⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 11 වන දිගහැරුම ⸎
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


එහෙමනම් මම හිතුවා වගේම මෙික ජාලයක්. හොඳයි අපි බලමු…

මෙතැන් සිට…………

දහවලත් ගෙවී හවස් යාමය වනවිට. ආපසු තම වේෂය මාරුකරගෙන.
කාර්යාලය වෙත පැමිණියේ තම සහයකයා බලාපොරොත්තුවෙනි. රාත්‍රි හතේ කනිසමට ලඟාවන විට තම කාර්යාලය වෙත ඔහු ආවෙ සිනාමුසු මුහුණකින්ය.

ඉතින් කසුන් මොනවද අළුත් තොරතුරු.

*එහෙම කියන්න තරම් දෙයකුත් නැහැ. නැතුවාමත් නෙමෙි.

කියන්න බලන්න ….

*සර් පලමු කාරණය… මෙික ජාලයක්.
ශාන්ත මෙිකෙ මොන තනතුර දරනවද කියන්න මම තවම දන්නෙ නැහැ. නමුත් මෑන් ලොකු වැඩකොටසක් කරනවා. ඇතුලෙ ඉඳන්…

හහ් හහ් හා… හොරුන්ට , මීනිමරුවන්ට මොනවද තියෙන තනතුරු කසුන්… ?

*ඇයි සර් එහෙම කියන්නෙ…. අපේ රටෙි හොරු තමයි ලොකුම තනතුරු ටික දරන්නේ. ඒකනෙ අපට වැඩ වැඩි..

අම්මපා ඒකත් හැබෑව තමයි. ඉතින් ඉතින් …?

*ඒකනෙ ඉතින් …. සර් මෙතන වෙන්නෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක්…

හැබෑටම … ඉතින්….?

*සර්… ඒකට ඉතින් පුදුම ⁣වුනේ නැහැ නෙ…?

හරි… ඔන්න මම පුදුමවුනා. දැන් කියන්න ඉතුරු ටික…

*එහෙම නෙමෙි සර්… සර් කිසිම වෙනසක් ම⁣ට පෙන්වූයේ නැහැ නෙ.

කලින් දවසේ මම කරපු ඉඟිය මතකයිද..?

*ඔව් සර්…. බෙදාහැරීම නෙ.

ඔව් කසුන්… මෙතන වෙන්නෙ මත්ද්‍රව්‍ය බෙදාහැරීමක් කියලා මම හිඟාකන්න ගිය පලවෙනි දවසෙම දැනගත්තා. හැබැයි ඒක කරන විදිහ තමයි හොඳම.

*කරන විදිහ….

ඔව් …….. කරන විදිහ. ඒක හරිම ආකර්ෂණීයයි.

*ආකර්ෂණීයයි ….? ඒ කොහොමද…?

``කැමතිනම් මලේ , නැත්නම් වලේ ´´ තමයි ඉතින්…

*මො මො .. මොකක්ද ඒ….?

ඒක ටිකක් සංකීර්ණයි යාළුවා. ඒකට උත්තර තියෙන්⁣නෙ නියෝජිත ජනිත් ලඟ.
මම හිතනවා දැන් ඒ උත්තරය අරගෙන එයි කියලා. හා ඔය එන්නෙ කියනකොටම..

Common … have sit..

**thank u sir….

ඔය තියෙන්නෙ. මම ඉල්ලපු රිපෝට් එක වෙන්න ඔීන…

**ඔව් සර්…. කදිමයි නියෝජිත ජනිත් කදිමයි…

මියගිය මිහිරාණි මෙනවියගේ වෘත්තීය ජීවිතය තුල වැඩකල අයවළුන්ගෙ විස්තරය කෙටි වෙලාවක් ඇතුලත මා කියවා බැලුවෙමි. මෙයනම් ඉතා වාසිදායක තොරතුරකි. `` ජැක්පොට් මාධව

*මොකක්ද සර් ජැක්පොට් එක…?

හොඳයි… බොහොමයක් ස්තුතියි නියෝජිත ජනිත්. මෙි රිපෝට් එකට අනුව
මෙි වසර දහයක සේවාකාලයට වෛද්‍යවරුන් පස්දෙනෙකු හා හෙදියන් තිදෙනෙකු මියගිහින් තියනවා. වෛද්‍යවරුන් පස්දෙනාගෙන් හතරදෙනෙක් සියදිවි හානිකරගෙන තියෙනවා. එක්කෙනෙක් රිය අනතුරකට
මුහුණදීලා දිවියෙන් සමුඅරන් තියනවා.
ඊට පස්සේ හෙදියන් තිදෙනාම මියගිහින් තියෙන්නෙ සියදිවි හානි කරගෙන.

