⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 47 වන දිගහැරුම ⸎

`` අවසන් මොහොත ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


**ඒක කරන්නේ කොහොමද…?

හහ් හහ් හා…. ඒකටත් මම ලඟ තියනවා ප්ලෑන් එකක්. ඒක අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඔීන. හරි…. දැන් පාරත් නිරවුල් අපි දැන් යමු….


මෙතැන් සිට……

**අපි දැන් කොහෙද යන්න ඔීන…

අපි සිප්පියාගෙ පොට්එකට ගිහින් එතන ගණුදෙනුවත් නිරවුල් කරලා , සයිවර් කඩෙිටත් ගිහින් එතනින් මොනවාහරි සප්පායම් වෙලා යමු… බොහෝදුරට අද අපි සෙට් කරපු ගේම් එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක මට ඉවෙන් වාගේ තේරෙනවා. කෝකටත් අපි සූදානම් ශරීරයෙන් ඉමු…

*මොකක්ද එස්අයි රවින්ද්‍රට පත්තු කරපු එකද…?

ඔව්… ඒක තමයි..

**සර්ලා ඒක පත්තු කරාද….

හා…. ඔව්නෙ මට ඒක කියන්නත් බැරුව ගියා. අපි ඊයේ හවස පත්තු කරන්න අවශ්‍ය සියලුම දේ සම්පාදනය කරලා තියෙන්නෙ. කොටුව පොලීසියේ සාජන්ට් රාජපක්ෂව තමයි වැඩෙිට තෝරගත්තෙ.

**මෑන් කරයිද සර් වැඩෙි…. ? මොකද කම්බ හොරෙක් ගෙ නමක්නෙ මෑන්ට තියෙන්නෙ….?

ඒකට මම එකඟ නෑ සුපුන් මහත්තයා… ඒ පෙලපත් නාමය තියෙන එකෙක් දෙන්නෙක් හොරු වුනාට, හැමෝම එහෙම හොරු නෙමෙි. හොඳ මිනිස්සු ඔීන තරම් ඉන්නවා ඔය කියපු පෙළපත් නාමයෙන්. වැඩෙි කියන්නේ ඒ කම්බ හොරු ටිකක් හන්දා අර හොඳ මිනිස්සු කොට්ඨාශය දිහාත් බලන්නෙ වපර ඇහෙන්. ඒකයි තියෙන අවුල. හරි…අපි හිතමු මෙි සාජන්ට් නුත් හරියට වැඩෙි කරයි කියලා.

ඒක කියද්දි මතක් වුනේ.. ඔීක ටිකක් නවත්වන්න අයිනට කරලා. මෑන්ට මට කියන්න දෙයක් තියනවා. මාගේ ජංගම දුරකථනය අතට ගෙන ඇමතුමක් සැරයන් රාජපක්ෂ වෙත ගත්තෙමි.

***හෙලෝ කවුද ….?

සාජන්ට් මහත්තයා.. මම සමන්ත…

***සමන්ත කිව්වෙ….?

උපාලිගෙ අයියා. අර DNA කේස් එක…

***හා…. හරි… පොඩ්ඩක් ඉන්න..
කියමින් පුටුවක් පිටුපසට අදින හඬක් අවටින් ඇසෙන්නට විය. හා.. හරි…
දන්නවා නෙ බිත්ති වලට කන් තියනවා කියලා මෙි වගේ තැන්වල. එකපාරයි කියන්නේ හොඳට අහගන්න. එස්අයි සර්, අද උදේ දහයට පිටත් වෙනවා අදාල තැනට ඊයේ රෑ මැසේජ් එකක් ආවා අදාල එකට රපෝර්තු කරන්න කියලා. මම වැඩෙි කරලා ,මෙතනින් පිටත් වෙනකොට කෝල් එකක් දෙන්නම්…

හරි…. ඒ කෝල් එක මගඔය ෆෝන් වලින් දෙන්න හදන්න එපා. ඒකට වෙන විකල්පයක් හදාගන්න මහත්තයා…

***හරි හරි ඒක මම කරන්නම්. මමත් මෙිකට අළුත් නැහැ. එහෙනම් මම තිබ්බා.

*සර් වැඩෙි වෙයි නේද….?

ඔව්… බොහෝදුරට …අපි යමු එහෙනම්.
යනගමන් කකා කරන්න පුළුවන් නෙ.

**එහෙම නොවුනහොත්….?

එහෙම නොවුනහොත් සාජන්ට් ඉවරයි. මෑන්ට යන්න වෙනවා අල්ලස් හා දූෂණ කොමිසමට…

**හෑහ් ඒ මොකක්ද ඒ සිද්ධිය…

එහෙම එකකුත් තියනවා සුපුන් මහත්තයා…

*සුපුන් මහත්තයා… සර් මෙි සේරම හිරකරන්න තොණ්ඩුව බෙල්ලට දාලා තියෙන්නෙ. වැඩෙි නොකෙරුනා කියන්නේ. තොණ්ඩුව හිරවෙනවා.

