⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 24 වන දිගහැරුම ⸎
> යාල ප්‍රවිශ්ඨය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

දිව්‍යා - හරි සර්…

හ්ම්ම්… අපි යමු මහත්වරුනි …

දිව්‍යා - සර්….

හ්ම්ම්… ?

දිව්‍යා - ඔයාලට බොහොමයක් ස්තුතියි මට කරපු හැමදේකටම.

තිදෙනාම හිස වනා අනුමත කෙරුවෙමු.

මෙතැන්සිට …

වෑන්රියට ගොඩවැදුණු අපි මුහුදු වෙරළාසන්න මාර්ගය දිගෙ ගොස් කෙටි මාර්ග ඔස්සේ ටෙක්ස්ටයිල්ස් වෙත එන විට රාත්‍රි එකොළහ පසුව තිබුනි.

මහත්වරුනි දැන් තමයි ගේම් එක පටන් ගත්තෙ. මෙි මොහොතේ ඉඳලා අපි වැඩ පටන්ගන්න ඕන. මොනවා වුනත් බොහොම ස්තුතියි ඔය දෙන්නා මගෙ පස්සෙන් ආවට. මම දන්නවා කල්තියාම
මගෙ පස්සෙන් ආපු බව.

**ඒ කොහොමද සර්… ?

විශේෂ දෙයක් නැහැ ඉව තමයි. අනික නිතරම දකින ඕනම කෙනෙක් පිටුපාලා හිටියත් අඳුරගන්න පුළුවන්. හරි… එතකොට මෙි ෆෝන් දෙක අපි ලඟ තිබුනාවෙ. මෙිදෙක ඔන් කරන්න නරකයි දැන්ම. එහෙම වුනොත් වුන් අපේ තැන දැනගන්නවා.

*සර් කොහෙද ගියේ.. ?

මම ගියා ජොනිගෙ ගෙදර. ගිහින් නලින්ව හමුවුනා. ඊට පස්සේ මම ටික සුහදව මෑන් එක්ක කතා කරා. මොකද තර්ජනාත්මකව කතා කරනවට වඩා සමහර කරුණු දැනගන්න පුළුවන් සමහර අයගෙන් සුහදශීලී වුනහම. ඉතින් මම අපි කලින් දවස්වල නලින්ව මරන්න ආපු වෙඩික්කරුවන්ගෙ ඡායාරූප දෙක මම මෑන්ට පෙන්නුවා. දන්නවද මොකද වුනේ කියලා.

*මොකක්ද වුනේ…?

මෑන් මුන් දෙන්නව අඳුරගත්ත නෙ. ඒ විතරක් නෙමෙි මුන්ටික එකම ගැන්සියක් ලු. ඒ ගැන්සිය ඉන්න තැනත් කිව්වා.

**ඒ⁣ කොහෙද සර්…?

මහරගමට ගිහින් දෙවන පටුමගේ අංක 65/3 කියන ගෙදර තමයිලු සේරම නැවතිලා ඉන්නෙ. එතකොට අපිට ගහන්න හදපු හය දෙනත් ඔය කණ්ඩායමට අයත් වෙනවා වගේම ,
ඔය සේරම හසුරවන්නේ මහේෂ් ජීවානන්ද ම තමයි. රටට ආදරේ නැති , රට කාදමන පුද්ගලයින්ට දේශපාලන බලය ලැබුනහම , උන් වගේම, උන්ගෙ දරුවොත් මිනිස් ජීවිත එක්ක වගේම රාජ්‍ය දේපල එක්ක සෙල්ලම් කරනවා.
මෙිවට ඍජුවම වගකිවයුතු වන්නේ රටෙි ජනතාවම තමයි වෙන කවුද..?
`` යුද්ධ කරන්න ඕනම ගොනෙකුට පුළුවන් , තොප්පිගල කියලා ඇල්ලුවෙ මහ කැලයක් ´´ කියපු හරක්ටනෙ මෙි රටෙි ජනතාව ඡන්දය දුන්නෙ. ඉතින් ජනතාව තමයි නියම ගොනා. ඔය මම කිව්වෙ අතලොස්සක් විතරයි. තව ඔය වගේ මීහරක් කොච්චර ඉන්නවද රටෙි.

