⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 44 වන දිගහැරුම ⸎

``Proximity Sensitivity - ආසන්නතා සංවේදීතාවය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හොඳයි… තමුසෙ පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්නවා. වැඩිය කොහෙවත් කරක් ගහන්න යන්න එපා.. තේරුනාද…?

***ඔව් බොසා….

හ්ම්ම්… හොදයි….
දුරකථනය විසන්ධි කර.. ඉදිරි සැළසුම් ගැන කල්පනා කරන්නට විමි..


මෙතැන් සිට……

සැබැවින්ම මොවුන් මෙතරම් ආරක්ෂාකාරි වුවද , කුමක් නමුත් දුර්වලතාවයක් තිබිය යුතුමයි.
එසේනම් එය කුමක් විය යුතුද..?

එසැණින් දුරකථන ඇමතුමක් ලබාගත්තේ මිල්ටන් වෙතය.

*හෙලෝ… කවුද මෙි….?

සමන්ත…

*විජයන්ත කිව්වෙ… අර බෙන්ස් එක ගෙනාපු මහත්තයා නේද…? ඒකෙ ඩීසල් පොම්පය සුද්ද කරන්න වෙලා තියෙන්නෙ. ටිකක් වෙලා යයි මහත්තයා..

හා… එහෙමද… මම කීයට විතරද කතා කරන්න ඔීන…? මම තව ටිකක් කොල්ලො දම්මලා චෙක් කරලා කෝල් එකක් දෙන්නද මහත්තයා…

හොඳයි ….. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි. වචනකුදු කතා කිරීමට නොදී තමන්ගෙ මාතෘකාව වෙනස්කර කතා කරන්නට වූයේ බොහෝදුරට පංචිකාවත්තෙහි පිහිටි වැඩපලෙහි ඉන්නවා වෙන්නට පුළුවන. හ්ම්ම්… හොඳයි ….

හෝරාවකට පසු… දුරකථනය නාද විය.

හෙලෝ…

*හෙලෝ සමන්ත…

ඔව්… කියන්න….

*මොකක්ද මගෙන් දැනගන්න ඔීන. ඒ වෙලාවෙ ඇන්ටනී මම ලඟ හිටියේ…

ඕහ්හ්හ්…. එහෙමද….? මට දැනගන්න ඔීන ඔය මහඑකා ඉන්න තැන මෝරු ඉන්න තටාකයක් තියනවද කියලා…

*ඔව්… ඇන්ටනී කියපු විදිහට එහෙම තමයි. මොකද අපි දෙන්නා එකම එක පාරක් එතනට ගිහින් තියනවා. ඒ තටාකය මීටර් සීයක් විතර දිග පළල ඇති කියලා තමයි මට කිව්වෙ. නමුත් මම දැක්කෙ නෑ ඒක.

ෂුවර්… ද…?

*ඔව් … මට ෂුවර්… අපි එකපාරකට වඩා ගිහින් නෑ හැබැයි. ඒත් වගතුග ඇත්ත. අපිට ඉතින් කොහෙද කියලා අහන්නත් බැහැ නෙ. මොකද ඇස් වහලා තමයි
අරගෙන ගියේ…

ඇස් වහලා අරගෙන තියෙන්නෙ ….?

*ඔව්…

එතකොට ඇස්දෙක වහලා අරගෙන ගියේ තියෙන්නෙ රෑද , දවල්ද…?

*දවල් …..

හ්ම්ම්…… එතකොට කොච්චර වෙලාවක් විතර ඇස්දෙක වහලා දාලා හිටියද….?

*පැය එකහමාරක් විතර….

කොතන ඉඳන්ද.. ඇස් වහලා දාලා, දාගෙන ගියේ ….?

*කොහුවල ඉඳලා….

එතකොට ඒ යන අතරමගදි ඇහුන ශබ්ද මතකයි ද…?

*ඔව් මට සාමාන්‍යයෙන් මතකයි..

හරි හරි…. ඒ අහුන ශබ්ද ටික කොලයක ලියලා සේපාලිකා මැඩම්ට දෙන්න පුළුවන් ද..?

*පුළුවන් …

හරි… පුළුවන් තරම් ඉක්මනට ඒක මට ලැබෙන්න ඔීන.. කියමින් දුරකථනය විසන්ධි කෙරුවෙමි.

