⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 55 වන දිගහැරුම ⸎

`` අවසන් මෙහෙයුම ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හෙට දින සෙනසුරාදා දිනයක් බැවින් හෙට හවස මාගේ කණ්ඩායමට සැළසුම විස්තර කිරීමට ප්‍රධාන සහයක කසුන් , නියෝජිත J50 , නියෝජිත B200 හා තවත් ඒකකයෙන් ගෝස්ට් නියෝජිතයින් හතර දෙනෙකු සමඟ Eight man team එකක් ( අටෙි කණ්ඩායමක් ) සූදානම් කර ගත්තෙමි.

මෙතැන් සිට…..

දිනකට පස්සේ ……

සුභ සන්ධ්‍යාවක් වෙිවා මහත්වරුනි…
ATU සාමාජිකයින්ට තවත් විශේෂ මෙහෙයුමක් දියත් කරන්න තියෙනවා.
මෙි මෙහෙයුම ගැන `` the Hawk ´´
( උකුස්සා - ආරක්ෂක ලේඛම් ) සම්පූර්ණ විස්තරය දන්නවා කියලා ඔය මහත්වරුන් මෙි වෙද්දී දන්නවා. සාමාන්‍යයෙන් ATU ලා කරන්නේ.
අනිත් ආරක්ෂක අංශ වලට කරන්න බැරි දේවල් නෙමෙි , කරන්න නොදෙන දේවල්.
ඒක මම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මාස හයක් තිස්සේ
හඹායෑම් විශාල ප්‍රමාණයක් වගේම, සැළසුම් කීපයක් දියත් කරලා ඒ සේරම සාර්ථක කරගෙන ආපු ගමනක් මෙික.
ඉතින් මගෙ ෂැඩෝව් ටීම්එක ඒ ගැන හොඳාකාරවම දන්නවා. ඉතින් මෙි මිෂන්එකට ආපු ගෝස්ට්ලා මම සාදරයෙන් පිලිගන්නවා කණ්ඩායම් අණදෙන නිලධාරී විදිහට.
හරී….. මෙි මිෂන් එක මම නම් කරනවා `` මිෂන් කැටපිලර් ´´ කියලා… මොකද බොහොම සෙමෙන් කරන මිෂන් එකක් හන්දා… ඊලඟට මම නම්කිරීම කරන්නම්. පලමුවෙන්ම අපේ ගෝස්ට්ලා හතරදෙනාව මම නම් කරනවා. ඔයා ගොල්ෆ් වන් ( G 01 ) , එතකොට ඔයා ගොල්ෆ් ටූ ( Golf 02) , ඔයා ගොල්ෆ් ත්‍රී ( Golf 03) විදිහටත් , අවසාන වශයෙන් ගොල්ෆ් ෆෝර් (Golf 4) විදිහට ඔයත්..

හරි…. කෙටි යෙදුම් දාගත්තහම ආමන්ත්‍රණය පහසුයි අපිට.. ඒක අමුතු කතාවක් නෙමෙයි. හොඳයි මගෙ ප්‍රධාන සහයක SC ( Spy cat) මම නම් කරනවා
සූසා නැත්නම් චාලි ටැන්ගො (CT ) විදිහට. එතකොට නියෝජිත J50 මම නම් කරනවා ජූලියට් ෆයූ ( Juliyat 05 ) විදිහටත් , නියෝජිත B200 මම නම් කරනවා බ්‍රාවෝ ටූ ( Bravo 02) විදිහටත්. මම ඉතින් අමුතුවෙන් කියන්න ඔීන නැහැ නෙ මම ``ටයිගර් ´´
කියලා.. ඉතින් නම්කිරීම එපමණයි..

මෙි හත්දෙනාම මගෙ අණට පමණයි කටයුතු කරන්න ඔීන. මොකද මෙි භූමිය පිලිබඳව දල දැනුමක් තියෙන්නෙ මට විතරයි. මොකද මම විතරයි ඇතුලට ගිහින් තියෙන්නෙ…? මෙි දෙන්නා එලියෙ ඉඳගෙන අවශ්‍ය භූමිකාව හදලා දුන්නා.
හරි… එතකොට අපි අටදෙනා ග්‍රිඩ් අංක 45345 , 22345 දරණ ⁣කළුතරට ටිකක් එහා පිහිටි මෙි ෆාම්හවුස් භූමියට ඇතුල් වෙන්නේ අට දිශාවෙන්… ඒ කියන්නේ මෙන්න මෙතනින් , මෙතනින් , මෙතනින්, මෙතනින් ඒ වගේම මෙතනින් වගේම මෙතන . එතකොට මම ඇතුලට යන්නේ මෙන්න මෙතනින්.. මම දැනට මෙි ලොකේෂන් එක ෆාම්හවුස් කියලා නම් කරන්නේ නැතුව
``FT -ෆයිනල් ටාගට් ´´කියලා හඳුවන්නම්.

රයිට් FT එකේ ඉඳලා ආපසු මෙි පාර දිගේ එනකොට ලයිට් කණු තුනක් පහුකරලා හතරවන එක.. මෙන්න මෙි ලයිට් කණුවට ජූලියට් ෆයු ගොඩවෙලා විදුලිය විසන්ධි කරන්න ඔීන. ඒ කියන්නේ හරියටම හෙට පාන්දර හතරට ඒකට සහය වෙනවා බ්‍රාවෝ ටූ..

**හරි සර්….

එතකොට පාන්දර තුනයි තිහ වෙද්දී අපි FT එකේ ඉඳලා මීටර් පහලවක සීමාව තුල ඉන්න ඔීන. හැමෝම තමතමන් ස්ථානගතවුනු ගමන් ඒ බව මට ට්‍රාන්ස්මීටර් එකෙන් කියන්න ඔීන.
එතකොට මෙතනදී පරක්කු වෙන්නේ
ජූලියට් සහ බ්‍රාවෝ.. ඒ දෙන්නා ස්ථානගත වෙනකම් අපි රැඳිලා ඉන්න ඔීන… විදුලිය විසන්ධි කරපු ගමන් මම මගේ ජෑමර් එක ඔන් කරනවා. එතකොට සියලුම ෆෝන් සිග්නල් කඩා වැටෙනවා. අපේ රේඩියෝ තරංග වලට හානියක් වෙන්නෙ නැහැ.
ඒ ගැන මම සහතික වෙනවා..

