නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 25
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
25 වන දිගහැරුම
( ලුහුබැඳීම )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
*මම අහන්නද ප්‍රශ්නයක් සර්ගෙන්.
අහන්න ගැමුණු. ඕනම දෙයක් අහන්න.
*ඇත්තටම සර්ගෙ හිතේ මැඩම් ගැන මොනවගේ අදහසක් ද තියෙන්නෙ.
මෙතැන්සිට …
හ්ම්ම්… හොඳ ප්‍රශ්නයක්. මට කෙටියෙන්ම අහන්න තියෙන්නෙ “පිස්සුද ඔහේට”කියලා තමයි. අපිට එහෙම ලව් අකපැයි නේද.. ? එහෙම නෙමෙි කොහොම එකක් වුනත් අපිට අකපැයි නෙ. සාමාන්‍යයෙන් අපරාධ විමර්ශකයෙකුට මොනම තරාතිරමක කෙනෙක් වුනත් අපරාධ කරුවෙක් හෝ ඒකට ඍජුවම අනුබල දෙන්නෙක් නම් එයා අපිට අපරාධකාරයෙක් ම විතරයි. එතනින් එහාට හැඟීම් වලින් යැපෙන සම්බන්ධයක් ඇති කරගන්න බැහැ. එහෙම කරොත් එතනදී කොහොමද විමර්ශන කටයුතු කරන්නේ හැඟීම් වලට වහල් වෙලා. මට එයා ගැන එහෙම කිසිම හැඟීමක් නැහැ ගැමුණු. ඒක නිකං අඳුරු වලාවකට වැහිලා තියෙන හඳ වාගේ. එහි
අපරාධකරුවා හඳක් නම් , ඒ හැඟීම් මත
ගොඩනැගෙන සම්බන්ධය හරියට අඳුරු
වලාව වගෙයි. ඒ හන්දා ඒ සම්බන්ධයක්
හන්දා අපරාධකරුවා වසං කරන්න දෙන්න
බැහැ.
*ඒක ඇත්ත තමයි. ඒ කියන්නේ මෙි සේරම රඟපෑම්.
පැහැදිලිවම ඔව්.. මම එකහෙලාම කියන්නේ නැහැ කැරොලින් මැඩම් මෙතන අපරාධයක්
කරාම කියලා. නමුත් එහෙම කියලා එයා නිවැරදියි කියලා මම එහෙම නිගමනය කරන්න යන්නෙත් නැහැ. එයාලා නළුවො නම් අපි සම්භාව්‍යනීය නළුවො වෙන්න ඕන. මොකද සම්භාව්‍ය නළුවො රඟපාන නාට්‍ය තේරුම් ගන්න ටික කාලයක් ගතවෙනව නෙ. අපිත් එහෙම නොවුනොත් වැඩෙි අමාරුයි වෙනවා. ඉතින් ඔය ප්‍රශ්නයට උත්තරය තමයි “අන්සතු මලකට පෙම් බඳින මීමැස්සෙකු නොව මම” කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ. එයාගෙ කටින් ගන්න පුළුවන් දෙයක් තියනවා නම් අපි ඒක ගන්න අපි උපරිම උත්සාහ කරමු.
එච්චරයි. මොකද මෙතනදී අපි සර්පයින් වගේ වෙන්න ඕන.
*සර්පයින් වගේ.. ?
ඔව්. සර්පයින් වගේ තමයි. මොකද සත්තු අතරින් සර්පයින්ට හැඟීම් නැහැ නෙ. ඕනම සතෙක් ඌට බඩ පුරවන ගොදුරක් ම විතරයි. තමන්ගෙ කටෙි සයිස් එකට ගැලපෙනවා නම් , ලෙඩ සහිත සතෙක් නෙමෙි නම් , ඌට සතා අදාලම නෑ ගිලලා දානවා එච්චරයි.
*ඔව්.. හරි..එතකොට බැරිවෙලාවත් කැරොලින් මැඩම් එහෙම කෙනෙක් වෙලා නැත්නම්.
ආයෙත් මාව අමාරුවෙ දාන ප්රශ්නය යාළුවා ඔය අහන්නෙ. මොනවා කෙරුවත් , කිව්වත් මමත් මනුස්සයෙක් නෙ. මටත් අනිත් හැමෝටම වාගේ තියෙන හැඟීම් දැනීම් තියනවා. මටත් අනුකම්පාව කියන දේ පිහිටලා තියනවා. ඒක ඔයා ඕනතරම් මගෙන් ඉස්මතු වෙලා තියනවා දැකලා තියනවා. වැරදි කරපු මිනිස්සුත් යහමගට අරගෙන තියනවා ඕන තරම්.
