අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 06 වන කොටස
…………………………………………………………........................
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
…………………………………………………………..........................


*අම්මපා කියන්නේ …?

නැතුව නැතුව …..

*අයියෝ …. හරි සර්.. එහෙනම් සුභ රාත්‍රියක්..

එසේම වේවා ඔබටත් මිත්‍රයා.

මෙතැන් සිට…..

ලහි ලහියේ කාර්යාලයෙන් ඉවත ආවිගස
කඳවුරෙන් ඉඳුරාම නික්මගියේ රහස් නවාතැන වෙතය. සැණෙන් වේෂය මාරුකරගත් මා මුළු ගතම වැසෙන පරිදි දිග ලෝගුවක් හැඳ. ගුරු පාර දිගේ පියමන්කර ප්‍රධාන පාරට පිවිසියෙමි. මද මීදුම් සහිත පරිසරයේ අඳුර මඩින්නට වීදි විදුලි ලාම්පු තිබුනද , මීදුම මකාලන්නට සමත්වූයේ විටෙන්විට ගහන්ගන්නා විවිධ රථවල ඉදිරිපස විදුලි ආලෝකයන් පමණි.
ආනන්ද බාලිකා විද්‍යාලයට යාබදව තිබූ පටු මාවත ඔස්සේ කෙමෙන් සෙමෙන් මා ගමන් ගත්තේ රාත්‍රියේ කිසිදු හැලහොල්මනක් නෙපෙන්වූ රෝහල කම්කරු වන ශන්තගේ නවාතැන වෙතය.
කුඩා ගේට්ටුව අසලට ලඟාවී හෙමින්සීරුවෙ සවන් යොමුකරෙ මුරට බල්ලන් ඇතියැයි ඇතිවූ සැකය හේතුවෙනි. කුඩා ගල් කැබලි කීපයක් ගෙමිදුලට දමාගැසුවෙමි. නමුත් කිසිදු ශබ්දයක් පෙරලා නොඇසුනු බැවින් මෙම මෙම නිවාස පරිශ්‍රය තුල බල්ලෙකු නොමැති බැව් සනාථ කරගත්තෙමි.
අනතුරුව ගේට්ටුවට උඩින් පැන ගෙවත්තට ඇතුළුවී පිටුපසට ගමන්කර
තමන් සතු සුසරකීරීමෙි හැකියාව ඇති යතුර රැගෙන දොරගුළු හැර ගේ තුලට යන ලදි. හෙමින් සීරුවෙ හරස් අතට
මද කළුවරේම එකිනෙක කාමර සෝදිසිකර බැලුවද එහි කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත. කුඩා විදුලිපන්දම සාක්කුවෙන් එලියට ගෙන, එය දල්වාගෙන නැවත වතාවක් කාමර එකින්එක සෝදිසි කලේ තමන්ට වැදගත් යමක් සොයාගැනීමේ අටියෙනි.

එක් කාමරයක මෙිසයක් තුල තිබූ ලාච්චු දෙකක් පිරික්සුවෙමි. එහි තමාට ප්‍රයෝජනවත් යමක් දක්නට නොලැබුනි. නැත වෙනස් නොවන පරිදි පිලිවෙලට එහි තිබූ උපකරණ අසුරා, වසා දමා,
ඇඳ යටද පසුව මෙට්ටය යටද පිරික්සුවෙමි. එහිත් කිසිවක් පෙනෙන්නට නොතිබුනි. ඉන් අනතුරුව කාමරයෙන් ඉවත යාමට සැරසෙත්ම මා උඩ බැලුවෙ උඩ ඇති බල්බය දිහා බැලීමටය. `` මෙච්චර පොඩි කාමරයකට එච්චර ලොකු බල්බයක් ´´ මට ඉබේටම රහසින් කියැවුණි. නැවත ආපසු හැරුණු මා මෙිසය අසල ඇති පුටුව හෙමින් සීරුවෙ එල්ලෙන බල්බයට ලම්බකව තබා එය මත ගොඩවී බල්බය ගලවා අතට ගෙන හොඳින් පරික්ෂා කෙරුවෙමි.
මෙය CFL වර්ගයට අයත් බල්බයකි. ``මෙපමණ ලොකු බල්බයක් සාමාන්‍ය කාමරයකට ප්‍රමාණයවත් වැඩියි.
ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩි එලියකින්
මෙයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ´´ මොකක්ද මාධව මෙි ගැටය..? වැඩි එලියක් අවශ්‍ය වෙන්නෙ සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ බැලීමට නේද…? එහෙනම් මෑන් ලඟ සාමාන්‍ය ආලෝකයට නොපෙනෙන දේ මොකක්ද..?
වහාම බල්බය ගැලවීමට උත්සාහ ගත්තෙමි. සීනි බෝතලයක් ගෙදර අයට හොරෙන් විවෘත කරන කුඩා ළමයෙකු මෙන් මා එය විවෘත කෙරුවෙමි. එය නිරායාසයෙන්ම විවෘත වූයේ මා පුදුමයට පත්කරමින්ය.

