⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 11 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නැවත සහයකයා සිටි තැනට බඩගාගෙන විත් දෙදෙනාම ආපසු පල්ලම් බහින්නට විය. සැඟවුණු කූඩාරමට විත් ගිමන් හැරියෙමු.

මෙතැන්සිට ….

*සර් මොනවද දැක්කෙ …?

මට කිසිම දෙයක් පැහැදිලිව පෙනුනෙ නැහැ කසුන්. මතුපිටට කිසිම දෙයක් නොපෙනෙන පරිදි සඟවා තබන්න උන්
පරිස්සමෙන් වැඩකටයුතු කරලා තියෙන හැඩයි පේන්නෙ..

*උන් එතකොට විදුලිය සපයාගෙන තියෙන්නෙ කොහොමද..? එන්ජින් එකක් දුවන හඬක් වත් ඇහුනෙ නැහැ.

හොඳ සවන්දීමක් යාළුවා. මටත් එහෙම හඬක් ඇහුනෙ නැහැ. ඒකෙ තේරුම මුන්
ගබඩාකරපු විදුලිය තමයි පාවිච්චි කරනවා ඇත්තෙ.

*ඒ කියන්නේ සෝලා පැනල් (සූර්ය පැනල)

ඔව්. දහවල් කාලයේ අව්වෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. අවශ්‍ය බලශක්තිය
කළමනාකරණය කරගෙන වැඩෙි කරනවා ඇති. මොකද ජෙනරේටර් පාවිච්චි කරොත් දුම වගේම ශබ්දය මෙයාලට බාධාවක්. ඒක අපිට හරිම අවාසිදායකයි කසුන්. මොකද රාත්‍රි කාලයේදී ජෙනරේටර් එකක් දුවනවා කියන්නේ ශබ්දය සාමාන්‍ය මට්ටමේ තියනවා කියන එක. එතකොට ශබ්දයේදී අපිට වැඩි පරිස්සමක් වෙන්න ඕන නැහැ.
මොකද රෑ කාලයේදී අඳුරත් එක්ක දුර පෙනීමෙි සම්භාවිතාවය අඩු වුනහම, ඕනම සොල්දාදුවෙක් අවධානය යොමුකරන්නේ ශබ්දයට. සාමාන්‍යයෙන් මිනිසෙකුට වඩා කුඩා ශබ්ද ග්‍රහණය කරගැනීමෙි හැකියාව වැඩියි බල්ලෙකුට.
ඒ හන්දා බල්ලන් යොදාගෙන මුන් රෑට පරිශ්‍රයේ වට වැටෙි වටරවුම දිගට මුර සංචාරයක් කරනවා.

*අම්මපා බල්ලොත් ඉන්නවද…?

ඔව් යාළුවා. බල්ලොත් ඉන්නවා. ඒක තමයි මම කියන්නේ කිසිම දෙයක් මතුපිටට කාන්දු නොකරන්න මුන් උපරිම වගබලා ගන්නවා. සංවිධානයේ නායකයා ⁣කවුරු නමුත් වැඩෙි හරියටම මෙහෙයවාගෙන යනවා වගේ.

*එතකොට අර වනජීවි වාහනය මොකක්ද …?

ම⁣ට හිතෙන විදිහට ඒක ව්‍යාජ වාහනයක්. වනජීවි එක මෙහාට එනවා කියන එනකම් මට විශ්වාස කරන්න අමාරුයි. වනජීවි වගේ මෙයාලා එහාට මෙහාට ගමන් කරනවා අත්‍යාවශ්‍ය පාලන වැඩ වලට. ඒත් එන්කම මට එනවා ප්‍රභල සැකයක් කසුන්.

*ඒ මොකක්ද සර් …?