හරියටම හරි… එහෙම තමයි මෙි ගේම්එක ගහන්න වෙන්නෙ. මට මෙි ෆාම් හවුස් එක ඇතුලට ගිහින් ඔය කියන මහමොළකරුවා බලාගන්නකම් ඉවසිල්ලක් නැහැ මහත්වරුනි. මෑන්ව එකපාරක් දැකගත්තට පස්සේ දවසෙන් දෙකෙන් ගේම් එක ඉවර කරලා දාන්න පුළුවන්. තවමත් කිසිම දෙයක් නොකර ඉන්නෙ මට මෑන්ව බලාගන්න ඔීන හන්දා ඊට පස්සේ. නොනවතින සංග්‍රාමය පටන් ගන්නවා. පිලිවෙලින් ශාන්ත , ඇන්ටනී , පණිවිඩකරුවන් , එලියට ආපු ගමන් රවින්ද්‍ර ලොක්කා , ඊට පස්සේ මහමොළකරුවාගේ ගෝලයින් , ඊට පස්සේ මහමොළකරුවා ඉවරයක් කරලා දාලා , අවසානයේ නුගේගොඩ පිහිටි අන්ලිමිට් නමින් පවත්වාගෙන යන තට්ටු දෙකේ ගොඩනැගිල්ල ගැන CID එකට ඔත්තුව දීලා අපි අතුරුදහන් වෙනවා එච්චරයි.

*අන්ලිමිට් එක ගැන සේපාලිකා බලාගනියි නේද සර්…

ඔව්… එයාට බාරදෙමු.

**එතකොට බත් වයලට් ….?

එයාටත් ඉතින් CID සරණයි. ඒකත් සේපාලිකා බලාගනියි.

*එතකොට මිල්ටන්… ?

මෑන්ට අපි හැදෙන්න චාන්ස් එකක් දුන්නා. මෑන් ඒකෙන් ප්‍රයෝජනය ගත්තා.
ඩොක්ටර් දුනිත් , මිල්ටන් වගේ අයව උසාවි නග්ගවන්න ඔීන කමක් නැතිවෙයි. මොකද කල්ලියම සුද්ද කරාට පස්සේ. මොනවා කියලද සාක්ෂි දෙන්නෙ…?
ටොෆිය කෑවට පස්සේ , ඉතුරු දවටනය සාක්කුවට දාගෙන වැඩක් නැහැ නෙ.

*සර්… ඒක නීතියට පටහැනි නැද්ද …?

ඔව්… ඒකට තමයි CID එක ඉන්නෙ. ඉතුරුටිකට එයාලා ගාණට ගේම්එක දෙයි. අපිට තියෙන්නෙ තොරතුරු ටික එයාලට දීලා අත පිහාගෙන අතුරුදහන් වෙන්න එච්චරයි. කොහොමත් CID එක සුද්ද කරලා දායි.


* අපි ඉක්මනට කාලා ඉවරවෙලා වැඩටික කරගෙන යමු.

හෙලෝ ඩොක්ටර් දුනිත්…

***සර්… ගුඩ් මෝර්නින් ….

ගුඩ් මෝර්නින් මහත්තයා … මොකද තත්ත්වය…

***අවුලක් නැහැ සර්… අපි ගෙයින් එලියට තවම බැස්සේ නැහැ. දැන් මාසයක් වෙනවා.

වෙරිගුඩ්… ගෙදර අය දන්නවද සීන්එක.

***ඔව් සර්… මම සේරම කියලා දැම්මා.
මුල් දවස්වල නම් මම ගැන කලකිරීමකින් හිටියෙ. දැන් නහ් අවුලක් නැහැ…

වෙරිගුඩ් වෙරිගුඩ්… හරි… අපිට වැඩරාජකාරි බොහොමයි. එහෙනම් මම තිබ්බා ..

***ඔීකේ සර් ජයවේවා…

හ්ම්ම්…… ඒකත් අවුලක් නැහැ. කසුන්… මොකද සයුරිගෙ තත්ත්වය …?
(තිදෙනාම සයිවර් කඩයට ඇතුල් වෙමින්)

*අවුලක් නැහැ සර්…. ගෙයින් එලියට ගන්න බැරිවෙයි වගේ…

ඒ කිව්වෙ ….?

*අපේ ගෙදර වගේම අපේ පවුල එයාට හොඳට අල්ලලා ගිහින් තියෙන්නෙ.

වෙරිගුඩ්… කාක් කවුරුවත් නැති ඒ ගෑණු ළමයට අඩුම තරමෙ හොඳ පවුලක් හරි ලැබුනනේ… ඒකම කොච්චර වටිනවද…?

*කාත් කවුරුවත් නෑ….? ඒක කොහොමද වෙන්නෙ.. සයුරිට අම්මයි , තාත්තයි ඉන්නවා නෙ..?

හා…. ඔව් නේද… ? හරි හරි…. ඉක්මනට කාලා යමු මෙතනින්…

**සර්… අද ප්‍රශ්න කිරීම් නැද්ද මෙයාලගෙන් ….? ( කණට කොඳුරමින් )

එහෙම ඔීන නැහැ සුපුන්… අපිට අවශ්‍ය දේ අපි අරගෙන ඉවරයි මෙයාලගෙන්..
ඕවර් ඇක්ටින් වානා..
ඇක්ෂන් තමයි ඔීනා…

**ෂරි ෂරි ෂර්…..

හරි …. අපි යමු එහෙනම්….

*සර්… මට තවම හිතුනෙ නැහැ උන්ව ලුහුබඳින එකේ අවධානම…

ඔව්…. තවම කිසිම හැලහොල්මනක් උන්ගෙන් අපි දැක්කෙ නැති වුනේ අපි උපක්‍රමශීලී හන්දා. බැරි වෙලාවත් වාහනය උන්ගේ ඒරියා එකට දැම්මා නම් අපිට මීට වඩා අමාරු වෙන්න තිබ්බා. නයිට් ක්ලබ් වල අවට වගේම ෆාම්හවුස් ඒරියා එකේ අවට උන් හොඳ සෝදිසියෙන් ඉන්නෙ. රෑ කාලයේදී අපිට ටිකක් වාසියි. නමුත් දවල්ට උන් හැමතැනම ඉන්නවා.

