⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 37 වන දිගහැරුම ⸎

`` අනපේක්ෂිත ඔත්තුකාරිය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


හරි…. එහෙනම් ජයවෙිවා..

*ජයවේවා අංකල් ….

දුරකථනය විසන්ධි කර…

හරි…. අපිත් යමු මහත්වරුනි

මෙතැන් සිට….

මදීනා ටෙක්ස්ටයිල්ස් හිදී…

**සර් දැක්කද රවින්ද්‍ර ගොයියගෙ මූණ.
නිකං පරණ හොම්බ දිග ලොරියක් වගේ

හහ් හහ් හා……. මම දැක්කා. මෑන්ගෙ මූණ ඉදුනු ජම්බුගෙඩියක් වගේ.

*දැන් ෂැපද… කියලා තමයි අහන්න තියෙන්නෙ …

හ්ම්ම්… ඒක ඇත්ත තමයි…මතක තියාගන්න දැන් රෝමය ගිණිඅරන් ඉවරයි.
අනිවාර්යයෙන්ම මෙි කේස් එක රහස් පොලීසියට භාරදෙනවා කියලා කට්ටියම දන්නවා. ඒ හන්දා පිස්සු බල්ලෝ වගේ සාක්ෂි ටික විනාශ කරන්න උන් දඟලනවා. ආන්න ඒකයි කල්තියාම අපි මිහිරාණිගෙ බොඩී එක හැංගුවෙ. දැන් තේරෙනවා නේද කසුන් මහත්තයා මම හිතන දුර.

*ඔව් සර්… දැන් රහස් පොලීසිය වගේම , ටයිගර්ලාත් බොඩීඑක හොයනවා. මොකද ඒ වීඩියෝ එකේ පැහැදිලිවම පේනවා මිහිරාණි මෑන්ගෙ මූණ හූරනවා කියලා. ඒ හන්දා අනිවාර්යයෙන්ම රහස් පොලීසිය ඒ ගැන අවධානය යොමුකරනවා මයි…

**සර්… මට මැසේජ් වගයක් ඇවිත් තියනවා අපේ ස්පයිඩර්ස්ලා ගෙන් …

ඉතින් …. ඉතින් කියමු බලන්න…

**රවින්ද්‍ර ලොක්කා පංචිකාවත්තෙ අරුන්ගෙ ගරාජ් එකට ගිහින් ඇන්ටනී
යට බැනලා හොඳටම. දැන් එතන පොඩි ගැටුමක් ඇතිවෙලා තියනවා. ඒ කියන්නේ උණුසුම් වචන හුවමාරුවක්

නියමයි….

**ඊට පස්සේ ඇන්ටනී ලොක්කට මළ පැනලා රවින්ද්‍ර ගොයියට කියලා තියනවා
``වැඩිය උඩ පැන්නොත් සුදුකොඩි පෙන්වනවා´´ කියලා


ෂාහ් …. මරුනෙ… බොහොම හොඳයි.
වැඩක් ගන්න පුළුවන් සීන් එකක් ඒක.
එතන වෙච්ච සම්පූර්ණ කථාබහ අපිට
දැනගන්න ඔීන කථාවක දෙබසක් වගේ.
ඒක බොහෝසෙයින් ප්‍රයෝජනවත් ඉදිරි කාලයේ කරන්න තියෙන වැඩකටයුතු වලට.

**හරි සර්… මම සේරම ටික අහලා
දෙබසක් විදිහට හදලා දෙන්නම්.

*සර් මොකක්ද ඒකෙන් ගන්න යන ප්‍රයෝජනය…?

දෙපැත්ත කෙටවීම තමයි… මම ඒ දෙබස් ටික අරගෙන හවස ඇන්ටනීට කෝල් එකක් දීලා. ඒ කතාබහම ඌට කියනවා.
ඒ කතාබහ මම දැනගත්තේ කොහොමද කියලා මෑන් කල්පනා කරනවා. අවසානයේ මෑන් නිගමනයකට එනවා.
මිනිහගෙ තැනෙ කවුරු හරි ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. මොකද මෑන් ඊට පස්සේ
තමන් වටා ඉන්න සියලුම අය ගැන සැකයෙන් බලන්න පුරුදු වෙනවා. සුළු වැරදීමක් වුනත් ඒක දකින්නේ ලොකු දෙයක් විදිහට. එතකොට තමන්ගෙ ගැන්සිය ඇතුලේ මතභේද හටගන්නවා වැඩියි. අපි අනිවාර්යයෙන්ම ඒ ගැටුම් ප්‍රයෝජනයට ගන්න ඔීන.

**ඉන්න සර්… මම දෙබස් ටික අරගෙන දෙන්නම්….

ඇත්තටම මම ඔීක අහන්නමයි හිටියෙ.
අපේ ස්පයිඩර් කොනෙක් ඔච්චරටම සමීප කරේ කොහොමද…?

**සර්ව අනුකරණය කරන්න දැන් අපි පුරුදු වෙලා ඉන්නෙ …

මාව…?

**ඔව්… එතන පොඩි රේඩියෝ සම්ප්‍රේකෂකයක් අපි හයිකරලා තියෙන්නෙ…

ඒ කොහොමද …. ?

