නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 21
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
21 වන දිගහැරුම
( රහස් සංඛ්‍යාත )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හරි සර්.
නියමයි…. අපි බලමු මෑන් තෙල්දෙණියෙ මොකද කරන්නේ කියලා. ඒ වගේම මෑන්ගෙ ඇත්ත වාසස්ථානය කොහෙද කියලා.
මෙතැන්සිට ………
හොඳයි අපි දැන් යමු.
මහනුවර නගරය පසුකර කෙමෙන් කෙමෙන් ගෝනහෙල හංදියට සේන්දු වෙත්ම නැවත වාහනයට සවිකර ඇති කුඩා ට්‍රාන්ස්මීටරයේ බලසැපයුම් වයරය ගැට ගසන්නට අමතක නොකෙරුවෙමි. කතාබහද සීමා කෙරුවෙමු. දිවා ආහාරයට පෙර සියළු වැඩකටයුතු කරගැනීමට හැකි වීම හේතුවත් මුරකරු සයිමන්ට අප ගැන සැක හිතෙන්නට නැති බැව් මට සහතික වන්නට පුළුවන්. ගෙනා බඩුබාහිරාදිය සයිමන් , ගැමුණු සහයෝගයෙන් රැගෙන ගිය පසු මාද මෝටර් රථය නවාතැනට
රැගෙන ආපසු එහි ගුවන් විදුලි යන්ත්‍රය
ක්‍රියාත්මක කර පසුව නවාතැනේ ඉදිරි දොර විවෘතකර ආලින්දයට විත් පුටු සැටියට වී මද වෙලාවක් ගිමන් හැරීමෙන් පසු රැගෙන ආ ඉටි බෑගයෙන් රේඩියෝ වර්ග දෙක මෙිසය මත තබා, පලමුව කෙටි තරංග රේඩියෝවට බැටරි දෙක දමා ක්‍රියාත්මක කෙරුවෙමි. හෙමින් සීරුවෙ ටියුනරය කරකවා බැලුවෙමි. නමුත් එයින් සාමාන්‍ය ඝෝෂාව පමණක් ඇසුනි. පසුව එය පසෙක දමා, මධ්‍යම තරංග රේඩියෝවද බැටරි දමා ක්‍රියාත්මක කර ටියුනරය කරකවා සුසර
කරනවිට එක් තැනකදී මෝටර් රථයේ එෆ්එම් රේඩියෝ හඬ ඇසෙන්නට විය.
හ්ම්ම්… එහෙනම් මෑන් මධ්‍යම තරංග සංඛ්‍යාතය තමයි වැඩෙිට තෝරගෙන තියෙන්නෙ. හොඳයි .. බොහොම හොඳයි. පසුව නැවත වාහනය වෙත ගොස් දොර ඇර ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත කර
නැවත ආවෙමි. එතකොට ඇයි මෙි මෝටර් රථයට පමණක් මෙි ට්‍රාන්ස්මීටරයක් හයි කරේ. නොයෙල් මරලදාලා ඉවරයි මාධව. එතකොට ඇයි මෙික ගැලෙව්වෙ නැත්තේ. එහෙනම් තව කීප තැනක මෙවැනි රහස් සංඥා උපකරණ අනිවාර්යයෙන්ම සවිකර තිබිය යුතුමයි. අඩුම තරමෙ තව තුනක් වත්. නේවාසිකාගාරය තුල නොමැති බවට මට සහතික වශයෙන්ම කියන්න පුළුවන්. මොකද මෙික වසර තුන හතරක් පාවිච්චි නොකල හෙයින්. එතකොට තව ඔවුන්ට අත්‍යාවශ්‍ය තැන් මොනවගේ තැන් වෙන්න ඇද්ද …?
සමහරවිට කාර්යාලයෙ තැනක තියෙන්න පුළුවන්. තවත් තැන් කීපයක අටවලා ඇති.
දිවා ආහාර අරගෙන ආවෙ සයිමන්ය.
