⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 13 වන දිගහැරුම ⸎
`` බත් වයලට් ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බාහිර උත්තේජනය මට සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා අද දවසේ.
ඒ අයිස්ක්‍රීම් එක මට වටිනා පාඩමක් ඉගැන්නුවා…

මෙතැන් සිට……….

ඒ ගැන මම පස්සේ විග්‍රය කරන්නම්. ඊට පෙරාතුව මට තියනවා ඔයාලට පුදුමය දනවනසුළු දෙයක් පෙන්වන්න… කියමින්
තම ලැප්ටොප් පරිඝණකය ක්‍රියා කරවා.
සඟවාගෙන සිටි කුඩා පෑන් කැමරාව තුල තිබු චිප්එක ගලවා ලැප්ටොප් එකට හබ් එක හාරහා ඇතුලත් කර එහි තිබූ වීඩියෝව තම සහයකයින් දෙපලට පෙන්නුවෙමි.

ඔයාලට පේනවද මෙි හතරදෙනා.

*මෙි දෙන්නව අපි අඳුරනවා නෙ.
එතකොට මෙි බවලතා කවුද ..
මෙි කලු කෙට්ටු හාදයා කවුද …?

**සර් මටත් එම ප්‍රශ්නය මයි අහන්න තියෙන්නෙ …?

ඉන්න …. මම දැන් මෙි වීඩියෝ එකෙන් මෙි ගැහැනු රූපයෙන් ස්ථිර පිටපත්
පිටපතක් වෙනම දාගෙන , ඒක මෙන්න මෙහෙම පොටෝෂොප් මෘදුකාංගයට දැම්මා …

*ඔව් ඉතින් ….

ඊට පස්සේ මෙි ගැහැණු රූපයේ. මෙි දිග කොණ්ඩය මකලා කොට කොණ්ඩයක් මෙතනින් අරගෙන මෙන්න මෙි විදිහට ඔළුවට බද්ද කරනවා. ඊට පස්සේ මෙන්න මෙි උඩු තොලට උඩින් තියෙන ලපයත් මකනවා. දැන් මෙි සුදුපාට මුහුණ ටිකක් අඳුරු කරලා. මෙන්න මෙි විදිහට තොල්වල තියෙන සායම් , මොනවද මෙි අර ලිෆ්ටික් කියන එව්වත් මකලා දානවා.. දැන් බලන්න ඔය මහත්වරු මෙ ගෑණු ළමයව අඳුරනවද කියලා …

*හපොයි දෙයියනේ… මෙි ``බත් වයලට් ´´ නේද…?

**දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..
මෙි උන්දැ තමයි…

හරියටම හරි…. ඔය අඳුරගත්තෙ ඩෑල් එක.. මතකයි ද මම උදේ ඇහැව්වා සුපුරුදු තැන බත් වයලට් ඉන්නවද කියලා. නමුත් හිටියෙ නැහැ නේද…?

*ඒත් සර් කොහොමද මේ..මේ මේ….ක

පුදුමයි නේද… ඔය මහත්වරුන් හිතන්නේ අපි විතරයි වෙස් මාරුකරන්න දන්නෙ කියලද…?

`` පින්වත් නරේන්ද්‍රයානෙනි …මෙි වනයේ මෙි අඹගහ හැර වෙනත් අඹගස් තිබෙිද ´´

**තියනවා … කරත්තකොලොම්බං..

මොකක්… එහෙම කිව්වද. දේවානම් පියතිස්ස රජතුමා …?

**හා සර්.. එහෙම කිව්වෙ නැද්ද …?

හහ් හහ් හා… නියෝජිත ජනිත් ගෙ මොලේ වයර් මාරු වෙලාද…? මොනවාහරි බීලද ඔය නාට්‍ය බැලුවෙ.

