⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
24 වන දිගහැරුම
( ප්‍රෝඩාව )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අපි බලමු සර්. පුළුවන් තරම් මෙි ප්‍රශ්නය යාප්පුවෙන් විසඳන්න.

ඔව් ගැමුණු. මමත් ඒක තමයි කියන්නේ.
මෙිකෙ අගමුල හොයාගෙන යාප්පුවෙන්
විසඳලා දාන්න තමයි හදන්නෙ. එහෙම බැරි වුනොත් මාධවගෙ ප්‍රචන්ඩත්වය ඉස්මතු වෙයි. එතකොට හැමෝටම අමාරු වෙයි.

මෙතැන්සිට ………

ජෝෂප් විතරක් නෙමෙයි ජගත් පවා මගෙ සැකකරුවන්. හොඳයි.. අපි ආපසු යමු. හෙට ඉඳලා වැඩ⁣ නෙ. අනිද්දා රෑ කෑමෙන් පස්සේ ඔයා සයිමන් අංකල්ගෙ කෑම එකට නිදි පෙත්තක් දාන්න. අපිට මෑන්ව මුළු රෑම අපි ඩවුන් කරලා තියාගන්න ඕන.

*ඒ මොකද.. ?

ඇයි අමතකද .. ? අපි අනිද්දා රෑ සිප්පියා කන්දට යන්න ඕන. කවුද ඔය කියන අදිසි චරිතය කියලා හොයලා බලන්න. මොකද කැරොලින් මැඩම්ට ඔය නින්දෙන් ඇවිදින ලෙඩේ හැදෙන්නේ පෝයට කලින් දවසෙ කියනව නෙ.

*ඒ කියන්නේ මෑන්ව අල්ලගන්නවද

නෑ කොහොමටත් නෑ..අපි දැන්ම කවුරුවත් ම අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. අපිට ඕන කවුද මෙි මෑන් කියලා හොයාගන්න එක. මුහුණ බලාගත්තා නම් ඇති. මොකද කැරොලින් මැඩම් හීනෙන් ඇවිදිනවා කියලා කරන්නේ සම්පූර්ණයෙන්ම ම මවාපෑමක් විතරයි. එයාට එහෙම ලෙඩක් නැහැ. එහෙම තිබ්බා නම් කලිනුත් එයාට තියෙන්න එපැයි. නමුත් මම දන්නා තරමට ඒක තනිකරම ප්‍රෝඩාවක්.
එහෙම ලෙඩක් ඉඳලා හිටලා හරි තිබුනා කියමුකො. ඒකට එයාට තිබ්බනෙ ඒකට ප්‍රතිකර්ම⁣යක් ගන්න. එයා දන්නවා නම් එයා මාසෙ ඇවිදින දවස්ටික ,ඇයි එයාට බැරිවුනේ ඒ දවස්වලට කාමරයේ දොරකඩ තෙත ගෝනියක් එලාගන්න එහෙම දෙයක් කලානම් ඇත්තටම එයාට එහෙම ලෙඩක් තියනවා නම් දොරකඩෙි තියෙන තෙත ගෝනිය පෑගිලා ඇහැරෙන්න තිබ්බා නෙ. නමුත් එහෙම දෙයකට මෙි මැඩම් වත් මෙහෙකාර ජෝෂප් වත් , වලව්වේ උයන මෙහෙකාරි වත් උනන්දු වුනේ නැත්තෙ ඇයි
කියන ප්‍රශ්නය මතුවෙනවා.

*තනිකරම ප්‍රෝඩාව තමයි තියෙන්නෙ.

ඔව් ගැමුණු. නමුත් ඔය හීනෙන් ඇවිදින නාටකටය රඟපාන්නේ ඇයි කියලා අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන. ෂෙල්ටන් , නොයෙල් පීරිස් ලා එලොව යැව්වා වගේ තව කෙනෙක්ව එලොව යවන්න මෙයාලා ඔය කරන්නේ මගේ දැක්මෙ හැටියට පෙරහුරුවක්.

*පෙරහුරුවක් .. ?