*ඒකනම් ඇත්ත තමයි ලෝකඩ වලින් මාලයක් හදලා ඒක කරට දැම්මහම රත්තරන් වෙනවා කියලා හිතන ජනතාවක් රටෙි ඉන්නකම් මෙහෙව්රටෙි කිසිම යහපත් දෙයක් වෙනවා නම් බොරු.

දැන් ඔය කරට දාගෙන ඉන්නෙ ලෝකඩ මාලයක් මහත්වරුනි. ඉතින් අරගල කර කර , උද්ඝෝෂණ කර කර රත්තරන් හොයනවා. රත්තරන් හොයන්න නම් රන්කරුවෙක් පත්කරන්න ඕන. නැතුව කම්මල්කරුවෙක් නෙමෙි. ඉතින් ඔය වගේ තාත්තලයි , පුත්තුයි ඉවරකරලා දාන්නෙ නැතුව මෙි රටෙි අහිංසක මිනිස්සු අහේතුක විදිහට මැරෙනඑක එක නම් නවත්තන්න දාන්න බැහැ. දැන් කරන්න තියෙන්නෙ එක එකා හරි කමක් නැහැ සුදු කොඩි පෙන්වලා උන්ගෙ පිරිස අඩුකරන එක තමයි. ඒ වගේම දැන් අපි දන්නවා උන්ගෙ සම්පූර්ණ ගේම්එක හසුරවන්නේ මහේෂ් කියලා. මහේෂ්ට දැන්ම ගේමක් දෙන එක සුදුසු මදි. අවසාන ගේම් එක තමයි මෑන්ව ඉවරයක් කරන එක. ඊට කලින් මෑන්ගෙ අතුශාඛා ටික කපලා පොලවට සමතලා කරලා දාලා ඉමු.කලින් කිව්වා වගේ.

*සර් කියන්නේ ඊලගට අපි ඔය තියන තැනට කඩාවදිනවා කියන එකද..?

ඔව් කසුන්. ඒක තක්කෙටම කිව්වා හැබැයි. ඊට කලින් ඔය ලිපිනයේ දැන් උන් ඉන්නවද කියලා අපේ ස්පයිඩර්ස් කෙනෙක් ලව්වා සෝදිසි කරලා , සනාථ කරගන්න ඕන. එකපාරටම එතන බැහැලා වැඩක් නැහැ නෙ. හෙට උදේ එක්කෙනෙක් එතනට යවමු.

**ඔව් සර්.. මම ඒක ගැන බලාගන්නම්.

හොඳයි බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලා විවෙික ගන්න අපි හෙට සාකච්ඡා කරමු හෙට දවසේ මොනවද කරන්න ඕන කියලා.

*හොඳයි සර්..

**යන්න බෑ බෑ වගේ අපිට සමුදීලා මොන දීපංකරයක සර් යයිද දන්නෙ නැහැ නෙ.

හහ් හහ් හා… නැහැ එහෙම නැහැ අද මම විවේක ගන්නවා. මොකද අද අපි හුඟක් දේවල් හොයාගත්තා වගේම, හුඟක් දේවල් කරානෙ. හරි මහත්වරුනි එහෙනම් හෙට උදේ හමුවෙමු සුභ රාත්‍රියක්.

**සුභ රාත්‍රියක් සර්.
*සුභ රාත්‍රියක් සර්.

මමද කාර්යාලයෙන් නික්ම ගියේ කිසිදු දෙයක් ගැන පසු සිහිපත් කිරීමක් නොකරමිනි. මනසට පොඩි හෝ විවෙිකයක් ලබාදීම අත්‍යාවශ්‍යයි.

පසුදින…

උදය කාලයේ කිසිදු ක්‍රියාකාරකමක්
අප කරන්නට උත්සාහ නොකලේ. බවුසර් රියදුරන්ගේ පැහැදිලි ඡායාරූප ලැබෙනතුරු වෙනත් සැළසුම් ක්‍රියාත්මක නොකිරීමට මා තීරණය කල බැවින්ය.
දිව්‍යාට සැටලයිට් විද්‍යුත් සංඥ්ඤා මගින් වීඩියෝ ඇමතුමක් ගත්තෙමි.

මැඩම් හොඳින් නේද…?

දිව්‍යා - ඔව් අයියේ ..

