අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 08 වන කොටස
………………………………………………
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
………………………………………........
………………………………………………

අළුයම අවධිව සුපුරුදු පරණ වේෂයට අනුගතවී පුරුදු මාර ගස යට නිදාගත්තෙමි. සුපුරුදු පරිදි අළුයම කෑම පාර්සලයක් දී තම හිතවතා සේවයට වාර්තා කරන ලදි. මා හිඟමනේ යෙදෙමින් සිටිමි. හෝරාවක් පමණ ගතවන්නට ඇති. හුරුපුරුදු හාදයෙක්
රථවාහන පොලීසියට අයත් යතුරුපැදියක ඇවිත්. මා අසල නතර කරන්නට විය. ඒ වෙනකෙකු නොව උපපොලිස් පරීක්ෂක රවින්ද්‍ර ය. එක වරක් මාදෙස බලා තම ජංගම දුරකථනය අතට ගෙන යමෙකුට ඇමතුමක් ගත්තේය. `` ශාන්ත .. මම SI රවින්ද්‍ර. තමුසෙ ඇතුලෙද…? හා.. හරි පොඩ්ඩකට එනවකො එලියට. මම මෙි එලියෙ මාරගහ ලඟ ඉන්නෙ ´´ කියමින් මාදෙස බලා මා සිටි තැනින් සැළකිවයුතු දුරක් ගොස් තම යතුරුපැදිය නවත්වාලන්නට විය. සූළු මොහොතකින් පසු ශාන්ත හාදයා එතැනට පැමිණ හේ හමුවිය.

මා බිම පිරිමදිමින් ඔවුන්ගෙ කතාබහට
ඔවුන්ට නොදැනෙන පරිදි සවන්දීමට උත්සාහ ගත්තෙමි.

** මොකද තත්ත්වය … අවුලක් නැහැ නෙ..?

*තවම නම් කේස් එකක් නැහැ සර්. බලමු
නේද ඉතින්.

**තමුසෙ බය නැතුව ඉන්නවා. මම කවර් කරලා දෙන්නම්. හරි.. එතකොට අර වැඩෙි මොකද…?

*ඒ වැඩේ සර්. දැන්ම කරන්න බැහැ. මම ඒගැන ඇහැගහගෙන ඉන්නෙ..

*හරි හරි… සෙනසුරාදා GF එනවකො. අපි වැඩි විස්තර කතා කරමු. මතක තියාගන්නවා. මොනම හේතුවකටවත් මට කෝල් ගන්න එපා. ගන්නවා නම්. කාසි දාන එකකින් අරගෙන තැන කියනවා. මම එතනට එන්නම් හරිද…?

*හරි සර්…

**හ්ම්ම්… බය නැතුව ඉන්නවා අයිසෙ. මම ඉන්නවනෙ. මම කියන දේවල් තමුසෙ කරනවා වගේම , මම තමුසෙව කවර් කරනවා එන හැම දේකින්ම. එච්චරයි. හරි හරි එහෙනම් සෙනසුරාදා උදේ එනවකො. මම ගියා.

මිටෙන්හල කුරු⁣ල්ලෙකු මෙන් පොලිස් නිලධාරී එතනින් නික්ම ගිය අතර, රෝහල් කම්කරුවාද එසැණින් නික්ම යන ලදි. මා ඈතින් පේනමානයේ පසුවන නියෝජිත J50 දෙස බැලුවෙමි. ඔහු දුම්වැටියක් දල්වමින් පසුවන්නේය.
`` මෙි යකාට දුම් බීල එකක් වෙනවා වැඩි කල් නොගොස් ´´ මා මටම මිමිනුවෙමි.
දහවල් කාලයේදි ලැබුණු සිගමන් මුදලින්
දවල් බත්පත කෑමෙන් පසු. `` මෙි GF කියන අනුවර්තන නමින් හැඳින්වූ තැන මොකක්ද ´´ කියා කල්පනා කරන්නට විමී.
ඒ වගේම අද හවස මා සටහන් කරගත් මියගිය මිහිරාණිගේ රාජකාරි ජීවිතය තුල
තමන් රාජකාරි කරන ලද ලගම අයවළුන්ගේ නාමාවලිය පිලිබඳ අධ්‍යනය කරන්නට සිතාගත්තෙමි. දහවල ගෙවී ගොස් රාත්‍රිය උදාවෙත්ම. කාර්යාලය වෙත ගමන් ගත්තෙ මා හිතාදර සහයකයා හමුවීමටය.