*ඔව් ජොනි වගේම , ගිය මිෂන් එකේ නලින් වගේ අය.
ඔව් ඒ වගේ අය තමයි. ඒත් යාළුවා අපේ රැකියා ස්භාවය අනුව අපිට එහෙම භෞතික වශයෙන් දුර්වලතාවයන් තියාගන්න බැහැ විශේෂයෙන්ම බිරිඳක් , දරුවො වගේ අය. අන්න එතනදී අපි හිරවෙනවා නේ්ද ඔය ප්රශ්නය හමුවෙ. මොකද මේ රටෙි අපිවගේ නිළ නොලත් මර්ධක සංවිධාන. කල්ලි කිව්වොත් තමයි හරිම වචනය. ඉතින් අපි වගේ කල්ලි වලට අනතුරු වැඩියි. ඒකනෙ අපිට “අඳුරු සෙවනැලි” කියන්නේ. හරිහැටි අනන්‍යතාවයක් නැහැ. ඉන්නෙ කොහෙද කරන්නේ මොනවද කියලා කිසි කෙනෙක් දන්නෙ නැහැ. ඉතින් එහෙව් අයට පුළුවන් ද හරි අනන්‍යතාවයක් ගොඩ නගාගෙන තමන්ට කියලා පවුලක් හදාගන්න. මගෙ එකම පවුල තමයි මෙි ත්‍රස්ත මර්ධන කල්ලිය. ඒකනෙ හැමෝටම මම එකවගේ සලකන්නේ.
*ඒක ඇත්ත. සර් වගේ නිලධාරීන් අද කාලයේ හොයාගන්න හරිම අමාරුයි.
හ්ම්ම්… වෙන්න ඇති.
ඉතින් එහෙම වුනොත්. අපි ඒ වෙලාවට බලමු නේද මොකද වෙන්නෙ කියලා. අපි දැනට “බඩෙි ඉන්න ළමයින්ට හඳහන් බලන්නෙ නැතුව” ඉමු.
*හරි සර්ගෙ භූමිකාව සර් රඟපාන්න. අපේ ටික අපි රඟපාන්නම්.
අනිවාර්යයෙන්ම ගැමුණු. එතකොට හෙට රෑට අපිට යම්තාක් දුරට සිප්පියා කන්ද උඩදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ඔය මාසෙකට සැරයක් නයිට් විෂන් පාවිච්චි කරන හාදයා කවුද කියලා අපි බලමු නේද... ?
*ඒ කියන්නේ අපි හෙට මෑන්ව අල්ලනවද.?
මම තීරණය වෙනස් කරා. ඔව් ගැමුණු අපි
හෙට මෑන්ව අල්ලගන්නවා. හැබැයි ඒ අපි මෑන් පස්සේ ඉන්නවා කියලා මෑන්ට ඉව වැටුනොත් විතරයි. නැත්නම් අපි එයාව හඹායන්න ඕන. මොකද එහෙම හැඟුනා කියන්නේ හෙට උදේ වෙද්දී දැනගතයුතු සේරම දැනගන්නවා. එතකොට සැළසුම් වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒ අළුත් සැළසුම් මොනවද කියලා අපිට හොයාගන්න අමතර කාලයක් යනවා ඒ වගේම , ඒවට අපි හුරුවෙන්නත් වෙනවා. ඒක මෙි වෙලාවෙ හැටියට පට්ට අවාසියි. අපිට භාගවෙලාවට හෙට රෑ අපිට දීර්ඝ රැයක් වේවි. ඊට අමතරව තව සැළසුමක් ක්‍රියාත්මක කරන්න කාලය හරි.
*ඒ මොකක්ද … ?
ඒකත් විශ්වාසය දිනාගන්න අපි කරන ප්‍රයෝගයක් තමයි. නුදුරේදීම රෑක අපේ නියෝජිත ජනිත් හෙන්ද්‍රික් වලව්වට පනිනවා හොරෙක් විදිහට. එතනදී එයාලට කරකියා ගන්න දෙයක් නැතුව අනිවාර්යයෙන්ම කැරොලින් මැඩම් මට කෝල් එකක් දෙන්න ඕන. මම එතකොට ක්ෂණිකව එතනට දුවගෙන යනවා. ඔයත් එන්න මාත් එක්ක. එතනදී මම නියෝජිත ජනිත් එක්ක පොඩි සටනක් යනවා. අවසානයේ මට නහයෙන් කටින් ලේ එන්න ගහලා තමයි හොරා පැනලා යන්නෙ. එතකොට මට අනුකම්පා ඡන්ද ටිකක්
ලැබෙනවා වලව්ව පැත්තෙන්. කැරොලින්
මැඩම් මම කෙරෙහි තිබ්බ විශ්වාසය තව
තවත් දැඩි වෙනවා. ඒක තමයි අපේ හොර නාටකයේ අරමුණ.
