අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 02 වන කොටස
…………………………………………………………....
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
…………………………………………………………....
…………………………………………………………....

ඔය තියෙන්නෙ …. නියමයි නියමයි.
හරි…. බොහොම හොඳයි. මතකයි තියාගන්න මින් ඉදිරියට මොනම නඩු වාරයකවත් , කවුරු කිව්වත් චෝදනාව පිලිගන්න එපා. හොඳ ද…? මම බලන්නම් මෙිකට මොනවාහරි කරන්න. ඔයා වගකිවයුත්තෙක් නෙමෙ නම්.
හොඳයි අපි යමු. බොහොමයක් ස්තුතියි ජේලර් මහත්තයා ….

මෙතැන් සිට………

නැවත අප දෙදෙනා කාර්යාලය වෙත යන ගමන අතරතුර කිසිදු වචනයක් තෙපලීමට උත්සාහ නොකිරීම.
මා තම මිතුරාට නොපැවසුවත්. එය පැසසුම්දායක කරුණකි. එම මොහොතේදී පවා මා කල්පනා සයුරෙ ගිලී සිටියෙමි. ඝාතකයා විසින් සුළුවෙන් හෝ කිසිදු සාක්ෂියක් ඉතුරුකර නොමැති බැව් පෙනී ගියද අද හවස එම ගිනිගත් නවාතැන වෙත යාමට මා අවසානයේ තීරණය කලෙමි. වටපිට පරිසරය ගැන කිසිදු තැකීමක් නොකර මාහට කල්පනා කිරීමට බොහෝ දේ ඉතිරිව තිබුනත් , තාර්කිකව ඒ දෙස බැලීමට තරම් කරුණු ඌනතාවයක් එහි ගැබ්වී තිබුනි.

නිමෙිෂයකින්….

*මාධව… අපි තැනට ආවා. මම මෙතනින්
නවත්වන්න ද….

හ්ම්ම් … හොඳයි. එහෙනම් විනුර සුභ ගමන්. මට කාලය සීමිතයි වගේ තේරෙනවා. නැවත මගේ දැනුම්දීමකින් විතරක් මෙහාට එන්න වගබලාගන්න. මට නිදහස හුඟක් ඔීන මෙි ගෙවී යන කාලය තුල.

ඔහුට සමුදුන් මා ලහිලහියේ කාර්යාල පරිශ්‍රය වෙත ගොස් තම කාර්යාලයේ අසුන මත වාඩිවී දෙඇස් පියාගෙන එකින් අසන්නට ලැබුනු කරුණු එකින් එක විශ්ලේෂණය කරන්නට විමි. මහිරානි යුවතියගේ දැවීගිය දිනපොතෙහි සන්තකව තිබූ එකම එක පිටුවෙහි ලියා තිබුන වචන මාලාව ගැන ගැඹුරින් කල්පනා කරන්නට විමි.

" ජීවිතයේ සමහර අවස්ථාවන්වල අපට වරදිනවා. ඇතැම් වැරදි හදාගන්න පුළුවන් වුනත් , සමහර වැරදි හදාගන්න අවස්ථාවක් ලැබුනත් , සමහර දේවල් පස්සෙන් පන්නන එකේ සීමාවක් නැහැ . එක අතපසුවීමක් හන්දා මෙච්චර ලොකු දඬුවමක්….? මට දැන් ඇතිවෙලා තියෙන්නෙ . මම හොයන්නෙ සහනය මිසක් , සයනයක වැතිරෙන්න අසහනයක් නම් නෙමෙි. නීතියේ සහය පතන්නත් මට බැහැ. මොකද ඒක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් .මෙි යන විදිහට මට ඉතිරි වෙලා තියෙන්නෙ සියදිවි නසාගැනීම විතරයි "

හ්ම්ම් … මාධව…. මෙික නිකං පාපොච්චාරණයක ස්වරූපය විදහා දැක්වූවාට. ඊට වඩා තමන්ගෙ අසරණකම ප්‍රදර්ශනය කරන්න සමත්වෙලා තියනවා. එතකොට ඇයි “ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ “ කියලා ලියලා තියෙන්නෙ…? කවුද හොරා…? එතකොට කවුද හොරාගෙ අම්මා ……? සයනයක වැතිරෙන්න. එහෙමත් නැත්නම් යහන් ගතවෙන්න…?
යහන්ගතවෙනවා කියන්නේ සුළුපටු කරුණක් කියලා කිසිසේත්ම බැහැර කරන්න බැහැ ඒ කරුණ නම්. විශේෂයෙන්ම තරුණියක් සම්බන්ධව.. එතකොට යහන්ගතවෙන්න ඔීන හොරා එක්ක නම්, ඒ හොරා කවුද….? ඒ හොරාමද මේ මිනීමැරුම සිද්ධ කරන්න ඇත්තේ..? නැත්නම් වෙන අයෙක්ද..?

