නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 17
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
17 වන දිගහැරුම
( ජේ ඒ සියාම් )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒක ඇත්ත තමයි. සර් අර ඉන්නෙ අපේ කෙනා හෙඩ් ලයිට් එක දෙපාරක් ගහන්න.
රයිට්.. මෙයා නේද.. කියමින් මා වාහනයේ
ඉදිරිපස විදුලි ලාම්පු දෙක දෙවතාවක් පත්තුකර නිවා දැමුවෙමි. ඔහු තමන් පසුපස එන ලෙස හස්ත සංඥා කර තම යතුරුපැදිය ඉදිරියට පදින්නට විය.
මෙතැන්සිට ………
නියෝජිතයාගෙ නවාතැනට ගොස්. මෝටර් රථය එහි නවතා දමා , උඩු රැවුලක් හා ලොකු බොරු කොණ්ඩයක් දමාගෙන වෙස්වලාගත් අප දෙදෙනා පිස්තෝලයන් දෙකක්ද රැගෙන එය සඟවාගෙන , යතුරුපැදියට නැග කඩුගන්නාව බලා පිටත් වුනෙමු. හෝරාවකට පසු වාහන නඩත්තු සේවා කරන උල්ෆා ට්‍රේඩර්ස් වෙත ගියෙමු. අද සෙනසුරාදා දිනයක් බැවින් මෙතැන තරමක පාළුවට ගිය බවක් පෙනුනි. යතුරුපැදිය නවතා ට්‍රේඩර්ස් වෙත අප දෙදෙනාම ගියෙමු. ඇතුල්වනවිටම යටි
රැවුල බොහෝසෙයින් වවාගත්, හිස මුඩුගා ගත් උස අයෙකු අප හමුවිය.
**ගුඩ් මෝර්නින් මාතියා.. යේක කාවද හම්බු වෙන්න ඕන..
ගුඩ් මෝර්නින්. අපිට සියාම් හමුවෙන්න ඕන.
**නාන් සියාම්.. මම තමයි සියාම්. මාත්තියලට මොකක්ද කෙරෙන්න ඕන.
හ්ම්ම්.. මම මහනුවර පොලීසියෙන්. අපිට පොඩ්ඩක් ප්‍රයිවට් එකේ කතා කරන්න ඕන
මිස්ටර් සියාම්. යමුද පොඩ්ඩකට ඔෆීස් එකට.
**හා… ෂරි ෂරි.. වාංග ෂර්.. වාංග.
යමු යමු…. අද කවුරුත් නැහැ වගේ නේද..?
**අද නිවාඩු දවෂනෙ ෂර්. යෙට වැඩ අපි..
හොඳයි මෙි වාහනය ඔයාලා නේද නඩත්තු කරන්නෙ. අසනවිට මෙතෙක් වෙලා ඔහුගෙ පිරිපුන්ව තිබු මුහුණ එකවර අඳුරු වන්නට විය.
**කෝ දෙන්ට බලන්න. ඔව් ෂර්.. යේක මම තමා ෂර්විෂ් කරනවා.
හොඳට මතකයිද මෙි වාහනය.
**ඔව් ෂර්.. යේක ෂුවර්. ෂේරටම කලින් ඔය මාතියලගෙ අයිඩි එක මට පෙන්වන්ඩ
අයිඩී එකද.. ? මෙි තියෙන්නෙ අයිඩි එක තමයි. කියමින් මා ඉණේ රැඳි මිමි නමයේ පිස්තෝලය එලියට ගත්තෙමි. නාරද දොර වහලා එන්න.
*හොඳයි සර්…
මෙිකට පුළුවන් අයිඩී ඇති කරන්නත් , ඒ වගේම ක්ෂණිකව අයිඩී නැති කරන්නත්.
**ෂර් මොක්කද ප්‍රශ්න..
ඉන්පසු සියාම්ගෙ බෙල්ලෙන් අල්ලලා අනිත් පැත්තට හරවලා ඔහුගෙ මුහුන මෙිසයට තියා තදකර , පිස්තෝලයේ බැරලයේ කෙලවර ඔහුගෙ හිසේ කුඩා මොලයට තැබුවෙමි.
තමුසේ දැන් මට ඇත්ත කියන්න ඕන. අර ඩෑෂ්බෝඩ් එකේ යට තියෙන ෆියුස් බෝඩ් එක ලඟ තියෙන කළුපාට පොඩි ඩිවයිස් මොකක්ද .. ? තමුසෙ ඇයි ඒක හයි කලේ.