**මොකක් … (සහයකයින් දෙදෙනාම මුහුනින් මුහුණ බලමින්)

ඔව් …. සේරම සියදිවි හානිකරගැනීම්. එකක් ඇක්සිඩන්ට්. මොනවද ඔය මහවරුන්ට හිතෙන්නේ..

*මොකක්ද සර් ඒ හරුපේ….?

හ්ම්ම්… (තම පුටුවට හාන්සි වෙමින් )
දැන් තේරෙනවා නේද මෙතන ජාලයක් ක්‍රියාත්මක වෙනවා වගේම, ඒ සිදුවීම් නීත්‍යානුකූල වහන්න ක්‍රමවෙිදයකුත් නිර්මාණය කරගෙන තියනවා කියලා.
මම ඒක තමයි කලින් කිව්වෙ. මෙික අපිට සුළුවෙන් හිතන්න පුළුවන් කාරණයක් නම් නෙමෙි කියලා. දැන් ඔයාලා හිතනවද මෙි අය මැරුනෙ ඇත්තටම මෙි හේතූන් මත කියලා.

**නෑ නෑ සර්… මෙිකට ලොකු ගේමක් දෙන්න වෙනවා. අර ගිය මිෂන් එකේ වගේ කල්ලියක්ම ඉන්නවා අල්ලගන්න.

ඔව් නියෝජිත ජනිත් … ඊටත් වඩා දරුණුයි. වෙඩි හුවමාරු පවා ඇතිවෙන්න පුළුවන් මෙි ගේම් එක විසඳනකොට. නිකමට හිතලා බලන්න වෛද්‍යවරුන් , හෙදියන් කියන්නේ මෙි රටෙි ඉන්න බුද්ධිමත් කොටසක්. හැමෝටම වෛද්‍යවරුන් , හෙදියන් වෙන්න පුළුවන් ද…? එහෙම නිර්මාණය වන වටිනා ජීවිත අකාලයේ මියැදෙනවා කියන්නේ. යම්කිසි පිරිසකගේ යටි අරමුණ උදෙසා..?
අපරාධ නෙමේ සාපරාධ නේද…? අපිට දරන්න බැරි කැස්සක් හැදුනත් අපි දුවන්නේ වෛද්‍යවරුන් ලඟට, එහෙවි වටින මිනිස්සු අකාලයේ මියැදෙන්න දෙන්න බැහැ. මෙි ගමන එකෙක් දෙන්නෙත් මරලමයි මම පස් බලන්නෙ. මොකද මුන් හොඳාකාරවම දන්නවා නීතිය නමලා බේරෙන්න. එහෙම නැමිල්ලක් තමයි මෙි නමලා තියෙන්නෙ
`` සියදිවි නසාගැනීම ´´ කියලා නාටක සංකල්පයක් නිර්මාණය කරලා. දැන් තේරෙනවා ඇති මම කියපු දේ
``කැමතිනම් මලේ , නැත්නම් වලේ ´´
වැඩෙිට කැමතිනම් ඉහල වරප්‍රසාද ,
අකමැතිනම් වල ඇතුලෙ.

