⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 41 වන දිගහැරුම ⸎

`` බැරෑරුම් තොරතුරු ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~---


ආන්න ලොක්කා පොයින්ට් එකට ආවා.
ඔය වාහනේ අයිනක හංගනවා. මගෙ මිනිහෙක් ඒක ගැන බලාගනියි. තමුසෙ
ඔතනින් නගිනවා ත්‍රීවීලර් එකක. නැගලා
යනවා කෙලින්ම මල්වත්තට. මම එතනදී තමුසෙ ගව හමුවෙන්නම්. මතක තියාගන්නවා. කාගෙන්වත් අමතර උදව් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ එන රොත්තම කුඩු කරලා දානවා. පාට්ස් ටික
එකතු කරලා සොපින් උර වලට දාන්න පුළුවන් විදිහට. එච්චරයි…


මෙතැන් සිට…

මිනිත්තු කීපයකට පසු…
නැවත ඇමතුමක් මාගෙ දුරකථනයට එන ලදි.

හෙලෝ….

*හෙලෝ එස්ටී…. මෑන් රතුපාට ත්‍රීවීලර් එකකට නැග්ගා. මම ඉන්නෙ මෑන්ගෙ වාහනය පේන දුර. ත්‍රීවීලර් අංකය (****)

ඕකේ… තෑන්ක්යූ

මිනිත්තු කීපයකට පසුව මා පසුකර අදාල අංකය දරණ යතුරුපැදිය වේගයෙන් මල්වත්ත පිහිටා ඇති දිශාවට ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වන අතරවාරයේ දී මාද තම යතුරුපැදියෙන් ඔවුන් පසුපස ගමන් ගත්තෙම්. ටික දුරක් යනවිට වෑන්රිය තුල සිටි තම නියෝජිතයින් දෙදෙනාද මාව දැක. මා පසුපස එන්නට විය.

මිනිත්තු කීපයකට පසු කුලී ත්‍රීවීලර් එකෙන් බැසගත් මිල්ටන්. එහි තම පසුම්බිය සාක්කුවෙන් ඉවතට ගෙන ගාස්තුව ගෙවා වටපිට බලමින්. අවසරපත් කවුන්ටරයෙන් අවසරපතක් ලබාගෙන , මල්වත්තට සේන්දු වන්නට විය. මාද එම ක්‍රියාව අනුගමනය කරමින් මල්වත්තට ඇතුල් වනවාත් සමග. අප වෑන්රියද නවතා. තම නියෝජිතයින් දෙදෙනාට අවසරපත් ලබාගෙන මල්වත්ත තුලට එන ලදී.

මා මිල්ටන් පසුපසින් ඇවදින් තම ගමන ඉක්මන් කරමින් ඔහු පසුකර යනවිටදී
`` මිස්ටර් මිල්ටන් ෆලෝව් මී ´´ කියමින්
තව තවත් ගමන් ඉක්මන් කර අඳුරු තැනක⁣ට විත් එහි බංකුවක් මත අසුන් ගත්තෙමි. මා පසුපසින් ඇවිත් මුහුණට මුහුණලා මා ඉදිරිපිට ඇති කොන්ක්‍රීට් බංකුව මත වාඩිවිය.

නියෝජිත ජනිත් ඔහුට යාබදව වඩීවූ අතර, මා අසලින් තම සහයක කසුන් වාඩ්විය. අවසානයේ කතාවට මුලපිරුවෙ
මිල්ටන්ය…

***මට නාස්ති කරන්න කාලයක් නැහැ. තමුසෙලා කවුද… ? මොනවද මගෙන් වෙන්න ඔීන…?

ඉහ සිට දෙපාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙලු මා කතාවට මුල පිරුවෙමි.
හොඳයි මිල්ටන්… හෙවත් මලින්ද රාජපක්ෂ. අපි මැරුණ සොත්ති උපාලිගෙ ගැන්සියේ කට්ටිය. තමුසෙට අමුතුවෙන් සොත්ති උපාලි කියන්නේ කවුද කියලා
කියන්න ඔීන නැහැ නෙ. මම එයාගෙ අයියා සමන්ත. මම ලංකාව තුල කිසිම ජාවාරමක් කරන්නේ නෑ. ම⁣ම ලංකාවට ආවෙ මගෙ මල්ලි මරපු එවුන්ගෙන් වාඩුව ගන්න විතරයි. ඊට පස්සේ මගෙ කොල්ලො ටික නැවත ඩුබායි යනවා.