**නෑ සර්.. රජතුමාගේ චරිතය රඟපාපු ඩෑල් එකට ටිකක් වැඩිවෙලා ඉඳලා තියෙන්නෙ.

*අම්මපා කියන්නේ …

**ඔව් කසුන් සර්..(තිදෙනාම සිනාසෙමින් )

හරි හරි…. නැවත මම මාතෘකාවට එන්නම්. අපි විතරක් නෙමෙි වෙිශය මාරුකරන්නේ. උනුත් දන්නවා. උන්ගෙ වැඩේට අනුගත වෙන්න විවිධ විදිහට. හරි… දැන් ඔය මහත්හොරුන්ට ප්‍රශ්නයක් ඇති මම කොහොමද වයලට්ව ග්‍රහණය කරගත්තෙ කියලා.

*නිකංම ප්‍රශ්නයක් නෙමෙි සර්.. දැවෙන ප්‍රශ්නයක් ….

හොඳයි හොඳයි …. පලමුවෙන්ම අපි බලමු බත් විකුණන වයලට් දිහා අපි බලන , අපේ කෝණයෙන්.
``අතට වළලු දමා , ගෙලට මාල දමා ,
කණට තෝඩු දමා , ඇඟිලි වලට මුදුත් දමා ´´

*ඒ වුනාට විකුණන්නෙ බත් ඔතා….

හැබෑව හැබෑව… කසුන් මහත්තයා.
පලමුව එයා ⁣බාහිර ලෝකයට එයා නොදැනුවත්ව හුවා දක්වන තමන්ගේ වත්කම. සාමාන්‍යයෙන් ගැහැණියක් තමන්ගෙ බාහිර ස්වරූපය ඔප්නංවන්න හරිම ආසයි. මෙතනදී ආසාව අංක එක , තමන්ගෙ අදිසි කාර්ය අංක දෙක කරගත්ත එක තමයි අවුල. හිතන්න මොහොතකට. බත් විකූණන අසරණ බවලතෙක් කොහොමද ඔච්චර රත්තරනින් සැරසෙන්නේ…?
එතනින් අපිට පේනවා බවලතා , බලවතෙක් කියලා ආර්ථික මට්ටමින්.
එතකොට මෙහෙම ප්‍රති තර්කයක් ඔයාලට දාන්න පුළුවන් මගෙ නිගමනය අසමත් කිරීමට. `` සෑහෙන කාලයක් තිස්සේ බත් විකුණා සාමාන්‍ය මුදලක් රැස්කරගෙන ඔය විදිහට ඉන්නවා. මෙහෙම වෙන්න පුළුවන් නෙ සර් ´´ කියලා… ඔව් ඒක වෙන්න පුළුවන්. නමුත් ඔයාලම හිතන්න මෙි නාගරික පසුබිම තුල සල්ලි අවශ්‍ය නැත්තෙ හිනාවෙන්නයි , අඬන්නයි, කතා කරන්නයි , හුස්මගන්නයි විතරයි නෙ..
ඉතින් හැමදෙයක්ම මුදල් වලට ගන්න ඔීන මෙි වැයික්කියේ බත්, කැඳ , කඩල විකුණලා පුළුවන් ද ``රත්තරනින් රන් මාල පලන්දා ´´ඉන්න…

*ඒක ඇත්ත තමයි…

**මෙි යන විදිහට ඒකටත් බදු ගහයි වගේ..

හහ් හහ් හා… ඔව් එක හැබෑව..
හෙටක් දැකියහැකි , තමන්ගේම පහල පරපුරක් නැති කෙනෙකුට , රටෙි මිනිස්සුන්ගේ පරපුරක හෙටක් නොදකිනවා කියන එක අරුමයක් නෙමෙි යාළුවා…. ඒක කරුමයක් ම පමණයි. ඒ කරුමෙට වසර ගණනාවක ඉඳලා තමන්ගෙ ජනවරම ලබාදුන්නෙත් අපේ රටෙිම මිනිස්සුම තමයි. මොකද මෙි රටෙි ජාතික ක්‍රීඩාව වොලිබෝල් නෙමෙි `` හොරාකෑම´´ නෙ. ඒකනෙ රටෙි ජනතාව තමන්ගෙ ජනවරමෙන් එයාලට හුරේ පාර දෙන්නේ. ඒ මහා පරිමාණ චෞර ක්‍රීඩකයින්ට තමන්ගෙ ඇඟිල්ල පාටකරගෙනම. කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ `` කුඩෙි තියාගෙන වැස්සට තෙමෙන්න එපා ´´ කියලා තමයි

