⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 38 වන දිගහැරුම ⸎

`` වෙනත් කෝණීය දැක්මක් ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**එතකොට සේපාලිකා සර්ව ඇඳිරුවෙ නැද්ද….?

නෑ කවදාවත්ම තේනුවර චරිතය මෙයාට අඳුරගන්න ලැබෙන්නේ නැහැ. අපි හොයලා බලමු මෙිගැන ඊට පස්සේ ක්ලබ් එකේ ඇතුලෙ වෙන දේවලුත් අපිට මෙයාගෙන් දැනගන්නට පුළුවන් වෙයි.
දැලි පිහියෙන් කිරි කන්න සිද්ධ වෙනවා නම් , අපි ඒකෙන් හරි කමක් නැහැ කිරි කමු.


මෙතැන් සිට……

ඔය මහත්වරුන් පුදුම වුනාට, මම එතනදී පුදුම වුනේ හිත යටින් විතරයි. මතුපිටින්
පුදුමවුන බවක් ශරීර ලක්ෂන වලින් පෙන්වන්න ගියෙ නැහැ. එතකොට ප්‍රශ්න වැඩියි නෙ. කිසිම විශේෂත්වයක් පෙන්නුවෙ නැහැ. සේරම සාමාන්‍ය විදිහට ගලා ගියා එච්චරයි ….මෙතන තියෙන හුටපටය හොයන්නම වෙනවා. ඒ කියපු කරුණු කාරනා ඇත්තක් නම්, අපිට මෙයාගෙන් අනියම් විදිහට ⁣වටිනා ඔත්තු ටිකක් ගන්න පුළුවන්. ඒක වෘත්තීයමය වශයෙන් හුඟක් වටිනවා… මොකද පිරිමියෙකුට රිංගන්න බැරි ⁣හුඟක් තැන්වලට ගෑණියෙකුට රිංගන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි.

**මොකද අපිට අඟර , දඟර , සුකුමල⁣ කොමල දාන්න බැහැ නෙ..

ඔව් අමුවෙන්ම කතාව ඒක තමයි….

හොඳයි මහත්වරුනි අපි එහෙනම් සාප්පු සංකීර්ණය වෙත යමු.

නියෝජිත ජනිත් …

**සර්…

මට මෙි දිව්‍යාගෙ ඔය අතීත කතාවෙ
ලිපිලේඛන ගත විස්තර ටික ඉක්මනට ඔීන…

**හරි සර්…. මම අරන් දෙන්නම්…

මොකද අතීත කතාව පදනම් කරගෙන
පසු කතාවක් නිර්මාණය කරා වෙන්නත් පුළුවන් විශ්වාසය දනවන විදිහට…

*ඔව් සර්…

ප:ව 14:00 පැයට පමණ…

කසුන්… අපි මෙි ටීෂර්ට් ඇඳගෙන ලෑස්ති වෙමු.

හොඳයි අහගන්න මගෙ සැළසුම…
අපි දෙන්නා ඒ මැඩම්ගෙ නම දන්නෙත් නැති හන්දා ඒ ගෙදරටම යමු. ගිහින් මම එතන ගේ ඇතුලට යන නාටකය රඟ පානවා. ඔයාට තියනවා ගෙදර සෝදිසි කරලා එයාගෙ අයිඩී එකේ පැහැදිලි ෆොටෝ ටිකක් ගන්න විතරයි. ⁣හැමතැනම බලන්න අවශ්‍ය නැහැ කාමර දෙකක් වාගෙ තියෙන්නෙ ගෙදර වට පරිමාණය අනුව. මෙිසය මත හෝ ලාච්චුවක් ඇතුලෙ පසුම්බියක තමයි ඔය අයිඩී එක තියෙන්න ඔීන. මොකද ලොකුවට පරිස්සම් කරන්න ඔීක ජාතික හැඳුනුම්පත නෙමෙි නෙ. මම වැඩකරන අතරතුර එයාව කතාවට අල්ලගන්නම්. ඔයා ගේමට බහින්න එච්චරයි. වැඩෙි කරාට පස්සේ ``වැඩෙි හරි. දැන් පැහැදිලියි ´´ කියන එක තමයි රහස් ඉඟිය. ඊට පස්සේ නැවත වතාවක් ටීවී එක පරික්ෂා කරලා තමයි මම බිමට බහින්නෙ. එහෙම කරගන්න බැරි වුනොත් ``සමහර චැනල් පැහැදිලි මදි ´´
කියලා කියන්න එතකොට මම ප්ලෑන් බී
ක්‍රියාත්මක කරනවා.