හ්ම්ම් ….. මාධව… කොතනින්ද මෙික ලිහන්න පටන් ගන්නේ…? තම නළල මත පෑන් තුඩ තියාගත් මා වැඩිදුර කල්පනා කෙරුවෙමි.

*excuse me sir … may i coming …?

Oh…. Kasun. Sure.. sure.. have a sit.

*thank u sir…. ඉතින් සර් දිහා මම බලාගෙන හිටියෙ විනාඩි පහක විතර ඉඳලා. බැරිම තැන ඔය අතේ තියෙ පෑන නළල පසාරු කරගෙන මොළයට කාවදියි කියලා හිතුන හන්දා තමයි මම බාධා කරේ ( මදක් සිනාසෙමින් )

හහ් හහ් හා… කසුන් මහත්තයා ඒකත් එහෙමද.. හරි හරි. මෙන්න මෙි පෑන මම තිබ්බා පැත්කින්. දැන් හරිද….?

*එහෙම නෙමෙි සර්. කල්පනා කරේ අළුත් කේස් එක ගැන කියලා හොඳාකාරවම සර්⁣ව දැක්කහම මට කියන්න පුළුවන්. ඒත් ඔය තරම් බැරෑරුම් විදිහට මම දැකලා නැහැ කල්පනා කරනවා.

හහ්… දැන් කසුන් මහත්තයා පේන කියන්නත් දන්නවා එහෙනම්..

*ඔව් සර්.. සර් ව ආශ්‍රය කරලා තමයි පේන කියන ශාෂ්ත්‍රයත් මම ඉගෙන ගත්තේ…
ඒකෙන් වැඩක් නැහැ මට කියන්න සර් මොනවද හොයාගත්ත කරුණු. මටත් පුළුවන් සහයකයා විදිහට උපරිමයෙන් උදව් කරන්න.

හ්ම්ම් ඒකත් එහෙම තමයි නේද…? මෙන්න මෙි කඩදාසියේ තියෙන ටික කියවලා, ඔයා⁣ගෙ අදහස මට කියන්න බලන්න…

*ෂාහ්හ්හ්හ් නියමයි නෙ. මෙික නියම පොයින්ට් එකක් නෙ. හෝඩුවාවන් සාගින්නෙන් පෙලෙන අපිට නිකං ගල්බනිස් කෑල්ලක් දුන්නා වගේනෙ.
හ්ම්ම් … මට හිතෙන විදිහට නම්,
මෙි ගෑණු ළමයා කාලයන ඉඳලා කිසියම් මානසික පීඩනයක ඉඳලා තියෙන හැඩයි.
ඒත් ඒකට නීතියේ සහය පතන්නට බැරි තරම් අසරණ වෙලත් තියෙනවා වගේ.

කරුණු දෙකක් මත..

*ඔව් සර්…. කරුණු දෙකක් මත.
එක , වෙච්චි අත්වැරදීමක්. ඒක සුළුප⁣ටු එකක් වෙන්න නම් බැහැ.
අංක දෙක , නීතියේ පිහිට පතන්න බැහැ. ඒක නිකං ප්‍රශ්නය ඇතිකරපු එකාටම ප්‍රශ්නය කියනවා වගෙ දෙයක් .

විශිෂ්ඨයි යාළුවා… ඔය තියෙන්නෙ. මමත් ඔතනට ඇවිත් තමයි මෙි බර කල්පනාවට ආවෙ. එතකොට ඔය නීතියේ සහය පතන්න බැරි වුනේ ඇයි… ?

*ඒ කියන්නේ කොතනින් වැවට බැස්සත් , වැවෙි ඉන්න කිඹුල්ලු දකිනවා කියන එක.

හරියටම හරි… එහෙනම් මෙි ඝාතනයට අදාල හෝ නැතුවා මෙි කිඹුල්ලු අපිට හොයන්න ම වෙනවා.

