මේ සිදුවීමට මම මුහුන දෙන්නේ 2017 වසරෙදී සීදුවෙදී.

ඔය කාලේ මම කටුනායක ජොබක් කරා.ඒකේ shif 3කට තමයි අපිට වැඩ කරන්න තිබ්බේ.ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මගේ ගෙවල් හික්කඩුවේ කියලා.ඒක නිසා ගෙදර ඉදන් යන එක ගොඩක් අමාරුයි.ඒක නිසා මම තීරනය කරා බෝඩිමක් හොයා ගන්න.(ඉන්ටවිව් කරපු දවසේම කොම්පැණියෙන් අහනවා ගොඩක් දුර නිසා නවතින්න බෝඩිමක් එහෙම හොයා ගත්තද කියලා.එහෙම හොයා ගෙන නැත්තම් ඒගොල්ලෝ කියනවා බෝඩිම් තියෙන තැන්.)
අන්න එහෙම දැනගෙන තමයි මම සීදුවේ කැලෑ පල්ලිය පාරේ බෝඩිමක් ​හොයාගෙන යන්නේ.අනිත් කාරනේ තමයි අපට ට්‍රාන්ස්පෝට් දීලා තියෙනවා කොම්පැණියෙන්.ට්‍රාන්ස්පෝට් එකත් එන්නේ ඒ බෝඩිම් තියෙන පාරේම තමයි.ඉතින් මම ඒ පැත්තේ බෝඩිම් ගොඩක් බැලුවත් මගේ හිතට ඒ එකක්වත් හරි ගියේ නෑ.


මොකද කියනවනම් සමහර ඒවල මනුස්සයෙක්ට තියා සතෙකුටවත් ඉන්න පුලවන් ඒව නෙවෙයි.අනිත් එක ලොකු මුදලක් ඉල්ලනවා සමහර ඒවල...ඉතින් ඔහොම මම බෝඩිම් ගොඩක් බල බල ගියා.අන්තිමට එක බෝඩිමක් හම්බුනා මට.අනිත් ඒවට වඩා දහස් ගුනයකින් ඒ බෝඩිම හොද නිසාත් ගානත් ගොඩක් අඩු නිසාත් ඒ බෝඩිමට මමත් කැමති වුනා...
බෝඩිම ගැන පොඩි හැදින්වීමක් කරොත්;බෝඩිම අයිති වෙලා තිබ්බේ අක්කකෙනෙක්ට.(දැන් තොපි එහෙම කැත විදියට හිතනව එහෙම නෙවෙයි ඕංං😁😁)බෝඩිම තිබ්බෙත් ඒ අක්කගේ ඉඩමෙම තමයි..ඉතින් ඔහොම කිසිම කරදරයක් නැතුව සතියක් ගෙවිලා ගියා..



ඉතින් ඔහොම දවසක් මම හවස වැඩ off වෙලා ඇවිල්ලා නාගෙන කරගෙන රෑටත් කාලා ටිකක් වෙලාසනින් නිදා ගත්තා.නිදා ගන්න යනකොට රෑ 8ට විතර ඇති.සාමන්‍යයෙන් මට ගොඩක් තදින් නිද්ද යන්නේ නෑ.මට එක පාරටම බඩුවගයක් පෙරලෙන සද්දයක් ඇහිලා ඇහැරුනා.එතකොට වෙලාව 12.30ට විතර ඇති.එහෙම්මම ඇද උඩ ඉදගෙන ටිකක් වෙලා මම කන් දීගෙන හිටියා.සද්දේ මෙකක්ද කියලා.විනාඩි පහක් යනකන් ආයෙමත් කිසිම සද්දයක් නෑ.මම හිතුවේ සමහර විට බල්ලෙක් මොනව හරි පෙරලන්න ඇති කියලා හිතන් ආයෙමත් නිදා ගන්න හදනකොටම ගැහැණු ලමයෙක් අඩන සද්දයක් ඇහෙන්න ගත්තා.විනාඩි පහක් විතර



එක දිගට එකම විදියට අඩන සද්දේ තිබිලා නැතුව ගියා.මම හිතුවා ගෙදර අයිති අක්කා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඇඩුවද කියලා.එහෙම හිතන් මම නිදා ගත්තා.මම ඒ ගැන අක්කගෙන් අහන්න ගියෙත් නෑ.එදා රෑ ඕක තමයි මම මුහුන දුන්නේ.ඔතන ඉදන් තමයි ඔක්කොම දේවල් පටන් ගන්නේ..
කොහොම හරි ඊලග දවසේ උදේ වැඩට ගිහින් ආයෙමත් හවස බෝඩිමට ඇවිල්ලා සුපුරුදු විදියට නාගෙන කරගෙන කාලා නිදාගත්තා..එදත් අර විදියටම 12.30ට විතර ගැහැණු ලමයෙක් අඩන සද්දයක් ඇහිලා ඇහැරුනා.එදානම් මට තේරුනා මෙතන වෙන දෙයක් තියෙනවා කියලා..