*මොකක්ද සර් ප්ලෑන් බී….?

ඒක මම ඔයාට කියන්නේ නැහැ. ඒක ඒ තරම්ම සරළ දෙයක්.. කිසිම හානියක් නැහැ කාටවත්ම එච්චරයි… වෙනත් යමක් දැනගන්න තියනවද…?

*සර් මෙිකෙ මොනවද තියෙන්නෙ…

හහ් හහ් හා … ඇරලා බලන්න..

*සර්… ටූල් කිට් එකක් නේද….?

ඒකනෙ මහත්තයා… අපි යන්නෙ අළුත්වැඩියාවකට නෙ…

*හරි සර්… අපි යමුද එහෙනම්…

අනිවාර්යයෙන්ම ….

හෝරාවකට පසු….

ඩග්…. ඩග්…..

**කවුද …..? කොණ්ඩය තරමක කොටට කපන ලද , සිහින් දේහදාරි යුවතියක් දොර හරින ලදි.

ආයුබෝවන් මිස්…. අංක 54/4 තුන්වන පටුමග , පන්ගිරිවත්ත කියන්නේ මෙි ගෙදරද….?

**ඔව්….?

සී ටීවි සම්බන්ධතාවයේ මොකක්හරි ප්‍රශ්නයක් තියනවද….?

**ඔව් මහත්තයා….

කම්ප්ලේන් එකක් දැම්මා නේද….?

**ඔව් ඔිව්…..

හරි… එහෙනම්.. මිස් නම පොඩ්ඩක් කියන්න පුළුවන් ද..?

**මම ``රම්‍යා දේවගිරි´´

හා හරි……මෙික තමයි තැන..
මිස් මොකද වුනේ….?

**මම ඊයේ රෑ වැඩ ඇරිලා ඇවිත් ටිකක් නිදාගත්තා. පස්සේ මෙි උදේ දහයට විතර
ටීවි එක දැම්මහම වැඩ නැහැ.

ඒ කියන්නේ රෑ වැඩ කරා ටීවිඑක…?

**ඔව් මහත්තයා….

ඔීකේ… එහෙනම් අපි බලමුද ඇතුලට ගිහින් …?

**ෂුවර්…

ඇයගෙ අවසරයෙන් පසු ආයුධ කට්ටලයද අතැතිව අප දෙදෙනා කුඩා නිවසෙහි ආලින්දයට ආවෙමු. කියූ පරිදිම එය ඉතා නිවසක් විය.

හරි… මිස් මෙිකෙ සිග්නල් අවුලක් තියෙන්නෙ. මට පේන්නෙ ඇන්ටනාවෙ
ප්‍රශ්නයක් වගේ. ප්‍රියන්ත…. මම කියන්නද…? ඔයා මෙතන ඉන්න.
මම යනවා වහලයට නගින්න. මොකද වෙනස්කම් බලන්න මෙතන එක්කෙන් ඉන්න වෙනවා. ප්‍රියන්ත එතකොට ටියුනප් එකත් ඔතන ඉඳලම කරගන්න.

*හරි හරි……..

මිස් ඉණිමඟක් නැද්ද අපිට වහලයට නගින්න…

**එහෙම නම් නැහැ මහත්තයා…

හරි… හරි… අපි එලියට ගිහින් බලමු වහලයට නගින්න ක්‍රමයක්. මිස් එනවද මාත් එක්ක…

**හරි යමු…

හ්ම්ම්… මෙිකට නගින්න වෙන්නෙ. මෙි අඹගහට නැගලා වගේ.. මම කියන්නද.
මම වහලයට නැග්ගට පස්සේ මිස් ට පුළුවන් නෙ මගෙ ආයුධ කට්ටලය මට දෙන්න.

**පුළුවන් මහත්තයා ….

අඹගහට ගොඩවී ඉතා සෙමෙන් විරාමය අරගෙන , අසීරුවෙන් වහලයට
මාරුවුනා මෙන් රඟපාමින් අවසානයේ
ආයුධ කට්ටලය ඇය ලවා උඩට ඉල්ලා
ගත්තෙමි. කැඩුන වයරය පිලිසකර කර
ඇන්ටනාවට සම්බන්ධ කර අවසානයේ
පහල ඉන්න තම නියෝජිතයා වෙත කතාකර ප්‍රතිඵල ඇසුවෙමි.

