⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 19 වන දිගහැරුම ⸎
> දිව්‍යාගෙ රහස් පණිවිඩය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔව් මහත්වරුනි. අපි දැන්ම යන්න ඕන.
අපි කරන කිසිම දේක සාක්ෂි ඉතුරු කරන්න නරකයි. එහෙම වුනොත් වැඩෙි ගැස්සෙනවා. ඉක්මනට අපි මෙතනින් යායුතුයි.


මෙතැන්සිට …..

මෘතදේහයන් වෑන්රියට දමාගෙන අපි ඉදුරාම පිටත්වූයේ බොරැල්ල කනත්තෙ
අදාහනාගාරය බලාය.

*සර් ඇත්තටම මොකක්ද ඒ කරේ. අපිට තව බුද්ධි තොරතුරු ටිකක් මුන් දෙන්නාගෙන් ගන්න තිබ්බා නේද…?

**මමත් ඔය ප්‍රශ්නය අහන්න හැදුවා විතරයි.

මම දන්නවා ඔය දෙන්නට ඒක දැවෙන ප්‍රශ්නයක් කියලා. මුන් දෙන්නා වෘත්තීයමය ඝාතකයින්. හැබැයි මුන් දෙන්නා දන්නෙ සල්ලි දෙන එකයි , කොන්ත්‍රාත්තුව බාරදෙන එකයි විතරයි. ඊට වඩා යමක් ඇත්තටම මුන් දන්නෙ නැහැ මහත්වරුනි. වැඩිදුර ප්‍රශ්න කිරීමක් කරන්න ඕන. නමුත් ඒකට මුන් දෙන්නා තෝරගන්නවා කියන්නේ එක්තරා අන්දමක කාලය කා දැමීමක්. දැන් අපි දන්නවා මෙි බ්‍රැස්ට්යන් අල්මෙිදා කියන ව්‍යාජ නමෙන් ඉන්නෙ කවුද කියලා.ඊලඟට පුතාව අපි අල්ලගන්නවා. අල්ලගෙන මෑන්ට කිසිම හානියක් කරන්නේ නැහැ.

*අඩුම තරමෙ ප්‍රශ්න කිරීම් වත්.

නැහැ මහත්වරුනි…

**ඇත්තටම සර්ගෙ ප්ලෑන්එක මොකක්ද.
අපි දෙන්නත් අවුල් වෙලා ඉන්නෙ.

හහ් හහ් හා… මෙච්චර කාලයක් අපි කරේ උන්ව ලුහුබැඳපු එක නේද…?

*ඔව් …

මින් ඉදිරියට වෙන්නෙ උන් ටික හාමතේ ඉන්න වෘර්ක රැලක් එක ගොදුරක් පස්සේ පන්නනවා වගේ. අපේ පස්සේ පන්නන එක. මොකද දැනට තුනක් ඉවරයි. උන් ඊට පස්සේ හොයන්න ගන්නවා. කවුද මෙි අළුත් හතුරා කියලා. මොකද ඔය ඇමතියා අනිවාර්යයෙන්ම මෙයාලා බලනවා CDI මෙිකට අත ගහලද කියලා.එතනින් එන්නේ ඍණාත්මක උත්තරයක්.එතකොට උන් අනිවාර්යයෙන්ම හොයනවා කවුද අපි කියලා. අන්න ඒ අපිව හොයාගෙන එන හැම එකාටම වෙන්නෙ ඔය පි⁣ටිපස්සෙ ඉන්න එවුන්ට වෙච්ච දේම තමයි. මොකද හෙට උදේ තමයි රෝමය ගිණිගන්න පටන් ගන්නෙ.මොකද උන්ගෙ ඉලක්කයත් අතුරුදහන්. ඒ වගේම ඉලක්කය විනාශ කරන්න ආපු දෙන්නත් අතුරුදහන්. ඒක උන්ට සාමාන්‍ය ප්‍රශ්නයක් නම් නෙමෙි. බලන්න.
මෙිවනතුරු මුන්ගෙ ෆොන් දෙකෙන් එකකටවත් කෝල් එකක් වත් ආවෙ නැහැ. අඩුම තරමෙ මැසේජ් එකක්වත් නැහැ නෙ. ඒ කියන්නේ මෙි වෙලාවෙ මුන් ගේමට බහිනවා කියලා උන් අනිවාර්යයෙන්ම දන්නවා. ඒක තමයි මෙි නිහැඩියාවට එකම හේතුව. කොහොම වුනත්, එක එකා පුළුවන් තරම් ඉවත් කරන්න වෙනවා. උන්ගෙ මෙි නිහැඩියාව බිඳින්න නම්. මෙිකෙ තියෙන සේරම දුරකථන නාමාවලියම අපි ගන්න ඕන ප්‍රොන්ටෝ මාර්ගයෙන්. ආපු, ගියපු ඇමතුම් ඇතුළුව. ඊට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියලා.