`` ජැක්පොට් මාධව ´´ සුපුරුදු පරිදි මා මටම කියා ගත්තෙමි. ඔය පෑදෙන්නෙ පොටක්… සම්බාවිතාවය වැඩ කරලා වගෙයි. මාධව හෙට ප්‍රායෝගික පරීක්ෂණයක් තියනවා.

හ්ම්ම්… හෙට ලෑස්ති වෙමු..

පසුදින……

*හෙලෝ ගුඩ් මෝර්නින් සර්…

ගුඩ් මෝර්නින් කසුන්… මම දැන් ඔෆීස් එකේ ඉන්නෙ. නියෝජිත J50 එක්ක දැන්ම මාව හමුවන්න…

*හොඳයි සර්….

**ගුඩ් මෝර්නින් සර්….

ආයුබෝවන් දෙන්නටම.. කරුණාකරල වාඩිවෙන්න…

*ස්තුතියි සර්…

නියෝජිත ජනිත්… ?

**සර්… ?

වාහනය තියනවා නේද… ?

**සර්… වෑන් එකද…?

ඔව්…

** තියනවා සර්…

නියමයි…. මට තියනවා අභ්‍යාසයක් කරන්න.

*අභ්‍යාසයක්…..?

ඔව්… ඇත්තටම කියනවා නම් මම මෙික ඊශ්‍රායලයට ගිය වෙලාවෙ ඉගෙන ගත්තා.
නමුත් දැන් ඒක ප්‍රායෝගිකව කරන්න වෙලා තියනවා. කෙටියෙන්ම කියනවා නම්, මට ඒක දැන් ප්‍රගුණ කරන්න ඔීන.

**දැන් ….?

ඔව් නියෝජිත ජනිත්… දැන් ම.

*මොකක්ද සර් ඒ අභ්‍යාසය …?

`` Proximity Sensitivity ´´ ආසන්නතා සංවේදීතාවය… මතකයිද මම දවසක් කිව්වා. මෙි අභ්‍යාසය ප්‍රගුණ කරන්න වෙයි කියලා. මම හිතන්නේ මම එහෙම කියලා මාස දෙකකට වැඩියි.

*ඔව් සර්… මට මතකයි…

**මටත් මතකයි සර්…

බොහොම හොඳයි… දැන් ඒකට වෙලාව ඇවිත්…. ගන්න වාහනේ එලියට. අපි දැන්ම ඒක කරන්න ඔීන. ඒකට ඔීන කළු රෙදි කඩයි , කඩදාසියයි , පෑනයි මෙන්න ගත්තා.

**යමු එහෙනම්…

යමු යමු….. අපි යමුකො කොහුවල හංදියට.

*කොහුවල හංදියට…? ඊයෙත් ගියා නේද..?

ඔව්… ඊයෙත් ගියා. ඒක තමයි මගෙ තියෙන විශේෂත්වය කසුන්…
ඔයාලා ඉගෙනගන්නම ඔීන දේත් ඒකම තමයි. උන් ගිය පාර. ඒ වගේම අපිට මගහැරුන තැන කොතනද , ඉන් ඉදිරියට යන්න ඔීන සලකුණු පදනම් කරගෙන.
එහෙම සලකුණු නැත්නම් අපරාධ විමර්ශකයෙකුට තියෙන එකම පිහිට තමයි හෝඩුවාවන්. සලකුණු කාලයාගේ ඇවෑමෙන් හෝ පාරිසරික හේතූන් මත වියැකී යන්න තියෙන ඉඩකඩ වැඩි වුනාට, හෝහෝඩුවාවන් එහෙම වියැකී යන්නෙ නැහැ. නමුත් හෝඩුවාවන් වල තියෙන් මූලික ගති ලක්ෂණය මොකක්ද..?

*සැඟවී තිබීම…

හරියටම හරි… සැඟවී තිබීම තමයි. එහෙනම් ඒවා ඉස්මතු කරගැනීම තමයි අපරාධ විමර්ශකයෙකු සතු කාර්ය වන්නේ. ඊට පස්සේ තමයි බුද්ධියෙන් විශ්ලේෂණය කරලා. පෙර කතාව හෝ පසු කතාව නිර්මාණය කරගන්න ඔීන. ඒක සීයය⁣ට සීයයක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් යම්කිසි තරමක හෝ ප්‍රමාණවත් විය යුතුය. එහෙනම් මහත්වරුනි මම ඊයේ ඔය දෙන්නා එක්ක ගියේ විනෝද චාරිකාවක් නෙමෙි හෝඩුවාවන් හොයා ගිය උපක්‍රමශීලී ගමනක් කියලා තේරුම්යන්න ඇති. වැඩිදුර කල්පනා කරලා බලන්න එතකොට තේරෙයි අපි මොකක්ද කරෙ කියලා.