*වැඩෙි හරි. දැන් පැහැදිලියි

ඔීකේ………. වෙරිගුඩ්. මිස් මෙන්න මෙි ආයුධ කට්ටලය ගන්න.

**හා… හරි….

වහලයෙන් බැසගත් මා. හරි මිස්… අපි යමු ඇතුලට..

ගේතුලට ගොස් ඇය විසින් සියළු චැනල් පරික්ෂා කිරීමෙන් පසු…
එහෙනම් මිස් වැඩෙි හරිනෙ.

**හරි… මහත්තයා. බොහොම ස්තුතියි..

හොඳයි හොඳයි…. අපි යමු එහෙනම්…
දෙදෙනාම කිසිවක් නොපවසා ටෙක්ස්ටයිල්ස් වෙත ආවෙමු.

**සර්… වැඩෙි හරිද….?

නැතුව නැතුව.. නියෝජිත ජනිත් මෙි ෆොටෝඑක අනුකරණය කරලා අපි තුන්දෙනාට අයිඩි තුනක් ඉක්මනින්ම හදාගන්න ඔීන. ඊට අමතරව සේපාලිකා ගෙන්නගන්න ඔීන ….

*සේපාලිකා ….? ඒ මොකටද….?

ප්‍රශ්න කරන්න…
මොකද සේපාලිකා ගැන මට තියෙන්නෙ අපිට ධනාත්මක සැකයක් මිස , ඍණාත්මක සැකයක් නෙමෙි.

*සර් කියන්නේ සේපාලිකා කියන්නේ අපිට මිත්‍ර පාර්ෂවයක් කියලද….?

ඔව්… මොහොතකට හිතලා බලන්න.
සේපාලිකා නැත්නම් දිව්‍යා මම ඉස්සරහම
තමන්ගේ බොරු වෙිෂය ගලවලා දැම්මා.
සාමාන්‍යයෙන් මොනම වැඩක් කෙරුවත් ,
ගෑණියෙක් තමන්ගෙ සැබෑ වෙිෂය පෙන්වන්නෙ. වෙනත් ආගන්තුක පාර්ෂවයකට. එහෙම කරනවා කියන්නේ අපි ගැනත් සුළු වශයෙන් හෝ දැනුමක් තියනවා කියන එක. මට මෙි වැඩටික කරගන්න ඔත්තුකරුවෙක් වෙනුවට ඔත්තුකාරියක අවශ්‍යතාවය තදින්ම දැනුනා.. මම උදේ කිව්වා වගේ. ගැහැණියකට පුළුවන් පිරිමි කෙනෙකුට යන්න බැරිතැන්වලට ලේසියෙන්ම යන්න.
මොකද මොනවා වුනත් , ගැහැණියෙකුට තියෙන ආකර්ෂණය වැඩියි.

*ඒක ඇත්ත සර්… බවලතෙකුට පුළුවන්
බලවතෙක් වුනත් වට්ටලා දාන්න…

ඔව්…. හැබැයි අපිට තියෙනවා දෙයක් සසනාථ කරගන්න…

*ඒ මොකක්ද සර්… ?

අපි දැන් පැහැදිලිවම දන්නවා සේපාලිකා කියන්නේ ව්‍යාජ නමක් කියලා. ඒ වගේම එයා වැඩ කරන්නේ ටයිගර්ලට කියලත්.
හැබැයි.. ටයිගර්ලට වැඩ කරන්නේ සිරාවටමද , නැත්නම් වෙනත් යටි අරමුණක් හන්දද කියලා ස්ථිර වශයෙන්ම
හොයාගන්න ඔීන. දැන් එයා කියන විදිහට තමන්ගෙ ස්වාමිපුරුෂයා ඝාතනය කරපු පලිය ගන්න උන් එක්ක උන්ට නොදැනෙන්න වැඩ කරනවා නම්. තමන්ගෙ නියම බාහිර ස්වරූපය ටයිගර්ලා නොදන්නවා වෙන්න බැහැ නෙ.

