Dark Head මුණ ගැසුනි.

**මෙන්න මාධව ෆයිල් එක මිහිරාණි ගේ.

නියමයි …. මම මෙික බලාපොරොත්තුවෙන් මයි ආවෙ. මම මෙික අධ්‍යනය කරන්න ඔීන හෙට එලිවෙන්න කලින්. බොහොමයක් ස්තුතියි සර්. කියමින් ක්ෂනිකව නික්ම ගියේ මාගේ කාර්යාලය වෙතය.

වෘත්තීය ජීවිතයේ පත්වීමෙි සිට විවිධ අවස්ථාවන් වල විස්තර එහි විය. ඒ අතරින් වව්නියාව රෝහලේ පලමු පත්විම වශයෙන් වැඩ භාරගෙන . වසරක පමණ කාලයක් පමණක් සේවය කර මරදාන රෝහල වෙත ස්ථාන මාරුවීමක් ලැබී ඇති බැව් සඳහන් . ඒ කාලය තුල මැය සමඟ
රාජකාරි කරන ලද හෙදියන් හා වෛද්‍යවරුන්ගේ නම්, ගම් ලිපිනයන් පිලිබඳ කෙටි ලැයිස්තුවක් සකසා ගත්තෙමි. හ්ම්ම්… මෙි ලිස්ට් එක නම් හරි. ඒත් මෙයාගෙ හිතවතුන්ගේ ලිස්ට් එකකුත් හදාගන්න ඔීන.

**excuse me sir… may i coming …?

ඔීහ් නියෝජිත J50.. plz come hear…
Have sit… ඉතින් මොකද තත්ත්වය..?

** මෑන් පස්සේ මට සැලකිවයුතු දුරක් යන්න වුනා. ඇත්තටම කියනවා නම්
මෑන් SI රවින්ද්‍ර . කොටුවෙ පොලිස් ස්ථානයේ තමයි රාජකාරි.

`` ජැක්පොට් මාධව´´
Excellent … නියමයි නියෝජිත ජනිත් ..නියමයි.. ඉතින් ඉතින්…?

**සර් මම එතනින් එහාට ගියෙ නැහැ. මොකද මෑන් පොලිස් නිලධාරියෙක් හන්දා…

නෑ නෑ .. ඔයා හොයාගත්ත ටික හොඳටම ප්‍රමාණයවත් මට නියම වැඩක් නියෝජිත ජනිත්.

**thank u sir… ඉතින් සර්ගෙ වැඩෙි මොකද…?

විශේෂ මොකුත් නැහැ. මෑන් ඉන්න තැන හොයාගන්න මට පුළුවන් වුනා. නම නම් දන්නවා නෙ. මට මෙි ටික අද දවසට ප්‍රමාණවත් ..

**ඔව් සර්… ඒක ඇත්ත හොඳයි එහෙනම් මට නිදහස් වෙන්න අවසර.

ඔව් නියෝජිත J50.. බොහොම ස්තුතියි.

නැවත හා හුදකලා වූවාට පසු. කල්පනා කරන්නට විමී. එහෙනම් තව පොටක් පෑදුනා මට. දැන් බලන්න ඔීනා මෙි දෙන්නාගෙ ඇයි හොඳයිය මොකක්ද කියලා . ඒ වගේම මෙච්චර දුරකථන තියෙද්දි දෙන්නා ඇයි මුණගැසී කතා කරන්නේ ..? ඒ වගේම මොනවද කියලා .
එතකොට සාමාන්‍ය ප්‍රශ්න ටිකකට අපිට උත්තර ලැබෙයි…

*සර්… මම ඇතුලට එන්නද…?

හා… කසුන් මහත්තයා. එන්න වාඩිවෙන්න. ඉතින් ඇටෙන්ඩන් මහත්තයා මොනවද තියෙන තොරතුරු.

*සර් මෙතන මොකක් නමුත් ගේමක් යනවා… මට ඒක හරියටම කියන්න අමාරුයි.

නිකං ජාවාරමක් වාගේ….? (තම නිකට වෙත දඹර ඇඟිල්ල තබමින්)

*අන්න ඒ වගේ දෙයක් මම හිතන්නේ.

හ්ම්ම් ඒකත් එහෙමද…? හොදයි කසුන්… ඔයා ඒ අයට මිත්‍ර වෙන්න බලන්න. මම අද ශාන්තව හඹාගියා. නම ශාන්ත වුනාට ගමන නම් ශාන්ත නැහැ. මෑන්ගෙ නවාතැන හොයාගන්න පුළුවන් වුනා.

*ඒක සාමාන්‍ය මිනිහෙකුටත් හොයාගන්න පුළුවන් වුනාට විෂයට අදාලව හොයාගන්න අපහසු දෙයක් නෙ. ඉතින් ඉතින් …?

ඔව් ඒක ඇත්ත. ඒ වගේම මෑන් කඩිමුඩියේ ගියේ මරදාන කෝච්චි නැවතුම්පලට…

*එහෙමද.. ඉතින් …?

ගිහින් ටික වෙලාවක් නොයිවසිල්ලෙන් කාලය ගතකරා එතන. ඊට පස්සේ ආවා සාමාන්‍ය පෙනුම තියෙන් හාදයෙක් මෙයාව හමුවන්න.

*පයින්…?

ඔව් පයින්…. ඇවිත් ඉතා කෙටි වෙලාවක් කලබලකාරි අන්දමින් කතාබහක යෙදිලා යන්න ගියා… ඉතින් මම මෑන් පසුපස යන්න කියලා නියෝජිත J50 කිව්වා.
දැන් ටිකකට කලින් තමයි. නියෝජිත ආවෙ. ඔයා දන්නවද මෑන් කවුද කියලා…? (මදක් ඉදිරියට නැමී )

*කවුද සර්….