**එතන පාර්ක් කරලා තියෙන පරණ වාහනයක හොයන්න බැරි තැනක එකක් හයි කරලා තියෙන්නෙ..

එතකොට ඒක හැම වෙලේම වැඩද…?

**ඔව් සර්… අපේ ටෙක්නීෂියන් ඒකට
පොඩි සූර්ය පැනලයක් හයිකරලා හදලා තියෙන්නෙ ඉතින් දවල් කාලයේ වගේම රෑටත් බඩු වගේ වැඩ. උන්ට කවදාවත් හිතන්න බැරි වෙන තැනක හංගලා තියෙන්නෙ.

එතකොට සවන්දෙන්නේ කොච්චර ඈතක ඉඳලද….?

**සර් මීටර් පන්සීයයක් විතර ඈත ඉඳලා..

හොඳයි හොඳයි … හොඳ අදහසක්. මීටර පන්සීයයක් කියන්නේ උන්ගෙ විශේෂ දෘෂ්ටියෙන් ඈත. ඒක හොඳයි..

**හැබැයි සර්… උන් කවදාවත් අත යට කරන වැඩ ගරාජ් එකේ කතාබහ වෙන්නෙ නෑ. ඒකයි උන්ගෙ තියෙන විශේෂත්වය…

හ්ම්ම්… ඒකට කමක් නැහැ …. හෙට උදේ
ඉඳලා ඔත්තු බලන වැඩ පටන්ගන්න ඔීන..

**ඔත්තු බලන වැඩ….? ඒක දැනට අපේ ක්ෂේත්‍ර ඔත්තුකරුවන් කරගෙන යනවනේ…?

නෑ නියෝජිත ජනිත්… එයාලා කරන්නේ ප්‍රාථමික මට්ටමේ ඔත්තුකරුවන්ට අයත් වැඩ. මම එයාලව අවතක්සේරුවකට ලක් කරනවා එහෙම නෙමෙයි. අපි බාරදීලා තියෙන්නෙ ප්‍රාථමික මට්ටමේ වැඩ. නමුත් එතනින් එහාට ගිය වඅඩ ටිකක් තියනවා අපිට කරන්න. ඒකට අද හවස ලෑස්ති වෙන්න ඔීන…

*සර්… සවිස්තරාත්මකව කියනවා නම්
මොනවගේ එකක් ද අපිට කරන්න තියෙන්නෙ….?

කසුන්… දින 14 ක් කියන්නේ අපිට ලොකු කාලයක්. කට්ටියට සුදුකොඩි ඔය සති දෙක ඇතුලත නොපෙන්නුවාට , අපි සෑම දෙයක් ගැනම අවධානය යොමුකරන්න ඔීන. ඒ කියන්නේ උන් යන විශේෂ තැන් මොනවද…? එහෙම ගිහින් මොනවද කරන්නේ ..? මොනවගේ අයද ආශ්‍රය කරන්නේ…? වගේ දේවල්.. එතකොට අද හවස අපි යන්නේ. `` බ්ලූ මැන්ඩල් නයිට් ක්ලබ් ´´ එක ලඟට මොකද අපිට අපේ ස්පයිඩර්ස්ලා දුන්න තොරතුරු අනුව ඇන්ටනී රෑට රෑට රිංගන්නේ ඒකට නම්
ඒකට හැන්දෑවෙ ඇතුලට යන ස්පා සේවිකාවන් , නැත්නම් වීදි ගණිකාවෝ ගැන ටිකක් ඇහැ ගහගෙන ඉන්න ඔීන.
කොටින්ම කියනවා නම් එකෙක් දෙන්නෙක් පස්සේ ගිහින් උන් නවාතැන් අරගෙන ඉන්නෙ කොහෙද කියලා බලාගන්න ඔීන.

**සර් ඒකෙ අරමුණ මොකක්ද ….?

අරමුණ තමයි….උන්ගෙ අදාල ගේ ඇතුලට ගිහින් උන් යන බ්ලූ මැන්ඩල් ක්ලබ් එකෙන් උන්ට දෙන සාමාජික හැඳුනුම්පත ගන්න එක…

**ඒක සර් අපිට බැරිද උන්ගෙන් බලහත්කාරයෙන් ගන්න. මම කිව්වේ
කොකා ඔලුවට පෙන්නලා වගේ දෙයක් කරලා ….?

එහෙම කරන්න හිතන්නවත් එපා මෙි තත්වය උඩනම්… මොකද අපි ඒක උන්ට නොදැනෙන්න ගන්න ඔීන. ගන්නවා කිව්වට සමීප ඡායාරූපයක් ගත්තා නම් ඇති. මොකද අපිට ඔීන ඒකෙන් කොපියක් හදාගන්න විතරයි. අපේ බලය පෙන්නලා ඇතුලට යන්න පුළුවන්. නමුත් අපි යන්නෙ ගේමකට හන්දා එහෙම කරන්නත් බැහැ නෙ. එතකොට අපි කරන්න ඔීන. එහෙම පසුපස ලුහුබැඳලා
ඒ නවාතැන් වල වපසරිය හොඳට නිරීක්ෂණය කරන එක. එතකොට මට තක්කෙටම කියන්න පුළුවන් අපිට පොටක් පාදගන්න පුළුවන් කියලා.

