⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 08 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒකට උත්තරය දෙන්න ඔීන. නමුත් මට තවම ප්‍රොන්ටෝ ගෙන් හරි උත්තරයක්
ආවෙ නැහැ. හරි විදිහට නම් දැන් මට උත්තරයක් එන්න ඔීන. මොකද ඒ උත්තරය මත තමයි මගෙ උත්තරය සාර්ථක වෙන්නෙ.

මෙතැන්සිට …

*කියනකොටම ඔන්න එනවා මැසේජ් එක…

ඔව් නේද…. ඉන්න බලන්න. හ්ම්ම්…… හරිම ෂෝයි කසුන්.. මෙි බලන්න.

*හෝමාගම තැනක මෙි වාහනය පාක් කරලා තියනවා කියලා තියනවා. ඊට අමතරව. මාතර ෆුඩ් කෝනර් කියලා කඩයකුත් තියනවා.

හ්ම්ම්…. නියමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගෙ මනස එකම දේම ගැන නිතරම කල්පනා කරපුවාම ඒක මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඒක හරියට භාවනාවක් වගේ. හැබැයි ඒක විදර්ශනා ගනයට වැටෙන්නේ නැහැ. ඒක අයත්වන්නේ සමථ නැත්නම් සූදානම් , එහෙමත් නැත්නම් සිත සූදානම් කිරීමෙ අභ්‍යාසාත්මක භාවනා ගනයට. ඉතින් එහෙම දිගටම නිතර නිතර එහෙම මෙනෙහි කරන්න පටන් ගත්තහම. තමන්ගෙ මෙි මනෝකාය නැත්නම් මනස.
ශරීරයෙන් එලියට මුදාහැරෙනවා. නමුත්
මනසත් ශරීරයත් එකට සම්බන්ධ වෙලා තියෙනවා සියුම් නූලකින්. මොකද ශරීරයට බාහිරෙන් ඒ දැහැන බි⁣ඳෙන්න තරම් බලපෑමක් ආවොත් පටස්ගාලා.
නැවත මනස ඇදලා ගන්නවා ශරීරය විසින්. නැත්නම් අවදිවීමක් වෙන්න බැහැ.

ඉතින් මෙි මනස තමන්ගෙ ශරීර කූඩුවෙන් එලියට ගියාම විවිධ තැන්වල සැරිසරනවා. ඇතැම් වෙලාවට ඒක අතීතයේ සිදුව ඇති සිදුවීමක් විදිහට එම පුද්ගලයාට ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය හෝ මෙි දෙකම සංකලනය වෙලා පේන්න පුළුවන්.
අපි හිතන්නේ ඒක සිහිනයක් කියලා.
හැබැයි ඒක එහෙම නොවෙන්නත් පුළුවන් වගේම, ඒ අපි දකින දේ නුදුරු අනාගතයේ වෙන්න තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. සමහරු ඒක විකාරයක් විදිහට හිතලා අතහැරලා දාන්නත් පුළුවන්. හැබැයි මම වගේ අය
එහෙම එකපාරටම අත්හැරලා දාන්නෙ නැහැ. ඒකෙ සත්‍යතාවයක් තියනවද කියලා බලන වෙලාවල් තියනවා.

*මොකක්. සර් මට කියන්න හදන්නේ
සර් මෙි බවුසරෙයි , මෙි අවන්හලයි දෙකම හීනෙන් දැක්කා කියලද…?

ඔව් කසුන්. හැබැයි ඒක සිහිනයක්ද , මායාවක්ද , නැත්නම් මායා සිහිනයක්ද.
නැත්නම් මගෙ මනස ඇත්තටම ගියාද කියන්න මම දන්නෙ නැහැ.

*සර්. ඒක දැන් යථාර්ථයක් වෙලා තියෙනවා නේද…? කොහොමද ඒක මායාවක් වෙන්නෙ …?

