⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 29 වන දිගහැරුම ⸎

`` සාක්ෂි සැළසුම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


``ජැක්පොට් මාධව ´´ මා මටම මිමිනුවෙමි.. දැන් සියල්ල පැහැදිලියි. බන්ධනාගාරගත කර ඇති තම මිතුරාගෙ පුතනුවන්ගේ කටඋත්තරය හා මෙම වීඩියෝඑක සර්ව සමානය. එසේනම් ඔහුව ⁣නිදහස් කරගැනීමට මෙය ප්‍රමාණවත්ය.

මෙතැන් සිට………….

බත් වයලට් රැවටුනා එහෙනම් මගෙ කටහඬට.. එහෙනම් ජොනි කියලා හාදයෙක් මෙතන මුන්ට සම්බන්ධයි.
අගට තුන්සීය අසූව.. එහෙනම් මම ලඟ ඒ නම්බර් එක තියෙන්න ඔීන. හ්ම්ම් බලමු… තම සාක්කුවෙන් කුඩා සටහන්පොත ගෙන පරික්ෂාකර බැලුවෙමි. රයිට් මෙි තියෙන්නෙ බඩු.
එතකොට අර ෆෝන් එකේ අයිතිකාරයගෙ සම්බන්ධයක් තියනවා මෙි ජොනිට. නමුත් මිනීමරුවා සැරින්සැරෙ එතනට එන්න හේතුව මොකක්ද ..? අයිස් කිණිස්සක් තව තියනවා කියන්නේ තවත් මිනීමැරුමක් ද ? මෑන්ගෙ ෆෝන්එක එතන වැටුනාද. නැත්නම් වෙනත් කෙනෙකුගේ ෆෝන් එකක්ද..? එතන වැටෙන්න හේතුව මොකක්ද ..? එතකොට ජොනි මෙිකට වක්‍රවාකාරව සම්බන්ධ ද. මිනීමරුවා , අයිස්මෑන්ද , එහෙමත් නැත්නම් ශාන්ත ද.
සැකයේ වාසිය තියෙන්නෙ අයිස් මෑන්ට නොහොත් ඇන්ටනි ට. එතකොට අඩි සලකුණු වල ප්‍රමාණය ශාන්තගෙ පතුල් ප්‍රමාණයට සමානයි. ශාන්තගේ ඒ කරුණ නම් එතරම්ම ප්‍රබල තර්කයක් නෙමෙි.
එතකොට මෙි අගට තුන්සීය අසූව නම්බර් එක ජොනිගෙ නම්. මෑන්ව මොන ක්‍රමයකින් හරි ගෙන්වාගෙන ප්‍රශ්න කරන්න අපිට පුළුවන් වේවි.

සිතුවිලි දැහැන බිඳ දැමුවෙ තම දුරකථනය නාද වීමෙනි.
හෙලෝ……

(දුරකථනයෙන් ) මචං මම විනුර..

හා විනුර …. කියන්න.

විනුර - ලබන බදාදා නඩුව. පුතාව බේරගන්න පුළුවන් ද අපිට.

මොකද බැරි… කොල්ලා නිර්දෝශියි නෙ.
කොල්ලව බෙිරලා දෙන්නම්…

විනුර - ඔය ඇත්තමද… ?

ඔව් විනුර …. මම කවදාවත් බොරු කියලා නැහැ නෙ..

විනුර - කොහොමද බේරගන්නේ. ඔයා හොයාගත්තද මිනීමරුවව…?

නෑ මචං… තවම නැහැ.

විනුර - එතකොට….?

මිනීමරුවනව හොයන්න තව ටික කාලයක් යනවා. හැබැයි මම හොයාගත්ත පුතා මෙිකට සම්බන්ධ නැහැ කියලා එච්චරයි. බයවෙන්න එපා.
මම කොල්ලව එලියට දාලා දෙන්නම්…

විනුර - ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා..

ඔයා මොකටද මට ස්තුති කරන්නේ. ඒක මගෙ ජොබ්එක නෙ..

විනුර - හ්ම්ම්… මම දන්නවා. ඔයා එදා ඉඳන්ම වර්ණනා වලට කැමති කෙනෙක් නෙමෙි කියලා. එතකොට අපිට අදම ගිහින් ලෝයර්ව මුණගැසෙන්න පුළුවන් ද….?

