නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 20
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
20 වන දිගහැරුම
( කළු පෙට්ටිය )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
**සර් මට දැන්ම ඕක එවන්නකො මගෙ ෆෝන් එකට.
ඉන්න …
**හරි සර්. ඔන්න මගෙ එකට ආවා..
මෙතැන්සිට …….
**හරි… අපි බලමු මෑන් කවුද කියලා. මට සහය දෙන්න මෙි නියෝජිත සුභාෂ් ඉන්නවනෙ. අපි දෙපැත්තට බෙදිලා බලමු මොකද වෙන්නෙ කියලා. මොනවද මෑන් කරන්නේ කියලා. සර් වාහනේ සර්විස් එක කවද්ද ආයේ කරන්න තියෙන්නෙ.
ලබන දහවෙනිදා.. ඒ කියන්නේ තව දවස්
දහයකින්
**රයිට් … අපි බලමු. මට පැය විසිහතරක් දෙන්න. මම කරන්නම් වැඩෙි ගාණට.
හරි.. හදිස්සියක් නෑ. ඔයාල බලන්න වැඩෙි. එතකොට කසුන් අපි යමු. මට යන්න ඕන ඊලඟට රේඩියෝ යන්ත්‍ර අළුත්වැඩියා කරන තැනකට. තව තැන් කීපයකටම. එහෙනම් මහත්වරුනි අපි ගිහින් එන්නම්. නියෝජිත සුභාෂ්.
***සර්…
මෑන් ගැන ඇහැගහගෙන ඉන්න. මෑන් නිතරම යන තැන් වගේම , මෑන් මගදි නිතරම හමුවන අය ගැන විශේෂයෙන්ම හොයා බලන්න. ඒ වගේම , කෙටියෙන් වචන හුවමාරු කරලා මාරුවෙන අයගැන ඊටත් වඩා සැළකිලිමත් වෙන්න. එතකොට අපිට බලාගන්න පුළුවන්. මෑන් කවුරු එක්කද ගණුදෙනු කරන්නේ කියලා. මට තියනවා පැහැදිලි සැකයක්. ඒකට දැනට මම දැලක් එළලා තියෙන්නෙ. නියෝජිත ජේ50 ඔයාට කියයි වැඩි විස්තර.
***ඕකේ සර්…
යමු කසුන්…
මෝටර් රථය පණගන්වා මහනුවර නගරයේ ගුවන්විදුලි අළුත්වැඩියා කරන තැන් දෙකකට ගියද එහි පරණ රේඩියෝ යන්ත්රයන් සොයාගත නොහැකි විය. අවසානයේ තුන්වන තැනට ගොස් විමසා බැලුවෙමි.
**අයියෝ මහත්තයා.. දැන් ඔව්වා මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ නෙ. දැන් සමස්ත
රටම අහන්නෙ එෆ්එම් නෙ. කෙටි තරංග මධ්‍යම තරංගවල මොකුත් විකාශනය කරන්නෙත් නෑ. එව්වා අත්හැරලා අවුරුදු දහයක් විතර වෙනවා.
ඔව් අයියේ. ඒක මම දන්නවා. මෙික අපේ පුතාගෙ පොඩි ව්‍යාපෘතියකට. තියනවද
ගන්න එහෙම එකක්.
**තියනවා මහත්තයා. අපි ඉතින් විසික් කරන්නේ නෑ. මොකද ඔව්වගෙ කෑලි අපිට රෙපයාර් වලට ඕන වෙනවනෙ. ඔය මහත්තයාට ඕන කෙටි තරංගද , මධ්‍යම තරංගද.. ?
මුදල කීයක් වුනත් කමක් නැහැ දෙකම දෙනවා නම් මම ගන්නවා.
**ඉන්න පොඩ්ඩක්. කොල්ලො ඔය පරණ පොකට් රේඩ්යෝ දෙකක් හොයලා ගනින්.
එෆ්එම් නෙමෙි. වෙන දෙකක්. මහත්තයලා වාඩිවෙන්න.
හොඳයි ….