මෑන් කොටුව පොලිස් ස්ථානයේ ඩියුටි ඉන්න උප පොලිස් පරීක්ෂක කෙනෙක්. නම තම තමයි රවින්ද්‍ර….

*රවින්ද්‍ර … කියන්නේ දෙමළ නමක් නේද…?

හැබෑටම ඔව්නෙ. දෙමළ ආභාෂය තියෙන නමක් නෙ. මට ඔය කියනකම් නිච්චි වුනේම නැහැ . ඒක නියමයි.

*සර් මෙච්චර සතුටු වුනේ ඇයි. ඒක දෙමළ නමක් කිව්වහම…?

ඒකට ලොකු හේතුවක් තියනවා කසුන්.
මෙි තියෙන්නෙ ( ලිපිගොනුවට තට්ටුවක් දමමින් ) මිහිරාණි මෙනවියගෙ වෘත්තීය ජීවිතය සම්බන්ධ ලිපිගොණුවක්..

*මෙික…?

ඔව් කසුන්… දන්නවද මෙයාගෙ පලමු පත්වීම වව්නියාවට තියෙන්නෙ.

*හපොයි ඒකත් එහෙමද. වව්නියාව කියන්නේ දෙමළ ජනගහනය බහුල පැත්තක් නෙ. එතකොට රවින්ද්‍ර කියන නමත් දෙමළනෙ.

ඔව් … හරියටම හරි කසුන්… ඒ කියන්නේ ඔය රවින්ද්‍ර හාදයාගෙත් රාජකාරි තොරතුරු ටිකක් අපිට හොයන්න වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඒකයි මෙිකයි අතර මොනයම් හෝ සම්බන්ධයක් තියනවද කියලා ගලපලා බලන්න.

*ඔව් ඒක ඇත්ත තමයි. මෙික හොඳ පොටක්. මොකද අර ලිපියේ සඳහන් වෙලා තිබ්බනෙ හොරාගෙ අම්මගෙන් පේන අහන කතාවක්.

ඔව් කසුන්… මටත් ඒගැන තියෙන්නෙ බලවත් සැකයක්…

*හරි අපි බලමුකෝ මූ ඇතුලෙ ගහන ගේම මොකක්ද කියලා.

කෝකටත් පරිස්සමෙන් කසුන්…
මෙි… ඒක නෙමේ. අර මට ගෙනාපු කෑම පාර්සල් දෙක කොතන කඩෙන්ද ගත්තෙ…? කෑම ටික රසයි ( මදක් සිනාසෙමින් )

*නෑ සර් ඒකඩයකින් නෙමෙි ගත්තෙ.

එහෙනම් ….?

*දැන් අවුරුදු ගාණක ඉඳලා ගෑණු කෙනෙක් පාර අයිනෙ පොඩි කරත්තයක් තියාගෙන කෑම විකුණනවා. එතනින් තමයි ගන්නෙ.

අවුරුදු ගාණක් …..? ඔය කියන්නේ අර තම්බපු කඩල විකුණන ගෑණු කෙනා නේද..?

*ඔව් සර්… මම අහපුවාම එහෙම තමයි ඒ ගෑණුකෙනා කිව්වෙ. හරිම සුහදශීලීයි එයා. මං හිතන්නේ වැඩි වයසක් නැහැ. සර්ගෙ වයසෙම ඇති. ඒ කඩල විකුණන කෙනා තමයි.

හරියටම හරි… නියමයි කසුන්… දිගටම
එයත් එක්ක කතාකරලා හිතවත් කමක් ඇතිකරගන්න බලන්න.

*ඒ මොකද සර් ඒ….?

ඇයි මනුස්සයෝ ඔයාම නේද කිව්වෙ සෑහෙන කාලයක් තිස්සේ එතන බත්, කඩල විකුණනවා කියලා. ඉතින් ඔය පාරෙ නිතර යනඑන අය ගැන පේනවා, දකිනවා ඇතිනෙ. ඒක අපිට ලොකු වාසියක්. ටික කාලයන් ගිහින් එක එක දේවල් අහපුවාම අපට ප්‍රයෝජනවත් සමහර දේවල් ඒ කටින් එලියට එන්න පුළුවන්.

*හපොයි සර්…. ඇත්ත තමයි ඒ කතාවත්.

ඒකනෙ එයාලට එව්වා කේලාම් , නොවැදගත් හෑලි වුනාට , අබිට එව්වා බුද්ධි තොරතුරු කියලා අමතක කරන්න එපා…

*ඒක ඇත්ත තමයි සර්….

හ්ම්ම් එහෙනම් මම යනවා දැන් …

*කොහෙද සර්…

හිඟාකන්ඩ …. ඇයි අවුල් ද…? (සිනාසෙමින් )

*අනේ ඉතින්… ජේ්‍යෂ්ඨ පරීක්ෂක කෙනෙක් එලියේ හිඟා කනවා ( සිනාසෙමින් )

නැතුව බැහැනෙ කසුන්… මෙි රහස මොන විදිහකට හරි විසඳන්න එපැයි. ඒ නැතත් දැන් මගෙ අතමිට සරුයි.

*අම්මපා කියන්නේ …?

නැතුව නැතුව …..

*අයියෝ …. හරි සර්.. එහෙනම් සුභ රාත්‍රියක්..

එමේම වේවා ඔබටත් මිත්‍රයා.

මතු සම්බන්ධයි…….


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now