හරි… මම දැන් කියන්නම් තම තමන් FT එකට ඇතුල්වන තැන්.
මම F01. ඒ කියන්නේ මෙතනින්…
ස්පයි කැට් F02. ඒ කියන්නේ මෙි මුල්ලෙන්..
*ok sir ….
එතකොට ජූලියට් F03. ඒ කියන්නේ මෙතනින්..
**හරි සර්..
එතකොට බ්‍රාවෝ F04. ඒ කියන්නේ මෙන්න මෙතනින්…
***හරි සර්…
වෙරිගුඩ්… එතකොට
ගොල්ෆ් වන් F05. ඒ කියන්නේ මෙන්න මෙතනින්..
*හරි සර්…
ගුඩ්… එතකොට ගොල්ෆ් ටූ F06. ඒ කියන්නේ මෙන්න මෙතනින්…
*ok sir..
වෙරිගුඩ්… එතකොට ගොල්ෆ් ත්‍රී. F07.
මෙන්න මෙතනින්..
*හරි සර්….
ගුඩ් .. එතකොට F08. ගොල්ෆ් ෆෝර්. මෙන්න මෙතනින්…
*හරි සර්…

හොඳයි …. බ්‍රාවෝ ටූ හැර අනිත් සේරම මගෙ ටයිම් එකට ඇතුලට යනවා. නමුත් බ්‍රාවෝ ටූ එතනම ස්ථානගතවෙලා ඉන්නවා. මොකද ගේට්ටුවෙන් කවුරු හෝ එලියට යන්න පුළුවන්. එතන ඉඳලා කවුරු ආවත් නිහඬ කරන්න. හැමෝම නිතරම ගන ආවරණයක ඉන්න උත්සාහ කරන්න. මොකද දැන් මෙිඅයට පිරිස හුඟක් අඩු හන්දා වගේම හිටපු හොඳම අය මියගිහින් හන්දා ටිකක් වියරුවෙන් වගේ ඉන්නෙ. මම විශ්වාස කරනවා විස්සකට අඩු ප්‍රමාණයක් තමයි ඉන්න ඔීන. මොනවා වුනත් සම මෙි මිෂන්එක ෆේල් වෙන්න දෙන්නෙ නැහැ. අවිආයුධ මොකක් අරන් ආවත් තියලා දාන්න එච්චරයි.

*සර් එතකොට අපි කරන්ට් එක විසන්ධි කරපුවාම විනාඩි දෙකෙන් උන්ගෙ ස්වංක්‍රීය විදුලිබල පද්ධතිය ඔන් වෙන්නෙ නැද්ද… ?

හොඳ ප්‍රශ්නයක් කසුන්… නැහැ ඔය මහත්වරුන් ඒ ගැන හිතන්න එපා. තමන්ගෙ නයිට් විෂන් ටික දිගටම දාගෙන ඉන්න පුළුවන් සාමාන්‍ය මන්දාරම පහව යනකම්. මොකද පසුගිය සති දෙක තුල මම විදුලිබල මණ්ඩලයෙන් දැනගත්තා විදුලි ඇණහිටීමක් වෙලා නැහැ. ඒ කියන්නේ ඇතුලෙ තියෙන ජෙනරේටර් එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැතිවෙලා තියනවා.
එදා මම ඇතුලට ගිය වෙලාවෙ ජෙනරේටර් එකේ ඩයිනමෝ එකට ෆෙරික් ක්ලෝරයිඩ් කුප්පියක්ම වක්කරලා ආවෙ. තෙල් ප්‍රශ්නයක් වෙලා ඒක හැදුවට ඩයිනමෝ එකේ කොයිල් පැක් එක දිරලා නම් ඒකෙන් විදුලිය පිටවෙන්නෙ නැහැ.
ලඟදි විදුබලය ඇනහිටියෙ නැහැ කියන්නේ උන් මේ ජෙනරේටර් එකේ ආබාධය දන්නෙ නැහැ කියන එක.

ඒ හන්දා ඒ අයට වෙනත් විකල්ප නැහැ.
ඒ හන්දා රිසිසේ වැටදිගේ එල්ලිලා ගිහින්
එහාපැත්තට යන්න පුළුවන්. මොකද ෆෙරික් ක්ලෝරයිඩ් කියන්නේ තඹ ඉතාම ඉක්මනින් දියකරලා හරින්න පුළුවන් කෙමිකල් එකක්.. ජෙනරේටර් එකක විදුලිය පිටකරන කොයිල් පැක්එක තඹ කම්බ්යෙන් තමයි ඔතලා තියෙන්නෙ.ඉතින් ඒ හන්දා ඒගැන සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. උන් ජෙනරේටර් එක දානකොට ඔන් නොවුනහොත් තමයි ප්‍රශ්නය. නමුත් ඔන් වෙනවා විදුලිය නැහැ එච්චරයි …

*හරි සර්…..

මම සැළසුමක් හදනකොට ඇතැම් වෙලාවට සමහර දේවල් කලින් කරලා එනවා. ඒ හන්දා තමයි එතන අපිට තියෙන වාසිය. එතකොට පැකේජ්ය හැම
සතිඅන්තයේම ෆාම්හවුස් එකේ ඉන්නවා.
ඒක ස්ථීරයි. එතකොට එතන රෑට ඉන්න එකෙක්වත් සාමාන්‍ය අහිංසක අය නෙමෙි.
සේරම පාතාලයට ඍජුවම සම්බන්ධ අය.
හැබැයි කවුරු මැරුවත් මට පැකේජ්ය පණපිටින් ඔීන. ඒ ගැන මම බලාගන්නම්.
සියලුම අය සයිලන්සරය සහිත පිස්තෝල පාවිච්චි කරන්න ඔීන. ඒ වගේම භූමියට අනුව වෙස් වලාගෙන ගේම්එකට බහින්න ඔීන. අපි එතනට කිට්ටු කරලා ඒදේවල් කරගමු. අපිට මතුපිටින් ප්‍රශ්නයක් එල්වෙන්නෙ නැහැ මොකද සතිඅන්තවල ඉස්සො තොග වෙළදාමක් සිද්ධ වෙන්නෙ නැති හන්දා…