හපොයි මැඩම් මෙික පුද්ගලික සාකච්ඡාවක් නෙමෙයි. අපේ කෙනෙක් ඇඳුම් අරගෙන ආවා නේද…?

දිව්‍යා - ඔව් සර්. එයා ඇඳුම් ටික මෙතනින් එලියෙ තියලා ගියා. මම ඒ ටික ගත්තා.
මෙි දොර අරින කෝඩ්එක මට ටික මොහොතකට අමතක වුනා. පස්සේ විනාඩි පහක් විතර ගියාට පස්සේ තමයි මතක් වුනේ.

මම දන්නවා මැඩම් ටිකක් ව්‍යාකූලත්වයට පත්වෙලා ඉන්නෙ කියලා. ප්‍රශ්නයක් නැහැ ටිකක් විවෙික ගන්න.
ඔතන තමයි ලංකාවෙ ඉන්න පුළුවන් ආරක්ෂිතම නිවස වෙන්නෙ. අඅවශ්‍යතාවයක් තියනවා නම් මට කියන්න. එලියට යන්න උත්සාහ කරන්න එපා. උන් හැමතැනම ඉන්නවා.

දිව්‍යා - ඔව් මට තේරෙනවා. සර්ට මොනවද මගෙන් දැනගන්න ඕන.

ඔව්.. ඊයේ මැඩම් කලබලකාරි තත්වයක හිටපු හන්දා මට දැනගන්න කරුණු ටිකක් තිබ්බා ඔය විද්‍යාගාරයේ අභ්‍යන්තරය ගැන. නමුත් මම ඒ දේවල් ඒ වෙලාවෙ අහලා මට උත්තරයක් ගන්න අමාරුයි කියලා මම දන්නවා. හ්ම්ම්… දැන් මම අහන්නම්. එතනට පිවිසුම කොහොමද…?

දිව්‍යා - ඇතුලට යන්න හැමෝටම බැහැ.
ඒ සේරම දොරවල් කෝඩ් ( මුරපද අගුල් ) කරලා තියෙන්නෙ. කෝඩ් එක තමයි 448944. ඒක ඇතුල් කරාට පස්සේ දොර ඇරෙනවා. ඊට පස්සේ හැමතැනම කැමරා හයිකරලා තියෙන්නෙ. ඒකයි මොකුත්ම කරගන්න බැරි.

හ්ම්ම්… එහෙමද…? එතකොට ඔය වියලි ආහාර වගේ දේවල් අරගෙන බවුසර් එකේ රියදුරාට එහෙම ඇතුලට යන්න අවසර තියනවද…?

දිව්‍යා - මම දැකලා තියනවා ඉඳලා හිටලා ඇතුලට ගිහින් ගබඩාකරු හමුවෙනවා.
හැබැයි ඒ සේරම දකින්නේ ටීවී ස්ක්‍රීන් වලින්.

ඊට පස්සේ.

දිව්‍යා - ඊට පස්සේ. ගබඩාකරු තමයි ඒ බඩුවල සල්ලි දෙන්නේ. ඒක අරගෙන එයා යනවා.

හ්ම්ම්… එහෙම තමයි. එතන වෙන්නෙ නේද…?

දිව්‍යා - ඇයි සර් එහෙම ඇහැව්වෙ…?

මම හෙට ඇතුලට යනවා.

දිව්‍යා - මොකක්…? න. න. නමුත් කොහොමද …?

ඒක මම ඇවිත් කියන්නම්. මට දුන්න තොරතුරු ප්‍රමාණවත්. එතකොට විද්‍යාඥ්ඥයන් කීදෙනෙක් විතර ඉන්නවද
ඇතුලෙ වැඩට.

දිව්‍යා - විසිහය දෙනයි. නෑ නෑ විසිපහයි. මොකද මම දැන් එතන නැහැ නෙ.
( කණස්සල්ලෙන් )

හහ් හහ් හා….. මැඩම් හිතනවද. මැඩම් අසාර්ථක වුනා කියලා. නැහැ ඒක එහෙම නෙමෙි වුනේ. මැඩම්ගෙ වැඩකොටස හරියටම කලා. වෙිෂ නිරූපණය එහෙම විශිෂ්ඨයි. ඒ වගේම පරිස්සමෙන් කටයුතු කලා. මැඩම් ගැන උන්ට සැක හිතිලා නෙමෙි මෙහෙම දෙයක් වුනේ.