**ෂර් ෂර් මම දන්නෙ නෑ ෂර්…
දන්නෙ නැද්ද … කියමින් පිස්තෝලයේ ස්ලයිඩරය පස්සට ඇද , රෙඩි කෙරුවෙමි.
මෙි අහපං.. මම මෙි අවසාන වතාවට අහන්නෙ. ප්රශ්නය සිම්පල්. මෙිකට කවුද එහෙනම් ඒක හයි කලේ…?
**ෂර් කියන්නම්. කියන්නම්…
හ්ම්ම්… කියපං..
**පාලිත තම්බි තමයි යේක දුන්නෙ හයි කරන්ඩ කීලා.
*පාලිත … ? ඒ කවුද බොල …?
**මම යේම විෂ්තර දන්නෙ නෑ ෂර්…
*විස්තර දන්නෙ නැහැ. එතකොට තමුසේ
බෝම්බයක් ගෙනැල්ලා දුන්නත් ඒක හයි කරනවද…? ඕයි.
**නෑ නෑ ෂර්… යේක ෂිග්නල් ෆ්ලෑෂ්ෂර් එකක් කීලා තමයි දුන්නෙ.
*ඉතින් තමුසෙ කිසිම වගවිභාගයක් නැතුව ඒක වාහනයට හයි කරා.
**ඔව් ෂර්…
හ්ම්ම්… හොඳයි තමුසෙට කීයක් දුන්නද..? ඒක හයිකලාට.
**විෂිදාහක් දුන්නා ෂර්…
තමුසෙ එතකොට දන්නෙම නැද්ද..? මෑන්ව.
**නෑ.. ෂර් හැහැබැයි ෂේප්එක මතකයි.
හ්ම්ම්… මෑන්ට වාහයක් තියනවද .. ?
**තියනවා ෂර්…
*මොකක්ද තියෙන්නෙ.. ?
**පල්ෂර් එකක්..
*පල්සර් කිව්වෙ. පල්සර් වර්ගයක් නැද්ද..?
**පල්ෂර් එන්එස් එකක්. රතුපාට , කළුපාට දෙකම තියෙන එකක්.
හොඳයි.. ඒකෙ නම්බර්එක මතකයිද .. ?
**ඔව් ෂර්..
*කියනවා බලන්න…
**XJ 25225 ෂර්…
හොඳයි.. තමුසෙට මෑන්ගෙ මූණ මතකයි කිව්වනෙ. කියනවා බලන්න මොනවාහරි
විශේෂ දේවල්.
**ෂර් නිකටෙි පොඩි වලක් යේම තිබ්බා.
*තව … ?
**මූණ හතරැස්. හිනාවෙනකොට කටෙි නළදතක් පේනවා.
හ්ම්ම්… මොන පැත්තෙද..
**දකුණ දකුණ ෂර් …
දකුනෙ කිව්වෙ යටින්ද , උඩින්ද..
*උඩින් ෂර්…
හ්ම්ම්… එතකොට රැවුලක් තිබ්බද…? කොහොමද තිබ්බෙ.. ?
*යේක උඩු රැවුල විතරයි තිබුනා.
තව.. ?
**එච්චරයි ෂර්…
හොඳයි .. තවම මෑන් මෙහෙ එනවද.. ?
**ෂර් ආයේ වාහනේ ෂර්විෂ් කරන දවෂට එනවා. යේම ඇවිත් යේක ගලවන්න යෙපා කීලා පන්දාහක් දීලා යනවා.
හොඳයි… තමුසෙ නූලෙන් බේරුනෙ. තව පොඩ්ඩක් පස්සට ඇද ඇද බෑ කිව්වා නම්
අල්ලාහ් දෙවියන් ලඟට කලින්ම යනවා.
කමක් නෑ. තමුසෙ දිගටම වැඩෙ කරගෙන යනවා. අපි මෙහෙම ඇවිත් ප්‍රශ්නකරා කියලා කාටවත්ම කියන්න බැහැ. එහෙම
ලීක් වුනොත් තමුසෙ ඉවරයි. පාඩුවෙ මෙි ජොබ්එක කරගෙන යනවා. ඒක ඇඟට ගුණයි. තේරුනාද … ? දැන් මොකුත් ඉතින් නොවුන ගාණට ඉන්නවා. තමුසෙට අපෙන් කිසිම බලපෑමක් ආයේ වෙන්නෙ නෑ තමුසෙ කටවහගෙන ඉන්නකම් හරිද.
**ෂරි ෂරි ෂර්…
හ්ම්ම්… හොඳයි. පිස්තෝලය නැවත ඉණේ රඳවාගත් මා. ඔහුව මගේ දැඩි ග්රහණයෙන් නිදහස් කෙරුවෙමි.