**ඔව් සර් ඒක ඇත්ත. අපිට ජීවිතයේ අමතක කරන්න බැරිම කොට්ඨාසයක් තමයි. දෙගුරුන් , ගුරුන් , වෛද්‍යවරුන් හා ඊට අයත් සමූහය.

ඔව් ඒක ඇත්ත නියෝජිත ජනිත්. සෞඛ්‍ය සේවයේ ඇතැම් තැන්වල නොමනා ක්‍රියාවන් වෙනවා තමයි. නමුත් ඒක පුද්ගලයා සතු ජන්මාන්තර ගතිගුණ මිසක වෘත්තීය හෝ සේවයේ පවතින ගැටළු නම් නෙමෙි. මොහොතකට හිතන්න. අපිට කාගෙන්හරි සුළු හෝ බලපෑමක් එල්ල වුනහම අපි දුවන්නේ පොලීසියට නේද. එහෙනම් මෙිවගේ සේවයන් ළුලදායි හෝ අපලදායි වන්නේ එම ආයතන වල පුද්ගලයන් ක්‍රියා කරන ක්‍රමය අනුව නේද…? එතකොට මහජන ආරක්ෂාව පිලිබඳව ලොකු මෙහෙයක් ඉටුකරනවා පොලීසිය. ඒ වුනා SI රවින්ද්‍ර වගේ කළු ලප හන්දා මිනිස්සු සමස්ථ ආයතනය කෙරෙහිම කලකිරෙනවා. ඒකයි ඇත්ත තත්ත්වය. ඔීනම ආයතනයක් , එම ආයතන සංග්‍රහයට අනුකූලව ස්වාධීන වනවා නම් , පුද්ගල විනය ඇතුළුව , මෙි සියළු ආයතන විශිෂ්ඨ ආයතන වෙනවා මහජනයා ඉදිරියේ. ඉතින් ඔීකයි තත්වය. මම දුර ගියා වැඩියි වගේ. ඉතින් තව ජීවිත ගණනාවක් බිල්ලට ගන්න කලින් මුන්ටික අල්ගන්න ඔීන.

ඉතින් මම කියන්නම් මම අද කරපු දේවල් ටික. මම අද ගියා කලින් දවසෙ නියෝජිත ජනිත් කියපු මියගිය මිහිරාණි මෙනවියගේ කුලී නිවසට ඉද්දර තියෙන ගේ සෝදිසි කරන්න. ඇත්තටම මම එතනට ගියේ කුකුලා අතින් අරගෙන. මොකද , මද එලියේ මිසක තද එලියේ ඒක කරන්න බැරි හන්දා. මොකද එහෙම වුනොත් හැමෝටම මාව නිරීක්ෂණය වන හන්දා. මම යන්නේ නිරීක්ෂණය කරන්න මිසක , මාව වෙන කෙනෙකුට නිරීක්ෂණය වෙන්න නෙමෙි නෙ. ඉතින් ඒ ගමන මට හුඟක් ඵලදායි වුනා. ගේ ඉදිරිපසින් ඇතුලට ගිය මම , හැම කාමරයක්ම සියුම්ව නිරීක්ෂණය කරා. නමුත් මට කිසිම දෙයක් හොයාගන්න බැරිවුණා..

*ගේ පුරා තිබුන මකුළු දැල් ඇරෙන්න..

නෑ එහෙම එව්වා තිබුනෙත් නැහැ කසුන්.

*මොනවා… වසරකට ආසන්න කාලයක්
පාළු වෙලා තිබුන ගේ ඇතුලෙ එකදු මකුළු දැලක් නැහැ ….?

ඔව් කසුන් … ඒක තමයි මෙතන තිබුන , මගෙ උනන්දුව වැඩිකරන්න තිබුන උත්තේජකය. ඉතින් කිසිම ලකුණක් පොලවෙ තිබුනෙ නැහැ . සේරම අඩි සලකුණු මකලා දාලා. ඒ වගේම සෝපා පුටුවල දූවිල්ලක්වත් නැහැ ඒ වගේම , නාන කාමරයේ සබන් කෑල්ල පෙගිලා තිබුනා. මම අනුමාන කරන විදිහට ඒ සබන් කෑල්ල පාවිච්චි කරලා දින තුනක් ඇති.

**ඒ කියන්නේ තව බළලෙක් මල්ලෙ ඉඳලා තියනවා.

හරියටම හරි නියෝජිත ජනිත්… ඊට පස්සේ මට තිබුන අවසාන තුරුම්පුව තමයි සිවිලිමට පරික්ෂා කරන එක. ඉතින් මම බිලැක් ලයිට් එක අරගෙන
සිවිලිම පුරා චෙක් කරගෙන යනකොට
එක සිවිලිම් කැටයක අත්ලෙ සලකුණක් පැහැදිලිවම පේන්න තිබුනා දූවිලි පාර මකාගෙන. ඒ කියන්නේ ගෙට ඇතුල්වුනේ කොහොම වෙතත් , ගෙයින් එලියට ගිහින් තියෙන්නෙ සිවිලිමට ගොඩවෙලා එතනින් ගිහින් වහලයේ උළුකැටයක් හෝ කීපයක් ඉවත්කර එතනින් එහාට පිටුපස මිදුලට පැනලා ගිහින් .

*ඉතින් සර් අපිට බැරිද ඒ අත්ලෙන් ඇඟිලි සලකුණු මුද්‍රණයක් ගන්න….?