දිව්‍යා - එහෙනම්…. ?

සැටලිම වුනත් ඕන වෙන්නෙ. කොන්ක්‍රීට් එක හයි වෙනකම් විතරයි. ඊට පස්සේ සැටලිම ගලවලා දානවා. ඒ වැඩෙි තමයි ඔය වුනේ.

දිව්‍යා - සර් කියන්නේ උන් එක එකාව
බොරු හේතු හදලා මරලා දානවා කියලද..?

සැබවින්ම ඒක තමයි ක්‍රමය. මොකද මෙික සාමාන්‍ය දෙයක් නෙමෙි. මිනිස්සු කෝටි ගාණක් මරණ ව්‍යාපෘතියක්. පසුවට එකෙක්හරි මෙි ගැන ලෝකයට හෙලිදරව් කරොත් ව්‍යාපෘතිය නිර්මාණය කරපු හාදයා ඉඳලා පහලට ඉන්න සේරම ගස් නේද …? ඒ හන්දා එක එක හේතූන් හදලා මරලා දාන එක තමයි ඔය කරන්නේ. එහෙම හේතුවක් නිර්මාණය කරේ නැත්නම් අනිත් විද්‍යාඥ්ඥයන් අතර
මෙිගැන කතා වෙනවා නෙ. එතකොට උන් කොටඋඩ යන හන්දා තමයි මෙහෙම හේතු හදලා වැඩෙි ඉවරකරලා දාන්නෙ.
හොඳම උදාහරණය තමයි මහාචාර්ය විනීත.

දිව්‍යා - හපොයි…. දැන් නෙ මට තේරුනෙ.
මට ඔය කියනනම් ම ඔලුවට ආවෙ නැහැ නෙ මෙි ගැන. ඒ කියන්නේ ටිකෙන්ටික අනිත් විද්‍යාඥ්ඥයන්ටත් මෙයාලා ෂො⁣ට්එක දෙනවද…?

මත සහතික වශයෙන්ම කියන්න පුළුවන් මැඩම්. ඒක තමයි යන පාටිපාටිය.

දිව්‍යා - මයි ගෝඩ්…

හරි… අපි බලමු මෙික රහසේම ඉවරයක් කරලා දාන්න.

දිව්‍යා - ඔව් සර්… උන් රහසේම පටන්ගත්ත වැඩෙි අපි රහසේම ඉවරකරලා දාමු. මටත් තියනවද ඕකෙ කොටසක්…?

අනිවාර්යයෙන්ම තියනවා. අවසන් ගේමට මාත් එක්ක යමු. ගිහින් ඉවරයක් කරලා දාමු. එච්චරයි.

දිව්‍යා - එකෙන්ම එනවා සර්.. මම මගේ රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි.

විශිෂ්ඨයි මැඩම්.. හරි මම නවතිනවා. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි. මධ්‍යම දහවල් දොළහෙ කනිසමට ආසන්න වෙද්දී දෙදෙනෙකුගෙ පැහැදිලි ඡායාරූප කීපයක් සංඥ්ඤා නියෝජිතයාගෙ පරිඝණකය වෙත ලැබී තිබුනි. එහි මුද්‍රණ පිටපත් මාගේ කාර්යාලයට ලැබුනි.

*සර් අපි එන්නද….?

ඔව් මහත්වරුනි. එන්න.. ඇවිත් වාඩිවෙන්න.

**⁣ස්තූතියි….

මෙි තියෙන්නෙ බවුසර් එක ගෙනියන දෙන්නගෙ සමීප ඡායාරූප කීපයක්.
මෙි මුහුණු දෙක අපි දෙන්නා අනුකරණය කරන්න ඕන කදවුරට ඇතුල්වෙන්න නම්.
අපි බලමු නේද වෙස් වලාගෙන ගිහින්.

**යමු යමු සර්…

*ඔව් අනිවාර්යයෙන්ම යමු.