හොඳයි හැඳින්වීම එපමණයි. තමුසෙ ගැන අපිට හදුන්වාදීම් අනවශ්‍යයි. මොකද සතා කවුද කියලා දැනගෙන තමයි හුඹහෙන් එලියට අරගෙන ආවෙ.
හුඹහෙන් ⁣ඇදගෙන ආපු ක්‍රමය නම් ඉතින් අහිංසාවාදියි. හැබැයි අපි අහිංසාවාදි නැහැ. මොකද නාරම්මල දෙන්නත්, අර නර්ස් පදිංච්වෙලා හිටපු පොට් එකේ දෙන්නවත් ගුවන්ගත කරේ අපිම තමයි.

***හරි හරි සමන්ත…. මගෙන් මොනවද දැනගන්න ඔීන….

අඅන්න පොයින්ට් එකට ආවා….
මිල්ටන් …. මිල්ටන් …. මිල්ටන්…
මට දැනගන්න ඔීන තමුසෙ ඇන්ටනී ලඟ ඉඳගෙන කරන නාඩගමෙි අරමුණ මොකක්ද කියලා. තමුසේ ඌව මරලා උගෙ තැන ගන්නද මෙි ගේම ගහන්නෙ.
නැත්නම් පුද්ගලික පලිගැනීමක් කරන්න ද…?

***තමුසෙලාට මොකටද ඒක…?

මෙහෙමයි ලොක්කා…. මම ටිකක් සාධාරණ මිනිහෙක්. මගෙ එවුනුත් එහෙම තමයි. මොකද අපිට මෙහෙ ව්‍යාපාර නැහැ නෙ. අමුවෙන්ම කියනවා නම් අපි මෙහෙ ජාවාරම් කරන්නේ නෑ.
මට ඔීන පලිගන්න විතරයි. හැබැයි එහෙම කියලා කන මකුණයි , නොකන මකුණයි දෙගොල්ලොම මරන්න මට වුවමනාවක් නෑ. නාරම්මල එවුන් දෙන්නා ඉල්ලගෙන කෑවට මට කරන්න දෙයක් නැහැ. ඒ වගේම අනිත් එවුන් දෙන්නත් එහෙම තමයි.

මට දැනගන්න ඔීන තමුසෙ කන මකුනෙක්ද , නැත්නම් නොකන මකුනෙක්ද කියලා. හැබැයි මොන උත්තරය මට ලැබුනත්, මම හැම එකා ගැනම හෝදිසියෙන් ඉන්නෙ. මට සපෝර්ට් කරන එවුන් මම අතඅරිනවා.
තමුන්ට ඒක දැන් වැටහෙන්න ඔීන. මොකද මම ප්‍රායෝගික මිනිහෙක්.

අප කතාබහට බාධා කරමින් පැමිණියේ
යොවුන් යුවලකි. අසල බංකුවක් මත වාඩිවිය.

***හ්ම්ම්…

ස්වරූපය වෙනස් කරමින් මා නැවතත් වක්‍රවාකාරව කතාවට ප්‍රවිෂ්ට වුනෙමි.
ඉතින් මචං… මට දැන් කියපං මෙි ප්‍රොජෙක්ට් එක කොහොමද උඹ කරගෙන යන්නෙ කියලා.