අපි නෙමෙි.. ඔයා… මම මොකටද ඔයාගෙ ලෝයර් මුණගැසෙන්නට යන්නේ… ?

විනුර - එතකොට අපි මොනවද ඉදිරිපත් කරන සාක්ෂි පුතා වෙනුවෙන්…

මචං විනුර…. මම කවුද…? උඹ දන්නවා නෙ. මම මෙි ලෝකයටම අදිසි චරිතයක් කියලා. මම `` අඳුරු සෙවනැල්ලක් ´´
ඉතින් මම කාවවත් මුණගැහිලා බැහැ නෙ. ඒ හන්දා මම කාවවත් මුණගැසෙන්නට එන්නෙ නැහැ.

විනුර - එතකොට මම මොනවද මගෙ ලෝයර්ව හමුවෙලා කියන්නේ …?

ඔව් ඒක හරි…. ඔයා මෙහෙම කරන්න.
ඔය ලෝයර් පැතුම් තිරිමාන්න නේද…?

විනුර - ඔව් මාධව… මෑන් තමයි.

බොහොම හොඳයි. මෑන්ව හිරකරන්න
බෑ. මොකද මෑන්ට දරුපවුලක් තියා , කිරිඅම්මා කෙනෙක්වත් නැහැ. ඒ හන්දා
එතන ගේමක් ඇත්තෙම නෑ. නැත්නම්
මෑන්ව බ්ලැක්මෙිල් කරා කියයි. තර්ජනය කරා කියයි. ලෝක ලෙඩ එන්න පුළුවන්.
මෑන්ට කිසිම දුර්වලතාවයක් නැති හන්දා කිසිම අවුලක් නැහැ.

විනුර - ඔව් ඒක ඇත්ත. මම හිතන්නේ නොදැනුවත්ව හරි, මම හරි තීරණය අරගෙන තියනවා.

ඒක තමයි මෑන් හුඟක් නඩු දිනන්න හේතුව. දුර්වලතා නැති මිනිහගෙ ආත්ම ශක්තිය අන් කවරෙකුවත් වඩා වැඩියි විෂය පතය අනුව වෙනස් වුනාට. ඔීක තමයි කවුරුත් පිලිගන්න සූදානම් නැති ඇත්ත. තව උදාහරණයක් තමයි මම… හරි … ඒක දැන් වැඩක් නැහැ. දැන් මම කියනදේ හොදට අහගන්න. නඩුව අහන දවසේ , උදේ , නාදුනන පුද්ගලයෙක් එයාට පොඩි පාර්සල් එකක් දෙනවා.
ඒකෙ තියනවා VCD තැටියක් වගේම පරණ කැමරා ෆෝන් එකක්… ඒ VCD තැටිය උසාවිය ඉදිරියේ ප්ලේ කරන්න අවසර ගන්න කියන්න …

විනුර - හරි….

හොඳයි .. ඊට පස්සේ. ඒ DVD එකේ තියෙන්නේ. එතන වෙච්ච සම්පූර්ණ සිදුවීම.

විනුර - ඒ කොහොමද මාධව….?

මචං… මම කතා කරන්නේ මගේ රාමුවෙ ඇතුලේ ඉඳගෙන. එතනින් එලියට පැනලා මට .. උඹට කතා කරන්න බැහැ.

විනුර - හරි මචං.. මට තේරෙනවා…

වෙරිගුඩ් … හොඳයි … ඊට පස්සේ ඒ වීඩියෝ එක බැලුවට පස්සේ. ඉදිරි කටයුතු ඔයාගෙ ලෝයර්ට බාරයි. මෑන්ට කියන්න තියෙන්නෙ නන්නාඳුනන පුද්ගලයෙක් ඒක සාක්ෂි එදා උදේ උසාවි ගේට්ටුව ලඟින් දුන්නා කියන්න විතරයි.
එතකොට රැවුලයි කැඳයි දෙකම බැලන්ස්.
එච්චරයි ….

විනුර - එතකොට අර ෆෝන්එක …?

ඉන්න … කතාව ඉවර නැහැ. ඒ ෆෝන්එක මිහිරාණිගෙ ෆෝන්එක. ඒකෙන් ගත්ත
වීඩියෝ එකක් කියලා. ⁣ඔයාගෙ නීතීඥ්ඥ මහත්තයාට කියන්න තියෙන්නෙ. මම හිතනවා එතනින් එහාට එයා දන්නවා. කියන්න , නොකියන්න ඔීන දේවල් මොනවද කියලා. මොකද මම එහෙම කරන්නත් ලොකු හේතුවක් තියනවා ඔයාට පැහැදිලි කරන්න බැරි.