පලමුව ජොනියත් එක්ක දුරකථනයෙන් කතා කරපු වෙලාවෙ මෑන්ගෙ කතාවට සවන්දෙන අතරෙ පසුබිම් ශබ්දයට මම සියුම්ව සවන් දුන්නා. එතනදී තමයි මම වටහා ගත්තෙ මෑන් ඉන්නෙ සත්තු වත්තක කියලා. මොකද මෑන්ව හොයන්න අපේ ස්පයිඩර්ස්ලා දානවා කියන එක එතරම්ම හොඳ තීරණයක් නෙමෙි. මොකද අපිට ජොනි කියන්නේ එතරම්ම වැදගත් චරිතයක් නෙමෙි අපේ වැඩකටයුතුත් එක්ක සංසන්දනය කරපුවාම. ජොනියව වැදගත් වන්නේ අපට අඅවස්ථානුකූලව විතරයි. ඒ අවස්ථාව තමයි දැන් ඔය කරගෙන යන්නෙ. මොහොතකට හිතලා බලන්න හැමදාම හවසට අපට පුළුවන්ද සිප්පියා හමුවෙන්න. පුළුවන්… ඒත් මේ වෘත්තීයේ ඒක අවධානම්. මතක තියාගන්න හැමවේලේම අපි ෂැඩෝව්ස්ලා
⁣( සෙවණැලි ) කියන එක. අපිට කියෙන වැඩ සංකීර්ණයි. ඒ හන්දා තමයි මම සරළ ක්‍රමයක් අනුගමනය කරලා , තමන්ගෙ අනුමානය නිවැරදිව
ප්‍රයෝජනයට අරගෙන. හරියටම ඉලක්කයටම තමන්ගෙ හීය විද්දේ…
ඒක සාර්ථක වුනා. ඒ හන්දා නෙ ජොනිව අතේම මාට්ටු වුනේ. ඔය මහත්වරුන් නොදන්නවා ඇති. ඇත්තටම මම ජොනියව මීට කලින් දැකලා නැහැ කියන්න.

*මොකක් දැකලා නැහැ ….? එතකොට මෑන්ව හරියටම පොයින්ට් කරලා කිව්වෙ කොහොමද සර්… ?

හහ් හහ් හා…. හරිම සරළයි. මගෙ ෆෝන් එක අරගෙන මම මැසේජ් එකක් දැම්මා නිල්පාට ටීෂර්ට් එකයි , නිල්පාට ඩෙනිමයි ඇඳලා ඉන්නෙ මම. දැනට සත්තු වත්තේ ඉන්නෙ කියලා.

**හෑහ්… එහෙම ඇඳගෙන හිටියෙ මමනෙ…

ඔව් නියෝජිත ජනිත්… නමුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නෙ. මොකද අපි අපේ සැබෑ ස්වරූපයෙන් කොහෙවත් කරක් ගහන්නෙ නැහැ නෙ.

*ඒ කියන්නේ අපි මෑන්ව හෙව්වෙ නැහැ.

කොහොමටවත් නැහැ කසුන්… මෑන් තමයි අපිව හොයාගෙන ආවෙ. ඒකනෙ මම ඊයේ කිව්වෙි `` කෙල්ලොන්ටත් පුළුවන් කොල්ලො පස්සෙ යන්න. ඒක දුර්ලභ වුනාට අසම්මතවාදී නැහැ ´´ කියලා..