ඔයා හරි යාළුවා. නමුත් මට ඒක කටක් ඇරලා කියන්න පුළුවන්ද මම හෙි හීනයක දැකපු දෙයක් පසුපස යනවා කියලා. මොකද ඒක ඇත්තටම අපි වාගේ
වෘත්තීයමය අපරාධ විමර්ශකයින්ට ගැලපෙන්නෙ නැහැ. ඒක අනිත් අයට පට්ට විහිළුවක් වෙනවා. අනික එහෙම දැක්කා කියලා ඒක අපරාධ වලට සම්බන්ධයක් තියනවා කියලා කියන්න බැහැ නෙ.

*හරි… අපි එහෙම සම්බන්ධයක් නැහැ කියලා අතහැරලා දානවද…?

එතකොට සිහිනයෙන් හෝ අඩ සිහියෙන් මනස මවන ලද ඒ දේ ගැන හොයන්නම ඕනද…?

*එතකොට සර්ගෙ පැහැදිලි කිරීම මට පැහැදිලියි. එතකොට මෙිකට ඒ බවුසර් එක සම්බන්ධතාවයක් නැහැ කියලා අපි බැහැර කරනවද..? නැද්ද ….?

හොඳ ප්‍රශ්නයක් කසුන්. තර්කයෙන් තොරව සිද්ධාන්තයන් නිර්මාණය වන්නේ නැහැ. සසිද්ධාන්තයක් නිර්මාණය වන්නේ නැත්නම් ලෝකයට දෙයක් නිර්මාණය වන්නෙත් නැහැ. හැම සංකල්පයක් ම ගොඩනගන්නට මූලික වන්නේ හෝඩුවාවන් නේද. නමුත් මනස විසින් ලබාදෙන හෝඩුවාවන් විෂයට අදාලද නැද්ද කියලා අපි හරියටම දන්නෙ නැහැ. ඒක ගැන හොයනවා කියන එකත් ප්‍රයෝජනවත් දෙයක් නෙමෙි. ඒකත් කරන්න ඕන දෙගිඩියාවෙන්. අපරාධ පරීක්ෂණ විෂයේදී යම් දෙයන් පසුපස යනවා නම්. ඒ ගැන පරික්ෂකයා විසින් විශ්වාසයක් ඇතිකරගත යුතුයි. එහෙම ඇතිකර ගන්නත් තුඩුදුන් සාධාරණ හේතුවක් තිබිය යුතුමයි. නැත්නම් වෙන්නෙ අනවශ්‍ය දෙයක් පස්සේ ගිහින් මංමුළා වෙන එක. ඒක ප්‍රශ්නයක් නොවුනට, ඒ වැයවු කාලය අපරාදේ.

*ඔව් ඒක ඇත්ත. එතකොට අපි මොකද කරන්නේ ඒකට…?

කසුන් හෙි කතාව මම කලිනුත් කියලා තියනවා. මනසට හැකියාවක් නැහැ
මීට කලින් තමන් නොදැකපු දේවල්
මවාපාන්නට පෙන්වන සිහිනයන්වල.
මතකයේ නොරැඳුනත් කලින් තත්පරයකට හරි දැකපු සිදුවීමක් , පුද්ගල චරිතයක් , නිශ්චල හෝ චංචල වස්තුවක් හෝ ස්ථානයන් දැකලම තියෙන්න ඕන නම්. මමත් මීට කලින් ඔය කියන චයිනා මිල්ක් කියන බවුසර් එක දැකලා ඇති කොහෙන් හරි. ඒ වගේ අර කියපු අවන්හලත් එහෙම්ම තමයි. නමුත් ඒවකට ඒක විෂයට අදාල නැති හන්දා ගණන් ගන්න නැතුව ඇති. නමුත් මට හැ⁣ඟෙනවා මෙි සිහිනයේ තිබුන සිදුවීමයි,
මෙි වර්තමාන කේස් එකයි අතර මොනයම් හෝ සම්බන්ධයක් ඇති කියලා.