එන්න කසුන්… වාඩිවෙන්න ඇවිත් …
ඉතින් මට බලාපොරොත්තු සහගත උත්තරයක් ලැබෙයිද විෂයට අදාලව…?

*සර්… ශාන්තගෙන් නම් එහෙම සුභදායී
දෙයක් බලාපොරොත්තු වෙන්න නම් බැහැ. හැබැයි මෑන් තව කීපදෙනෙක් ලඟින්ම ආශ්‍රය කරනවා කියලා නම් පේනවා.

මොන ජාතියෙ අයද…?

*එහෙම විශේෂ අය කියලා කියන්න අමාරුයි . හැබැයි කැන්ටිමේ හාදයෝ ටිකනම් ටිකක් ලඟින්ම ආශ්‍රය කරනවා කියලා පෙනුනා…

අනර්ඝයි …. මම හිතන දේම වෙනවා එහෙනම් …

*ඒ මොකක්ද සර්….

හපොයි බැහැ. දැන්ම කලින් වැඩියි. හරියටම කරුණු රැස්කරගෙන පූර්ණ නිගමනයට එනතුරු. වචන ඉස්සර කරගෙන බැහැ යාළුවා… දිගටම නිරීක්ෂණ කටයුතු කරගෙන යන්න.
හැමදේකටම වෙලාවක් තියනවා. වෙලාව එනතුරු ඉවසගෙන ඉන්න වෙනවා.
මොකද ශක්තිමත් විග්‍රහයකට අවශ්‍ය වන්නේ සාර්ථක නිගමනයක් නම් , ඒකට
සීයයට සියයක්ම සූක්ෂම හා උපක්‍රමශීලී
නිරීක්ෂණයන් කරන්නම වෙනවා කියලා තදින්ම මතක තියාගන්න. ගණනීය දින තුනෙන් එක් දිනක් ගෙවිලා ඉවරයි. තව දින දෙකයි ඔයාට තියෙන්නෙ ශාන්තව මිතුරු කරගන්න. මම දන්නවා කසුන් මෙවැනි පුද්ගලයෙක් මිතුරු කරගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙි කියලා. නමුත් බන්ධනාගාරගත වෙලා ඉන්න තරුණයගේ ඉදිරි ජීවිතය අඳුරු වෙනවද, නැත්නම් සොඳුරු වෙනවද කියලා තීරණය වන්නේ අපි දෙන්නගෙ ක්‍රියාවන් හා ඒවා ක්‍රියාත්මක කරන වෙිගය අනුව.
ඉතින් අපි යුහුසුළුව කටයුතු කරන්න වෙනවා. නිර්දෝශි පාර්ෂවය මෙි උගුලින් ගලවා ගන්න නම්. මොකද ඊලඟ නඩු වාරයේදීත් පොලීසිය සැකයේ වැඩි වාස්ය එයාලාගෙ පැත්තට හරවාගන්න කටයුතු කලොත් අර නිර්දෝෂි කොල්ලට ජීවිතාන්තය දක්වා මහඋළුගෙදර කූඩු ගනින්න වෙයි. මොකද ලැබිලා තියෙන සාක්ෂි අනුව කොල්ලට බේරෙන්න තියෙන ප්‍රවණතාවය බොහොම පහල අගයක තමයි තියෙන්නෙ . අනික මෙි කේස් එක වහන්න අර පොලිස් උන්නැහේ
ලොකු ගේමක් දෙනවා. ඒක මට මෑන්ගෙ කතාවෙන් තේරුනා.

*කතාවෙන්….? ඒ කියන්නේ සර් මෑන්ට කිට්ටු කරාද…?

හහ් හහ් නෑ… ඒ මෝඩයා මට කිට්ටු කරා.

*මොකක් …? මට තේරුනෙ නැහැ.

මෑන් අද දවල් ශාන්තව හමුවෙන්න මාරගහ යටට ආවා. ඇවිත් වහෙන්හොරෝ කියන දේවල් ම⁣ට යාන්තමට ඇහුනා. එතනදී මෑන් කිව්වා. `` මම මෙි ටික කවර් කරගන්නම් ´´ කියලා.