ඔව් මහත්වරුනි. මුන් දෙන්නා වගේ වෙස්වලාගන්න එක අපිට පහසුයි. මොකද මුන්දෙන්නා රැවුලයි කොණ්ඩයයි වවලා තියෙන්නෙ ප්‍රමාණයට වඩා. ඒක ලොකු අස්වැසිල්ලක් වෙනවා අපිට. අමුතුවෙන් කරන්න තියෙන්නෙ තැනේ හැටියට ඇණේ ගහනඑක තමයි ඉතින්.
අපිට මෙි ඡායාරූප දැන් ටිකකට කලින් ලැබුනා කියන්නේ හෙට දවසේ එකොලහ වෙද්දින් මුන් දෙන්නා අර අවන්ලේ ඉන්න ඕන. එතකොට දහවල් දොළහ හමාර වනවිට අපි යාල කැලේ මුන්දෙන්නා එනකම් කැනක , නොපෙනෙන පරිදි හැංගිලා ඉන්නත් ඕන. මග ලගින ඔත්තුකරුවන්ගේ ඇස් වහන්නත් ඕන.
නැත්නම් වැඩෙි ගැස්සෙනවා ඒකාන්තයි.

*එතකොට ඔය මහේෂ් හාදයා තමයි ව්‍යාජ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් කැබ් එකක ඇතුලට යන්නෙ ..?

ඔව් මහත්වරුනි. ඒක එහෙම වියයුතුයි.
දැන් මම කියන්නම් මගේ සැළසුම. හොඳට අහගන්න. මෙි දෙන්නගෙ මුහුණුවල ස්භාවයටම කසුන් , මම අපි දෙන්නා හෙට වෙස්වලා ගන්නවා. ඊට පස්සේ අපි කෙලින්ම අපේ වාහනයට නැගලා යාල බලා පිටත්වෙනවා. සුපුරුදු පරිදි උන් දෙන්නා අර අවන්හලට ගොඩවුනාට පසු අපේ ස්පයිඩර් අපිට ඒ බව දැනුම් දෙනවා. ඊට පස්සේ අපි යාල කිට්ටුවට අපේ වාහනයේම ලඟාවෙලා මුන් දෙන්නා එනතුරු රැකගෙන ඉඳලා දෙන්නම අල්ලගන්නවා. ඊට පස්සේ සිහිනැති කරලා අපි දෙන්නා බවුසර් එක අරගෙන යනවා. මෙි දෙන්නා ගැන නියෝජිත ජනිත් වගේම අපේ අනිත් ස්පයිඩර් බලාගන්නවා අපි නැවත එනතුරු එච්චරයි. අපි දෙන්නා ආවට පස්සේ මම ඉතුරු ටික කරන්නම්. ඒගැන කවුරුවත් වදවෙන්න අවශ්‍ය නැහැ. අපි දෙන්නා එනතුරු කිසිම ආකාරයක සන්නිවේදන කටයුතු වල යෙදෙන්න බැහැ. මම කියපු දේ පැහැදිලියි නේද..? ප්‍රශ්න තියනවද මහත්වරුනි. හා … තව දෙයක්. අපි සසුපුරුදු පරිදි සයිලන්ස් ආයුධ අරගෙන යමු. මොකද දැන් තියෙන තත්වය අනුව අපි ඉන්නෙ අවධානම් සහගත තත්වයක. ඒ හන්දා සූදානම් ශරීරයෙන් යමු. ඒ වගේම අපි කලින් වතාවක් ගිය හන්දා මම එතනදී ඇඳගත්ත දල සිතියමකුත් තියනවා.
ඒකත් සමහරවිට ප්‍රයෝජනවත් වෙිවි.

*නැහැ සර්…

**මටත් නැහැ සර්…

එහෙනම් හෙට උදෙන්ම අපි පිටත්වෙමු.
සහයක නියෝජිතයා සමඟ කීප වතාවක්ම ඡායාරූපයන්වල ඉන්නා දෙදෙනාගෙ මුහුණු අනුකරණය කරමින් වෙිෂය මාරුකර බැලුවෙමු. කීපවිටක් ම එය කිරීමෙන් අනතුරුව මාහට සෑහීමකට පත්වෙන්නට හැකිවිය.