**ඒ වුනාට සර් දැන් එන්න එන්නම දරුණු වෙලා වගේ මට හිතෙන්නේ. හරියට ඒක වියරුවක්ද මන්දා එක අතකින් බලපුවාම.

ඔව් නියෝජිත ජනිත්. මෙි මිෂන් එකේ⁣දී
තොරතුරු ගත්තා , මැරුවා , පිච්චුවා එච්චරයි. මොකද මෙික දරුණු ව්‍යසන ප්‍රශ්නයක් අනිත් එව්වට වඩා දරුණු කේස් එකක් මෙික. චුට්ටක් මිස්වුනොත් අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. කිසිම වියරුවක් නැහැ. වෙනසකට තියෙන්නෙ කියලා නොමරන එක විතරයි. හිතන්න කාලයක් නැහැ ගැස්සුවා එච්චරයි. හරි අපි දැන් මෙි බොඩි දෙක පුච්චලා දාන්න දෙමු. ටෙක්ස්ටයිල්ස් එකට එනවිට මධ්‍යම රාත්‍රියට ආසන්නව පැවතීම හේතුවෙන් සහයකයින් දෙදෙනාට විවෙික ගැනීමට උපදෙස් දී මා ඉඳුරාම ගමන් ගත්තේ මාගේ කාර්යාලය වෙතය.

*සර් විවෙික ගන්නෙ නැද්ද …?

මම එන්නම් කසුන්. ඔයාලා යන්න.
යන ගමන් මෙි ෆෝන් දෙකේ සියලුම දේවල් අපිට කොපියක් දාගන්න කියලා ප්‍රොන්ටෝට දීලම යන්න පුළුවන් ද…?

*ඒක සුළු දෙයක් සර්…

කාර්යාලය තුලට විත් මා කල්පනා කලේ මෙහි කිබෙන සැඟවුණු ඇතුලාන්තය ගැනය. දැන් මා හොඳාකාරවම දන්නවා මහමොළකරුවා කවුද යනවග. නමුත් ඔහුට අතගැසීමට පෙර යාල විදෙස් කඳවුර ඇතුලට ඇතුලට යාමට උක්‍රමයක් මා කල්පනා කල යුතුය. පෙර කී පරිදි එය කඩාවැදීමක් නොවිය යුතුයි. එය සාමාන්‍ය ප්‍රවිශ්ඨ වීමක් විය යුතුමයි. එසේනම් කල යුත්තේ කුමක්ද…? බවුසර් රියදුරන් ඩැහැගැනීමයි. නමුත් ඔවුන්ගෙ මුහුණවල් කඳවුරු භූමියේ ඇතුලේ එවුන්ට හුරුපුරුදු වන්නට පුළුවන්. නමුත් ඔවුන්ගෙ මුහුණ සේම අපේ මුහුණත් හදාගන්න පුළුවන් නම්. ඔවුන් දෙදෙනා හෝරා කීපයකට නිහඬ කර. ඔවුන් වගේ අපට යා හැකියි කඳවුරු අභ්‍යන්තරයට. නමුත් තව වාසිදායක කරුණක් තිබෙි. ජෛව විද්‍යාත්මක අත්හදාබැලීම් කරන ස්ථානයක් බැවින් මොවුන් බෙහෝදුරට මුඛවාඩම් පලඳිනවා විය යුතුයි. එය එහෙම නම් , එය ඉතාමත් වාසිදායක තත්වයක් අපිට. නමුත් එදා අවන්හලට බවුසරය නවතාදමා යන අවස්ථාවේදී ඔවුන් මුඛවාඩම් පැලඳ සිටියේ නැත. සමහරවිට යාලට ඇතුල්වනවිට ඔවුන් ආරක්ෂක ක්‍රම උපයෝගි කරගන්නවා ඇති. මොකද බවුසර් රථය යොදාගන්නේ කිරි ප්‍රවාහනය ගට නම්, මුඛවාඩම් පැලඳීම සැකසහිත කාරණයක් වන බැව් මොවුන් හොඳාකාරවම දන්නේය. හොඳයි අපි බලමු නේද මාධව. මාගේ සිතුවිලි දැහැන බිඳ දැමුවෙ ඉදිරියේ මෙිසය මත තැබූ ජංගම දුරකථනයයි. එහි කෙටි පණිවිඩයක් ආ බව සැලකරමින් නාදය නිකුත් විය.