***මෙහෙමයි මචං කතාව… මම මෙි ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වුනේ. එතන ලොක්කගෙන් ප්‍රමෝෂන් ගන්න නම් නෙමේ. මගෙ පුද්ගලික මඩිය තරකරගන්න…

ඒ කියන්නේ උඹට පරණ ලෝන් ඇරියස් තියනවද ගෙවන්න මෙි තරම් ලොකු කොමිෂන් එකක් එන ප්‍රොජෙක්ට් එකකට අත ගැහැව්වෙ…

***ඔව් මචං…. ට අවුරුදු ගාණක ඇරියස් තියනවා. මම කොහොමහරි ගෙවලා දාන්න ඔීන ඒ ටික. මොකද හැමදාම ණයවෙන්න බැහැ නෙ. ඒ වෙච්ච ණය ගෙවන්නත් එපැයි …

ඔව් ඒක ඇත්ත තමයි… පරණ ණය වුනත් කමක් නැහැ ගෙවලා ඉවරකරලා දාන්න ඔීන….

මොහොතකින් පැමිණි ජෝඩුව එතනින් නික්ම යන ලදි…

රයිට් බොහොම හොඳයි…. අපේ අරමුණ ලොකුම මකුණයි, ඊලගට ඉන්න ප්‍රධාන මකුනො ටික ඉවර කරන එක. මොකද උන් උඩ පැන්නා හොඳටම වැඩියි දැන්.

***ඔහෙට තමන්ගෙ මල්ලිව ඉවරකරාට පස්සෙද හිතුනෙ උන් උඩ පැන්නා වැඩියි කියලා.

කියන දෙයක් පැහැදිලිව කියනවා. එතකොට අපි තේරුම් ගන්නම්…

***මිස්ටර් සමන්ත…
ඔය මකුනො ටික මගෙ පවුලේ සේරම කෑවෙ බොහොම කලින්.. මටත් ඔීන
ඔය රොත්තම ඉවර කරන්න.

ඒත් ඒක තමුසෙට තනියම කරන්න බැහැ..? ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් එවුනුත් නෑ. ඒ හන්දා වන්මෑන් ෂෝ එකක් කරගෙන යනවා එහෙමද…?

***ඔව් බොහෝදුරට…

බොහෝදුරට ….?

***ඔව්..තවම මට යන්න ඔීන දුර ගිහින් නෑ.

එතකොට තමුසෙ හදන්නේ ගේම්එක ඉවරකරලා මෙි ගැන්සියේ ලොක්කා වෙන්නද…? ඒක අපිට පැහැදිලිව කියනවා. මොකද එහෙම වුනොත් අපිට පුළුවන් ඒ ටාගට් එකට යන්න උදව් කරන්න. මොකද බොරු කරලා වැඩක් නැහැ. මට දැන් වුනත් පුළුවන් තමුසෙව ඉවරකරලා දාන්න.

***ඔව් වෙන්න පුළුවන්. හරි මම කතන්දරයට බහින්නම්. මගෙ නම මිල්ටන් ඔව්… මිල්ටන් දබරේරා. මම හැදුනෙ පියසෙවණ අනාථ මඩමෙ. අනාථ මඩමට එන්න සිද්ධවුනේ හේතුපාදක වුන අමිහිරි කතාවක් මම වටේටත් තියනවා.


හ්ම්ම්… කියන්න බලමු ඔය අමිහිරි කතාව…..