`` ජැක්පොට් මාධව ´´ මෙි තියෙන්නෙ බඩු. කියමින් සුදුකොලය දිගහැර විදුලි පන්දම එල්ලකර බැලුවද එය නිකංම නිකං පිරිසිදු සුදු කොලයක් විය. සැබවින්ම එහි කිසිදු සටහනක් හෝ කිසිදු සලකුණක් සඳහන් නොවීය. හ්ම්ම්… ඒ කියන්නේ මෙික Match pair කොලයක් (රහස්‍ය ලිපි ලියන පැරණි ක්‍රමයකි. මෙි සඳහා කඩදාසි වර්ග දෙකක් භාවිතා කරනු ලබයි. වැඩි විස්තර විග්‍රහයකින් බලාපොරොත්තු වන්න ) එතකොට කෝ අනික. ඒක කොතනද…? කාලඟද…?
මොනවද එහි අඩංගු කරුණු. මෙච්චර පරිස්සම් කරන රහස මොකක්ද මාධව..?
මොකක් නමුත් මෙික මට හොයන්නම වෙනවා… හ්ම්ම් දැන් මට මාරුවෙන්න කාලය හරි. අවසානයේ පැමියේ කුඩා කුස්සිය වෙතය. බැලූ බැල්මට කුස්සියේ
සාමාන්‍ය දේවල් පමණක් තිබුනද, ශීතකරණයට අමතරව අධිශීතකරණයක් ද එහි විය. එය තරමක අසාමාන්‍ය හා සිත්ගන්නාසුළු කරුණක් බැවින් ඒ අසලට ගොස් වහා එය විවෘතකර බැලුවෙමි. කුකුල් මස් කුට්ටි කීපයක් හා මුහුදු මාළු කුට්ටි කීපයක් හැරුණුකොටගෙන එහි වෙනත් කිසිවක් නොවීය. සාමාන්‍ය රෝහල් සේවකයෙක් ගෙ වැටුපට මෙපණ සුපෝකභෝගි ලෙස ජීවත් වීමට හැකිද..?
මතුපිටින් නිවස කුඩාවට පෙනුනද , මෙහි අභ්‍යන්තරය එසේ නොවන වග දැන් මාහට පසක්වී ඇත. මෙසේ සැපසේ ජීවත්වීමට රෝහල් කම්කරු වැටුප ප්‍රමාණවත් ද…? ඒ සියල්ලම මදකට පසෙක දාමු. මෙි හාදටා මෙි අළුයම කොහෙ මකබෑවුනාද…? කොහෙ බඩගෑවද…? මෙි ශාන්ත හාදයා එක එක පාට තීන්ත ගොඩක් පෙන්නලා තියනවා. කොටින්ම කියතොත් පාට පාට ලෝකයක් මවලා තියනවා අපට බල බලා ඉන්න. ඉතාමත් විපරමින් වටපිට බලමින් තම නයාතැන වෙත ගමන් ගත්තෙමි.
හ්ම්ම්… අවසානයේදී දන්නෙම නැතුව මගේ තැනටත් ඇවිත් එහෙනම්. නැවත වේෂය හිඟන්නාට පරිවර්තනය කරගත් මා නැවත මරදාන රෝහල අසල ඇති මාරගස දෙසට ගමන් ගත්තෙමි. ඇත්තටම අද රාත්‍රිය හුඟක් කාර්යබහුල රාත්‍රියක් වුනා. කමක් නැහැ ගහ යටට ගිහි හොඳ නින්දක් ගහනවා. මෙි හිඟන්නා දිහා කවුරු බලන්නද මාධව.