විනුර - හරි… මට තේරුනා…මම ඒ ටික අද හවසම ගිහින් කියන්නම්. එතකොට ඔයා උසාවියට එන්නෙ නැද්ද… ?

හහ් හහ් හා… මම මොකටද උසාවියට එන්නෙ විනුර… නඩුව මගෙද, විත්තිය මමද , පැමිණිල්ල මමද , නඩුකාරවරයා මමද , ලෝයර් මමද…? මම එන්නෙ නැහැ . හැබැයි වැඩෙි ගාණට කෙරෙයි.
ලෝයර් මහත්තයට කියන්න වැඩෙි ෂුවර් කියලා. එච්චරයි …

විනුර - හරි හරි මාධව . ඔයාලා වැඩකරන ක්‍රමයක් තියනවනෙ. අපිට ඒක පැහැදිලි නැහැ වගේම, ඒක තේරුම්ගන්න ඔීනත් නැහැ. මොන ක්‍රමයෙන් හරි කමක් නැහැ මට මගේ දරුවා බේරගන්න පුළුවන් නෙ. එච්චරයි

අන්න හරි…. විනුර… එහෙනම් මම නවතිනවා…

විනුර - බොහොමයක් ස්තුතියි මාධව ..

හරි ජයවේවා එහෙනම් ….

විනුර - ජයවේවා මාධව…

ඇමතුම විසන්ධි කරීමෙන් පසු ඉඳුරාම
ඇමතුමක් ලබාගත්තේ ඩොක්ටර් දුනිත් වෙතය.

දුනිත් - හෙලෝ….

හෙලෝ ඩොක්ටර් …. මම එස්පී.
ඔතන පුළුවන් ද බැරිද…?

දුනිත් - පුළුවන් සර්… දැන් ආවෙ වාට්ටු වලට ගිහින්.

හොඳයි…. මම අගය කරනවා, මගෙ උපදෙස් ඒ විදිහටම පිලිපැද්ද එක ගැන..
හොරණ කියන්නේ කොළඹින් සැළකිවයුතු
දුරක්… එතන හොඳයි. ටික කාලයක් යනකම් උන්ට හොයාගන්න බැරිවෙයි.
මොකද `` දුෂාන් ට්‍රෙිඩර්ස් ´´ එච්චරටම ප්‍රසිද්ධ තැනක් නෙමෙි නෙ.

දුනිත් - සර්ගෙ කට්ටිය එතනත් ඉන්නවද..?

එතන විතරක් නෙමෙි `` පොලව යට තියෙන අපායෙ ඉඳලා , අහසෙ තියෙන බ්‍රහ්ම ලෝකය´´ දක්වා මගෙ නියෝජිතවරු ඉන්නවා. ඔය හොස්පිටල් එකේම ඉන්නවා දෙන්නෙකුට වඩා.
ඒ හන්දා ``අත්ලාන්තික් සාගරය මැදට ගියත් , ඇන්ටාටිකාවට ගියත් ´´ මගෙ නියෝජිතවරුන්ගේ දෘෂ්ටියෙන් මිදෙන්නට බෑ. දැන් මෙික අහලා තමුන් කලකලබල වෙන්න වුවමනා නැහැ. පණ තුන්දෙනාගෙම බෙිරගන්න නම් , මම කියන විදිහට ඉතුරු වැඩ ටිකත් ඔය කරා වගේම පිලිවෙලට වුනාම ඇති. මට දැන් තමුන් ගත්ත අලුත් සිම්පතේ අංකය මැසේජ් කරන්න ඔීන හරිද…?

දුනිත් - හරි සර්….

හ්ම්ම්…… ඊට පස්සේ හොටෙල් එකට ගියාට පස්සේ තමන්ගෙ හැම සිම් එකක්ම කඩලා විසික් කරලා. ඔය අළුත් සිම්එක විතරක් පාවිච්චි කරන්න ඔීන.
ඒකත් අළුතෙන් ගත්ත ෆෝන් එකකට දාලා.

දුනිත් - ඒ කියන්නේ මම අළුත් ෆෝන් එකක් ගන්න ඔීන.