**සර්ගෙ ආදරණීය පියාණන්ගේ නාමයෙන්ද ඔය කිව්වෙ…?

නැහැ නියෝජිත ජනිත්… මම ජරා වැඩ කරන්නෙ නැහැ නෙ. එහෙම කරත් , එව්වට දෙමව්පියන්ව ගාව ගන්නෙත් නැහැ. හරි හරි… මම අද මාතෘකාවෙන් පිට යනවා වැඩියිද මන්දා… හරි..
ඉතින්… එයා කොච්චර තාත්වික රංගනයක් කරත් එයාගෙ සමහර දේවල් අත්හරින්න කැමති නැහැ. ඒකෙන් අපි වගේ වෙනස්ම පැත්තකින් බලන අයට
සෑබෑ ස්වරූපය පේනවා. ``මසැසින් බලනවාට වඩා නුවනැසින් බලන්න´´ කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරේ ඒකයි.

*ඒ කියන්නේ එයා බත් විකුණන මුවාවෙන් එතන ඔත්තු බලනවා. අපි වගේ අය ග්‍රහණය කරගන්න.

ඔව් කසුන්… ඒක එහෙම තමයි. ඔතන
අනපේක්ෂිත දේවල් ප්‍රවාහනය කරන්න ගිලන්රථ යොදාගන්නවා. නමුත් ඒ එන ගිලන්රථය විශේෂ එකක්. ඒකට මග පාදන එක තමයි මෙි බත් වයලට් කරන්නේ…

*හ්ම්ම් ඒකත් එහෙමද….

ඔව් ඒ විතරක්ම නෙමෙි. එයා මෙතන ඉඳගෙන මත්ද්‍රව්‍යයත් විකුණනවා. මම
එදා එයා සමග වුන සංවාදයේදී දැක්කා වෙනම බත් පාර්සල් කීපයක් තියනවා.
ඒවා විකුණන්නේ විශේෂ , තෝරාගත් පිරිසකට විතරයි.

**ඒ කියන්නේ ඒවගෙ තියෙන්නෙ කුඩු…

අනිවාර්යයෙන්ම නියෝජිත ජනිත්..

**එතකොට අපිට පුළුවන් නෙ එයාව අත්අඩංගුවට ගන්න . නැත්නම් එකපාරටම අතුරුදහන් කරන්න…?

හොඳ ප්‍රශ්නයක් …. නියමයි. ඇයි අපි එහෙම නොකරන්නේ…? සාමාන්‍යයෙන් බත් වයලට් කියන්නේ මෙි චෙස් ගේම් එකේ නිකංම නිකං `` පෝන් කෙනෙක් ´´
විතරයි.. අපි කරන්න ඔීන. එයාගෙන් බඩු ගෙනියන එවුන් පස්සේ යන එකත් නෙමෙි. එයාට බඩු අරං එන එවුන් පස්සේ යන එක. ඒකට වෙනම විශේෂ සැළසුමක් ක්‍රියාත්මක කරන්න වෙනවා.

**එතකොට සර්… මෙච්චර කාලයක් මෙි ගේම් එක කරගෙන ගියේ කොහොමද. කාටවත්ම නොදැනෙන්න…?

තවත් හොඳ ප්‍රශ්නයක්….
එක. සමාජ සම්‍ප්‍රදාය
දෙක. ආරක්ෂක අංශ වල උදව්.

