⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 50 වන දිගහැරුම ⸎

`` සැඟවුණු අමුත්තා ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~-----~

ඔව් නියෝජිත ජනිත්…. මම ඒක වෙලාව ආපුවහම කියන්නම්…. තවම මෙි දවස්වල අපි කරපු දේවල් එක්ක උණුසුම වැඩියි. ටිකක් සීතල වෙන්න වෙන්න ඔීන.
වගේම, රවින්ද්‍ර CID භාරයෙන් එලියට එන්න එපැයි. එතකම් අපි ටිකක් විවෙික ගමු …

මෙතැන්සිට …..

අප සතියක් පමණ නිසොල්මනේ ගත කෙරුවෙමු …

ඉරිදා හවස් යාමය…

*සර්…රෝමය දැන්නම් නිවිලා ඇති නේද.

ඔව්… ටිකක් විතර… හැබැයි බොහොම පොඩ්ඩයි නිවිලා තියෙන්නෙ. අපිත් පාඩුවෙ ඉන්නෙ රවින්ද්‍ර ලොක්කා එලියට එනකම්.. ඊට පස්සේ බලමු…

**අපි කොහොමද ඒක දැනගන්නෙ…
අපේ ස්පයිඩර්ස්ලා ටිකත් අපි ඇතුලට ගත්තා නෙ.

හ්ම්ම්… ඒ තොරතුරු වෙලාවට අපිට එයි.
සේපාලිකා මැඩම් ඒ ගැන බලාගනියි.
ඊට පස්සේ මම කියන්නම් සැළසුම ක්‍රියාත්මක කරන ආකාරය. එතකම් මහත්වරුනි අපි ෆාම්හවුස් එක ඇතුලට යමු නේද…?

*ෆාම්හවුස් එක ඇතුලට….

ඔව්… ෆාම්හවුස් එක ඇතුලට…

*සර්… ඒක අවධානම් නේද…? මම කිව්වෙ අපි චෙක් වුනොත් කරපු සේරම
වතුරෙ නේද…?

හහ් හහ් හා…. ඒ චෙක් වුනොත් නෙ.
චෙක් නොවී ගියොත් එහෙම වෙන්නෙ නැහැ නෙ. ඒක අද රෑ අපි කරමු. මොකද අද ⁣ඉරිදා දවසක්. මහමොළකරුවා ඇතුලෙ ඉන්න පුළුවන් බොහෝදුරට. මට මෑන් කවුද කියලා හොයාගන්න ම වෙනවා.

**සර් උන්ගෙ කීප දෙනෙක් උන්ට අහිමිවුන හන්දා එතන සිකුරුටි එක තර කරලා ඇති නේද….

ඔව්.. අනිවාර්යයෙන්ම එහෙම තමයි.
හැබැයි අපිට චාන්ස් එකක් තියනවා ඇතුලට යන්න.

*ඒ කොහොමද ….

ඇයි මතක නැද්ද ඔය මහත්වරුන්ට…
විනාඩි දෙකක විදුලි විසන්ධි වුනොත් උන්ගෙ සිස්ටම් එක යථා තත්වයට පත්වෙන්න විනාඩි දෙකක් ගතවෙනවා කියලා. ඒ කියන්නේ උන්ගෙ ජෙනරේටර් විනාඩි දෙකක් බලනවා. විනාඩි දෙකෙන් සැපයුම ආවෙ නැත්නම් ස්වංක්‍රීයව උන්ටග ජෙනරේටර් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මට ඒ විනාඩි දෙක ඇති ඇතුලට පනින්න..

**ඒ කියන්නේ සර් විතරයි ඇතුලට යන්නෙ …?

ඔව් නියෝජිත ජනිත්… මොකද ඔය දෙන්නට එලියෙ කරන්න විශේෂ වැඩක් තියනවා… ඔය දෙන්නා කරන වැඩෙි හන්දා තමයි මට ඇතුලට යන්න පුළුවන් වෙන්නෙ …

*සර්… අපිට ප්ලෑන් එක කියන්න…

ඔව්… මෙි තියෙන්නෙ ෆාම්හවුස් එකේ දළ සැලැස්ම. ඔයාලා හිතනවා ඇති. අපි එක වටයක්වත් ෆාම්හවුස් එක වටෙිට ගියෙ නැතුව කොහොමද මෙහෙම සැළසුමක් මම ඇන්දෙ කියලා . ඒක මෙහෙමයි….
මම එදා රෑ දැකපු දේවල් ටික මෙිකට ඇතුලත් කරලා ඉතුරු ටික මම මනසින් මවාගෙන තමයි ඇඳලා තියෙන්නෙ.