ඉතින් මට ඔීනවුනා මෑන්ව කෙලින්ම අපේ අනියම් ඔත්තුකරුවෙකු විදිහට තියාගන්න. ඉතින් මම නිරායාසයෙන්ම ඒකට මෑනිව පොළඹවා ගත්තා. මොකද මෙි ඔත්තු බලන්නෙ සාමාන්‍ය එවුන් ගැන නෙමෙි. උන් ගැන හොයන එවුන් ගැන උන් විශේෂ අවදානයකින් ඉන්නෙ. ඒකයි අපි හැමවෙලේම එලියට යනකොට වෙිෂය මාරුකරගෙන යන්නේ. ඒක තමයි අපේ තියරිය. වෙිෂය කියන්නේ අපරාධ විමර්ශකයෙකුට තියෙන අවිහිංසක ආයුධයක් වගේම හොඳම ආවරණයක්.
ඉතින් මොනවාහරි ප්‍රශ්නයක් වුනොත් මාට්ටු වෙන්නෙ ජොනි මිසක අපි නෙමෙි.

**එතකොට …..

එතකොට ඇයි සයිවර් කඩෙිට ගියේ. වෙන කඩවල් නැද්ද කන්න යන්න …? ඒක නේද මගෙන් අහන්න ගිය ප්‍රශ්නය නියෝජිත ජනිත්… ?

**ඔව් සර්……..

දෙහිවල සත්වෝද්‍යානයට ඔීන තරම් විදේශිකයො එනවා නේද…?

**ඔව්….

හොඳයි… එතනින් බහුතරය සුදු ජාතිකයින් .. කළු ජාතිකයින් අඩුයි ඇයි ඒ… ?

*කළු ජාතිකයින් වැඩිපුර ඉන්නේ අප්‍රිකන් රටවල…

එතකොට අප්‍රිකානු රටවල මොනවද තියෙන පාරසරික වශයෙන් වැදගත් දේවල් ….?

**වනන්තර ….

හරියටම හරි නියෝජිත ජනිත්…
වැසි වනන්තර, හරිත වනන්තර , අර්ධ ශුෂ්ක වගේම , අඳුරු වනන්තරත් තියෙන එකම මහද්වීපයට තමයි අප්‍රිකාව.

*එතකොට සර් වනන්තර වලයි, මෙතනයි තියෙන සම්බන්ධය මොකක්ද..?

තියනවා කසුන්… තියනවා. ඒක හරිම විරල කාරණයක්. හිතලා බලන්න මහත්වරුනි. අප්‍රිකන් රටක ජීවත්වුන, හෝ තමන්ගෙ නිජබිම වෙච්ච රටෙි ඔීන තරම් වන සත්තු දැකලා තියෙන ඒ කළු ජාතිකයින් මෙි වගේ සත්තු වත්තක නේවාසිකව ඉන්න සත්තු බලන්න එනවා කියන්නේ තනිකරම විහිළුවක් නේද…?

**ඔව්… සර් ඉතින්… ?

ඒ කියන්නේ මෙච්චර විදේශීකයන් අතරෙ කළු ජාතිකයන් මෙතනට එන්නෙ නැහැ.
ඒක සමහරවිට ඔය මහත්වරුන් දකින්නට ඇති ඊයේ සත්තු වත්ත හරියට නිරීක්ෂණය කරානම්. මොකද මම බැලුවෙ සත්තු දිහා නම් නෙමෙි. මිනිස්සු දිහා. සුදු ජාතිකයින් වගේම , ආසියානු සුදු ජාතිකයින් ඒ කියන්නේ කොරියන් , ජපන් , චීන , තායිවාන් , තායිලන්තය වගේ රටවල පැහැයෙන් සුදු අය විතරයි.
කළු ජාතිකයින් මම දැක්කෙම නැහැ.

ඉතින් කළු ජාතිකයින් මෙි ඉසව්වෙ නැත්නම් , එහෙම ඉඳලා සත්තු බලන්න එන්නේ නැත්නම්, වෙන මොකටද එහෙම එනවා නම් එන්න ඔීන.

*සයිවර් කඩවලට….

හරියටම හරි… කසුන්… මම මතකයිද මීට කලින් කිව්වා ``විවිධ රටවල සාහිත්‍ය කතා කියවලා බලන්න විවේක කාල වලදී´´ කියලා මම දෙයක් කියන්නේ හුඟක් දුර අනාගතය ගැන හිතලා. ඒක ඇතැමිවිට අනාවැකියක් වෙන්නත් පුළුවන් . සිද්ධි ආවරණ වදනක් හෝ අනතුරු ඇඟවීමේ වදනක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොන ශෛලයට ආවෙිණික වචනයක් මම මගේ කටින් පිට කලත්, කමන්ගේත් , තම පිරිසේත් ගැලවුම තකා සැළසුම් කරලා තමයි එවැනි වදන් එලියට දාන්නෙ. ඒ හන්දා මාත් එක්ක අපායට යන්න වුනත් ඔය මහත්වරුන් කවදාවත් පැකිලෙන්න එපා.