අපිලිවෙලට සකසන ලද ඉලක්කම් කීපයක් පමණක් එහි අන්තර්ගතව තිබුනි. අවසානයේ ඩීවයි අකුරු දෙකක් පමණක් සඳහන්ව තිබුනි. මා ඉතාමත් සතුටට පත්වුනේ එම ඉංග්‍රීසි අකුරු දෙක දැනීමෙනි. මෙය ඉතාමත් රහසිගත පණිවිඩයකි. එම අකරාදි පිලිවෙලට තිබු අකුරු ටික මා කඩදාසියක සටහන්කරගෙන ඉංග්‍රීසි හෝඩියේ එන පිලිවෙලට ගලපා වෙනම ලියා බැලුවෙමි. අවසානයේ මෙවැනි වදන්පෙලක් මාහට ගලපා ගැනීමට හැකිවිය.

9.13 - im , 9.14. - in, 20.8.5 - the , 25.1.12.1 - yala. 12.1.2 - lab
9 - i. 11.14.15.23 - know, 21 - u, 19.20.9.12.12- still , 23.1.20.3.8.9.14 - watching, 6.15.18 - for,
20.8.9.19 - this, 5.22.5.14.20 - event ,
16.12.26 - plz, 13.5.5.20 - meet , 13.5 - me, 1.20 - at , 7.15.12.6.6.1.3.5 - golfface,
2.5.2.3.7 - beach , 15.14 - on , 20.13,15.18.18.15.23 - tomorrow , ab -12
16.13 - pm, 4,25 - DY.

I'm in the Yala lab. I know you are still watching for this event. Please meet me at Golfface Beach on tomorrow at 12 pm.
DY

(මම යාල විද්‍යාගාරයේ. මම දන්නවා ඔබ දිගටම බලාගෙන ඉන්නෙ කියලා මම දන්නවා මෙි සිදුවීම ගැන. කරුණාකර මාව හමුවන්න හෙට දින ප:ව 12ට ගෝල්ෆේස් වෙරලේදී. - ඩීවයි )

ඩීවයි නම් දිව්‍යා වියයුතුයි. එසේනම් CDI නියෝජිතයෙක් හෝ කීපදෙනෙක් විද්‍යාගාරය තුල සිටින්නට පුළුවන්. මෙි කෙටි පණිවිඩයෙන් මට කරුණු දෙකක් ගැන අවධානය යොමු කරන්න වේවි.
අංක එක CDI එක මෙි පිලිබඳව විපරමින් සිටි.
අංක දෙක දිව්‍යා වෘත්තීය නොවන මට්ටමින් මෙි පිලිබඳව ඇහැගහගෙන ඉන්නවා විය යුතුයි.
පලමු කරුණ ගැනඑතරම්ම විශ්වාසයක් මා සතුව නැත.නමුත් කරුණු අංක දෙක…? දිව්‍යා කොහොමද මෙි ගැන ඇහැගහගෙන හිටියේ වගේම , ඇතුලට ගියේ කොහොමද ..? මෙිගැන ටිකක් ගැඹුරින් කල්පනා කරන්න වේවි. දිව්‍යා මෙහෙම පණිවිඩයක් එවීම ගැන මා සතුටුවන නමුත් විද්‍යාගාරය ඇතුලට යාම ගැන හිතාගන්න අමාරුයි.

හ්ම්ම්… මෙි සේරම ප්‍රශ්න වල⁣ට මට හෙට දින උත්තර ලැබේවි. එතකම් දැන් මනස නිරවුල් කරගෙන නිදාගැනීම සුදුසුය.

පසුදින…….