හ්ම්ම්… දැන් අපි මෙතන නවත්තලා සයිලන්ස් ආයුධය ටික අරගෙන එමු. ඊට පස්සේ යමු වත්තලට…. ගිහින්
මිහිරාණිගෙ බොඩි එක අධිශීතකරණය පිටින්ම වාහනයට දාගමු. ඊට පස්සේ ගම්පහ නගරයට වෙලා සිග්නල් එක එනකම් ඉමු…

*සර් අවසාන වශයෙන් ආයෙත් එම ප්‍රශ්නය ම අහන්නද….?

කියන්න කසුන්…

*මෙි කරන වැඩෙන් රවින්ද්‍රටද අවාසි , ඇන්ටනීටද…?

හ්ම්ම්… දෙපැත්ත බැලන්ස් වැඩක් මෙතනදී වෙන්නෙ… මම මෙහෙම කියන්නම්… මෙි බොඩී එක විනාශ කරන්න ඇන්ටනී දත කෑවා. නමුත් ඊට කලින් අපි ඒක අතුරුදහන් කරා. දැන් මිහිරාණිගෙ බොඩිය වෙනුවට එතන තියෙන්නෙ වෙනත් බොඩි එකක්. නැත්නම් මරදාන රෝහල් කමිටුව කොටඋඩ. ඒ බව දන්නවා ඇන්ටනී. ඒකයි ඒ පැත්ත තවම නිශ්ශබ්ද… මෙි DNA එක අරගෙන රවින්ද්‍ර යනවා ඇතුලට. ඒක මෑන් දන්නෙ නැහැ. එතකොට අපි මිහිරාණිගෙ බොඩිඑක මෑන්ගෙ ගෙදරට දාලා CID එකට ඔත්තුව දුන්නහම එයාලා අරගෙන යනවා ඒක. එතකොට ඒ බොඩිඑක ආරක්ෂිතයි. අපිට තවදුරටත් මිහිරාණිගෙ බොඩිඑක ලඟ තියාගන්න වුවමනාවක් නැහැ වගේම , ඒක නැවත මරදාන ඉස්පිරිතාලෙට දැම්මොත් , ශාන්ත හරහා නැවත ඇන්ටනීට පණිවිඩය යනවා. එහෙම වුනොත් උන් ඒක අතුරුදහන් කරලා පුළුස්සා දාන්න කටයුතු කරනවා ඒකාන්තයෙන්ම.

එතකොට රවින්ද්‍ර DNA එක එහෙම CID එකට දුන්නහම , අපි මෙතනින් බොඩිඑක තියනවා කියලා ඔත්තුව දුන්නහම. එස්අයි රවින්ද්‍රට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද මෑන්ට වගඋත්තර බඳින්න පුළුවන්. DNA එක ගන්න ඔීන හන්දයි , මෘතදේහය ආරක්ෂාකාරි විදිහට තියන්න ඔීන හන්දා ඒක තමා සන්තකයේ තබාගත්තා කියලා.
එතකොට එස්අයි රවින්ද්‍ර පොර වෙනවා.
ඇන්ටනී කොර වෙනවා. ඊට පස්සේ සමථයකට පත්කරන්න බැරි විදිහට මෙි දෙන්නාතුල නයි වෛරයක් හට ගන්නවා.
ඒ අවසරයෙන් රවින්ද්‍රව අපි මරණවා වගේම ඒක ඇන්ටනීගෙ පලිගැනීමක් කියලා රාවය පතුරවනවා. එතකොට ඒ දෙක බැලන්ස්. එතකොට මහමොළකරුවගෙ කොටස් වෙළෙදපල
එකපාරටම කඩා වැටෙනවා. ඒ අඅතරතුර අපි එක එකා ඉවරකරනවා. ඇන්ටනි ඇතුළුව. නමුත් රාවය යන්නේ
පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් කියලා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. රවින්ද්‍රව මරන්න කලින් මෑන් ව පැහැරගෙන අපි වත්තල වෙරළ අයිනේ පාළු ගෙදරකට අරගෙන යනවා. මම හිතන්නේ ඔය මහත්වරුන් තැන දන්නවා.
ඊට පස්සේ මෑන් මරන්න කලින් විනාඩි පහලවකට කලින් අපි ඇන්ටනීට පණිවිඩය දෙනවා රවින්ද්‍රව අල්ලගෙන අහවල් තැන තියාගෙන ඉන්නවා කියලා.

*විනාඩි පහලවක්….?

ඔව්… මොකද රවින්ද්‍රට තමන් කරපු අපරාධ මතක් කරලා දෙන්න එපැයි. ඒකට තමයි විනාඩි පහලවක විරාමයක් ගන්නෙ. එතකොට ඒ විනාඩි පහලව හමාර වෙනකොට ඇන්ටනිගෙ ටීම්එක එනවා රවින්ද්‍රව අල්ලගගෙන තමන්ගෙ පලිය ගන්න බලාගෙන. ඊට පස්සේ ඒ දැනුම්දීමෙි කෝල් එක ඉවරකරපු ගමන්
අපි ගන්නේ වත්තල පොලීසියට අරගෙන කියනවා අහවල් වෙලාවට ඇවිත් අහවල් තැන වටකරන්න එතනට ඇනිටනී එනවා රවින්ද්‍රව මරන්න කියලා. අපි එතනින් අතුරුදහන් වෙනකොට ඇන්ටනී එතනට ඇවිත් බලනකොට රවින්ද්‍රව මරලාදාලා.

