අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 01 වන කොටස
…………………………………………………………....
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
…………………………………………………………....
පෙර කොටස - 000000
…………………………………………………………....

මහරගම එක්තරා මාවතක අපිරිසිදු වූත් , පරණවූත්, සැරව ගලමින් ඇති තුවාලයක හිමිකරුවෙකු නුග ගසක් යට වාඩීවී සිඟමන් අයදිමින් සිටියි. සැබැවින්ම ඒ වෙන කවුරුවත් නොව , ඒ මායි. ඒ තවත් ඝාතනයක සුලමුල හා එයට වගකිවයුතු පාර්ෂවයන් සොයාගැමෙි අටියෙනි. ඒ යාචකයාට සෑම දිනකම උදා ආහාරය සිගමන් ලෙස ලබාදෙන මාවතේ ඔබ මොබ ගමන් කරන මගියෙකු වෙයි. ඔහු වෙනකෙකු නොව මා හිතමිත්‍ර, මගෙ සහයක කසුන් ය.

මසකට පෙර………

" ජීවිතයේ සමහර අවස්ථාවන්වල අපට වරදිනවා. ඇතැම් වැරදි හදාගන්න පුළුවන් වුනත් , සමහර වැරදි හදාගන්න අවස්ථාවක් ලැබුනත් , සමහර දේවල් පස්සෙන් පන්නන එකේ සීමාවක් නැහැ . එක අතපසුවීමක් හන්දා මෙච්චර ලොකු දඬුවමක්….? මට දැන් ඇතිවෙලා තියෙන්නෙ . මම හොයන්නෙ සහනය මිසක් , සයනයක වැතිරෙන්න අසහනයක් නම් නෙමෙි. නීතියේ සහය පතන්නත් මට බැහැ. මොකද ඒක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් .මෙි යන විදිහට මට ඉතිරි වෙලා තියෙන්නෙ සියදිවි නසාගැනීම විතරයි "

**මෙච්චරයි ඔෆිසර් මට දුවගෙ බෝඩිමෙන් හොයාගන්න ලැබුනෙ. අනිත් සේරම ගිණිගෙන විනාශ කරලා තිබ්බා අර අපතයා. කොහොමහරි අවසානයේ ඌට දඩුවම් නියම කරලා , මටයි මගෙ දුවටයි සාධාරණයක් කරලා දුන්න එකනම්
වටිනවා …

හ්ම්ම් ඒක ඇත්ත. නමුත් එහෙම වුනා කියලා
තමන්ගෙ දුව ආපසු තමන් ලගට එන්නෙ නැහැ නේද….?

** හ්ම්ම් ( තරමක දිග සුසුමක් හෙලමින් ) ඔව් ඔෆිසර් ඒක ඇත්ත. ඒත් මේවගේ අයට දඩුවම් දුන්නහම තමයි ඒවා දැකලා , අහලා සමාජය හැදෙන්නෙ. කොහොමහරි අවසානයේ මට මගේ
දුව සදහටම අහිමි වනා එච්චරයි වුනේ.

හ්ම්ම් … ඒක ඇත්ත මහත්මයා .. හොඳයි මම ගිහින් එන්නම් . බොහොමයක් ස්තූතියි …

** හොඳමයි ඔෆිසර්…. ඔීන උදව්වක් මම කරන්නම්. මට ඔීන වෙලාවක කතා කරන්න.

හොඳයි ….

මහරගම රෝහලේ හෙදියක ලෙස පුරා වසර දහයක් පමණ සේවය සැපයූ මහිරාණි වත්සලා මෙනවියගේ අභිරහස් මරණය පිලිබඳව විමර්ශන කටයුතු මා ලහි ලහියේ ආරම්භ කරන්නට වුයේ මෙවන විටත් එම මරණයට සැක කරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිපත්කර ඇති හේතුවෙනි. නමුත් මෙි දක්වා ඔහු තමන් නිවැරදිකරු යැයි පවසා සිටින හේතුවෙන් මෙම ඝාතන නඩුව තවත් මාස තුනකට කල් දැමුවෙ. ඔහුව රක්ෂිත බන්ධනාගාරයට අනියුක්ත කරමිනි.