ඒ හන්දා අද රෑට එලියෙ ඉඳලා පාන්දර ඒ ලළනාවෝ තුන්දෙනෙක්ව අපි තුන්දෙනා ලුහුබැඳලා බලමු. අවසානයේ උන්ගෙ නවාතැන ලඟටම ගිහින් හොඳට නිරීක්ෂණය කරන්න ඔීන උන්ගෙ නවාතැන්වල බාහිර පරිසරය. දිහා හොඳට නිරීක්ෂණය කරලා ඔය දෙන්නා
උදේට මට ඇවිත් කියන්න මොනවද ඒ නවාතැන්වල තිබුන විශේෂ ලක්ෂණ කියලා. එච්චරයි.. මම ඊට පස්සේ සැළසුමක් හදන්නම් ..

*හරි සර්…

රාත්‍රි විස්සේ පැයට පමණ මහරගම පිහිටි බ්ලූ මැන්ඩල් රාත්‍රි සමාජශාලාවට යාබදව
තිදෙනාම විවිධ ස්වරූපයෙන් මාවත අයිනෙ ඔබමොබ ඇවිදින්නට විය. විවිධ
මානවිකාවන් අඩනිරුවතින් සැරසී , විවිධ පුද්ගලයින් සමඟ සමාජශාලාව ⁣තුලට ඇතුල්වන අතර , පෙරකී පරිදිම ඉතා හැඩිදැඩි කළුපාට ඇඳුම් ඇඳගත් සිකුරුටි දෙදෙනෙක් ද ගැහැණුන් පරික්ෂා කිරීමට එක් ගැහැණු ආරක්ෂකයෙකුට එහි සිටියහ. වඩාත් නිවැරදි ක්‍රමයන් අනුගමනය කරමින් ඔවුන් ඇතුල්වන සියලු දෙනාම පරික්ෂා කර ඇතුලට යවන ලදි.

පාන්දර දෙකට පමණ විවිධ පුද්ගලයින් සමග වෙරිමතින් තරුණියන් කීප දෙනෙක් එලියට පැමිණි අතර, ධනවත් පුද්ගලයින් එම යුවතියන්ද කැටුව තම
වාහන වලින් පිටව යන ලඳි. ඒ අතරතුර
එක් යුවතියක් හොඳ සිහියෙන් එලියට විත් වටපිට බලමින් අතුරුපාරකට ගොස් ලහිලහියේම යන්නට විය. මාගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන නියෝජිතයින් දෙදෙනාට තව දෙදෙනෙකු
පසුපස යන ලෙස නියෝග කර , මා මෙම යුවතිය පසුපස යන්නට පටන් ගත්තෙමි.

කකිලෝමීටරයක් පමණ අතුරු පාරෙන් අතුරු පාරට මාරුවෙමින් කඩිනමින් ඇවිදගිය ඇය පසුපස මාද හෙමින් සීරුවට ගමන් ගත්තෙමි. අවසානයේ අතුරුපාරකට හැරුණු ඇය පසුපස ගියද
එතනින් එහාට ඇය ආගිය අතක් නොවීය.
යම්කිසි අනතුරක ඉව වැටුනු මා ක්ෂනිකව අඳුරු මුල්ලක සැඟවුනෙමි.
මිනිත්තු දහයක් පමණ ගතවිය. මාවත දෙපස කිසිදු හැලහොල්මනක් දක්නට නොවීය. අඳුරු මුල්ලෙන් එලියට එනවාත් සමඟ එම යුවති මාගෙ ගෙලට තියුණු පිහියක් තබාගෙන නැවත මාව අඳුරු මුල්ලට තල්ලු කරගෙන යනවිට, මට ඇයව ක්ෂනිකව බිම දැමීමට හැකියාව ඇතිමුත් එය , එසේ නොකර ඇයට කරගත යුතුදේ කරගැනීමට ඉඩදුන්නෙමි.

*තමුසෙ කවුද ….? මොකටද මගෙ පස්සෙන් එන්නේ….?

මැඩම් මම ගියේ පාරෙ මිසක් ඔහේගෙ පස්සෙන් නෙමෙි.

*නෑ …. ඔහේ ආවෙ මගෙ පස්සෙන්ම තමයි…

මම මොකටද ඔයාගෙ පස්සෙන් එන්නෙ.
එහෙම එන්න වෙන මිනිස්සුන්ට නම් හේතු ඇති. හැබැයි මට එන්න එහෙම හේතුවක් නැහැ. ගන්නවා ඔය පිහිය අහකට..

*තමුසෙ මට ඇත්ත කියනවද. නැත්නම් මම උගුරු දණ්ඩ කපලා දාන්නද…

මම හිතන්නේ හොඳම දේ මගෙ උගුරු දණ්ඩද මොකක්ද කියන එක කපලා දාන එක තමයි…

සුළු මොහොතක් ඇස්දෙක අඩවන් කරගෙන සිටි ඇවි වහාම පිහිය අහකට ගත්තාය.

*තමුසෙ නරක මිනිහෙක් බව මට පේන්නෙ නැහැ. දැන්වත් ඇත්ත කියනවද..?