මෙි සංවිධානය මෙහෙවන්නේ ලංකාව තුලනම් විදේශිකයෙක් වෙන්න නම් බැහැ.
මොකද අපේ රටේ හැම මාර්ග සිතියම්, ඒ වගේම නගර සීමා , පලාත් සීමා වගේ දේවල් හොඳින්ම දැනගෙන ඉන්න පුද්ගලයෙක් තමයි මෙික මෙහෙයවනවා ඇත්තේ.

*එතකොට යාල පොලීසිය ….?

හ්ම්ම්… ඒකනම් හිතන්න ඕන කාරණයක්. මහවනයක් මැද කණ්ඩායමක් කඳවුරු ලාගෙන මොකක්ද කරන්නේ. පොලීසියට සැකයක් හිතුනෙම නැද්ද…? මෙහෙම දෙයක් වෙන්නත් බැරි නැහැ. මෙතන හමුදාවක් ඉන්නවා කියලා අපි දන්නෙ අනවසර ප්‍රවිශ්ඨ වීමක් හන්දා. නමුත් ඈත තියා නිරීක්ෂණ කණ්ඩායමක් දාලා මෙහාට එන අය දුරින් සිටම දැක්කහම ඒ අය පෙර දැනුම්දීමෙි කණ්ඩායමක් විදිහට වැඩ කරලා තත්වය ක්ෂනිකව වෙනස් කරලා දාන්න පුළුවන් විදිහට ඇතුල හදලා වෙන්නත පුළුවන්. සමහරවිට රජයට පෙන්වාදීලා ඇති මොකක්හරි පර්යේෂණයක් මෙතන කරනවා කියලා මානව හිතවාදී හෝ පරිසරය හිතවාදී. මොකද අපේ රටෙි මහඑවුන්ට ඕන සල්ලි මිසක. නිදහස් රටක් නෙමෙි නෙ.

*ඒ කියන්නේ හමුදාව හංගලා…?

ඔව් … මොකද ඒ කිබුන එක මුර කුටියක්වත් ඝන ආවරණ , එහෙමත් නැත්නම් වැලිකොට්ට හෝ වෙනත් තදබල මාධ්‍යකින් නිමවා තිබුන දේවල් නම් නෙමෙි. ඒක නිකං ලෑලි වලින් හදන ලද , වැස්සෙන් ආවරණය වෙන්න පුළුවන්
විදිහට විතරයි. සමහරවිට වෙනත් හැඩයක් නිර්මාණය කරන්න පුළුවන්
විදිහට හදලා ඇති.

*ඒ කොහොමද …?

හොඳයි මම පොඩි අදහසක් දෙන්නම්. හොඳට ඔළුවට දාගන්න මම කියනදේ. එතකොට තේරුම් යයි. මෙහෙම හිතන්න ඔය මුරකුටි හදලා තියෙන්නෙ ඒ අකරෙ හැඩෙිට. එතකොට තමයි දෙපැත්තට පල දෙකට මෙික හැඩවෙන්නෙ. ඒ ඒ අකුර මැද තමයි මුර සෙබලා ඉන්නෙ මම හරිද..?

*ඔව් ඒක මට පැහැදිලියි ..

හොඳයි. එතකොට එම ඒ අකුරෙ යට පාදය අයින් කරොත් ඒ ලෑලි දෙකේම යට පාදයන් එකිනෙකට හේත්තු වන පරිදි නමන්න පුළුවන්.

*ඔව් එහෙම කරන්න නම් පාද දෙකෙ උඩ කෙලවරට සරනේරු දෙකක් හයිකරන්න ඕන..

විශිෂ්ඨයි යාළුවා. අන්න හරි එතකොට මෙක තනි ලෑල්ලක් කරන්න පුළුවන් අද යට පාදය අයින් කරපුවාම. එතකොට ඉතිරි කොටස ලී කණු හකරකින් නිර්මාණය කරලා , ඒ හතරෙ උඩ කෙලවරට වවිතරක් ලෑලී සැකිල්ලක් හදනවා එකිනෙකට හතරැස් ආකාරයට සම්බන්ධ කරලා.