නමුත් ආපසු හැරිලා බලනකොට වත්තල පොලීසිය වටකරලා ආපු ගැන්සියම. එතකොට ඒ කට්ටිය අතර ගැටුමෙන් එස් ටයිගර්ස්ලගේ බහුතරය විනාශයි. ඔීක තමයි මහත්වරුනි මගෙ ප්ලෑන් එක. මෙතෙක් අතරින් පතර විස්තර කරන ලද.. දැන් තේරුනාද…?

**මයි ගෝඩ් සර්… මාස්ටර් ප්ලෑන් එකක්.
ඔීකට තමයි කියන්නේ ``බළලුන් ලව්වා කොස්ඇට බාවනවා ´´ කියලා.

හරියටම හරි… ඒ හන්දා අපි ඒකට නමක් දාමු මිෂන් ``ape vs cat ´´ කියලා. මම මෙික කලින් හරියාකාරව විස්තර කරේ නැත්තෙ අවසාන තත්පරයෙත් තත්වය කාලානුරූපව වෙනස් වෙන්න පුළුවන් හන්දා මහත්වරුනි.

එහෙනම් අපි වැඩෙිට බහිමුද …?

*හරි සර්…..

හොඳයි එහෙනම් විනාඩි පහකින් නැවත හමුවෙමු…

මිනිත්තු පහකට පසු….

සේරම හරිද….?

**හරි සර්….

කසුන්…

*සර්… ?

අපේ ගම්පහ ස්පයිඩර්ස්ලට කතා කරලා කියලා එස්අයි රවින්ද්‍රගේ ගෙදරයි , ඒ අවටයි නිරීක්ෂණය කරන්න කියලා. මොකද මෙතන ඩබල් ගේමක් යන්න පුළුවන්.

*ඔව්… ඉන්න ටිකක් …

අපි යමු ජනිත් මහත්තයා..
වෑන් රිය වෙිගයෙන් ඇදුනේ වත්තල පිහිටි එන්හවුස් එක වෙතය. අත්වැසුම් දමාගත් අප, එහි තිබූ අධිශීතකරණය ඔසවාගෙන විත් , වෑන්රියට දමා ඉදුරාම ගම්පහට ගමන් ගත්තෙමු. ගම්පහ නගරයට සේන්දුවී මාර්ගය අසල ගසක් යට වෑන්රිය නවත්වා සංඥ්ඤාව එනතුරු රැඳි සිටියෙමු.

පෙ :ව දහය පසුවී මිනිත්තු හතයි…..

මගේ දුරකථනය නාදවිය….

හෙලෝ…..

***හෙලෝ… පිටත් වුනා… පිටත් වුනා…

අදාල එක ෆයිල් එකට දැම්මද…?

***ඔව්… ඔව්… සේරම හරි….

හොඳයි …. හවස පෙර තැනදී හමුවෙමු.
කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

*සර්… වැඩෙි හරිද…..

හරි… නාරද.. නමුත් අපේ ස්පයිඩර්ස්ලා ටිකක් පරක්කුයි… මොකද එතන වපසරිය නිරවුල් වෙනකම් අපිට ක්‍රියාත්මක වෙනින බැහැ. හෝරාවකට පසු…

*සර්… මැසේජ් එක ආවා…. එන්න එපා
කියලා තමයි කියන්නේ …?

ඒ මොකද ….?

රවින්ද්‍ර ගෙදරට ආවලු….

හ්ම්ම්… මොකක් නමුත් අමුත්තක් තේරෙනවා.. හරි අපි බලමුකො තව ටිකක්. මෑන්ට මොනවාහරි අමතක වුනාද දන්නෙ නැහැ නෙ. ගෙදර වෙන කවුරුවත් නැහැ නෙ.

*නෑ සර්…

නියමයි …..

මිනිත්තු කීපයකට පසු නැවත සංඥ්ඤාවක් ලැබුනි..

*සර්… අපි යමු මෑන් පිටත්වුනා ලු ගෙදරින්….

නියෝජිත සුපුන් යමු එහෙනම්… යක්කල
මාවතේ කිලෝමීටර් දෙකක් පමණ ගෙවා ගොස් අතුරු පාරකට දමා මීටර් සීයයක් ගෙවා ගොස් රවින්ද්‍රගෙ නිවාස පරිශ්‍රයට වාහනය ඇතුල් කිරීමට හැකිවිය.

මා ක්ෂනිකව වාහනයෙන් බැස ඉඳුරාම ගමන් ගත්තේ ගේ පිටුපස පිහිටි දොර වෙතය. තම යාන්ත්‍රික යතුරෙන් දොරගුළු ඇරදමා. නැවත දුවගෙන විත් තිදෙනාම එකතුවී අධිශීතකරණ ඔසවාගෙන ගොස්, පිටුපස දොරින් ඇතුල් වී එහි කාමරයක අධිශීතකරණය තබා , එයට බල සැපයුම ලබාදී එලියට විත්, දොරගුළු දමා වෑන්රියට ගොඩවනවිට ට්‍රෙිල් වර්ගයේ යතුරුපැදි දෙකක ෆුල්ෆේස් සම්පූර්ණ මමුහුණු ආවරණ ⁣හිස්වැසුම් දමාගත් දෙදෙනෙක් එතනින් වෙිගයෙන් නික්ම යන්නට විය. ඒ වෙන කවුරුවත් නොව මිත්‍ර පාර්ෂවය වන ස්පයිඩර්ස්ලා ය.