*මෝඩ යකෙක් නෙ මෑන්. එතකොට සර් ගැන සැක හිතුනෙ නැහැ.

බාගවෙලාවට නැතුව ඇති. මොකද මම හිඟන්නෙක් වගේම ටිකක් මොංගල් ඩයල් එකක් හන්දා. මොකද මෙි වගේ සිදුවීමක් වුනහම අවම මාස හයක්වත් යනතුරු අපේ යුනිට් එකට එන්නෙ නැහැ නෙ මෙි වගේ කේස්. ඒක මෑන් සහසුද්දයෙන්ම දන්නවා ඇති. ඉතින් කොහොම වුනත් මෑන් ඒ කතාබහ කරේ හුඟක් ඈත ඉඳලා. පරිස්සම් වෙන්න දන්නවා. ඒත් වැඩිදුර හිතන්නේ නැහැ . ඒක අපිට අමතර වාසියක්.

*ඒකෙන් සනාථ වෙනවා මෑන් මෙිකෙ ඉන්නවා කියලා.

හරියටම හරි කසුන් …

*ඒක සීයයට සීයයක් ඇත්ත තමයි සර්.
එතකොට ඔය ඇතුලෙ යන ගේම මොකක්ද ..? අඩුම තරමෙ මට ඒ ගැන ඉඟියක් වත් දෙන්න බැරිද…?

හපොයි පුළුවන් … මොකද බැරි. ජන අවන්හලක් නැත්නම් කැන්ටිමක් කියන්නේ දෙයක් බෙදාහැරීමට පහසු මගක් කියලා මතක තියාගන්න එච්චරයි.

*හරි හරි මට තේරුනා සර්…

හරි … අපි දැන් තව කතාවකට අවතීර්ණ වෙමු. පොලිස් උන්නැහෙයි , ශාන්ත අතරයි ඇතිවුන කතාබහ තුල මට ඇහුනා මේ සෙනසුරාදා GF එකේදී හමුවෙමු කියලා.

*GF එකේදී …?

ඔව් …. GF එකේදී.. මොකක්ද මෙි GF කියන්නේ. පොදු ස්ථානයක නමක්ද, නැත්නම් අවන්හලක, බාර් එකක , නැත්නම් එයාලාම එයාලට හමුවෙන්නම තෝරාගත් තැනක්ද කියලා අපි ඉක්මනටම හොයාගන්න ඔීන. මොකද වැදගත් කතාබහක් ඔය GF එකේදී වෙනවා කියලා මට තක්කෙටම කියන්න පුළුවන්. කසුන්ට එහෙම අනුමාන කරන්න බැරිද මොකක්ද මෙි GF කියන්නේ කියලා.

*හ්ම්ම්… ඉන්න බලන්න. නිදහසේ කතා කරන්න නම් ඉතින් ගෝල් ෆේස් තමයි..

හහ් හහ් හා… විශිෂ්ඨයි යාළුවා.. ඔය කිව්වෙ. මම ටිකක් බර දැම්මෙ මොකද වෙන්නෙ කියලා බලන්න. හරියටම හරි.
අපි සෙනසුරාදා GF යමු එහෙනම්.
මොකද අපිට සිද්ධවෙනවා එතනට අනිවාර්යයෙන්ම යන්න. කතාබහට නම් සවන්දෙන්න බැරි වෙිව්. නමුත් මෙි දෙන්නා විතරයිද නැත්නම් සමූහයක හමුවක්ද කියලා අලිට සහතික වශයෙන්ම බලාගන්න මෙික මහඟු අවස්ථාවක් වෙනවා නොඅනුමානයි.
තව දෙයක්.. මට ටිකක් මෙිවගෙන් මිදිලා, නිරවුල් පරිසරයක හෝරා කීපයක් ගතකරන්න ඔීනකමක් තියනවා. ඇත්තටම කියනවා නම්
මෙි විෂයට අදාල වුනත් , බාහිරෙන් මෙහි අභ්‍යන්තරය දෙස බලන්න වුවමනායි. මොකද දැන් අපි ලි⁣ඳේ ඇතුලෙ ඉඳගෙන ලිඳ දිහා බලන්නෙ. නමුත් ලි⁣ඳේ මතුපිට ඉඳලා ලිඳට එබිකම් කරන්න මට වුවමනාවක් තියනවා. එතකොට මහහැරුනු දේවල් ගොඩක් අපිට පේන්න ගන්නවා.