*ඔව් සර්…

හ්ම්ම් .. හරි. අපි බලමු අපි යන මග හරිද කියලා. ඊලඟ කාරණය. මම දැන් ටික වෙලාවකට කලින් බන්ධනාගාරය ට ගිහින් සැකකාර තරුණයා හමුවෙලා කතාබහ කරලා ආවෙ.

*නියමයි … ඉතින් සර්… මෑන් මොනවද කිව්වෙ…? මටත් යන්න තිබුනා නම් වඩා හොඳයි….

ඔව් ඒක ඇත්ත … විශේෂ දේවල් මොකුත් නැහැ . හැබැයි නැතුවාමත් ම නෙමෙයි.

*ඒ මොකක්ද සර් ඒ……… ?

මට පේන විදිහට මෑන්ව මෙිකට හිතාමතාම වගකිව යුත්තෙක් විදිහට හසුකරලා තියෙන්නෙ . මෑන් සිහිය එනකොට විලංගු දාලා, අත්අඩංගුවට අරගෙනත් ඉවරයි.

*සිහිය එනකොට….?

ඔව් … මෑන් මෙි මෘත ශරීරය දැක්කට පස්සේ වෛද්‍ය සහය ඉල්ලන්න තමන්ගෙ දුරකථන අතට ගන්නකොටම පිටිපස්සෙන් කුඩා මොලේට පහරක් එල්ලකරලා තියනවා. ඊට පස්සේ සිහිය නැතිවෙලා තියනවා.

*ඔීහ් එහෙමද…? මෑන්ට මැරෙන්න ගැහැව්වා වෙන්න බැරිද…?

හහ් හහ් හා…. මතක තියාගන්න කසුන්.
එහෙම නම් මැරෙනකම්ම ගහන්න තිබ්බා. නැත්නම් සිහිය නැතිවුනාට පස්සේ විෂක් ශරීරගතකරලා මරන්න තිබ්බා. නමුත් ගහලා තියෙන් කුඩා මොලේට සුළු පහරක්. ඒ කියන්නේ අරමුණ සිහිමුර්ජා කරන්න විතරයි. මොකද එතකොට තවත් ඝාතනයක් නෙ. එහෙම වෙන්න තිබුනා මෙි කොලුවා ඝාතකයගෙ මුහුණ දැක්කා නම්. නමුත් ඝාතකයාට ඊට වඩා පහසුයි. මෙයා පිට වරද්ද පැටවෙන විදිහට වපසරිය හදලා , අත්දෙක පිහාගෙන යන එක. එතකොට පොලීසියට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ නෙ.

*බඩුත් එක්ක හොරු ඉන්නවා නෙ.

හරියටම හරි කසුන්…

*ඒ හන්දා තමයි සිහිය නැති කරලා මෘත ශරීරයෙන් ලේ ටිකක් පිහියක ගාලා , මෑන්ගෙ අතේ ඇඟිලි දිගහැරලා, පිහියේ මිට ඇඟිලි හා අල්ල අතරට තෙරපවලා ගින්නක් ඇතිකරලා ඝාතකයා පලා ගියේ එතනින් ….

ඔය තේරුනේ තන්කෙටම… මගෙත් අනුමානය ඔීකම තමයි කසුන්. ඒත් මට තව එක කුකුසක් තියනවා මෙි සිද්ධිය පිලිබඳව… එතරම්ම වැදගත්ම නැහැ. හැබැයි වැදගත් නැහැ කියලා අත්හරින්නමත් බැහැ.

*ඒ මොකක්ද සර්…..?

*සැකයක් … ඒ මොකක්ද සර්….?

මම ඇහැව්වා , සිහිය යන්න කලින් තව මොනවද වටපිටාව තුල දැක්කෙ හිතට අමුත්තක් විදිහට දැනෙන දේවල් ගැන.
ඉතින් එහෙම විශේෂයෙන්ම මොකුත් නැහැ කිව්වා. හැබැයි ආයේ කිව්වා මෘත ශරීරය ලඟ වතුර ටිකක් හැලිලා තිබ්බලු. ඒත් වතුර ගෙනාපු භාජනයක් තිබිලා නැහැ කියලා මෑත් මට සහතික කරලම කිව්වා.

*වතුර ටිකක් …

ඔව් කසුන් … වතුර ටිකක්. ඒ කියන්නේ සැළකිව යුතු ප්‍රමාණයට වතුර ටිකක්.