වෑන්රිය පණ ගන්වා යක්කල මාවත දිගේ වෙිගයෙන් ගොස් ප්‍රධාන පාරට ගමන්කර,
එම මාර්ගයේ ගමන් කරන අතරතුර දී අදල වීදි ස්ථාවර දුරකථනයක් හරහා CID
මධ්‍යස්ථානයට කතාකර අදාල ඔත්තුව ලබාදීමෙන් පසු, ඉන් මද වෙලාවකින් කිරිබත්ගොඩ හරහා කොළඹට ඇතුල්වී , එතනින් ඔබ්බට විත් මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ආවෙමු.

වෑන්රිය ඇතුලේ ඇති රථගාලට දමා තිදෙනාම විවෙිකගන්නට විය.

*සුභපැතුම් සර්… ``ape vs cat ´´ ප්ලෑන් එකේ පලමු අදියර එසේ නිමාවිය..

හහ්… හහ් හා…. දැන් වැඩෙි පත්තු වෙන විදිහ අපිට ස්පයිඩර්ස්ලා කියයි නේද කසුන්… ?

*ඔව් සර්….

වෙරිගුඩ්…. බොහොම ස්තුතියි මහත්වරුනි.

හෝරාවකට පසු අප ස්පයිඩර්ස්ලා විසින් ගම්පහ පිහිටි රවින්ද්‍රගෙ නිවස CID නියෝජිතයින් විසින් වටලා සෝදිසි කර අදාල මෘතදේහය රැගෙන ගිය බව අප වෙත සැලකරන ලදි.

හ්ම්ම්… එහෙනම් වැඩෙි පත්තු වෙලා තියෙන්නෙ. දැන් ඉතින් රෝමය ගිණිගන්න හැටි බලාගෙන ඉමු.

රාත්‍රි හතේ කනිසමට ලගාවෙන විටත් මා සිටියේ තම කාර්යාලයේ අසුන තුලමය.
``කළමනාකරු´´ කියන අනුවර්තන නාමය මාහට ලැබී තිබුනි. හදිසියේම මාහට ඇමතුමක් ආවෙ රැහැන් දුරකථනයෙනි.

හෙලෝ….. සර් මම ප්‍රොන්ටෝ..
නිව්ස් බලන්න දැන්ම…

තම ඉදියේ බිත්තිය තුල රඳවා ඇති රූපවාහිනීය ක්‍රියා කෙරුවෙමි.

`` මෙන්න ඒ පුවත නැවතත්.. අද දහවල් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුන තොරතුරක් අනුව කොටුව පොලීසියේ රාජකාරි නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවස පරික්ෂා කිරීමෙිදී අධිශීතකරණයක දමා තිබු මෘත ශරීරයක් හමුවී ඇත. මීට මාස හතරකට ආසන්න කාලකදී මියගිය හෙදියකගේ යැයි සැක කරන එම මෘත දේහය අදාල උප පොලිස් පරීක්ෂක සතුව මෙතෙක් කාලයක් නීත්‍යානුකූල නොවන අයුරින් තබා ගත්තේ මොන හේතුවකටද යන්න.
ප්‍රශ්න කිරීම් සඳහා තව දුරටත් ඔහු
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පරිශ්‍රය තුල රඳවා ගන්නා බවටත් , මෙම ඝාතනය රටෙි නම ගිය පාතාල කල්ලි සාමාජිකයින් විසින් සිදුකර ඇතැයි සැක පහලවී ඇති බවත්, මෙි පිලිබඳව පුළුල් පරීක්ෂන කඩිනම් කර ඇති බවටත් , නිල නොලත් ආරංචි මාර්ග පවසයි´´

`` ජැක්පොට් මාධව ´´ මා මටම මිනුවෙමි.

**සර්… මම ඇතුලට එන්නද….?

එන්න …..

**දැන් ෂැපද… කියලා තමයි අහන්න තියෙන්නෙ.

ඔව් ඒක ඇත්ත… නමුත් තවම අපි ලඟදි ලූණු කෑවද. සැමන් කීයද කියලා ඇහැව්වෙ නැහැ…

**ඒ ටික රවින්ද්‍ර ලොක්කා ගෙන් අහමු නේද….?

ඔව්… අනිවාර්යයෙන්ම.. ඒ ටික එයාගෙන් අහන්න ඔීන අපි… ඒකත් අද හෙටම අහලා බලමු ලෑස්තිපිට ඉන්න….
දැන් එක එකාව උඩට යවන්න කාලය හරි. මුන්ව හුරතල් කරලා බැහැ. මොකද මුන් අපරාධකරුවන් නෙ.

*සර්…

හා… එන්න කසුන් මහත්තයා ….

*වැඩෙි හරි නේද සර්….

හරි… දැන් අපි ටික ලෑස්ති පිට ඉන්න ඔීන. මොකද දැන් ඇන්ටනී හැංගෙනවා.
ඒ වගේම එස්අයි රවින්ද්‍ර එක්ක වියරුවෙන් ඉන්නෙ… මෙිකෙන් රවින්ද්‍ර සම්පූර්ණයෙන්ම තනිවෙන්නෙ නැහැ.
ශාන්ත බොහෝදුරට රවින්ද්‍රගෙ පැත්ත ගන්න ඉඩ තියෙනවා. අනිද්දා සෙනසුරාදා. හෙට නයි⁣ට් ක්ලබ් එකට ඇන්ටනී එනඑක ෂුවර් නැහැ. මොකද දැන් මෑන් දන්නවා CID එක මෑන් ගැන ඇහැගහගෙන ඉන්නෙ කියලා. ඒ හන්දා
මෑන් බොහෝදුරට මහමොළකරුවාව හමුවෙන තැන වෙනස් කරයි. හෙට
උදෙන්ම අපි ශාන්තව අතුරුදහන් කරමු.