පැකේජය කොහෙවත් එහෙමෙහෙ යන්නෙ නැහැ . පොලීසියට බය හන්දා නෙමෙි. අදිසි කණ්ඩායමක් උන්ට කොයිවෙලේ මහමගදී කොකා ගස්සලා දායි කියන බයට. මෑන්ට වැඩිපුර පොලිස් ආරක්ෂාව ඉල්ලන්නත් බැහැ පැහැදිලි පදනමක් නැතුව. ඒ හන්දා ඉතිරි දක්ෂතම ආරක්ෂකයින් මෑන් වටෙිට ඉන්නවා. අපිට උන්ව ඩවුන් කරන්න පුළුවන්. මොකද මෙික මම කලින් කිව්වා වගේ නිහඬ මෙහෙයුමක් හන්දා… කිසිම මොහොතක දෙවන අවස්ථාවක් උන් එකෙකුටවත් නොදෙන්න වගබලාගන්න. එතන ඉන්නවා අප්‍රිකන් ජාතිකයෙක් කමාන්ඩෝ පුහුණුව ලබපු. මෑන් එක්ක ගහගන්න යන්න එපා. අපිට කවුරුවත් හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ ෂූට් කරලා දානවා මිසක.

තව කාටහරි මොනම වර්ගයේ හරි ප්‍රශ්න තියනවද මෙි මිෂන් එක සම්බන්ධව…?

හැමෝම මුහුනෙන් මුහුනෙන් බලගත් නමුත්, කිසිවක් ඇසුවෙ නැත.

හොඳයි …. නිහැඬියවෙන් පෙනී යන්නෙ
ප්‍රශ්න නැති බවයි.
හරි… ඊලඟට මම දැන් ආයුධ සංයුතිය ගැන කියන්නම්. හැමෝම නයිට්විෂන්
පාවිච්චි කරන්න ඔීන. පුද්ගලික අවිය UMP 5 වර්ගයේ සයිලන්සරය සවිකරන ලද අවිය සමග සුපුරුදු 9.0 mm පිස්තෝලයද සයිලන්සරය සමඟ පාවිච්චි කරන්න පුළුවන්. ඇති තරම් රවුන්ඩ්ස්
( පතරම් ) ගන්න. තමන්ගෙ පුද්ගලික කිනිස්ස ලඟ තියාගන්න. ගෑස් ග්‍රෙනේඩ්ස් ( ගෑස් බෝම්බ ) දෙක ගානෙ ගන්න. හැම වෙලේම ගෑස් මාස්ක් එක දාගෙන ඉන්න. මෙි මම කියපු හැම අවියක්ම පහල ආයුධාගාරයට ගිහින් උදෙන්ම ගන්න.

එතකොට මම M10 ස්නයිපරයක් පාවිච්චි කරනවා. මොකද පලමු විනාඩි තිහ මම ආවරණ වෙඩි සපයනවා ඔය සේරටම. ඒ හන්දා ලොකු අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ට මැගසින් එක මාරුකරන විරාමයේදී මම ආවරණය කරනවා. තමන්ගෙ මැගසින් එක මාරු කරනකොට මට ඒක ට්‍රාන්ස්මීටර් එකෙන් කියන්න ඔීන අනිවාර්යයෙන්ම. හැමෝටම මම පලමු විනාඩි තිහ ස්ථානගතවෙලා ඉන්න තැන කියන්නම්. අපි සේරම ඔීල්රවුන්ඩ් ඇටෑක් එකක් විදිහට අට දිශාවෙන්ම ගහගෙන ඇවිත් ෆාම්හවුස් එක වටකරගමු. ඊට පස්සේ මම එතනදී කියන්නම් මොකද කරන්නේ කියලා. මොකද සුළු වශයෙන් අවස්ථානුකූලව ප්ලෑන් එකේ පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙයි. ඒක මට මෙතන කියන්න බැහැ . මොකද ඔය මහත්වරුන් දන්නවා ඒවා ක්ෂනික තීරණ කියලා.

අපිට මහ පරිමාණයේ මෙ⁣හෙයුමක් එතන නැහැ. මොකද භූමියේ වැඩි හරියක් තියෙන්නෙ ඉස්සන් ඉන්න නොගැඹුරු පොකුණු. අක්කර දෙකක ප්‍රමාණයක් තමයි ක්‍රියාන්විතය තියෙන්නෙ. මොකද හැමතැනම මුරකාවල් මෙිකෙ නැහැ. එහෙම තියන්න මෙික කඳවුරක් නෙමෙි.
එහෙම වුනානම් තමයි පැරා මිලිටරි
( පුද්ගලික හමුදාවක් ) එකක් තියාගෙන ඉන්න පුළුවන්. එහෙම කරන්න උන්ට හැකියාවක් නැහැ. කිසිම කෙනෙක් ෆුල් මාස්ක් එක ගලවන්න එපා.

හරි… එහෙනම් මහත්වරුනි see u arly morning on tomorrow … good luck.

ඉරිදා උදෑසන 02:30 පැයට…
අටදෙනාම කළුපැහැති ඇඳුමින් සූදානම්ව
සියලුම අවිආයුධ සහිතව වෑන්රියට ගොඩවුනෙමු. ඉදිරි ආසනයෙන් වාඩිවූ මා සීට්බෙල්ට් එක දාගන්න ගමන් නියෝජිත ජනිත්ට කිසිම මොහොතක ස්ථානයට යනතුරු වාහනය නොනවත්වන මෙන් උපදෙස් ලබාදුන්නෙමි.

නොනවත්වාම ධාවනය කෙරූ වෑන්රිය
FT ආසන්නයේ අඹවත්තට ගොස් වාහනය නතර කර, සියලුම ආම්පන්න රැගෙන මුහුනට ගෑස් මාස්ක් දමාගෙන
මා සමඟ පැමිණි සෙසු අයවළුන් ඇමතුවෙමි. හොඳයි මහත්වරුනි. රේඩියෝ සෙට් ටික ඔන් කරන්න.
බලන්න මාව ඇහෙනවද කියලා
``ටැන්ගෝ ෆෝර් ඔීල් ස්ටෙිෂන්ස් ඔීවර්´´
හොඳයි සේරටම ඇහෙනවා.. ඉන්පසු එකිනෙකා සමඟ සන්නිවේදනය කර බැලුවෙමි.