යමු නාරද…
*යමු සර්…
එසැණින් දොර ඇරගෙන එලියට ආ අප දෙදෙනා, යතුරුපැදිය පණගන්වා වේගයෙන් එතනින් පිටත් වුනෙමු. මගදි කොතනකවත් නතර නොවූ අප දෙදෙනා
අවසානයේ මහනුවර නියෝජිතයගෙ නවාතැනට ආවෙමු. ආලින්දයේ සෝපාවක වාඩ්වූ අප අත රැඳි පිස්තෝලයන් දෙකද නියෝජිතයගෙ අතට දුන්නෙමු.
*සර් මොකද හිතන්නේ .. ?
ඔයාට මොකද හිතෙන්නෙ කසුන්.
*මට හිතෙන විදිහට අපි ඉක්මනට ඔය පල්සර් පාලිතව අල්ලගන්නම වෙනවා.
හ්ම්ම්… හරියටම හරි. හැබැයි මම හිතුවා ඊට වඩා ගැඹුරට. වෙනස් පැත්තකින්.
*වෙනස් පැත්තකින් … ඒ මොකක්ද සර්.
ඔව් කසුන්… ඔයා හොඳාකාරවම දන්නවනෙ මම සාමාන්‍යයෙන් දෙයක් දිහා
බලන්නෙ අනිත් නියෝජිතයින් බලන කෝණයෙන් නෙමෙි කියලා. මම ඊයේ රෑත්
ඔය කතාව කිව්වා මතකයි නේද. දෙයක්
දිහා එකම කෝකෝණයකින් බලන්න පුරුදු වෙන්න එපා කියලා. දැන් නිකමට හිතලා බලන්න අපි මෑන්ට එකපාරටම අත
ගැහැව්වොත් යම්කිසි දෙයක් දැනගන්නට පුළුවන් වෙයි. නමුත් ඊට වඩා දෙයක් අපිට
මෙතනින් වැසිලම යනවා. ඒක නැවත හොයන්න කාලයක් ගතවෙනවා. ඒක
අපිට පට්ට අවාසියි.
*සර් මොකක්ද දැකපු දේ ඊට වඩා ගැඹුරට.
හ්ම්ම්… මතකයිද සියාම් කිව්වා. මෑන් හැම සර්විස් එකකටම එනවා කියලා.
එතකොට නියමිත දිනේට මෑන් එතනට එන්නෙ කොහොමද. බැරි වෙලාවත් දිනයට කලින් වාහනය ගෙනාවා කියමුකො. එහෙමත් නැත්නම් දවසක් , දෙකක් පරක්කු වෙලා සර්විස් එකට ගෙනාවා කියමුකො. එතකොට කොහොමද මෑන් හරියටම ඒ දවසට එතනට යන්නේ.. ?
*මයි ගෝඩ් සර්… ඒ කියන්නේ ඇතුලෙන්
තොරතුරු කෙලින්ම මෑන්ට යනවා කියන එක නේද … ?
අන්න හරි යාළුවා. ඔයාට තේරුනා වැඩෙි.
නමුත් සම්පූර්ණව නෙමෙයි..
*සම්පූර්ණව නෙමෙි.. ?
නෑ කසුන්. සම්පූර්ණව නෙමෙි. මෙහෙමයි වර්ථමානයේ මෙි වාහනය සුළුවෙන් හෝ පාවිච්චි කරන්නේ මමයි. එතකොට මම එන්න කලින් මෙි වාහනය පාවිච්චි කරේ කලින් සුපර්වයිසර්.
*ඔව්…
එතකොට ඔය වාහනයේ සර්විස් කරන්න අහවල් දවසට යන්න ඕන කියලා දන්නෙ
මෑන්. නමුත් මෑන් දැන් ජීවතුන් අතර නෑ.
නමුත් මෙි වාහනයේ සියළු තොරතුරු දැනට දන්නෙ මෑන් හැරුණුකොට වෙන කවුද.. ?
*කැරොලින් මැඩම් වෙන්න ඕන. මොකද
එයානෙ මෙි වාහනයේ එහෙමෙහෙ යන්න ඇත්තෙ. අඩුම තරමෙ මහනුවර මහජන පුස්තකාලයට හරි.
අන්න තේරුනා සම්පූර්ණ කතාව ඔයාට.
