⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 32 වන දිගහැරුම ⸎
> ආරාධනා පත්‍රය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තවත් ඇත්තෙ ඇමති ජීවානන්ද හා ඔහුගේ පුත්‍රයා වන මහේෂ් පමණයි. නමුත් මහේෂ්ගෙ ගමනත් අවසන් කල යුත්තේ ලොකු සැළසුමකින් පසුවයි.

මෙතැන් සිට…

සතියක කාලයක් නිසොල්මනේ අපි ගතකලෙමු. ඇමති ජීවානන්දගේ ගමන් මාර්ගයන් දෙස නිරීක්ෂණය වෙනුවෙන්
අප නියෝජිතයින් කීපදෙනෙකු කොළඹ විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් ස්ථානගතකර තිබූ අතර, සතියක අවසානයේ ඔවුන්ගෙ වාර්තා අපට ලැබෙන්නට විය.

*සර් රිපෝට්ස් ටික බැලුවද…?

ඔව් මෙි තියෙන්නෙ. කියමින් කසුන්ට වාර්තාව දිගු කෙරුවෙමි. මද වෙලාවක් එය අධ්‍යනය කිරීමෙන් පසු ,

*සර් මෙිකෙන් ලොකු දෙයක් අපට ගන්න බැහැ වගේ පේන විදිහට නම්. එක පාරක තුන්වතාවකට වඩා මෑන් ගිහින් නැහැ නෙ.

ඔව්… ඒක නම් ඇත්ත තමයි. කල්පනා කරමින් සිටි මාදෙස ඍජුවම බලා සිටියේ නියෝජිත ජනිත්ය. ඒ මාගෙ කාර්යාලයට පිවිසෙන වීදුරු දොර ලඟ සිටගෙනය.

හා… නියෝජිත ජනිත් එන්න ඇතුලට.

**ස්තුතියි සර්… මොකක්ද අවුල…?

සුපුන් මහත්තයා දන්නවා නෙ අපේ ඊලඟ සැළසුම මොකක්ද කියලා.

**ඔව් ජීවානන්ද ලොක්කව ගුවන්ගත කරන එකනෙ. ඒකට අපි සතියක කාලයක් මෑන් යනඑන තැන් ගැන ඇහැගහගෙන ඉන්න අපේ ස්පයිඩර්ස්ලා කීප දෙනෙක් දැම්මානෙ.

ඔව් මෙි තියෙන්නෙ ඒ අයගෙ රිපෝර්ට්ස්.

**කෝ දෙන්න බලන්න … කියමින් ඔහුද එය කියවා බලා මාදෙස බැලීය. සර් මෙිකෙන් වැඩක් ගන්න අමාරුයි. යකෝ මෙි යකා වැඩිය එහෙමෙහෙ යන පොරක් නෙමෙිනෙ බලපුවාම.

නෑ මෙතන තියෙන්නෙ ඊට වඩා යමක් මහත්වරුනි.

*ඊට වඩා යමක්…?

ඔව්. ඊට වඩා යමක්. උන්ගෙ පිරිස මෙි දවස්වල හුඟක් අඩුවුනා අපිත් එක්ක ගැටිලා. ඒ හන්දා උන් ටිකක් සලෙන්ඩර් වෙලා ඉන්නෙ.

**ඒක හන්දා තමයි උන් තම තමන්ගෙ ගමන් සීමා කරලා තියෙන්නෙ.

හරියටම හරි.. ටික කාලයක් යනවා තව තව අළුත් කට්ටිය තමන්ගෙ සංවිධානයට ගන්න.

*ඇත්තටම උන්ට අපිව හොයාගන්න බැරුවද ඉන්නෙ …?

ඔව් කසුන්.. අර අපිට වහ දෙන්න ආපු දෙන්නා විතරයි අපි ආසන්නයට හරි ආවෙ. අනිත් එවුන්ට හිතාගන්න බැහැ මොකක්ද මෙි වෙන්නෙ කියලා.

**එතකොට අපි දැන් මොකද කරන්නේ.

හොඳ ප්‍රශ්නයක්.. අපි බාහිරෙන් මෙිකට උත්තරයක් හොයමු..