රේඩියෝ සන්නිවේදන පද්ධතිය සාර්ථකයි… හරි මහත්වරුනි දැන් මගෙ වෙලා හරියටම තුනයි විසිපහයි. හැමෝම මගෙ වෙලාවට තමන්ගෙ ඔර්ලෝසුව හදාගන්න. රයිට් අපි යමු මහත්වරුනි. හැමෝටම ජයවෙිවා. තනි පෙලක් ආකාරයෙන් අඹවත්ත හරහා FT කලාපයට ගොස් , නියෝජිත B200 විසින් විදුලි බලය විසන්ධි කරන තුරු රැඳී සිටියෙමු.

ටැන්ගෝ ෆෝර් ඕල් ස්ටෙිෂන්ස් ස්ටෑන්ඩ් බයි… රයිට් පවර් ඔීෆ්… ඔයාලගෙ තැන්වලට ගිහින් ස්ථාන ගතවෙන්න.
කියමින් මා ජෑමරය ක්‍රීයාකර දැල්
වැට දිගේ උඩට බඩගා , අවසානයේ
කොන්ක්‍රීට් පියනෙන් වැසුන වතුර ටැංකිය උඩ දිගාවී ස්ථානගත වුනෙමි. ඉන්පසු ස්නයිපරය බයිපෝට් එක දිගහැර ඉදිරියේ ඇති ඉලක්කපත් බැලීමට හැකිවන පරිදි.
ස්ථානගතකර, සූදානම් වුනෙමි.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී එකිනෙකා තමන්ගෙ තැන්වල⁣ට ගොස් ස්ථානගතවූ බැව් මාහට දැනුම්දෙන ලදි.
තවමත් නියෝජිත J50 හා නියෝජිත
B200 ප්‍රමාදවී ඇති බැව් පෙනේ…

ටැන්ගෝ ෆෝර් බ්‍රාවෝ ඇන්ඩ් ජූලියටි.
මොකක්ද තත්වය… ?

ජූලියට් ෆෝර් ටයිගර්. මම ස්ථානගත වුනා..

රොජර්…. ටයිගර් ෆෝර් බ්‍රාවෝ… අයි ඈම් රිපීට්… මොකක්ද තත්වය …?

බ්‍රාවෝ ෆෝර් ටයිගර්… ප්ලීස් වෙයිට්..

ඔීකේ… ඔබගෙ වෙලාව ගන්න…

සිසිල් සුලං කන්පෙතිවල හැපී සූ…. හඬ නංවමින් මොනවදෝ මුමුණා යන්නට විය.
විදුලි බලය යථා තත්වයට පත් නොවුනත්
ඔවුන් ජෙනරේටර් යන්ත්‍රය ක්‍රියාත්මක නොකරන්නේ ඔවුන්ට පාන්දර විදුලි බලය අවශ්‍ය නොවන නිසාද , නැත්නම් ඔවුන් යම්කිසි ප්‍රයෝගයක් සිදු කරන්නේ ද යන්න මාහට මෙි මොහොතේ පැන නගින ගැටළුවකි. ඕල් ස්ටේෂන්ස්. බී ඇලර්ට්..
තවම ජෙනරේටර් ක්‍රියාත්මක කරන්න උන් ආවෙ නැහැ සමහරවිට උන්ට මෙි පාන්දර අවශ්‍ය නැතුව ඇති. කෝකටත් චලනය අවම මට්ටමක තියාගන්න..

බ්‍රාවෝ ෆෝර් ටයිගර් ස්ථානගතවුනා … කුඩා ඉයර්ෆෝනයෙන් ඇසේ….

ටයිගර් ෆෝර් බ්‍රාවෝ කොපියඩ්…

ඔීකේ මහත්වරුනි. මම කියනකම් ඉන්න.
ඒ වගේම මම ස්ථානගතවෙලා ඉන්නෙ හැමෝටම පේන වතුර ටැංකිය උඩ. මා ඉතාම සෙමෙන් මුමුණන්නට විමි.
විනාඩි පහලවක් ගෙවී ගියද කිසිම දෙයක් අභ්‍යන්තරයෙන් සිදුවූයේද නැත.
ඉතාමත් අවධානයෙන් ඉදිරි භඋමිය දෙස බලනවිට තැන් තැන්වල උන් සන්නද්ධව සැඟව සිටින බවක් දැකගන්නට ලැබුනි.
එහෙනම් උන් අපි එන බව කලින්ම දැනගෙන සිටින්නට ඇති හෝ මෙි දින කීපයම සූදානමින් සිටින්නට ඇති බැව්
පෙනී යයි.

මහත්වරුනි ….. උන් දන්නවා අපි එන බව. ආවරණය වෙලාම ඉන්න..
මම නැවත කියනවා. උන් දන්නවා අපි එන බව. ආවරණය වෙලාම ඉන්න..
සියලුම අයවළුන් පණිවිඩය ලබාගත් බව සනාථ කරන ලදි…

සියරා චාලි (Py cat - කසුන් )ෆෝර් ටයිගර්….
අපි දැන් මොකද කරන්නේ …?

ටයිගර් ෆෝ සියරා චාලි
දැන් කරන්න දෙයක් නැහැ. මට ටාගට් කීපයක් පේන්න තියනවා. මම ඒ ටික ඩවුන් කරලා ඉන්නම්… කියමින් ස්නයිපරයේ නයිට් ස්කෝපය සූම් ස්කෝපයට සමපාත කර එහි තුලින් ඉදිරි භූමියේ ඇති සැඟවුණු පිස්තෝලකරුවන් දෙස බැලුවෙමි. එකෙක් තම පිස්තෝලය අතැතිව බැරලයකට මුවාවී සිටිනු පෙනේ.. පපුවට ඉලක්ක කර වෙඩිමුරයේ පලමු උණ්ඩය කිචිචිස්ස්ස්ස්ස්…. හඬ නංවමින් පිටවගොස් පපුවට වැදි , එතනම ඇදවැටුනේය. නැවත වම්පස බව්සරයකට ආවරණය වී සිටි තව එකෙක් පෙනුනද. සැබවින්ම මා දුටුවෙ ඔහුගෙ කකුලේ යටම කොටස පමණි.
ඉන්පසු කකුලට වෙඩිතබා ඇදවැටුණු පසු, දෙවන උණ්ඩය පපුවට තැබුවෙමි.