අන්න ඔය මැඩම් පොයින්ට් එකට ආවා.
කතාව නම් සහතික ඇත්ත. මට ඔයාට ගේමක් දෙන්න ම , ඔීන නම් මට මෙච්චර දුරක් එන්න අවශ්‍ය නැහැ.

*හරි… මට කියනවකො ඇයි මගෙ පස්සෙන් ආවෙ…?

මැඩම් … මට ඒක මෙතන කියන්න බැහැ.

*එහෙනම් තමුසෙට මගෙ බඩ උඩද ඒක කියන්න ඔීන…?

එහෙම කියන්න , කරන්න ඔීන නම්. මෙි
ලෝකෙ ඉන්න එකම ගෑණිද ඔහේ…?
හ්ම්ම්…… දෙමු බලන්න උත්තරයක්.

*හ්ම්ම්… එහෙමත් එකක් ද..? හොඳයි
එනවා මගෙ පස්සෙන් ….

කියමින් තවත් මීටර් සියයක් පමණ ඉදිරියට ගෙවා ගොස් පොඩි නිවසක දොරගුළු ඇර, ඇතුලට ගොස් මට ඇතුලට එනමෙන් විධානය කර පසු මාද සූදානම් ශරීරයෙන් ගේතුලට ගියෙමි. ඉන්පසු දොර වසා වාඩිවෙන මෙන් අතින් පෙන්වා ඇයද වාඩිවිය.

*හරි… දැන් කියනවා තමුසෙ කවුද..
ඇයි මගෙ පස්දෙන් ආවෙ..

තමුන් දන්නවද සොත්ති උපාලි…?

*ඔව් මම දන්නවා දැන් අවුරුදු දෙකකට විතර කලින් වෙඩිකාලා මැරුනානෙ.

ඔව් …. ඒ මගෙ මල්ලි ….මම සමන්ත.
ඩුබායි ඉඳලා ලඟදි ආවෙ…

*ඉතින් මගෙ පස්සෙන් මොකද ආවෙ..?

මට තමුන්ගේ පස්සෙන් එන්න වි⁣ශේෂ කාරණාවක් තියනවා. හැබැයි මම මොකටද ඒක තමුන්ට කියන්නේ මැඩම්..?
මොකද මෙතන තියෙන්නෙ විශ්වාසය ගැන ප්‍රශ්නයක්. හැබැයි මැඩම් මම තමුන්ගෙ එක විශේෂත්වයක් දැක්කා.
අනික් සේරම ගැහැණු පිරිමි දෙපාර්ශවයම සිහියෙන් එලියට ආවෙ නැහැ. සේරම ආවෙ නැට්ටෙ ඉඳලා වෙරි පිට. නමුත් ඔය මැඩම් ඇතුලට ගියෙත් , එලියට ආවෙත් හොඳ සිහියෙන්. ඒක තමයි මම දැකපු විශේෂත්වය. ඒකෙන් මට තේරෙනවා. ඔය මැඩම් ඇතුලට ගියේ හෝ යන්නේ. එතනට ආවේණික වැඩකටයුතුවලට නම් නෙමෙයි කියලා.

*ඔව් ඒක ඇත්ත…
කියමින් තම තඹපැහැති ව්‍යාජ කොණ්ඩය ගලවා දමින්
ඊට යටින් වූ තම සැබෑ වරලසද ලිහා දමමින් , තම කන්පෙති දෙකෙහි තිබූ ලොකු රවුම් දෙකද පරිස්සමෙන් ගලවා දැමුවාය.

හ්ම්ම්… ඒක තමයි….

*මට තියනවා ඔීකට එන එකෙක් එක්ක පරණ කෝන්තරයක් පිරිමහගන්න. අවුරුදු දෙකක් තිස්සේ මම ඒකට දත කන්නෙ. ඒත් මට තවම හරිහැටි අවස්ථාවක් ලැබුනෙ නැහැ.

හ්ම්ම්… එහෙමත් එකක් ද…?
මමත් ආවෙ ඒ වගේ වැඩකට තමයි.
හැබැයි මට තියෙන්නෙත් ඔය කියන කාල වකවානුවේම මගෙ මල්ලි , ඒ කියන්නේ සොත්ති උපාලි මරමු එකාගෙන් මල්ලි මරපු වාඩුව ගන්න තමයි. හැබැයි ඒකට මට තව ටික කාලයක් යනවා.

*ඉතින් ඔබතුමාට පුළුවන් නෙ එලියෙදි හමුවෙලා තියලා දාන්න ..?

එහෙම බැහැ මැඩම්… මොකද මට ඌට වඩා, ඌට කොන්ත්‍රාත් එක දුන්න එකා හොයාගන්න ශීන. මොකද මූව මැරුවා
කියලා වැඩක් නෑ. මූව මරපුවාම. උගෙ අඩුව පුරවන්න වෙන එකෙක් ඔතනට එනවා. ඒ හන්දා මට ඔීන මහ එකාම අල්ලගන්න. එච්චරයි… හැබැයි ඔයා මැඩම්ට වඩා දේවල් හුඟක් කරන්න මට පුළුවන් මෙි ෆීල්ඩ් එකේ…(බලමු මොකද කියන්නේ කියලා .. මගෙ යටිහිත මුමුණන්නට විය)

*ඔව් ඒක ඇත්ත තමයි…. බලාගෙන ගියාම අපි දෙන්නා ඉන්නෙ එකම බෝට්ටුවේ.