*එතකොට මෙිසෙ යට කොටස හරි.

ඔව්. හදිසි අවස්ථාවක උඩ කොටස නමලා යට සැකිල්ල උඩින් තියපුවාම සම්පූර්ණ මෙිසයක් නෙමෙිද නිර්මාණය වන්නේ….?

*හරියටම හරි සර්..

හ්ම්ම් එහෙම ප්‍රයෝග නිර්මාණය කරලා ඇති. ඔික අපිට හරියටම බලන්න පුළුවන් හෙට උදේට.

*එතකොට මර උගුල්…?

ඔව් එතනත් ප්‍රශ්නයක් නැතුවාම නෙමෙ.
මොකද ඔය ආරක්ෂක වැටට පිටින් මර උගුල්. ඒ කියන්නේ පුද්ගල නාශක බිම්බෝම්බ වගේ දේවල් දාන්න පුළුවන්.
නමුත් ඒ වගේ දේවල් හදිසියේම අයින් කරන්න පුළුවන් දේවල් නෙමෙි.

*ඒකනෙ එතකොට මොකද කරන්නේ …?

හොඳ ප්‍රශ්නයක්.. ඒකට බිම්බෝම්බ වෙනුවට සෙන්සර් ( විදුලි සංවේදක )
වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්
එතකොට කියන්න පුළුවන් නෙ වල් සත්තුගෙන් බෙිරෙන්න කරපු දෙයක් කියලා. ඒක තමයි මම කිව්වෙ එතනින් එහාට යන්න හිතන්නවත් එපා කියලා.
මොකද විදුලි සැර වදිනවා වගේම , ඇතුලට පණිවිඩය යනවා මොනවාහරි
දෙයක් ඒ සංවෙිදක වල ගැටුනා කියන එක. එතකොට ඔය මුර සෙබළුන් අනිවාර්යයෙන්ම එලියට ඇවිත් බලනවා මොකක්ද ඒක කියලා.

*එතකොට වැඩෙි දෙල් වෙනවා…

ඔවි .. ඒ වගේම ඒක අපිට වාසිදායක විදිහට යොදාගන්නත් පුළුවන්.

*ඒ කොහොමද…?

ෆෝස් ටූ ඇලර්ට් ( බලහත්කාරයෙන් අවධානයට යොමු කිරීම )

*ඒ ක්‍රමය…?

ඔව් අපි තැනින් තැන ඔය සංවෙිදක වලට බාහිර බලපෑමක් එල්ල කරනවා. එතකොට උන්ගෙ වැඩි පිරිසක් එලියට එනවා. උන් සේරම එලියෙදිම නිහඬ කරන්න පුළුවන්. ඒක මම සැළසුම් කරන්නම් හරියටම අවසන් මෙහෙයුමෙිදී.
බලපුවාම අපි නොදැනුවත්වම බොහෝ කරුණු හොයාගෙ තියනවා නෙ. අභ්‍යන්තරයෙ නොවුනත්.

*ඒක තමයි… දැන් මොකද අපි කරන්නේ.

හා…. මට තව අදහසක් ආවා. මම මෙි ගහකට නගිනවා. එතන පේන්නෙ ඇස් මට්ටමින් පෙනෙන දේවල් විතරයි නෙ. අපි බලමු උසකට නැගලා මොනවද පේන්නෙ කියලා. කුතුහලය මත නැගුණු උනන්දුව මත වහ වහාම මා සාමාන්‍ය උස ගහකට අඳුරේම රාත්‍රි දුරදක්නය ආධාරයෙන් පෙනීම ලබාගෙන , නැගගත්තෙමි. ඉන්පසු ඔවුන් කඳවුරු පරිශ්‍රය දෙස ඉතා අවධානයෙන් නිරීක්ෂණය කෙරුවෙමි. හ්ම්ම්… අමුතු හැඩයෙ ගොඩනැගිල්ලක් තියනවා. ඊට අමතරව කුඩා ගොඩනැගිලි කීපයක් පමණයි තියෙන්නෙ. හැබෑටම මෙි මොන ජාතියේ කඳවුරක් ද…? වහාම පහලට බැස්සෙමි. නැවත කූඩාරම වෙතට ගියෙමු.