පසුදින උදෑසනින්ම අවදිව තිදෙනාම වෑන්රියට ගොඩවිය. පෙරවරු දහය වනවිට අප තිදෙනාම සමඟ වෑන්රිය යාල වනෝද්‍යානයට කිට්ටුව කැලෑබද පාරක වාහයක නොපෙනෙන පරිදි නවත්වා අවහන්හල ලඟ සිටින ස්පයිඩර් ගෙන් පණිවිඩය ලැබෙනතුරු වෙස් වලාගෙන සිටියෙමු. සැබැවින්ම මෙි වපසරිය මිනිස් වාසයෙන් තොරවීම අපට ආශීර්වාදයකි.

හරි… මෙන්න මෙිකයි සැළසුම. සුපුන් මහත්තයා බවුසර් එක එනකොටම පාරට පැනලා වාහනය නවත්වන්න ඕන.
ඒ එක්කම අපි දෙන්නා පැනපු ගමන් දෙන්නව අල්ලගෙන මාංචු දාලා ඇදගෙන යනවා වෑන්එක ගාවට. ඊට පස්සේ සුපුන් මහත්තයා බවුසර් එකත් රිවස් එකට මෙි පාර දිගේ අරගෙන එන්න. බවුසර් එක පස්සේ අපේ නියෝජිත බී 350 එනවා.
ඊට පස්සේ දෙන්නගෙම සිහිනැති කරලා වෑන්එකට දැම්මට පස්සේ අපි දෙන්නා බවුසර් එකේ යනවා යාල කඳවුර බලා.
ඔය දෙන්නට තියෙන්නෙ මුන්දෙන්නා බලාගෙන වටපිටාව ගැන අවධානයෙන් ඉන්න එක. හරිද…?

**හරි සර්.. දෙන්නම් තිතට ගේම..

නියමයි බොහොම ස්තුතියි.

හෝරා එකහමාරකට පසු…

*සර් සිග්නල් එක ආවා ලෑස්ති වෙමු.

මිනිත්තු පහලවකට පසු චයිනා මිල්ක් බවුසර් රථය පේන මානයේ දිස්විය. ආසන්නයට එනවිට තම පිස්තෝලය මානගෙන මාවතේ මැදට පැන බවුසර් රිය නවත්වන ලෙස අතින් විධානය කලේය.
පිටුපසින් නියෝජිත බී 350ද යතුරුපැදියෙන් ඇවිත් බවුසර් රථයේ පසුපසින් නවත්වන ලදි. හෙතෙම අප දෙදෙනා පැන්න ගමන් රියදුරා සමග සහයකයාද අත්අඩංගුවට ගෙන පසුපසට අත්දෙක ගෙන මාංචු දමා ඇදගෙන ආවෙමු. උපදෙස් පරිදි නියෝජිත ජේ 50 බවුසර් රථයද වන ලැහැබ තුලට රැගෙන ආපසු. ප්‍රතිවාදීන් දෙදෙනා. වෑන් රථයට ගොඩකර ක්ලෝරෆෝම් නාසයට ලංකර සිහිසුන්කර දමන්නට විය.

හොඳයි මහත්වරුනි .. අවධානයෙන් ඉන්න. දෙන්නම වාහනය ලොක් කරලා වාහනය පේන මානයේ හැංගිලා ඉන්න වාහනය තුල ඉන්න හිතන්නවත් එපා.
ඒක අනතුරුදායකයි. මොකද මෙි කළුපාට වීදුරු එක්ක පේනවා අඩුයි.
රේන්ජ් එක අඩි විස්සයි ඊට වඩා ලංවෙන්න එපා. ග්‍රෙනේඩ් එකක් ගහන්න පුළුවන්. උපරිම අවධානයෙන් අපි නැවත එනතුරු ඉන්න. එහෙනම් මහත්වරුනි ජයවෙිවා.

**ජයවේවා දෙන්නටම…

** සර්…

ඔව් නියෝජිත ජනිත් ( ආපසු හැරී )

** පරිස්සමෙන් ගිහින් එන්න දෙන්නම.

ඔව්… අපි අනිවාර්යයෙන්ම ආපසු එනවා නිනියෝජිත ජනිත්. කියමින් බවුසර් රථයට අප දෙදෙනාම දෙපැත්තෙන් ගොඩවූයෙමු. මා වාහනයේ පාලනය සුරතට ගෙන මහපාරට ධාවනය කර යාල වනයේ අතුපාර දිගේ ඉදිරියට ගියෙමු.


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now