*ඒ මොකක්ද සර් ඒ හරුපෙ..? වතුර බීලත් නැත්නම් , වෙන කාර්යයක් කරලත් නැත්නම් , ඒ මොනවා වුනත් ගෙනාපු බඳුනක් නැත්නම් , වතුර එතනට අහසින් පාත් වුනාද…?

හ්ම්ම් …. ඒක තමයි කසුන් එතන ටිකක් හිතන්න වෙන විරල කාරණයක් තියනවා.
අපි බලමු නේද ඒ හරුපෙ , අරුපෙ මොකක්ද කියලා ..
එතකොට … අපි හවස යන්න ඔීන පොඩි ගමනක් …

*පොඩි ගමනක් …?

ඔව් යාළුවා ….. පොඩි ගමනක් වෙන කොහෙවත් නෙමෙි. ඔය මරණය වෙච්ච ගෙදරට.

*සර් ඒක ගිණිබත් වුනා නේද…?

සැබවින්ම …
ගිණිබත් වුනාට, ඉතුරුවෙච්ච බත් තියෙන්න පුළුවන්. මොකද මට ඔතන නිරීක්ෂණය කරන්නම වෙනවා.

*හොඳයි අපි යමු සර්…..

නියමයි … මම හතර වෙද්දී තමන්ගෙ වේෂය වෙනස්කරගෙන එන්නම්. ඔබතුමන්ගේත් පෙනුමෙ වෙනසක් මම අපේක්ෂා කරනවා.

*අනිවාර්යයෙන්ම සර්….

හොඳයි ….

හෝරා දෙකකට පසු…..

ඔය කසුන් නේද…..?

*ඔව් සර්…

මම මාධව ….

*හා එහෙමද හොඳයි … ( දෙදෙනාම සිනාසෙමින් )

ඇත්තටම මම හිතුවෙ කසුන් වලහෙක් වුනේ කොහොමද කියලා.

*හපොයි එච්චරටම මගෙ මෙි කොණ්ඩය කැතයිද…?

ඒකනෙ… නිකං පරණ සංගීතඥ්ඤයෙක් ව⁣ගේ ….

*මටත් සර් ගැන කියන්න කරුණු බොහොමයි. කමක් නැහැ අපි ගමන යමු ( තම දකුණත දිගු කරමින්)

මරදාන රෝහලට නුදුරු පරිසරයක පිහිටි කුලී දැවී අලුවී ගිය නිවස වෙත අප පය තැබුවෙමු. පොලීසිය විසින් සැකකරු සාක්ෂි සහිතව අල්ලා ගත් හේතුවෙන් මෙහි නීතිමය පැත්තෙන් එම පරිශ්‍රය තුලට යාමට කිසිවෙකුගේ බාදාවක් නොතිබුනි. නමුත් තවමත් එහි බිත්ති, සම්පූර්ණව නොදැල්වුනු දොරජනෙල් , නටබුන් වශයෙන් දක්නට ලැබුණි. කඩා වැටුන වහලය පමණක් උළුකැට සහිතව අස්කර පිරිපහදු කර ඇති බැව් පෙනුනද,
යම්කිසි හෝඩුවාවක් ලබාගැනීමට අපට හැකිවේවායි දෙදෙනාම එක සිතින් ප්‍රාර්ථනා කෙරුවෙමු.

හරි…. යමු කසුන් අපි ඇතුලට. මෙි තියෙන්නෙ . මෙතන තමයි මෘත ශරීරය
තිබිලා තියෙන්නෙ. ඒ තිබුන අකාරයටම හැඩතල අරගෙන තමයි රටහුණු වලින් පොලිස් නිලධාරීන් මෙි ඇදලා තියෙන්නෙ.

*ඔව් සර් මොනවා වුනත් අපරාධයක් සිදුකරපු තැනක්නෙ. අපරාදෙ කියන්න බැහැ හරියටම බොඩිඑක හිටපු විදිහටම හැඩතල ඇඳලා තියනවා සිමෙන්තියේ නේද….?

ඔව් .. නියමයි. එතකොට කසුන් මෙි විදිහට මුනින් අතට තමයි මිය ගිහින් තියෙන්නෙ මිහිරාණි මෙනවිය. හරි…
අපි බලමු නේද මෙතන මොකද වෙලා තියෙන්නෙ කියලා අනුමාන කරලා.
මෙන්න මෙතන මම දණගහලා ඉන්නම්. මම තමයි මිහිරාණි. එත ඔයා තමයි චූදිතයා හරිද… එහෙනම් දැන් කසුන් එලියට ගිහින් උළුවස්සෙන් ඇතුල් වෙලා අඩි තුනක් ඇවිත් නවතින්න.