*සර් මොකක්ද තත්වය…?

තත්වය … තත්වය මට හිතාගන්න අමාරුයි යාළුවා.

*ඇයි ඒ මොකද….?

පොඩි ගොඩනැගිලි අටක් වගේ තියෙන්නෙ එක ගොඩනැගිල්ලක පස්දෙනෙකුට වඩා ඉන්න බැරි වෙයි. ඒ ටික මෙි මුර සෙබළුන්ටම වෙන් වුනහම අනිත් අයට ඉන්න තැනක් නැහැ නෙ.

*සර් එහෙනම් වැඩෙි පැහැදිලියි.

ඒ මොකක්ද …. ?

*ඒ කියන්නේ උන් පොලව යට හාරලා සේරම පොලව යට ඉදිකරලා ඇති. ඒක තමයි මතුපිටට මොකුත් පේන්න නැත්තේ. පේන්නෙ නැහැ නෙමෙි. පේන්න මොකුත් මතුපිට නැහැ සර්.

අම්මපා ඇත්ත නෙ. විශිෂ්ඨයි යාළුවා විශිෂ්ඨයි. සංවාද , විවාද තමයි යටගිය දේවල් ඉස්මතු කරන්නේ. නියම සංවාදයක්. බොහොම ස්තුතියි කසුන්.
දැන් මට තේරෙනවා. මුන්ගෙ සකලමනාවම තියෙන්නෙ පොලව යට.
ආරක්ෂක කන්ඩ විතරයි උඩ භූමිය තුල ඉන්නෙ. හ්ම්ම්… නියමයි දැන් අපි නිදාගමු…

*නිදාගමු…?

ඔව් …. නිදාගමු. ඊට කලින් ඔය කූඩාරම වටෙිට මුත්‍රා කරමු. එතකොට සර්පයින් මෙි සීමාවට ඇතුල් වෙන්නෙ නැහැ. මොකද සර්පයින් ඇමෝනියා, යූරියා වලට කැමති නැහැ. ඊලඟට තමයි අපි නිදාගන්න ඔීන. හැබැයි වටපිටාවෙ සද්ද ගැන අවධානය තියාගෙන.

*හොඳයි සර්…

කලබල වෙන්න කාරි නැහැ. මොකද අපි රෑට පරිස්සම් වෙන්න ඕන වල් සතුන්ගෙන් විතරයි. මෙි කණ්ඩායම් කවදාවත් රෑ කාලයේ එලියට බහින්නෙ නැහැ. ඒක මට ඉරහද වගේ විශ්වාසයි. හරි .. අපි නිදාගමු. ( රහසිගත කතාබහේ අවසානය )

අඩ නින්දේ පසුවන මා වනය තුල ඇතිවන විවිධ ශබ්ද හේතුවෙන් අවදි වන්නට විය. විටෙක බස්සන්ගෙ හඬද , විටෙක තනිවී බියට පත්ව කෑගසන මුවෙකුගේ විලාප හඬද , ඈතින් කුඩා ස්භාවිකව නිමවුන වැව් වල රිසිසේ දියනාන වල් අලි ඇතුන්ගේ කුංච නාදයන් ද ඇසෙන්නට විය.