හිතන්න එපා කසුන් ඌ එච්චර ලාබෙට තමන්ව පාවාදෙයි කියලා. එහෙම සලකුණු ගන්න බැහැ. මොකද තුනි හම් රෙද්දකින් නිමවන ලද ග්ලවුස් දෙකක් පාවිච්චි කරලා තියනවා මෑන් එතනදී.

*ඒකත් එහෙමද…? ඊට පස්සේ …

ඊට පස්සේ ඒ පැනපු තැන වාසනාවට වගේ අඩි සලකුණු ගැඹුරට කාවැදිලා තිබුනා. ඉතින් මම අර අත්ලෙ සලකුනේ වගේම , මෙි පාසලකුණු වල දිග පලල මැනගෙන සටහනක් දාගත්තා. දැන් මට අවශ්‍යයි සසන්දනය කරන්න. අපි දන්න කියන හාදයාගෙද මෙි සලකුණු ටික.

*ඒකට තමයි මට කිව්වෙ ශාන්තගෙ සපත්තු වල සයිස් එක හොයාගන්න කියලා …

හරියටම හරි කසුන්… ඉතින් මම බලාපොරොත්තු වෙනවා සුභදායී පිලිතුරක්…

*වැඩි කතා ඔීන නැහැ මෑන්ගෙ සයිස් එක අංක 28. මොකද මම පැහැදිලිව ඒක දැක්කා. ගලවලා තියෙන සපත්තුවෙ.

හ්ම්ම්… එහෙමද. එහෙනම් එතනදී සැකයේ වාසිය මෑන්ට හිමියි මහත්වරුනි.
මොකද මගේ අගයන් අනුව සෙ:මී 26ක් විතර වෙන්නෙ. සෙ:මී දෙකක පරතරයක්
තියනවා.

**පොඩ්ඩක් ඉන්න … සර් මෑන් කොච්චර කලබල වුනත් යන්නෙ හෙමින් නේද…?

ඔව්…. හැබෑටම ඔව් ඔව්… තමන්ගෙ සයිස් එකට වඩා ටිකක් ලොකු සපත්තු දාගත්තහම හිතේ හැටියට ඇවිදින්න අමාරුනෙ. මොකද පයට හිර නැහැනෙ ඒක. (මම පුදුම වුනෙමි) කසුන් ….?

*සර්….?

මෑන්ගෙ සපත්තු දෙකේ වර්ගය මතකයිද..?

*ඔව් සර් මට මතක හැටියට ``බෙටන්ස් ´´ කියලා තමයි ගහලා තිබ්බෙ.

නියමයි එතකොට … සපත්තු දෙක අළුත්ද පරණද…?

*අළුත් එකක් සර්….

හොදටම විශ්වාසයිද…..

*ඉරහඳ වගේ විශ්වාසයි මට.

නියමයි… විශිෂ්ඨයි. මෑන් කපටියෙක් නෙමෙි. නීලකපටියෙක්.. තව එකෙක්
තමන්ගෙ පා සලකුණු අධ්‍යනය කරයි කියලා , බොහොම පරිස්සමෙන් කටයුතු කරනවා. හ්ම්ම්… කොහොම වුනත්
බොහොමයක් ස්තුතියි නියෝජිත ජනිත් . හොඳ නිරීක්ෂණයක්.

** no thankz… its my duty sir…

Yeh…. Excellent job… both of u…

ඊලඟ.. මම නැවතත් මහපාරට ආවා අර පිටුපසින් තියෙන තාප්පය තරණය කරලා. ඒ ඇවිත් ශාන්තව නිරීක්ෂණය කරා හොඳට. බොහොම කලබලයෙන් රෝහල් පැත්තට යන අතරෙ එකෙක් බලෙන්ම ඇ⁣ඟේ හැප්පිලා සොරි කියාගෙන ගියා. ඉතින් මම ඒ හාදයාව
ලුහුබැන්දා සෑහෙන දුරකට. ගිහින් මිනිහා නැවතුනේ පොඩි ගෙදරක. එච්චර ආසන්නයටම යන එක අවදානම් වැඩක් හන්දා. මම ගමන නතර කරලා ආපසු ඇවිත් , සෙල්ලම් බඩු වෙලෙන්දෙක් විදිහට ස්වරූපය වෙනස් කරගෙන අදාල ගෙදරටම ගියා. සැබවින්ම ඒක පොඩි ගෙයක්. හැබැයි ගේ නෙමෙයි වැදගත්ම කාරණය මට දකින්නට ලැබුන…

*ඒ මොකක්ද සර්….?