**ඒ කියන්නේ දිව්‍යාගෙයි සේපාලිකාගෙයි
එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා හොයාගන්න ඔීන…

හරියටම හරි නියෝජිත ජනිත්….
මොකද දිව්‍යා සහ සේපාලිකා කියන්නේ එකම පෙනුම තියෙන කෙනෙක් වුනොත්
ටයිගර්ස්ලා දන්නව නෙ තමන් කලකට ඉහතදී ඝාතනය කරපු දිව්‍යා කියලා. එතකොට ඒ සිද්ධාන්තය පරස්පර විරෝධියි නෙ. ඒක තමයි මම කිව්වෙ ඔය මියගිය පොලිස් නිලධාරියගෙ පවුල් වපසරිය හොයාගන්න ඔීන කියලා.

*ඒ කියන්නේ දිව්‍යා ටයිගර්ස්ලාගෙ ගැන්සියට සම්බන්ධ වෙනවා නම් ස්ථිර වශයෙන්ම තමන්ගෙ ස්වරූපය වෙනස් කරගන්න ඔීන ස්ථීරවම.

**ඒ කියන්නේ ප්ලාස්ටික් සැත්කමක් මගින්…

හරියටම හරි…….. ඔය දෙන්නා කියනදේම තමයි මමත් කියන්නේ.

**මට විනාඩියක් දෙන්න මම ``ops room´´
එකට ගිහින් හැකර් හමුවෙලා එන්නම්.
මෙිවනවිට මෙි ගැන තොරතුරක් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්න ඔීන. මෙිකත් දෙන්න ඔීන අයිඩී හදන්න.

හරි… ගිහින් එන්න ….

කසුන්… අපේ අනුමානය පරිදි ඒක එහෙම වෙලා තිබ්බොත් අපිට ඒක හුඟක් වාසිදායක වෙනවා නොඅනුමානයි.

*ඔව් සර්… එහෙම වුනොත් අපිට මොනවද එයා සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් දේ…?

එහෙම වුනොත් මම ගහනවා සුපිරි ප්ලෑන් එකක්. මහමොළකරුවා ලඟට යන්න පුළුවන් විදිහේ.. ඒක මම පසුවට කියන්නම්.

**සර්…

ආ එන්න නියෝජිත ජනිත් ….

**සර් මෙි පෙන්ඩ්‍රයිවර් එක දාලා බලන්න.
මෙිකට දැම්මලු සේරම විස්තර..

කෝ බලමු… කියමින් මා පෙන්ඩ්‍රයිවර් එක මගේ ලැප්ටොප් පරිඝණකය වෙත ඇතුලත් කර එහි තිබූ විස්තර පරික්ෂා කර බලන්නට විමි.

ෂාහ්හ්හ්හ් නියමයි නෙ. මෙි ඔෆිසර්ගෙ පුද්ගලික විස්තර ෆයිල් එකම මෙතන තියනවා. හොඳයි අපි බලමු… හ්ම්ම්… නම්ගම් සේරම හරි. ඔව් සියදිවි නසාගැනීමක්. මොකක්ද සිදුවීම.
තම පුද්ගලික වාහනයේ තිබී හෙරොයින් කිලෝ තුනක් හමුවීම…..?
ඊට පස්සේ අත්අඩංගුවට ගැනීමේදි
සියදිවි නසාගැනීමක් …?

*ඒ මොකක්ද සර් ඒ හුටපටය…?

හරි…. මට දැන් සේරම තේරෙනවා.
ඉන්ස්පෙක්ටර් ජාලිය මුතුගල කියන්නේ
තමන්ගෙ රාජකාරිය හරියටම කරපු නිලධාරියෙක්. එතකොට මෑන් ලඟ කොහොමද කුඩු තිබ්බෙ… ?
හරි මෙි තියෙන්නෙ මෑන් අවසානෙට රාජකාරි කරලා තියෙන්නෙ කොටුව පොලීසියේ. ඒ කියන්නේ රවින්ද්‍ර ලොක්කා
ඒ කාලෙත් කොටුවෙ පොලීසියේ මයි ඩියුටි. රයිට්… මට දැන් පැහැදිලියි.
මෙි අවංක නිලධාරීයාව ට්‍රැක් එකෙන් අයින් කරන්න ගහපු ප්ලෑන් එකක් මෙික.
මට පුළුවන් අනුමානයකට එන්න …