මොකද අක්ක වුනත් හැමදාම එකම වෙලාවටම අඩන්න උවමනාවක් නැති නිසා.
ඉතින් මම ටිකක් වෙලා කන් දීගෙන හිටියා අඩන එකත් පලෙවෙනි දවසට වඩා ගොඩක් වෙලාවක් එකම විදියට තිබ්බා.මට දොර ඇරලා බලන්න හිතුනත් ඒ වෙලාවේ මගේ හිත ටිකක් බය වෙලා තිබ්බේ.ඉතින් කොහොම හරි හිත ටිකක් හයිය කරගෙන ඕන මගුලක් වෙච්ච දෙන් කියලා දොර අරින්න හිතන් ඇදෙන් නැගිට්ටා විතරයි..



දොරට හයියෙන් තට්ටු කරන්න ගත්තා.දැන්නම් මමත් එකසිය ගානට බය වෙලා ඉන්නේ.එක පැත්තකින් අඩන සද්දේ අනිත් පැත්තෙන් දොරට තඩි බානවා.ඉතින් හිතා ගන්න පුලුවන්නේ මම ඒ වෙලේ කොහොමට බය වෙන්න ඇද්ද කියලා.


අන්තිමට මම හිත හයිය කරගෙන දොර ඇරියා.දොර ඉස්සරහ සුදු පාට ගැහැණු කෙනෙක් ඉදලා එක පාරටම නැති වෙලා ගියා.මට ඇත්තටම මොකුත් හිතා ගන්න බැරුව එහෙම්ම විනාඩි 5ක් ඉන්න ඇති.
හැබැයි ඒ හිටපු ගැහැණු කෙනා කිසිම කරදරයක් කරේ නෑ මට.මට ඒ වෙලේ බෝඩිම අයිති අක්කගෙන් මේ ගැන අහන්න හිතුනත් මම හිතුව මේ වෙලාවේ අහන්නේ තැතුව වැඩ ඇරිලා ඇවිල්ලා අහනවා කියල හිතන් මම නිදා ගන්න ගියා.



කොහොම හරි මම උදේ වැඩට ගිහින් හවස ඇවිල්ලා අක්කට ඔය ගැන මම කිවුවා.ඊට පස්සේ තමයි මට ඇත්ක සිදු වීම දැන ගන්න හම්බුනේ.මෙතන ඉදන් ඒ අක්ක මට කියපු විදියටම මම කියන්නම්.



මේකයි මල්ලී මීට කලින් ඔයා වගේම සදුනි කියලා ගැහැණු ලමයෙක් නැවතිලා හිටියා.කොහොම හරි සදුනි වැඩ කරන තැන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා තියෙනවා.කොහොම හරි මේ එෆෙයා එක මාස 7ක් වගේ තිබිලා තියෙනවා.පස්සේ අර කොල්ලට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා සදුනිගේ අතටම අහු වෙලා.ඉතින් මේකිට ඒ දුක වාවගන්න බැරි කමට දවසක් රෑ වහ බීලා.අපිත් උදේ දැනගත්තේ.පස්සේ අපි පොලීසියට කිව්වා.එතකොටත් සදුනි මැරිලා ඉදලා තියෙන්නේ.ඔයා වගේම තව දෙතුන් දෙනෙක්ට ඔය වගේම අඩන සද්ද එහෙම ඇහිල තියෙනවා.ඒ අයනම් ඊට පස්සේ දවසේම මෙහෙන් අස් වෙලා ගියා ඕක දැන ගත්ත ගමන්ම..ඉතින් මල්ලීටත් වෙන බෝඩිමක් හොයා ගන්න ඕනනම් කියන්න..නෑ අක්කේ මම ජොබ් එකෙන් අස් වෙනකම්ම මේකේම ඉන්නවා.ඒක තමයි මගේ උත්තරේ වුනේ..



ඉතින් යාලුවනේ මම ඒ බෝඩිමේ මාස 7ක් හිටියා.ඒ හිටපු මාස 7දී සතියට 5පාරක් විතර අර වගේම අඩන සද්දයි දොරට ගහන සද්දයි ඒ විදියටම තිබ්බා.හැබැයි කවදාවත් දොර අරින්න ගියේ නෑ.....😁😁


ඉතින් යාලුවනේ ඕක තමයි මගේ බෝඩිමේ කතාව.අඩු පාඩුනම් ගොඩක් ඇති එහෙම අඩු පාඩු තියෙනවනම් සාමාවෙන්න යාලුවනේ..තවත් දෙයක් කියන්න ඕන යාලුවනේ මම ඔතන කියපු සදුනි කියන නම එයාගේ ඇත්ක නම නෙවෙයි.මගේ පහසුවට මම ආදේශ කරගත්ත නමක්..ඒක ඇරෙන්න අනිත් සියලුම දේවල් සත්‍යයි...
අන්තිමට කියන්න තියෙන්නේ (තොපි එහෙම කෙල්ල හරි කොල්ල හරි දාල ගියා කියලා ඔය වගේ හදිස්සි තීරන එහෙම ගන්නව නෙවෙයි..)එහෙනම් තවත් කතාවකින් හම්බෙනකම් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි..!!!
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී..)


👻👻මම හසිත👻👻


Episode Name :
Hasitha Madumadawa [23 Oct 2023]

Read Episode


Story :
බෝඩිමේදී හම්බ වු මලගිය ආත්මය


Date :
2023 OCTOBER

Description : බෝඩිමේදී හම්බ වු මලගිය ආත්මය

Date Added : 23 Oct 2023

Read Story Now