ඔව් යාළුවා .. පෙරහුරුවක්. ඒක නිකං විකාරයක් වගේ මතුපිට බලන කෙනෙකුට පෙනුනට ඇත්තටම ඒක අමුතු ගනයේ පෙරහුරුවක්. ඒක මම මෙමෙන්න මේ විදිහට උපකල්පනය කරන්නම්. කැරොලින් මැඩම්ට උපන්දා ඉඳලා මෙි හීනෙන් ඇවිදින ලෙඩෙි තිබිලා නැහැ. නමුත් මිස්ටර් මාවන් නැතිවෙලා මාස කීපයකට පස්සේ. තමයි ඔය නින්දෙන් ඇවිදීම කරන්නේ. ඒකත් මාසයකට වතාවක් හෝ දෙපාරක්. ඉතින් ඒක මම බොහොම චාටු බස් කතා කරන ගමන් ඇහැව්වාම කිව්වෙ මිස්ටර් මාවන් නැතිවුනාට පස්සේ හිතේ හටගත්ත දුකට මනස ප්‍රතික්‍රියා දැක්වීමක් විදිහට ඔය පුරුද්ද හටගෙන කියලා මානසික එයාට වෛද්‍යවරයෙක් කිව්වා කිව්වලු. මානසික
වෛද්‍යවරයක් කිව්වා හෝ නැතා. හේතුවක්
වගේම ඒ හේතුවට සාධාරණ හේතුවක්
නිර්මාණය කරලා තියනවා කියලා අපිට දැන් පැහැදිලියි.

*හරි නාටක තමයි නේද තියෙන්නෙ බලාගෙන ගියාම.

ඔව් යාළුවා.. මෙි සේරම නාටක තමයි අපේ ඇස් රවට්ටන්නෙ. අපි නිතරම මෙි නාටක යටින් තියෙන යථාර්ථය අවබෝධ කරගන්න ඕන. හරි.. ඔන්න දැන් අපි ආවා. මාතෘකාව වෙනස් කරමු. මම ඔය කියපු දේවල් මතක තියාගන්න. මොකද හැමවෙලේම හමුවෙලා අපි⁣ට සාකච්ඡා කරන්න බැරිවෙනවා නෙ.

*ඔවි සර් ඒක ඇත්ත …

එහෙනම් අපි විසිර යමු. සැළසුම් ටික ඒ විදිහටම ක්‍රියාත්මක කරමු. ටටා බායි.

කසුන් දිගටම ගමන්ගත් අතර මා නැවතී නේවාසිකාගාරයේ දොරගුළු ඇර ඇතුලට ගියෙමි. අඩහෝරාවක් ගෙවා දිය නෑමෙන් පසු. සුපුරුදු පරිදි තේ එකක්ද අතැතිව ආලින්දයට විත් වාඩි වුනෙමි. හ්ම්ම් මාධව දැන් මොකද කරන්නේ හැම සැළසුමක්ම ක්‍රියාත්මක වෙමින් පවතී. ප්‍රතිඵල එනතුරු ඉවසාගෙන සිටිය යුතුය. නමුත් ඒවනතුරු කාලය නාස්ති කිරීම සුදුසු නැත. හෙතෙම දුරකථන දෙස බලනවිටම එය නාද විය.

හෙලෝ…

දු.ක - ආයුබෝවන් සර්.

ආයුබෝවන් සුපුන් මහත්තයා.

දු.ක - සර්.. කවුද ඒ කෑල්ල. සිරාවටම පට්ට ලස්සනයි.

සුපුන් මහත්තයා මොකද එකපාරටම වුනේ.

දු.ක - කවුද සර් ඇත්තටම. සර් මෙහෙන්
පරස්තාවක් වක් කරගන්නද හදන්නේ.

නෑ නෑ එහෙම කියන්න එපා. ඒ කැරොලින් මැඩම්. සැමුවෙල් වතු අයිතිකාරයගෙ වයිෆ්. ඒ කියන්නේ මගෙ බොස් ගෙ වයිෆ්.

දු.ක - ටහුඩු එහෙමද.. ? ඒත් මම බැලුවා
සර් මොකද දෙපාරක් එලවළු මාළු අදින්නෙ කියලා.

