⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 38 වන දිගහැරුම ⸎
> බ්‍රැස්ටියන් ඝාතනය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


හොඳයි.. පිහි අටයි.
( පතුරම් පුරවන ලද මැගසින් සමග සියලුම අවිආයුධ මෙිසය මත තැබුවෙමු)

හොඳයි .. මෙිටික අපි පැක් කරලා පැත්තකින් තියමු.

**එතකොට රේඩියෝ ට්‍රාන්ස්මීටර් ටික.. ?

එපා.. ඒක එදාට අරගෙන යමු.

මෙතැන්සිට……

හෝරාවකට පසු. දිව්‍යාගෙන් කෙටි පණිවිඩයක් මාගේ දුරකථනය වෙත ආ අතර , එහි රහස් භාෂාවෙන් සඳහන් වූයේ.
කිසිම විදිහේ සැකයකට භාජනය වන කරුණක් හෝ සිදුවීමක් නලින් තුලින් දැකගන්නට නොහැකි වූ බවය.

හ්ම්ම්ම්… ඒකත් හරි මහත්වරුනි. නලින් ගැන දැනට විශ්වාසය තියාගන්න අපිට පුළුවන්.

**ඒකත් එහෙමද…?

ඔව් … දැන් අපිට තියෙන්නෙ ඩග්ලස් ජීවානන්දගෙ මළගමට අවශ්‍ය ඉතුරු වැඩකටයුතු සම්පාදනය කරන එක.
ඒකට සංජනා වීරසේකරගෙ වෙඩිමෙ රෑ කෑමට ආපුවාම බලමු මොනවද කරන්න පුළුවන් කියලා.

**සර්.. වෙිටර් කිට්එක හරි. ඒක ලෑස්තියි.

නියමයි. ඒකත් ඇඳගෙන මාස්ක් එකත් දාගත්හම වෙිටර්ලට කලබල අස්සේ මම කවුද කියලා හොයාගන්න බැරිවෙයි. හෙට හවස වැඩෙිට බහිමු එහෙනම්. හෙට හවස
අපේ ස්පයිඩර්ලා දෙන්නෙක් දාන්න ඕන. ඔය ඇමතියා යනඑන තැන් වගේම , රෑට වෙඩිමට යනවද කියලා. කොහොම වුනත් රෑ අට වෙද්දි අපි ස්ථාගතවෙලා ඉන්න ඕන.
මම කියන්නම් ඉන්න ඕන තැන.

පසුදින ….

දහවල් වනතෙක් කිසිම ක්‍රියාකාරකමක් නොකරන්නට අප වගබලා ගත්තෙමු.
හවස හයට අපි නැවත සාකච්ඡා කාමරයේදී මුණ ගැසුණි.

හරි.. මහත්වරුනි. මෙන්න මෙිකයි සැළසුම ඊට කලින් අවිඅායුධ ගැන මම කියන්නම්. ග්‍රෙනේඩි හතරක් , සුපුරුදු පරිදිම තමයි නීත්‍යානුකූල නොවන 9mm පිස්තෝල තුනයි , ඒකට ඕන සයිලන්සර් තුනයි. රේඩියෝ ට්‍රාන්ස්මීටර් තුනයි. පිස්තෝල තුනට මැගසින් හතර ගානෙ ගමු. මොකද මොන මොන තත්වයන් වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ නෙ.