** excuse me …. ( ඔහු තරමක් තරබාරු උස අඩි පහකට නොඅඩු ත⁣ලෙලු පැහැති පුද්ගලයෙකි)

*yes… what can i do for u….?

**මට ඔෆිසර් මාධව දිසානායක හමුවෙන්න අවශ්‍යයි…

*මහත්මයා…මට දැනගන්න පුළුවන් ද. ඔයා කවුද මොකක්ද හේතුව කියලා .

**මෙි මගෙ හැඳුනුම්පත . එයා මගෙ පරණ මිත්‍රයෙක්. මට විශේෂ වුවමනාවකට මුණගැහෙන්න ඔීන.

*ok සර් විනාඩියක් දෙන්න….
( ඔහු අභ්‍යන්තර දුරකථනය අමතයි )

Hello … CI Madhawa Speaking ..

*සර් මම ප්‍රධාන ගේට්ටුවෙන් …

ඔව්….?

*විනුර බංඩාර කියලා මහත්මයෙක් හමුවෙන්න ඇවිත් …

විනුර…. හා හරි . එයාට දෙවන කාමරයට එන්න කියන්න . ප්‍රශ්නයක් නැහැ.

මොහොතකට පසු ….

මචං විනුර im extremely very sorry මචං… ඉතින් කියන්න බලන්න මොකද මාව හදිසියේම හමුවෙන්න හේතුව.

*මාධව…. මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ.

ඔයා……?

*මම කිව්වට මම නෙමෙි . මගෙ පුතා…?

පුතා … ඒ මොකද…? මිනිහා හොඳ එකානෙ.ඇයි මොකද වුනේ….?

*මිනිහා මිනීමැරුමකට චෝදනා ලබලා අත්අඩංගුවට ගත්තා…

මොකක් එතකොට ප්‍රියාන් බංඩාර කියන්නෙ
ඔයාගෙ පුතාද….?

** ඔව් ඔව් මාධව….?

ඔීහ්… මම එයාව පොඩිකාලේ දැක්කට පස්සේ දැක්කෙම නැහැ නෙ. මොකද ඔයා දන්නවනෙ. මගෙ වෘත්තීයමය පරිසරය අනුව බාහිර පුද්ගලයින් ඇසුරු කරන්න බැහැ කියලා. ඒක සම්ප්‍රදායට පටහැනියි නෙ.

**ඔව් මාධව.. ඒක මම හොඳාකාරවම දන්නවා. ඒකට කමක් නැහැ.

හොඳයි… මම මෙි කේස් එක බාරගෙන තවම දවස් දෙකක් විතරයි. එහෙනම් මට ඔයාගෙ පුතා එක්ක කතාකරන්න වුවමනායි.

**එහෙමද .. මට හරිම සතුටුයි. දැන් මට ෆුල් ෂුවර්. එහෙනම් මගෙ පුතා ගැන මට බයවෙන්න දෙයක් නැහැ.

හ්ම්ම් …… " නොපමා වූවෝ නොමියත් , පමා වූයෝ මළවුන් වැනිය " කියලා ලොව්තුරා බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා නෙ. පරක්කු නොකර අපි යමු රක්ෂිත බන්ධනාගාරයට. මට තියනවා පුතාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න.

**හොඳයි දැන්ම යමු… මගෙ වාහනය එලියේ තියෙනවා. අපි ඒකෙ යමු.

හරි අපි යන ගමන් කතා කරමු. මචං විනුර මතක තියාගන්න මට ප්‍රියාන් පුතා එක සැකකාර පුද්ගලයෙක් විතරයි. මමයි එයයි අතර මෙි කාලවකවානුව තුල අඩුම තරමෙ මිත්‍රත්වයේ බැඳීම වත් නැති බව මතක තියාගන්න. මොකද මම මෙතන අපරාධ විමර්ශන නිලධාරියෙක් මිසක , මට හැඟීම් වලට ඉඩදෙන්න බැහැ.

**ඔව් ඒකට කමක් නැහැ…

හ්ම්ම් … අඩුම තරමෙ අපි දෙන්නා පරණ යාළුවො කියලවත් එයා දැනගන්න අවශ්‍ය නැහැ.