හ්ම්ම්… ඒක කමයි. මැඩම්ට ගන්න බඩු ටිකක් තිබ්බා. ඒක ගන්න ආවා. හරි.. ඒකෙන් වැඩක් නැහැ. ඉතින් කියන්න බලන්න අද දවස කොහොමද ගෙවුනෙ කියලා. මම දැක්කා මාකට් එකේ ඉන්නවා.

දු.ක - ඔව් සර්.. මෑන් මාළුටික විකුණලා ඉවර වෙනකම් අපි මාකට් එකේ හිටියා. ඊට පස්සේ මෑන්ගෙ පස්සෙන් මාරුවෙන් මාරුවට ගියා. අවසානයේ නතර වුනේ
ගලගෙදර.

හ්ම්ම්… ඉතින්

දු.ක - ගලගෙදර එක තැනකින් හරවලා ගිහින් ගෙදරක නතරවුනා. ඇත්තටම කියනවා නම් ඒ මෑන්ගෙ ගෙදර. පොඩි දුවෙකුත් තාත්තා කියාගෙන එලියට ආවා දොර ඇරගෙන.

හ්ම්ම්… නියමයි. එතකොට මෑන්ගෙ යටි
රැවුල තිබ්බද නැද්ද.. ?

දු.ක - නෑ සර්. ඒක මගදී මෑන් ගලවගෙන
තමයි ගෙදර ගියේ.

නියමයි සුපුන් මහත්තයා නියමයි නියමයි එතකොට අපිට හරියටම තිතට නිගමනය කරන්න පුළුවන් ඔය තෙල්දෙණිය පොට් එකේ රහසිගත විදිහට කවුරුන් නමුත් ඉන්නවා කියලා. එතකොට මෙයාගෙ තැන මෙතන එහෙනම්. රයිට්.. දැන් තමයි ගේම් එක තියෙන්නෙ එතකොට මෑන් මාළු ප්‍රවාහනය කරන්නේ මොකේද… ?

දු.ක - ඒකට ඩිමෝ බට්ටෙක් තියනවා. පල්සර් බයික්එක ගෙදර තියනවා.

රයිට්.. වැඩ කරලා එහෙමෙහෙ යන්නෙ බයික් එකේ. හොඳයි ඊලඟට ඔය දෙන්නා මෙහෙම කරන්න මෑන් හෙටත් වෙන මාක⁣ට් එකකට මාළු අරන් යයි. ඔය දෙන්න මෑන් යනකම් ඉඳලා මොන වේෂයෙන් හරි කමක් නැහැ. ඒ ගෙදර අය සැක නොහිතන විදිහට ගිහින් ඔය බයික් එකට ජීපීඑස් එකක් හයි කරන්න.එතකොට අපිට මෑන්ව මොනිටර් කරගන්න පුපුළුවන් කොහෙද කරක් ගහන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු නේද. මොකද තව කොහෙ යනවද කියලා අපිට දැනගන්නම ඕන. ඊට පස්සේ අපිට පුළුවන් ක්ෂණිකව අත්අඩංගුවට ගන්න.

දු .ක - හොඳයි සර්. වෙනත් යමක්.

හ්ම්ම්… තියනවා. මට මෙි වලව්වේ ඉන්න අයගෙ විශ්වාසය දිනාගන්න ඕන. ඒකට
අපිට පොඩි ප්‍රයෝගයක් කරන්න වෙනවා.
ඇත්තටම මට ඒ අදහස මෙි දැන් තමයි ආවෙ.

දු.ක - මෙි කතා කර කර ඉද්දී… ?

ඔව් …

දු.ක - එහෙමද.. ? පුදුමයක් නෑ. මොළ දෙකක් තියෙන හාදයෙක් නෙ. හරි සර් මොකක්ද මගෙන් වෙන්න ඕන.