ගැමුණු හැමතිස්සෙම එනඑක නුවණට හුරු නැති බැවින් ඔහු ඒම පිලිබඳව මා දරන්නේ නිදහස් ආකල්පයකි. දිවා ආහාරයෙන් අනතුරුව විවේකීව සිටිනවිට දුරකථන ඇමතූමක් ආවෙ කැරොලින් මහත්මියගෙනි.
හෙලෝ….
දු.ක - හෙලෝ තමයි. අපි ඉන්නවද , මළාද
කියලවත් නිකමට කතා කරලා බලන්නෙ නැහැ දැන්.
ඔයා මැරිලා නැහැ නෙ. ඒකනෙ ඔය යස අගේට කතා කරන්නේ.
දු.ක - හරි නරකයි ඔයා. මට ඔයත් එකක් රවුමක් යන්න ඕන. ඔන්න බැහැ කියන්න නම් ඔට්ටු නැහැ.
රවුමක්… යන්න පුළුවන් එකක් නම් යමු ඉතින්.
දු.ක - ඔයා කාලද ඉන්නෙ දවල්ට.
ඔව්.. දැන් පැය භාගයක් විතර ඇති. එතකොට ඔයා.
දු.ක - මමත් කෑවා… එහෙනම් මම එන්නද දැන්.
කොහෙද යන්න ඕන.
දු.ක - නුවර ටවුන් එකට. හපෝ ඔයා හරියට රූම් එකකට එක්කගෙන යයි වගේ නෙ අහන්නෙ.
නෑ ඉතින් ඔයා අහන විදිහට එහෙම හිතෙනවා මට.
දු.ක - මට ඒකට රූම් ගාණෙ යන්න ඕනයැ. හැබැයි ඉතින් ඔයා කැමතිනම් මමත් කැමතියි.
ඇත්තද…. ? මම කැමතියි.
දු.ක - රූම් යන්න.. ?
අයියෝ නෑ. නුවර යන්න.
දු.ක - නුවර ගිහින් රූම් එකකටත් ගිහින් එමුද… ?
නුවර යමු. රූම් යන්න බෑ. ඉතින් මොකටද
නුවර යන්නේ ඔයා.
දු.ක - රූම් එකකට යන්න බැරිනම් ඉතින් නුවර ගිහින් වැඩක් නැහැ නෙ.
අනේ… විහිළු නැතුව කියන්න නුවර කොහෙද.. ?
දු.ක - මාකට් එකට. ජෝෂප් අංකල්ට යන්න විදිහක් නැහැ. ඒකයි මම යන්නේ.
මොකක්ද.. ? ඔය වයසට ජෝෂප් අංකලුත් රූම් යනවද.. ?
දු.ක - නෑ අනේ.. ඔයාට හැමදේම විහිළු නෙ ඉතින්. මම කියන සීරීයස් එව්වත් විහිළු.
ඔයාගෙ සීරීයස් එව්වා මොනවද මම විහිළුවට ගත්තේ … ?
දු.ක - මගෙ හැම කතාවක්ම තමයි. දැන් නම් ඉතින් රූම් කථාව තමයි.
මොකක්ද … ? මට අඅහුනෙ නැහැ.
දු.ක - මොකුත් නැහැ. මම එන්නද.. ?
එන්න ඉතින්. මම කාර්එකෙ ඉන්නෙ ඔයා එනකම්.
දු.ක - රූම් යන්න..
අයියෝ නෑ.. මාකට් යන්න.
දු.ක - එහෙමද … ? මම හිතුවෙ රූම් යන්න කියලා.
හරි හරි නෝනා. ඔයා කැමති දිහාවක යමුකො. මම එන්නද වලව්වට.
දු.ක - එපා මහත්තයෝ මම එන්නම් ඔතනට.
හා.. එන්න එහෙනම්. මම ඉන්නවා මෙතන.
