⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 01 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පෙර කොටස -

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

``ඔබට සාක්ෂි සැඟවීමට නොහැකි නම්.
අනතුරෙ වින්දිතයෙකු ලෙස රඟපාන්න ´´

හ්ම්ම්… මාධව… ඒ පොතත් ඉවරයි.
වින්දිතයෙකු ලෙස රඟපෑවත්. එහෙම රඟපාන්න ලේසි පුතෙකුට බැහැ නේද…?
================================
මාස තුනකට කලින් ඉවර ලද මෙහෙයුමෙි උණුසුම දැන් පහවගොස් ඇති බැව් පෙනේ. මොකද අපේ ජාතියට මතක තියෙන්නෙ උපරිම දින හතයි ලු නෙ. ඉතින් ඒක ගැන අරුමයක් නැහැ. ඒක කරුමයක් මිසක. ඒකනෙ මෙි රට මෙි තත්වයෙන් තියෙන්නෙ. එක අතකින් බලපුවාම මෙි රට මෙි තත්වයෙන් හරි තියෙන එකත් ආශ්චර්යකි. කොහොම වුනත් `` අමරබන්දු රූපසිංහ ´´ කියන
දේශපාලකයා ජනතාවට උපාසක මුහුණ පෙන්වමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම රට පුරා දශක තුනකට ආසන්න කාලයක්
පවත්වාගෙන අවසානයේදී රටෙි සමස්ථ ජනතාවටම ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් කිසියම් හෝ රහසිගත කණ්ඩායමක් ඔහුව ඝාතනය කරන ලදි. පසුව CDI ඒකකය ඔවුන්ගේ සමස්ථ කල්ලියම උපක්‍රමශීලීව ආක්‍රමණය කරමින් පවතී.
වෛද්‍ය දුනිත්ද තමන්ගෙ වෛද්‍ය සේවය පෙරට වඩා කාර්යක්ෂමව කරගෙන යනු ලබන්නේ ප්‍රායෝගිකව පාඩම් කීපයක් අප විසින් ඉගැන්වීමෙන් පසු බැව් අපි කණ්ඩායම පමණක් දනිමු. ජොනීද සියළු වැරදි දේවල් අතහැර දෙහිවල සත්වෝද්‍යානයේ වැඩකටයුතු කරමින් පසුවන අතර සේපාලිකා හා මිල්ටන් කෙමෙන් තවත් ජාවාරම් කරුවන් පසුපස ලුහුබඳිමින් සිටියි. සයුරිද සුපුරුදු හෙද සේවයේ යෙදී සිටීම සතුටට කරුණකි.
⁣එතකොට බත් වයලට්…..?

ටික් ටික්…. ටික ටික්…. කල්පනා සයුරෙ කිමිදී සිටි මා අවදි කරන්නට වුයේ මාගේ විශේෂිතවූ ස්මාට් ජංගම දුරකථනයයි.

හෙලෝ සර්….
*හෙලෝ මාධව. ඉතින් කොහොමද..?
මාධව නිවුස් බැලුවද...?

ඔව් සර්... අර හලාවත වෙරළෙ තිබිලා මෘත ශරීරයක් හමුවෙලා නේද...?

*ඔව් … ඒ සිද්ධිය තමයි.. අපිට ඒ ගැන බලන්න වෙයි මට හිතෙන විදිහට මාධව.

ඒ මොකද සර්.. ඒකෙ වැඩකටයුතු පොලීසිය බලාගනියි නෙ.

*නෑ ඒක ඊට වඩා බරපතල් කාරණයක්. ඒ ඉන්නෙ මහාචාර්ය විනීත ජයසිංහ. මිනිහා ඊයේ රෑ උකුස්සට කතා කරලා ``ලොකු විනාශයක් අතලඟ සර් ´´ කියලා කෝල්එක කට් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි උදේ හලාවත බීච්කෙ තිබිලා මෘත ශරීරය හමුවෙලා තියෙන්නෙ

*හැබෑටම ....? හ්ම්ම්…ඒකත් එහෙමද ...?
උකුස්සා මිෂන් එක අපිට භාරදෙයිද...?