***මගෙ ගෙවල් පුත්තලමෙ පාලවියේ...මගෙ තාත්තා හොඳ සාධාරණ ධීවරයෙක්… දවසක් තාත්තා මහුදු ගිහින් පාන්දර එනකොට කලපුව හරියෙ බෝට්ටු දෙකක මොනවදෝ ලහි ලහියේ පටවනවා දැකලා ඒක නාවික හමුදාවට කෝල් එකක් අරගෙන කිව්වට පස්සේ නාවික පොලීසිය ඇවිත් බලනකොට කුඩු තොගයක් ඊට පස්සේ ඒ අය අත්අඩංගුවට අරගෙන පාලවී පොලිස් ස්ථානයට භාරදීලා.. ඊට පස්සේ උන් ටික කාලයකට අතුරුදහන් වුනා. උන්ට වෙච්ච දෙයක් නැහැ. කිසිම නඩුවක් අහලත් නැහැ. දවසක් රෑ… ඔව් ඒක මහ මූසල රැයක් වුනා අපේ පවුලට. එදා කට්ටියක් ඇවදින් අපේ අම්මටයි, තාත්තටයි හොඳටම ගහන්න ගෙට පැන්නා. තාත්තා මාව කලුවරේම බෝට්ටුවට දාලා එන්ජිම ස්ටාර්ට් කරලා මුහුදට යැව්වා මට එතකොට මට අවුරුදු අටක් විතර ඇති. මම දැක්කා අපේ පැල්කොටයට ගිණි තියලා. ඒ එලියෙන් මගෙ තාත්තටයි, අමිමටයි ගහලා මැරුවෙ. නිකං නෙමෙි ගහලා මරලා ඒ ගිණිගෙන දැවෙන පැල්කොටෙිටම දැම්මා.
බෝට්ටුවේ තෙල් ඉවරවෙනකම් මම හිටපු බෝට්ටුවට ඉබාගාතෙ ගියා. එලිවෙනකොට මාන තව කට්ටියකට හමුවෙලා වත්තල මුහුද කිට්ටුවෙිදි. ඊට පස්සේ මාව බාරදීලා තිබ්බා ගම්පහ අනාථ නිවාසෙකට. එතනින් මම මිෂනාරි ඉස්කෝලෙ හොඳට ඉගෙන ගත්තා. දවසක් මම ටවුන් එකට ගිය වෙලාවෙ තමයි තාත්තාට මැරෙනකම්ම ගහපු හාදයා මුලිච්චි වුනේ…

ඒ කවුරුවත් නෙමෙි.. එස්අයි රවින්ද්‍ර.
තමන්ගෙ කුඩු තොගයක් ආනයනය කරනවා තමුසෙගෙ තාත්තා දැක්කා.
ඒ තොරතුර නාවික වෙරල ආරක්ෂක
හමුදාවට කියපු වරදට තමයි තමුසෙගෙ
ගෙදර අය මැරුවෙ. තමුසෙගෙ ජීවිතය බෙිරුනෙ තාත්තා තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු හන්දා …

***ඔව්… හරියට බලාගෙන හිටියා වගේ
ඔහේ කිව්වා. ඒක තමයි වුනේ. මට එස්අයි කාරයා දකින වාරයක් පාසා ඔළුව කුඩුවෙන්න තියලා දාන්න හිතෙනවා. නමුත් මට හොයාගන්න ඔීන ඌ නෙමෙයි. කවුද ඌට ඔීඩර්ස් දෙන මහඑකා කියලා ….

මම ආයේ පාරක් අහනවා කලින් ප්‍රශ්නයම…. තමුසෙට ඔීන. ටික දෙනෙක් එලොව යවලා මෙතන පාලනය අතට අරගෙන පාඩුවෙ බිස්නස් එක කරගෙන යන්නද…?

***පිස්සුද මනුස්සයෝ …. මෙි පිලිකුල් රස්සාව කරනවට වඩා හොඳයි හිඟාකන එක. ඒක නම්බුකාරයි. අනුන්ගෙ පවුල් පිටින් අනාථ කරලා . කරන්න පුළුවන් සේරම කුප්ප වැඩ කරලා සල්ලි හොයලා මොකටද…? දෙවියන් වහන්සේ මට ශාප කරයි. දෙවියන් වහන්සේගෙ නාමයෙන් මස දිවුරනවා. මට ඔීන මහ එකාගෙ ඉඳලා ටික දෙනෙකුට කොකා ගස්සලා දාන්න එච්චරයි. ඊට පස්සේ මගෙ පාඩුවෙ මොකක්හරි බිස්නස් එකක් කරගෙන ඉන්නවා.

බොහොම හොඳයි….. එහෙනම් අපි තමුසෙව පරලොව යවන ලිස්ට් එකෙන්
තාවකාලිකව කපලා දානවා. මොකද මීට කලින් වතාවක් අපි හමුවෙලා තියනවා නෙ.