මාරගස ලඟට විත් එයට පිට තබා ගිමන් හැරියෙමි. ඉදිරිපස ඇති කණුවෙහි අළුයම හතරෙ කනිසමට ලඟාවී ඇති බැව් සටහන්ව තිබුනි. ඇත්තටම මෑන් කොහෙද මෙි රෑ බඩගෑවේ. `` බඩගෑවේ ´´ අම්මපා.. මට එහෙම වචනයක් කියැවුණා නේද….? ඇත්තටම මෑන්ද ගහෙන් ගහට බඩගාපු එකා…? මිනීමැරුම කලේ ශාන්ත වෙන්න බැරිද..?
එතකොට රෑ වෙලා ගිහින් පාන්දර ජාමෙ වෙනකම් මෑන් කොහෙද බඩාගාන්නේ…?
තවත් ඉලක්කපතක් අධ්‍යනය කරනවා වෙන්න බැරිද..? බාගවෙලාවට වෙන කෙනෙක් ගේම්එක ගහනවා වෙන්න බැරිද…? හොඳයි දැන් ටිකක් නිදාගන්න ඔීන. එලිවෙලා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. මෙි හිඟන්නා නිදාගෙන නෙමෙි මැරිලා හිටියත් කාටවත්ම වැඩක් නැහැ නෙ. හෝරා කීපයකින් පසු සුපුරුදු පරිදි හිරුඑලිය පතිතවී තරඟකාරි පරිසරය ආරම්භ විය. ඈතින් පෙනෙන සේයාරුව කසුන් බව පෙනුන බැවින් ඉටිකොලය මත නිදාගෙන සිටි මා සෙමෙන් සෙමෙන් අත බිම තබා වාරුගෙන කොන්ද කෙලින් කර නැගිට මාරගසට හේත්තුවක් දමා ඉඳගත්තෙමි.

*ලොකු උන්නැහේ මෙන්න බත් එකක්…

පිංසිද්ධ වෙනවා මහත්තයාට… කියමින්
බලත්විට කහට බැඳි දත් විලිස්සා සිනාසුනෙමි. කසුන් ( රහසින් ) අර ශාන්ත කියන හාදයාගෙ බෑග්එක චෙක් කරලා බලන්න. වැදගත් යමක් තිබුනා හෝ නැතා මට ඒ බෑග් එකේ තිබුන දේවල් කියන්න. අද හවස මම ඒ පැත්තට එන්නම්.

*හරි සර්….
කියමින් මා පසුකර යන්නට විය.
ලහිලහියේ කෑම පාර්සලය ලෙහාදමා.
කෑම ටික අහුරු දෙක තුනකට කාදමා… වතුර බෝතලයෙන් බාගයක් පමණ බී ඉතුරු ටික තම කකුල් වල ඇති කුණු කරවල වෙත දැමීය. වටපිට බලන විට නියෝජිත J50 දුම්වැටියක් දල්වාගෙන ගල්පුටුවක වාඩීව සිටින ලදි. පසුව මා තම හැරමිටිය ආධාරයෙන් නැගිට කොර ගහමින් ඉතාමත් අසීරුවෙන් නියෝජිත ලගට විත් බෙලෙක් පෙට්ටිය දිගුකලෙමි.
කිසිවක් නොපැවසූ හේ මාදෙස බලා මද සිනහවක් පෑවා පමණි.

නියෝජිත J50 මොනවද අළුත් තොරතුරු.

**මොකුත් නැහැ AST….

මම ඊයේ රෑ තිස්සෙම ඇවිද්දා… වැදගත් කරුණු ටිකක් හොයාගන්න පුළුවන් වුනා. අද හවස ඔෆීස් එකේදී හමුවෙමු…

**යනවා යන්න … කාළකණ්නි කමට උදෙන්ම ආවා ඉල්ලගෙන කන්න. ආ… මෙික අරගෙන තොලොංච් වෙයන් මෙතනින් . චික් .. ගඳ විතරක්…

තම හිස නමා යටහත් පහත්ව එය පිලිගෙන එතනින් එහාට මා ගමන් කලේ
බත් පාර්සල් විකුණන යුවතිය සොයා යාමටය. නියෝජිතයා වටපිටාව දෙස තියුණු බැල්මක් හෙලු හැටි මා ආපසු හැරී බලන විට දුටුවෙමි. වාරු අඩු කකුල කොරගගහා ඉදිරියටම ගමන් කලමි.
පොඩි කරත්තයක කෑම පාර්සල් කීපයක්ද , කැඳ බීමට ගන්නා වීදුරු කීපයක්ද , වටපිටාවම සුවඳ කරන , දුම් දමන කඬල බඳුනක් සමඟ ඇය සිටින බව මා දැක්කෙමි.