අඩ හෝරාවකට පසු මකුළුදැල් කඩමින් , දූවිලි පිසදමමින් වයස අවුරුදු දාසයක පමණ කොලුගැටයෙකි. ඔහු අතැතිව කුඩා අතුපාට පොකට් රේඩියෝ දෙකක්ද විය.
**මෙන්න මහත්තයා.
හ්ම්ම්… මෙි දෙක වැඩ නේද… ?
**කෝ දෙන්න බලන්න. චර චර හඬනගා එයින් විවිධ ශබ්ද ඇසෙන්නට විය. හරි මහත්තයා මෙි දෙකම වැඩ. අවුලක් නැහැ මෙන්න ගන්ඩ.
බොහොම ස්තූතියි.. කීයද.. ?
**සල්ලි එපා මහත්තයා. මෙික මට අයිති එකක් නෙමෙි. මිනිස්සුන්ට එපා හන්දා දාලා ගියපු එව්වනෙ.
හරි බොහොම ස්තූතියි. අපි ගිහින් එන්නම්.
**හොඳයි හොඳයි …
මෝටර් රථයට ගොඩවුනු පසු පලමුවෙන්ම හඬ අවදි කලේ කසුන්ය.
*සර් මෙික මොකටද ගත්තෙ … ?
මම දන්නවා කසුන් ඔයා ,ඔය ප්රශ්නය වැඩි වෙලාවක් ගතවෙන්න කලින් මගෙන් අහනවා කියලා. නිකමට හිතලා බලන්න ඔය කියන ට්‍රාන්ස්මීටරය හයිකරපු කවුරුන් හෝ ඒ මෑන් සාමාන්‍ය භාවිතා කරන එෆ්එම් සංඛ්‍යාත පරාසයයට අයිති එකක් පාවිච්චි කරන්නෙ නැහැ. මොකද එහෙම වුනොත් ඕනම කෙනෙක්ට ඒක ටියුන් කරගෙන අහන්න පුළුවන් නෙ. ඒ වගේම බහුලව පාවිච්චි කරන ජනප්‍රිය එෆ්එම් ගුවන්විදුලි සංඛ්‍යාතයක් පාවිච්චි කරොත් තමයි විදුලි සංදේශ නියාමන කොමිසමට පටස් ගාලා චෙක් වෙන්නෙ. ඒ හන්දා කෙටි තරංග හෝ මධ්‍යම තරංග සංඛ්‍යාත විකාශනය වන ට්‍රාන්ස්මීටරයක් පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු. එතකොට කාගෙවත් ඇස , කණ යොමුවන්නේ නැහැ. අපි නිතරම අපේ විමර්ශන කටයුතු කරනවා වගේ තමයි පුළුවන් තරම් කොයි කාගෙවත් අවධානය අඩුවෙන විදිහට වැඩ කරොත් තමයි ඒ තමන්ගෙ ඉලක්කයට ගිහින් වැඩෙි කරලා
සාක්ෂි ඉතුරු නොකර සීරුවට පැනගන්නට පුළුවන් වෙන්නෙ. මොකද මම ඊයේ හවස අර රේඩියෝ ටවර් එකට නැග්ගා.
*මොකක් … ? කිසිම ආධාරකයක් නැතුව ඉණිමග දිගේ උඩට ගියාද .. ?
ඔව් කසුන්. පොඩි අවධානමක් ගන්න වුනා
ඔය රිපීටර් එක හොයාගන්න.
*ඉතින් …
ඉතින් මම හතරෙන් එකක් විතර නගින්න
ඇති. මට දකින්නට ලැබුනා සාමාන්‍ය කළු හතරැස් ප්ලාස්ටික් පෙට්ටියක්. විශ්වාස කරන්න ඒක හොඳට සැළසුම් කරලා සුමටව හදපු එකක්. අඩුම තරමෙ ඒකට බාහිරෙන් කිසිම විදුලියක් වත් දෙන්න අවශ්‍ය නැහැ.
*මොකක් … ? එතකොට කොහොමද බල සැපයුම් කරලා තියෙන්නෙ.