ඔව් …. හැබැයි ඒකෙන් කෝල් එකක් , මැසේජ් එකක් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඔීන. වෙනත් සමාජජාලා වෙබ් අඩවි වලට යන්න බැහැ. දැනට එච්චරයි …. කියමින් දුරකථනය විසන්ධි කලෙමි.

*excuse me sir…

කසුන්… ? මෙි වෙලාවෙ…?

*ඔව් සර්… මම වරු නිවාඩුවක් දැම්මා.

හොඳයි හොඳයි … එන්න ඇතුලට…
විනාඩියක් දෙන්න …..
හෙලෝ …. නියෝජිත J50 ට මගෙ
කාර්යාලයට එන්න කියන්න දැන්ම.

Ok sir… ( දුරකථනයෙන් )

ඉතින් වාඩිවෙන්න කසුන්… මොකද හිටගෙන…

*තෑන්ක්යූ සර්… ඉතින් මොකද වැඩෙි…?

මට විනාඩියක් දෙන්න. නියෝජිත ජනිත් එනකම්. මොකද දෙන්නම මෙිගැන දැනගන්න ඔීන.

*ඒක හොඳයි සර්…

**සර්… මම ආවා….

හා.. නියෝජිත ජනිත්… එන්න වාඩිවෙන්න …

**තෑන්ක්යූ සර්…

හ්ම්ම්… මම කොතනින්ද පටන්ගන්නෙ..

*සර්… මෙමරිකාඩ් එකෙන් පටන්ගමු..

ඔව් එතනින් පටන්ගමු … හැබැයි ඒ ඔයාලා දන්න කොටස අද දවසේ මෙතෙක් විකාශය වුන නාටකයේ. හැබැයි තවත් ජවනිකා කීපයක් විකාශය වුනා. කමක් නැහැ මම මෙමරිකාඩ් එකෙන් පටන් ගන්නම්. සයුරි.. නැත්නම් ඔයාගෙ පෙම්වතිය, නියමෙට වැඩෙි කරලා තියනවා. ඒ කියන්නේ හරියට මොළය පාවිච්චි කරලා තියනවා. මෙි බලන්න නියෝජිත ජනිත්… (කියමින් මා අතේ තිබුන මෙමරිකාඩ් එක තම නියෝජිතයා වෙත දුන්නෙමි )

**සර් මෙි මොන ඉලව්වක්ද… මෙික සෙල්ලම් බඩුවක් වගේ…

ඔව් … ජනිත් මහත්තයා. මතකද සයුරි මිස් එදා කිව්වා ``ඔයාලා දන්නවද.
දැන් වුනත් මගෙ බෝඩිමෙි, මගෙ කාමරයේ මෙිසය උඩ ඒක තියනවා.
හැබැයි කවුරුවත් ඒක මෙමරිකාඩ් එකක් කියලා හිතන්නේ නැහැ. ඒක ඒ තරම්ම නිර්මාණශීලී විදිහට විසිතුරු භාණ්ඩයක් විදිහට තමයි තියෙන්නෙ´´ කියලා
ඉතින් ඒ විසිතුරු භාණ්ඩය තමයි මෙි තියෙන්නෙ ( පහල ඡායාරූපයේ එය ඇත)
ඉතින් ඔන්න ඔීක ටිකක් එහාට , මෙහාට අඬුබඬු ටික නමලා ගත්තහම තමයි. කවුළුව එලියට එන්නේ.

**මෙිකි මාරයිනෙ…..

හහ් හහ් හා…… හරි හරි ඉතින් ඔීක මට දෙන්න.. මම දැන් මෙිකෙ තියෙන දේ ඔය මහත්වරුන්ට පෙන්වන්නම්. තම ලැප්ටොප් පරිඝණකය තුලට මෙමරිකාඩ් එක දමා එහි වීඩියෝ එක පෙන්නුයෙමි.

**අප්පටසිරි ගජ… කසුන් සර් මෙි බලන්න
කොහොමද මුගෙ ගේම…? මෙිකා අයිස් කිනිස්සෙන් ඇනලා ඒක එලියට අරගෙන පොලවෙ ගහනවා. එතකොට එතනම ඔීන කරනම සාක්ෂිය කුඩු…

*ඔව් නියෝජිත ජනිත් …..

**සර් මෙිකා නම් මාර ගේම් කාරයෙක්…

*සර් මෙතනදී ඌට කවුරුහරි කෝල් එකක් දෙනවා නේද…?