අළුයම අවදිවී ඉතා සීරුමාරුවට කුඩා පඳුරු වලට ආවරණය වී නැවත අප දෙදෙනාම කඳවුරු පරිශ්‍රයේ ආසන්නට ගොස් නිරීක්ෂණය කෙරුවෙමු.
පේනවා නේද කසුන් ( රහසින් ) අර තිබුන මුරකුටි දැන් තියනවද..? නැහැ.ඒ වෙනුවට තියෙන්නෙ තැනින් තැන තියෙන කුඩා මෙිස කීපයක් විතරයි පුටුත් එක්ක.

*ඒ කියන්නේ රෑ ඩැනියෙල් , දවල් මිගෙල් ගේමක්… සර් කිව්වා හරියටම හරි. මෙතන තියෙන්නෙ ප්‍රයෝගයක්.

ඔව් කසුන්. අපි දැන් මෙතනින් ඉක්මනට මාරුවෙමු. මොකද තව ටිකකින් මුන් අහල පහල ගස්වල⁣ට නගින්නට පුළුවන් වගේම, කිලෝමීටර් කීපයක් ඉදිරියට ගිහින් නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන්න පුළුවන්. ඊට කලින් අපි මෙතනින් පැනගන්නට ඕන.

*යමු යමු එහෙනම්….

ඉක්මනට කුඩා කූඩාරම හකුලුවාගෙන සියලුම උපකරණ කම තමන්ගේ බෑග් වලට දමාගෙන , එතනින් වහාම නික්ම යන්නට විය. ජැගුවරා යතුරුපැදිය තවමත් යහතින් තියෙන බැව් තහවුරු නොවූයේ මෙි වනයට දුරකථන සංඥ්ඤා හීනවූ බැවින්ය. කරුණු කොහොම වුවත් හවස් යාමය වනවිට යතුරුපැදියට කිලෝමීටර් පහන් පමණ ආසන්නයට එනවිට දුරකථන සංඥ්ඤා ලැබුනත් , යතුරුපැදියට කිසිදු කරදරයක් නොවූ බව පැහැදිලිය. එසේ වූවා නම් ඒ බව කෙටි අප දුරකථන වෙත පණිවිඩයක් හරහා
සනාථ වීම් සිදුවෙි.

කෙසේ හෝ නිරුපද්‍රිතව උණවටුන පිහිටි
සී හවුස් වෙත හෝරාවකට පසු එන්නට සමත් විය. එසේ ඇවිත් පලමුවෙන්ම අවධානය යොමු කරේ විශේෂිතවූ දුරකථනය වෙතය. පැල්මඩුල්ලෙ පිහිටි
ගිලන්රථය ව්‍යාජ එකක් බවත්. එය දිවයිනේ මොනයම් හෝ රෝහලකට අයත් එකක් නොවන වග සංඥ්ඤා නියෝජිත විසින් රහස් භාෂාවෙන් කෙටි පණිවිඩයක් එවා තිබුන අතර, කිසිදු පර්යේෂණයක් යාල වනෝද්‍යානය තුල සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශයට රජය විසින් දන්වා නැති බවත් , එහෙම ගිවිසුමක් මොනයම් හෝ රටක් සමඟ නැති බවත් , උකුස්සා විසින් සොයාබලා ඒකක දෙවන අණදෙන නිලධාරී වෙත දන්වා ඇති බවත් , සුදුසුම දේ රහසිගතව කරගෙන යන ලෙස උපදෙස් දුන් වග දෙවන රහසිගත පණිවිඩයේ සඳහන් විය.

කසුන්.

*සර්… ?

අපේ අනුමානයන් හරියටම හරි එහෙනම්. අර ගිලන්රථය ව්‍යාජ එකක් වගේම , යාල වවනෝද්‍යානය තුල කිසිම හිතකාමි පර්යේෂණයක් කිරීමට කිසිදු රටක් එක්ක ගිවිසුම් ගහලා නැහැ කියලා
උකුස්සා සහතික වෙනවා.

*තත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා නේද සර් …?

ඔව් යාළුවා. තත්වය බැරෑරුම් වෙනවා කියන්නේ අපිට නිදහස ලැබෙනවා කියන එකම තමයි. වැඩෙිට අතගහන්න.