*ඔව් මාධව බලාපොරොත්තු ⁣තියාගෙන ලෑස්ති පිට ඉන්න ... මොකද උකුස්සට මෙි ගැන හොයන්න වඩාත්ම සුදුස්සා කියලා රෙකමදාරු කරන්නෙ තමුසෙව. මොකද ඒකට මට සාධාරණ හේතු තියනවා. ඒ හන්දා ලෑස්තිපිට ඉන්න. එහෙනම් මම තිබ්බා ජයවේවා.

හ්ම්ම්… හරි සර් ජයවේවා ( දුරකථනය විසන්ධි විය )

**ටැන්ට ටෑන් ටෑන්…. මෙන්න සර් ආසම කළුකුම් ඩෙවල් එක…. කියමින් පිසින ලඳ මස් පිඟානක් අතැතිව ආවෙ මා හිතමිත්‍ර කසුන්ය.

ෂාහ්හ්හ්හ් මරුනෙ… කසුන්මද මෙික හැදුවෙ….?

**ඔව් සර්… ඇයි ෂැකද…?

නෑ නෑ එහෙම දෙයක් නැහැ. මට මෙිකෙ පාටින් ම කියන්න පුළුවන් මෙික රසට ඇති කියලා. ඕකට දාලා තියෙන සුදුළුෑණු මිශ්‍රණයෙන් ඒ බව මනාවට පැහැදිලි වෙනවා. එහෙනම් අපි කාලා යමු..

**ඒ කොහෙද සර්…..?

අර අද උදේ නිවුස් වලට කියපු මර්ඩර් එක මතකයි ද….?

**ඔව්… ? (තම නළලට , තම සුලැඟිල්ල තබා පිරිමදිමින් )

ඒ වෙන කවුරුවත් නෙමෙි මහාචාර්ය විනීත ජයසිංහ..

** විනීත ජයසිංහ ….? ඒ කියන්නේ අර ප්‍රසිද්ධ ජීව විද්‍යාඥ්ඥයා නේද….?

හරියටම හරි කසුන්… මෑන් තමයි….
මෑන් මැරෙන්න කලින් උකුස්සාට කතා කරලා තියනවා…

** උකුස්සාට….?

ඔව්… උකුස්සාට…. වචන දෙක තුනයි කතා කරලා තියෙන්නෙ. ඇමතුම විසන්ධි වෙලා තියෙනවා. බොහොම කලබලයෙන් කතා කරලා තියනවා කියලා අනුමාන කරන්න පුළුවන් අපිට ඒ හදිසියේම විසන්ධි වුන එකෙන්.

** මොනවද සර් මෑන් කියලා තියෙන්නෙ..?

``ලොකු විනාශයක් අතලග´´ කියලා තමයි කියලා තියෙන්නෙ.

**ඕහ්හ්හ් ඒකත් එහෙමද…? එකයි මෙිකයි අතර සම්බන්ධයක් තියනවද කියලා අපිට හොයන්නම වෙනවා. අපි ඉක්මනට උදේට කාලා එතනට පිටත් වෙමු එහෙනම් ..

හරියටම හරි…. මමත් කියන්න ගියේ ඒක තමයි….එතකොට අපිට රෑවෙනකොට නැවත එන්න පුළුවන් වෙයි. කොහොමත් අපිට මෙි කේස්එක භාරදෙන්න කලින් හෝඩුවාවන් ටිකක් රැස්කරගන්න එක හොඳයි…

**ඔව් සර්………

වෙිගවත් ජැගුවරා යතුරුපැදියෙන් ගමන්ගත් අපි දහවල් වනවිට හලාවත වෙරලේ සිද්ධිය සිදුව ඇති තැනට ලඟාවීමට හැකිවිය. ඒවනවිට මෘතදේහය එතනින් රැගෙනගොස් තිබූ අතර , හලාවත පොලීසිය විසින් කහපැහැති ඉටිරෙදි පටි වලින් එම සීමාව සීමාකර තිබුනා. එතනට පිවිසීම නොකල යුතු යැයි අවවාදාත්මක වැකි එම පටිවල සුපුරුදු ලෙස මුද්‍රණය කර තිබුනි. එක් පොලිස් නිලධාරියෙක් පමණක් එහි මුරට සිටියා.