*බාහිරෙන් …? ඒ කොහොමද…?

මෙතෙක් වෙලා මා අතැතිව තිබූ පත්තරයේ යමිකිසි ලිපියක් ඔවුන්ට පෙන්නුවෙමි.

**සර් මෙි මොකක්ද …?

කියවලාම බලන්න. ඕක තමයි අපිට තියෙන බාහිර උදව්ව මෙි වෙලාවෙ. කියවන්න බලන්න මොකක්ද ඔය තියෙන්නෙ කියලා බලන්න. කියමින් මිහිර පුවත්පතේ විචිත්‍ර ලිපි පෙල අඩංගු පිටුව පෙරලා දුන්නෙමි.

**ජනප්‍රිය නිළි සංජනා වීරසේකරගේ විවාහ ගිවිසගැනීමෙන් පසු. මෙම මස 14 වනදින ඇය සමඟ අතිනත ගැනීමෙ විවාහ උත්සවය උත්කර්ෂවත් අන්මින් පැවැත්වීමට නියමිත ඇති බවත්, ඒ සඳහා දිවයිනේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන විශේෂ අමුත්තන් රැසක් සහබාගි වීමට නියමිත බැව් ආරංචි මාර්ග පවසයි. ඒ අතර ප්‍රසිද්ධ දේශපාලඥ්ඥයන්, ව්‍යාපාරිකයන් , චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් , නිශ්පාදකවරුන් හා ජනප්‍රිය නළු නිළියන් රැසක් සහබාගි වීසට නියමිතය.

හරි… එතනින් අපිට වැදගත් වන්නේ ඔය දේශපාලඥ්ඥයන් කියන කොටසේ අය අතරින් ඔය ජීවානන්ද ලොක්කා සහබාගි වෙනවද කියලා හොයාගන්න එක විතරයි.

*ඒ කියන්නේ මගුල් උත්සවයට ආරාධනා
ලැබිලද කියලා අපි හරියටම සනාථ කරගන්න ඕන.

ඔව් මහත්වරුනි තක්කෙටම කිව්වා ඒක.
එහෙනම් අපි හොයලා බලමු ඔය ආරාධනා පත්‍රය ⁣මෑන්ට ලැබෙනවද කියලා. සාමාන්‍යයෙන් ආරාධනා පත්‍රයක් ලැබෙන්නේ තැපෑලෙන් වුනාට මෙිවගේ ඇමති කෙනෙකුට එහෙම ලැබෙන්නේ නැහැ. ඒකට වි⁣ශේෂ නියෝජිතයෙක්
අතේ තමයි එවන්නෙ. එතකොට ඒ විශේෂ නියෝජිතයා කවුද කියලා අපි බලන්න ඕන.

**ඒකට අපි ඒ පණිවිඩකරුවා හොයාගෙන දෙකක් ඇනලා දැනගන්න ඕන.

හහ් හහ් හා… අයියෝ සුපුන් මහත්තයා.
කොයි වෙලාවෙ බැලුවත් කාගෙ හරි හොම්බක් තලන්න තමයි බලාගෙන ඉන්නෙ. එච්චර බරපතල් වෙන්න එපා. හැමෝම වැරදිකාරයො නෙමෙි නෙ. හොම්බවල් තලන්න.