ඔව්… වෙන්න පුළුවන්…. හැබැයි දෙන්නටම යන්න ඔීන එක දුපතකට නෙමෙයි වගේ මට තේරෙන විදිහට..

*සමහරවිට එකම දූපතට වෙන්නත් බැරි නැහැ .. වැල්වටාරම් වැඩක් නැහැ. මම යන්නෙ ඇන්ටනී පස්සේ. මොකද ඌ මගෙ හස්බන්ඩ් මැරුවා. ඒකත් කාගෙ හරි කීමකට. මට ඒ උපදෙස් දුන්න එකා තමයි හොයාගන්න ඔීන. ඌ මුන් එක්ක වැඩ කරන්නේ ව්‍යාජ නමකින්. මට උගෙ ඇත්ත නම හොයාගන්න ඔීන. මගෙ මහත්තයා පොලිස් නිලධාරියෙක්. එක දවසක් ලොකු මත්ද්‍රව්‍ය තොගයක් එයා ඇල්ලුවා. දවස් කීපයකට පසු මම වැඩ ඇරිලා ගෙදර එනකොට මගෙ මහත්තයා ගෙදර ⁣තිබුන මෙිසයක් උඩ , ලේ විලක් මැද අවසන් ගමන් ගිහින් තිබුනා. පස්සේ ඒක සියදිවි නසාගැනීමක් කියලා තීරණය වෙලා, සිද්ධිය යටගියා. මම හොඳාකාරවම දන්නවා. දිවිනසා ගන්න තරම් මගෙ මහත්තයට කවදාවත් ප්‍රශ්න තිබුනෙ නෑ කියලා. හැබැයි මැරෙන්න දවස් කීපයකට කලින් එයාට ලොකු ජීවිත අවධානමක් තියනවා කියලා මට කියලා තිබ්බා.

හ්ම්ම්… මට හරිම කණගාටුයි….
මොකක්ද නම කිව්වෙ ඔයාගෙ හස්බන්ඩ්ගෙ…?

*ඉන්ස්පෙක්ටර් ජාලිය මුතුගල….

මට ටිකක් අහලා පුරුදු නම්බරයක්…
මෙහෙමයි මැඩම් මගෙ මල්ලි කුලියට මිනීමරපු, නමගිය එකෙක් කියලා කවුරුත් දන්නවා. හැබැයි කවදාවත්
මගෙ එකා පොලීසියේ එකෙකුටවත් අත තියලා නෑ. මම ඒක වගකීමෙන් කියනවා.

*ඒක මම දන්නෙ නැහැ…

එතකොට පොලීසියේ සහය පැතුවෙ නැද්ද..?

*සියදිවි නසාගැනීමක් කියලා අධිකරණය වෛද්‍යවරයා නිගමනය කරාට පස්සේ. ආයේ මොනවා කරන්න ද…?

ඒ කියන්නේ මහත්තයගෙ අතේ පිස්තෝලයත් තිබ්බා ….?

*ඔව්…

හරි… ඔය මැඩම් කොහොමද ඔච්චර ඉක්මනට මාව විශ්වාස කරන්නේ. මම ඇන්ටනීගෙ මිනිහෙක් වෙන්න බැරිත් නැහැ නෙ..?

*ඇන්ටනීගෙ එකෙක් නම්, මම මෙච්චරවෙලා ජීවත් වෙයිද….? ඔබතුමා මට කියන්නේ ඇත්තක්ද බොරුද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මාව මරන්න කිසිම වුවමනාවක් නැහැ කියලා නම් මම දන්නවා එච්චරයි…

බොහොම හොඳයි… මම කොහොමහරි ඔය මහඑකාව අල්ලාගෙන ඉවරයක් කරලා දානවා. ඒකට තමයි මම මෙි හැමතැනම කරක්ගහලා කරුණු හොයන්නේ…

*මට පුළුවන් උදව්වක් මම ……

මම සමන්ත ….

*සමන්ත මහත්තයට කරන්නම්. එතකොට ඇයි මගෙ පස්සෙන් ආවෙ..

මම උන්ගෙ දෙන්නෙක් තුන්දෙනෙක් ඉවර කරලා ඉන්නෙ. මට තව දෙන්නෙක් විතර ඉවර කරන්න ඔීන. මට ඒක එලියෙන් කරන්න පුළුවන්. නමුත් ඒක මම කරන්න ඔීන ඇතුලෙ ඉඳලා. එතකොට තමයි ඌට තේරුම් යන්නේ ඌ කිසිම ආරක්ෂාවක් යටතේ නෙමෙයි ඉන්නෙ කියලා. නැත්නම් මම නිකංම නිකං කයිවාරු කාරයෙක් වෙනවනෙ. ඒ හන්දා උගෙ ලඟම ඉන්නෙ කවුද කියලා බලාගන්න තමයි මම එතනට වෙලා හිටියෙ. ඒ අතරෙ අසිහියෙන් යන ගෑණු අතරෙ සිහියෙන් යන ගෑණියෙක් යනවා කියන්නේ ඒකෙ තියනවා වි⁣ශේෂත්වයක්.
ඒකයි මම පස්සෙන් ආවෙ.