*ඔව් සර්….ඒක අපි දන්නවා. ඒකනෙ සර් එක්ක අපි රාජකාරීමය කෙසේ වෙතත් ස්වෙච්ඡාවෙන් ඔීනම ගේමකට යන්නේ.

**මමනම් ඉතින් ආතල් එකට තමයි යන්නේ…

හ්ම්ම්… ඒක මම දන්නවා. කරණු කොහොම වුවත් , සාමාන්‍යයෙන් කළු ජාතිකයින් වැඩිපුර කැමති යුරෝපානු, කෑම කන්න නෙමෙි, දකුණු ආසියානු කෑම වලට. ඒ කියන්නේ ඉන්දියන් , ලංකන් වගේ රටවල කෑම වලට. ඉන්දියන් කෑම අතරින් දකුණු ඉන්දියන් කෑම. එහෙමත් නැත්නම් දෙමළ ජනවර්ග පිසින කෑම වලට. ඒ කියන්නේ තෝසේ , ඉටිලි වගේ එකී මෙකී නොකී කෑම වලට.

**ඔව්… සර්…

දැන් තමයි පොයින්ට් එකට මම එන්නෙ.
මතකයිද පෙර දවසක මිල්ටන් එක්ක ගම්පහ මල්වත්ත ඇතුලෙ වුන කතා බහේදී කිව්වා. මහ උන්ගෙ ආරක්ෂාවට
ඉන්නෙ අප්‍රිකන් කමාන්ඩෝ පුහුණුව ලබපු කළු ජාතික එවුන් කියලා. එතනදී කමාන්ඩෝ කියන වචනයට වඩා වැදගත් වචනය තමයි අප්‍රිකන් කළු ජාතිකයින් කියන දේ… ඔයාලා දන්නවද කළුතර පහුවෙලත් කිලෝමීටර් කුනක් යනකම් කිසිම සයිවර් කඩයක් හොයාගන්න නැහැ
දෙහිවලින් එහා ඉඳලා. මගෙ අනුමානය හරිනම් සතියකට වතාවක් හෝ දෙවතාවක් ඔය කළු ජාතිකයින් කිහිප දෙනෙක් මෙි අවට තියෙන සයිවර් කඩ වලට එන්න ඔීන නැවුම් දමිළ කෑමක රසය විඳගන්න. ඒ වගේම ඒ සයිවර් කඩ අතුරින් අපි ගිය කඩෙි තමයි ඒ අයට සුදුසුම කඩෙි වෙන්නෙ. මොකද ඒ කඩෙිට විතරයි උඩුමහලක් තියෙන්නෙ.

සාමාන්‍යයෙන් විදේශීකයන් යට මහලකට වඩා උඩු මහලවල් වලට රුචිකත්වයක් දක්වනවා.. ඒ හන්දා තමයි මම මෙි සයිවර් කඩෙිට ගිහින් වපසරිය හොඳට අධ්‍යනය කරේ. තෝසෙ මගෙ උගුර හරහා බඩට ගියාට , මගෙ ඇස්දෙකට කිඳාබැස්සෙ අවට පරිසරයයි. ඒක තමයි ඇත්ත.

*එතකොට මෙි සේරම ප්ලෑන්ද…?

ඔව් මහත්වරුනි …. මෙි සේරම ප්ලෑන්.
අපි ඉන්නෙ ප්ලෑන්එක ඇතුලෙ. නිදාගන්න ටිකට විතරයි මෙිකෙන් මිදිලා ඉන්න පුළුවන්. ඒත් හදිසියේම ඇහැරුනොත් ස්වංක්‍රීයව ප්ලෑන් එකට සම්බන්ධ වෙනවා ඊලඟ තත්පරයේ සිට. මෙි මිෂන් එකම ප්ලෑන් එකක්. ඔය මහත්වරුන් හිතනවද මිහිරාණිගෙ මරණය තමයි මෙි සේරටම මුල කියලා…? නැහැ. ඒක නිකං හරියට
``පනින රිලවුන්ට ඉණිමං බැන්දා වගේ ´´ වැඩක් විතරයි. එච්චරයි…

*මෙච්චර දැවැන්ත ප්ලෑන් එකක්…?