*හහ් හහ් හා අයියෝ ශාන්ත …

**ඒ ගමන ඔය දෙන්නම මට හිනාවෙනවද..?

නෑ නෑ හරි හරි… ඔන්න නැවැත්තුවා හිනාව. මෙිකයි. අපි ඔය වෙඩින්එක සංවිධානය කරන කණ්ඩායම මුණගැහෙන්න ඕන. ඒකට මොකක්හරි උප්පරවැට්ටියක් දාමු. මොකද සැක හිතෙන්නත් බැහැ නෙ. ඊට පස්සේ ⁣දිවා භෝජනයට කීයකට ඇස්මෙන්තු හදලද..?
රාත්‍රි එකට කීයක්ද කියලා බලන අතරෙ.
ජීවානන්ද ඇමති සහබාගි වෙනවද..? එහෙම නම් ඒ සහබාගි වෙන්නේ දවල්
කෑමටද නැත්නම් රෑ එකටද කියලා හොයාගන්න ඕන. ඊට පස්සේ පුළුවන් අපිට වැඩෙි සැළසුම් කරන්න. මතක තියාගන්න ඔය මාධ්‍යකාරයො ඉන්නවා නේද. සමහර අවස්ථාවන් වලදී ඒ අයගෙ තොරතුරු අපිට ජැක්පොට් එකක් වෙනවා කියලා. මොකද එයාලට ඕන ප්‍රසිද්ධ අයගෙ කුණු. ප්‍රසිද්ධ අයගෙ කුණු ප්‍රසිද්ධ කරපුවාම තමයි ඒ අයගෙ පැවැත්ම දිගටම රඳාපවතින්නේ. මොකද ප්‍රසිද්ධ අයගෙ කුණුත් ප්‍රසිද්ධයි නෙ. අපේ රටෙි අයට හරියට අනුන්ගේ කුණු හොයලා පුරුදුයි නෙ. ඒ කුණු තමයි වැඩියෙන්ම කතාබහ කරන මාතෘකා. ඉතින් අන්න ඒ කුණු අස්සේ කලාතුරකින් හරි අපිට ප්‍රයෝජනවත් වන සලකුණු තියෙන්න පුළුවන්.

**ඒක නියම ගැලපුමක් සර්. ``කුණු අස්සේ සලකුණු ´´

*ඔව් ඒක ඇත්ත. සමහර අයට අනුන්ගේ කුණු හෙව්වෙ නැත්නම් නින්ද යන්නෙත් නැහැ.

හරි… මහත්වරුනි. අපි එහෙනම් ඔය ආරාධනා පත්‍ර තොගයේ ඇමති ජීවානන්දගෙ නම තියනවද කියලා බලමු. මම ඒකට පොඩි නාටකයක පිටපතක් හදන්නම්. ඊට පස්සේ බලමු අපි රඟපාලා මොකද වෙන්නෙ කියලා. ඉන්න මම දැන් මෙි පත්තරයට කතා කරලා ඒකේ සංවිධාන කටයුතු කරන ආයතනය මොකක්ද කියලා හොයාගමු. කියමින් මිහිර පත්තරයට ඇමතුමක් ගත්තෙමි.

*හොඳයි සර්…

⁣තරමක දිග , සුහදශීලී පිලිසඳරක අවසානයේ අදාල නිළියගේ විවාහ උත්සවය සංවිධානය කරනු ලබන්නෙ කුමන ආයතනයද යනවග මිහිර පුවත්පතේ ප්‍රධාන කතෲ තැනගෙන් විස්තර ලබාගත් අතර, ඒ සදහා මා හට ගම්පහ දිස්ත්‍රික් ලේඛම් වශයෙන් රඟපෑමට සිදුවුන අතර , එම ආයතනය
`` ෆ්ලෝරා ෆෙස්ටිවල්ස් ´´ නම් විය. දුරකථනය විසන්ධි කල පසු නැවතත් සහයක නියෝජිතයින් දෙදෙනා මාදෙස බලමින් සිනාසෙන්නට විය.

**ගම්පහ දිස්ත්‍රික් ලේඛම් ``රොනි ද මෙල්´´ කොහොමද ඒක…

හරි හරි මහත්වරුනි. පූසා ඉටියෙන් වුනත් මොකද , මැටියෙන් වුනත් මොකද ඌ මීයෝ අල්ලනවා නම් එච්චරයි නෙ.

*ඇත්තටම සර් මෑන්ගෙ නම ``රොනී ද මෙල් ´´ ද…?

ඔව් කසුන්. ``රොනී ද මෙල්´´ තමයි

**බැරි වෙලාවත් මොනවාහරි වුවමනාවකට ගම්පහ දිස්ත්‍රික් ලේඛම්ට කතා කරලා ඇහුව්වොත් තමයි ආතල් ම සිද්ධිය වෙන්නෙ.

ඔව් ඉතින්. එදාට රොනී ද මෙල් අහයි
`` අයිසෙ තමුසෙ ගංජා ගහලද ඉන්නෙ ´´
කියලා.