දු.ක - හ්ම්ම්…
ඇමතුම විසන්ධි විය.
මද වෙිලාවකට පසු. රතු පැහැති දිග ගවුමක් ඇඳගෙන සිනහමුසු මුහුනින් යුතුව මෝටර් රථයට ගොඩවිය.
*ඔන්න මම ආවා…
තනිකරම රතුපාට එකක් ඇඳගෙන.
*ඔව් ඇයි.. ? මම ලස්සන නැද්ද… ?
නෑ ඔයා ලස්සනයි. එහෙම නෙමෙි ඉතින්
*ඇයි ඔයා රතු පාටට කැමති නැද්ද… ? ඉන්න මම වෙන එකක් ඇඳගෙන එන්නම්.
පිස්සුද ඔයාට.. නෑ මම නිකමට එහෙම කිව්වෙ.
*නෑ නෑ ඔයා හරි. සාමාන්‍යයෙන් රතුපාටට අඳින්නෙ දෙවන දවසෙනෙ නේද.. ?
ඔව් ඉතින්.. කමක් නැහැ මෙි ඉතින් දෙවන දවස යනවා නෙමෙයි නෙ. අපි යන්නේ මාකට් එකට. හොඳයි සීට් බෙල්ට් එක දාගන්න එහෙනම්. මටත් ඉතින් ඕන්නැති මගුලක් නෑ.
*මොකක්ද… ?
මොකුත් නෑ කැරොලිනා. අපි යමු.
*නෑ නෑ මට ඇහුණා. ඔයාට මගෙ මගුල ගැන හොයන්න සම්පූර්ණ අයිතිය මව දීලා තියෙන්නෙ. ඕන නම් කෙවින් ඔයාට මාත් එක්ක මගුල් නටන්න වුනත් පුළුවන්.
අනේ කැරොලිනා අපි දැන් ඔය කතාව නවත්තමු.
*මොකක්ද … ? මගුල් කතාවද … ? නෑ මම කැමතියි ඒකට. ඔයා අකමැති මිසක්. ඔයත් එක්ක විතරයි මම මගුල් නටන්න කැමති. අනික ඒක මට ඕන කතාබහක්.
ඇති ඇති ළමයෝ.. අපි යමු.
*ඔව් දැනට ඇති. මටත් චාන්ස් එකක් එයිනෙ. එදාට මම ඔයාව බලෙන් උස්සගෙන ගිහින් බඳින්නේ..
හා එහෙමද නෝනා.. ඒවා ඉතින් හීනෙන්
තමයි.
*ඔව් මම හීන දකිනවා ඒකට. ඇත්තමයි කෙවින්. මම ආසම හීනේ ඒක තමයි.
හරි හරි අපි දැන් ඕක නවත්තමු.
*හරි ඉතින්. ඔයා කියන හන්දා මම දැනට ඒ
මාතෘකාව නවත්වන්නම්. හැබැයි මගෙ මහත්තයෝ තාවකාලිකව හොඳ ද…. ?
හ්ම්ම්… ඉතින් ඔයාට කොහොමද.. ?
*ඉන්නවා ඉතින් දුකසේ..
දුකසේ… ?
*ඔව් ඉතින්.
ඉතින් තව ටික දවසකින් ඒක තුනීවෙයි.
*ඒ මොකද… ?
ඇයි පැට්‍රික් සර් එයි නේද … ?
*මාස දෙකකින්… හා ඔව් එයා එයි මාස දෙකක් යන්නේ නැහැ මම හිතන්නේ.
ඒ කියන්නේ මැඩම් හරියටම දන්නෙ නැද්ද එන දවස.
*එහෙම නැහැ. එන්න දවස් පහකට විතර කලින් කියනවා.
හ්ම්ම්… එතකොට නියමයි නේද.. ?
*ඒ මොකද … ?
ඇයි ඉතින් මගුල් නටන්න පුළුවන් නෙ.