**හෙට ….?

ඔව් …. හෙට… මෙි වෙලාවෙ එක එකා අතුරුදහන් කරපුවාම. ඔය සේරම එක්තැන් වෙනවා. එහාට මෙහාට යන්නෙ නැහැ. ඒක අපිට ලොකු වාසියක්. එහෙනම් මහත්වරුනි හෙට උදේ මෑන්ගෙ ගෙදර අභියසදී ශාන්තව පැහැරගමු. ඊට පස්සේ පණිවිඩකරුවන් දෙන්නට හෙටම ගේම දෙමු. එතකොට
උන් හැංගෙනවා.

*සර් මොකක්ද ප්ලෑන් එක..?

වාහනය ගේ ලඟට ගෙනාවා. දොරට තට්ටු කරා. දොර ඇරපු ගමන් සිහිනැති කරලා වාහනයට දාගත්තා එච්චරයි…
සුපුරුදු පරිදි නියෝජිත ජනිත් වාහනය ආපසු හරවගෙන රෙඩි පිට ඉන්නවා. මම ගිහින් දොරට තට්ටු කරනවා. ඒ වනවිට කසුන් පිටිපස්සෙ දොර ලඟ ඉන්නවා. ⁣මෑන් කොහෙන් පිටවුනත් , අපි සිහිනැති කරලා වාහනයට දාගන්න ඔීන. ඊට පස්සේ එන් හවුස් එකට ගිහින් ප්‍රශ්න කරමු . ඊට පස්සේ ඉවරකරලා දාමු. එච්චරයි …

**හරි සර්….

එහෙනම් මහත්වරුනි හෙට උදේ හයට හමුවෙමු ….

*ගුඩ් නයිට් සර්….

ගුඩ් නයිට් මහත්වරුනි ….

පසුදින උදේ හයේ කනිසමට අප වෑන්රියෙන් පිටත්වුනේ ශාන්තගෙ කුඩා නිවස වෙතය. අඩහෝරාවකට පසු වෑන්රිය ආපසු හරවා ලෑස්පිට තබා.
ශාන්තගෙ ගෙදර දොරට තට්ටු කෙරුවෙමි. රෝහල් සේවක ඇඳුම්න් සැරසී දොර විවෘතකර.

***ඔව් කවුද … ? මොකක්ද වෙන්න ඔීන මගෙන්….

සමාවෙන්න මහත්තයා කරදර කරාට… මෙි…. විල්බට් රණසිංහ මහත්තයාගෙ ගේ කෝකද….? කියනවාත් සමගම
ක්ලෝරෆෝම් යෙදු රෙදි කඩ ශාන්තගේ නහයට තබා තද කෙරුවෙමි. මගේ ග්‍රහණයෙන් මිදීමට මාහට පහරදීමට
උත්සාහ කරන අවස්ථාවෙිදී පසුපස විලුඹ ගට කකුල දමා වෙට්ටුවක් දමා, බිම පෙරලා රෙදිකඩ නහයට තබා තද කෙරුවෙමි. තත්පර කීපයකින් සිහිසුන් විය. දෙදෙනාම එක්ව උස්සාගෙන ගොස් වාහනයට දමා දොර වැසීමෙන් පසු වෑන්රිය වත්තල වෙරළ බලා වෙිගයෙන් ගමන් ඇරඹීය.

ඒ අතරතුරදී අතපය හා කෑගැසීමට නොහැකි වනසේ කටද බැඳ දමන්නට අමතක නොකෙරුවෙමු. හෝරාවකට පසු
එන්හවුස් එකට ලඟාවීමට අපට හැකිවිය. වහාම පුටුවක තබා අතපය
බැඳ දමා මුහුණට වතුර වක්කර පියවි සිහියට ගෙන ආවෙ නියෝජිත ජනිත් විසිනි. සිහිය ආ විගස සෙලවීමට උත්සාහ ගත්තද පුටුවට තියා තදින් ගැටගසා ඇති නිසාවෙන් ශාන්තට සෙලවීමට නොහැකි විය. මාරුවෙන් මාරුවට අප තිදෙනා දිහා බලා සිට මොහු
සිදුව ඇති දේ වටහා ගත්තාක් මෙන් නිහඬව සිටියේය.

නිශ්ශබ්දතාවය බිදීමට මා හඩ අවදි කලෙමි. ඉතින් ශාන්ත කියමු බලන්න වතගොත ටිකක්.

***තමුසෙලා දන්නවද මම කවුද කියලා.

ඔව්…. මොකද අපි නොදන්නේ… රටෙි රහරහසිගතව සිදුවුන අපරාධ රැසකට
සැළසුම් නිර්මාණය කරපු, සමාජයට රෝහල් සේවකයෙකු ලෙස පෙනී සිටින ශාන්ත තමයි මෙි. S Tigers ලාගෙ ගැන්සියේ මරණීය ලැයිස්තුව සකසන්නා.
මම හරිද කිව්වා … තව … මිහිරාණි මිස්ගෙ මරණයට වක්‍රවාකාරව සම්බන්ධ
වගේම , මරදාන රෝහලේ හෙරොයින් බෙදාහරින ප්‍රධා නියෝජිතයා. ඇද්ද තව වර්ණනා කරන්නද….?