ඔව් කසුන්… මූ දෙන්නවම ඉවරකරලා දාලා යන්න හදන්නේ. නම් කොල්ලගෙ වෙලාවට ⁣කවුරුහරි කෝල් කරලා ප්ලෑන් එක වෙනස් කරනවා. පේනවා නේද මරණයට වගකිවයුත්තෙක් එතනදී නිර්මාණය කරනවා. කාගේ හරි උපදෙස් පරිදි. මොකද දෙන්නවම මැරුවොත් මෙතනදී තුන්වන පාර්ෂවයක් ඉන්නවා කියලා ඔීනම ගොනෙකුට තේරෙනවා. ඒකට පොලිස් නිලධාරීන්ම ඔීන නැහැ.

*සර්ගෙ අනුමානය හරියටම හරි… මෙි කිසිම දෙයක් නැතුවනෙ සර් මෙි කල්පිතය ගොඩනැගුවෙ. ඒක යථාර්ථයක් වෙලා තියනවා මෙික දැක්කහම. හරියට සර් සිද්ධිය එතන ඉඳගෙන දැකලා වගේ.

ඒකට තමයි කසුන් ``හොඩුවාවන් ගැලපීමේ තර්කානුකූල ඥානය´´ කියන්නේ. මතකයිද මම මීට කලින් දවසක කිවවා කතාවකු
``ආසන්නතා සංවේදීතාවය ´´ ගැන

*ඔව් සර්… මට මතකයි….

හොඳයි ඒ අභ්‍යාසය මොකක්ද ….?

*තමන්ගෙ ඇස්දෙ කළු රෙදි කඩකින් වහලා තමන්ගෙ පිටිපස් යම්කිසි සිදුවීමක් වෙනවා. ඒක ඒ වෙලාවෙම තමන්ගෙ ඉදිරියේ ඉන්න උපදේශකයාට විස්තර කරනවා. එතකොට තමන්ට ඇහෙන දේවල්, නහයට දැනෙන ගඳ සුවඳ විතරයි . ඇස්දෙකෙන් වැඩක් නැහැ . ඒ අහෙන , දැනෙන දේවල් වලින් තමන් කතාවක් ගොඩනගනවා.

හරි… බොහොම හොඳයි. ඒ අභ්‍යාසය දිගටම ප්‍රගුණ කරාම තමයි මෙවැනි කල්පිත ගොඩනැගීමෙි හැකියාව ලැබෙන්නේ.

**අම්මපා සර්… ඒකනම් නියම පාඩමක්.

ඔව් නියෝජිත ජනිත්… ඒක හරියටම ප්‍රගුණ කලොත් ඇස්දෙක වහගෙන ප්‍රතිවාදියෙක් එක්ක ෆයිට් කරන්න වුනත් පුළුවන් …. හරි.. මම මෙි වීඩියෝ එකේ කොපියක් VCD තැටියකට පිටපත් කරා. ඒක තමයි උසාවියට යවන්නේ. පරණ කැඩුන , තැලුන ෆෝන් එකක් එක්ක….

**මෙිකෙන් පුළුවන් අර කොල්ලව බේරගන්න …

ඔව් නියෝජිත ජනිත්…

*එතකොට ඇයි මෙි පරණ කැඩුන , තැලුන ෆෝන් එකක්…?

අන්න දැන් තමයි කසුන් මහත්තයා පොයින්ට් එකට ආවෙ. විශ්වාස කරන්න මෙි පරණ ෆෝන් එකට විතරයි පුළුවන්
සයුරිගෙ ජීවිතය බේරගන්න. මොකද අපිට හැමදාම , හැමතැනටම පස්සෙන් යන්න බැහැ නෙ.

*සර් මට ටිකක් පැහැදිලි කරලා කියන්න පුළුවන් ද…?