**සර් මොකක්ද අනුමානය…..

මෙි රටෙි අවංක නිලධාරීන්ට තැනක් නැහැ මහත්වරුනි …. ටයිගර්ස්ලා
සතුව තිබුන කුඩු තොගයක් මෙි නිලධාරියගෙ වාහනයට දාන්න ඇති. බලන්න දෙයක් නැහැ එස්අයි රවින්ද්‍රව
හුඟක් විශ්වාස කරලා මෑන් අතට තමන්ගෙ පුද්ගලික වාහන දෙන්න ඇති ගෙදර දාන්න කියලා. මෑන් වාහනයට මත්කුඩු තොගය දාලා , ඊට පස්සේ ඔත්තුවක් දෙන්න ඇති හදිසි වැටලීම් අංශයට. ඊට පස්සේ වාහනය පරීක්ෂා කිරීමෙිදි බඩු අහුවෙලා අත්අඩංගුවට ගන්න ගේ ඇතුලට එන්න හදනකොට. තමන්ගෙ මෙච්චර කාලයක් රැකගෙන ආපු ඒ සියලුම දේ එක මොහොත්න් නැතිවුන බව දැනගත් මෙි අවංක නිලධාරීයා. තමගෙ ගෙදරදිම සියදිවි නසාගන්න ඇති.

*ඉටියෙන් හරි මැටියෙන් හරි රවින්ද්‍රගෙ අරමුණ ඉටුවුනා….

ඔව්… එහෙම තමයි වෙන්න ඔීන. ඒක පැහැදිලියි.. එතකොට මෙන්න තියනවා
දිව්‍යා මැඩම්ගෙ ඡායාරූපයක්.

*සර්… මෙික සේපාලිකාගෙ පෙනුමට කොහොමත් සමානතාවයක් නැහැ නෙ.
ඒ කියන්නේ අපේ අනුමානය හරිද…?

හ්ම්ම්… බොහෝදුරට එහෙම වෙන්න ඔීන යාළුවා… මෙහෙමයි ඉතින් මැරුණ දිව්‍යා මැරුණා. නැවත පණ ආවා හෝ නොමැරී ඉන්නවා කියලා ටයිගර්ස්ලා දැනගත්තොත් ආයේ මරලා දාන්න උත්සාහ කරන හන්දා තමන්ගෙ බාහිර ස්වරූපය වෙනස් කරා වෙන්නත් බැරි නැහැ. ඒක තමයි මම කිව්වෙ සේපාලිකාව අපේ ග්‍රහණයට ගන්නම වෙනවා විස්තරය දැනගන්න.

**සර්ට කියපු කතාවයි , මෙි කතාවයි අතර සමානකම් තියනවද…?

සීයයට අනූවක් විතර ඇත්ත කියන්න පුළුවන්..

*එතකොට ඉතිරි සීයයට දහය….?

ඒක තමයි අපිට නොකියූ කතාව වගේම , අපිට දැනගන්නට ඔීනම ටිකත් …

**සමහරවිට දිව්‍යා මැඩම්ට පිස්තෝලයක් පාවිච්චි කරන්න පුළුවන් දැනුමකුත් ඇති.

ඔව්… මොකද මෙයත් ආචාර්ය කෙනෙක්.
ඉන්න…. අපි කෝල් එකක් අරගෙන බලමු.

***හෙලෝ….

හෙලෝ දිව්‍යා මැඩම්….

***මහත්තයා ඔයාට වැරදීමක්. මම එහෙම කෙනෙක් අඳුරන්නෙ නැහැ.

දිව්‍යා මැඩම් මම උපාලිගෙ අයියා සමන්ත..

***හා …. ඒ වුනාට දිව්‍යා කියලා කෙනෙක් මම දන්නෙ නැහැ.

හා ඒකට කමක් නැහැ මැඩම්… මට මැඩම්ව මුණගැසීමට වුවමනායි.

***ඒ මොකටද…?

ඒක මෙිකෙන් කියන්න බැහැ…

***මට ඉතින් සමන්ත මහත්තයා කියන තැනට එන්න බැහැ…

හරි ඒකට කමක් නැහැ. මැඩම් කියන තැනකට අපි එන්නම්…

***හ්ම්ම්… හරි…. හෙට උදේ දහයට බණ්ඩාරනායක අනුස්මරණ ගොඩනැගිල්ල ගාවට එන්න…

හරි… හැබැයි තනියම. වෙන අය වටේට දාගෙන ඉන්න බැහැ. ඒ වගේම අපේ වාහනයට ගොඩවෙන්න ඔීන. මමත් සහතික වෙනවා කිසිම හානියක් කරන්නේ නැහැ කියලා.