*සර් උපරිම උත්සාහ කරන්නේ මැඩම්ගෙ
කටින් මෙි රහස එලියට ගන්න නේද ..?
හහ් හහ් හා… ගැමුණු මල්ලි අර කථාවක්
තියනවා නේද “ගෑණුන්ට රහස් රකින්න” බැහැ කියලා. ඒක ඉතින් අපි සමහර කරුණු කාරණාවලදී ඇත්ත කියලා පිලිගන්න පුළුවන් නේද… ? ඇත්තටම කියනවා නම් එහෙම දේවල් මම මෙි විදිහට කරන්න උත්සාහ කරන්නේ ඇයි කියලා. ඔයා දන්නවනෙ මම සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ප්‍රමාණයට වඩා උඩු දුවනවා වැඩියි වගේ නම් ඒක මම උණ්ඩයකින් නවත්වන්න උත්සාහ කරනවා කියලා. හැබැයි ඒක කොහොමටවත් ජීවිතයක් කුණුකොල්ලයට දැමීමක් නෙමෙි. ඔවුන්ට යම්දෙයක් වටහලා දීලා ඒ වෙන්න යන විනාශය වලක්වන්නට බැහැ කියලා දන්න හන්දා. මම මෙතනත් ඒකම තමයි කරන්න උපරිම උත්සාහ කරන්නේ. මොකද මෙතන තව අපරාධයක් වලක්වන්නට අපි උණ්ඩ ම පාවිච්චි නොකර නීත්‍යානුකූලවම
මෙිකට විසඳුම් හොයන එක තමයි මගෙ
තියරිය. ප්‍රශ්න පස්සේ හැල්මෙ දුවනඑක
හරිම මෝඩ ක්‍රියාවක්.
*සර්… රැවුලයි , කැඳයි දෙකම බේරගන්න බැරිවෙයි වගේ.
ඔව්… එහෙම වුනොත් රැවුල කපන්න ම වෙනවා. මොකද මෙි වවාගත්ත රැවුලක් හන්දා බඩගින්නෙ නහින්න බැහැ නෙ.
*හ්ම්ම්…
මොකද ගැමුණු. හැතිද.. හරි. අපි ගමනට
මාරුවෙමු.
*දාඩිය පොල්ල දැම්මා නහුතෙටම.
මොකද ගැමුණු මම දිහා බලාගෙනම ඉන්නෙ.. ?
*නෑ මොකුත් නෑ සර්..
වෙන්න බෑ. මොකක්ද අවුල.
*මට පිස්සු වාගේ ඔය මොළය වැඩකරන හැටි වචනයෙන් අහලා. වෙලාවකට මට හිතෙනවා මම ඇයි මෙි වෘත්තීය තෝරගත්තෙ කියලා.
ඇයි ඒ… ? මේක වෙනම රසයක් ගැමුණු.
මෙි රසය හැමෝටම විඳින්න බැහැ යාළුවා.
සැළසුමක් ඇතුලෙ තව සැළසුමක් හදනවා
කියන්නේ ඒක වෙනම ආතල් එකක් බව
මතක තියාගන්න. ඒ වගේ පැටළුන නූල්බෝල සීරුමාරුවට ලෙහන්න පුළුවන් හැකියාව හැමෝටම පිහිටන්නේ නැහැ. මෙහෙම වෘත්තීයකට ඇතුල්වුන එකම එක්තරා විදිහක වාසනාවක් වගේම හරිම දුර්ලභ අවස්ථාවක්. ඒක තමයි යාළුවා මම නිතරම කියන්නේ දැනුමෙන් සන්නද්ධ වෙන්න කියලා. මෙි වගේ ප්‍රශ්න ජාලා විසඳන්න නම් ඒ වගේ බාහිර දැනුම අවශ්‍ය වෙනවා. හරි… එහෙනම් අපි ආපහු යමු.