*හරි….. මට තේරුනා…

එතකොට උන් ඔය මැඩම් පස්සේ පැන්නුවෙ නැද්ද… ?

*මගෙ නම දිව්‍යා සමරසිංහ…
උන් මාවත් දහඅට වංගුවෙිදි , මාත් එක්කම මගෙ වාහනය පහතට පෙරලලා දැම්මා. අද වනවිට මම ලෝකයාට මැරිච්ච කෙනෙක්…

හොඳයි දිව්‍යා මැඩම්… මාව විශ්වාස කරපු එකට බොහොම ස්තුතියි මම යන්න කලින් මට ඔය මැඩම්ගෙ ෆෝන් අංකය දෙන්න පුළුවන් ද….? මොනයම් තොරතුරක් තිබ්බොත් මට දන්වන්න බැරියැ..

*මෙන්න මගෙ නම්බර් එක. කියමින් ⁣කුඩා කාඩ් එකක් මගෙ අත තැබුවාය.

එයත් රැගෙන මා හනික පිටත්වූයෙමි.

අළුයම වනවිට තිදෙනාම කථිකා කරගත් තැනට ආවෙමු.

කසුන්… මොකද ඔයාගෙ තත්ත්වය..?

*සර් ඒක ගෑණු ළමයි හුඟක් ඉන්න තැනක්. එතනට කඩා වදින එක මම සුභවාදීව හිතන්නේ නැහැ.

එතකොට නියෝජිත J50.. මොකද ඔයාගෙ තත්වය..?

**සර්… අවසානයට යනකම්ම ගියා නමුත්
ලොකු ලොකු දේවල් නම් නැහැ..

හ්ම්ම්… ඒකත් එහෙමද…? කියන්න බලන්න ඒ තැන මොනවගේද කියලා.

**තැන ගැන විග්‍රහ කරනවා නම් පොඩි ගෙයක් වගේම පොඩි වත්තක පිහිටලා තියෙන්නෙ.

හ්ම්ම්… තව මොනවද….?

**තව… තව… හා වහලයේ සැටලයිට් ඇන්ටනාවක් තිබුනා.

මොකක්ද .. මොකක්ද ….? සැටලයිට් ඇන්ටනාවක්..? ඒ කියන්නේ මෙයාලා ටීව් බලන්නේ සැටලයිට් සම්බන්ධතාවයක් ඔස්සේ…? අන්න පොයින්ට් එක… අපි ඉක්මනට යමු ඒ පොට් එකට. පස්සේ කතා කරමු. දැන් යමු.. නියමයි J50 ඉස්සර වෙන්න…

අඩහෝරාවකට පසු පටු මාවත් ඔස්සේ ගොස් එම නවාතැන අසලට අපට ප්‍රවිෂ්ඨ වීමට අප⁣ට හැකිවිය.

මෙිකද ගේ..?

**ඔව් සර්…

හොඳයි ඔයාලා වටපිටාව ගැන විපරමින් ඉන්න. කියමින් මා එම නිවස අසට ගොස් අසල පිහිට් අඹ ගසකට නැග
වහලය වෙත හෙමිහිට සේන්දු වුනෙමි. පසුව සැටලයිට් ඇන්ටනාව අසලට ගොස්,
තම කුඩා පිහියෙන් එම ඇන්ටනාවට සම්බන්ධ කර ඇති වයරය සූක්ෂම ලෙස කපා , නැවත පිටින් පමණක් ඒකාබද්ද කර , ඉතාමත් සෙමින් ගස හරහා බිමට බැස ආවෙමි. හරි අපි යමු… අපි ගිහින් පැය හතරකට පස්සේ . ඒ කියන්නේ උදේ අටයි තිහට විතර නැවත හමුවෙලා කතා කරමු. එතකම් අපි අපේ තැන විවෙික ගමු…


නියමිත කාලයෙන් පසු…

හරි… අපිට ඊයේ රෑ ගමන ප්‍රයෝජනවත් වුනා කියලා මම හිතනවා…

**සර් ඇත්තටම මොකක්ද ඒ අපි කරේ…?

පෙලඹවීම් ප්‍රයෝගයක්.. දැන් මෙහෙම හිතමු.. මම ගිහින් ඒ වයර් එක මතුපිටින්
නොපෙනෙන විදිහට කපලා දාලා ආවා.
සාමාන්‍යයෙන් නයිට් එකට එලියට යන ඔීනම කෙනෙක් දහවල් කාලයේ රැ⁣ඳෙනවා තමන්ගෙ නවාතැන තුල.
එතකොට අනිවාර්යයෙන්ම රූපවාහිනීය දාලා බලනවාමයි. අඩුම තරමෙ ප්‍රවෘත්ති හරි බලන්න වුවමනාවට. නමුත් එහෙම කරා කියලා අද දවසේ එයාලට මොකුත් කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද
ඇන්ටනා වයර් එක ඇතුලතින් කැඩිලා හන්දා කිසිම සම්බන්ධතාවයක් නැහැ ජාලය එක්ක. එතකොට ඔය කාන්තාව කරන්නේ පාරිභෝගික සේවාවට කතා කරලා කියනවා තමන්ගෙ රූපවාහිනී සම්බන්ධතාවයේ මොකක්හරි දෝෂයක් තියනවා කියලා. එතකොට ඒක නිවැරදි කරන්න ඒ අදාල ආයතනයෙන් එනවා. කාර්මික මහත්වරු දෙන්නෙක්. ඒ දෙන්නා තමයි කසුන් හා මම…

**ඒ කියන්නේ ඔය දෙන්නා කාර්මිකයින් විදිහට ගේ ඇතුලට ගිහින් අවශ්‍ය දේවල් ටික කරගන්නවා…

ඔව්…

*එතකොට සර්… අපි ගිහින් ඒ වැඩෙි කරලා ආපසු ආපුහම. සැබෑ දෙන්නා එතනට ගියාම වැඩෙි අවුල් වෙනවනෙ.