අළුයම අවදිවූ මා ටෙක්ස්ටයිල්ස් එකෙන් එලියට බැස ජැගුවරා යතුරුපැදියට ගොඩවී එය වහාම පැදවූයේ පැල්මඩුල්ලෙ අනෙක් ස්ථානයේ නවතා තිබූ `` චයිනා මිල්ක් ´´ වෙළෙඳ නාමය ලියා තිබු බවුසර් රථය ඈත තියාම නිරීක්ෂණය කිරීමෙි අටියෙනි. දුර තියාම යතුරුපැදිය මාවතේ අයිනක නවතාදමා
සීරුමාරුවට එම රෝසපැහැති බවුසර් රථය අසලටම ආවෙමි. එහි අංක තහඩුව දෙස සියුම්ව නිරීක්ෂණය කරනවිට දැකගතහැකි වූයේ එඑි රැඳවුම් ඇණ නිතරම වාගේ පළුදු වී ඇති බවත් එහි සවිවන වට රවුම පවා රවුමක් ආකාරයට සීරී ඇති බවය. එසේනම් මෙම
අංක තහඩුව නිතර නිතර මාරුකර ඇති බැව් පැහැදිලිය. එසේනම් එනම අංක කහඩුවෙන් බවුසර් රථ කීපයක් මොවුන් ධාවනය කරනවා නොඅනුමානයි.

නමුත් මාහට ඇති ප්‍රශ්නය අංක තහඩු වාහන කීපයකට මාරු කරනවිට රියදුරන් ද මාරුවනවාද යන වගය. එය එසේ වනවා නම්. කඳවුර ඇතුලට මා විසින් පෙරදින රාත්‍රියේ සකසන ලද සැළසුමෙි වෙනස්කම් කීපයක් කල යුතුව ඇත. මොවුන් වාහන මාරු කරන්නේ කොතන සිට කොතනටද..? එය කරනවිට රියදුරන් මාරු වනවාද කියා ඊලගට හා සොයාබැලිය යුතුය. කල්වෙලා ගෙන බැහැ. අද දහවල් දොළහ වන්නට ප්‍රථම මෙිගැන අධ්‍යනය කල යුතුයි. අදෑසන තේ කඩයකට ගොඩවූ මා තේ පානය කරමින් බවුසර් රථය පාරට පිවිසෙනතුරු නොයිවසිල්ලෙන් බලාසිටියෙමි. නමුත් ඒ නොඉවසිල්ල වටපිටාවේ කිසිම කෙනෙකුට නොපෙනෙන්නට වගබලා ගත්තෙමි. අවසානයේ හෝරා කීපයක් තිස්සේ අවධානයෙන් සිටි අදාල බවුසර් රථය නික්මෙන්නට විය. ඔවුන් පසුපස මා තරමක් පසුපසින් ලුහුබැන්ද අතර, වරෙක විවිධ වාහන පසුපස සැඟව ගමන් කලේ මා ඔවුන්ට පිටුපසින් නොඑන බව ඒත්තු ගැන්වීමටය. අවසානයේ ඔවුන්ගෙ ගමනාන්තය වූයේ වත්තල පිහිටි නිවසකය.

වත්තල වත්තල වත්තල. මොකද මුන් වත්තලටම රිංගන්නේ …? මුන්ගෙ අගනුවර ද වත්තල ..? මා මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි. මගේ අනුමානය නිවැරදි බව පසක් කරමින්. වෙනත් එවැනිම බවුසර් රථයක් එම අංක තහඩු සමග පිටත් වන ලදි. මොවුන් කිරි ගෙනියන මුවාවෙන් මොනවද මෙි ගෙනියන්නේ ..? රසායනික ද්‍රව්‍යද නැත්නම් වෙනත් අත්‍යාවශ්‍ය දේවල් ද….? ඔවුන් පිටවූ පසු. තාප්පයෙන් එහාපැත්තට පැන. බවුසර් රථය පරික්ෂා කෙරුවෙමි. පෙර පිහිටි ස්ථානයේ මෙන් මෙතන කිසිම අවදානමක් තිබුනේ නැත. විටෙන්විට ඔබ්බෙන් ඇති පාර දිගේ වාහන ගමන්කරන හඬ හැරුණුකොටගෙන වෙනත් ශබ්ද මෙි පරිශ්‍රය තුල ඇසෙන්නට නොවීය. වටාපිටාව පරික්ෂා කිරීමෙන් පසු මා බවුසර් රථයේ ටැංකියේ මුදුනෙහි ඇති රවුම් දොර විවෘතකර බැලුවෙමි. එහි කිසිවක් පෙනෙන්නට තිබුනෙ නැත. මනුෂමනුෂ්‍යයෙකුට වුවත් පහසුවෙන්ම රිංගා ගැනීමට හැකි පරිදි මෙම රවුම් දොර නිර්මාණය කර තිබුන බැවින් , මා ඉතා පරිස්සමෙන් ටැංකිය තුලට පැන්නෙමි. එහිතුල අත්‍යාවශ්‍ය වියලි ආහාර පිලිවෙලට ගොඩගසා තිබුනි. එසේනම් මගේ අනුමානය නිවැරදියි. මොවුන් එකම නම්බර් එකෙන් වාහන කීපයක් ප්‍රයෝජනයට ගන්නා අතරම, එම වාහන විවිධ ද්‍රව්‍යමය අවශ්‍යතා සඳහා යොදාගනු ලබන බැව් ඉතා පැහැදිලියි.