**හහ් හහ් හා.. අනිවාර්යයෙන්ම අහනවා සර්. ආයේ දෙකක් නෑ.

හරි… ඉන්න දැන් ඉතින් ෆ්ලෝරා ෆෙස්ටිවල්ස් එකට කතා කරන්න එපැයි. කියමින් දෙවන වර ඇමතුම ගත්තේ එම ආයතනයටය.

ආයුබෝවන් …( දුරකථනයෙන් )

ආයුබෝවන් ⁣මිස්.. මම රොනී ද මෙල්.
ගම්පහ දිස්ත්‍රික් ලේඛම්.

දු:ක - ඔව් සර්…

අර සංජනා මිස්… කවුද … අර රඟපාන එක්කෙනා. අන්න එයාගෙ වෙඩින් එකේ වැඩකටයුතු කරන්නේ ඔය ගොල්ලෝ නේද..?

දු:ක - ඔව් සර්…

එතකොට අමුත්තන්ට යවන ආරාධනා පත්‍ර සකස් කරන්නේත් ඔයාලමද..?

දු:ක - ඔව් සර්. ඒක අපේ මුද්‍රණ අංශයට දීලා තියෙන්නෙ.

හොඳයි හොඳයි… මට ඒ ලිස්ට් එකේ මමයි , අපෙ ඩග්ලස් ජීවානන්ද ඇමති තුමයි ඉන්නවද කියලා දැනගන්න පුළුවන් ද..? මොකද ඕක ප්‍රින්ට් කරලා අපේ අතට එනකොට ටික කාලයක් ගතවෙනවා. මොකද දන්නවනෙ අපි රාජකාරි බහුල අයනෙ. කලින්ම ඒ දවස ෆ්රී කරගන්න ඕන. ඒකයි අහන්නෙ. එතකොට අපි දෙන්නටම කතාබහ කරගෙන දවස නිදහස් කරගන්න පුළුවන් නෙ. ඒ වගේම අපි දවල්ටද , නැත්නම් රෑටද කියලත් දැනගන්න ඕන මිස්.

දු:ක - පොඩ්ඩක් ඉන්න පුළුවන්ද සර්. මම ලිස්ට් එක බලනකම්.

ඕකේ ඕකේ … නෝ ප්‍රොබ්ලම් මිස්.

මිනිත්තු දෙකක් පමණ ගතවිය. නැවත ස්ථාවර දුරකථනයේ රිසිවරය මෙිසයෙන් උස්සන හඬ ඇසුනි.

දු:ක - බොහොමයක් ස්තුතියි රැඳී සිටියාට.
සර් ඔය දෙන්නගෙම නම් තියනවා. ආරාධිතයන්ගෙ ලැයිස්තුවෙ. රෑ පැවැත්වෙන භෝජන සංග්‍රහයට සහබාගි වෙන ලිස්ට් එකේ තමයි නම් දෙකම තියෙන්නෙ.

හා.. එහෙනම් කමක් නැහැ. එතකොට මොන හොටෙල් ඒකේද…?

දු:ක - හොටෙල් බ්ලූමැන්ඩල් සර්…

හරි… හොඳයි හොඳයි බොහොම ස්තුතියි මිස්.

දු:ක - හොඳයි සර්..

දැක්කා නේද මහත්වරුනි. කිසිම ශාරීරික චලනයක් නැතුව දුර ඉඳලම වැඩටික කරගත්තා. කිසිම නාටකයක් රඟපෑවෙ නැහැ චලනාත්මකව.

*විශිෂ්ඨයි සර්… දැන් කියන්න මොකක්ද සැළසුම.

හහ් හහ් හා… දිනය පෙබරවාරි 14 නේද. නියම දිනයක් තමයි. පෙම්වතුන්ගේ දිනය. බොහොම හොඳයි.