විශ්වාස කරන්න කසුන් ඒකට පොඩි සූර්ය පැනලයක් හයිකරලා තියනවා. ඒකෙන් තමයි අවශ්‍ය විදුලි බලය දෙන්නෙ.
*අම්මට සිරි…
ඔව් යාළුවා.. මම විශ්වාස කරනවා ඒකෙ ඇතුලෙ නැවත චාර්ජ් කරන්න පුළුවන් බැටරියක් තියනවා ඇති. දවල් කාලයේ ඒකෙන් ඒක ආරෝපණය කරලා , රෑට ඒකෙන් වැඩෙි කෙරෙනවා ඇති. ඔයාට කියන්න ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නෙ. අව්වට විතරක් නෙමෙි වැස්සටත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන මට්ටමක ඒක තිබ්බා.
*මාරයි නෙ…
හ්ම්ම්… මාරයි තමයි. හොඳට සැළසුම් කරලා වැඩ කරන මොළකාරයෙක්ගෙ වැඩක්. හරි…. අපි බලමුකො මේක වැඩකරන විදිහ.
*එතකොට සර් අපි කොහොමද පැච්වේරා ප්රශ්නය විසඳන්නෙ.
පැච්වේරා නේද… ? ඒකට උත්තරයක් මම ලඟ තියනවා. ඒක ගත්ත අයගෙ නම් ලැයිස්තුව අපි පැත්තකින් තියමු.
*පැත්තකින් තියන්න. ඊට පස්සේ .. ?
ඔව්… මොකද දැන් අපිට පොටක් පෑදිලා තියෙන්නෙ.
*ඒ මොකක්ද … ?
ඇයි ඔය 36 ලිස්ට් එකේ තියනවා පීඒ සම්පත් උපාලි කියලා නමක්. ඒකත් අපේ හයේ ගොඩෙිමයි. මගෙ අනුමානය හරිනම් මෙි ඒ මෑන්ම වෙන්න ඕන. මොකද ලංකාවෙ ඕනෑම පුස්තකාලයකින් පොතක් ගන්නකොට
ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම ඕන.
මොකද පොත නිකුත් කරන්නාට සත්‍ය
තොරතුරු අනිවාර්යයෙන්ම ඕන කරනවා.
බොරු තොරතුරු දීලා පොතක් අරගෙන
මාරු වුනොත් ඒක ලොකු පාඩුවක් නෙ. සමහරවිට ඒ පොත දුර්ලභ එකක් වුනොත් එහෙම. ඒ හන්දා අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පත ඕනමයි.
*හෑහ්… අම්මපා සර්..
ඔව් කසුන්.. ඒක එහෙම තමයි. අපි ඒ ගැනත් හොයලා බලමු. ඊට වඩා බරපතල් කාරණය තමයි මෙයාලගෙ ඊලඟ සැළසුම තවත් මිනීමැරුමක්.
*මො මො මොකක්ද … ආයෙත් එකක්.
ඔව් යාළුවා.. මෙයාලගෙ ඊලඟ ඉලක්කය තමයි පැට්රික් හාමුව එලොව යවන එක. ඒකට තමයි කැරොලින් මැඩම් තමන්ගෙ රහස් පණිවිඩයෙ එක තැනක කියලා තියෙන්නෙ “තව ටික කාලයක් ඉන්න වෙනවා” කියලා. මෙික මෙි පීරිස් වලව් පරම්පරාවෙන් පීඩාවට පත්වුන පීඩිත පන්තිය එක්කාසු වෙලා හදාගත්ත පොඩි කණ්ඩායමක වැඩක් කසුන්. පැච්වේරා
සැළසුම ඉවරයි. ඊලඟට වගේම ,අවසාන මෙහෙයුම තමයි පැට්රික් ඝාතනය.
*මයි ගෝඩ් සර්… පැට්රික් කියන්නේ කැරොලින් මැඩම්ගෙ හස්බන්ඩ් නේද.. ?
තමන්ගෙ හස්බන්ඩ් මරන්න සැළසුම් කරයිද.. ?