**සම්භාවිතාවය ….

ඔව් සම්භාවිතාවය. තමයි…. මෙන්න මෙතන තියනවා කැමරාවක්. ඒක නිතරම අංශක 180 වක් ආවරණය වන විදිහට නිතරම එහාට මෙහාට සෙමෙන් කැරකෙනවා. ඒ වගේ හතර මුල්ලෙම කැමරා හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මෙි තියෙන්නෙ අපි ගමන් ගත්ත අඹ වත්ත.මෙික තමයි හොඳම ආවරණ කලාපය. මෙි කලාපයෙන් තමයි මම වැටට කිට්ටු කරන්නේ ..එතකොට මම මෙි වැට ලඟටම යනවා. ඔය දෙන්නා ප්‍රධාන විදුබල සැපයුම් කණුවකට නගින්න ඔීන. එක්කෙනෙක් කණුවෙ සැපයුම විසන්ධි කරනකොට පහල ඉන්න කෙනා තමයි උඩ කෙනාට සංඥ්ඤා උපදෙස් ටික දෙන්න ඔීන. එතකොට කවුද විසන්ධි කරන්නේ …

**සර් මම කරන්නම්…

වෙරිගුඩ්… හොඳයි… මම වැට ආසන්නයට ගිහින් ලෙසර් සිග්නල් එකක් දෙන්නම්. එතකොට විසන්ධි කරන්න. හරියටම විනාඩි දෙකෙන් නැවත සැපයුම ලබාදෙන්න එච්චරයි. නැවතත් හරියටම විනාඩි තිහකින් සැපයුම විසන්ධි කරන්න.
හරියටම විනාඩියෙන් සැපයුම දෙන්න…
පලමු සැපයුම විසන්ධි කර , නැවත සැපයුම දුන්නට පස්සේ නියෝජිත ජනිත් බැහැලා ඉන්න. මොකද උස තැන්වල ඉන්නකොට නිරීක්ෂණය වෙනවා වැඩියිනෙ. කොච්චර අඳුරු වුනත් නයිට් විෂන් එකකින් බැලුවොත් පේනවා.

**විනාඩියෙන්…. ?

ඔව්… විනාඩියෙන්. නැත්නම් උන්ට සැක හිතෙන්න පුළුවන්. කසුන් පහල ඉඳගෙන හොඳ අවධානයෙන් ඉන්න. පැය බාගයක් ඇතුලත මම වගතුග නිරීක්ෂණය කරලා නැවත එනවා මගෙ තැනට. මෙි හැම දෙයක්ම සංඥ්ඤා මාර්ගයෙන් වගේ ම ටයිමින් වලට විතරයි කරන්න ඔීන. මොකද සන්නිවේදනය කරන එක අවධානම් වගේම , මගෙන් ඔයාලට විතරයි සංඥ්ඤාවන් ලැබෙන්නේ. ඔයාලගෙන් මට ලැබෙන්න බැහැ කිසිම සංඥ්ඤාවක්..

*ඔව් සර්… එහෙම කරොත් ඇතුලෙ ඉන්න එවුන් දකින්නට පුළුවන් …

හරියටම හරි….

එතකොට මම ඇතුලට ගිහින් මොනවා වුනත්. තිස්වන විනාඩියේ දැල් වැට ලඟ ඉන්නවා තිස්එක්වන විනාඩියේදී වැටතුල විදුලිය තිබ්බා හෝ නැතා මම එලියට පනින්න ඔීන එච්චරයි.

*නෑ සර්… අපෙන් වෙන්න ඔීන දේ තිතට වෙයි… සර් ඇතුලෙ වැඩටික බලාගන්න.

හොඳයි…. එහෙනම් මහත්වරුනි…අපි පාන්දර එකට පිටත් වෙනවා දෙකට ගේමට බහිනවා. නියෝජිත ජනිත් අවශ්‍ය කරන බඩුටික ගන්න.