**සර් පෙබරවාරි කියන්නේ නැකැත් ශුන්‍ය මාසයක් නේද…?

වැඩ කරන මිනිහට , හරි අරමුණක ඉන්න මිනිහට නැකැත් කියන්නේ පුහු ආටෝපයක් විතරයි මිත්‍රවරුනි. අනික හැමෝම නැකැත් විශ්වාස කරන්නේ නැහැ නෙ.

*හරියට අපි වගේ අය.

ඔව්.. පැහැදිලිවම. නැකැත් බල බලා කොහොමද අපරාධ විමර්ශන විෂය කරන්නේ. හොඳට තියෙයි. හරි ෂෝක්. දැන් බලන්න ඔය මහත්වරුන් දෙන්නා කල්පනා කරලා. මෙි මිෂන්එක කරගෙන ගියාට කලින් වගේ ලොකු විශේෂත්වයක් නැහැ නේද…? ඒක තමයි අපේ ජාතියට කෙලවෙන්න ප්‍රධානතම හේතුව. පාලකයා මොන පීඩනය දුන්නත් , ඒකට එරෙහි වෙන්නෙ නැතුව ඉවසලා ඒකට හුරුවෙනවා. ඒ දවස්වල එකට තෙල් පෝලිම්වල දවල් රෑ නැතුව , අව්වට වේලී , වැස්සට තෙමි තෙමී කට්ට කාපු මිනිස්සු අද දෙකට තුනට බෙදිලා තමන්ව පීඩනයට ලක්කරපු සුපුරුදු මිලේඡ්ච පාලකයටම කඩෙි යනවා. ඕක නෙමෙිද යථාර්ථය ..? අපේ අයට ඕන දේක බය , අවධානය ටික දවසයි තියෙන්නෙ. ඊට පස්සේ ඒකට හුරුවෙනවා. නැත්නම් ඒක ගණන් ගන්නේ නැතුව ජීවත් වෙනවා. හා බොරුද…? නමුත් මතක තියාගන්න මම මෙි හිටියට හුඟක් කල්පනාකාරීව ඉන්නෙ. මොකද මෙි⁣ මිෂන්එකේ සැබෑ තත්වය , බැරෑරුම්කම කොච්චරද කියනවා නම්. ගෙවෙන හැම තත්පරයම හිතේ ගින්නෙන් ජීවත් වෙන්නේ. මොකද මෙි රොකට් එක අපෙන් ගිලිහුනොත් , මට හිත හදාගන්න බැරිවෙනවා ජීවිත කාලයම. ඒකයි මෙිකට පිස්සු බල්ලෙක් වගේ හැමතැනම දුවන්නේ.

**අපිට තේරෙනවා සර්. මෙික දැනගත්තට පස්සේ ලොකු හිසේ කැක්කුමක් සර්ට තියනවා කියලා. අපිටත් ඒ සමානව නැති වුනත් , සුළුවෙන් හෝ තියනවා.

*ඔව් සර්… කල් මරන්න බැහැ. තව දවස් පහකින් තියෙන වෙඩිමෙිදී ඇමති ඩග්ලස් ජීවානන්ද ඉවරකරලා දාන්නම ඕන. කියන්න අපි මොනවද කරන්න ඕන. මොකක්ද ප්ලෑන් එක.

හොඳයි මිත්‍රවරුනි.. ඔය දෙන්නා කියන්න බලන්න මෙි වෙලාවෙ හදන්න ඔීන උණුසුම් සැළසුමක් ද.. ? නැත්නම් සීතල සැළසුමක් ද…?

*අපි තේරුනෙ නැහැ සර්…

ඒ කියන්නේ වඩා සුදුසු උණුසුම් යුද්ධයක් ද..? නැත්නම් සීතල යුද්ධයක් ද..?

**ඒ දෙක ගැන පැහැදිලි කරන්න පුළුවන් ද..?

හපොයි පුළුවන්. මොකද බැරි..? උණුසුම් යුද්ධයක් කියලා මම අදහස් කලේ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන යන වාහනය පුපුරවාහරින එක. එතකොට සීතල යුද්ධය කියලා මම අදහස් කලේ පුපුරණ ද්‍රව්‍ය පාවිච්චියකින් තොරව වාහනය අනතුරකට පත් කරලා පරපොව සැපත් කරන එක.