ඔව් කසුන් “දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ” තමයි. ඕක තමයි මම නොකියපු කතාව. ඇයි අපිට මෙච්චර කාලයක් හමුවුන හැම අපරාධකරුවන් ම තමන්ගෙ අපරාධ කටයුතු කරන්න වලට ඥාති හිතවත්කම් ගැන හිතලා තියනවද… ? නැහැ නෙ. අනික කැරොලින් මැඩම් මට පැහැදිලිවම කියලා තියනවා ඒ දෙන්නගෙ කසාදය වංචාවෙන් වෙච්ච දෙයක් කියලා විවාහය කියන එක සුදු කඩදාසියකට සීමා වෙලා බැහැ. එතනදී අනිවාර්යයෙන්ම හදවත්වල සම්බන්ධයක් තියෙන්න ඕන ගැමුණු. නැත්නම් කසාදය කියන්නේ නිකංම නිකං නීති රාමුව තුල සිරවී එයින් ඔබ්බට පැනයා නොහැකි පුස් බැඳීමක් ම විතරයි. ඒ වගේමයි ඔය ගේම් එකේ මහමොළකරුවා කවුද කියන්න මම දන්නවා. නමුත් එහෙම නිගමනයකට එන්න තරම් මට සවිමත් වගේම ,සාධාරණ සාක්ෂි ලැබිලා නැහැ. ඒකත් නුදුරේදීම ගන්න පුළුවන්. ඒකට මම දාලා තියෙන්නෙ ලොකු දැලක්. මම ඒ ගැන කලින් ඉඟිකරා මතක ඇති.
*ඔවි මට මතකයි සර්. අපි එහෙනම් ඉක්මන් කරන්න වෙයි නේද… ?
එහෙමත්ම නෑ. අපි බලමුකො. මොකද මෑතකදී මැරුන නොයෙල් පීරිස්ගෙ එකම අයියා වන පැට්රික් හාමු මළගමට ඇවිත් ගිහින් නෙ. එතකොට තව මාස එක හමාරක් වගේ කාලයක් තියනවා නැවත මෑන් ලංකාවට එන්න. ඉතින් ඒ අවස්ථාව එනතුරු තමයි කැරොලින් ඇතුළු කල්ලිය
බලාගෙන ඉන්නෙ සැළසුම් සහගතව වැඩේ පත්තුකරලා මාරුවෙන්න.
*එතකොට රිචඩ් හාමුට හොකද වෙන්නෙ.
තමන්ගෙ එක දරුවෙක් වත් ලඟ නැහැ.
මෙහෙමයි යාළුවා. මෙතනදී මගේ දැක්ම අනුව රිචඩ් මහත්තයා තමන්ගෙ දරුවන් නරක විදිහට හදපු දරුණු වදරට මෙි වෙද්දී දඩුවම් විඳමින් යන්නෙ. ඇයි දරුවො සේරම පරලොව ගිහින් ඉවරයි. තව එකයි ඉන්නෙ මෑන්ටත් සෙම්බුව හම්බුනාම වංසක්කාර වලව් බම්බුව ඉවරයි.
*කහානි කතම් ( හින්දි - කතාව ඉවරයි )
හා… මගර් ඉසි නහී හෝ නා චාහියේ.
( ඒ වුනාට වෙන්න බැහැ ) අපි බලමු.
*මම සර්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මම මෙික අහන්නෙ සර්ගෙ ළමා කාලයේ මට කියපු තිත්ත සිදුවීමත් එක්ක ගලපලා.
හ්ම්ම්… කියන්න බලන්න..
*සර් … මෙි ක්‍රියාකාරකම් සේරම පීඩිත පංතියේ පලිගැනීම් නම් , එයාලට රටෙි නීතීයෙන් යුක්තිය ඉටුවුනෙත් නැත්නම්. තමන් එහෙම දරුණු අසාධාරණයන් සිද්ධ වුනානම් මෙි සැළසුම් සහගත මිනීමැරුම්
පැත්තකින් බලපුවාම සාධාරණයි කියලා හිතෙන්නෙ නැද්ද… ?