*මෙි… ඔව්වට එන්න එපා හරිද.. ? මම ඒ මිනිහට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා වංචාවෙන් මාව අයිති කරගත්තට ඊට වඩා
දෙයක් එතන නැහැ. මම ඔයාට ඒ ගැන කියලා තියනවා නෙ කෙවින්.
හරි හරි ළමයෝ… සන්සුන් වෙන්න.. සොරි
සොරි ඉතින්.. ඔන්න ගෝනහෙල හංදිය පහුකරා. අනේ මන්දා ඉතින්.
*ඒ මොකද කෙවින් .. ?
නෑ ඉතින් ඔයාට හරියට තරහා යනවනෙ.
ඔය යන කේන්තියේ හැටියට මිනිහෙක් වුනත් මරන්න බැරි නැහැ.
*ඔව් ඉතින් එව්වා කියන්න බැහැ. මගෙ
සීමාව ඉක්මවා ගියොත් මොනවයින් මොනවා කරයිද මන්දා
අම්මට උඩු. මට බයේ බෑ. ඔයා මාවත් මරයිද දන්නෙ නැහැ ඔය විදිහට.
*අනේ මෙි නිකං ඉන්න. මට ඔයාව මරන්න තරම් ලොකු හේතුවක් නැහැ නෙ.
ඒ කියන්නේ ලොකු හේතුවක් තිබ්බොත්
මරණවද…?
*ඔව්.. ඔව්.. නෑ නෑ එහෙම නෑ.
හ්ම්ම්… ( ඔය පැන්නෙ මැඩම් කටෙන් එලියට ) ඒ වුනාට එහෙම කරන්න හිතන්නවත් එපා.
*අනේ නෑ මට ඒක කියවුනා. අනෙ ඔයා දන්නවනෙ මම එහෙම කෙනෙක් නෙමෙි
කියලා.
හ්ම්ම්… ඔව් ඔව්… දැන් කොහෙද යන්න ඕන. කෙලින්ම මාකට් එකටද .. ?
*ඔව්… එහාට යමු. ඊට පස්සේ රූම්.
රූම්… ඒ මොකටද … ? ගත්ත එව්වා උයන්නද … ?
*ඔව් ඔව් ඒකට තමයි. ඔයානම් මහ සොම්බියෙක්.
මොකෙක් … ?
*සොම්බියෙක්.. කඳ පණ තියනවා. හැඟීම් මැරිලා.
ඔව් මම සොම්බියා. ඔයා මෝල් හිමියා..
*මෝල් හිමියා… ඒ කවුද .. ?
( කාලා වරෙන්කො. මදැයි ඉඟිකරා ) මෝල් හිමියා කියන්නේ ඔය වී හාල් බවට පත්කරන මැෂින්වල අයිතිකාරයට.
*ඒකයි , මමයි අතර මොකක්ද තියෙන සම්බන්ධය.
( අයියෝ මාධව. වෙච්ච දෙයක්. දැන් ඉතින් ඒකත් පැහැදිලි කරපංකො ) නෑ ඉතින් ඔයත් වී වගේ තමයි තැලෙනවා, පොඩිවෙනවා ඉවරයක් නෑ. හැබැයි හාල් වගේ පැහැදිලියි. ඒකයි..
*ඒක මිසක්…
හ්ම්ම්… ( ඇති යාන්තම් ) පලමුවෙන්ම පොදු වෙළෙඳ සංකීර්ණයට ඇතුල් වී ඉඳුරාම ගමන් කලේ මාළු වෙළෙන්දෙක් ලඟටය. ඔහුගෙන් මාළු වර්ග තුනක් පමණ මිළදී ගත්තෙමු. ඒ මාළු වෙළෙන්දා වෙනකෙකු නොව වෙස් වලාගෙන සිටින පල්සර් උපාලිය.
හපෝ… මෙයාද.. ? හොඳයි මෙයාගෙ මාළු අළුත්.