***හා හා…. මහත්තයා මෙතනට යාම තහනම්. පේන්නෙ නැද්ද සීමා කරලා තියනවා.

කොස්ටපල්… මම අයිපී වසන්ත කුමාර. කියමින් මගේ තවත් ව්‍යාජ හැඳුනුම්පතක්
ඔහුට දිගු කරා.. මම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයෙන්… මෙි මගෙ සහයක එස්අයි පවන් පෙරේරා…

*** හා… සොරි සර්… ( හැඳුනුම්පත දෙපැත්ත පෙරලා හොඳින් පරික්ෂා කර ආපසු ලබාදෙමින් )

ඒකට කමක් නැහැ… මට පොඩ්ඩක් ඇතුල පරික්ෂා කරන්න ඕන…

***අපොයි පුළුවන් සර්…

යමු පවන් ….
අප දෙදෙනා සීමාව ආසන්නයට විත් එම භූමිය දෙස මනාව පරික්ෂා කෙරුවා. නමුත් වැලි සහිත භූමියක් නිසාවෙන් කඩඉම පසු නොකරන්නට අපි වගබලා ගත්තා.

පවන් ඇද්ද බලාගත්තා …..?

*සර්ට ඇද්ද ….

ඔව්…. ඔය ෆෝන් එකෙන් ෆොටෝ ටිකක් ගහගන්න විවිධ කෝණයන් වලින්. අපි යන ගමන් කතා කරමු.

*හොඳයි සර්…

කවුද … කොස්ටපල් …

***සර්….. ?

දවල්ට කාලද ඉන්නෙ… ?

**තවම නෑ සර්….

මොනවා… තවම නෑ… ?

**ඔව් සර්… මෙතන දාලා යන්නත් බැහැ නෙ..

ඒක ඇත්ත තමයි…. තනියමද ඉන්නෙ…?

**ඔව් සර්… අද අපේ තැනේ කට්ටිය පොඩ්ඩක් අඩුයි.

පොඩ්ඩක් ඉන්න … පවන් …

*සර්… ?

මෙයාට කෑම එකයි , තව ලොකු වතුර එකක් අරගෙන එන්න.

*හරි සර්….

**නෑ සර්… එහෙම එපා….

පිස්සුද මනුස්සයෝ… නොකා නොබී මොනවද කරන රාජකාරි…
කසුන් නොපෙනී යනතුරු සිට නැවත පොලිස් නිලධාරීයා සමග සුහද පිලිසඳරක මා නිරත වුනා.

ඉතින් කොස්ටපල්….

**සර් මම ජයසූරිය ….

හ්ම්ම්… ජයසූරිය අපි වගේ කීදෙනෙක් ආවද සිවිල් ඇඳුමෙන් මෙතන බලන්න.

**සර් මීට පැයකට කලින් දෙන්නෙක් ආවා.

හැබෑටම …? කොහෙ කට්ටියක් ද…?

**සර්ලා ආපු තැනින්ම තමයි…

එයාලගෙ අයිඩී හරිද….?

**මම සර් අයිඩී බැලුවෙ නැහැ. ඩීඅයිජී සර් මට කෝල් එකක් අරගෙන කිව්වා දෙන්නෙක් එනවා කියලා.

හා හරි හරි…. මට ඒ සර් එක්ක කතා කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ජයසූරියට පුළුවන් ද මට ඒ නම්බර් එක දෙන්න..?

**පුළුවන් සර්…. මෙන්න …

පොලිස් නිලධාරියාගෙ දුරකථනයේ තිබූ අංකය මම මගේ දුරකථනයේ සටහන් කරා.

බොහොම ස්තුතියි.. ඒ දෙන්නා කොච්චර වෙලා මෙතන හිටියද…?

**සර් පැය බාගයක් විතර…

පොටෝත් ගැහැව්වා …?

**ඔව් සර්…

හැඩහුරුකම් මොන වගේද….?

**දෙන්නම අඩි පහක් විතර ඇති.

ඒ කියන්නේ දෙන්නම එක සමාන උස..?

**ඔව් සර්…

එතකොට මුහුණවල්… මොන වගේද..?

** දෙන්නම නොණ්ඩ රැවුල් වවාගෙන හිටියේ එක්කෙනෙක්ගෙ බඩ ටිකක් වැඩියි.

හ්ම්ම්… හොඳයි. අයිපී සිරිවර්ධන ඇවිත් තියෙන්නෙ. අ…. එතකොට ඇඳගෙන හිටියෙ මොනවගේ ඇඳුම්ද…?