විශිෂ්ඨයි කසුන්. ඉතාමත් හොඳ , ඒ වගේම තර්කානුකූල ප්‍රශ්නයක්. බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක්. ඒ වගේම , මගෙ ගෝලයාගෙන් ඔය වාගේ ප්‍රශ්නයක් මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ. හොඳයි …. ඔයා අදහස් කලේ මගේ පලිගැනීමත් එක්ක මෙික සංසන්දනය කරාම හරිම ලඟින් යනවා වගේ නේද.. ? ඔව්.. හැබැයි පොඩි වෙනසක් තියනවා මෙි දෙක අතර. අමරබන්ධු රූපසිංහ ඇතුළු නඩය දශක තුනක් පමණ ඉඳලා රට කෑව විවිධ විදිහට. නමුත් ඒ වෙනුවෙන් නැගී සිටින්න කිසිවෙකුට හැකියාවක් නැහැ. ජනතාව ඡන්දයෙන් දුන්න ජනවරමත් එක්ක. අවසානයේ මගේ පලිගැනීමයි , ඒ කරපු අධම තුච්ච වැඩවලට දෙන්න ඕන පිලිතුරයි එක සමාන වුනා. මෙතනදී මෙි චෙක අතර එච්චර ලොකු සමාන කමක් තියනවද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කලොත් උත්තරය කොතෙක් දුරට සාධාරණද කියලා හිතෙයි.
*එතකොට අමරබන්ධුලා වගේ හානියක් මෙතන වෙලා නැතිවෙන්න පුළුවන්. නමුත්
දෙකම අපරාධ නෙ.
ඔව් … නමුත් ඒක අපිට නිගමනය කරන්න
වෙන්නෙ මෙි අය රහසිගතව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලොත් විතරයි.
*මම දන්නවා ඒ මිනීමැරුම් එහෙම සාධාරණීකරණය කරන්න බැහැ කියලා.
නමුත් එහෙම කරලා තිබ්බොත් මොකද කරන්නේ.
කසුන්… ඔයා පැහැදිලිවම දන්නවා නීතීය හර්දසාක්ෂිය එක්ක ගණුදෙනු කරන්නේ නැති වග. එතකොට මෙතනදී එහෙම වෙලා තිබ්බොත් ඒක වැරදියි. අන්න එතනදී මගෙ පලිගැනීම මම කලාට , එතනදී ඊට වඩා හුඟාක් බරපතල් නේද උන් රටට කරපු දරුණු අපරාධ ගොන්න. අපි අමරබන්ධු රූපසිංහ ඇතුළු නඩය මරලා කරේ. මගෙ පලිගැනීමට වඩා ඒක රටෙි ආරක්ෂාවට උදව්වක් විතරයි. දෙකම සිද්ධවුන එක හරි. ඒකත් මම ඔයාලට කියපු හන්දා. නැත්නම් ඒක පුද්ගලික පලිගැනීමක් කියලා අදවනතුරු කවුරුවත් දන්නෙ නැහැ නෙ.. හැබැයි මෙතනදීත් එහෙම දෙයක් නම් වෙන්නෙ. ඒක ගැන අපි සලකා බලමු.
*එහෙම වුනොත් ඒක “නීත්‍යානුකූල ඝාතනයක්” වෙනවද … ?
ඔව් .. හැබැයි ඒක සම්මත නීතීයට නම් පටහැනියි. මම විශ්වාස කරන විදිහට නම්. හැමෝම තම තමන්ට ඕන විදිහට පලිගන්න හැදුවොත් රටකට පොදු සම්මත නීතියක් ඕන නැහැ නෙ. හරි අපි බලමුකො
මොකද වෙන්නෙ කියලා.
*ඒකත් ඇත්ත තමයි.