***අපි දෙන්නා….? කොතනද…?

තමුසෙගෙ නහය තවත් රිදෙනවද..?
දත් සෙට්එක එහෙම තවත් රිදෙනවා නම්. අපෙ හමුවීම අමත වෙන්න විදිහක් නෑ. මොකද ඒක තමයි අපෙ පලමු හමුවීම. බලන්න කොයිතරම් වෙිදනාකාරිද කියලා.

***මොනවා…. ඒ තමුසෙද….?

ඔව්… මම තමයි… මට තමුසෙට ගහන්න වුවමනාවක් තිබුනෙ නෑ. අරූට දෙකක් නෙලන්න ඔීනකමක් තිබුනා. මොකද ඌට
ගේමක් දෙන්න පුළුවන් පොරවල් තවම ඉන්නවා කියලා උඹලගෙ ගැන්සියට ඒත්තු ගන්වන්න මට වුවමනාවක් තිබුනා.
එච්චරයි….

***ඒ කරපු වැඩෙිනම් නියමයි. ඒකෙන් මට තව ලකුණු ටිකක් වැටුනා ඇන්ටනීගෙන්. ඌ හිතාගෙන ඉන්නෙ
ඌත් එක්ක ඔීනම ගේමකට මම ඉන්නවා කියලා.

ඒකත් එහෙමද….?දැන් කියනවා බලන්න
තවමත් ඩොක්ටර් දුනිත් ව හොයනවද තමුසෙලා…?

***ඔව්… මෙි ව්‍යාපාරය කරන එවුන් ලීක් කරයි කියලා තමයි එයාවත් සදහටම නිහඬ කරන්න උත්සාහ කරන්නේ. තමුසෙ කොහොමද ඒ ගැන දන්නෙ. මමවත් ඒ ගැන හරිහැටි දන්නෙ නැහැ.

හ්ම්ම්… හිතලා බලනවා. අපි කොච්චර තමුසෙලා ගැන ඇහැගහගෙන ඉන්නවද කියලා. මෑන් රටින් පැන්නා අපේ ආධාර ඇතුව. දැන් කෝල් එකක් අරගෙන පෙන්වන්නම් ඇන්ටනී කොහෙද ඉන්නෙ කියලා. ඒ වගේම හැටක් ආරක්ෂාවට හිටියත් දැන් ඔලුවට තියලා පෙන්වන්නත් පුළුවන් . නමුත් මහඑකාම තමයි මට ඔීන. නැත්නම් තමුසෙලා වගේ එවුන් බිහිවෙන එක නතර කරන්න බැරිවෙයි.


***හොඳයි… සංස්කෘතිකයි , එකඟයි…
මගෙන් මොනවද වෙන්න ඔීන..

හ්ම්ම්… ඔය ක්ලබ් දෙකට එන හයදෙනා කවුද ….?

***උන් ඉන්නෙ ව්‍යාජ නම් වලින්. උන්ගෙ සිකුරුටි එක තදයි. පොඩ්ඩක් ඇත්නම් සැක හිතනවා. චුට්ටක් මිස් වුනොත්. එවෙලෙම කුදලගෙන ගිහින් මෝරුන්ට කන්න දානවලු..

මෝරුන්ට ….?

***ඔව්… මෝරුන්ට.. ඔය කණ්ඩායමෙි අපි නොදන්නා ප්‍රධානියාගෙ වත්තෙ තියනවලු මෝරුන්ට ඉන්න පුළුවන් ලොකු තටාකයක්. දවසට මස් කුට්ටි ගණන් දීලා මෝරුන් දෙන්නෙක් ඇති කරනවලු.
මෙි රටෙි ලොකු පොලිස් නිලධාරින් පවා මෑන් යටතේ තමයි ඉන්නවා කියන්නේ.

ඉතින් උන්ගෙ ඡායාරූපයක්වත් ගන්න බැරිද…?

***බැහැ උන් එක්ක කතා කරන්න යනකොට ⁣අපේ ෆෝන් පවා අරගෙන සියලුම දේ චෙක් කරලා තමයි උන්ගෙ කැබින් එකට ගන්නෙ.

එතන මොනවද කරන කතාබහ …?