*ඇත්තටම සර මොනවද දැක්කෙ …?

මහලොකු දෙයක් දැක්කෙ නැහැ. ඒ බවුසර් එකේ දෙන්නෙක් කොළම ගාලු පාරේ වෙිගයෙන් ගියා. ගිහින් කෑමට මාතර ෆුඩ් කෝනර් එක ලඟ නැවැත්තුවා.

*ඉතින් ඊට පස්සේ ….?

ඊට පස්සේ නැවත වාහනේද නැගලා යාල බොහෝදුර ගිහින් වනෝද්‍යානය ඇතුලට
ගියා බොහොම පටු මාර්ගයක එච්චරයි.

*ඊට පස්සේ ….?

ඊට පස්සෙද `` ගුඩ් මෝර්නින් සර් සැටියෙම නින්ද ගිහින් වගේ ´´ කිව්වා එච්චරයි …

*අයියෝ මම කෙලියා නේද තාප්පෙට. තව විවාඩි පහක් මම පරක්කුවෙලා එන්න තිබ්බෙ.

ඔව් ඒක තමයි… කමක් නැහැ. කොහෙන්හරි ඔය ගහට ගහක් මුලිච්චි වෙයි නෙ. එදාට බලමු නේද…?

*ඔව්. සර් විශ්වාස කරන්නේ මොකක්ද ..?

ඔව කසුන් මම කිව්වානෙ සුළුවෙන් හෝ ඒගැන විශ්වාසයක් තියෙන්න ඔින කියලා. හෙට හවස අපි අර මෝඩ ජෝඩුව එක්ක එන අයගෙන් අහඹුලෙස තෝරගත්ත දෙන්නෙක් පස්සේ හඹා යනවනෙ. එතකොට තමයි බලන්න පුළුවන් උන් කොහෙද යන්නෙ කියලා.

*ඒකද සර් කිව්වෙ නියෝජිත J50 ට තෙල් ගහගෙන ලෑස්තිපිට ඉන්න කියලා.

ඔව් .. මගෙ අනුමානය නිවැරදියි නම් , අපි හඹායන දෙන්නගෙ ගමනාන්තය විය යුත්තේ. ඔය යාල වනෝද්‍යානය. මොකද උන් එන්නෙ වඳුරව මරන්න නෙමෙි. අපි දෙන්නව අල්ලගන්න. වඳුරෙක් මරන්න ඔච්චර ඈත ඉඳලා එන්න උන්ට පිස්සු නැහැ. නමුත් අපි දෙන්නව අල්ලගන්න එක උන්ට හුඟක් වැදගත්. ඒ හන්දා උන් අනිවාර්යයෙන්ම එන්නම ඕන අපිව කුදලගෙන යන්න.

*ඔව් සර්. අපේ අනුමානය නිවැරදි නම්
උන්ට වඳුරෙක් මරන්න ඔච්චර දුර ගෙවාගෙන එන්න පිස්සු නැහැ. ෂුවර් එකටම උන් මෙි අදිසි සංවිධානයේම අය වෙන්නම ඕන.

ඔව්…

*හැබැයි උන් පැටලෙන්නෙ වැරදි මිනිස්සු එක්ක කියලා දන්නෙ නැහැ. චුට්ට මිස් වුනොත් බඩු අඩි පහක් යට..

ඔව් ඒකනම් එහෙම තමයි. හැබැයි දැන්ම අපි ඇක්ෂන් වලට යන්නෙ නැහැ. මොකද අපිට තව තොරතුරු රැස්කරගෙන ඉන්න වෙනවා. එතකම් වෙඩි නොදා , මල්වෙඩි විතරක් දාමු.
ඒ වගේම මෙි මෝඩ ජෝඩුව මගහැරලා ඉමු. ඒක හන්දා තමයි අවිස්සාවේල්ලට නොයා කොටියාකුඹුරට ආවෙ.