හෝරාවකට පසු අපට නැවත ඒමට හැකිවිය. නිවසේ ආලින්දයට පැමිණ සුපුරුදු පරිදිම තේ එක රසවිඳින අතරෙ
දුරකථනය නාදවිය.
හෙලෝ සුපුන් මහත්තයා..
දු.ක - ආයුබෝවන් සර්…
ආයුබෝවන්. ඉතින් මොකද හදිසියේම.
දු.ක - අර පල්සර් උපාලි සර්ගෙ වාහනය
සර්විස් කරන තැනට ගියා. ගිහින් විනාඩි පහක් විතර මොනවදෝ කියලා පර්ස්එක
අතරට අරගෙන කීයක් හරි දුන්න සියාම්ට.
හොඳයි … ඊට පස්සේ.
දු.ක - ඊට පස්සේ ආපහු ගියා.
ගියේ කොහෙද .. ?
දු.ක - තෙල්දෙණිය පොට්එකට තමයි.
හොඳයි.. ඒ කියන්නේ මෑන් දහවෙනිදා එතනට එන්න වෙන්නෙ නැහැ. වැඩෙි ෂේප්එකේ ගොඩදාන්න කියලා ගතමන්ට් එකක් දෙන්න ඇති. මොකද මෑන් නිතරම තැන තැන ඉන්නවා මම දැක්කොත් ,මම අදහස් කරේ මුහුණ මුහුණ තැව්තැන්වල හමුවුනා කියන්නේ මට සැක හිතෙන්න පුළුවන්. කියලා හිතෙන්න ඇති. ඒකෙන් මම අදහස් කලේ උන්ට මාව සැකයි කියන එක නෙමෙි. නමුත් ඉදිරි කාලයේ උන් තව මිනීමැරුමක් මෙතන කරන්න යනවා කියලා මට ඉවෙන් වාගේ දැනෙනවා. එතකොට පුළුවන් තරම් හොඳට තම තමන්ගේ මුහුණු වසංකරගෙන ඉන්න බලනවා ඕනම කෙනෙක්. මම හෝ අපි නිතරම එකාම දකිනවා කියන්නේ. සිද්ධියෙන් පස්සේ පොලීසිය කටඋත්තර පවා ගන්නකොට ඔය චරිත ගැන සුළුවෙන් හෝ කියැවෙන්න පුළුවන් හන්දා. එතකොට ඒ වගෙ දේවලුත් පොලීසියට පොයින්ට් තමයි. නිතර දකින නාදුනන මිනිස්සු ගැන ඕනම පොලිස් කාරයෙක්ගෙ තම සැකය ඒ ගැන එල්ලවෙන ප්‍රවණතාවය වැඩියි. ඒ හන්දා එදාට මම
එක්ක මැඩමුත් එන හන්දා මෙි දේවල් අහඹුවක් වෙන්නෙ නැහැ. ඒ හන්දා මෙදාපාර මාව හිතා මතා මගහරින්න කරපු දෙයක් තමයි ඒක. මොකද මිනිහෙක් තමන්ගෙ මුහුණට අමතර දිග රැවුලක් දැම්මා කියලා ඒ මිනිහගෙ සම්පූර්ණ බාහිර ප්‍රතිරූපය වෙනස් වෙන්නෙ නැහැ. කතා ශෛලය ,ගමන් විලාසය , ඇඳුම් පැලඳුම් ,හැසිරීම වගේම මුහුනෙ ඉරියව් පවා වෙනස් වෙන්න ඕන. බොහොම හොඳයි දිගටම කරගෙන යන්න සුසුපුන් මහත්තයා.
දු.ක - ඔව් එව්වා අපිට අමුතු පාඩම් නම් නෙමෙයි නෙ සර්. කොහොම වුනත් සේරම කෙටියෙන්ම පැහැදිලියි සර්. එහෙනම් මම තිබ්බා.
හොඳයි … ජයවේවා.
දු.ක - ජයවේවා..