**සර් අංක දෙක හොඳයි වාගේ නේද…?
සීතල යුද්ධයේ සාක්ෂි හොයාගන්න අමාරුයි නේද..?

ඔව්.. කසුන් මහත්තයා මොකද කියන්නේ..?

*ඔව් සර්.. මමත් දෙවන යෝජනාවට කැමතියි.

හරි.. එහෙනම් මහත්වරුනි. අපි දෙවන සැළසුම හෙවත් සීතල සැළසුම හදමු.
අඩුපාඩු හැදුවට පස්සේ කතා කරගන්න බැරියැ. මම විනාඩියක් පමණ කල්පනා කෙරුවෙමි. රයිටි විරාමය අවසානයි.
මෙන්න මෙිකයි සැළසුම. ඩග්ලස් ලොක්කා රාත්‍රි භෝජන සංග්‍රහයට වාඩි වෙනවා. සියල්ල හමාර වෙනකම් අපිත් එතන පාඩුවෙ වැඩ කරනවා වෙිටර්ලා විදිහට. ඔය දෙන්නා එලියෙන් ඉන්න. මම තමයි වෙිටර් විදිහට ඇතුලෙ වැඩ කරන්නේ. වෙලා බලාගෙන ඉන්නවා.

*හොටෙල් එකෙන් එලියෙ.

ඔව්… එතන ඇමතිගෙ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීයට මම දෙනවා
නිදිබෙහෙත්. එතකොට මෑන්ව වාහනයට දාගෙන ගිහින් වැඩක් නැහැ.
අවසානයේ වාහනයේ යන්නෙ ඇමතිගෙ පුද්ගලික ලේඛම් , ආරක්ෂකයො දෙන්නයි, රියදුරා විතරයි. වාහනය එතනින් පිටත් වෙනකොටම අපි යනවා අපේ වාහනයේ. ගම්පහ කිට්ටුවට එනකොට අපි වාහනයට ගහනවා. මව කියන්නම් කොතනද තැන කියලා. මෙි වාහනය වී 8 වර්ගයේ වාහනයක් . ඒ කියන්නේ වෙඩි නොවදින එකක්. වාහනයට වෙඩි නොවැදුනාට ටයර් වලට වෙඩි වදිනවනෙ. ඒ හන්දා පලමුව තියන්න ඕන ටයර් වලට. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වාහනය නැවැත්තුනාට පස්සේ. ඔය දෙන්නා වගබලාගන්න ඕන ඇතුලෙ ඉන්න එකෙකුටවත් පිටතට එන්න බැරිවෙන්න. එහෙම ආවත් කමක් නැහැ. ඔලුවටම තියලා දාන්න. කොහොමත් එකයි. මම කලින් කිවිවා වගේ බුලට් පෲෆ් වාහනයක බොඩියට කොච්චර වෙඩි තිබ්බත් වදින උණ්ඩය විසිවුනාට. වීදුරු වලට එහෙම නැහැ. එකම තැනට උණ්ඩ හතරක් වැදුනාම , පස්වන උණ්ඩය අනිවාර්යයෙන්ම වීදුරුව පසාරු කරගෙන යනවා. ඉතින් පස්වන උණ්ඩය ඩග්ලස්ගෙ පපුවටම මම තියනවා. කට්ටියම නිහඬ කරලා. අපි වෙිගයෙන් එතනින් එනවා එච්චරයි. බැරි වෙලාවත් උන් වාහනයේ දොරක් ඇරියොත් අපි ඒක අපේ වාසියට ගමු.
ඒ කියන්නේ පිටත්වෙන්න කලින් ග්‍රෙනේඩ් දෙකක් කඩලා ඇතුලට දාමු. එතකොට ඉවරයි කතාව.

*එතකොට අපි කොහොමද වෙිටර්ගෙ ඇඳුම් ආයිත්තම් හොයාගන්නේ.. ?

හරි… අපි ඒ වගේ එකක් මහලා ගමු.
මෙච්චර දේවල් කරපු අපිට ඕක මොකක්ද.. ? ප්‍රශ්න මොකුත් තියනවද මගෙන් අහන්න

*දැනට නැහැ .