**සර් නිල්පාට ඩෙනිම් දෙකක්. ජැකට් දාගෙන හිටපු හන්දා උඩ කොටස ගැන මට අදහසක් නැහැ. ඇයි සර් අවුලක් ද…?

නෑ නෑ කොස්ටපල් එහෙම නැහැ.

ඈතින් පෙනෙන්නට සිටි සහයක කසුන්
පේනමානයට එනවිට කතාව මම නැවැත්තුවා.

*මෙන්න කෑම එක…

**අනේ මන්දා සර්….. සර්ලගෙන් කන්න.

පිස්සු නැතුව කන්න ජයසූරිය. බඩගින්න කාටත් පොදුයි. ඒකට නිලතල , තනතුරු අදාල නෑ. දැන්ම කන්න අපි ඉන්නවා මෙතන කාලා ඉවර වෙනකම්..

**හරි සර්…..

පවන් ….?

*සර්….?

අයිපී සිරිවර්ධන මෙතනට ඇවිත් ගිහින් තියනවා පැයකට විතර කලින් ….( එසේ කියනවිට මම මගේ නාසයට පහලින් , මුවට ඉහලින් ඇති කොටස දඹර ඇඟිල්ලෙන් පිරිමැද්දෙමි. එය කසුන්ට වැටහී ගියාක් මෙන් මට හැඟුනා )

*සර් කියන්නේ අර රැවුල හොඳට වවපු සර් නේද… ?

හරියටම හරි.. මෑන් තමයි.. අපි බලමු එයාගෙ නිගමන මොනවද කියලා.

*ඔව් සර්…

මිනිත්තු කීපයක් වචන භාවිතා නොකර
වටපිට බල බලා පසුවන විට පොලිස් නිලධාරීයා කෑම කා අවසන් විය.

හරි…. එහෙනම් අපි ගිහින් එන්නම් ජයසූරිය…

**හොඳයි සර්. බොහොම ස්තුතියි..

ඒක සුළු දෙයක්… යමු පවන් …

හෝරාවක් පමණ කාලය වැය කල අප දෙදෙනා එතනින් නික්ම යෑමට පෙර, කවුරු විමසුවත් , අප වැනි දෙදෙනෙක් එතනට පැමිණියේ නැති බැව් පවසන මෙන් පොලිස් නිලධාරීයා පොරොන්දු කරවා ගැනීමට අපට හැකිවුනා.

යතුරුපැදිය පණගන්වා මද දුරක් ගෙවා ගොස් මගේ සහයකයා එය නැවැත්වූයේ අප දෙදෙනාගේ පසු කථනයට දැන් වඩා සුදුසු වෙලාව හා පරිසරය යෝග්‍ය බැව් සනාථ කරමිනි.

*ඉතින් සර්… මොකද හිතෙන්නේ…

කසුන් මෙික ටිකක් බැරෑරුම් කේස් එකක්.

*ඔව් ඉතින් අපිට එන්නෙම බැරෑරුම් ප්‍රශ්න තමයි සර්…. ඉතින් ..?

හොඳට බලන්න එතන තියෙන්නෙ පියවර කීපයයි. අනික නිවුස් වලට පෙන්නපු පැත්තට මෑන් වැටිලා හිටියට පා සලකුණු, සලකුණු වෙලා තිබ්බෙ විරුද්ධ දිශාවන්ට. ඒකෙන් නිගමනය කරන්න පුළුවන් පණකෙන්දෙ අවසාන හරියෙදි
මෑන්ව මෙතනට ඇදලා දාලා තියෙන්නෙ.
ඒ ටිකට දුවපු ප්‍රමාණය තමයි ඔය සටහන් වෙලා තියෙන්නෙ.

*ඊට පස්සේ පණ ගියා….

ඔව් කසුන්… එහෙම තමයි වෙලා තියෙන්නෙ. අපිට මෘතදේහය පරික්ෂා කරන්න වෙනවා ඉතුරු ටික හිතාගන්න.

*එතකොට මෑන් මරණ මංචකයේ ආපසු හැරුනේ ඇයි…? ඒක ස්භාවික දෙයක්ද.
නැත්නම් ආයාසයෙන් වෙච්ච දෙයක් ද…?