වයස අවුරුදු විසි පහකට අඩු , රැව්ල කොණ්ඩය වවාගත් හාදයෙක් එලියට ඇවිත් සෙල්ලම් බඩු එපා කිව්වා . ඒ වගේ එයාලා මෙි සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්නේ නැහැ කියලා උපහාසාත්මක ස්වරයෙන් මට කට කොණකින් හිනාවෙන ගමන් කිව්වා..

**ෂාහ්හ්හ්හ් මරුනේ… එහෙනම් අපි එයාලත් එක්ක දවසක යමු සෙල්ලම් කරන්න …

*අනිවාර්යයෙන්ම යමු… ( දෙදෙනාම සිනාසෙමින් )

හරි… ඊට පස්සේ. ඒ අතරෙ මම මෑන්ගෙ කර සිහා බැලුවා හීනියට වගේ. දන්නවද මොකක්ද මෑන්ගෙ කරේ තිබ්බෙ කියලා.

*නැහැ සර්….

හහ් හහ් හා…ඔව් ඔයාලා දන්නෙ නැහැ තමයි… තිබුනෙ Name Tag එකක්. ඒකෙ නම කොටලා තිබ්බෙ ඉංග්‍රීසියෙන් TM Gajanayaka කියලා.

*ෂාහ්හ්හ්හ් නියමයි නෙ. මටත් බැරිවෙයිද මෑන්ට කියලා මගෙ නම කොටාගන්න ටැග් එකක.

අල්ලගත්ත දවසට බලමු…

**ඒ කියන්නේ මෑන් තමයි සන්නිවේදන ලිපි තැනින් තැනට හුවමාරු කරන්නේ …?

ඔව් නියෝජිත ජනිත්…

*ඒකෙ තේරුම අදත් ශාන්තට නැවුම් ලිපියක් ලැබුනා කියන එක….?

සැබවින්ම කසුන්… අන්න ඒකයි. ඔය ටෝච් එක අපි හොරකම් කරන්න ඔීන.
ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.


**කොහොමද ඒක කරන්නේ ….?

මම කිව්නෙ නියෝජිත ජනිත් … ඒකට මම ලඟ පොඩි සැළසුමක් තියනවා කියලා. හැබැයි ඒක මම වෙනස් කරා.
මෑන්ව මිතුරු කරගන්න එකට මහන්සි වෙන එක මෙි වෙලාවෙ කාලෝචිත නැහැ.
ඊට වඩා ලොකු පිම්මක් අපි පනින්න ඔීන.
ඇතුලෙ ඉන්න කොල්ලව එලියට අරගන්න නම්. ඒ හන්දා මම සැළසුම වෙනස් කරා…

*සර්… මොකක්ද සැළසුම..


මතු සම්බන්ධයි…….



මෙිකයි සැළසුම …
මෑන් රාත්‍රි රාජකාරි දවසට නිදිකරවීම. ඊට පස්සේ ටෝච් එක හොරකම් කරලා. නිදිකරවන්නේ මෑන් කනබොන එකකට නිදිබෙහෙත් දාලා,

*ඒ කියන්නේ මම තමයි ඒ වැඩෙි කරන්න ඔීන …?

ඔව් කසුන්… ඊට පස්සේ අපි එලියෙ තැනක ඉන්නවා එතනට ටෝච් එක විසිකරන්න. අපි නිරුපද්‍රිතව ඒක අරගෙන ක්ෂනිකව මෙතන ඇවිත් කාබන් කොපියක් දාගෙන, හැකි ඉක්මනින් ඒක ටෝච් එකට අසාල ලියමන දාලා ගෙනැවිත් දෙන්නම්. ඊට පස්සේ ඔයාට පුළුවන් නැවත ඒක බෑග් එකට සාලා අත පිහාගන්න.

*හරි …. මම ඒක කොහොමහරි කරලා දෙන්නම් සර්….

නියමයි බොහොමයක් ස්තුතියි. මෑන් නයිට් වැඩ දවසට වැඩෙි දාගමු. මට දවල් එලියට ඇවිත් කියන්න.

*ඒ කියන්නේ හිඟන්නට…?

ඔව් හිඟන්නාට තමයි….

*හරි…



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now