ඇමතුම විසන්ධි කල මා මුරකරු සයිමන්
ගෙනා රාත්‍රි ආහාරය අවසන් කර කල්පනා සයුරෙ මද වෙලාවක් පීනුවෙමි. හ්ම්ම්… කැරොලින් මැඩම් හා මම සමඟ සුහදව
සිටීම තමයි මම උන්ගෙන් වසන්වෙලා ඉන්න පුළුවන් වුන එකම සාධකය. ඇය ඔවුන්ට රහස් පණිවිඩය හරහා මම හොඳ පුද්ගලයෙක් යැයි නිර්දේශ කරපු හන්දා තමයි නිදහසේ මා මේ වනතෙක් මෙතන රැඳෙන්නට හේතුව. එය එසේ නොවුනා නම් ඔවුන් මා ගැනත් රහසේම හොයන්න පෙලඹෙනවා සත්තයි. එසේ වුවහොත් මට කෙසේ වෙතත් ඔවුන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා ඒකාන්තයෙන්ම හ්ම්ම්… අපි බලමු හෙට රෑට කවුද සිප්පියා කන්දෙ සැරිසරන කෙනා කවුද කියලා. වෙනත් යමක් ගැන කල්පනා නොකෙරූ මා නිදාගත්තෙමි.
හෝරාවක් පමණ ගතවෙන්නට ඇති. හදිසියේම ඇමතුමක් හේතුවෙන් මා ගැස්සී අවදි වුනෙමි.
ඇයි ගැමුණු.
දු.ක - සර් ඉක්මනට මෙි දේවදාර ගහ ලඟට එන්න.
ඕකෙ..
කඩිමුඩියෙම ලෑස්තිවූ මා බූට් යුවලත් අතින් රැගෙනම දොර විවෘතකර එලියට විත් දොර වසා දැම්මෙමි. මිනිත්තුවකට අඩු කාලයකදී දේවදාර ගස අසලට යනවිට කසුන් ගසට ආවරණය වී මා එනතුරු රැඳි සිටියා.
මොකද ගැමුණු ( රහසින් )
*සර් අන්න බඩු.. කියමින් තම දඹර ඇඟිල්ල දිගුකොට සිප්පියා කන්ද පෙන්වීය.
කිසිවක් මාහට නොපෙනුන හෙයින් නැවත වතාවක් මා ඇස්දෙක පොඩිකර බැලුවෙමි.
යම්කිසි පිලිවෙලකට එහාමෙහා චලනය වන කොළපාට එලියක් දුටුවෙමි. මමද ක්ෂනිකව පහත්වූයේ එම එලිය අප දෙසට එල්ලවූ නිසාය. එසැණින් මා සාක්කුවට අතදමා කුඩා රාත්‍රි දුරදක්නය අතට ගෙන සිප්පියා කන්ද දෙස බැලුවෙමි. යමෙකු කන්ද උඩ දිගාවී සිටින බවක් පෙනෙන්නට තිබුනත් දුර වැඩිවීම හා මීදුම වැඩිවීම හේතුකොට ගෙන දර්ශනය පැහැදිලි නොවීය.
ගැමුණු… බඩුම තමයි. නියමයි .අපි මෑන්ව බලාපොරොත්තු වුනේ හෙට වුනාට අද මෑන් ඇවිත් තියෙන්නෙ මොකටද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. කෝ සයිමන් අංකල් නිදිද … ?
*ඔව් සර්.. මෑන් බත ගහලා ගොරව ගොරවා නිදි.
හ්ම්ම්… නියමයි.
*සර් මම පොඩ්ඩක් එහාට මෙහාට වෙලා
බැලුවා කැරොලින් මැඩම් උඩ මහලේ ඉන්නවද කියලා. එයානම් පේන්න හිටියෙ නැහැ.
ෂුවර් ද..
*සීයයට සීයයක් ෂුවර්.
හරි… ඔයා මෙතන ඉඳගෙන ඇහැ ගහගෙන ඉන්න. මම යනවා. වෙනස්වීම් ටික මට කෝල් කරලා කියන්න.
*සර් යන්නද හදන්නෙ … ?
ඔව් ගැමුණු. මම මෑන් පස්සෙන් යනවා. මෙි අවස්ථාව මගහරින්න හොඳ නැහැ. එහෙනම් මම යනවා.
*හරි සර්. ජයවේවා …
වහාම බූට් දෙකට බැස්ස මම වේගයෙන් තේ පඳුරු ඈත්කර දුවන්නට විමි. වරින් වර ඒ දෙස බලමින් වෙිගය වැඩිකර දුවන අතරෙම දුරකථනයට සම්බන්ධ කර ඇති බාහිර කුඩා ඉයර්පෝනය කනේ රඳවා ගත්තෙමි. රාත්‍රි දුරදක්නයද හිසේ රඳවා ගන්නට අමතක නොකෙරුවෙි අඳුර මැදින් යාමට පහසු වන විදිහටය.
ගැමුණු.. මෑන් මෙි පැත්ත බලනකොට මට කියන්න මම දිගටම කෝ්ල් එකේ ඉන්නම්.