හ්ම්ම්… දැන් යමු අපි මාකට් එකට. ගිහින් සතියකට හරියන්න බඩුටිකක් අරගෙන යමු. මෝටර් රථය මහනුවර පොදු වෙළෙඳපල සංකීර්ණය දෙසට හරවා එය ගාල්කර
දෙදෙනාම පොදු වෙළෙඳ පෙදෙසට ඇතුළු වුනෙමු. පිලිවෙලින් අමු සලාක මිළදී ගෙන
මාළු මිළදී ගැනීමට යාමෙිදී එක් අයෙකු අසල මා නැවතුනේ නැවුම් මාළු ඔහු සතුව තිබූ බැවිනි. මිළ ගණන් කතා කරගෙන ඔහුගෙන් මාළු කිලෝ කීපයක් මිළදී ගත් පසු ඔහුගෙ මුහුණ දුටු මාහට උතුර දකුණ මාරුවිය. නමුදු මා කිසිම හැඟීමක් මගේ මුහුණෙන් නොපෙන්වූ අතර, ඔහු සමඟ කෙටි පිලිසඳරක යෙදුනෙමි.
ෂාහ් ඔයාගෙ මාළු හරිම ලාභයි නෙ.
**ඔව් මහත්තයා …
හැමදාම මෙතන ඉන්නවද… ?
**නෑ මහත්තයා. බදාදා , ඉරිදා දවස් දෙකේ විතරයි. අනිත් දවස්වලට වෙන තැන් වලට යනවා.
හරි.. එළකිරි. මට ආයේ මාළු ගන්න ඕන වුනොත් ඉරිදා හරි බදාදා හරි ආවනම් හරිනෙ.
**හරි මහත්තයා …
හොඳයි බොහොම ස්තූතියි. අපි යමු ගැමුණු මල්ලි..
මාළු සමඟ ඉතුරු අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ටික රැගෙන දෙදෙනාම ආපසු ආවෙමු. වහාම මෝටර් රථයට ගොඩවූ අප ටික දුරක් යනතුරු කිසිදු වචනයක් තෙපලුවෙ නැතත්, මගේ මුහුණේ තිබුන නැවුම්බව කසුන් දුටු වග මා දැක්කෙමි.
*සර් මොකද තනියම හිනාවෙන්නෙ.. ?
මෑන් මෑන්… ඔව් කසුන්. මෑන්ම තමයි.
*කවුද මෑන්… ?
පල්සර් උපාලි…
*පල්සර් උපාලි … ? කෝ… ? කොහෙද… ?
ඇයි මතක නැද්ද.. ? අපි මාළු ගත්තේ පල්සර් උපාලිගෙන්.
*මොනවා… ? වෙන්න බැහැ නෙ.
ඔව් කසුන්.. ඒ මුහුණ, ඒ සිනහව , ඒ නළදත ඒ විදිහටම තිබ්බා. මගෙ හිතේ රැඳි සිතුවම මම හරියටම ඇඳලා තියනවා. ඔයා ටග්ගාලා ගන්න නියෝජිත ජේ50 ට කෝල් එකක්. අරගෙන මෑන් ඉන්න තැන කියන්න. ඒ වගේම මෙි පැත්තෙ සපත්තු මහන සෙල්වරාජ් ව හමුවෙනවද කියලා බලන්න අමතක කරන්න එපා කියන්න.
මොකද ඊලඟ සැළසුමත් පැච්වේරා ද
දන්නෙ නැහැ නෙ.
*ඔව් ඒක ඇත්ත තමයි. ඉන්න.. මම දැන්ම කියන්නම්. හෙලෝ.. මෑන් මාකට් එකේ මාළු විකුණනවා මෙි වෙලාවෙ.
ඔව්. උපාලි තමයි තේනුවර මහත්තයා ඇඳපු චිත්‍රය සීයයට අනූවක් විතර ගැලපෙනවා.
හ්ම්ම්… ඔව් ඔව්..
හරි.. මෑන්ගෙන් මාළු ගන්න තව කවුද එන්නෙ කියලා බලන්න. විශේෂ සැක කටයුතු අය එන්න පුළුවන්. ඒ අතරෙ සපත්තු මහන සෙල්වරාජ් එනවද කියලත් බලන්න. හරි සුපුන් මහත්තයා එහෙම කරන්න. රයිට්… ජයවේවා.
*හරි සර්.
නියමයි…. අපි බලමු මෑන් තෙල්දෙණියෙ මොකද කරන්නේ කියලා. ඒ වගේම මෑන්ගෙ ඇත්ත වාසස්ථානය කොහෙද කියලා.
නැවත හමුවෙමු …
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023