*ඒ කියන්නේ විවෘත නියෝග අපිට දුන්නා කියන එකද..?

හ්ම්ම්… ඔව්.

*ඊලඟට මොකක්ද සර්ගෙ සැළසුමෙි තියෙන්නෙ ..?

හොඳ ප්‍රශ්නයක් කසුන් …
චයිනා මිල්ක් කියන ව්‍යාජ ආයතනයෙන් තමයි ඔය බවුසර් එකයි , ඇම්බියුලන්ස් එකයි පාලනය වෙන්නේ. ඒ වගේම ගිලන්රථයෙන් තමයි පර්යේෂණ වලට නිරෝගි මිනිස්සු ගෙනියන්නේ. එතකොට බවුසර් එක යොදාගන්නේ අසාදිතයින් ගෙනියන්න. මොකද බවුසර් එක ඇම්බියුලන්ස් එකට වඩා ආවරණ ශක්තියෙන් වැඩි හන්දා ඒක ලොකු වාසියක් උන්ට. එතකොට ඔය වාහන දෙකෙන් එකක හෝ දෙකේම වැඩකරන එවුන්ව මිතුරු කරගන්න ඕන. නැත්නම් ඉතින් හිඟාකන්න වෙනවා. ඇතුලට නීත්‍යානුකූල පිවිසුමකට නම්. මොකද ඔය කඳවුර ඇතුලට රහසිගත පිවිසුමකට වඩා ළුලදායි වෙනවා. මුන් එක්ක මිත්‍ර වෙලා යන එක.

*ඔව් ඒක ඇත්ත තමයි.. ඉතින් ඒ අය එක්ක මිතුරු වෙන්න සර් මොකක්ද ගහන ප්ලෑන් එක..?

ඒකට පොඩි නාටකයක් රඟපාන්න වෙනවා. අපි හොයලා බලන්න ඕන
ඔය වාහන හසුරවන උන්ටික මොනවදට වැඩිපුරම ලොල් ක්‍රියලා. ඒක හොයාගත්තහම වැඩේ ලේසියි. ඔයා දන්නවද යාළුවා මෙි ලෝකෙ පොදුවෙ ගත්කල මිනිහෙක් හොනවට හෝ දෙයකට ගිජු කමක් දක්වනවා කියලා.
ධනයට , බලයට , සුරාවට හෝ කාමය
යන කරුණු හතරටම හෝ එතනින් අඩුම තරමෙ එකකට හෝ අනිවාර්යයෙන්ම ගිජුකමක් දක්වනවා මයි. ඒක ඔවුන්ගෙ
වහල්කම නැත්නම් යම්කිසි කරුණකට නම්මාගන්න තියෙන පහසුම මග. නමුත් අපි වාගේ නිලධාරීන් සුළුතරයක් ඔය දේවල්වලට ලොල් නැති හන්දා තමයි මොනම තත්වයක් යටතේ වුනත් නිවැරදි වගේ ඍජු තීරණ ගන්න පුළුවන් හැනියාව තියෙන්නෙ.

*ඔව් සර්. එහෙම බැරි වුනොත් බ්ලැක්මෙිල් කරලා හරි වැඩෙි කරගන්න අනිත් පාර්ෂවයන් උත්සාහ කරනවා. ඒකට තමයි ව්‍යාජ තොරතුරු අපි ගැන සමාජ ගතකරන්නේ.

ඔව්. මට එහෙම දෙයක් කරන්නත් බැහැ.
මොකද මගෙ දෙමව්පියන් ඉන්නෙ ලංකාවෙන් හුඟක් ඈත මහද්වීපයකනෙ.
හැබැයි එක්කෙනෙක් තවම ලංකාවෙ ජීවත් වෙනවා.

*කවුද සර්… ?

ඇයි මගෙ නංගි.