**එතකොට වෙපන් ගන්න ඔීනද…?

නැහැ … වෙපන් එපා. මෙික නිරීක්ෂණ මෙහෙයුමක්. නෝ ඇක්ෂන් …

**හොඳයි සර්….

ඔවුන්ට සමුදී යතුරුපැදියට නැග ඉඳුරාම ගමන් ගත්තේ පිටකොටුවෙහි පිහිටි YMBA House වෙතය. එහි රසායන හලට ගොස් ෆෙරික් ක්ලෝරයිඩ් දියරයද , ඉතා ඝනකම් රබර් අත්මේස් දෙකක්ද මිළට ගෙන ආපසු ආවෙමි.

අළුයම අවදිවී තිදෙනාම වෑන්රියට නැග
ගමන් ගත්තේ කළුතර පිහිටි ෆාම්හවුස් එක බලාය. අඩ හෝරාවකට පසු වෑන්රිය අතුරු පාරකට දැමුවෙමු.

රයිට් මහත්වරුනි …. දැන් මගෙ වෙලාව හරියටම පෙරවරු එකයි විනාඩි පහලවයි. අපි දැන් හදාගමු. තම තමන්ගෙ අත් ඔරලොසු තුන එක ලඟ තබාගෙන , තත්පරයක් වත් වෙනස් ⁣නොවනසේ වෙලාව සුසරකර ගත්තෙමු.

හරි… මම එතනට ගිහින් ලේසර් සිග්නල් එක දෙනකොට සුපුන් කනෙක්ෂන් කඩන්න. ඊට පස්සේ විනාඩි දෙකෙන් නැවත කනෙක්ෂන් දුන්නට පස්සේ එතන ඉඳලා විනාඩි තිහක් ගණනය කරලා , තිස්එක්වන විනාඩියේ පලමු තත්පරය තුල විසන්ධි කරලා , තත්පර පනස් නමයෙන් කනෙක්ෂන් එක දීලා බහින්න එච්චරයි. මොනම හේකුවකටවත් මාව හොයන්න උත්සාහ කරන්න එපා. මම එන ගමන් ලේසර් සිග්නල් දෙන්නම්. මම එකෙක් දෙන්නෙක් ඩවුන් කරලා හරි එන බව මතකතියාගන්න එච්චරයි.

*හරි සර්…

ඉන්පසු තිදෙනාම අඳුරු සෙවණැලි අතරින් ඉදිරියට පයින් ගමන්කර ෆාම්හවුස් වත්තට යාබදව ඇති විදුලි රැහැන් කණුවෙ සිට විදුලි කණු තුනක් පසුකර හතරවන විදුලි රැහැන් කණුව දක්වා ගණනය කර එම කණුව ලඟ දෙදෙනාම නවතා මා රවුම් හැඩැති හිස්වැසුමක් ද දමාගෙන , අඹ ගස්වල සෙවණැලි අතරින් අතරට මාරු වී
විදුලි දැල් වැට ලඟට ලංවී , අත්මෙස්දෙක පැළඳ , ආපසු හැරී සාක්කුවට අතදමා ලේසර් ටෝච්එක අතට ගෙන එයින් කදම්බයක් අප නියෝජිතයින් වෙත එල්ලකර නිමා දැමුවෙමි. ක්ෂනිකව
මුළු ප්‍රදේශයම අඳුර රජවිය. මාගෙ කුඩා සිග්නල් ජෑමරය ( රේඩියෝ සංඥ්ඤා අවහිරකය ) අතට ගෙන එය ක්‍රියා කරවන විට කැමරාවන් දෙපැත්තට වැනීම නැවතුනි. එහි තේරුම නම් එය අක්‍රියවී ඇති බවය. වහාම දැල් වැට දිගේ ඉහලට තලගොයෙක් බඩගානවා මෙන් බඩගා එහා පැත්තට පැන නැවත ජෑමරය ක්‍රියා විරහිත කෙරුවෙමි.