පලවෙනි එක තමයි. සමාජයේ හුඟක් ගෞරවයට පාත්‍ර වුනු තැන් තුනක් තියනවා ප්‍රධාන වශයෙන්.. ඒ තමයි.
පන්සල. නැත්නම් ආගමික ස්ථාන , පාසල , රෝහල්.. මෙි ස්ථාන කුන දිහා ඔීනම කෙනෙක් බලන්නෙ ඉතාමත් ගෞරවයෙන්. ඒ ගෞරවය සහාජ සම්ප්‍රදායක් වෙලා තියෙන්නෙ. ඒවගෙ ක්‍රියා පසුබිම අනුව. ඒ හන්දා ඒ ගැන අශෝබන විදිහට දැක්මක් තමන්තුල නිර්මාණය කරගන්නේ නැහැ ජනතාව.
ඒක පලිහක් කරගෙන රහසේම ගේම ගෙනියනවා ඒ අදාල කල්ලි.

අංක දෙක. ආරක්ෂක අංශ.
මෙතනදී මම විශේෂයෙන්ම කියන්ට ඔීන.

**නෑ නෑ එපා සර්.. විශේෂයෙන්ම කියපු දේවල් ඇති. මෙි දරාගන්න බැරුව ඉන්නෙ.
ඔය කියන්න හදන්නේ ඉදිරි සතිදෙක මීටත් වඩා අමාරුයි කියල නෙ. ඔීක කියන්න ඔයා ඔීන නැහැ . ඒක අපි දන්නවා.

අයියෝ… නියෝජිත ජනිත් ….
මම ඒ කෙහෙල්මලක් ගැන නෙමෙ කියන්නේ..

**හා එහෙනම් කමක් නැහැ. මම හිතුවෙ සර් විග්‍රය රසවත් කරන්න හැදුවා කියලා.

නියෝජිත ජනිත් සමාජ ජාලාවල තියෙන දේවල් බලනවා වැඩියි වගේ. ඇයි මෙි මගේ විග්‍රය මාන්දවිකයි ද…?

*නෑ නෑ සර්… කියන්න. මෙික හුඟක් රසවත් විග්‍රහයක්..

**නෑ නෑ සර්… මම සමාජ ජලා වෙබ් අඩවි බලන්නෙ නැහැ. ⁣මෙි සේරම දැනගන්නෙ පත්තරෙන් …

හ්ම්ම්……එහෙමද හොඳයි.. ඉතින් මම කියන්න හැදුවෙ ආරක්ෂක අංශ හොඳයි. නමුත් මෙි අතරින් පතර ඉන්න, මුදලට තමන්ගෙ ආත්මයම පාවාදෙන එකෙක් දෙන්නෙක් මෙිකට ආවරණ සහය ලබාදෙනවා. ඒ හන්දා තමයි මෙයාලා ගාණට, තිතට කරගෙන යන්නේ.

*ඒ කියන්නේ ``මතට තිත නෙමෙි. තිතට මත ´´ ඒකට උදාහරණයක් තමයි ඔය රවින්ද්‍ර කියන පොලිස් හාදයා..

හරියටම හරි කසුන්… ඒක තමයි මෙතන වෙලා තියෙන්නෙ.

*හරි… මට තියනවා ප්‍රශ්නයක්.

කියන්න බලමු…

*සර් කොහොමද මෙි ගෑණු කෙනා මෙිකට සම්බන්ධයි කියලා සැකහැර දැනගත්තේ.
ඔීනෑවට වඩා ආභරණ පෙන්වන එක ඇත්ත.. ඒක පැහැදිලියි