*නංගි …?

ඔව් මම කලින් කියලා තියෙන මගේම නංගි. හැබැයි වැඩෙි කියන්නේ එයා දන්නෙ නැහැ මම එයාගෙ අයියා කියලා.
නමුත් මෙච්චර කාලයක් ගතවෙලත් මම එයාගෙ ජීවිතයේ ආරම්භයේ සිට මෙි දක්වාම ඇහැගහගෙන හිටියේ. ඔයා දන්නවනෙ මගෙ දෘෂ්ටියෙන් මිදෙන්න එහෙම ලේසි පහසු කෙනෙකුට බැහැ කියලා.

*කවුද සර් ඒ හැබෑටම …?

හහ් හහ් හා ඒක රහසක් මල්ලි.

*ඇත්තටම ඔයා කවුද සර්..? මට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක තමයි. සර් කවුද කියන එක. මම දන්නෙ සර් මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ගෙ පුතා කියන එක විතරයි. ඒකත් සර් අර රවින්ද්‍ර කියන පොලිස් කාරයට කියපු හන්දා අවසාන මොහොතේ. ඒ හැර වෙනත් යමක් මම දන්නෙ නැහැ. මට තේරුම් ගන්න බැරිම සර්ගෙ මෙි නිතරම වෙනස්වන පුද්ගල ගතිලක්ෂණ. වෙලාවකට මට හිතෙනවා සර් හමුදාවෙ පාබල සේනාංකයක මිෂන් වලට සහබාගි වෙච්ච කෙනෙක්ද කියලා. වෙලාවක වෙනස්ම ආකාරයේ රංගන ඉදිරිපත් කරලා සතුරාව මුලාවෙ දානවා. වෙලාවකට භාවනා මධ්‍යස්ථානයකට ගිහින් සිත දියුණු කරගන්න උත්සාහ කරනවා. තවත් කාලයකට කැලේ පැනලා සටන්ක්‍රම පුරුදු වෙනවා. සමහර වෙලාවට නොකා නොබී පොත් කියවනවා. වෙලාවකට කියන්නේ එකක් , කරන්නේ එකක්. ඒ වුනාට කොහෙන් ගියත් කලින්ම ඉලක්කයට ගිහින් ඉවරයි අනේ මන්දා සර්.

හහ් හහ් හා… හිතන්න එපා එච්චර. සාමාන්‍යයෙන් අපරාධ විමර්ශකයෙක් කියන්නේ එහෙම විය යුතුයි. මොකද
එහෙම ඒකාකාරි චරිතයක් වුනොත් මෙි විෂය පථයේ මූලික දේවල්වත් කරගන්න බැරිවෙනවා. ඒ හන්දා පුරුදු වෙන්න හැමවෙලාවකදීම තමන්ව තවකෙකුට තේරුම් ගන්න බැරිවෙන්න ජීවත් වෙන්න.
හරි… අපි බලමු ඉදිරි සැළසුම් මොනවද කියලා. අපි හෙට දිනයේ ඔය කියන බවුසරේ වගේම , ඇම්බියුලන්ස් එකේ වැඩකරන අය ගැන සොයාබලන්න ඕන.
ඒකට මම හෙට පැල්මඩුල්ලෙ පැත්තෙ හිඟන්නෙක් විදිහට වෙස් වලාගෙන සැරි සරනවා. මොකද උන්ටත් ඕනම කරන චරිතයක් තමයි හිඟන්නා කියන චරිතෙ.
ඒ හන්දා හිඟන චරිතය තමයි මම ඇමක් විදිහට පාවිච්චි කරන්නේ. ඒ සොයාබැලීමෙන් පසු අපි බලමු මුන්ගෙන් එකෙක් හෝ දෙන්නෙක් අපේ ග්‍රහනයට හසුකර ගන්න ක්‍රමයක් ..

*හොඳයි සර්.


මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now