හොඳයි.. මම නැවතත් ක්‍රියා පිළිවෙත මතක් කරන්නම්. පළමුවෙන්ම මම යනවා හොටෙල් බ්ලූ මැන්ඩල් එක ඇතුලට ඊට පස්සේ සැළසුම නැත්නම් සීතල සැළසුම ක්‍රියාත්මක කරමු. කොහොමහරි ඩග්ලස් ලොක්කා රාත්‍රි භෝජන සංග්‍රහයට වාඩි වෙනකම් මට ඉන්න වෙනවා. සියල්ල හමාර වෙනකම් ඔය දෙන්නා පාඩුවෙ වාහනයේ ඇතුලෙ පාඩුවෙ ඉන්නවා. මම වෙිටර්කෙනෙක් විදිහට ගිහින් ඩග්ලස්ගෙ පුද්ගලික ආරක්ෂක විදිහට ඉන්න පොලිස් නිලධාරීයට මම දෙනවා මෙන්න
මෙිකෙන් පෙති දෙකක් කලවම් බීම වීදුරුවට කරලා. ඇත්තම මෙි තියෙන්නෙ
නිදිබෙහෙත්. කාලයාගෙ ඇවෑමෙන් මෑන්ට නින්ද ගියාම ආයේ උදේ වනතුරු ඇහැරවනවා බොරුයි. එතකොට මෑන්ව වාහනයට දාගෙන ගිහින් වැඩක් නැහැ. අවසානයේ වාහනයේ යන්නෙ ඇමතිගෙ පුද්ගලික ලේඛම් , ආරක්ෂකයො දෙන්නයි, රියදුරයි විතරයි. වාහනය එතනින් පිටත් වෙනකොටම මමත් එළියට ඇවිත් වාහනයට ගොඩ වෙනවා. ඊට පස්සේ අපි යනවා අපේ වාහනයේ උන්ගෙ පස්සේ . ගම්පහ කිට්ටුවට හෝ ජනාකීර්ණ නොවන ප්‍රදේශයකදී අපි උන්ට ගහනවා එනකොට මම කියන්නම් කොතනද තැන කියලා. මෙි වාහනය වී 8 වර්ගයේ වාහනයක් . ඒ කියන්නේ වෙඩි නොවදින එකක්. වාහනයට වෙඩි නොවැදුනාට ටයර් වලට වෙඩි වදිනවනෙ. ඒ හන්දා පලමුව තියන්න ඕන ටයර් වලට. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වාහනය නැවැත්තුනාට පස්සේ. ඔය දෙන්නා වගබලාගන්න ඕන ඇතුලෙ ඉන්න එකෙකුටවත් පිටතට එන්න බැරිවෙන්න. එහෙම ආවත් කමක් නැහැ. ඔලුවටම තියලා දාන්න. කොහොමත් එකයි. මම කලින් කිවිවා වගේ බුලට් පෲෆ් වාහනයක බොඩියට කොච්චර වෙඩි තිබ්බත් වදින උණ්ඩය විසිවුනාට. වීදුරු වලට එහෙම නැහැ. එකම තැනට උණ්ඩ හතරක් වැදුනාම , පස්වන උණ්ඩය අනිවාර්යයෙන්ම වීදුරුව පසාරු කරගෙන යනවා. ඉතින් පස්වන උණ්ඩය ඩග්ලස්ගෙ පපුවටම මම තියනවා. කට්ටියම නිහඬ කරලා. අපි වෙිගයෙන් එතනින් එනවා එච්චරයි. බැරි වෙලාවත් උන් වාහනයේ දොරක් ඇරියොත් අපි ඒක අපේ වාසියට ගමු. ඒ කියන්නේ පිටත්වෙන්න කලින් ග්‍රෙනේඩ් දෙකක් කඩලා ඇතුලට දාමු. එතකොට ඉවරයි කතාව.

**සර් කලින් කියපු සැළසුමට වඩා ටිකක් වෙනස් නේද මෙික.

ඔවි… අපි තුන්දෙනාම යන්නෙ නැහැ හොටෙල්එක ඇතුලට. මොකද ඒක පෙර සූදානමට බාධාවක් වෙනවා. කොහොම වුනත් ඔතන ඉන්න ජනගහනය අස්සේ මට මගේ වැඩෙි කරගන්න පුළුවන්.

හරි… වෙනත් ප්‍රශ්න තියනවද..?

*නැහැ සර්…

**නැහැ සර්..

හ්ම්ම්ම්.. මතක තියාගන්න මහත්වරුනි.
කාලානුරූපව සමහර තැන් සැළසුමෙි පරිදි ක්‍රියාත්මක කරන්න බැරි වෙිවි. ඒ වෙලාවට සිදුවන ඒඒ වෙනස්කම් අනුව මම කියන්නම් මොකක්ද කරන්න ඕන කියලා. නිතරම සන්නිවේදනය හරියට තියාගන්න ඕන. අපි ඒකට මයික්‍රෝ හෙඩ්සෙට් පාවිච්චි කරමු. හරි.. අපි රෑ අටට මෙතනදී හමුවෙමු.

රාත්‍රි අටෙි කනිසමට ලංවෙත්ම අප තිදෙනා නැවත සංවිධානය වුනෙමු.

හරි… මහත්වරුනි. අපි යමු. කකසුන් සේරම හරිනෙ.

*හරි සර්.