**හා අංකල්… මෙහාට අළුතෙන් ඇවිත් වගේ…?

ඔව් කෙල්ලෙ…. මට යන්ට තැනක් නැහැ නොවැ. ඉතින් මම මහමගට වැටුනා. හිටපු එකම දරුවත් මැරුණ නොවැ.

**අංකල් කොහෙද…?

මම පුත්තලමේ නෙ.

**මමනම් මෙහෙම තමා ඉතින්…

හොඳා හොඳා ඉතින්… ඉස්පිරිතාලෙට පුදුම සෙනඟක් නොවැ යන්නේ.

**ඔව් .. මෙි දවස්වල වෛවෛරස් එකක් තියනවනෙ. ඉතින් රට වටේට ඉන්න ලෙඩ්ඩු ගාණ වැඩියි …

හැබෑව හැබෑව…. මෙි කාලෙ අකාලෙ මැරෙනවා ඉවරයකුත් නැහැ නොවැ..

**හ්ම්ම්… ඒකනං ඇත්ත… මිනිස්සු මැරෙනවා අහේතු වලටත්..

ඒ කිව්වෙ කෙල්ලෙ…? මෙි ඉස්පිරිතාලෙත් අහේතු වලට කට්ටිය මෙි ලඟදි මැරුනද…? මම කිව්වෙ නිකං තමන් විහින් ( සියදිවි නසාගැනීම් )

**එහෙමනම් කොච්චර මැරෙනවද ඉතින්.
අර යස අගේට හිටපු කරුණාවන්ත නෝනා කෙනෙකුත් මරදාලා තිබ්බනෙ ගිය මාසේ.

හැබෑට….?

**ඒකනෙ ඉතින් … කියන්නේ නම් ආදර හුටපටයක් කියලා. ඒ වුනාට එහෙම හිතන්නවත් බැරි නෝනා කෙනෙක් නෙ හරිම හොඳයි … හැබැයි එහෙම මියැදෙන්න කලින් ටිකක් කණස්සල්ලෙන් හිටියා වගේ මට තේරුනා. මොකද හවසට යනකොට මගෙන් බත් එකකුත් ගෙනියනවා හුඟක් වෙලාවට.

ඔය පෙරේම සම්බන්ධ තමයි හෙනේට හිටියෙ කොල්ලන්ට , කෙල්ලන්ට. පව් ඒ කෙලී. එතකොට ඔය මැරුවා කියන හාදයා ඔය කෙලි දැකලා තියෙයිද..?


**හපෝ නැහැ … හැබැයි පොලීසියේ කෙනෙක් නිතරම කරදර කරනවා කියලා මට වහෙන්හොරෝ වගේ තේරුනා.

ඒ කොහොමද..?

**දවසක් හවස බත් එකක් ගන්න ඇවිත් ඉන්නකොට ඒ නෝනට කෝල් එකක් ආවා.

ඉතින් ….?

**ඒ කෝල් එකට කතා කරලා කිව්වෙ
`` පොලීසියේ මහත්තයෝ කරුණාකරල මට කරදර කරන්න එපා කියලා ´´

මරේ මරු මෙයානම් හෑලි බැංකුවක්..

**අංකල් අංකල්… මම කියපු එක ඇහුනද..?

හා හා.. ඔව් ඔව් නේද… ඔය පොලීසියේ උන්දැලා තඹේකට විශ්වාස කොරන්ඩ නම් බෑ..

**ඒකනම් ඇත්ත තමයි…

ඒකනෙ …එතකොට ඔය කෙලීගෙ නම මොකක්ද ..?

**මම වයලට්… ``බත් වයලට් ´´ කිව්වොත් මෙි වැයික්කියේ ඔීන කෙනෙක් දන්නවා.

එහෙමද … හොඳා හොඳා…. මම එහෙනම් ගොහිං එඥ්ඤං. ඔය කෙලීගෙ වැඩ පාළු වෙනවා නොවැ.