සියල්ල කණපිට හැරෙමින් එකවර විදුලි බල්බ දැල්වෙන්නට විය. මා සිටි වතුර ටැංකියට වඩා පහලින් ලයිට් කණු පිහිටා තිබීම මට ඉතාමත් වාසිදායක විය. මහත්වරුනි … නයිට් විෂන් ඕෆ් කරගන්න … ඉන්න තැනම ඉන්න.. ඩෝන්ට් මූව්.. ඒ එක්කම ලවුඩ් ස්පීකර් එකකින් යමෙක් හඬ අවදි කරන්නට විය.
`` අපි දන්නවා උඹලා කොයිවෙලේ හරි එනවා කියලා.. එහෙනම් මැරෙන්න සූදානම් වෙයල්ලා ´´ කියමින් එකින්එකා
ආවරණ වලට මාරුවෙන්නට විය. මා ක්ෂනිකව ස්නයිපරයේ රාත්‍රි ස්කෝපය
වම්පසට ඈත්කර, දැල්වෙන බල්බ එකිනෙකට පිලිවෙලින් වෙඩි තබා බල්බ අටක් පමණ නිවා දැමුවෙමි.

ඔීල් ස්ටෙිෂන්ස් fire at wil ( සුදුසු විදිහට වෙඩි තියෙන්න ) im repeat.. fire at will..
කියමින් වෙඩි අණ ලබාදුන්නෙමි. මගෙ සාමාජිකයින් තමන්ගෙ වෙඩි මුරයන් දියත් කරන්නට විය. පාතාල සාමාජිකයින්⁣ගේ වෙඩි අප දෙසට එද්දී මුහුදු දිශාවෙන් පැමිණි ගොස්ට්ලා දෙන්නා පිටුපසින් පාතාල සාමාජිකයින් කීප දෙනෙකුට වෙඩි තබා බිම දමන ලදි.
මා ස්නයිපරය ආධාරයෙන් තවත් තිදෙනෙකුට වෙඩි තැබුවෙමි. තවත් බල්බ කීපයකට වෙඩි තබා මුළු පද්ධතියම අඳුරෙ ගිල්වන්නට සමත්වීමි.
`` මොකාද ඒ ලයිට් වලට තියපු එකා´´
`` අර ටැංකිය උඩ එකෙක් ඉන්නවා තියපියව් ඌට ´´ සංවාදය ඇසුනු සැණෙන් මා වතුර ටැංකියේ සිට එක පිම්මට බිමට පැන , බිමට පතිත වනවාත් සමගම කරනමක් ගසා බැරලයකට ආවරණය විමි. ඉන්පසු ස්නයිපරය පසුපසට දමා MP5 අවියෙන් ඉදිරියේ ආවරණ මතින් ඔලුව උස්සන හැම ප්‍රතිවාදී වෙඩික්කරුවෙකුටම වෙඩි තබා වැට්ටුවෙමි.

සහයකයින්ද වෙඩි තබමින් ඉදිරියට ගමන් ගත් බැවින් , මා ද ආවරණයෙන් ආවරණයට මාරුවෙමින් ඉදිරියට යනවිට
තදබල පා පහරක් මගෙ පපුවට වැදී පසුපසට විසිවී වැටුනු…
Hey man… lets play till deth.. ( ⁣ඒයි මචෝ අපි සෙල්ලම් කරමු මරණය තෙක් ) කියමින් හැඩිදැඩි අප්‍රිකානුවා අත්දෙක මිට මොලවා, මුහුණට සමාන්තරව ගෙන එමින් සටන් කිරීමෙි ඉරියව්වට ගෙන එන ලදි. මෙිවනවිට අඳුර තරමක් පහව ගොස් තිබුනි. Ok man as wish.. ( හරි මචං උඹ කැමති පරිදි ) කියමින් කුංෆු සටන් ක්‍රමයේ කොටි ප්‍රහාරක ක්‍රමයට සැරසී වම් අතේ
නියපොතු ඉදිරියට විහිදී යන පරිදිද , දකුණු අත වැලමිටෙන් උඩට නැමෙන පරිදි , අත මිට මොළවා සටනට ලෑස්ති වුනෙමි.

අප්‍රිකානුවා එක පිම්මට මා ලඟට විත් පහර කීපයක් වෙිගයෙන් අත්දෙකෙන් මාරුවෙන් මාරුවට ගසන්නට විය. ඒ සේරම පහරවල් අත්දෙකින් වලක්වාලන ගමන් පා පහරක් පපුවට ගසා දෙවන පහර වශයෙන් වැලමිට පහරක් යටි නිකට වෙත ගසා , තෙවන පහර අප්‍රිකානුවාගේ අත් දෙකෙන්ම අල්ලාගෙන දකුණු කුකුට නමා අණහිසෙන් නැවත පපුවට පහරක් එල්ල කෙරුවෙමි. පහරවල් තුනක් කා ඇදවැටුන අප්‍රිකානුවා. ලේ පෙරාගෙන දත්මිටි කාමින් නැගිටින්නට විය. U son of the bitch.. කියමින් ලේ මිශ්‍ර කෙල පාරක් ගසා , නැවතත් මා සමඟ සටනට අවතීර්ණ විය.
උපක්‍රමශීලීව කටයුතු කරන මා. මිට මොලවා මාහට දකුණු පසින් හිසට එල්ලවූ පහරින් මොහොතක් පස්සට නැමී, දකුණු කකුලෙන් අප්‍රිකානුවගේ දකුණු කකුලේ විලුඹට පහරක් දී සමබරතාවය බිඳ දැමුවෙමි. නැවත ඇඳ වැටුනි.