හොඳයි තව දවස් තුන හතරකින් විතර රෑ දෙන්නම බයික් එකේ එන්න මෙහාට. මම කියන්නම් හරියටම දවස. එදාට හරියටම රෑ දහයට ඇවිත් සුභාෂ්ව මග තියලා ඔයා කම්බි වැටෙන් වත්තට ඇතුල් වෙන්න. ඊට පස්සේ හෙන්ද්‍රික් වලව්ව අවට හොල්මන් කරන්න. මම අදහස් කරේ හොරෙක් වාගෙ එහෙ මෙහෙ සද්ද කරන්න. එතන ඉන්නවා ජෝෂප් කියලා වයසක මාමා කෙනෙක් එයාව මගහරින්න. ඒ වගේම ටිකක් ලොකු බල්ලෙක් ඉන්නවා. උගෙන් ඔයා පරිස්සම් වෙන්න ඕන. සලකුණු තියන්න එපා. ඔයා හරියට මගෙ පිටපතට වැඩ කරොත් ඔය වලව්වේ කවුරුහරි මට කතා කරලා උදව්
ඉල්ලන්න ඕන. එතකොට මම එනවා. ඇවිත් මම ඔයාව අල්ලගන්නවා. අපි දෙන්නා අතර පොඩි ෆයිට් එකක් යනවා. කොහොමහරි ඔයා මගෙන් බේරිලා දුවගෙන එනකොට බයික් එක ස්ටාට් කරගෙන සුභාෂ් ලෑස්තිපිට ඉන්නවා. ඊ⁣ට
පස්සේ ඔය දෙන්නා නැගලා පලා යනවා එච්චරයි. රංගනය තාත්වික කරන්න මගෙ නහයට හොඳ තදබල ෂොට් දෙකක් විතර ඔයා අනිවාර්යයෙන්ම ගහන්න ඕන. මගෙ තොල් පුපුරලා ලේ එන්නම ෂොට් ටික තදබල වෙන්න ඕන තේරුනාද.. ?

දු.ක - හරි සර් දෙන්නම් මම දොඹෙන් යන්න. සර් මට කියන්නකො කවද්ද කියලා එහෙනම් මම තියන්නද .. ?

හොඳයි ජයවේවා.

දු .ක - ජයවේවා සර්.

සුපුන් …

දු.ක - සර්…

නියම වැඩක්..

දු.ක - තෑන්ක් යූ සර්…

ඇමතුම විසන්ධි කල මා රාත්‍රි ආහාරයෙන් පසු විවේක ගත්තෙමි.

පසුදින….

කිසිදු හැලහොල්මනක් නැතුව ගෙවෙන දවසකි. කෙටි නිවාඩුවෙන් පසු ජගත් මහතා ද සුපුරුදු පරිදි කාර්යාලයට ඇවිත් සිටියා. කොහොම නමුත් හැම දෙකින්ම ප්‍රතිඵල එනතුරු බලාසිටීමට තරම් ඉවසිල්ලෙන් සිටීම මා කල යුතුය. දහවලෙන් පසු මහනුවර නගරයට මා ගියෙමි. කැරොලින් මහත්මිය කියූ පරිදිම ඇය විසින් සියළුම දෙනාගෙ මාසික වැටුප බැංකු ගතකර තිබුනි. රුපියල් ලක්ෂයක
මුදලක් මගෙ අළුත් ගිණුමට බැරව තිබුනි.
ගිණුමෙන් මුදලක් ලබාගත් මා පලමුව
ඇයට රෝස පැහැති සාරියක් හා එයට අවැසි සියළු දේ මිළදී ගත්තෙමි. වැඩිපුර කාලයක් වැය නොකොට නැවත මා ගෝනහෙල බලා ආවෙමි. රැගෙන ආ දේවල් වාහනය තුල දමා කාර්යාලයට ගොස් වැඩ කටයුතු ද හමාර කල පසු නේවාසිකාගාරයට ගියෙමි. දුරකථනය අතට ගෙන කැරොලින් මහත්මියට ඇමතුමක් ගත්තෙමි.

දු.ක - හා… මහත්තයා. මාව මතක්වෙලා තියෙන්නෙ.

හ්ම්ම්… හෙට ඔයාට කොහෙවත් යන්න තියනවද.. ?

දු.ක - එහෙම විශේෂ ගමනක් නැහැ. ඇයි
මහත්තයා.