හොඳ ප්‍රශ්නයක්.. මම කිව්වනෙ. යමක් සැළසුම් කරනකොට හැම පැත්තක් ගැනම හිතන්න වෙනවා කියලා. අපි එතනට ගිහින් කරන්නේ ඔය සසමාජශාලාවට අයත් සාමාජික හැඳුනුම්පතේ ඡායාරූපයක් ගන්න එක විතරයි. වෙන මොකුත් කරන්නේ නැහැ.
එතකොට දෙවන කණ්ඩායම ආවත් , එයාලා ඇවිත් වැඩෙි නිවැරදි කරලා නම්.
එතන ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය වගේ තැනකට පණිවිඩය දෙපිරිසකට යන්න තියෙන සම්භාවිත වැඩියි. මොකද එහෙම වෙලා තියනවා. අනික ගෙදර කෙනාට හානියක් , හොරකමක් වගේ මොකුත්ම කරලත් නැත්නම්, අදාල දෝෂය විතරක් ම නිවැරදි කරලා නම් ආයේ එතනින් එහාට මොකුත් නැහැ නෙ.

හරි එහෙම සැක කරාම කියමුකො. මොනවටද සැක හිතන්නේ. කිසිම අකටයුත්තක් එතන වෙලා නැහැ නෙ.
ඒ හන්දා සැකය පහවෙලා යනවා. ඒ හන්දා ඒගැන අපි හිතන්න ඔීන නැහැ.
අපිට පුළුවන් මෙික මීට වඩා දරුණු විදිහට කරන්න. එහෙම ගියොත් සේරම ප්ලෑන් ටික උන්ගෙ කණට යනවා. එතකොට උන් අනිවාර්යයෙන්ම හොයලා බලනවා. උන්ගෙ අයිඩී එකක් වෙන කෙනෙකුට මොකටද කියලා. එතකොට උන් පැහැදිලිව දන්නවා අනවසර ඇතුල්වීමක් කියලා. ඒ හන්දා යාප්පුවෙන් ගේම ගහලා
තමයි සේප්පුව ගාවට යන්න ඔීන. එතකොට ජනිත් මහත්තයා ටෙක්ස්ටයිල්ස් එකට ගිහින් ටග් ගාලා නිල්පාට ටීෂර්ට් දෙකක මුද්‍රණය කරන්න ඔීන `` See TV ´´ කියලා. මොකද ඒක ඇඳගෙන ආයුධ කට්ටලයත් අරගෙන තමයි අපි යන්න ඔීන. මම එන ගමන් ඒ පාරයි, නිවාස අංකයයි මතක තියාගෙන ආවෙ. රඟපෑමට එය ප්‍රමාණවත්.

**හරි සර්…. ඒක සුළු දෙයක්. මම ටග්ගාලා කරලා දෙන්නම්.

*එතකොට සර්…. අපිට තවම කිව්වෙ නැහැ. සර්ගෙ කතාව…

ඒක ටිකක් අමුතු කතාවක්.. ඔය දෙන්නා වගේ නෙමෙයි. මම හඹාගිය කාන්තාව
හොඳ සිහියෙන් හිටියෙ . ඒ හන්දා විටෙන්විට හතර වටෙිටම තමන්ගෙ ඇස්දෙක යෙදෙව්වා. ඉතින් කොහොමහරි මමත් තැනටම කිට්ටු කරා. අවසානයේ ඒකි පැනපු ගමන් මගෙ බෙල්ලට පිහියක් තියලා ප්‍රශ්න කරා. එයා පිහිය මගෙ බෙල්ලට තියපු විදිහට මම දැනගත්තා කිසිම පලපුරුද්දක් හෝ ස්වං පුහුණුවක් නැති කෙනෙක් කියලා. ඉතින් මම උත්තර නොදී හිටියා අවසානයේ අපි ගියා එයාගෙම නවාතැනට..

**ඉතින් ඉතින්…

ඉතින් කියන්නේ මම ඒ ගේ ඇතුලට ගිහින් වෙන මොකුත් කරේ නැහැ (සිනාසෙමින් ) ගිය ගමන් දොර වහගෙන
මට වාඩිවෙන්න කිව්වා… ඊට පස්සේ ඉතින් කතාබහක් ඇතිවුනා. එයාගෙ
වැදගත් කියන්න පුළුවන් හංගගෙන හිටපු දෙයක් මම ඉදිරියේ ගැලෙව්වා..