*හරියට අපි ඇඳුමක් ඇඳලා කැඩපත ඉදිරියට ගිහින් බලනවා වගේ දෙයක්.

ඔව් … හරියටම හරි කසුන්… අදයි හෙටයි ඔහොම යමුකො. අනිද්දා ( සෙනසුරාදා ) බලමු අළුත් යමක් හොයාගන්න. මෙි කාරණාව හන්දා සඳුදා
මගෙ තවත් සැළසුමක් ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා.
මොකද අනිද්දා වෙනකොට ඔය ශාන්ත ගොයියව සුළුවෙන් හෝ හිතවත් කරගන්න බැරි වුනොත් , අපිට අපේ ඊලග පිම්ම පනින්න බැරිවෙනවා. ඉතින් ඒක අපිට ලොකු අවාසියක්.

*සර් මට කිව්වෙ දින තුනක් දෙනවා කියලනෙ. ඉතින් දින තුන අනිද්දට ඉවරයි නේ…?

ඔව් .. නමුත් ඊලඟ දවසේ ඒක කරන්න අපිට බැහැ . මොකද සෙනසුරාදා මෙයාලගෙ ඔය කියන සංවාදය පවත්වන තැනට අපි යන්නම ඔීන. අපි ඉරිදත් මගහැරලා සඳුදම සැළසුම ක්‍රියාත්මක කරමු. මම ඉරිදා කියන්නම් මොකක්ද කරන්න ඔීන කියලා.

*හොඳයි සර්…

සඳුදා ඉදලා අපි නිරීක්ෂණය කරනවට වඩා අපේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න ඔීන. මොකද අපිට තව තියෙන්නේ දින තිස් හතක් වගේ කාලයක්.

*ඔව් සර්…

ඒ හන්දා මෙි. සාක්ෂි බොරු කියලා විතරක් නෙමෙි, මෙිකට සුළුවෙන් ඉඳලා මහාපරිමාණ දක්වා වගකිවයුතු සියලුම අයව අපි කොටුකරගන්න ඔීන. තව පියවර තුනක් නැත්නම් හතරක් විතරයි අපිට තියන්න තියෙන්නෙ. ඒ ටික සැළසුම්සහගතව හරියටම තියන්න ඔීන.
නැත්නම් අර නිර්දෝශි කොල්ලා ඉවරයි.

*ඔව් සර් අපි දෙමු ගේමක් මෙයාලට හිතාගන්න බැරිවෙන්න…

හිඟන්නෙක් ට සර් කියන්න තමුන්ට ලැජ්ජා නැද්ද ( සිනාසෙමින් )

*සර්… රටේ බහුතර ජනතාව හිඟන්නන්ට සර් කියන එකේ. මම නාමික හිඟන්නෙකුට සර් කියපුවාම ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද …. ?

ඔව් හැබෑටම. වැඩක්පලක් නොකර අනුන්ගෙන් යැපෙන සේරම හිගන්නෝ තමයි. අබාධිතයෙකු ඇරෙන්නට නේද..?
හරි.. යාළුවා… හොඳයි වෙනත් යමක් තියනවද. දැනගන්න මගෙන්…?

*දැනට නම් නැහැ…

Ok .. u can leave now…

*thank u sir. Good night..

Same to u friend…

තම සහයකයා නික්මගිය පසු. මිහිරාණි
විසින් තම රාජකාරි ජීවිතයේ ඇසුරුකල ප්‍රමුඛ පෙලේ පුද්ගලයින්ගෙ ලැයිස්තුව අතට ගත්තෙමි. හොඳයි මාධව අපි වවුනියාවෙන්ම පටන් ගමු. හ්ම්ම් ( දිග සුසුමක් හෙලමින් ) මෙි ලැයිස්තුවනම් ටිකක් බරපතල් වැඩියි වාගේ. හරි මෙහෙම කරමු. මෙතනින් මියගිය අය හා
කුමක් හෝ හේතුවක් මත සේවයෙන් අස්ව ගිය අය ගැන අවධානය යොමු කරමු. මියගිය අය මියගියේ කෙසේද යන්නත් හොයාබලන්නම වෙනවා. සමහරවිට මෙතන තියෙන්න පුළුවන්
නොසිතූ ප්‍රබල හෝඩුවාවන්. ජංගම දුරකථන අතටගත් මා දුරකථන ඇමතුමක් ගත්තෙ තම සහය ⁣නියෝජිතයා වෙතය.