***හෙරොයින් ව්‍යාපාර තමයි. ඊට අමතරව ප්‍රයෝජනයට අරගෙන ඉවරවෙලා මරන්න ඔීන ලිස්ට් එක දෙන්නෙත් එතන එකෙක්.

ඒක නිකංම නිකං කොලයක් විතරයි.
ඒකෙ තියෙන දේවල් එලියට ගන්න විශේෂ ක්‍රමයක් තියනවා…

***හරියටම හරි…… තමුසෙලා CID එකෙන්ද…?

හපෝ නෑ… හැබැයි. අපිට CID එක වගේ
හැමදේම හොයනවා.

***මම දන්නෙ ඒක නිකංම නිකං සුදු කඩදාසියක් විතරයි කියලා. මම ට්‍රයි කරා
මගෙ මෙි මාලෙට පෙන්ඩන්ට් එකක් හයිකරලා. ඒකට ⁣මයික්‍රෝ කැමර් එකක් හයිකරගෙන යන්න. ඒත් බෑ උන්ගෙ වෙනම ට්‍රැකින් ඩිවයිස් එකක් තියනවා.
ඒකට සේරම මාට්ටු. උන් දෙන්නා එක්ක ඉන්න අනිත් හතරදෙනා අප්‍රිකන් හමුදාවෙ හිටපු කමාන්ඩෝ භටයො.
එච්චරයි මම දන්නෙ…

එතකොට උන්ව ෆලෝ කරන්න බැරිද…?

***එහෙම කරොත් ඒ උගෙ අවසානය තමයි. එහෙම කරපු පොලිස් නිලධාරීන් හිටියා. සේරම අතුරුදහන්. පසුව ඇන්ටනී මට කිව්වා ඒ සේරම මෝරුන්ට කන්න දැම්මලු. තමුසෙලාගෙ අයට කියනවා. උන් පස්සේ යන්න එපා කියලා.

හ්ම්ම්… කොහොමහරි උන් පස්සෙන් ගියොත් තැන හොයාගෙන මහඑකාව හොයාගන්න පුළුවන් ඒ කියන්නේ.
බොහොම හොඳයි…

`` කූල් එකක් , පෙපරමින්ට් එකක්, චොක්ලට් එකක්, සිකරට් එකක්. ගන්නවද මහත්තයා ගන්න ගන්න ´´
කියමින් පැමිණියේ මැදිවියේ පසුවන කාන්තාවකි.

කෝ …. අපිට කූල් හතරක් දෙන්න..
කියමින් මා මුදල් දුන්විට. තිදෙනාටම
බීම බෝතල් තුනක් දී. මා ලඟට විත්
බීම ⁣බෝතලය දෙනවිට තම මහපට ඇඟිල්ලෙ නියපොත්තෙ සුළු කැපුමන් දක්නට ලැබුණි. එසැණින් සිහිවුනේ පෙරදින මා විසින් මහළු කාන්තාවට බීම බෝතලය දෙන අවස්ථාවෙ ඇගේද මහපට ඇඟිල්ලේ තිබුන සුළු කැපුමකය.

අප පසුකර පියවරක් තබනවිට මා තම හඬ අවදි කරේ ඇය වෙතය.

කදිමයි සේපාලිකා.. කදිමයි. ඔය මුහුණ මොන විදිහට මම ලඟට ආවත් මාව ආයේ රවට්ටනවා බොරු…

ඇය ආපසු හැරුනි…
*සමන්ත මහත්තයා… ඔයා දක්ෂයෙක් කියන්න මම දන්නවා. ඒත් මාව කොහොමද අඳුරගත්තෙ ….?