*උන් සමහරවිට අපිව හොයනවා ඇති.

ඔව්. එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් අපේ අවස්ථාව අපි ගමු.

*එතකොට මෙි මහාචාර්යතුමා මැරුනෙ හෘදයාබාධකින් නේද…?

ඔව් ඒක ඒක ඇත්ත. හෘදයාබාධකින් වෙන්න ඕන. මොකද ඔය වගේ ඝාතන මැක හිතෙන පරිදි කරන්න තරම් හිතන්න එපා මෙි සංවිධානය මෝඩයි කියලා. නිහඬ කරන්න ඕන අය රහසේම නිහඬ කරලා දානවා. මතකයිද අර යටියන්තොට මිනිස් අවයව ජාවාරම් ප්‍රශ්නයේ මල්ලි අක්කව නිහඬ කරන්න හිතාගෙන හෘදයාබාධ හැදෙනසුළු පෙත්තක් දුන්නා.

*නටාෂා මෙනවියට නේද…?

අන්න හරි නටාෂා තමයි. ඉතින් අන්න ඒ වගේ ජීව විද්‍යාත්මක දෙයන් මෙතන වෙලා තියනවා කසුන්.

*අපි මෙි මිෂන් වලි හුඟක් අද්දැකීම් ලබාගෙන තියනවා නේද… ?

ඔව්. ඒක එහෙම තමයි. ``අද්දැකීම් මිනිසෙකු පරිණත කරයි ´´ කියලා කතාවක් අහලා තියනවා නේද…?

*ඔව් සර්. මමත් දැන් විවිධ විෂයන් වලට අදාල පොත් පත් කියවනවා.

ඒක හොඳයි.. වෘත්තීයමය වශයෙන් ඒක හුඟක් වැදගත් යාළුවා. හරි අපි දැන් බලමු මහාචාර්යතුමා ඇයි හිස් පෑන් පාවිච්චි කරේ ලියන කටයුතු වල⁣ට කියලා.

*ඇත්තටම සර් මොකක්ද ඒ වැඩෙි..?

ඔව්.. ඒක පොඩි තාක්ෂණයක් කසුන්.
මහලොකු දෙයකුත් නැහැ. ඔයා දන්නවා නෙ ගුප්ත විද්‍යාවේදී යන්ත්‍රවල සූත්‍ර ලියන්නෙ කොහොමද කියලා.

*ඔව් සර්. තඹ කොලයක ඒ සූත්‍ර ලියනවා. හැබැයි එහෙම ලියනකොට තඹ කොළය විනිවිද යන පරිදි ලියන්න බැහැ. මොකද එහෙම වුනොත් ඉරෙනවා.

විශිෂ්ඨයි… ඇයි එහෙම කරන්නේ..?

*සර් සාමාන්‍ය කඩදාසියක ලිව්වොත් වැස්සට දියවෙන්න පුළුවන්. ගින්නට පිච්චෙන්න පුළුවන්. නමුත් තඹ කොලයක ඒ සූත්‍ර ටික ලිව්වොත් විනාශ වෙන්නෙ නැහැ පාරසරික හේතූන් මත.
යම්කිසි පුද්ගලයෙක් ඉරුවොත් තමයි ඉතින්.

විශිෂ්ඨයි… අති විශිෂ්ඨයි යාළුවා. අන්න ඒ විදිහට තමන් මෙතෙක් කරපු පර්යේෂණවල සමීකරණ තඹ කොලවල ලියලා කොහෙහරි හොඳ තැනක ආවරණ කරලා තැන්පත් කරලා තියෙනවා කියලා මට තක්කෙටම කියන්න පුළුවන්.

*එතකොට මෙි මෝඩ ජෝඩුව හොයන්නෙ ඒ ප්‍රතිදේහවල සමීකරණ වෙන්න බැරිද..?