ඊලඟ දවසේ මෙම වාහන ටැංකිය තුල උපක්‍රමශීලීව සැඟවුනොත් කඳවුර ඇතුලට පැනගැනීමට හැකියාව ලැබෙයි. හොඳයි … දැන් මම මෙයින් එලියට යායුතුයි. ඉතාමත් ඉක්මනින් ටැංකියෙන් එලියට විත් තාප්පයද පසුකර යතුරුපැදියට ගොඩවී මදීනා ටෙක්ස්ටයිල්ස් බලා එද්දී පෙරවරු එකොලහට ආසන්න වී තිබුනි. පසුව ගෝල්ෆේස් බලා පිටත්ව ගියෙමි. දහවල් දොලහට තවත් අඩපැයක් පමණ ඇති බැවින් වටපිටාව ගැන සෝදිසියෙන් සිටීමට මා වගබලාගත් අතර, අවසානයේ නුග ගසක් ලඟ පිහිටි කොන්ක්‍රීට් පුටුවක වාඩිවී පත්තරයක් පෙරලගෙන කියවන්නට විමි. අවට නිස්කලංක වීම නිදහසේ සිටීමට මගපාදා ඇතිබැව් පෙනේ. අද දින රජයේ නිවාඩු දිනයන් වූයේ නම් මෙතන බොහෝ සෙනඟ බලාපොරොත්තු ⁣වන්නට තිබුනි. වෙලාව මැද මධ්‍යහ්න දොළහයි. දිව්‍යා මාගැන ඇහැගහගෙන සිටිනවා නොඅනුමානයි.

වටපිට බලනවිට කොන්ද කුදුවූ මැහැල්ලක් හැරමිටියක් ආධාර කරගනිමින් වම් පසින් මාදෙසට ඉතා සෙමින් ලඟාවන බැව් පෙනෙන්නට විය. ඇත්තෙන්ම ඇයි සිඟන්නියක් විය. මා අසලට පැමිණියද මාදෙස මොහොතකටවත් ඇය බැලුවෙිද නැත.
පසුව නුග සෙවනේ බිම ඉඳගත් ඇය බත් පාර්සලයක් ලෙහන්නට විය. බත් පාර්සලයේ පැත්තක බත්ද, අනෙක් පස කුඩා කඩදාසි කීපයක්ද පෙනෙන්නට තිබුන අතර කුඩා පැන්සලක් අතැඟිලි අතර තෙරපෙන බැව් මා දැක්කෙමි. දකුණු අතින් බත්පත කන ගමන් වමි අතින් කුඩා පැන්සලෙන් යමක් ලියන බැව් පෙනෙන්නට තිබුනි. අත්දෙකම හොඳට හුරුපුරුදු මා දන්නා එකම කෙනා නම් ඒ මගෙ නැගණිය වන අතර , ඇය අවරුදු පහක් පමණ යනතුරු මා විටෙන්විට ඇයව , බලන්නට ඇයට නොතේරෙන පරිදි ඒ නිවසට ගිය බව මගෙ මතකය යලි අවදිවන විට මතකය. එසේනම් මෙි සිටින්නේ දිව්‍යා හෙවත් මගෙ බාල වයසේ අතහැරුන නැගණිය බව මා දන්නෙමි. ඉන් පසු වරින්වර උසස් අධ්‍යාපනය ලබන තෙක්ම මා ඇය පිලිබඳව අවධානයෙන් සිටියේ කුමන හෝ සතුරු කණ්ඩායමක් ඇයට හානියක් කරන්නට ඉඩ ඇතැයි යන සැකයෙනි. මම හිතන විදිහට සෑම වැඩිමහල් සහෝදරයෙකුටම එවැනි බියක් තියෙන්නට පුළුවන.