**හා … හොඳයි අංකල්…

ඇයට සමුදුන් මා නැවත ⁣අසීරුවෙන් මාරගස අසලට එනවිටත් නියෝජිත J50 වෙනත් තැනක සිට මට පේන මානය එන ලදි. කරුණු කොහොම වුවත් යම්කිසි තොරතුරක් අවටින් නුදුරේදීම ලබාගැනීමට හැකිවේවායි මා සිතමි.
එතකොට SI කරයා මෙයාට බලපෑම් කරා කියන කාරණය තහවුරුයි. ඒක අනියම් සම්බන්ධයකට කරපු බලපෑමක් කියන කාරණයත් පැහැදිලියි අර ලිපියේ සඳහන් පරිදි. එතකොට ඇයි මෙහෙම හදිසියේ මරන්න හෝ මරවන්න හේතුව. මැරුවෙි කවුද …? ඇයි මැරුවෙ…? හොඳයි මම ඒකත් හොයාගන්නම් ඉක්මනටම. තම කල්පනා දැහැන බිඳ දමන්නට සමත්වූයේ හදිසියේම දැකපු මුහුණක් නිසාවෙනි.
ඒ වෙන කවරෙකුවත් නොව. ශාන්තය.
ඉතාම කලබලයෙන් රෝහල් පෙදෙස වෙත පියමං කලේය.

`` පරක්කුයි … හොදටම පරක්කුයි ´´ යනුවෙන් තමන්ටම තමන් තෙපලන ගමන් ගමන ඉක්මන් කලා මා දැක්කෙමි.

ඒ කියන්නේ මෑන් දැනුයි වැඩට යන්නේ.
එහෙමත් නැත්නම් වෙන වැඩකට ටිකකට එලියට ගියා වෙන්නත් බැරි නැහැ. ඒ පිලිබදව සහසුද්දයෙන්ම අද රාත්‍රි කාලයේ තම සහයකයාගෙන් දැනගත හැකිය. එසේ මද වෙිලාවකට එලියට ගියානම් එය අපට වාසිදායක දෙයක් වනු නොඅනුමානයි. මක්දයත්
මොහුගේ බෑගය ලේසියෙන්ම පිරික්සීමට කසුන්ට ඉඩප්‍රස්ථාව ලැබෙනු ඇත. එය එසේනම් මා බත් වයලට් මුණගැසෙන්නට ගිය අතරතුර දී මොහු නොහොත් ශාන්ත මෙතනින් එලියට නික්මෙන්නට ඇති. මදක් මා නියෝජිත J50 දෙස බලන විට ඔහු මා දරණ ආකල්පය වටහා ගත්තාක් මෙන් මාදෙස බලා හිස හෙමින් ඉහලට පහලට සොලවන්නට විය.

රාත්‍රි කාලයේ…..

වාඩිවෙන්න කසුන්… නියෝජිත ජනිත්

අද මම හිඟමනෙන් ටිකක් කලින් ඔීෆ්වුනා ( සිනාසෙමින් )

*සර් හිඟමනේට එහෙම එව්වත් තියනවද…?

නැතුව නැතුව හිඟාකෑවට, මමත් මනුස්සයෙක් යෝධයෝ.. එහෙම නේද නියෝජිත ජනිත් …?

**හහ් හහ් හා…. ඒකනම් ඇත්ත තමයි ඉතින් …

ඒක නෙමේ නියෝජිත ජනිත් .. හැමදාම නියෝජිත කමෙිද ඉන්න හදන්නේ ටිකක් උඩට යන්න අදහසක් නැද්ද හැබෑටම …?


**පිස්සුද සර්… මෙික හොඳයි. මට බෑ ඔයවගේ අනුන්ගේ කුණු ගැන කල්පනා කරලා ඔලුවෙ කැක්කුම හදාගන්න …
අනික පේනවනෙ කන කට්ටක්…

නෑ එහෙමත් නැහැ නියෝජිත ජනිත් …
හා හා… කාරි නෑ. අපි මාතෘකාවට බහිමු.
නියෝජිත ජනිත්ට මෙි කාරණා අදාල නැතත් , මගේ ආරක්ෂාවකට ඉන්න හන්දා

**සර් අකමැත්තෙන් . ලොක්කගෙ කැමැත්තෙන්…

ඔව් ඔව්… (මද සිනහවකින් ) මොකක්ද මම අහන්න හිටියෙ…? හා .. හරි..
කසුන් කොහොමද ඇතුලෙ තත්වය …?

*සර් මෑන් උදේ දහයට විතර එලියට ගියා
මම ඒ ඇසිල්ලේ මෑන්ගෙ බැග්එක චෙක්කරා…

ඉතින් ….?

*ඒකෙ විශේෂ දෙයක් නම් තිබුනෙ නැහැ.
දවල් කෑම එකයි. ලේන්සුවකුයි ටෝච් එකකුයි…

මොක මොක මොකක්ද …? ටෝච් එකක් ..?