**ඔව් ඒක ඇත්ත….

රක්ෂිත බන්ධනාගාරය තුල……

Excuse me … im Detective officer Madawa Dissanayake. I want to meet a new prisoner in ur custody

***Sure … can i see ur professional ID plz

Of course officer ….

Ok… which person u hope looking sir…?

Mr Priyan Bandara… and i want to talk with him alone

***ok … as u wish…

Thank u ….

මද වෙලාවකට පසු …

මා හමුවට පැමිණියේ වයස 25 කට නොවැඩි ඉතා පියකරු පෙනුමකින් යුතු තරුණයෙකි. එකවර මාදෙස ශෝකාකූල බැල්මක් හෙලූ හේ වීදුරු බිත්තියේ එහායින් ඔහු වාඩිවන ලදි. මා විසින් මෙහාපසින් ඇති අසුනෙන් වාඩි වුනෙමි.

හොඳයි … වැඩිය කාලය නාස්ති කරලා බැහැ.
ප්‍රියාන් මම තමයි මෙි කේස් එක විභාග කරන්නේ. මට ඔයා දන්න , ඒ වගේම අත්දුටු සියළුම දේ ගැන හංගන්නෙ නැතුව කියන්න ඔීන. වැදගත් නොවන දේවල් නැහැ . කුඩා කරුණු තමයි හුඟක් වැදගත් වෙන්නෙ මට.

** සර් පොලීසියෙන් ද….?

නැහැ ඊට වඩා වැඩි යමකින්.. හොඳයි අටුවාටිකා වැඩක් නැහැ. මට කියන්න මොකද වුනේ කියලා . මෙි ගෑණු ළමයා කොහොමද අඳුරන්නෙ …? මම කිව්වෙ මිහිරානි ගැන…?

**සර් ……… මට ඒ අක්කව අඳුරගන්න ලැබුනෙ මීට වසරකට කලින් මරදාන රෝහලේදී. ඒ කියන්නෙ මම බයික් එකෙන් වැටුන වෙලාවෙ මාව ඇඩ්මිට් කරේ මරදාන රෝහලට. ඉතින් වැඩිපුර මට සාත්තු කරේ මෙි අක්කා. ඊට පස්සේ අපි සහෝදරයො වගේ ඇසුරු කලා කාලයක්. නමුත් මීට මාස හයක කාලයක ඉඳලා එයාගෙ වෙනසක් මම දැක්කා.

වෙනසක් ….? මොනවගේ එකක් ද…?

**නිකං ශෝකාකූල බවක් වගේ…

ඉතින් නිකමටවත් ඇහැව්වෙ නැද්ද ඒ මොකද කියලා …?

**මම ඇහැව්වා සර්… නමුත් නිහඬව හිටියා මිසක මට මොකුත් කිව්වෙ නැහැ.

හ්ම්ම් ….. ඉතින් ඊට පස්සේ ….?

** ඔව් . දවසක් මට… දවසක් කිව්වෙ ඇත්තටම මෙි මිණීමැරුම වුන දවසේ හවස මට එකපාරටම එයා දුරකථනයෙන් කතා කරලා , හදිස්සියක් කියලා එයා හිටපු නේවාසිකාගාරයට එන්න කියලා.

ඒක නේවාසිකාගාරයක් ද නැත්නම් කුලී නිවසක් ද..?

**ඔව් සර්… ඒක කුලී නිවසක්.

එතකොට ඒ ගෙදර තව කව්ද හිටියේ…?

**කැතරින් ප්‍රනාන්දු කියලා එයාගෙ යාළුවෙක්. එයාත් මහරගම රෝහලේම හෙදියක්.

හ්ම්ම් … නියමයි. ඉතින් ඉස්සරහට යමු. ඒ දුරකථන ඇමතුම මොනවගේද ..? මම අදහස් කරේ හුඟක් කලබ⁣ලයෙන්ද කතා කරේ නැත්නම් සාමාන්‍ය විදිහටද…?