හැබැයි මෙි වාහනය එයා නිතරම පාවිච්චි කරන්නේ නැහැ කියලා ඒත්තු ගන්වන්න
මම ආපු දවසෙම එයා උත්සාහ කරා. මොකද එයා එදා ආවෙ වලව්වේ පැට්රික් හාමුගෙ ජීප් එකේ. වතුයායේ වෙනත් රියදුරෙක් එක්ක. එයා නිතරම ඒක ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. ඒකනෙ මගෙන් යතුර ඉල්ලගෙන තනියම යන්නෙ
නැතුව දැන් මාත් එක්ක යන්නෙ.
*ඒ කියන්නේ මැඩම්ට සර් ගැන සැක හිතිලද … ?
නෑ කසුන් එහෙම නෙමෙි. මෙයාලා වැඩ කරන්නේ පිටපතකට අනුව. එයාලා රඟපානවා අපි එලියෙ ඉඳලා හසරක් නැතුව බලාගෙන ඉන්නවා. බලනවත් නෙමෙි පේනවා කිව්වොත් හරියටම හරි.
*ඒ කියන්නේ එතන සීන් එලියට ලීක් කරන්නෙ කැරොලින් මැඩම්.
ඔව් කසුන්… කැරොලින් මැඩම් තමයි.
එයාගෙ රඟපෑමෙි තාත්වික බව වැඩියි.
ඒක අපි වගේ ලෝකෙ කාලා වතුර බීපු අයට තේරෙනවා.
*ටහුඩු සර්…
අන්න ඒ හන්දා පල්සර් කාරයා එකපාරටම
අල්ල ගත්තොත් එයාලට ආරංචි වෙනවා වගේම , එහෙම වුනොත් එයාලා පිටපත
වෙනස් කරනවා. ඒ කියන්නේ ඉදිරි සැළසුම් සම්පූර්ණයෙන් පාහේ වෙනස් වෙනවා. එතකොට අපිට අමුතුවෙන් නැවත වෙනස් වෙන්න වෙනවා. ඒක මම කලින් කිව්වා වගේ පට්ට අවාසියි.
*ඔව් නේද සර්.. ඒක නිකං අපි හිතාමතාම අනාගත්තා වගේ. අපි ටික දවසකට ඒ වැඩෙි කල් දාමු.
ඔව් කසුන්. අපි ටිකක් පසුබැහැලා ඉමු.
තව පොයින්ට් දෙකක් තියනවා. අපි ඒ ගැන සැළකිලිමත් වෙමු. දැන් යමු නේද.? පරක්කු වෙලා බෑ. සයිමන් අංකල් සැක හිතයි..
*ඔව් ඔව් සර්.. යමු යමු.
නියෝජිතයාට සමුදුන් අප දෙදෙනා. අපට අවශ්‍ය කරන උපකරණ ටිකක් ද රැගෙන
ආපසු යන්නට විය.
කසුන් අපි දැන් කරන්න ඕන ඔය පල්සර් පාලිතව සූක්ෂ්මව නිරීක්ෂණය කරන්න ඕන. මෑන් එක්ක ගණුදෙනු කරන අය කවුද කියලා බලන්න ඕන. ඒ වගේම , මට සැකයක් තියනවා කැරොලින් මැඩම්ගෙ පණිවිඩ ටික වගේම , මෙි ට්‍රාන්ස්මීටරයෙන් විකාශනය වන පණිවිඩ ටිකයි යන්නේ එක තැනකට කියලා.
*සර් කියන්නේ මෙි සේරම තොරුතුර ටික යන්නේ මහමොළකරුවෙකුට මෑන් තමයි
මෙි සියළුම සැළසුම් හදන්නෙ කියලා.
ඔව් කසුන්… ඒක තමයි මෙතන ඇත්ත.
ඒ වගේම ඔය වලව්වේ මරණ දෙකක්
කරලා තියනවා. මොකා වුනත් මෙි වෙද්දී
පොලීසියෙන් වගේම CDI එකෙන් හරිහැටි වසංවෙලා යන්න පුළුවන්කම තියෙද්දීත්
ඇයි තවම රැඳිලා ඔත්තු බලන්නෙ කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම අපි
දැන් දන්නවා කැරොලින් මැඩම් මෙිකට ඍජුවම සම්බන්ධයි කියලා. හැබැයි මට නොතේරෙන එකම දේ එලියෙ ඉඳලා
සැළසුම් කරන්නේ කවුද, ඒ වගේම ඊලඟට
මොකක් වෙනුවෙන් ද කියන එකයි. ඊලඟට ගෙදර ඉන්නවා ටයිගර් කියලා ටිකක් ලොකු බල්ලෙක්. මෙි වගේ දුෂ්කර මිනීමැරුමක් කරන්න බාහිරින් කෙනෙක්
එනකම් ඒ බල්ලා නිහඬව සිටියේ ඇයි කියන සැකයද මතුවෙනවා මෙතනදී. දුෂ්කර කියන්න හේතුව මහ රෑක තට්ටු දෙකකට නැගලා, ජනේලය ඇරලා , මරලා දාලා තියෙන්නෙ.