එතකොට නියෝජිත ජනිත් වාහනය රෙඩිද.. ? ( පිස්තෝලය කකුලේ රඳවන ගමන් )

**ඔව් සර්..

නියමයි.. මම මගට ගිහින් වෙිටර් බ්ලෙසර් එක ඇඳගන්නම්. අපි යමු එහෙනම්.
කසුන් , සුපුන් ..

සර්.. ( දෙදෙනාම ආපසු හැරී )

අපි තුන්දෙනාම මෙි යනවා වගේ ආපසු එන්නත් ඕන. ඒ හන්දා මගෙ උපදෙස් ඒ විදිහටම පිලිපදින්න වගේම , හොඳ අවධානයෙන් ඉන්න එච්චරයි.

*බොහොම ස්තූතියි සර්. ජයවේවා

**ජයවේවා සර්.

ජයවේවා මහත්වරුනි. අපි යමු.

වෑන්රියට නැග තිදෙනාම කඩුවෙල පිහිටි හොටෙල් බ්ලූමැන්ඩල් බලා පිටත් වුනෙමු.
අඩ හෝරාවකට පසු හොටෙල් පරිශ්‍රය කිට්ටුවට ආපසු වෑන්රිය මීටර් දෙසීයක් පමණ මෙහායින් මහ මාර්ගයේ අයිනක නවත්වා මා බැසගත්තෙමි.

ඇල්ෆා ෆෝ වන් ඇන්ඩ් ටූ… ඇහෙනවද මාව.

*වන් ෆෝ ඇල්ෆා පැහැදිලියි ඕවර්.

**ටු ෆෝ ඇල්ෆා ඇහෙනවා පැහැදිලිව ඕවර්.

හොඳයි දෙන්නම ක්ලියර්…
එහෙනම් මහත්වරුනි සූදානමෙන් ඉන්න.

මා මුඛවාඩමක් ද දමාගෙන හොටෙල් පරිශ්‍රය ඇතුලට ගොස් ඉදුරාම ගමන් ගත්තේ බාත්රූම් එකටය. ගොස් වේටර් බ්ලෙසර් එක දමාගෙන එලියට ඇවිත් අමුත්තන් වාඩිවී සිටින තැන්වලට ගොස් වටයක් ගමන් ගත්තේ බ්‍රැස්ටියන් අල්මෙිදා සීටීද යන්න බැලීමටය. නමුත් ඔහු පෙනෙන්නට සිටියේ නැත. පසුව එලිමහනේ අසුන්වෙත ගමන් ගත්තෙමි.
එක මෙිසයක දෙදෙනෙකු වාඩිවී සිටි අතර
ඒ අසල මෙිසයන්වල තිදෙනෙකු වටපිටාව ගැන විපරමෙන් සිටියි. `` ජැක්පොට් මාධව ´´ මට ඉබෙිටම කයැවුනි.

ඇල්ෆා ෆෝ එන් ඇන්ඩ් ටූ පැකේජය ස්ථානගතවෙලා ඉන්නෙ. මට පේනවා.

*වන් ෆෝ අැල්ෆා රොජර් ඕවර්..

මානසිකත්වය හදාගෙන කිසිම පැකිලීමක් නැතුව ඉදිරියට ගමන් ගත්තෙමි. පැකේජය ලඟට ගොස් නතර වුනෙමි. අත්දෙක ඉදිරියට උදරයට පහලින් එක්කාසුකර , ඉතාමත් පහත්ව ආචාරශීලිව මා හඬ අවදි කෙරුවෙමි.

සුභ සන්ධ්‍යාවක් සර්.. සර් මොනවාහරි බොනවද. සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හෝ වෙනත් සැර යමක්..

බ්‍රැස්ටියන් - අ.. දැන්ම ඩ්‍රින්ක්ස් ගන්න බෑ. අපි මොනවාහරි සොෆ්ට් දෙයක් බොමු.

ඕකේ සර්.. එතකොට ඔය මහත්වරුන්ට..

බ්‍රැස්ටියන් - එයාලටත් ඒකම ගේන්න. මෙි.. මොකද ඔය මාස්ක් එකක් දාගෙන.

සර් .. මෙතන ඉන්න කට්ටිය වැඩියි. ඉතින් මෙතන ඉන්න සේරම නීරෝගි අය කියලා කියන්න බැහැනෙ. මම කැමති නැහැ මව සේවය සපයන අයට රෝග කාරකයෙක් වෙනවට.