ඔව්…. ඒක තමයි මම කලින් කිව්වෙ.
මෙතන තියෙන්නෙ හොයන ප්ලෑන් එකයි , මර්දන ප්ලෑන් එකයි , එකතුව ප්ලෑන් දෙකයි.. අනිත් ප්ලෑන් මතුපිට පේන බෝට්ටු වගේ. ඒවා ඈත්කරන තුරු මෙි ප්‍රධාන පියවර දෙක , නැත්නම් ප්ලෑන් දෙක පේනවා බොරු.

**හපොයි දෙවියනේ…. සර්ගෙ මොළය මොන ක්‍රම වලට වැඩ කරන්නේ. මමටනම් හිතාගන්න අමාරුයි.

හහ් හහ් හා… මතක තියාගන්න. මම විද්‍යාඥ්ඥයෙක් ගෙ පුතෙක් කියලා.
හොඳයි ඔය කොහුවල හංදියේ අයිනක නවත්වන්න නියෝජිත ජනිත්… අපි වැඩ පටන් ගමු. කසුන්…

*සර්…

මෙි කළුපාට රෙදි පටියෙන් මගෙ ඇස්දෙක ගැටගහන්න….

*හොඳයි සර්….

හරි … දැන් මට මොකුත්ම පේන්නෙ නැහැ. ඔය සීට් එකෙ තියෙන කඩදාසියේ මම කියන දේවල් ටික ලියාගෙන යන්න.

නියෝජිත ජනිත්…

**සර්…

දැන් වෙලාව කීයද….?

**අට හමාරයි සර්…

බොහොම හොඳයි… අපි හරියටම දහයට
වාහනය නවත්වන්න ඔීන…
හරි… අපි ගමන පටන්ගමු … ඔතනින් ගාලු පාරට දාලා, සාමාන්‍ය වේගයෙන් යමු.
වාහනය මාර්ග සංඥ්ඤා වලට අනුකූලව නැවත්වනවා මිසක කිසිම හේතුවකට දහය වෙනකම් නවත්වන්න එපා.

**ok sir…

කසුන් ලෑස්තියි ද මම කියනදේ ලියන්න.

*ඔව් සර්…

වෙරිගුඩ්….
මිනිත්තු කීපයකට පසු….
පිරිත් හඬ …
මිනිත්තු කීපයකට පසු….
යන්තමින් ඝණ්ඨාර හඬක් ඇහෙනවා..
තවත් මිනිත්තු කීපයකට පසු….
විසිල් හඬක් ඇහෙනවා.. නියෝජිත ජනිත්… වාහනය නැවැත්තුවා නේද..?

**ඔව් සර්…

හොඳයි …. ඔහොම යමු…
වම්පසින් ලොකු ඝෝෂාවක් ඇහෙනවා. ළමයි කෑගහන හඬ…. කසුන්… ලියනවා නේද..?

*ඔව් සර්…

වෙරිගුඩ්…

මිනිත්තු කීපයකට පසු….

ආයෙත් වාහනය නැවැත්තුවා නේද…?

**ඔව් සර්….

හරි… වැඩිපුර පිටුපසින් විවිධාකාර හෝන් හඬ එනවා..

*හරි සර්….

දකුණු පසින් කෝච්චියක් යන ශබ්දය ….

කසුන්… වෙලාව කීයද…?

*නමයයි විසිපහයි සර්…

හොඳයි…. නියෝජිත ජනිත් දිගටම කරගෙන යන්න…

**හොඳයි සර්….

වමෙන් සහ දකුනෙන් විවිධ ශබ්ද ඇහෙනවිට මාගේ ඇස් දෙකට දෙපැත්තට
චලනය වෙමින් එම ශබ්දයන්ට සංවේදී වන්නට විය.

තවත් මිනිත්තු කීපයකට පසු….

ලියාගන්න කසුන්… වම්පස වාහන දෙකක් අසාමාන්‍ය විදිහට රේස් කරනවා..

මිනිත්තු කීපයකට පසු….