දු.ක - හරි සර්.
අඩ හෝරාවකට පසු සිප්පියා කන්දට පාමුලෙන් පිහිටි කුඩා කැලෑ රොද වෙත ඇතුල්වීමට හැකිවිය.
දු.ක - සර් … කොහෙ හිටියත් කමක් නැහැ ඔතනම හැංගෙන්න.
හරි…
දු.ක - ඔහොම ඉන්න.. හෙල්ලෙන්න එපා…
එකායි.. දෙකායි.. තුනායි.. හරි යන්න.
රයිට්… කසුන් මට මෑන්ව පේන දුරින් ඉන්නෙ. මට ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්.
දු.ක - ඕකේ සර්.
මාද හෙන්ද්‍රික් වලව්වේ උඩුමහල දෙස ඉතා විපරම්න් බැලුවෙ කැරොලින් මහත්මිය තම රංගනය සිදුකරනවද යන්න සොයා බැලීමටය. නමුත් එවැනි රංගනයක් මාහට දැකගැනීමට නොහැකි විය. ඉන්පසු ඉතා සූක්ෂ්ම ලෙස කෙමෙන් කෙමෙන් ප්‍රතිවාදි නිරීක්ෂකයා වෙත කිට්ටු වුනෙමි. නමුත් ඊට වඩා මා ආසන්නයට නොගියේ මෙවැනි කැලෑ රොදක යමෙක් සැඟවුනොත් , කිසිදු ශාරීරික චලනයක් සිදු නොකරොත් එහි අවාසිය හඹායන්නා වන මාහට දරන්නට සිදුවන බැවිනි. මද වෙලාවකට වැතිර සිටි ඔහු ක්ෂණිකව නැගිටිමින් එතනින් නික්මෙන්නට විය. මාද ශබ්දය හා චලනය අවම කරමින් පඳුරු අතර සැඟවුනේ ඔහු මා දෙසට සෙමින් එන බව දුටුව නිසාය. කළු පැහැති කලිසමක් ඇඳ , ඉණෙන් ඉහලට කළු කබා
ඇඳුමක්ද ඇඳ සිටි හේ මා පසුකර යන්නට විය. මාද අඩි පහලවක පමණ පරතරයක්
තබාගෙන ඔහු පසුපස පියමං කලේ ඉතා සෙමින්ය. ඔහු අතින් පයට පෑගී කුඩා වියලි කෝටු කැඩී ශබ්ද නැගෙන්නට විය. එය රාත්‍රි නිසල පරිසරයේ නිශ්ශබ්දතාවය බිඳින්නට සමත්විය. විටෙන්විට ගස්වල එල්ලී සිටින වවුලන් ඒ ශබ්දයට ප්‍රතිචාර දැක්වීමක් විදිහට ඔබමොබ ඉගිල යන්නට විය.
සීතල මීදුම සිසාරා ප්‍රතිවාදියා සිප්පියා කන්ද පරිශ්‍රයෙන් ඔබ්බට යන්නට විය. "හ්ම්ම්ම්ම්…. මොකද කරන්නේ මාධව. මූව අල්ල ගන්නවද. ? නැත්නම් මූ පස්සේ තව දුර යනවද .. ? නෑ මූව අල්ලගෙන බැහැ. තව ටිකක් පස්සෙන් ගිහින් බලමු” මගෙ සිත මටම මුමුණන්නට විය. තවත්
අඩහෝරාවක් පමණ අවතාර ගමනින්
( පාබල හමුදාවන් රාත්‍රි කාලයේදී සතුරු භූමියක ගමන්ගන්නා ක්රමයකි) මා වැඩිදුර
ප්‍රතිවාදියා පසුපස ගියෙමි. “නෑ මාධව අපි
දෙවන අවස්ථාවක් ගමු” අවසානයේදී ඔහු
තම ගමන කෙලවර කරෙ අතුරු පාරකට
ආ පසුවය. පසුව කබාය තරමක් ඔසවා කලිසම් සාක්කුවට අතදමා යතුරක් වැනි යමක් ගන්නාවිට ඉණෙිහි ඉදිරිපස යමිකිසි දෙයක් පච්චයක් ලෙස සිත්තාරු කර තිබු බැව් මා දුටුවෙමි. දුම්වැටියක් අතට ගෙන එය දල්වාගත් හේ , එයද ලහි ලහියේ උරාදමා අවසන්කර , පසුව යතුරුපැදියට නැගගත් හේ , එය පණගන්වා එතනින් නික්මෙන්නට විය. මා ඒ යතුරුපැදියේ අංක තහඩුවෙ සඳහන් ඉලක්කම් කීපය කබා සාක්කුවට අතදමා ,කුඩා සටහන් පොත ගෙන ලියා ගත්තෙමි. පසුව ඔහු නොපෙනී යනතුරු මා සැඟව නොසෙල්වී සිට ආපසු හැරි කැලෑවට ඇතුල් වී නැවත නේවාසිකාගාරය දෙසට ගමන් ගත්තෙමි. මිනිත්තු හතලිස් පහක පමණ කාලයක් ගෙවාගෙන නැවත මා නේවාසිකාගාර දෙසට එනවිට කසුන් කොණක සිට මා එනතුරු බලා සිටියේ බලාපොරොත්තු සහගත ලෙස තම දෑස් දල්වාගෙනය.