බ්‍රැස්ටියන් - ආන්න… පේනවා නේද. නියම සේවකයෙක්. තමුසෙලත් ඉගෙන ගන්නවා වෙිටර් කෙනෙක්ගෙන් හරි කමක් නැහැ.

ඕකේ සර්.. මට විනාඩියක් දෙන්න. කියමින් මා නික්ම ගියේ ඉඳුරාම මුළුතැන්ගෙයි වෙතය. ක්ෂනිකවම පැණි බීම වීදුරු තුනක් ගෙන නිදිපෙති තුනක් වීදුරු තුනට දමා කලවම්කර , තවත් ලොකු වීදුරුවකට
බඩ බුරුල්වන පෙත්තක් දමා කලවම් කෙරුවෙමි. වටපිට බලා ඉක්මනින්ම එතනින් නික්ම ගියෙමි.

සර් මෙන්න සර්ගෙ සොෆ්ට් ඩ්‍රින්ක් එක. කියමින් ඔහු ලඟට ලොකු බීම එකයි , සර්වියට් තබා , අනිත් අයට ඉතුරු බීම වීදුරු තැබුවෙමි.

බ්‍රැස්ටියන් - ඕකේ තෑන්ක් යු.

යුඅර් වෙල්කම් සර්..

කියමින් මා එතනින් නික්ම ගොස් , සිව්දෙනාම බීම වීදුරු තුන හිස්කරන අයුරු බලා සිටියෙමි. මෙි උත්තේජක ක්‍රියාකාරි වීමට අඩහෝරාවක් ගතවුවද, ඇමති පානය කරන ලද වීදුරුව ක්‍රියාත්මක වීමට මිනිත්තු පහක කාලයක් ගතවෙයි. එසේනම් මා දැන් බාත්රූම් දෙසට යායුතුයි. වහාම බ්ලෙසර් එක හා මුඛවාඩම ගලවා කුණු බඳුනකට දමා පිරිමි බාත්රූම් අසල ගැවසුනෙමි. ගතවූයේ මිනිත්තු කීපයකි. ලහි ලහියේ සිව්දෙනාම මාදෙසට එන්නට විය. බාත්රූම් එකේ දොරකඩ ලග ශරීර ආරක්ෂකයින් තිදෙනා නවතින්නට විය.
ඇමති පමණක් ඇතුලට යන ලදි. මිනිත්තු දෙකකට පසු මාද බාත්රූම් දෙසට යනවිට තිදෙනාම දෙස බලා මද සිනහවක් පා දොර විවෘතකර ඇතුලට ගියෙමි. ඇතුලට ගිය පසු වැසිකිලි කුටීර අටක් එහිවිය. මාහට ඇමති ඉන්න කුටීරය සොයාගැනීමට අපහසුවිය. සේරම වසා තිබුණි. මා හැම දොරක් ලඟටම ගොස් ``ඇමතිතුමා.. ඇමතිතුමා ´´ යනුවෙන් හෙමින් මිමිනුවෙමි.

කුටිර අංක හතරෙන් ``මොකද අයිසෙ. හදිස්සිය. පොඩ්ඩක් ඉන්නවා ´´ යනුවෙන් නොසන්සුන්ව මුමුණන්ට විය. මා සාක්කුවට අත දමා ලේන්සුවද, බාගෙට නැමී සයිලන්සරය සහිත පිස්තෝලයද අතට ගෙන එහි තුඩට හතරට පහට නමනලද ලේන්සුව තබා දොරට බැරලය තබා `` චස් චස් චස් චස් ´´ හඬ නංවමින් උණ්ඩ හතරක් මුදාහැරියෙමි. ඉන් පසු දොරගුලට වෙඩිල්ලක් තබා , හෙමිහිට දොර ඇරලා බලනවිට කොමඩ්එක මතම වම් ඇලයට ඇමති වැටී සිටිනවිට හිසට තවත් උණ්ඩයක් තබා, නැවත දොර වසා , නැවත පහලට නැමී පිස්තෝලය දකුණු කකුලේ ඇති ලෙදර් කොපුවට තුල රඳවා. වෙිගයෙන් ඇවිත් නැවත සන්සුන්ව දොර විවෘතකර එළියට එනවිට තවමත් නොයිවසිල්ලෙන් ආරක්ෂකයින් තිදෙනා ඇස් පොඩිකරමින් පසුවන්නේය. මා හෙමිහිට එතනින් නික්ම ගොස් ප්‍රධාන
ගේට්ටුවෙන් එළියට ගොස් වෑන්රියට ගොඩවුනෙමි.