ඔව් කසුන්. හැබැයි මෙි ලියැවෙන්නැති පෑනෙ තාක්ෂණය මුන් දන්නෙ නැහැ. උන්ට එහෙම හිතන්න තරම් අද්දැකීම් හෝ බුද්ධි මට්ටමක් නැහැ. උන් හිතන්නේ හිස් පෑන් පාවිච්චි කරලා කියලා නෙමෙි..

*එහෙනම් …?

හහ් හහ් හා… ඒවා ලියලම ඉවරවෙලා කියලා. එච්චරටම වෘත්තීයමය හැකියාවක් උන්ට නැහැ කසුන්.

*හහ් හහ් හා මෝඩ යක්කු. එතකොට ඔය කියන රහස්‍ය ලියවිල්ල කොහෙද තියෙන්නෙ….? ඇයි සර් අපි ඒක හොයන්න උත්සාහ ගන්නෙ නැත්තෙ.

හ්ම්ම්… ඒකට උත්තරය වෙලාව ආපු ගමන් මම කියන්නම්. මොකද හැමදේකටම නියමිත වෙලාව එනකම් ඉන්න වෙනවා අපිට. කලින් ඒ දේවල් එලියට දැම්මොත් ඒක නීරස වෙනවා.

*සර් කියන්න හදන්නේ ඒ ප්‍රතිවෛරස් එක මහාචාර්යතුමා නිර්මාණය කරා. ඒ වගේම ඒ සංයෝගය සූත්‍රානුසාරයෙන් තැනක ලියලා තියනවා. ඒ තැන සර් දන්නවා කියලද…?

ඔව් කසුන් අනුමාන වශයෙන් තැන මට කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රති වෛරසය මෙිවනවිට හොයාගෙන තියෙන්නෙ කියලා නම් මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.

*සර් කිව්වා නම් හරියටම හරි. ආයේ එතන වෙන තර්කයක් නැහැ. ඒකද මෙච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ. මෙච්චර අවදානම් සහගත තත්වයක් තිබිලත්.

ඔව් නෙ. ඒක එහෙමනෙ ( මදක් සිනාසෙමින් )

*එතකොට මහාචාර්යතුමා ඇයි මෙි සේරම එලියට දැම්මෙ නැත්තෙ…?

මෙි සේරම සවිස්තරාත්මකව එලියට දැම්මා කියමු. කවුද මෙි රටෙි ඕක පිලිගන්නෙ යාළුවා. එහෙම පිලිගන්න මිනිස්සු මෙි රටෙි ඉන්නවද.. සුනාමි එන්න කලින් වෙරළ කිලෝමීටර් එකක් විතර පොලවට පෑදුනා. මිනිස්සු වැල්ලට පැනලා මාළු ඇල්ලුවා. සමහරු ඔය ටිකට භූමිය බෙදාගන්නත් සැළසුම් කරා. එහෙව් මිනිස්සු ඉන්න රටකට මෙවැනි දෙයක් තේරුම් කරන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද කසුන්…? අපේ අයට යම් දෙයක් වෙලා ඒකෙන් බිංදුවටම කෙලවෙනකම් හැදෙනවද…? කියනදේ අහනවද..? එහෙම නැහැ නේද…? නැති සේවල් මවාගෙන පුහු ආටෝප වලින් ජීවත් වෙන රටක් නේද මෙික…?

*එහෙම කරන්න බැරි හන්දා මතු අනාගතයේ මිනිස්සු ගැන හිතලා තමන්ගෙ වැඩෙි කරලා අකාලයේ මිය ගියා කියලද සර් කියන්නේ…?

සීයයට අසූවක අනුපාතයකට එහෙම තමයි හිතන්න වෙන්නේ.

*එතකොට ඇයි ඒ බෙහෙත වඳුරට පාවිච්චි කරලා ඌව නිරෝගි නොකරේ..?