තදින් කෝපවී තම අත්ලෙන් ⁣ පොලවට පහරවල් දෙකක් ගසමින් නැවත නැගිටගත් අප්‍රිකානු සද්ධන්තයා. පිම්මෙි පැන තම දකුණු අතින් මගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉහලට ඔසවන්නට විය. ගෙල ටිකෙන් ටික සිරවෙමින් හුස්ම හිරවෙන්නට විය. කෙමෙන් කෙමෙන් මා පොලවෙන් අඟල් කීපයක් උඩට ඉස්සෙන
අතරේ `` u must pay - උඹ අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි´´
කියනකොටම මාගෙ අත්දෙකේ අල්ලෙන් අප්‍රිකානුවාගේ උඩ හනු දෙකට වැරෙන් එකවර පීඩන පහරක් එල්ලකරනවිට , හිස කම්පනයට පත්වී දකුණු අත නිදහස් කරමින් තම හිස අත් දෙකෙන්ම අල්ලාගෙන කෑගහන්නට විය. මගේ උගුර වෙිදනාවෙන් පසුවෙද්දී , සියුම් කැස්සක් ඇතිවන්නට විය. ඒ සේරම පසෙකලා ක්ෂනිකව ක්‍රියාත්මක වු මා
උඩ පැන වළලුකරයේ ඇටය ඔහුගෙ කණට ඉහලින් දුර්වල තැනට වදින පරිදි අංශක 360 පහරක් ගැසුවෙමි. පහර කෑ හේ , හෙමින්සීරූවෙ තම දණහිස නැමී පොලවට පතිතවන විට ඔහුගෙ පිටුපසට ගොස් දකුනේ සිට වමට බෙල්ල කරකවා දැමුවෙමි. `` චරස්ස් ´´ හඬ නංවමින් බෙල්ල කැඩී සද්ධන්ත අප්‍රිකානුවා මිය යන්නට විය.

U… go to hell … කියමින් නැවත අවිය අතට ගෙන. මාරුවෙන් මාරුවට ප්‍රතිවාදීන්ට වෙඩි තැබුවෙමි. එකිනෙකා වෙඩි හුවමාරු කරගනිමින් ඉදිරියට මා ගමන් ගත්තෙමි.

සියරා චාලි ⁣ෆෝර් ටයිගර් ඔීවර්….
කසුන් මා ඇමතන්නට විය.

ටයිගර් ෆෝ සියරා චාලි ඔීකේ ඔවර්..

Sir are u ok…?

Yes im fine… tango..

ටයිගර් ෆෝ ඕල් ඒජන්ට්ස් …. ඔයාලගෙ තියෙන ගෑස් ග්‍රෙනේඩ්ස් එක ගානේ උන්ට පාවිච්චි කරන්න.. අපිට වෙලාව අඩුයි. ගැස් ටික මුදා හැරලා අවසාන ෆයරින් එක පටන්ගන්න.

Im repeat … ඔයාලගෙ තියෙන ගෑස් ග්‍රෙනේඩ්ස් එක ගානේ උන්ට පාවිච්චි කරන්න.. අපිට වෙලාව අඩුයි. ගැස් ටික මුදා හැරලා අවසාන ෆයරින් එක පටන්ගන්න. But i need the pakage alive
( නමුත් මට පැකේජ්ය අවශ්‍යයි පණපිටින්)

අවට පරිසරය දුමාරයෙන් වැසී යන පරිද්දෙන් කම තමන්ගෙ ගෑස් බෝම්බ
විසිකර අප කණ්ඩායම ගෑස්මාස්ක් දාගෙන අවසාන වෙඩි මුරය දියත් කරමින්
ඉදිරියට ඇදුනෙමු. කහින , ඇස්පොඩිකරන ප්‍රතිවාදීන්ගෙ පපුවට වෙඩි තබමින් ඉදිරියට යනවිට මළසිරුරු සීසීකඩ වැටෙන්නට විය.

ජූලියට් ෆෝර් ටයිගර්… පැකේජ්ය ෆාම්හවුස් එක ඇතුලට ගියා…
මම නැවත කියනවා.. පැකේජ් ෆාම්හවුස් එක ඇතුලට ගියා…

ටයිගර් ෆෝ ජූලියට් කොපියඩ් ටැන්ගෝ.
ටයිගර් ෆෝර් ඕල් ඒජන්ට්ස්… ෆාම්හවුස් එක වටකරන්න … මම නැවත කියනවා ෆාම්හවුස් එක වටකරන්න.

ටයිගර් ෆෝ සියරා චාලි ඇන්ඩ් ජූලියට් ෆයු.. මට එකතුවෙන්න.. මම නැවත නියනවා ඔය ඒජන්ට්ස්ලා දෙන්නා විතරක් මට එකතුවන්න… අනිත් ඒජන්ට්ස්ලා
පිටවීම් දොරටු ආවරණය කරන්න. ඉක්මන් කරන්න අවුට්…

කියමින් MP5 අවිය පසුපසට කර , 9mm පිස්තෝලය අතට ගෙන එහි සස්ලයිඩර් එක පස්සට ඇද දමා එය පහලට කර අනිත් නියෝජිතයින් දෙදෙනා තමා අසලට එනතුරු ෆාම්හවුස් එකේ ප්‍රධාන දොරටුව ලඟ රැඳී සිටියෙමි. නියෝජිත ජනිත් හා කසුන් මා අසලට එනවාත් සමගම දොර අගුලට ඩෙි දෙක තුනක් තබා, වැරෙන් පයින් පාරක් ගැසුවෙමි. දොර කඩාගෙන
නිවස ඇතුලට පිවිසෙන්නට මාර්ගය පෑදුනි. පලමුවෙන්ම ඇතුලට ගිය මා පිස්තෝලය සමග මගේ ඇස් දෙකද වමට දකුණට හරවා හොඳින් වටපිට බැලුවෙමි.
ආලින්දයේ කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැති තැන `` ක්ලියර් ´´ යනුවෙන් කෑ ගසනවිට නියෝජිතයින් දෙදෙනා තම පිස්තෝලයන් මානගෙන එකෙකු ඉදිරියටද , අනෙකා පිටුපස බලාගෙන පස්සෙන් පස්සට එන්නට විය.