හරි…. දැන් මම බිම වැතිරිලා ඉන්නවා කසුන් දකිනවා.

*ඔව්සර්…..

හොඳයි.. දැන් මම ලඟට ඇවිත් ඉඳගන්න එක දණහිසක් විතරක් පොලවට තියලා.
හරි…. දැන් ගන්න ජංගම දුරකථනය අතට. ඔික තියාගන්න කනේ. දැන් ටිකක් ඉදිරියට නැමෙන්න. ඔහොම ඉන්න මම කියනතුරු.

*හොදයි සර්…

ක්ෂණිකව නැගිටගත් මා ඉදිරිපස උළුවස්ස ලඟට ගොස් ආපසු හැරුනෙමි.
හරි… ඔහොම්ම ආපසු හැරෙන්න…
කසුන් මොකද හිතෙන්නේ…

*සර් දැන් මිහිරාණි නෙමෙි. පිටුපසින් පහරදුන් නන්නාඳුනන කෙනා.

හරියටම හරි කසුන්…. දැන් ඔයා තවම ඉන්නෙ මිහිරාණි ලඟ. මම තමයි මෙි අදිසි ඝාතකයා. මොනවද ඔයාට හිතෙන්නෙ…?

*සර් මම හිතන්නේ මට පිටපසින් ඇවිත් ගහන්න තියෙන අවස්ථාව විරලයි වගේ.

ඒ මොකද….?

*මෙි ආලින්දයේ පළල කෙමේ වෙතක් දිගනම් ටිකක් වැඩියි වගේ. කෙනෙකුට මට පහරදෙන්න ක්ෂනිකව නම් බැහැ වගේ.

බොහොම හොදයි. හොඳ තර්කයක් ඒක.
හරි එතකොට මම. එහෙමත් නැත්නම් තුන්වන පාර්ෂවය. ඇයි මෙි හාදයා දැක්කෙ නැත්තෙ…?

*සර්… මම අධ්‍යනය කරපු ලිපිගොනුවෙ
මෙි ගැන මොකුත් සඳහනක් තිබ්බෙ නැහැ නෙ.

හරි…. ඒකට කමක් නැහැ. මොකද ලිපිගොනුවල තියෙන්නෙ සත්‍යයම නෙමෙි නෙ. නමුත් මෙි තරුණ කොල්ලා ම⁣ට දීපු කටඋත්තරයේ හැටියට මෑන් එනකොටත් දොර විවෘතව තමයි තිබිලා තියෙන්නෙ.

*ඉතින් මෑන් කිසිම වගවිභාගයක් නැතුව ඇතුලට ඇවිත්….?

ඔව් කසුන් …

*හපොයි මෝඩයා….

හරි.. ඒකෙන් වැඩක් නැහැ. මෑන් ඔතන ඉන්නකොට ⁣ඔය කියන තුන්වැන්නා මෙි ඇරපු දොරට ආවරණය වෙලා ඉන්න ඇති කියලා හිතමු දැනට.

*හරි … එතකොට කොහොමද මගෙ ඔලුවට ගැහැව්වෙ…?

ඒක හරිම සරලයි යාළුවා.. මෙතන ඉඳලා යම්කිසි බර දෙයකින් දමලා ගහන්න ඇති බොහෝවිට.

*හරියටම ඔලුවට ….?

ඔව් …. ඒ වගේම කුඩා මොළය ඉලක්ක කරලම පහරදීලා තියෙන්නෙ. මොකද මෑන්ට ඔීන. මම කලින් කිව්වා වගේ සිහිනැති කරන්න විතරයි. දැන් ⁣තේරෙනවා නේද මෙතන වැඩෙි කරලා තියෙන්නෙ හොඳ පලපුරුද්දක් තියෙන කෙනෙක් කියලා…?

*ඔව් සර්… එතකොට මෑන් ගෙට ඇතුල් වුනේ පිටවුනේ කොහොමද. මොකද කොල්ලගේ වගේම මිහිරාණිගේ පාසලකුණු හැර වෙනත් ආවගිය අඩි සලකුණු තිබිලා නැහැ කියලා තමයි වාර්තා වල තියෙන්නෙ.

ඒක හරි… අපි ඒකත් බලමු. යමු එලියට.

මතු සම්බන්ධයි…….




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now