**අම්මපා සර්… ඒ මොකක්ද …?

නියෝජිත ජනිත්… මෙික නිකං රසබර කතාවක් නෙමෙි ඉඳගන්න. අපි අනග රැගුම් පෑවෙ නැහැ.

*අයියෝ ජනිත් මහත්තයා..

ඇත්තටම ගැලෙව්වෙ වෙන මොකුත් නෙමෙි. එයාගෙ ටින්ට් කරපු බොරු කොණ්ඩය..

**හා…. ඒක මිසක්

**සර් කියන්නේ එයා ඔත්තුකාරියක් කියලද….?

ඔව් …. අරමුණ මොකක් නමුත් අවස්ථානුකූලව මොකක්දෝ නාටකයක් ඇතුලෙ රඟපානවා කියලා පැහැදිලියි .
හැබැයි මට කිව්වෙ වෙනස් මාදිලියේ කතාවක්.. එයා මීට අවුරුදු දෙකකට පමණ කලින් තම රාජකාරි පිස්තෝලයෙන් ඔලුවට වෙඩි තියාගෙන සියදිවි නසාගත් ඉන්ස්පෙක්ටර් ජාලිය මුතුගලගෙ බිරිඳ වන දිව්‍යා සමරසිංහ
කියලා. එයාවත් දහඅට වංගුවෙිදී වාහනය හෙල පහලට දාලා මරන්න උත්සාහ කරා කියලා තමයි මට කිව්වෙ. ජනිත් මහත්තයා අපි මෙි නම් දෙක. අපේ ජාලයට දාලා ඇත්තක්ද කියලා බලන්න ඔීන.

**හරි සර්…. මම අපේ හැකර්ට කියන්නම්. අපි යමුකො ටෙක්ස්ටයිල්ස් එකට….

ඉතින් එයාගෙ හස්බන්ඩ් මරලා තියෙන්නෙ ටයිගර්ස්ලා කියලා තමයි එයා කියන්නේ. ඉතින් ඒ මරණයට සම්බන්ධ අය හොයාගන්න තමයි වෙස්වලාගෙන සමාජශාලාවලට රිංගන්නේ.. ඉතින් මම එයාව කැමති කරවා ගත්තා අනියම් ක්ෂේත්‍ර ඔත්තුකාරියක් විදිහට මට සේවය සපයාගන්න…

*ෂාහ්හ්හ්හ් නියමයි නෙ…..

ඔයාලා දන්නවද… මම ඉස්සරහ එයා තමන්ගෙ බොරු කොණ්ඩයයයි , ව්‍යාජ ලොකු කරාඹු දෙකයි. තොල්වල තිබුන සායම් ටිකයි අයින් කරපුවාම කාගේ මූණද ඉස්මතු වුනේ කියලා..

**කවුද සර්…..

කිව්වට විශ්වාස කරන්න. ඒ තමයි සේපාලිකා…

*මොකක් …..

වාඩිවෙන්න කසුන් මහත්තයා…
ඔව් ඒ තමයි සේපාලිකා.. ඉතින් අපි අපේ සත්‍ය කතාව මම දිගහැරියෙ නැහැ. අඩුම තරමෙ පස්සෙන් ආවෙ මොකටද කියලවත් මම කිව්වෙ නැහැ. මොකද මෙි ක්ෂෙත්‍රයේදී ගැහැණුන් ගැන කිසිම විශ්වාසයක් තියාගන්න අපිට බැහැ.
මම සොත්ති උපාලිගෙ අයියා සමන්ත කියලා විතරයි කිව්වෙ. එතනදී ගැටළුකාරි තත්වයන් කීපයක් තියෙන හන්දා වචන පිට කිරීමෙිදි මම හුඟක් පරිස්සමෙන් කටයුතු කරා. ඒක තමයි ඔය මියගිය පොලිස් නිලධාරියාගෙ සියළුම විස්තර අපි සසන්දනය කරලා බලන්න වෙනවා. දිව්‍යා සමරසිංහගෙ මූණයි , සේපාලිකාගෙ පෙනුමයි එකයි නම් , උපි ඊලඟට එයාගෙයි මෙයාගෙයි උස වගේම තව මූලික කරුණු කීපයක් ගැන සංසන්දනාත්මකව බලන්න වෙනවා.
ඊට පස්සේ නිගමනයකට ආවත් අපි කවමදාකවත් විශ්වාස නොකර වැඩටික නරගෙන යන්න ඔීන. මොකද මෙික ඇන්ටනීගේ හෝ එස්අයි රවින්ද්‍රගේ මායා දැලක් වෙන්නත් බැරි නැහැ.

**එතකොට සේපාලිකා සර්ව ඇඳිරුවෙ නැද්ද….?

නෑ කවදාවත්ම තේනුවර චරිතය මෙයාට අඳුරගන්න ලැබෙන්නේ නැහැ. අපි හොයලා බලමු මෙිගැන ඊට පස්සේ ක්ලබ් එකේ ඇතුලෙ වෙන දේවලුත් අපිට මෙයාගෙන් දැනගන්නට පුළුවන් වෙයි.
දැලි පිහියෙන් කිරි කන්න සිද්ධ වෙනවා නම් , අපි ඒකෙන් හරි කමක් නැහැ කිරි කමු.


මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now