*කෙවින් මෙයාව දන්නවද … ? ( පුදුමයට පත්වෙමින් )
නැතුව නැතුව. අද උදේ මම මෙි අයියගෙන් මාළු අරගෙන ගියානෙ ආයේ මොකුත් නෑ අළුත් බඩු. කපලා සුද්ධ කරලම දුන්නා.
**ඒකනෙ මහත්තයා. මට මතකයි ආවා.
*එතකොට කීයද මුදලාලි … ?
**රුපියල් එක්දහස් පන්සීයක් දෙන්න.
*හරි මෙන්න…
කියමින් මුදල් කැරොලින් මහත්මිය තම පසුම්බියෙන් මුදල් එලියට ගන්නාවිට සුදුපාට කුඩා කඩදාසියක් බිමට වැටුනි. එය දෙක තුනකට නමා තිබූ අතර එහි අංක 10 ලියාඇති බැව් මා ලාවට දුටුවෙමි.
මැඩම්.. පොඩි චිට් එකක් වැටුනා නේද.. ?
*හා ඒක වැඩක් නැහැ.
ඉන්න මම ඇහිඳලා දෙන්නම්.
*මම කිව්වනෙ ඒක වැඩක් නැහැ කියලා.
හර හරි.. තරහා ගන්න එපා ඉතින්. යමු එහෙනම්. මාළු වෙළෙන්දා ගෙන් මාළු මලු
දෙකද රැගෙන ඉවත්ව මද දුරක් ගෙවා යන
විට ඔහු ඒ කඩදාසිය ඇහිඳගත් බැව් අප යන පටුමගේ කොණක නවතා තිබූ යතුරුපැදියක සවිකර ඇති පැති යුගල කණ්නාඩියෙන් මා දුටුවෙමි.
*අනේ සමාවෙන්න මහත්තයෝ.. මට ටිකක් නොසන්සුන්..
ඒක තමයි මමත් බැලුවෙ අද ඔයාට මොකද වෙලා තියෙන්නෙ කියලා. හරියට
තරහා යනවා.
*හරි හරි… අයේ එහෙම වෙන්නෙ නෑ.
හ්ම්ම්… දැන් කොහෙද යන්න ඕන.
*අපි එලවළු ගන්න යමු.
එහෙම නම් මෙි ටික ඩිගියට දාලා යමු. මාළු උස්සගෙන යන්න බැහැනෙ. (අයියෝ
මාධව.. ගෑනුත් එක්ක එළවළු ගේන්නත් යන්න වුනානෙ මට ) වටපිට බලනවිට නියෝජිත ජනිත් මාදෙස උපහාසයට මෙන් බලාසිට අහක බලාගත්තා. පසුව ගෙනා බඩුබාහිරාදිය ඩිගියට දමා , නැවත අනිත් පෙදෙසට ගියෙමු. අඩ හෝරාවකට පසු අවශ්‍ය කරන සියළුම දේවල් මිළදී ගෙන අපි දෙදෙනා එතනින් නික්ම ගියෙමු.
හරි… දැන් කොහෙද… ?
*රූම් එකකට යමු…
මොකක් … ?
*විහිළුවට කිව්වෙ. අම්මෝ මූණ ඉදුණු ජම්බු ගෙඩියක් වගේ රතුවුනා නෙ. හරිනම් මගෙ මූණ නෙ එහෙම වෙන්න ඕන. අපි යමු ගෙදර.
හ්ම්ම්… වෙනත් කිසිවක් මා නොපැවසුවෙි
නැවත රූම් කතාව කියන්නට ඉඩ ඇති නිසාවෙනි. අනේ මන්දා මාධව…
*අනිද්දා පාටියකුත් දාන්න වෙයි නේද… ?
අනිද්දා ඒ මොකද.. මොකක්ද විශේෂත්වය.
*ඇයි ළමයො අනිද්දා ඔයාගෙ ජොබ් එකෙ පලවෙනි පඩියනෙ.
ටහුඩු අනිද්දා මට පඩිද .. ?