***එහෙනම් ඔහෙලා සේරම දන්නවා.

නැතුව නැතුව සේරම දන්නවා. තමුසෙ හිතනවද මෙතනට අරගෙන ආවෙ ප්‍රශ්න කරන්න කියලා. නෑ එහෙම කරන්න තරම් අපිට වුවමනාවක් නැහැ නේද නාරද මහත්තයා … මෙතෙන් වෙිලා අපිට පිටුපා සිටි තම සහයකයා වන කසුන් ආපසු හැරුනි.

*** මොකක්… නාරද තමුසෙ…?

ඔව් … මම තමයි නාරද… තමුසෙලාගෙ කෙරුවාවල් වලට තිත තියන්න කාලය හරි.. තමුසෙගෙන් පටන් අරගෙන මහ එකාගෙන් අපි ඉවර කරනවා.

එතකොට මම තමයි… ඔය මරදාන රෝහලේ එලියේ ඉඳලා හිඟාකාපු අළුත් හිඟන්නා. ඒ වගේම තමුසෙලා ටික
ගෝල්ෆේස් එකේ තිබුන එලිමහන් මීටින් එකේදී පිස්සු තාත්තගෙ චරිතය රඟපෑවෙ. ඒ වගේම මෙි ගේම්එක හැඩ්ල් කරන්නේ අපි ටික තමයි.

**එතකොට මම තමයි ඒ පිස්සු තාත්තා ඇදගෙන ඉවතට ගියේ..

***තමුසෙලා කවුද….?

අපි කවුරු වුනත් තමුසෙට මොකද ඔීයි….
තමුසෙලා මිනිස්සු ඔීන ඔීන විදිහට අපරාධ වලට පොලඹවාගන්න පුළුවන් නම් , අපිට පුළුවන් එව්වා සේරම නවත්වන්න. ඒකට විකල්පය තමයි එක එකා පරලොව සැපත් කරන එක. තමුසෙලාගෙ නාරම්මල ගෝලයෝ දෙන්නට වගේම , අර සයුරිගෙ ගෙදර රෑට මුර කරපු දෙන්නටත් සුදුකොඩි පෙන්නුවෙ අපිම තමයි. තොපි මෙි රටෙි ඉපදිලා රට කාලාදාන පිළල.

***හහ් හහ් හා…. උඹලට ගැලවුමක් වෙන්නෙ නැහැ.

එහෙම වෙයිද නැද්ද කියලා දැනගන්න උඹ ජීවතුන් අතර ඉන්නෙ නැහැ. අපිට ගැලවුමක් අවශ්‍යත් නැහැ. හැබැයි අපි සේරම ටික ගලවගෙන තමයි යන්නෙ.
(කියමින් මගේ පිස්තෝලය ඔහුගේ හිසට ඉලක්ක කරගෙන )
අවසානෙට මොකුත් කියන්න තියනවද..?
මොකද අපිට නාස්ති කරන්න කාලයක් නැහැ. උඹෙ පස්සෙන් ඇන්ටනී , රවින්ද්‍ර , ඇතුළු කීප දෙනෙක් ඉන්නවා වගේම , මහඑකාත් ඉන්නවා. මොකක්ද බං උගෙ නම…… නම මතක නෑ ( මාගේ ඔලුවට පිස්තෝලයෙන් පහරවල් දෙකක් ගසා ගනිමින් )

නෑ කමක් නෑ…. පස්සේ මම මතක් කරගන්නම් …. කියමින් පිස්තෝලයේ කොකා ගැස්සුවෙමි. ``කචස්´´ හඩ පිට
විය… හපොයි මම මෙික රෙඩි කරලා නැහැ නෙ. කියමින් ස්ලයිඩ් ලොකින් ලිවරය පහලට දමා ස්ලයිඩරය පස්සට
ඇද , අතහැරියෙමි. හා…. දැන් හරි…
කියමින් නැවත වතාවක් කොකා ගැස්සුවෙමි. එවරත් කචස් හඬ පමණක් පිටවිය. ඒ දෙවතාවෙදිම ශාන්තගෙ ඇස් පියවි ගැස්සෙන්නට විය. ආ… සොරි…
මෙිකෙ රවුන්ඩ්ස් ( පතුරම්) නෑ… නාරද මට එකක් දෙනවද ණයට. මොකද තියෙන්නෙ ඔළුවට හන්දා එකක් ඇති.


මොකද ශාන්ත මහත්තයා වෙව්ලන්නෙ. සීතලයිද….?

***එඑඑපා පා පා…. මාව මරන්න්න්න්න්…න.. එපා..

ඇයි බය වුනාද…. ඔය ඔීනම කෙරුමෙක් පොර ටෝක් දුන්නට මැරෙන්න බයයි. උදාහරණයකට උඹලා වගේ එවුන්. මැරෙන්න බය නැත්තෙ සොල්දාදුවො විතරයි. ඒකනෙ මොන ගේමක් ගියත් උන්ටික ඉස්සරහටම යන්නේ. උන් ඊලඟ මොහොතේ මැරෙන බවත් දන්නවා. ඒත් තමන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඌ උණ්ඩයට පපුව දෙනවා. ඒ වුනාට උන් සිරි ලංකාව පවතින තාක් `` අටපාස් ආමිකාරයෝ ´´ ඔීකනෙ බං ඇත්ත. ඒකනෙ උන්ට අභිමානවත් විදිහට අවසන් කටයුතු කරන්නේ. උඹ ඇයි මැරෙන්න බය. උඹට නිකමටවත් හිතුනෙම නැද්ද අහිංසක මිනිස්සු මරන්න සැළසුම් කරනකොට උන්ටත් මරණ බිය තියනවා වගේම , උන්ටත් ජීවත්වීමෙි අයිතියක් තියනවා කියලා. මොකක්ද උඹලට උන්ව මරන්න තියෙන අයිතිය. ඇයි උඹලා දස මාර සේනාවද….?