ආයෙත් විසිල් හඬක් ඇහෙනවා…

*හරි… සර්…

දැන් වෙලාව කීයද…?

*නමයයි පනහයි සර්….

හොඳයි….

මෙි හරියෙ බොහොම හෙමින් යන්නෙ..
වම් පසින් පිරිත් හඬ ඇහෙනවා….
කරුණු දෙකම ලියාගන්න …

*හරි සර්…

නියෝජිත ජනිත් විසින් වෑන්රිය එකවරම නවත්වන ලදි…

**සර්… වෙලාව ඉවරයි…

හොඳයි … කසුන් මගෙ ඇස්දෙක ලිහන්න.
හරි … බොහොම ස්තුතියි. අපි යමු ආපසු.

කිලෝමීටර් පහක් පමණ ආපසු ගෙවාගෙන යන තුරදි වෑන් රථය අසල ආහාර කඩයක නවත්වන මෙන් දැනුම් ⁣දුන්නෙමි.

අපි මොනවාහරි සප්පායම් වෙන ගමන් කතා කරමු.
*සර්… ඊලගට මොකද කරන්නේ …?

ඊලඟට ඔයා ඔය ලියපු සටහනයි. මිල්ටන් එහාට ගිය සටහනයි එකට සංසන්දනය කරලා බලනවා අපි.

**ඒ කියන්නේ මෑන් ගිහිල්ලා තියනවා එතනට…?

ඔව් හැබැයි ඇස්දෙක වහලා. හරියට මම දැන් ගියා වගේ. ඒ කියන්නේ මට මිල්ටන් දඹරේරා කියලා උපමා කරලා බලන්න. එතකොට තේරෙයි මම මොකක්ද කරේ කියලා. එතකොට ඔයාලට මෙහෙම තර්කයක් දාන්න පුළුවන්. ``ඉතින් මිල්ටන්ට ඇහුන ශබ්ද අඩංගු කොලය අනුව සංසන්දනය කරලා අපිට මේ පාරෙ යන්න පුළුවන් නෙ´´ කියලා. ඒක ඇත්ත. නමුත් මෙතනදී වාහන තුන යන්නේ ස්ථාන තුනකට නම් මොකද වෙන්නෙ අපිට…?

*අපි තනිකරම මුලා වෙනවා සර්…

අන්න හරි… ඒක තමයි අපිට වෙන්නෙ..
අපිට හරියටම ස්ථිර කරගැනීමක් ඔීන වෙනවා. ඒකයි ඒ අද්දැකීම මමත් ප්‍රායෝගිකව විඳලා බැලුවෙ දැන්. නිනමට හිතලා බලන්න මිල්ටන්ගෙ සටහනේ විස්තරයි මගේ සටහනේ විස්තරයි එකට ගැලපුනේ නැත්නම්.

**ඒ කියන්නේ පාරවල් දෙකක්…

ඔව් නියෝජිත ජනිත්.. තර්කානුකූලව ඇත්ත. එතකොට මොකද කරන්නේ.

**ඇත්තටම අපි මොකද කරන්නේ එතකොට…

ඒක තමයි මම තව ප්ලෑන් දෙකක් ගහලා තියෙන්නෙ. එකක් ඔය මහත්වරුන් දැනටම දන්නවා. කුලී ඔත්තුකරුවන් වන හිඟන්නන් යොදාගෙන සනාථ කරගැනීම.

*එතකොට අනිත් ප්ලෑන් එක… ( තම ඇස්දෙක ලොකු කරමින් මා දෙස හැරී )

අන්න එතකොට මම ඊයේ කියපු ඉඟිය මෙතනට එනවා මහත්වරුනි …
මතකයි ද මම කිව්වා `` සාමාන්‍යයෙන් මිරිදියට වඩා කරදිය තද අව්වට වාෂ්පීකරණය වෙනවා වැඩියි´´ කියන කතාව. අන්න ඒක තමයි ඊලඟ ප්ලෑන් එෆ් වෙන්නෙ..

**ඒ කොහොමද….?

*සර්… උන්ගෙ එක වත්තක තියෙන මෝරු ඉන්න කරදිය තටාකය ඉලක්ක කරා නේද…?