පලමු මහලයේ සියලුම කාමර පරීක්ෂා කලද පැකේජය දක්නට නොලැබුන හෙයින් තරප්පු පෙළ දිගේ ඉතා අවධානයෙන් උඩට තිදෙනාම යන්නට විය ඉහල මහලයේ කාමර තුනක් ක්‍රමානුකූලව පරික්ෂා කලද එහි කිසිවෙකු දක්නට නොලැබුන හෙයින් අවසාන කාමරයේ දොරට පයින් ගසා ඇතුලට සේන්දු වනවිට පැකේජ්ය හෙවත් අමරබන්දු ජනේලය අසල අත්බෝම්බයක්
අතැතිව සිනාසෙන්නට විය.

අමරබන්දු - හහ් හහ් හා… කමෝන් සෝල්ජර්ස්… අපි සේරම එකට මැරෙමු.
කියමින් තම දකුණු අතේ මිට මොලවාගෙන සිටින අත්බෝම්බය වනන්නට විය.

කසුන්…

*සර්…

මම තුන කියනකොටම මෑන්ගෙ අතට ෂූට් කරන්න …

*මොනවා….?

Just do it what i say…

අමරබන්දු - මොකද කසුකුසුව… ඇයි බයද…?

එකයි… දෙකයි… තුනයි..
කියනකොටම කසුන් විසින් ඔහුගේ දකුණු අතේ මැණික් කටුවට වෙඩිල්ලක් තියනකොටම වෙිගයෙන් පිම්මක් ඉදිරියට පැනපු මා පැකේජයෙන් ගිලිහුන
අත් බෝම්බයට අල්ලෙන් පහරක් ගැසුවෙමි. එම අත්බෝම්බය ජනේලයෙන් හරහා එලියේ පිහිටි තටාකයට වැටී `` බුකුම්ම්ම්.. ´´ හඬ නගමින් වතුර උඩ විසිරුවමින් පුපුරා යන ලදි. මාගෙ වම් අතින් අමරබන්දුගෙ බෙල්ල අල්ලාගෙන , දකුණු අතිත් කලිසමෙි බෙල්ට්එක අල්ලාගෙන කාමරය මැදට උස්සා විසිකෙරුවෙමි.
එය හරියට නාටාමි කෙනෙක් හාල් මිටියක් ඔසවා විසික්කෙරුවා වැනිය.

කසුන් විසින් පැකේජයේ හිසට පිස්තෝලය තබන විට නියෝජිත ජනිත් අත්දෙක පසුපසට කර මාංචු දමන ලදි.

ගෝල්ෆ් වන් ෆෝර් ටයිගර් …
Are u ok…

ටයිගර් ෆෝ ගොල්ෆ් වන් .. මම හොඳින්.
ටැන්ගෝ.. හැමෝම ස්ථානගතවුනු තැනම ඉන්න.

අසල පුටුවක් ගෙන. පැකේජය එහි ඉන්දවීය.

නාරද .. සුපුන් … කෝකටත් ඔය ජනෙල් කෙලින් ඉන්න එපා. මට මුන්ව සත පහකට කියා පිච්චියකටවත් විශ්වාස නැහැ.

*ok sir….

ඉතින් අමරබන්දු මන්ත්‍රීතුමා… අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ අතයටින් ලෝකයට හොරා කරගෙන ගිය හෙරොයින් ජාවාරම නියමයි. සත්ගුණවත් දේශමාන්‍ය අමරබන්දු රූපසිංහ. ගාලුමෝදරින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදිහට දේශපාලනයට ඇවිත්, මිනිස්සු රවටලා , හුඟක් මිනිස්සු මරලාදාලා , දහස් ගාණක් මතට ඇබැහි කරලා කරගෙන ආපු ව්‍යාපාරය නියමයි.
එහෙම නේද සුපුන් මහත්තයා…?

**ඔව් සර්… මෙයා සුපිරි නළුවෙක්…
මෙයා තමයි හොඳටම කරේ…

හ්ම්ම්… ඒකනෙ… වෛද්‍යවරුන් , හෙදියන් සිය ගාණක් තමන්ගේ ජාවාරම දියුණු කරගන්න බලහත්කාරයෙන් පොලඹවාගෙන, අවසානයේ අහේතු හදලා මරලා දානවා. ඒ සේරම සැළසුම් දියත් කරේ එස්අයි රවින්ද්‍ර යි , ශාන්තයි.
ශාන්තගේ අළුටික අපි බේරෙ වැවට දැම්මා. මොකද බෙිරෙවැව කියන්නේ කුණුගොඩක් නෙ. කුණුගොඩක් දාන්න ඔීනෙ තවත් කුණුගොඩ කටනෙ.

අමරබන්දු - තමුසෙලා කවුද ඇත්තටම..?

අපිට එහෙම නමක් නැහැ. අනන්‍යතාවයක් නැහැ.
තැනක් නැහැ …

අමරබන්දු - ඒ කියන්නේ ජාතියක් , ජන්මයක් නෑ…?

මට නෑ… අනිත් අයට තියනවා. මොකද තමුසෙ ඒක මීට වසර තිහකට කලින් මට අහිමි කරානෙ. උඹ ට මතකද ලංකාවෙ හිටපු දක්ෂ රසායන විද්‍යාඥ්ඥයා
`` මයිකල් ප්‍රනාන්දු ´´ තමුසෙ එවකට මුහුණ වහගෙන කොස්තාපල් රවින්ද්‍ර එක්ක ඇවිත් මගෙ අම්මායි , තාත්කයි මරලා දැම්මා මතකයිද…? හැබැයි මමයි , මගෙ කිරිකැටි නංගියි බෙිරුනා. උඹලා අපි දෙන්නව පණපිටින් පුච්චලා දාන්න හැදුවට , දෛවය ඒකට ඉඩදුන්නෙ නැහැ.
දෛවය මාව ජීවත් කෙරෙව්වා විවිධ අරමුණු දීගෙන මෙි අවස්ථාව දක්වා.

අමරබන්දු - උඹ එතකොට උගෙ පුතා ද..? බලන්න ඔය අටමගලෙ ගලවපං..
මට උඹෙ මූණ බලන්න ඔීන..