*මොකද සර් තත්වය .. ?
තත්වය අපිට වාසිදායකයි ගැමුණු. මට මෑන්ව බෙල්ලෙන් අල්ලගන්න පුළුවන්කම තිබ්බත් මම දෙවන අවස්ථාවක් ගන්න තීරණය කරා.
*දෙවන අවස්ථාවක්.. ? ඇයි ඒ … ? අනික දෙවන අවස්ථාවක් අපිට එයිද … ?
ඔව් ගැමුණු. දෙවන අවස්ථාවක් අපිට අනිවාර්යයෙන්ම එනවා. මෙතනදී මම බැලුවෙ වැඩෙි ගස්සන්නෙ නැතුව ඉන්න. මොකද මෙි මෑන් මගේ සැකය වෙනස් පැත්තකට හරවන්න සමත්වුනා කිව්වොත් නිවැරදියි.
*වෙනස් පැත්තකට … ?
ඔව්.. වෙනස් පැත්තකට. මෑන් කරන්නෙ අධ්‍යනයක්. හැබැයි ඒක වෙනස්ම තාලයේ අධ්‍යනයක්.
*සර් මොකක්ද අදහස් කලේ… ? තුන්වන පාර්ශවයක්ද … ?
නෑ එහෙම නෑ. අපිට ජැක්පොට් එකක් ඇදෙන්න යන්නේ. හෙට අපි මෑන්ගෙ පස්සෙන් යනවා ගමනාන්තය තෙක්ම. මොකද අද අපිට ඒ වැඩෙි කරගන්න බැරුව ගියා. ඒ මොකද කිව්වොත් මෙික අනපේක්ෂිත සිදුවීමක් හන්දා. නමුත් හෙට රෑ වෙනකොට අපි ඉතා සුමට කරන ලද දැලක් මෑන්ට එලමු. එතකොට එයාට පැනලා යන්න අවස්ථාවක් නැහැ. ඒකේ තේරුම අපි හෙට රෑම මෑන්ගෙ බෙල්ලෙන් අල්ලගන්නවා කියන එක නම් නෙමෙි. එහෙම කරා කියන්නේ උන් ප්ලෑන් බී එකකට යන්න පුළුවන්. මොකද සුපිරි මොළකාරයෙක් සැළසුමක් හදන්නේ එකක් අසාර්ථක වුනොත් දෙවන එක සාර්ථක වෙන විදිහට. ඒ හන්දා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්නම වෙනවා. මෑන්ව අල්ලගත්තාම කියමුකො. නමුත් ප්ලෑන් බී එක ක්‍රියාත්මක කරන්න මෑන් කණ්ඩායමෙි වෙන දක්ෂ කෙනෙකුට කලින්ම පවරලා තිබ්බොත් මොකද වෙන්නෙ. අපි එකෙන්ම අසාර්ථකයි නේද.. ? එතකොට මෙතෙක් කාලයක් අපි, අපේ උත්සාහයට මොකද වෙන්නේ.. ? අන්න ඒ හන්දා අපි මෙතනදී අනවශ්‍ය අවදානමක් අරගෙන වැඩෙි දෙල් කරගෙන හරියන්නේ් නැහැ ගැමුණු. අද ආවෙ කැරොලින් මැඩම් නින්දෙන් ඇවිදියිද කියලා බලන්න. නමුත් ඒක එහෙම වුනේ නැති හන්දා හිස් අතින්ම ආපසු ගියා. නමුත් මට තක්කෙටම කියන්න පුළුවන් මෑන් හෙට රෑටත් අනිවාර්යයෙන්ම ඔය සිප්පියා කන්දට බඩගානවා කියලා.