ඔයා හිතනවද.. මම එතනට හිඟාකන්ඩ යන්න තෝරගත්තෙ ඇයි කියලා. ඇයි මට වෙන චරිතයක් රඟපාන්න බැරිද…?
මට ඇතුල වැඩක් නැහැ. ඇතුල බලාගන්න කසුන්ව යවලා. මට ඔීන වුනේ බාහිර වපසරිය දිහා ඇහැගහගෙන ඉන්න. මොකද මිහිරාණි මෙනවිය මරාදමන්න. වෙනත් පිටිසර තැනකින් කඩාවැදීමක් කරන්න අමාරුයි. මොකද මෙික සැළසුම්සහගත ඝාතනයක්.
මොකද යකා මරන්නට ලේසිම තැන යකාගෙ විමානය කියන තැන මම හිටියා.
ඒක මට වෘත්තීය අද්දැකීම් වලින් ලැබන දෙයක්. ඒකට තමයි ``අපරාධ විමර්ශන ඉව´´ කියන්නේ ඉතින් විමානෙට පිටින් මම හිටියා. කවුරුවත් ගණන් නොගන්නා චරිතයක් තෝරගෙන ඒකට අනුගතවුනා එච්චරයි. මමත් කලින් හිතුවෙ මෙයා සාමාන්‍ය කෙනෙක් කියලා. නමුත් කසුන් මට කියපු කතාව හරිම සිත්ගන්නාසුළුයි.
ඉතින් මම හිතුවා මේ ගෑණු කෙනා එක්ක පොඩි පිලිසඳරක යෙදිලා බලන්න මොනවගේද මෙි පුද්ගල චරිතය කියලා.
අවසානයේ මට තේරුම්ගියා. එයාගෙ චරිතය බත් විකුණන දේට වඩා එහායින් ගිය එකක් කියලා. මොකද මම කලින් කිව්වා වගේ සියුම්ව නිරීක්ෂණය කරනකොට මට තේරුනා බත් ගෙනියන කොට්ඨාස දෙකක් ඉන්නවා කියලා.
`` බත් වයලට් ´´ කියන නාම පදයෙම තියනවා එයාගෙ යම්කිසි විශේෂත්වයක්.
බත් වයලට් විශේෂ වන්නේ. මත්ද්‍රව්‍ය අවශ්‍ය අයට විතරයි. අනිත් අයට ඒ නාමයෙන්වත් ඇති වැඩක් නැහැ.

*එතකොට සර්ට එයා වටෙන් ගොඩෙන් කියපු තොරතුරු බොරුද…? මම කිව්වෙ පොලිස් උන්නැහේගෙ බලපෑම මිහිරාණි මෙනවියට කරපු වගේ දේවල්..

හහ් හහ් හා…. ඒක ඇත්ත. නමුත් ඒකත්
උපක්‍රමයක්. ඇත්තටම එයා බැලුවෙ මම සැබෑ හිඟන්නෙක්ද, නැත්නම් ව්‍යාජ හිඟන්නෙක් ද කියලා. නමුත් එතනදී මම ඒක ගැන ඔීනෑවට වඩා සැළකිලිමත් වෙනවා කියලා වාචිකව හෝ ශාරීරික භාෂාවෙන් ඇ⁣ඟෙව්වෙ නැති හන්දා තරමක හෝ ඒ සැකයෙන් එයා බැහැරව යැවීමට මම සමත්වුණා කියලා මම හිතනවා.

**සර්… එහෙම බලපුවාම අපිට තියනවා පට්ට වැඩ ගොඩක් නේද…?

ඔව් .. ජනිත්.. තව කරුණු ටිකක් තියනවා මට සනාථ කරගන්න . ඊට පස්සේ Dark Head ට දැනුම් දෙන්න වෙනවා මෙිගැන. මොකද මෙික ටිකක් පුළුල් මිෂන් එකක්. ඒ වගේම මට තිබුන දැවෙන ප්‍රශ්නයකට සාර්ථක උත්තරයක් මට අද දවසේ ගෝල්ෆේස් එකේදි ලැබුනා. විශ්වාස කරන්න ඒකනම් ටිකක් අමුතු විෂයක්. මම ඒගැන හෙට හවස විස්තර කරන්නම්. මොකද මට දැන්ම ඒක ප්‍රායෝගිකව පෙන්වන්න බැහැ.

කොහොම නමුත් මීට වඩා අපි දෙන්නා පරිස්සමෙන් කටයුතු කරන්න වෙනවා.
ඉදිරි කාලයේදී. නියෝජිත ජනිත්ට වැඩ ටිකක් තියෙනවා බාහිරින් කරන්න.

**මට…?

ඔව් …. මම කියන්නම් වෙලාව ආපුහම.

**හොඳයි හොඳයි…..


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now