ඔව් යාළුවා …. ඒක ගැන තමයි අපි ඊලඟට කල්පනා කරන්න වෙන්නෙ. ඔයා දන්නවද.. ඔයා කෑම ගේන්න ගිය අතරෙ.
මම කොස්ටපල් එක්ක ටිකක් කතා කරා.
මෑන්ට නොදැනෙන්න වගේ මම ප්‍රශ්න ටිකක් ඇහැව්වා. ඔයා දන්නවද මෙතන මොකද වෙලා තියෙන්නෙ කියලා මෑන් හිටපු වරුවට…?

*මොනවද සර්…. අයිපී සිරිවර්ධන කතාවද…?

ඔව් … ඔයා තැනේ හැටියට ඇණේ ගැහැව්වා. නියමයි .. මම ඒක ඔයාගෙන බලාපොරොත්තු වුනා කසුන්… ඒ කියන්නේ අපි දෙන්නට අමතරව තව දෙන්නෙක් එතනට ඇවිත් තියනවා.

*එතන ලොකු අවුලක් තියනවද සර්…

ඔව්… කසුන් .. තියනවා අවුලක් නෙමෙි හද්ද අවුලක් තියනවා. හිතලා බලන්න ඒ දෙන්නා CDI වෙන්න බැහැ. මොකද CDI එකට මෙික භාරදෙන්න තව හුඟක් කල් යන්න ඕන. හලාවත පොලීසියට කරන්න බැරි සීමාවෙන් ඔබ්බට යන්න වුනොත් තමයි මෙික CDI එකට බාරදෙන්නෙ. ඒත් මරණය වෙලා මාස තුනක් තියා වරු තුනක්වත් ගෙවී යන්න ප්‍රථම කොහොමද CDI එකෙන් මෙතනට ආවෙ.

*සර් මම මෙහෙම තර්කයක් දැම්මොත්.
අපිට වගේ නිල නොලත් දැනුම්දීමක් කරා වෙන්න බැරිද…?

ඔව් එහෙම හිතන්න තිබ්බා. උකුස්සා CDI එක්ක අපරාධ විමර්ශන විෂයට අදාලව සබඳතා තියනවා නම්. නමුත් එහෙම නැහැ නෙ. එතකොට කවුද මේ ආපු දෙන්නා. …?

*සර් එතකොට ඒ දෙන්නගෙ අයිඩී පරික්ෂා කරලා නැද්ද මෙයා….?

නෑ කසුන්… මෙි පැත්තෙ DIG කතා කරලා කියලා මෙහෙම දෙන්නෙක් එනවා. එයාලට එතන බලන්න දෙන්න කියලා.

*මොකක් …. කෝල් එකකින් …?

ඔව් … කෝල් එකකින්. මම කෝකටත් ඒ කෝල්එක ආපු නම්බර් එක ඉල්ලගත්තා..

*සර් මොකක්ද මට කියන්න හදන්නේ…?

ඔව් කසුන් මෙතන නොමග යැවීමක් වෙලා තියෙනවා මට හිතෙන විදිහට අනුකරණය තුලින්.. කොස්තාපල් කෙනෙක් ගෙයි , DIG කෙනෙක් ගෙයි තනතුරු අහසට පොලොව වගේ. ඉතින් එතන කොස්ටපල් DIG ට පවතින රාජකාරිමය බය හා ගෞරවය හේතුවෙන් පෙරලා ප්‍රශ්න කිරීමක් කරන්න නැතුව ඇති කවුද කියලා. DIG ගෙ හඬයි. මෙි හඬයි සමාන හන්දා ඒ අණට කීකරු වෙන්න ඇති. මට හිතෙන විදිහට.

*ඒ දෙන්නගෙ ශරීර ලක්ෂණ සර් අහගත්තද…?

ඔව්… යාළුවා… උන් දෙන්නව හොයන්නම වෙනවා. මොකටද මෙතනට ආවෙ කියලා බලන්න.

*අපි හොයමු සර්….. එතකොට මොකක්ද මෙි ලොකු විනාශය…?

ඔව්… අපි බලමු මොකක්ද ඒක කියලා.
මෙතන අපිට ලොකු හඹායාමක් කරන්න වෙනවා. දැන් යමු අපි පනාගොඩ මූලස්ථානයට… අපි Dark Head හමුවෙලාම යමු ආපු එකේ.

*හොඳයි සර්….

මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now