*ඔව්… අනිද්දා බැංකු ගිණුමට අපි දානවා.
හ්ම්ම්… ඒකත් එහෙමද… ?
*ඔව්… මට මොනවද දෙන්නෙ… ?
ඔයාට මොනවද ඕන…. ?
*මට ඕන දේ ඔයා මට දෙනවද .. ?
දෙන්න පුළුවන් දෙයක් නම් , දෙන්නම් ඉතින්.
*ප්‍රොමිස්…
එහෙම බැහැ. මම පොරොන්දු වෙන්න දැනගෙන ඉන්න එපැයි.
*මට ඕන ඔයාව… මාසයකට , අවුරුද්දකට
නෙමෙි සදහටම මට ඔයාව ඕන. මම ඔයාට ඇත්තමයි මෙි කියන්නේ.
හරි හරි… අපි බලමු තව කල් තියනවනෙ.
*තව කල්.. ?
ඇයි කැරොලිනා ඔයානෙ එහෙම කතාවක් මට කිව්වෙ.
*හා ඔව්.. මම කිව්වා තමයි.
ඇත්තටම ඇයි තව ටික කාලයක් යනවා කිව්වෙ. ඔයා මට දෙතුන් වතාවක් ඔය වචනය කියලා තියනවා.
*මම මෙිපාර පැට්‍රික් ආපුවාම ඩිවෝස් වෙනවා. ඊට පස්සේ ඉතින් මම නිදහස්.
එතකොට ඔය වුනා කියන ගණුදෙනුවට මොකද වෙන්නේ… ?
*නෑ.. මම දිග්කසාද වුනාම එයාගෙ දේපලින් හතරෙන් එකක් මට ලැබෙන්න ඕන.
කැරොලිනා එහෙම හිමිවෙන්න නම්. මම දන්න විදිහට දෙන්නම ඒකට එකඟ වෙන්න ඕන නේද… ?
*ෂිහ්… ඔයා එව්වත් දන්නවද… ?
මම ටිකක් ඒ ගැන දන්නවා. මොකද මගෙ යාළුවෙකුට ඔය වගේ සිද්ධියක් වෙලා. එයාගෙ නෝනා දිග්කසාදය ගත්තා. හැබැයි බිරිඳගේ ඉල්ලීම මත පමණක් සිය කැමැත්තෙන් එහෙම වෙන් වෙනකොට ස්වාමිපුරුෂයා සතු දේපල වල අයිතිය බිරිඳට අහිමි වෙනවා නේද… ? එහෙම නැතුව ස්වාමිපුරුෂයා විතරක් සිය කැමැත්තෙන් අයින් වෙනවා නම් , එම ඉල්ලුම්කරුත් ස්වාමිපුරුෂයා ම නම් , එතනදීත් බිරිඳට දේපල හා වන්දි අහිමි කරන්න පුළුවන් අනාචාරයේ හැසිරීම හෝ අනියම් විවාහයක් හෝ සම්බන්ධතාවයක් තියනවා කියලා ඔප්පු කරොත්. නැත්නම් ඔයා ඔප්පු කරන්න ඕන එයා අනාචාරයේ හැසිරෙනවා කියලා. එතකොට කොහොමද මෙික වෙන්නෙ.. ? ( ඇසු ප්‍රශ්නයෙන් පසු ඇගේ මුහුණ සුදුමැලි විය. ඇය අන්දමන්ද විය )
*කෙවින් ඔයා දන්න දේවල්.
එතකොට මොකද කරන්නේ.. ( නැවතත් මා ඇයව බෙල්ල ලඟටම හිර කෙරුවෙමි.
මා බලාපොරොත්තු වන්නේ බළලා මල්ලෙන් එලියට ගැනීමටය )
*හරි අපි බලමුකො එතකොට.
(කැරොලින් මැඩම් ඔයත් කපටිම නෑ නේද)
නැවත හමුවෙමු …
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023