සුපුන් යමු යමු.. යනුවෙන් කෑගැසුවෙමි.

වෑන්රිය වෙිගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.

*සර් මොකද වැඩෙි දෙල් ද…?

නෑ නෑ කසුන් වැඩෙි හරි.. අපි යමුකො පළමුවෙන්ම පොට්එකට. මම සේරම කියන්නම්. අඩහෝරාවක පසු අප පිවිසුනේ
ටෙක්ස්ටයිල්ස් ගොඩනැගිල්ල වෙතය. සුපුරුදු පරිදිම වෑන්රිය ආරක්ෂක ස්ථානයේ ගාල්කර. අප ආයුධාගාරයට ගොස් අවිආයුධ ගබඩාකර ඉන්පසු ගමන් ගත්තේ සාකච්ඡා කාමරය වෙතය.

**සර් ඇත්තටම මොකද වුනේ…?

පළමුවෙන්ම වාඩිවෙලා ඉන්න මිත්‍රවරුනි.
හොඳයි මම ඔයාලට කියපු ප්ලෑන්එක
ප්‍රධාන සැළසුම නෙමෙි. ඒක ප්ලෑන් බී.

*ප්ලෑන් බී… ?

ඔව්.. කසුන්. ඔව් ප්ලෑන් බී. නමුත් ප්ලෑන් ඒ තිබ්බෙ මගෙ හිතේ.. කාලානුරූපව ඒක මට ක්‍රියාත්මක කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබුණා. ඉතින් මම ක්‍රියාත්මක වුනා.
ඇත්තටම කියනවා නම් ප්ලෑන් ඒ තමයි සීතල යුද්ධය. එහෙමත් නැත්නම් ලොකු ජීවිත හානි නොකර පැකේජයට පමණක්
පහරදීම. ඒ වගේම ඒක නිහඬ විය යුතුය.
එහෙම කරන්න බැරි වුනොත් තමයි ප්ලෑන් බී වන උණුසුම් යුද්ධයකට යායුත්තේ. ඉතින් වාසනාවකට වගේ මට සීතල යුද්ධයෙන් වැඩෙි පිරිමහ ගන්න පුළුවන් වුනා.

**සර් ඇත්තට මොකද කරේ.

මොනවද ඉතින් මෑන් ඩවුන්. මෑන් එක්ක හිටපු ශරීරආරක්ෂක තුන්දෙනාට නිදිපෙති දුන්නා. පැකේජ් එකට බඩවිරේක දුන්නා.
ලොක්කට මල තදවෙලා ටොයිලට් එකට ගියා. ආරක්ෂාවට හිටපු තුන්දෙනා සොර ළඟ හිටියා පැකේජ් එන එනකම්. මමත් ඉතින් සේරම බලාගෙන ඉඳලා ඇතුලට ගිහින් ඔලුවටම තියලා එළියට එනකොට බොඩිගාඩ්ලා තුන්දෙනාට ටික ටික නිදිමත හැදීගෙන එනවා. ඉතින් මම ඉක්මනට එළියට ඇවිත් වාහනයට නැග්ගා එච්චරයි.

*ඒ කියන්නේ ටාගට්එක විතරක් ඩවුන් කරා.

ඔව් … අපි බලාපොරොත්තු වුන විදිහටම.
මොකද වෙඩි නොවදින වාහන එක්ක අපිට ඔට්ටුවෙන්න ටික කාලයක් ගතවෙනවා. එතකොට උන්ට රාජ්‍ය අමතර බලයක් එන්න පුළුවන්.

**සර් කියන්නේ පොලීසිය.

ඔව් ප්‍රභු ආරක්ෂක පොලීසිය. එතකොට ගැටුම දුරදිග යනවා වැඩියි. අපිට ආපු වැඩෙි කරගන්න වෙන්නෙ නැහැ. නිකං අපි චෙක්වෙන එක විතරයි වෙන්නෙ අවසානයට. මොකද ජනතාව නියෝජනය කරන නායකයෙක් ඝාතනය කිරීම හෝ ඝාතනය කරන්න උත්සාහ කිරීම රාජ්‍ය විරෝධී වැඩක්. ඒ කියන්නේ දඬුවම මරණ දඬුවම. නැත්නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. ඒක මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ ඔය මහත්වරුන්ට.