උසින් අඩු, සරුවට වැඩුන ෆයිනස් ගස් කීපයක් එක පෙලට හිටවා තිබූ අතර එය මාහට කදිම ආවරණයකි. එක් ගසකට ආවරණය වනවිට නැවත විදුලි සැපයුම ලැබුනු පසු. අත්ඔරලෝසුවෙ වෙලාව පෙරවරු එකහමාර වී තිබුනි. ලැබුනු විදුලි සැපයුමෙන් තැනින් තැන පිහිටි කණුවල විදුලි බුබුළු දැල්වෙන්නට විය. කුඩා පලල් ගසට මුවාවී වටපිට දිහා ඉතා හොඳ හෝදිසියෙන් බැලුවෙමි. තරමක ලොකු රථගාලක්ද එහා පසින් ලොකු ජෙනරේටර් එකක්ද වම් පසින් උසින් අඩු දිගෙන් වැඩි ගොඩනැගිල්ලක්ද විය. සීත මුහුදු සුලං කණ්පෙතිවල හැපී අමුතු ඝෝෂාවක් නිර්මාණය වන්නට විය. ගහෙන් ගහට මාරුවී හතර වටේටම ඇස්දෙක යොමන ගමන් ෆයිනස් ⁣ගහෙන් ගහට මාරුවෙමින් ගමන් ගත්තේ එහා පැත්තේ පිහිටි දෙමහල් නිවස වෙතය.
විටෙක යමෙකු කහින හඬ ඇසේ. විටෙක දුම්වැටි දුමක දුර්ඝන්ධය සුලඟ සමග මිශ්‍රවී මාගේ නාසයට දැනෙන්නේ සුලඟ තමන්ට ඉදිරියෙන් යමෙකු හෝ කීප දෙනෙකු ඉදිරි පසින් ඉන්නා බැවි අනතුරු දායක සේයා මතක් කරමින්ය.

දෙමහල් නිවසේ පිටුපස යැයි කිවහැකි
පැත්තේ බිත්තියට සමාන්තරව පහත්වී ගමන් ගන්නා විටදී සාමාන්‍ය හඩින් කතා
බහක් ඇසෙන්නට විය. එම ශබ්දයේ විවිධත්වය අනුව අවම වශයෙන් හතර දෙනෙක් වත් සිටිය යුතුය. තව තවක් ලංවී කට හඬවල් වලට සවන් දෙන විටදී එකෙකු ගැඹුරු ස්වරයෙන් උච්චාරණ ඌණතාවයකින් යුතුව ඉංග්‍රීසි කතා කරන්නට විය. එසේනම් ඔහු අප්‍රිකන් ජාතිකයා විය යුතුය. එම බිත්තිය අවසානයේ මුල්ලට වී ඉදිරිය දෙස බලන විට සිව් දෙනෙකු කුඩා උසින් අඩු රවුම් මෙිසයක් වටෙිට ආසන මත ඉඳගෙන විකාරයෙන් දොඩවන්නට වූයෙන් මා නිගමනය කරේ ඔවුන් වෙරිමතින් පසුවන බවය. තවද ඒ රවුම් මෙිසය මත බෝතල් තුනක් හා බොන වීදුරු හතරක්ද , පිඟන් දෙකක කටගැස්මට ගන්නා ආහාරද විය.

විදුලි ආලෝකයට ඔවුන් පැහැදිලිව පෙණුනද , මුහුණු වශයෙන් සියුම්ව හඳුනාගැනීමට අපහසු විය. ඔවුන්ගේ දුම් පානය මාහට පෙරට වඩා ආග්‍රාහ්නය විය.

`` boss we must revenge from them ´´
( ලොක්කා … අපි ඔවුන්ගෙන් පලිගත යුතුයි ) එකෙකු තෙපලයි. ඔහු අප්‍රිකානුවා විය යුතුය.

`` yes.. yes.. definitely naguwara´´ ( ඔව් ඔවි.. අනිවාර්යයෙන්ම නගුවරා) තවකෙකු තෙපලුවෙිය.
මා දෙසට කරකැවෙන පුටුවක වාඩීවී දුම්වැටියක් උරමින් සිටි මිනිහා තම හිසට උඩින් දුම්පාර යැව්වද,
නිහඬව සිටියේ තරමක කල්පනාවක වැඩි ඇති සේයා පෙන්වමින්ය.

එකවරම තම පුටුවෙන් කැරකී රවුම් මෙිසය මත ඔහු හැරුනි. මා පුදුමයට පත් කරන්නට සමත්වූයේ ඔහු සමාජයේ හොඳ නම දිනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී
කෙනෙකුගේ රූපය නිසාවෙනි.