නියෝජිත ජනිත් …

**ඔව් සර්…

පොඩ්ඩකට මගෙ කාර්යාලයට එන්න පුළුවන් ද.

**අපෝ එන්නම්.. මට විනාඩියක් දෙන්න.

හොඳයි …..

මොහොතක පසු….

**excuse me sir…..

Sure .. එන්න නියෝජිත ජනිත්…
Have sit…

**thank u sir… so … whats the matter..?
Any special …?

Yeh… its very important matter.

**so… tell me sir….

ඔයාට පේනවද මෙි ලිස්ට් එක. කියමින් මා නාමාවලිය මෙිසය මත තබා ඔහු දෙසට තල්ලු කෙරුවෙමි.

**සර් මොකක්ද මෙි ලිස්ට් එක…?

ඔීක ටිකක් වැදගත් ලිස්ට් එකක්.
මට ඔීන ඔය ඉන්න අයගෙන් මිය ගිය කවුද.. ඒ වගේම ඒ අය මියයාමට හේතුව මොකක්ද කියලා දැනගන්න. සමහරවිට මෙතනින් සේවයෙන් ඉල්ලා අස්වුන අය ඇත්නම් ඒකට තුඩුදුන් හේතූන් මොනවද කියලා.

**ටිකක් බොන්න ඔීන ප්‍රශ්නයක්. නමුත් අපි හොයමු නේද…? මෙික අපේ වව්නියාව ක්ෂේත්‍ර ඔත්තුකරුවන්ට ෆැක්ස් කරමු. අනිත් ටික ඉතින් මරදානෙ අයට භාරදෙමු. එච්චරයි.

ඔව් .. නියෝජිත ජනිත්. මම දන්නවා මෙික පොලීසිය හරහත් දැනගන්න පුළුවන් කියලා . ඒ ක්‍රමය මෙි වෙලාවෙ කරන්න බැහැ.

**ඔව් ඔව් සර්… ඒක අවධානම් වැඩක්. මොකද රවින්ද්‍ර ලොක්කා දැනගන්න පුළුවන්. එහෙම වුනොත් හරිම අවුලක් තමයි වෙන්නෙ. මට තත්ත්වය තේරෙනවා. මම හෙට උදෙන්ම මැසේජ් එක දෙන්නම්.

ඒ වගේම මෙික ඉතා හදිස්සියි කියලත් දැනුම් දෙන්න ඔීන.

**අනිවාර්යයෙන්ම සර්.. මෙික අද හෙටම වෙන්න ඔීන වැඩක්. හරි… මම මෙික තියාගන්නද…? සර් ලඟ කාබන් කොපියක් තියනවද…?

ඔව් ….මොකක්….? ආයේ කියන්න බලන්න. මොන කොපි එකක් ද…?

**කාබන් කොපියක් සර්…

හපොයි දෙවියනේ… මට කොහොමද ඒක මගහැරුනේ…

**ඇයි ඇයි සර්….

Tight spelling typing .. නියමයි නියෝජිත ජනිත්… නියමයි.

**සර්….?

**Tight Spelling typing …. ?

ඔව් ….. මම ඔයාට කියන්නම් ඒ ගැන.
මට ටික කාලයක් දෙන්න ඒකට.

**ok ok… මට තේරුනා. සර්ට ටිකක් පාඩුවෙ ඉන්න දුන්නා නම් හරි වගේ මට හිතෙන විදිහට…

ඔව් හරියටම හරි….. ඒක තමයි මට මේ වෙලාවෙ කරන ලොකුම උපකාරය.

**හරි සර් මම යනවා මෙිකත් අරගෙන. වැඩෙි ඉක්මනට වෙයි. එහෙනම් සුභ රාත්‍රියක්…

සුභ රාත්‍රියක් නියෝජිත ජනිත්…

`` ජැක්පොට් මාධව ´´
මා මටම මිමිනුවෙමි. එහෙනම් මෙිකයි හිස් කොලයේ සිද්ධිය.



මතු සම්බන්ධයි…….




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now