***හරි… මම ඒ ගැන සහතික වෙනවා..

වෙරිගුඩ් මැඩම්.. එහෙනම් තිබ්බා …
නියමයි… මහත්වරුනි… බලන්න මෙි නම්බර් එක මතකයි ද කියලා.

**අවසානෙට හැට හය…. හ්ම්ම්… දර් අර දුන්න නම්බර් වලින් එකක් වගේ මතකයි මෙික..

හරියටම හරි…. එදා අර පාළු ගෙදර අධිශීතකරණය ලඟ වැටිලා තිබ්බ දුරකථනයේ නම්බර් එක තමයි මෙි.

*මොනවා සර්…..

ඔව් කසුන්….

*මොන ඉලව්වක්ද… ඒ…?

ඉලව්වක් නෙමෙි මෙතන තියෙන්නෙ පලහිලව්වක් යාළුවා…

**ඒ කියන්නේ මොකක්ද..? අපිට පොඩි පැහැදිලිකිරීමක් කරන්න…

නීත්‍යානුකූල නැතත් දිව්‍යා මැඩම් මෙි හැමදෙයක්ම පස්සෙන් පමාවෙලා හරි පන්නනවා… ඒක තමයි ඇත්ත.
මතකයිද මම ඒ ගෙදරට ගිය පලවෙනි දවසේ අඩි සලකුණු දෙකක දිග පළල මැනගෙන ආවා…?

*ඔව්… අපිට මතකයි.

ඔය දෙන්නම අනුමාන කරා ඒක ශන්තගේ කියලා. මමත් ඒක පිලිගත්කා කියලා ඔයාලට මතුපිටින් පෙන්නුවට. ඇත්තටම කියනවා නම් ගැහැණියකගේ යටි පතුලේ දිගට සාපේක්ෂව පළල අඩුවෙන්න ඔීන. නමුත් පිරිමියෙකුගෙ එහෙම නැහැ. දිගට සමානුපාතිකව පළල තියෙන්න ඔීන. නමුත් මෙතන එහෙම නැති එකෙන් අදහස් කරන්නේ මෙි මඩෙි තුබුන පාසටහන් දෙක ගැහැණු කෙනෙකුගේ කියලා. මම එතනදී ඒක ශාන්ත පිට පැටෙව්වට, ඇත්තටම එහෙම නැහැ.

*එතකොට සර් මම ශාන්තගේ සපත්තු වල ප්‍රමාණය මැනගෙන ආවනෙ. ඒ ප්‍රමාණයයි ,මෙි ප්‍රමාණයයි සමානයි නෙ.?

ඔව් ඒක ඇත්ත… නමුත් මතක තියාගන්න දෙන්නම. සපත්තුවක මහපට ඇඟිල්ලේ සිට විලුඹේ කෙරවල දක්වා තමයි සපත්තුවක සයිස් එක කියන්නේ.
නමුත් එතනදී පළල වැදගත් වෙන්නෙ නැහැ. නමුත් පළලින් අඩුයි නම් ඒක ගැහැණු කෙනෙකුට තමයි සුදුසු. ඒකනෙ අඩි උස සපත්තු පළලින් අඩුව හදලා තියෙන්නෙ. එහෙම නිශ්පාදනය කරන්නේ පිරිමින්ට දාන්න බැරිවෙන්න. ඒක තමයි සාමාන්‍ය න්‍යාය වෙන්නෙ.

*ඒක තමයි අපි සපත්තු කඩයකට ගිහින්
සපත්තුවෙ සයිස් එක කියපුවාම, අලෙවිකරුවා `` සර් ගෑණු ළමයෙකුට ද , නැත්නම් පිරිමි ළමයෙකුටද ´´ කියලා අහන්නේ…

අන්න හරි… ඒක තමයි පොයින්ට් එක..
ඒකෙ තේරුම දිව්‍යා ඇන්ටනී ගැන ඇහැගහගෙන ඉන්නවා කියන එක. මෙවැන්නක් ගැන මට සැක හිතුනෙ
මෙි ලඟකදී. එතකම් මටත් හිතාගන්න බැරුව හිටියෙ. ඔය සේරටම උත්තර අපි දැනගනිමු.