**මටත් නැහැ සර්..

හොඳයි මහත්වරුනි. අපි බලමු තව දවස් පහක් තියනව නෙ. ඒ දවස් පහ අතරේ අපිට තව වැඩ ටිකක් තියනවා කරන්න.
අපේ නියෝනියෝජිතයෙක් යවන්න ඕන
ඔය වෙිටර් කෙනෙක්ගෙ ඇඳුමෙ ඡායාරූප ටිකක් අරගෙන එන්න. ඊට පස්සේ අපේම තැනකටම කියලා මස්සවා ගන්නත් ඕන.

*එතකොට මෙි දවස් පහේ කිව්ව වැඩෙි මොකක්ද සර්…

ඉන්න. අද රෑට මම කියන්නම් මහත්වරුනි.

රාත්‍රි ආහාරය අප තිදෙනාම ජනප්‍රිය අවන්හලකට ගොඩවී ගත් අතර ,
අපට එහායින් තම වෙිෂය මාරුකරගෙන
මෙිසයක ආහාර ගත්තේ දිව්‍යාය. විටෙන්විට විට මාදෙස බලා ඇය සිනාසෙන්නට විය.

*සර්. අර ඉන්නෙ දිව්‍යා මැඩම් නේද..?

ඔව් මහත්වරුනි. නොදැක්කා වගේ ඉන්න. ඔය මොකක් නමුත් දේකට අපිව මුණගැසෙන්නට ඇවිත් තියෙන්නෙ. තව ටිකකින් පණිවිඩයක් දෙයි.

**අන්න නැගිට්ටා…. ඔන්න එනවා.

ඇයි අප මෙිසය අසලින් යනවිට මාලඟ තිබූ කුණු බඳුනට අත පිසින ලද කඩදාසිය දමා ගියාය.

*ඔන්න සර් මැසේජ් එක..

දකුණු කකුල සෙරෙප්පුවෙන් නිදහස් කර මා කුණු බඳුන හෙමින් සීරුවෙ කකුලෙන් පෙරලා. එහි තිබු කඩදාසිය මහපට ඇඟිල්ල ආධාරයෙන් එලියට ගත්තෙමි.
එය හෙමින් සීරුවෙ කලිසම් සාක්කුවට දමාගත්තෙමි.

**සර් ඇත්තටම මෙි කඩයට කන්න එන්න හේතුව දැන් අපිට පැහැදිලියි.

ඔව් මහත්වරුනි. අපි කරන හැමදෙයක්ම රාජකාරියට අදාලයි. අපිට මොකක් නමුත් අළුත් හෝඩුවාවක් මෙි කඩදාසියේ තියෙන්නෙ පුළුවන්.

*ඔව් අපි බලමුකො.

හ්ම්ම්… හරි.. අපි යමු එහෙනම්. බිල්පත ගෙවාදමා අප තිදෙනාම නුගේගොඩ හන්දිය පසුකර පයින්ම ගමන්ගත්තේ ටෙක්ස්ටයිල්ස් එක වෙතය. වහාම මගෙ කාර්යාලයට ආවෙ සහයකයින් දෙදෙනාම සමගය. සාක්කුවට අත දමා කඩදාසි කෑල්ල වීදුරු මෙිසය මත තැබුවෙමි. එහි බැලූ බැල්මට කිසිවක් සඳහන්කර නොතිබුනි. පසුව ලාච්චුවෙන් විදුලිපන්දම ගෙන එයට කිට්ටු කර බලනවිට. එහි අංක කීපයක් සඳහන්ව තිබුනි. එය මෙසේයි 3 ,4 ,9 attnd pl crfl

C - 3 , D - 4 , I - 9 attnd -attend. Pl - please , crfl - careful.

හ්ම්ම්… CDI එක අවධානයෙන් ඉන්නෙ. කරුණාකරල පරිස්සමෙන් කියලා ලියලා තියනවා නේද. හොඳයි. ඒ කියන්නේ මහත්වරුනි. අපිට ඉක්මන් කරන්න වෙනවා.

මතු සම්බන්ධයි…..



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now