මාගේ සිතුවිලි දැහැන බිඳ දැමුවෙ ඇයගේ උගුර පෑදීමෙි හඬටය. ඇය කඩදාසියේ ලියා තිබුනේ. ``සර් මම මෙි කේස් එකට අත දැම්මා නිලනොවන මට්ටමින්. ඇත්තටම මට මෙික මාට්ටු වුනේ අහම්බෙන්. මොකද මහාචාර්ය විනීත කියන්නේ මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක්. මොකද දෙන්නගෙම වෘත්තීය පසුබිම එකක් නෙ ´´

කවුද මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ද…?
මම පත්තරය කියවන ගමන් ඇයට කොඳුරා කීවෙමි. ඇය ඇස් ලොකු කරගෙන අතට ගත්ත බත්කට කට ලඟට ගෙන ගොස් ඉබේටම අතහැරුනි. ඊලඟට වෙිගයෙන් පැන්සල ක්‍රියාත්මක වන්නට විය. `` සර් කොහොමද මම විතරක් දන්න රහස දැනගත්තේ. මට ඒකට නම් අනිවාර්යයෙන්ම උත්තරය ඕන ´´

ඒකට මම උත්තරය දෙන්නම්. හැබැයි අපි හමුවුන කාරණයට තමයි අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන. මට දැනගන්න ඕන ඔයාගෙ වත්මන් තත්වය මොනවගේද කියලා.

ඇය නැවත ලියන්නට විය. මහාචාර්යතුමා මෙි යාල කණ්ඩායමට එකතුවෙලා තියනවා. එතන මුලින්ම උන්ගෙ අරමුණ විදිහට පර්යේෂණ කරන්නෙ මිනිස් ශරීරය තුල පිලිකා සෛල විනාශ කරන බෙහෙතක් හදන්න.
පසුකාලීනව තේරිලා තියනවා. නෑ ර්ක එහෙම නෙමෙි. මෙික අළුත් මාරාන්තික වෛරස් එකක් නිර්මාණය කරන්න හදන ව්‍යාපෘතියක් කියලා. ඊට පස්සේ තමයි එතනින් ගැලවිලා තියෙන්නෙ. මෙික කියන්න තරම් විශ්වාසවන්ත කවුරුවත් නැති හන්දා තමයි මෙිගැන මට කියලා තිබ්බෙ. හැබැයි එතනින් ගැලවෙන්න කලින් මමත් එයාගෙ ගෝලයෙක් විදිහට හඳුන්වා දීලා , මාව ඇතුලට ගත්තා. උන් හිතන්නේ මමත් ජීව විද්‍යාව ගැන හසල දැනුමක් තියනවා කියලා. මම ඒ විදිහට රඟපෑවා. විවිධ ජීව විද්‍යාත්මක පොක්පත් කියෙව්වා. දැන් උන්ට මාව විශ්වාසයි. කොහොම මහරි මහාචාර්යතුමා කිවිවෙ මෙික විනාශකාරි ව්‍යාපෘතියක් කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහේ ශක්තිමත් සාක්ෂි එක්කාසු කරගන්න කියලා. නමුත් එතන ඒ දේ කරන්න අමාරුයි. උන් හරිම අවධානයෙන් ඉන්නෙ අපි හැමෝම ගැන. මම මෙි ආපු ගමනත්
ඉතාමත් අවදානම් ගමනක්.

හ්ම්ම්… මට තේරෙනවා. මම හොයාගත්තා මේ ව්‍යාපෘතිය හසුරවන ලංකාවෙ කණ්ඩායමෙ නායකයා කවුද කියලා. ඒ වගේම මම ඔය කියන තැනට ගියා. උන්ට ඉන්නවා හොඳට සන්නද්ධ පුහුණුව ලබපු චීන පැරා ආමි එකක්. මම ඒ සේරම මගහැරලා එතනට ගියා. ඇතුලට යන්න දැන්ම බැහැ. එහෙම වුනොත් වැඩෙි ගැස්සෙනවා නියතයි.
අනික උන් මෙි වෛරස් එක නිර්මාණය කරලා ඉවරයි. දැන් ප්‍රති⁣වෛරස් එක තමයි නිර්මාණය කරමින් ඉන්නෙ.
ඒ වගේම ඒක රොකට් එකක දාලා ලෝකෙ කොහෙහරි රටකට යවන්න තමයි සැළසුම් කරලා තියෙන්නෙ.