*ඔය ජනවරම අරගෙන මොන කුප්ප වැඩෙි කරත් උන් ජන නායකයො නෙ. ඒ හන්දා උන්ට ගැලවුමක් තිබ්බට, අපි වගේ සමාජ ශෝදකයින්ට එහෙම ගැලවුමක් නැහැ නෙ.

ඒක තමයි මෙි රාජ්‍ය ප්‍රතිපත්තියේ තියෙන දුර්වලතා. වැඩෙි කියන්නේ ඒ වගෙ මජර දේශපාලුවන් යවන්නෙත් මෙි රටෙි ජනතාවමයි. තුන්වෙිලම කැඳ බිබී හොරුන්ට කඩෙි යන ජනතාවක් ඉන්න රටක් ලෝකය පවතින තුරාවට ඉදිරියට යන්නේ නැහැ. දවසින් දවස පරිහානියට යනවා මිසක. ලංකාවෙ ජාතික ක්‍රීඩාව අත්පන්දු නෙමෙි. හොරාකෑම. ඒකනෙ මෙි රටෙි මිනිස්සු හොරා කනවට කැමති. මහා පරිමාණ හොරුටික සේරම පාර්ලිමේන්තු යවලා, සංවර්ධිත රටක් බලාපොරොත්තු වන අරුමපුදුම මිනිස්සු ඉන්න රටක් මෙික.

*ඒකනම් සහතික ඇත්ත සර්. අධිකරණයත් පිළිගෙන තියනවා ඉන්න බහුතරය හොරු කියලා. නමුත් රටෙි මිනිස්සු ඒක පිලිගන්න කැමති නැහැ.
ඡන්දය දෙන්නෙම හොරුන්ටමයි.

හ්ම්ම්ම් … දැන් මෙලකට රෝමය ගිණිඅරගෙන ඇති. සාපරාධී ක්‍රියා කරන එවුන්ට නීතියෙන් දඬුවම් නැත්නම් අපිවත්
දඬුවම් කරන්න ඕන. එතකොට කියයි නේද ``නීතිය අතට ගන්න එපා´´ කියලා
උන්ගෙ සාක්කුවෙ තියෙන නීතිය තමයි අපි අතට ගන්නේ. රටෙි ආරක්ෂාවට , ඒකාග්‍රතාවයට හදපු නීතිය උන් සාක්කුවට දාගෙන ඩෙඟා නටවානම් , අපිට සිද්ධ වෙනවා ඒ දාගත්ත නීතිය අතට අරගෙන නැවත තිබුන තැනින් තියන්න. එහෙම සාක්කුවට අත දාලා ගන්න බැරිනම්. සාක්කුවේ අයිතිකාරයා මරලා හරි ඒක නිදහස් කරන්නම වෙනවා.

**ඒක ඇත්ත. මට තේරුම් ගන්න බෑ සර්ගෙ මනසේ දුවන දේවල්. කියන්නේ එකක්. කරන්නෙ තව එකක්.

එහෙම නැතුව බැහැ මහත්වරුනි.

*සර් එතකොට බ්‍රැස්ටියන්ව මැරුවෙ අපි කියලා උකුස්සා දැනගත යුතුයිද.. ?

නැහැ… ඒක අපි වසං කරන්න ඕන. මොකද දැන් ම ඒකෙ වගකීම අපි බාරගන්න උච්ත නැහැ. මිෂන්එක ඉවරවුනාට පස්සේ කියමු. මාස්ක් එක දාගෙන හිටපු හන්දා අවට තිබුන කැමරා වලින් ලොකු දෙයක් උන්ට ගන්න අමාරුයි.
අනික අපි හැමවෙලේම වෙස්වලාගෙන යන එකේ පරම වාසිය ඒකයි. කොහොමත්
එයාලා දන්නවා අපි තමයි කරේ කියලා.
නමුත් අපි ඒක කියන්න යන්නේ නැහැ.
දැන් තමයි මහේෂ්ට අසූහාරදාහට නගින්නෙ. ඌ අපිව හොයාගන්න කලින්
ඌටත් ගහලා ඉවරයක් කරන්න ඕන. නැත්නම් මෙික පට්ට ඇණයක් වෙනවා අපට.

හරි… එහෙනම් අපි මෙතනින් විසිර යමු.
යන්න. දැන් ගිහින් විවෙික ගන්න

*හොඳයි සර් සුභ රාශියක්.
**සුභ රාත්‍රියක්

සුභ රාත්‍රියක් මිත්‍රවරුනි.

මතු සම්බන්ධයි…..



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now