*ඒ ආපු මෑන් ඔය කියන බල්ලා හොඳට අඳුරන කෙනෙක් වෙන්න ඕන.
ඔව් කසුන් එහෙම හිතන්නත් පුළුවන්.
නැත්නම් බල්ලව ඈත තියලම සිහිමුර්ජා කරා වෙන්නත් පුළුවන්.
*ඒ කියන්නේ එයාර් ප්‍රෙෂර් ගන් ( සුලං පීඩන තුවක්කුවක් ) එකක පාවිච්චි කරන
උණ්ඩයකට නිදි බෙහෙත් හරි , සිහිය නැතිවෙන බෙහෙතක් කවලද… ?
ඔව් …. ඒක හැබැයි අපි දෙන්නා නිර්මාණය කරගත්ත සංකල්පයක් විතරයි.
*සර් ඒක වෙන්නත් පුළුවන් නම්, ඒ එක්කම අපිට හිතන්න වෙනවා. ඔය අඳුරේ ගිහින් සූක්ෂ්මව හරියටම ඉලක්ක කරලා බල්ලට තියලා දාන්න තරම් හොඳ පුහුණුව ලබපු හාදයෙක් වෙන්නත් ඕන.
එතකොට සැකයේ වාසිය නැවත කැරකිලා යන්නේ ම හමුදා පුහුණුව ලබපු සන්නද්ධ සේවා සාමාජිකයකුට මයි නේද..?
*ඔව් සර්…
එතකොට කවුද ඒ මෑන්… ? මිස්ටර් මාවන්ද… ?
*මාවන් මැරිලා අවුරුදු ගාණක් වෙනවනෙ.
එහෙනම් කවුද … ? සන්නද්ධ පුහුණුව ලබපු විශ්‍රාමිකයෙක් , නැත්නම් සේවයෙන් නීත්‍යානුකූල අයින්වෙලා ගිය කෙනෙක්.
එහෙමත් නැත්නම් , සන්නද්ධ සේවයෙන්
පලාගිය කුලී මිනීමරුවෙක්. ඒ කවුරු වුනත්, අපිට අහක දාන්න බැරි වචනය මොකක්ද … ?
*සන්නද්ධ පුහුණුව ලත්..
අන්න හරි කසුන්… එතකොට තවත් මෙි ප්රශ්නය ගැඹුරු තැනකට ගමන් කරනවා නේද … ?
*ඒක තමයි සර්..
අන්න ඒකට උත්තරය හොයන්න තමයි මම වෙනත් අනියම් පාර්ශවයක උදව් ගන්නේ.
*වෙනත් … ? අනියම් … ?
ඔව් යාළුවා. මම ඒ ගැන පස්සේ කියන්නම්.
මොකද ඒක දැන්ම කිව්වොත් ඔයා අවුල් යනවා. මොකද මම ඒක හොයන්නෙ වෙනම මාතෘකාවක් යටතේ. නැත්නම්
වැඩෙි චොර වෙනවා.
*ඒ කියන්නේ මෙි වෙද්දී උදව් ඉල්ලලාද තියෙන්නෙ.. ?
නෑ.. තවම නෑ. ඒක සැළසුමක් විතරයි. ඒකට මට අවශ්‍ය හෝඩුවාවක් අඩුයි. ඒක
ලැබුනු ගමන් මම දානවා දැල. ඒ දැලට අවශ්‍ය කරන මාළුවා අහුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. අදාල මාළුවා අහුවුනේ නැත්නම් වෙන සැළසුමකට මට බහින්න වෙනවා.
*එහෙනම් සර්. මම එක හිතින් ප්‍රාර්ථනා කරන්නම් ඒ අදාල මාළුවා අනිවාර්යයෙන්ම අහුවෙන්න කියලා.
ඔව් යාළුවා.. මෙික අමුතුම ගේම් එකක්.
විශ්වාස කරන්න. මමත් ටිකක් අවුල් වෙලා ඉන්නෙ. මොකද තුන්හතර දෙනෙක් දිහාම
එකම තැනක ඉඳලා ඇහැගහගෙන ඉන්න වෙලා තියෙන්නෙ. ගලපන්න අමාරු කතාවක් මෙික.
නැවත හමුවෙමු ….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023