*එතකොට සර් ඇයි මෑන් අද ආවෙ … ?
හොඳ ප්‍රශ්නයක්. ඒක මෑන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් එහෙම කියලා මට මගෙන් ඔයා අහපු ප්රශ්නය මගහරින්නට බැහැ. ඒකට උත්තරය තමයි මම අනුමාන කරන විදිහට සන්නිවේදනයේ තියෙන දුර්වලතාවය. මොකද කැරොලින් මැඩම් යන ගමනක් මාත් එක්ක යන්න දැන් පුරුදු වෙලා තියනවා. නමුත් දවස් දහයකින් විතර එයා පුස්තකාලයට ගිහින් නැහැ. ඒ හන්දා පොත් අස්සේ ලකුණු කරපු පණිවිඩ මහමොළකරුවා අතට යන්න විදිහක් නැහැ.
*මහමොළකරුවා … ? ඒ කියන්නේ මෙි ආවෙ මහමොළකරුවද … ? හපොයි සර්
( හිස මුදුනට අත තබමින් )
ඔව් ගැමුණු මෑන් තමයි ඔය ආවේ. ප්‍රධාන
සැළසුම්කරු හෙවත් මහමොළකරුවා.
*ඉතින් සර් අපරාදෙ නෙ.
නෑ කසුන් මෙතනදී අපිට කිසිම පාඩුවක් වෙලා නැහැ. මෙි සැළසුම මොකක්ද කියලා අපි වක්රවාකාරව හරි අපි දැනගන්නට ඕන.
හොඳයි හෙට රෑට අපි මෑන් නැවතිලා ඉන්න තැන තක්කෙටම බලාගමු. මෙන්න මෙිකයි සැළසුම. අන්න අංකල් ඇහැරිලා. ඔය නයිට්විෂන් එක හංග ගන්න.
**අපෙ මහත්තයා.. අපෙ මහත්තයා මොකක්ද කසුකුසුව … ?
හා .. සයිමන් අංකල්. අපිට පොඩි සද්ද ටිකක් ඇහුනා ඒකයි.
**හැබෑටම අපෙ මහත්තයා.. ඉතින් මට කතා කොරන්ඩ එපැයි.
එහෙම ලොකු දෙයක් නැහැ. මං හිතන්නේ
ඔය එහා පැත්තෙ සිප්පියා කැලේ ඉන්න සත්තු වෙන්න ඕන.
**හා ඒකද මෙි.. අපෙ මහත්තයා. ඔය ගෝන්නු එනවා. ඌරො එනවා. සමහර වෙලාවට උන් උන් මූණට මූණ මුලිච්චි වුනහම සද්ද කොරගන්නවා. ඒත වෙන්න ඇති.
*එතකොට මාමෙ ඒ අමුතු සද්දයකින් කෑ ගහන්නෙ ගෝන්නු ද.. ?
**මොන සද්ද ද කොලුවො.
*නිකං විලාපයක් වගේ. ඒකත් කෙටියෙන් වගේ
**හා ඒ මුවෙක්ගෙ සද්දෙ මුවෙක් තමන්ගෙ රංචුවෙන් මගඇරිලා අතරමං වුනාම ඌට
බය හිතෙනවා. ඉතින් ඌ බයට තමයි ඔය අමුතු විදිහට කෑමොර දෙන්නෙ. උඹට කොලුවො ඔව්වා අළුත් දේවල් වුනාට, මම ගැටයා කාලේ ඉඳලා ඔය වන සත්තුගෙ හඬ හොඳට අහලා දැකලා පුරුදුයි. උඹත් ටික කාලයක් යනකොට ඔව්වට හුරුවෙයි කොළුවො. අපෙ මහත්තයත් හුරුවෙයි ඔව්වට.
ඔව් නේද අංකල්. කෝකටත් මම රවුමක් දැම්මා ගැමුණු එක්ක.
**හා හා ඒකට කාරි නෑ. ගැමුණු කොල්ලත් මෙව්වා දැනගෙන ඉන්න එපැයි. ඒ වුනාට අපෙ මහත්තයා එහෙම , එහෙ මෙහෙ යනවා නෙමෙයි. මොකද රෑට විෂඝෝර සතා සර්පයා ගැවසෙන්න පුළුවන්.
ඔව් ඒකත් ඇත්ත තමයි. හරි.. අපි එහෙනම් නිදාගමු. මම යන්නම්.
**හොඳා මහත්තයා..
යලි හමුවෙමු ….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023