**ඔව් සර්. ඒ වගේම වෙනදට වඩා වචන ගිලිහීමක් තිබුනා.

ඒ කියන්නෙ ලොකු හදිස්සියක්. නමුත් හදිසියේ ස්භාවය දුරකථන කතාබහෙන් කිව්වෙ නැහැ…?

**ඔව් සර්….

නියමයි .. හරි ඉතින් ඊට පස්සේ ….?

**ඉතින් මම බයික් එකට නැගලා ඉක්මනට ගියා.

තනියම …? ගෙදරට නොදන්වාම…?

**ඔව් සර්…

හොඳයි … ඊට පස්සේ….?

**මම එතනට යනකොටත් ගේට්ටුව ඇරලා තිබිබෙ. ඊට පස්සේ මම දොරට තටිටු කරන්න හදනකොට දොර අගුළු දාලා තිබ්බෙ නැහැ. මම ඉතින් දොර ඇරගෙනම ඇතුලට ගියා.

ඒ කියන්නෙ දොරෙ අගුළු අල්ලුව අතින් අල්ලලා දොර ඇරියා..

**ඔව් සර් …

හ්ම්ම් …… පලමු වැරැද්ද. ඒ හන්දා එතන තමන්ගෙ ඇඟිලි සලකුණු මුද්‍රණය වුනා. හොඳයි ඊට පස්සේ….?

**මම ඇතුලට ගියාම තමයි දැක්කෙ මිහිරානි අක්කා වැටිලා ඉන්නවා.

මුනින් අතට වැටිලා හිටියෙ….?

**ඔව් සර්..

හොඳයි ඊට පස්සේ ….?

**මම හිතුවෙ සිහි නැතුව ඇති කියලා. ඒත් ලඟට ගිහින් පිටිඅතට පෙරලලා බැලුවාම තමයි දැක්කෙ ලේ පෙරාගෙන ඉන්නවා.

හොඳයි ඊ පස්සේ ….?

**ඊට පස්සේ මම නාඩි බැලුවා… කරන්න දෙයක් නැහැ එයා ගිහින්.. ( තරමක කණස්සල්ලෙන් )

හ්ම්ම් … ඊට පස්සේ …..?

**ඊට පස්සේ මම ෆෝන් එක අතට ගත්තා වෛද්‍ය සහය පතන්න හිතාගෙන. ඒ එක්කම ලොකු පහරක් මගෙ ඔලුවට වැදුනා මතකයි. මට සිහිය එනකොට මට මාංචු දාලා තිබ්බා . පොලිස් නිලධාරීන් දෙන්නෙක් ලඟ හිටියා.

හ්ම්ම් … එච්චරයි ද…?

** ඔව් සර්….

මට වැඩි වෙලාවක් නැහැ තව. මට කියන්න තව මොනවද දැක්කෙ. එතන..?

**වෙන මොකුත් නැහැ …

එහෙම නෙමෙ පුතා. මෙතනදී සුළු දේත් මට වටිනවා. ඔයාට හිතෙයි මෙික කියන එක නීරසයි කියලා. නමුත් ඒක තමයි මට වැදගත්ම වන තැන. හොඳට කල්පනා කරලා ඉන්මනට කියන්න මට.

**සර්…. අක්කා වැටිලා හිටපු තැන වතුර ටිකක් හැලිලා තිබ්බා.

වතුර ….? එතකොට වතුර හැලුන භාභාජනයත් තිබුනද…?

**නැහැ එහෙම මොකුත් තිබුනෙ නැහැ. මතක හැටියට.

හොඳටම ෂුවර් ද….?

**ඔව් …..

ඔය තියෙන්නෙ …. නියමයි නියමයි. වෙනත් යමක් මතකයිද...?

** නැහැ සර්....

හරි…. බොහොම හොඳයි. මතකයි තියාගන්න මින් ඉදිරියට මොනම නඩු වාරයකවත් , කවුරු කිව්වත් චෝදනාව පිලිගන්න එපා. හොඳ ද…? මම බලන්නම් මෙිකට මොනවාහරි කරන්න. ඔයා වගකිවයුත්තෙක් නෙමෙ නම්.
හොඳයි අපි යමු. බොහොමයක් ස්තුතියි ජේලර් මහත්තයා ….

මතු සම්බන්ධයි…….


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now