අනිවාර්යයෙන්ම … මොකද බැරි. ඔය මහත්වරුන් ටිකක් මීට වඩා මෙි ප්‍රශ්නයක් ගැන බැරෑරුම්ව බලන්න පුරුදුවෙන්න. එතකොට මෙිකෙ තියෙන අවධානම ගැන ලොකු අවබෝධයක් එනවා. ඇත්තටම මෙි පරණ ෆෝන්එක කියන්නේ සතුරන්ව මුලා කරන ප්‍රයෝගයක්…

නිකමට හිතන්න … මෙි වෙද්දින් උන් සයුරිව ඉලක්ක කරගෙන ඉවරයි. උන් දැඩිව විශ්වාස කරනවා. උන්ට විරුද්ධව තියෙන ප්‍රබලතම සාක්ෂිය සයුරි ලඟ තියනවා කියලා. ඒකනෙ සේපාලිකා ඒ ගෙදර ඇතුලට රිංගෙව්වෙ. එතකොට මේ ප්‍රබලතම සාක්ෂිය උසාවිය ඉදිරියේ දිගහරිනකොට. උන් සයුරි ගැන වියරු වැටෙනවා.

**එතකොට සයුරිට කොකා ගස්සලා දාන්න පුළුවන්…

හරියටම හරි නියෝජිත ජනිත්….. නමුත් මෙි මිහිරාණිගෙ ෆෝන්එක උසාවියට දුන්න කෙනෙක් නැතුව , ඒක ඒ ගෙදර අසල ලිදෙන් හොයාගත්තා කියලා අපි උසාවියේදී ඒත්තු ගැන්නුවොත් , සැකයේ වාසිය සයුරිගෙන් පහවෙලා , වෙන කෙනෙක් අතට යනවා. ඒ කෙනා කවුද කියන්න කවුරුවත්ම දන්නෙ නැහැ. එතකොට සයුරි ගැන මෙච්චරකල් තිබුන සැකය නැතිවෙනවා. ඉතින් ඔය ෆෝන්එක හොයාගෙන ඔය සාක්ෂි නීතීඥ්ඥයා අතට දීපු එකා මෙි කපේට උන්ට හොයාගන්න බැරි වෙනවා. මොකද ඒක දෙන්නෙ අපේ ස්පයිඩර් කෙනෙක් නෙ. ( සිනාසෙමින් )

**ආන්න ඒකයි ෆෝන් ප්‍රයෝගයක් එතනට දාන්නේ….

ඔව් නියෝජිත ජනිත්… ඒ ෆෝන්එක උසාවිය හරහා මොන පොලීසියට ගියත් වැඩක් නැහැ. මොකද ඒක වැඩක් ගන්න පුළුවන් තත්වයක නැහැ නෙ.

*එතකොට සර්… ඇත්තටම ලි⁣ඳේ තියෙන
ෆෝන්එක ….?

ඒක කසුන් එහෙම්මම දියවුනාවෙ. මොකද ඒක ගොඩට අරගෙන අපට කරන්න දෙයක් නැහැ. වතුරෙ තියෙන ක්ලෝරයිඩ් හෝ ලවණ සාන්ද්‍රනය අනුව, දැන් ඒක දිරාපත්වෙලා තියෙන්නෙ.

*හ්ම්ම් මාස්ටර් ප්ලෑන් එකක් නේද සීඅයි මාධව…

හහ් හහ් හා… ඔව් එස්අයි කසුන්…

*ඔන්න ඔහොමයි වැඩකට නැති ෆෝන් එකක් තව අහිංසක ජීවිතයක් බෙිරන්නෙ… ඒකනම් මාස්ටර් ප්ලෑන් එකක්.. සර්ගෙ තැනට එන්න අපිට අවුරුදු කීයක් යයිද මන්දා නේද නියෝජිත ජනිත්… ?

**ඒකනම් ඇත්ත තමයි කසුන් සර්……..

*එතකොට සර් අපි උසාවි යන්නෙ නැද්ද..?

යමු යමු… වෙිෂය වෙනස්කරගෙන යමු.
මොකද කියන්නේ ජනිත් මහත්තයා…?

**අනිවාර්යයෙන්ම යන්න ඔීන සර්. මට අර එස්අයි උන්නැහේගෙ රතුවුන මූණ බලන්න ඔීන.

*ඒක වෙනම ආතල් එකක් නේද…

**ඔව් සර්…

හොඳයි…. ඊට පස්සේ තව තියනවා අද දින රූගත කරපු නාට්‍යයයේ ජවනිකා දෙකක්.

හරි…. ඒකත් මම දැන් විස්තර කරන්නම්.

මතු සම්බන්ධයි……..

(කතෘ - මෙි මිෂන්එක අනිත් මිෂන් වලට වඩා දිගයි. කොටස් හතලිහට අඩුවෙන් ඉවරකරලා දාන්න බලන්නම් )



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now