මැඩම්…. ඔය නියපොත්ත වැහෙන විදිහට පාට ටිකක් ගාගන්න අමතක කරන්න එපා ඊලඟ අවස්ථාවෙ…

***මොකක් සේපාලිකා මිස්…..

*ඔව් මම තමයි….. මම ආවේ ඔයාගෙ පස්සෙන්. ඒත් එක කැනකදී මට මගහැරුනා. පස්සේ මට හිතුනා මෙතනට ඇවිත් බලන්න. මල්ලි මෙි ඉන්නේ…

මම සමන්ත….උපාලිගෙ මල්ලි.. කියමින් කතාවට බාධා කෙරුවෙමි.

*හා හරි… ඒක තමයි…

***ඔයා මොකද මගෙ පස්සෙන්….

*ඇන්ටනීගෙ ඔීඩර් තමයි ඉතින්…

***ඇන්ටනීගෙ….

*ඔව් ඇන්ටනීගෙ… එයා මට උඹ ගැන ඇහැගහගෙන ඉන්න කිව්වා.. ඒ කියන්නේ උඹට හානියක් වෙයි කියලා මිසක වෙන කේස් එකක් නෙමෙි.
හරි හරි…. මම ගේට්ටුව ලගට වෙලා ඉන්නම් මොනවාහරි වෙනසක් තියනවා නම් මස කෝල් එකක් දෙන්නම්. මල්ලි..
උඹ දන්න සේරම මෙි සමන්ත මහත්තයට කියපං මම හිතන්නේ නෑ මෙයා නොදන්නා දේවල් හුඟක් ඇති කියලා.

ඔව්… ඒක ඇත්ත මිස්… හරි ගිහින් එන්න.

***එතකොට සේපාලිකා කියන්නේ තමුසෙලාගෙ කෙනෙක්ද ….?

නෑ… හැබැයි අපේ වැඩෙිට කැමති කෙනෙක්. සේපාලිකාගෙ අතීත කතාව
තමුන් දන්නවා ඇතිනෙ.

***ඔව් මම විතරයි දන්නෙ…

ඔව්… ඒක විතරක් තමුන් දැනගත්තහම ඇති. එතකොට අඩුම කරමෙ උන් එන වාහනයක පාටවත් දන්නෙ නැද්ද.

***බෑ… අද එන එකේ නෙමෙයි හෙට එන්නේ… හෙට එන එකේ නෙමෙයි
අනිද්දා එන්නෙ. GPS හයිකරන්නත් බැහැ. උන්ගේ කැමරා සිස්ටම් වැඩ වගේම , ට්‍රැකින් සිස්ටම් තියනවා. ඒ හන්දා එතනත් අපි නෙගටිව්. මම අවුරුදු ගාණක් තිස්සේ ට්‍රයි කරන්නේ. ඒත් තවම මම ෆේල්…

හොඳයි .. මිල්ටන්… එහෙනම් අපි විසිරයමු. මුන් පිලිබඳව මොනවාහරි
අළුත් තොරතුරක් දැනගන්නට ලැබුනොත්. ඒක වහාම සේපාලිකාට දැනුම් දෙන්න. අපිට තමුන්ට හානියක් කරන්න කිසිම වුවමනාවක් නැහැ. මොකද මම කලින් කිව්වා වගේ නොකන
මකුනො මරන්නෙ නෑ.

***ඒක මට දැන් තේරෙනවා. මොකද
මෙි ටිකට වෙච්ච සිදුවීමයි. ඔහෙලා
හොයාගත්ත රහස් කරුණු අනුවයි මට ඒක සනාථ වෙලා ඉවරයි…

හ්ම්ම්… ඒ වගේම එස්අයි කාරයට වගේම , තව ටික දෙනෙක්ට අපි උඩට යන්න වීසා හදලා තියෙන්නෙ. තමන්ගෙ ආරක්ෂාව ගැන හිතලා උන්ට අතගහන්න හදන්න එපා. අපි උන් ගැන බලාගන්නම් . එච්චරයි. යනකොට සේපාලිකා එක්ක යන්න. එතකොට තමුසෙලාගෙ ගැන්එකට සැකයක් ඇති වෙන්නෙත් නැහැ.

***ඔීකේ සමන්ත … එහෙනම් අපි ගියා

හොඳයි… ජයවෙිවා…


මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now