හ්ම්ම්… කියමින් . මම මෙතෙක් වෙිලා මුහුණට දාගෙන සිටි ගෑස් මාස්ක් එක ගලවා දැම්මෙමි.

අමරබන්දු - දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ. උඹ නම් මයිකල්ගෙ පුතාම තමයි. කිසිම වෙනසක් නෑ ඩයල් එකේ.
උඹ උගේ පුතාද…? නැත්නම් උඹ මට නොකා ගස්සන්නම නැවත ඉපදුනාවත්ද..?

නෑ… මම ඒ අවුරුදු අටෙි දරුවා. ඉතින් මගෙ තාත්තා උඹට මරණයකින් ණයයි.
අද පුතා වෙච්ච මම ඒක ගෙවලා දානවා.

අමරබන්දු - හහ් හහ් හා…. තව ටිකෙන් පොලීසිය මෙික වටලයි.. එතකොට මම නිදහස්.. ඔව් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රූපසිංහ නිදහස්. උඹලා වලේ..

හා…. එහෙමද ආස… උඹ හිතුවද අපිත් කලින් එවුන් වගේ මෝරට කන්න දාන්න.
තව ටික වෙලාවකින් උඹ තමයි මෝරගෙ රසම ආහාරය වෙන්නේ…


අමරබන්දු - බලාගෙන හිටපං… හහ් හහ් හා… මොනවා වුනත් උඹලා හොඳ වැඩකාරයෝ. අද වෙනකම් මෙි ලෙවල් එකට එන්න කිසිම කණ්ඩායමකට බැරුව ගියා. උඹලා ටොප් ලෙවල් එකටම ආවා..

**සර් මූ හදන්නේ අපිව කතාවට අරගෙන පොලීසිය එනකම් විරාමය ගන්න …

ඔව් සුපුන් මහත්තයා හරියටම හරි…
අපිට කාලය හරිම සීමිතයි …

උඹලා අවුරුදු ගණනාවක් ගේම් එක ගහගෙන ආවට එක අවුරුදු 26ක කෙල්ලෙක් ගේම කණපිට ගැහැව්වා.

අමරබන්දු - කෙල්ලෙක් ….?

ඔව් කෙල්ලෙක්… මිහිරාණි වත්සලා..
උඹගෙ රවින්ද්‍ර ලොක්කගෙ වලත්ත කමට උගන්වපු පාඩමක් වශයෙන් එයාගෙම මරණය එයාම පටිගත කරා.. කොයිතරම් මොරාල් එකක් තියෙන්න ඔීනද ඒකිට.
මතක තියාගනින් ගෑණු කෙනෙක් වධහිංසාවට දිගටම පත්වෙනවා කියන්නේ. අවසානයේ ඒක බිහිසුණු අවියක් වෙනවා… ඒ අවිය ඔීනම බලවේගයක් විනාශ කරනවා. ඒ මරණය තමයි අද දවසේ උඹලා රොත්තම ඉවර කරන්න දායක වුනේ…

රවින්ද්‍රයි , ඇන්ටනීයි කොටවලා, රවින්ද්‍රව මරලා , ඒකෙ වගඋත්තරකරුවන් විදිහට එස් ටයිගර්ස්ලා ප්‍රායෝගිකව නම්කරලා. උන්ගෙ හොදම කල්ලිය වත්තල පොලීසිය
මාර්ගයෙන් මරවන ගමන් අපිත් පැත්තක ඉඳගෙන සේරටම ගහලා දාලා පැනලා, අවසානයේ උඹටත් මෙතනට ඇවිත් කෙලෙව්වා.. එච්චරයි.
දේශපාලන බලය අතට අරගෙන , ප්‍රජාතන්ත්‍රවාදය කියන පලිහට මුවාවෙලා තොපි වගේ කාණු පණුවන් තව මෙි රටෙි ඉන්නවා. අපි උන්ටත් සුදුකොඩි පෙන්වනවා. මගේ කතාව අවසානයි..
මම කියපු දේවල් ගැන අපායට ගිහින් කල්පනා කරපං කියමින් වැරෙන් පහරක් අමරබන්දු වෙත එල්ල කරනවිට ජනේලය කඩාගෙන පහල තිබෙන මෝරු තටාකයට වැටෙනවිට මා ජනේලයෙන් අතදමා පිස්තෝලයෙන් අමරබන්දුගෙ නළලට ෂොට් දෙකක් තැබුවෙමි.


අපි යමු මහත්වරුනි ….
කියමින් පහල මාලයට ඇවිත් අමරබන්දු දෙස බලනවිට ලේ වතුර සමග මිශ්‍රවී එය මත ඔහු මියගොස් වතුර යටට කිඳා බසින විට අත්බෝම්බය පිපිරීමෙන් ජලය මත ඇතිවූ කම්පනයට මිනීමෝරත් මියගොස් තිබුනි. සියල්ලෝම ඉස්සො ෆාම් එකෙන් එලියට දුවගෙන ගොස් වාහනයට නැගී . රේල් පාරට සමාන්තරව
කොලඹ දෙසට වෑන්රිය ධාවනය කර පෙරවරු හයේ වනවිට මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ඇවිත් සියලුම දෙනා
සාමාන්‍ය විදිහට සුපුරුදු පරිදි රාජකාරි කරගෙන ගිය අතර , සහය කණ්ඩායමට ස්තූති කර, ඔවුන් ඒකකය වෙත යවන ලදි..

සතියකට පසු…..

Dark Head - මාධව කොහෙද ඉන්නෙ …?

මම සර් එලියෙ ඉන්නෙ …

Dark Head - එලියෙ කිව්වෙ සීත එලියෙද ( නුවරඑළිය )

ඔව් සර්… …

Dark Head - ok… කොල්ලොත් එක්ක විවෙික ගන්න …

තෑන්ක්යූ සර්…

කෙන්දෙන් පටන්ගෙන කන්දෙන් කෙලවර කරන, හරියට අනන්‍යතාවයක් නැති, හැම තැනම එක එක චරිත වලින් අපරාධකරුවන් සොයා ගොස් සුදුකොඩි පෙන්වන රහස් නියෝජිතයා මම වෙමි.
මම මාධව දිසානායක…


****** සමාප්තයි *******



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now