පසුදින…

පෙ:ව නමයේ පැයට පමණ අප තිදෙනා අප වෑන් රථයේ ගොස් අයිනක රැදී සිටියෙමු. මැදිවියේ පසුවන මැහැල්ලක්
පාරෙ දෙපැත්තම ඉතා ඔීනෑකමින්ම බලන හැටි මා දුටුවෙමි.

කසුන්… පේනවා නේද..? අර ඉන්නෙ එයා.

*කෝ සර්….

**අර ඇන්ටිද….?

ඔව් එයා තමයි…

*හපොයි නියම වෙිෂ නිරූපණයක් තමයි ඒකනම්…

හ්ම්ම්… අපි ඊට ටිකක් එහාට යමු… මොකද ඉන්න තැන කැමරා තියනවා.. අතනට ගිහින් වාහනය නවත්තමු. මම එන්න කියන්නම්..ඊට පස්සේ අපි ටිකක් පාළු තැනක වාහනය නවත්තලා කතා කරමු…

හරි…. ඔතන නවත්වන්න…

හෙලෝ මැඩම්… ඔතනින් පාර පැනලා එන්න අනිත් පාරට. ඇවිත් එතන තියෙන සුදුවෑන් එකට නගින්න.

*සර් අන්න එනවා…..

නගින්න මැඩම්… අපි යමු සුපුන්…

අඩහෝරාවක් යනතුරුම කිසිදු වචනයක්
අප දෙපාර්ශවය අතර ඇති නොවුනි.

සුපුන් ඔතනින් නවත්වන්න….

හරි… බොහොම ස්තුතියි මැඩම් අපි කතා කරපු සැණෙන් ආවට.

***මට පුදුමයි ඔය මහත්වරු මාව අඳුරගත්ත එකට.

ඒකෙ පුදුමයක් නැහැ මැඩම්… මොකද අපිත් එහෙම තමයි. අපිටත් නිත්‍ය පෙනුමක් නෑ.

***ඉතින් මට කියන්න මොනවද මගෙන් දැනගන්න ඔීන…?

හොඳයි මැඩම්…. මෙික බොන්න කියමින් බීම බෝලයක් ඇයට දුන්නෙමි. අපි තිදෙනාත් බීම බොන ගමන් කතාවට මුලපිරුවෙමු.

මැඩම් … අපි දැක්ක දිව්‍යා නම් මීට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමක් තමයි තියෙන්නෙ….

***ඩොක්ටර් විජේවීර….

ඩොක්ටර් විජේවීර…. මම දන්න විදිහට දැනට ලංකාවෙ ඉන්න දක්ෂ ප්ලාස්ටික් සැත්කම් කරන වෛද්‍යවරයෙක්…

***ඔව් සමන්ත මහත්තයා.. එයා තමයි මගෙ මුහුණ වෙනස් කෙරුවෙ. ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙ මුහුනෙ විදිහට හදන්න බැරි හන්දා එයාගෙ මියගිය නංගිගෙ මුහුණ විදිහට මගෙ මුහුණ වෙනස් කරා….

හ්ම්ම්… එතකොට මැඩම් අර පාළු ගෙදර මොකද කරේ…?

***මො මො මොන…. ගෙ ගෙදරද…?

අර මිහිරාණි වත්සලා කියන නර්ස් මරපු ගෙදරට යාබදව තියෙන පාළුවට ගිය ගේ ඇතුලේ මොනවද කරේ කියලා අහන්නෙ.
ඒ වගේම සේපාලිකා නමින් සයුරිගෙ කුලී ගේ අතුලෙ මොකද කරේ. ඒ වගේම නයිට් ක්ලබ් එකට විටෙන්විට මෙි වගේ වෙස්වලාගෙන ගිහින් මොනවද කරන්නේ ඇත්තටම…?

***ඇත්තටම ඔයාලා කවුද …..?

මෙි බලන්නකො මැඩම්. අපි කවුද කියලා ඔයාට දැන් තේරුම් යන්න ඇති. අපි හොඳ මිනිස්සු කොට්ඨාශයක් කියලා මම කියන්න කැමතියි. එහෙම නොවුනා නම්
එදා වත්තල සයුරිගෙ පස්සේ ගිය දවසෙම ඔය මැඩම්ගෙ ජීවිත කතාව ඉවරයි. ඊට පස්සේ අර පාළු ගෙදර වැටුන තමන්ගෙ ෆෝන් එක ආයෙ ගිහින් ගත්තද පහුවදා රෑම…?