`` මොකක් ….? අමරබන්දු රූපසිංහ ´´
මා මටම මුමුණන්නට වූයෙමි. තමුන් ද එහෙනම් ඩයල් එක…? හරී ෂෝයි…

දුම්වැටිය බී හමාර කිරීමෙන් පසු තම හඬ අවදි කලේය.

අමරබන්දු - උඹලා කලබල නොවී ටික කාලයක් හිටපල්ලා. දැනට අපිට මොකුත් කරගන්න බෑ. මොකද අපිට ගහපු එකා හොඳ මොළකාරයෙක්. ඌ අපිට ටික කාලයකට ඔලුව උස්සන්න බැරිවෙන්නමයි ගැහැව්වෙ. තට ටික
කාලයක් ඔහොම හිටපල්ලා මම ඌ කවුද කියලා හොයාගන්නම්..

තවකෙකු - එතකොට ස.. ස ස ස ..ර්…
රවින්ද්‍ර මහත්තයා සේරම වමාරයිද..?

අමරබන්දු - උඹලට පයිත්තියන්ද…? මෑන්ව මම දන්නෙ අවුරුදු තිහක ඉඳලා
ඌ ලොවෙත් කියන්නේ නෑ.

අප්‍රිකානුවා - hey man… what u talking about…? ( හේයි මචෝ මොනවා ගැනද කතා කරන්නේ )

අනෙකා - we talking about SI Ravindra..
( අපි කතා කරන්නේ එස්අයි රවින්ද්‍ර ගැන)

අප්‍රිකානුවා - hey… dont be upset man.
He is a brave man. He never betrayed us.
(හේයි… අවුලක් ගන්න එපා මචෝ. මිනිහා එඩිතර පොරක්. මිනිහා කවදාවත් අපිව පාවා දෙන්නෙ නැහැ )

අමරබන්දු - yes man…. ( ඔව් මචං)
මුන් පොලීසියේ එවුනුත් නෙමෙි. CID එකෙනුත් නෙමෙි.

අනෙකා - එහෙනම් මොක්කුද මුං…?

අමරබන්දු - අපි නොදන්නා එවුන් ටිකක්.
අපි හොයමු.

තවකෙකු - එතකොටටටටටට… ඇන්ටනීයගෙයි රවින්ද්‍රයගෙයි හුටපටය.

අමරබන්දු - මටත් එතන අවුලක් තියනවා. ඒ වගේම ශාන්තයත් ආගිය අතක් නෑ. අනිත් එවුන්ගෙ නම් බොඩිඑක හරි තිබුනා. මුගෙ ඒකත් නෑ. මම හිතන්න ඌත් හැංගිලා ඉන්නෙ.

මොවුන් සිව්දෙනා පසුකර තවත් මුහුද දෙසට දිශාගතව ඉදිරියට යනවිට විදුලි එලියෙන් වටවු විශාල ගැඹුරු තටාකයක් දැකගන්නට ලැබුනි. එයින් ඔබ්බට තිබුනේ තැන තැන මායිම් කරන ලද කුඩා දිය පොකුණුය. වහාම ආපසු හැරුණු මා කෙමෙන් සෙමෙන් ජෙනරේටර් යන්ත්‍රය වෙත ගොස් එහි ඩයිනමෝ කොටසේ ඇති සිදුරකට සාක්කුවෙන් අත දමා ෆෙරික් ක්ලෝරයිඩ් කුප්පිය අතට ගෙන එය ඉවර වනතුරුම වක්කර , අත් ඔරලෝසුවෙ වෙලාව බලන විට පෙරවරු දෙකට විනාඩි තුනක් ඉතුරුව තිබුනා. හෙමින් සීරුවෙ දැල් වැට අසලට ගොස් සැඟවී සිටින විට එකවරම විදුලිය විසන්ධි විය. නැවත ජෑමරය අතට ගෙන එය ක්‍රීයා කරවා දැල් වැ⁣ට දිගේ උඩට ගොස් එලියට පැන කරනමක් ගසා අඳුරට සේන්දු වී ජෑමරය ක්‍රියා විරහිත කරන විය විදුලි සැපයුම ලැබී අවට විදුලි බුබුළු දැල්වෙන්නට විය. ලහි ලහිහේ අඳුරු සෙවනැලි අතරින් ආපසු එන ගමනේදී ලේසර් එලිය කීප විටක්ම නියෝජිතයින් දෙදෙනා වෙත එල්ල කෙරුවෙමි.