විශිෂ්ඨයි යාළුවා… මම කියපු ඉඟිය ගැන කල්පනා කරලා තියනවා. ඒක තමයි.
සාමාන්‍යයෙන් මුහුදු වතුර නැත්නම් කරදිය ඉක්මනට වාෂ්පීකරණය වෙනවා.
ඒ කියන්නේ සතියකට සැරයක් ඒ තටාකයේ පැවැත්ම ඉදිරියට ගෙන යන්න නම් ඒකට සතියකට සැරයක් බවුෂර් මගින් වාර කීපයක් මුහුදු වතුර අරගෙන යන්න ඔීන. එම අඩුව පුරවන්න නම්. මොකද මිල්ටන් කියන විදිහට නම් ඒක මීටර් සියයක් විතර දිග පලල්.

**ඒ කියන්නේ ප්ලෑන් තුනක් විවිධ පැතිකඩ ඔස්සේ අතයටින් ක්‍රියාත්මක වීමට නියමිතයි…

ඔව් නියෝජිත ජනිත්… දැනට එකක් ක්‍රියාත්මකයි. දෙකක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. එකක් තමයි මෙි අතේ තියෙන කොලය. අනික තමයි කරදිය ඇතුලට ගෙනියන මුවාවෙන් මාත් බවුෂර් රියදුරෙක් හෝ සහයකයෙක් වෙන එක.

*මගෙ අම්මෝ … සර්… ඇයි මෙච්චර සූක්ෂම වුනේ මෙි මිෂන් එකට…?

මම කිව්වා නේද කලින් දවසක
`` කපටියෙක් අල්ලගන්න නම් , අල්ලන එකා ඊට වඩා කපටි විය යුතුයි ´´ කියලා.
නිකමට හිතන්න මෙි වගේ අපරාධ ජාලයක් හසුරවන මහමොළකරුවා අල්ලන්න පොඩි පොඩි මොන්ටිසූරි ගේම් සැළසුම් කරලා වැඩක් නැහැ. එහෙම කරලා බඩු මාට්ටු වුනොත් මිනීමෝරු පිහිට තමයි ඉතින්. විශ්වාස කරන්න ඔය කියන පොට් එක කිට්ටුව සාමාන්‍ය වැසියන් ඉන්න විදිහක් නෑ. ඒකය මෙච්චර කල් උන්ව අල්ගන්න හරි හැරි ඔත්තුකරුවන් යොදවන්න බැරුව ගියේ.
අපි එහෙම වෙලා තවත් අසාර්ථක කණ්ඩායමක් වෙන්න අවශ්‍ය නැහැ. මොනවා වුනත් , මම අපේ එකෙක් වත් මෝරුන්ට කන්න සලස්වන්නේ නැහැ.
ඒකයි බාහිර පාර්ෂවයන් කුලියට අරගත්තේ.

බැරිම වුනොත්. කෙල්ල කොල්ලගෙ පස්සෙන් යන න්‍යාය මට ක්‍රියාත්මක කරන්න වෙනවා.

*ඒ කියන්නේ ඒකටත් තව අමතර ප්ලෑන් එකක් තියනවද…?

හහ් හහ් හා…. ඔව්. මහත්වරුනි. ඒක කරන්නේ කරන්නම දෙයක් නැති වුනොත්. සමහරවිට මෙික මගේ අවසන් මිෂන් එක වෙන්නත් පුළුවන්..

**ඒ කිව්වෙ සර්…

ඒ කියන්නේ. මට උන්ව මරාගෙන මරෙන්නත් වෙයි.

*මොකක් …. එතකොට… ?

එතකොට ඉතින් මගෙ පුරප්පාඩුව පුරවන්න වෙන සීඅයි කෙනෙක් එයි. මට නිදාගන්න අඩි හයක වලකුයි , පෙට්ටියට සිංහ නොඩියකුයි ලැබෙයි. එච්චරයි ….

**සර් හිතනවද අපි එච්චර දුර යන්න දෙයි කියලා…

සාජන්ට් ජනිත්… නැත්නම් නියෝජිත ජනිත්… අපි සදාකාලිකව ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙියි. කවදාහරි , කොතනදි හරි අපි මෙි සේරම දාලා , කරපු හොඳ නරකවල ප්‍රතිඵල විඳින්න යන්නම වෙනවා. ඒක තමයි ඇත්ත… දුක් වෙන්න එපා මහත්වරුනි. අපි දැන් යමු මෙතනින්.


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now