නැවත ලියන්නට විය. සර් හුඟක් දේවල් හොයාගෙන තියෙනවා වගේ. පුදුමයක් නැහැ. දක්ෂ නිලධාරියෙක් නෙ. සර් වගේ
නරි මොළයක් , උකුසු ඇස් දෙකක් තියෙන මිනිහෙක් මම දැකලම නැහැ මෙතෙක් කාලයකට. මගෙන් මොනවද කෙරෙන්න ඕන.

මොකුත් කරන්න එපා. මම වෙලාව ආපුහම කියන්නම්. දැනට මොකුත් නැහැ. ඒ වගේම මම නුදුරේදීම ඔය කඳවුර ඇතුලට රිංගනවා. ඒකත් උන්ට නීත්‍යානුකූල විදිහට.

නැවත ලියන්නට විය. මහාචාර්යතුමා
මැරුවා මිසක මැරුණා නෙමෙි.

හ්ම්ම්… එතනින් තමයි වැඩෙි පත්තු වුනේ. ඊට පස්සේ තමයි අපි මෙික මිෂන් එකක් විදිහට කරගෙන යන්නෙ.

නැවත ලියමින්. මට වැඩි වෙලාවක් මෙතන ඉන්න බැහැ. සමහරවිට උන්දෙන්නා මාව හොයාගෙන මෙහාටත් එන්න ඇති.

කවුද අර මෝඩ ජෝඩුවද ….? ඒ දෙන්නා තව මාසයක් වත් ජීවත් වෙන්නෙ නැහැ.

නැවත ලියමින් හරි. මම නැවත හමුවෙන තැන වෙලාව කියන්නම්. දැන් මට කියන්න කොහොමද මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු දන්නෙ කියලා.

උත්තරය දෙන්නද , නොදෙන්නද කියලා
කල්පනා කරලා අවසානයේ මම අවංක උත්තරයක් දුන්නෙමි. මොකද මගෙ තාත්තත් , ඔය මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ම තමයි. ඔයාගෙ වැසුන පසුබිම් කතාවෙ ඔයාගෙ එකම අයියා මම තමයි.
සැඟවුණු අමුත්තා මමම තමයි. මෙි දක්වාම හැම දෙයක් ගැනම ඇහැගහගෙන හිටියා. අවුරුද්දකට සැරයක්, ඒ කියන්නේ උපන්දිනේට මල් පොකුරක් ගෙදරට එව්වෙත් මම ම තමයි.
මෙික හැඟුම්බර වෙන්න මොහොතක් නෙමෙි. ඉක්මනට මෙතනින් පිටත් වන්න. අපි මිෂන්එකට මුල්තැන දෙමු. ඒ වගේම මෙි ගැන අපි දෙන්නා විතරක් දැනගෙන හිටියාම ඇති.

සිනහමුසු මුහුණින් මාදෙස බලන්නට විය. අවසානයේ අත සෝදා වතුර ටිකක් බී. සියළු කඩදාසි සමග බත් පාර්සලය ඔතා ඇති පත්තර පිටුවට දමා , පොඩිකර.
රෙදි පොට්ටනියට දමා. ඈ හැරමිටියේ වාරුවෙන් නැගිට හෙමින් සීරුවෙ කොන්ද කුදු කරගෙන නික්ම යන්නට විය. ඉන්පසු මගේ දුරකථනය නාද වන්නට විය. ඒ කසුන්ය.

*හෙලෝ සර්… වැඩෙි ඉවරයිද..

ඔව් කසුන්…

*එහෙනම් රයිස් එකක් සප්පායම් වෙමු.

හ්ම්ම්… වාහන පාර්ක් එකට එන්න. මම එතනට යනවා දැන්ම. කියමින් ඇමතුම විසන්ධි කර, සිව්‍යා හිඟන්නිය නොදැක්කා සේ පසුකර , වෙිගවත් ගමනින් රථගාල වෙත ගියෙමි.


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now