*මොකද සර්…

මහත්වරුනි .. අපි යමු ඉක්මනට මෙතනින්. ලහිලහියේ පය ඉක්මන්කර
වෑන් රථය ලඟට පැමිණ එය හොඳින් පරික්ෂා කිරීමෙන් පසු… පණගන්වා වෙිගයෙන් මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත පිවිසෙන විට අළුයම දෙක හමාර පසුවී තිබුනි. ගමනාන්තය තෙක් කිසිදු වචනයකුදු හුවමාරු කර නොගත් අප තිදෙනා කාර්යාලයට පැමිණීමෙන් පසු, මගේ හඬ අවදි කෙරුවෙමි.

එහෙනම් මහත්වරුනි ….
අපි හෙටදින කතා කරමු. දැන් විවෙිකීව ඉන්න. බොහොමයක් ස්තුතියි …

පසුදින පෙ:ව හතේ කනිසමට ලගාවෙත්ම මා කාර්යාලයට වී ඉදිරි සැළසුම් හා මා දුටු පුද්ගලයා ගැන
ගැඹුරින් කල්පනා ⁣කරන අතරතුර
මාහට බාධා කරේ නියෝජිතයින් දෙදෙනාය.

ආ…. එන්න ඇතුලට.. වාඩිවෙන්න මහත්වරුනි.

*සර් දැන්වත් කියන්න අපිට. ඊයේ වැඩෙි සාර්ථකයිද කියලා ….

මම පලමුවෙන්ම කියන්න ඔීන… ඔය දෙන්නා හරියටම තත්පරයටම වැඩෙි කරපු හන්දා වැඩෙි අති සාර්ථක වුනා.

**බොහොමයක් ස්තුතියි සර් …

හොඳයි …. අද ඉඳලා දවස් පහක් ඇතුලත
අපි අවසාන මෙහෙයුම ක්‍රියාත්මක කරන්න ඔීන. මම ඒකට සැළසුම සකස් කරන්න ඔීන. හොදයි… එකට තව කල් තියනවා. දැන් මම ඇතුලෙ වෙච්ච දේවල් ඔය මහත්වරුන්ට විස්තර කරන්නම්.

මම කොහොමහරි ඉක්මනට දැල් වැට දිගේ ඉහලට බඩගාලා එහා පැත්තට පැනගත්තා… ඊට පස්සේ මම ලඟම තිබ්බෙ රථගාල ඒකෙ ඇතුලෙ අපිට හුරුපුරුදු නම්බර් තහඩුවට අයත් ප්‍රාඩෝඑක පාක් කරලා තිබ්බා. ඒකෙන් මම සීයයට අසූවක් විතර ෂුවර් කරගත්තා මහමොළකරුවා ඇතුලෙ ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ
මුහුදු හුලං එක්ක ආපු සිකරට් දුම් ගඳින් මම අනුමාන කරා කවුරු නමුත් සිකරට් එකක් බොනවා කියලා. ඒ කියන්නේ එකෙක් හෝ කණ්ඩායමක් ඇහැරිලා ඉන්නවා කියන එකනෙ.

*ඊට පස්සේ …..

ඔව් කසුන්…

ඊට පස්සේ ගස් ආවරණය කරගෙන කැමරා මගහැරගෙන මම ගියා තට්ටු දෙකේ ෆාම්හවුස් එක ලඟට. ගිහින් ගස් අතු එහාට මෙහාට කරලා බලපුවාම
හතර දෙනෙක් හොඳට අරක්කු සප්පායම් වෙනවා. ⁣එතන හිටියා අර අප්‍රිකානු ජාතිකයයි. තව ලාංකික තුන්දෙනෙකුයි.
හතර දෙනාම බෝතල් තුනක් හිස් කරලා තිබ්බා වගේම , අවසිහියෙන් කතා කර කර හිටියා. ඒ කකා බහෙන් මට තේරුම් ගියා , තවම අපිව උන්ගෙ ඇස් වලට හසුවෙලා නැහැ කියලා… ඒ වගේම , තව සතියක් දෙකක් යනකම් උන් කරලියට බහින්නේ නැහැ කියලා. උන් CID එක හෝ පොලීසිය මෙි සිදුවීම් මාලාවට සම්බන්ධ නැහැ කියලා සනාථ කරාගලෙන ඉන්නෙ.