අද උදේ ඉඳන්ම මගෙන් අහන්නෙ සුපිරිම ප්‍රශ්න ටිකක්. නියමයි යාළුවා. ඇත්තටම නියමයි. ඒකට උත්තරය හරි සරළයි.
මුලාව තමයි ඒකට උත්තරය..

*මුලාව …?

ඔව් මුලාව. එහෙමත් නැත්නම් ප්‍රෝඩාව.
තව විදිහකින් කියනවා නම් ප්‍රයෝග.
ටිකක් ගැඹුරින් හිතලා බලන්න. එහෙම කරානම් ඕනම මෝඩයෙකුට තේරෙනවා.
මෙයා ප්‍රතිවෛරස් එක හොයාගෙ තියෙන්නෙ කියලා. එතකොට මොකද වෙන්නෙ….? මෙි විනාශය වලක්වන්නට තියෙන අන්තිම තුරුම්පුව මුන්ගෙ අතට යනවා. නැත්නම් එහෙම හොයාගත්තා කියලා සැකයක් ඇතිවෙනවා මෙි අයට.
ඒ හන්දා එහෙම දෙයක් තවම හොයාගෙන නැහැ කියන්න තමයි. මෙි නරි නාටකය රඟපෑවෙ. මතක තියාගන්න මෙයා මහාචාර්ය වරයෙක් කියලා. ආචාර්ය පට්ටම් සාමාන්‍ය පෙලවත් පාස් නැති , සල්ලි බලේට , දේශපාලන බලේට අරගෙන ජනතා මුදල් ප්‍රකෝටි ගණන් නාස්ති කරලා රොකට් යවපු නිකමෙක් නෙමෙ මෙයා. නියම මහත්මා ගතිගුණ තියෙන. පියවරෙන් පියවර මහචාර්ය තනතුරට ආප කෙනෙක්.

*ඒකනම් ඇත්ත. ඔය නීතීඥ්ඥයොත් ඉන්නෙ සල්ලි වලට නීතීඥ්ඥකම ගත්ත.
ඒ වුනාට එක නඩුවක් කතා කරලා නෑ.

හහ් හහ් හා…. ඒක හරියට මාළුපාන් වල මාළු නෑ වගේ කතාවක්.

*ඔව් සර්…. මෙි රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.

හ්ම්ම්… ඇත්ත තමයි ඉතින් තිත්ත වුනත්.

*හ්ම්ම්… හරි සර්. අපි හෙට වැඩෙිට බහිමු එහෙනම්.

ඔව් මම කියන්නම් හෙට කරන්න ඔිනදේ හෙට උදේට…

රාත්‍රිය සාමාන්‍ය පරිදි ගතකරන්නට පුළුවන් විය.

පසුදින…

දහවල් වනවිට පිලිමතලාව ආසන්නයට පැමිණීමට අපට හැකිවිය. වෙනත් ස්ථානයක යතුරුපැදිය සගවා. මහාචාර්යවරයගෙ මහගෙදර අසල ඇති කඳුගැටයට ගොඩවිය. පසුව දෙදෙනාම භූමියට අනුව වෙස් වලාගෙන බිම වැතිරී , විටෙන්විට දුරදක්නය භාවිතා කරමින් මහගෙදර නිරීක්ෂණය කරන්නට විය.

කසුන් මොනවත් පේනවද…?

*හ්ම්ම්… හ්ම්ම්. දැනට නම් මොකුත් නැහැ.

හොඳයි අපි බලාගෙන ඉමු.

අඩහෝරාවකට පසු.

*සර් දැන්නම් හතර දෙනෙක් වටපිට බල බල අතනට එනවා..

කෝ බලමු. හරි… නියමයි. නිකං පශු වෛද්‍යවරුන් වගේ වෙස් වලාගෙන ඉන්නෙ. හොඳයි .. අපි බලමු. එතකොට අර ඉන්නෙ විදුහල්පති තුමා.