***ඒ කියන්නේ ඔයාලා තුන්දෙනා…( තම දඹරගිල්ල අප දෙසට යොමුකර )

ඔව්… අපි ඒ අයට වඩා ඉහලින් ඉන්න
කුඩා කණ්ඩායමක්… ඉතින් මැඩම් දැන් අපි කතාවට බහිමු නේද.. මට දැනගන්න ඔීන ඇත්ත …

***ඔව්… ඔෆිසර්… ඒ සේරම ඇත්ත. නමුත් දැකපු කෝණය ටිකක් වෙනස්..

හ්ම්ම්… එහෙනම් නිවැරදි කෝණය කියන්න බලන්න…

***මම එදා පාළු ගෙදරට ගිය බව ඇත්ත
ඒ මිනීමරුවව හොයන්න. මොකද මගේ හස්බන්ඩ් සියදිවිනසාගන්න තත්වයට පත්කරපු කල්ලියේ ඊලඟ ඉලක්කය කවුද කියලා හොයාගන්න මට ඔීන වුනා.
මොකද මිහිරාණි මැරුවෙත් , ඊලඟ කවුරු මරන්න ගියත් ඒ යන්නෙත් , කලින් ගිය එකාමයි කියලා මම සැක කරා..

එතකොට මිනීමරුවා හොයාගත්තද මිහිරාණි මිස්ගෙ…?

***නෑ ඔෆිසර්…

ඒ වෙන කවුරුවත් නෙමෙි ඔයාලගෙ ගැන්සියේම ලොක්කා තමයි. ඒ කිව්වෙ අපි දැනට දන්න ලොක්කා තමයි.

***මොන ලොක්කෙක්ද ඔෆිසර්…
මම උන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ මගෙ හස්බන්ඩ්ගෙ මිනීමැරුමට සම්බන්ධ එවුන් හොයාගෙන හෙමිහිට
ඉවරකරලා දාන්න. නැතුව මට උන් එක්ක වෙන ගණුදෙනුවක් නෑ. උන් හන්දා මගෙ බඩෙි හිටපු දරුවා පවා නැතිවුනා… එහෙව් එවුන් එක්ක මොකක්ද මට තියෙන ඇයිහොඳයිය..?

හ්ම්ම්… සන්සුන් වෙන්න මැඩම්… අපි හැමෝටම ජීවිතයේ හිමි අහිමිවීම් තියනවා… කෙනාගෙන් කෙනාට ඒක වෙනස්වෙන්න පුළුවන් නමුත් දුක එකම විදිහට තමයි බලපාන්නේ …. හරි ඉතින් කියන්න ඉතිරි ටිකත් …

***හොඳයි හොඳයි ….. ඇත්තටම මම එදා සයුරි පස්සෙන් ආවෙ එයාව වෙන කෙනෙකුගේ ගොදුරක් වෙන එක නවත්වන්න හිතාගෙන මිසක් වෙන දේකට නෙමෙි. මොකද මම දැනගෙන හිටියා අපේම ගැන්සියේ එකෙක් තමයි මෙි සයුරිටත් ගේම දෙන්නේ කියලා.

ඔව් ඒක ඇත්ත… ඒකටත් පිඹුරුපත් හදලා උන් තිබ්බෙ. අපි ඊට කලින් එයාව
මාලදිවයිනට යැව්වා. දැන් එයා එහෙ.

***මොකක්ද කිව්වෙ..? ඔයාලද එයාව යැව්වෙ..?

ඔව්……. තව දවස් දෙකක් අපි පරක්කු වුනානම් මිහිරාණිට වෙච්ච දේමයි එයාටත් වෙන්නෙ…

***ඔව් වෙන්න පුළුවන්….

හරි…. එතකොට ඔබතුමියගෙ ෆෝන්එකේ තිබුන නම්බර් සේරම …?

***ඒ සේරම මම වැඩකරන ගැන්සියේ වගේම , විරුද්ධවාදීන්ගේ දෙකක් තියනවා.

එක්කෙනෙක් ජොනි… එතකොට අනිකා කවුද …?

***මිල්ටන්…

මිල්ටන් …. ඒ කවුද ….?

***ගැන්සිය ඇතුලේ ඉන්න. නමුත් මට පක්ෂපාතී මිනිහෙක් … විරුද්ධවාදියෙක් කිව්වෙ ගැන්සියට විරුද්ධයි. නමුත් ඒක මතුපිටට පේන්නෙ නෑ.


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now