** එකෙක් අප්‍රිකානු ජාතිකයා..
අනිත් තුන්දෙනා ගැන මොනවද කියන්න පුළුවන් සර්….?

අනික් දෙන්නා තමයි S Tigers ලට කාර්යයන් බාර දෙන්නෙ….

*එතකොට අනිකා…?

මෑන් මට පිටුපාලා හිටියෙ… හැබැයි එකපාරටම මගෙ පැත්තට හැරුනා.
මම දැක්කා මෑන් කවුද කියලා..

*කවුද ඒ…?

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරබන්දු රූපසිංහ..

**මොකක්…. දේශමාන්‍ය අමරබන්දු රූපසිංහ ( තම අසුනෙන් නැගිට )

ඔව් නියෝජිත ජනිත් … වාඩිවෙන්න…
මෑන් තමයි අවරුදු තිහක් තිස්සේ මෙි ජාලය හසුරවපු මහමොළකරුවා…

*මයි ගෝඩ් සර්… ….

ඔව් මහත්වරුනි …. මෑන් තමයි එවකට කොස්තාපල් රවින්ද්‍ර එක්ක මුහුණ වැහෙන පරිදි මාස්ක් එකක් දාගෙන
ඇවිත් මගෙ පවුලම නැති කරපු අපතයා..

*මට සර් ගැන පුදුමයි ….. සර් කොහොමද හිත හදාගෙන ආවෙ කියලා..

**ඇත්තටම මටත් පුදුමයි සර්…

මහත්වරුනි …. හැමදේකටම වෙලාව එනකම් ඉන්න වෙනවා. මතකයිද මම කිව්වා ``අවුරුදු තිහක් කුට්ටිය පිටින්ම ඉවසපු මට තව දවස් තිහක් ඉවසන්න බැරි කමක් නැහැ ´´ කියලා. අනික මෙික මගෙ පුද්ගලික පලිගැනීමක් ම නෙමෙි.
මෙික මිෂන් එකක්… පුද්ගලික පලිගැනීමක් වගේ නෙමෙයි මිෂන් එකක් කරනකොට හුඟක් දුර හිතන්න , බලන්න වෙනවා. ඒකයි ඇත්ත…

*ඒක සහතික ඇත්ත සර්…

ඒක තමයි…. මහමොළකරුවා මරන්න කලින් රවින්ද්‍ර වගේ S Tigers ලාගෙ බලකණු ටිකත් ඉවරකරලා දාන්න එපැයි. නැත්නම් මිෂන් එක සම්පූර්ණ වෙන්නෙ නැහැ ..

**අමරබන්දු රූපසිංහ අවුරුදු තිහක් විතර ජාවාරම් , පාතාල කල්ලි මෙහෙයවලා ඒ මදිවට දේශමාන්‍ය පදවියත් අරගෙන….

පේනවා නේද අපේ රට තියෙන තැන.
හොරුන්ට , මංකොල්ලකාරයොන්ට , කුඩු කාරයින්ට තමයි හැම තනතුරක් දෙන්නේ.. ඉතින් මෙි රට මෙි තත්ත්වයෙන් වත් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඔීන.. හොරු රජයන රටක
පරිපාලනය ගැන ආයෙ කවර කතාද…


*ඒකනම් ඇත්ත තමයි සර්…

**සර් මෙිගැන Dark Head හරහා උකුස්සට දන්වන්න වෙයි නේද…?

ඔව් නියෝජිත ජනිත්… හැබැයි මිෂන් එක ඉවර කරලම තමයි කියන්න ඔීන. මොකද මෙිකෙදි මට උකුස්සාවත් විශ්වාස කරන්න අමාරුයි. මොකද මනුසතාට වෙනස් වෙන්න මොහොතක් ඇති.

**ඒක ඇත්ත… මම එකගයි

*මමත් එකගයි සර්…

වෙරිගුඩ් මහත්වරුනි …..
එහෙනම් රවින්ද්‍රව ඉවරයක් කරලා ඉමු…
මම දැන් මෙි සැළසුම් දෙකම හදන්න ඔීන.

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now