මට ඔයාව තනියම හමුවෙන්න ඕන.

දු.ක - පුදුමයක් ඒකනම්. ඔය ඇත්තමද .. ?

ඔව් කැරොලිනා.

දු.ක - ඒ මොකද හදිසියේම. මාව අරගෙන පැනලා වත් යන්නද… ?

ඒ මොකටද… ? පැනලා යන්නෙ ගෙම්බො හාවො වගේ සත්තුනෙ.

දු.ක - ඔව් ඉතින් එහෙම එකෙක් මාව අරගෙන ගියොත් තමයි.

ඉතින් එහෙම හාවෙක් හොයා ගන්නකො
මැඩම්.

දු.ක - එහෙම හාවෙක් ඉන්නවා කෙවින් කියලා. වැඩෙි කියන්නේ ඒ හාවා පැනලා යන්න දන්නෙ නැහැ නෙ.

විහිළු නෙමෙි. හෙට අපි දෙන්නා ටික වෙලාවකට එලියට යමු.

දු.ක - හරි මහත්තයෝ මම එන්නම්. පොත්
ටිකක් තියනවා බාරදෙන්න. ඒ මුවාවෙන්
මම එන්නම්. ඔයා එන්න කියනවා නම් මම
අපායට වුනත් එනවා රත්තරන්.

හ්ම්ම්… හරි.. මම තියන්නම්. පරිස්සමෙන් ඉන්න එහෙනම්.

දු.ක - හරි. ඔයත් පරිස්සමෙන් ඉන්න මහත්තයා.

ව්‍යායාම ඇඳුමින් සැරසී මා දොර වසාගෙන එලියට එනවිට කසුන්ද ශාරීරික ඇඳුමට
සමාන ඇඳුමකින් මා හමුවන්නට විය.

හා.. ගැමුණු මල්ලි කොහෙද මෙි.

*මමත් ආවා සර්…

මොකක් … සයිමන් අංකල් කැමතිද ගෝලයා මෙහෙම එනවට.

*සයිමන් අංකල් තමයි කිව්වෙ. සර්ගෙ මුරට යන්න කියලා. “මහත්තයාව පරිස්සම් කරපං කොළුවො” කියලත් කිව්වා.

අම්මපා … ?

*අම්මපා සර්…

ෂාහ් නියමයි නෙ. හ්ම්ම්… යමු යමු. අද යමු පාර සිගේ පහලට. මද දුරක් ගෙවා යනතුරු අපි දෙදෙනා අතර කිසිම අකාරයක වචනයක් හුවමාරු නොවීය.

ඉතින් ගැමුණු. අද මට පඩිනෙ.

*හා එහෙමද සර්. ඉතින් ගන්න ගියා නේද
මම දැක්කා දවල් යනවා.

ඔව් මම මහනුවරට ගියා ගිහින් ලස්සන සාරියක් ගත්තා කැරොලින් මැඩම්ට.

*හෑහ් මැඩම්ට…

ඔව් ගැමුණු.මට ඕන පුළුවන් තරම් හොඳට රඟපාන්න. චරිතය මොකක් වුනත් මට මෙි වෙලාවෙ රඟපාන්න වෙනවා. පුළුවන් තරම් විශ්වාසය දිනාගන්න වෙනවා. ඒ හන්දා මම මෙතෙක් නොකල දේවල් මෙි මිෂන් එකේ කරන්න වෙනවා.

*සර් උත්සාහ කරන්නේ මොනවාහරි අපිට
ප්‍රයෝජනවත් දෙයක් මැඩම්ගෙ කටින් එලියට ගන්න නේද .. ?

ඔව් ගැමුණු. ඒකට තමයි මම දවස් ගාණක්
තිස්සේ උත්සාහ කරන්නේ.

*මම අහන්නද ප්‍රශ්නයක් සර්ගෙන්.

අහන්න ගැමුණු. ඕනම දෙයක් අහන්න.

*ඇත්තටම සර්ගෙ හිතේ මැඩම් ගැන මොනවගේ අදහසක් ද තියෙන්නෙ.

යලි හමුවෙමු….


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now