*ඔව් සර්….

ඉතින් යෝධයෝ ඒක කොහොමද විශේෂ දෙයක් වෙන්නේ නැත්තෙ..?

*ඒ කොහොමද සර්…

හොඳයි හොඳයි… අද මෑන් නයිට් ඩියුටිද..?

*නෑ එහෙම නැහැ සර්…

මෑන් නයිට් ඩියුටි නැත්නම් අහවල් එකකටද ටෝච් එකක් …

*ඔීහ් ඒකනම් ඇත්ත තමයි… මම මෙහෙම තර්කයක් දැම්මොත්.

මොකක්ද ඒ…?

*මෑන් ඔීෆ්වෙලා ගෙදර නොයා වෙන කොහෙහරි යනවද දන්නෙ නැහැ නෙ.

නියමයි හොඳ හිතන්න පුළුවන් තර්කයක්. ඒ වගේම ලේසියෙන් බිඳින්න බැරි තර්කයක් එහෙම නේද නියෝජිත
ජනිත් …?

**ඇත්තටම ඔව් සර්… ඒක නියමයි..

හරි කසුන් එහෙම නම් ඇයි මෑන් ගෙදර ගිහින් පිරිසිදු වෙලා, ඔය යුනිෆෝම් එක ගලවලා දාලා, වෙන ඇඳුමක් ඇඳලා යන්න බැරි. මොකද ඔය ඇඳුම ඇඳලා කොහෙ ගියත් හැමෝම දන්නවා නෙ මෙයා රෝහල් කම්කරුවෙක් කියලා. එතකොට මොකද වෙන්නෙ කසුන්…

*හපොයි කෑවා කෑවා මගෙ තර්කය. කුජීතයි හහ් හහ් හා… ( තිදෙනාම සිනාසෙමින් )
හරි….අපි එහෙම කියමු. ඒක හරි සර්. එහෙම කරලා බැහැ . මොකද බෑග් එකේ වෙන ඇඳුමක් තිබුනා නම් නිගමනය හරි.
එතකොට සර් මොකක්ද එතන තියෙන කොස්ස….?

ඔව් කසුන් …. එතන තියනවා හරිම විරල කාරණයක් ටිකක් ගැඹුරින්ම හිතන්න වෙනවා ඒ ගැන. ඇයි මෑන් නිතරම ටෝච් එකක් යන යන හැමතැනම ගෙනියන්නේ. එක්කෝ රෑ හදිසියේම
ගමන් යෙදෙනවා. නැත්නම් ඒ ටෝච් එකේ යම්කිසි වැදගත්කමක් තියනවා අපිට නොතේරෙන. හ්ම්ම්… මම කියන්නද දෙයක්…

*මොකක්ද සර්…

ඔයා කසුන් මෑන් එක්ක හිතවත් වෙන්න බලන්න …

*ඔව් සර්…. සර් හිතවද මම එහෙම නොකර ඉඳියි කියලා. මම දැනටමත් උත්සාහ කරනවා. නමුත් මෑන් හරිම ගුප්ත චරිතයක්. වැඩිය සමාජශීලි නැහැ.

හ්ම්ම් …ඒකත් එහෙමද …? එහෙනම් මෑන්ව වෙනත් විදිහකට හිතවත් කරගමු අපි.

**වෙන විදිහකට… ඒ කොහොමද සර්…?

මම ලඟ තියනවා ඒකටත් සාර්ථන සැළසුමක්.. කමක් නැහැ . තව ටිකක් ඔයා උත්සාහ කරලා බලන්න කසුන්. වැඩියෙන්ම එපා. එතකොට මෑන්ට අපි ගැන සැක හිතෙන්න පුළුවන් . කව දවස් තුනක් බලන්න . ප්‍රථිපල රහිත වුවොත් මම මගෙ සැළසුම ඔයාලට කියන්නම්.

**මටත් කියනවද…?

ඔව් … මම කරන්නේ හිඟාකන එකනෙ. මට පුළුවන් හිඟාකන්ඩ විතරයි.හෙි සැළසුම ක්‍රියාත්මක කරන්න වෙන්නෙ ඔය දෙන්නට…

*අපිට….? ( පුදුමයෙන් )

ඔව් ඔය දෙන්නට තියනවා පොඩි නාටකයක් රඟපාන්න… මම ඒ ගැන කියන්නම් පස්සේ ….


මතු සම්බන්ධයි…….





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now