*පේන විදිහට නම් බොහොම හිතවත්කමක් තියනවා වගේ මෑන් මෙයාලත් එක්ක..

ඔව්. ඒක අපිට හරියටම කියන්න අමාරුයි. මොකද අපිත් එක්කත් එහෙමනෙ නේද…? අපි බලමුකො.

*අන්න විද්දා බඩු. මම හිතන්නේ ඕක විෂක් වෙන්න ඕන.

ඔව් කසුන්. වැඩෙි ලීක් වෙන්න කලින් මරලා දාන එක තමයි එකම විකල්පය.

*හැබැයි දැන්ම මැරෙන්නෙ නැහැ.

එහෙම නෙමෙි වෙන්නෙ. අර බලන්න මෙි සතාව පැක් කරලා අරගෙන යන්න හදන්නේ. පේනවා නේද ලොකු පොලිතීන් පැකට් එකක් අරගෙන ආවා. අර දෙන්නා විතරක් හඳට යයන්න වාගෙ ආවරණ ඇඳුම් ඇඳගෙන ඉන්නෙ.

*ඔව් සර්… මෙතන මොනවාහරි වුනොත් වැඩෙි ගැස්සෙන හන්දා සතාව නිදිකරවලා අරගෙන යන්න හදන්නේ.

අපි යමු කසුන්. පල්ලම් බහිමු මුන් පස්සේ
යමු. ඒක තමයි මගෙ සැළසුම. ගන්න බයික් එක. අර යන ඇම්බියුලන්ස් එක පස්සේ යමු. හෝරා දෙකක් පමණ සිට ගමන් ගන්නා ගිලන්රථය පසුපස අපද
පසුපස ලුහුබැන්දෙමු. ඒ යන අතරතුරදී කුඩා ජීපීඑස් එකක් ගිලන්රථයේ ඇලෙන පරිදි දමා ගසන්නට මා සහත් වූයෙමි.

*සර් අන්න නැවැත්තුවා …

දිගටම යන්න කසුන්…. මීටර් තුන්සීයක් පමණ ගිය පසු අසල කඩයක යතුරුපැදිය නවතා සිටියෙමු. එසැණින් නියෝජිත J50 වෙත ඇමතුමක් ගෙන ඉක්මනින් හෝමාගමට වෑන් රථයෙන් එන ලෙස දැනුම් දුන්නෙමි.

*සර් උන් එනවා වගේ…

අපි⁣ හෙමිහිට යමු. උන්ට අපිව ඉස්සර වෙන්න ඉඩදෙමු. අඩහෝරාවකට පසු
නියෝජිතයා විසින් පාරෙ අයිනක තම වාහනය සමග අපට මුණගැහුන පසු
යතුරුපැදිය ක්ෂෙත්‍ර ඔත්තුකරුවෙකුට
බාරදී , තිදෙනාම වෑන් රථයට ගොඩවී වෙිගයෙන් ගිලන්රථය පසුපස යන්නට විය. ඈත තියාම ගිලන්රථයට නොපෙනෙන පරිදි වෑන්රිය නවත්වා
සිදුවන දේ බලාසිටියෙමු. වඳුරු දේහය
නිල්පැහැති බවුසර් එකක් තුලට බහාලන බවක් පෙනෙන්නට විය. දුරදක්නය ආධාරයෙන් බලනකල එහි ``චයිනා මිල්ක් ´´ යනුවෙන් ලොකු අකුරෙන් නමිකර තිබු බවක් පෙනෙන්නට තිබුනි.

*සර් අර බවුසර් එක….

ඔව් ඒක තමයි කසුන්.. මහත්වරුනි .
ලොකු චාරිකාවක් යන්න ලෑස්ති වෙන්න.
අන්න බවුසර් එක යනවා. අපිත් යමු..


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now