***සර්… මට තේරෙනවා අපි කරේ අපාගතවෙන වැඩ කියලා. හැබැයි අපිට ආපසු හැරෙන්න බැහැ.

ඒක හරි… නමුත් ඩොක්ටර් දුනිත්ලා වගේ අය අපි ආපසු හරවා ගත්තා. එක බොරුවකින් ජොනියා කුඩු ගැහිල්ල නැවැත්තුවා. උන්ට හැදෙන්න චාන්ස් එකක් දුන්නා. උන් දැන් හැදීගෙන එනවා.
අන්න මිනිස්සු… වරද , වරදේ ස්භාවය දැනගත්තහම උන් විසින්ම උන්ව පාලනය
කරගෙන පාපයෙන් මිදෙනවා. ඩොක්ටර් දුනිත් බුද්ධිමත් වගේම උගත්. ඒත් ජොනියා .. ? ඌ උගතෙක් , බුද්ධිමතෙක් නෙමෙි. නිකං පොඩි පොඩි ගේම් දිදී දවස ගෙවන එකෙක්. ගැට කපන්නෙක්… ඒත් ඌ කැත පුරුදු නැවැත්තුවා….ඒත් උඹලා අනුන්ගේ කීමට මිනී මරනවා. උඹලට මොනවද ලැබුනෙ. සල්ලි නේද… එච්චරයි නෙ. උඹලා උන්ගෙ අතකොලු විතරයි. අතකොලුවෙ හයිය තියෙනකම් වැඩ ගන්නවා. ඊට පස්සේ ලිපට තමයි ඉතින්.

***ඔව් සර්… මට තේරෙනවා. මම දන්න හැමදේම කියන්නම්..

**අපිට දැනගන්න අමුතුවෙන් දේවල් තියනවද සර් මුගෙන්…?

***සර්… මට තේරෙනවා සර්ලා වැඩකාරයෝ කියලා. නමුත් ….

**ඔව් ඔව්… නැත්නම් ඉතින් තමුසෙගෙ ටෝච් එක උස්සලා. ඒකෙ තිබුන ලියම අරගෙන , ඒකෙ තියෙන දේවල් ටිකෙ කොපියක් ගත්තා වගේම මිහිරාණි මිස්ගෙ බොඩිය පවා අතුරුදහන් කරවලා දැම්මෙත් අපිම තමයි.

***මම තේරුම් ගත්තා මිහිරාණිගෙ මරණයේ සාක්ෂි හොයලා දුන්නෙ අදිසි කණ්ඩායමක් කියලා. ඒත් අපිට හොයාගන්න බැරිවුණා. මොකද ඒ තරම්ම උපක්‍රමශීලී ටීම් එකක් ඒක…

*ඒ සේරම ගේම් ගැහැව්වෙ අපි ටිකදෙනා බං… මෙි ගේම්එකට වගකිවයුතු බත් වයලට් පවා අපි ඇතුලට යවනවා.

***මම දන්නවා අපේ ටීම් එකේ මහඑකා හොයනවා කියලා.

**කවුද ඇන්ටනී කොස්තා ද…?
උගෙ දවසක රෑ හොම්බ තැලුවෙත් අපි තමයි.

***එහෙමද….? මම ඇත්තම කියන්නම්…
මෙි හෙරොයින් ලංකාවට ගෙන්වන මහඑකා කවුද කියලා මම දන්නෙත් නැහැ. අදවෙනතු ඇන්ටනී දැකලත් නැහැ.
අපිට එන ඔීඩරය අපි ක්‍රියාත්මක කරනවා
එච්චරයි…

එතකොට අර පණිවිඩයකරුවන් දෙන්නට
ඔීඩර් එන්නෙ කොහෙන්ද ….?

***ඒක එන්නෙ බ්ලූමැන්ඩල් නයිට් ක්ලබ් එක ඇතුලෙන්… ඒ තරම් රහසිගතව තමයි මෙික වෙන්නෙ… අපි දන්නෙ නැහැ කවුද කියලා… අවසාන වශයෙන් මම ඉල්ලන්නේ.. මට දෙන්න ඔීක. මම , මටම
වෙඩිතියාගන්නම්.

සුපුන් …

**සර්….

මුගෙ එක අතක් විතරක් ලෙහන්න..

**හර සර්…

හ්ම්ම්… මෙන්න ගනින්.. වැඩෙි කරගනින්.
කියමින් එක උණ්ඩයකින් සමන්විත පිස්තෝලය ඔහු අත තැබුවෙමි.

`` තුජේහ්හ්හ්හ්හ් ´´ හඬ නංවමින් ඔහුගේ නළල පසාරුකරගෙන ගිය උණ්ඩය පිටුපස කුඩා මොළය පසුකර ලේ පාරක් විදමින් එලියට විසිවිය..

මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now