නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 16
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
16 වන දිගහැරුම
( පාළු නිවස )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔව් සර්.. දැන් මම යන්නම්. මොකද මම මෙතන ඉන්න ගත්ත කාලය වැඩියි.
ඒක ඇත්ත.. හෙට හමුවෙමු.
*ගුඩ් නයිට් සර්…
ගුඩ් නයිට් ගැමුණු.
මෙතැන් සිට….
කසුන් නික්මගිය පසු. මගහැරුණු දේවල් ගැන කල්පනා කරන්නට විමි. අප අවට කාට හෝ සම්බන්ධ අයවළුන් පිරිසක් ඔත්තු බලමින් පසුවන බව පෙනීයයි. ඒ වගේම කාටවත්ම මතුපිටට නොපෙනෙන කපටිකමක් කැරොලින් මහත්මිය සතුව ඇති බැව් මෙිවනවිට මාහට නොරහසකි. ඇය පසුගිය ඝාතන දෙකට ඍජුවම හෝ වක්රවාකාරව තම දායකත්වය ලබාදුන්නා වන්නට පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. හරි මාධව… එයා මෙි ඝාතන දෙකටම තම සක්‍රීය දායකත්වය දුන්නා
කියමුකො. එතකොට මෙි සියල්ල හමාර වූවායින් පසුව නිහඬව සිටිනවා හැර. නැවත කා සමඟ හෝ රහසිගත ලෙස සන්නිවේදනය කරන්නේ ඇයි. කා සමඟද.? කුමක් අරඹයාද.. ? එසේනම් මා මෙිගැන අනිවාර්යයෙන්ම හොයන්න ඕන. මෙි පණිවිඩය ගන්නේ කවුද.. ? ඒ මොකටද කියලා. එතකොට එදා පත්තරය කියවමින් සිටි පුද්ගලයා මොවුන්ගේ ඔත්තු තවත් කරුවෙක්ද.. ? මොනවද මං ලඟ තියෙන දේවල් පොඩි ප්රවෙිශයක් ගන්න. හ්ම්ම්… රයිට් බලමු උත්සාහ කරලා.
එසැණින් ලැප්ටොප් පරිඝනකය ක්‍රියාත්මක කර, කලින් හෙන්ද්‍රික් වලව්වේ පවුලේ ඇල්බමයෙන් ගන්නා ලද මියගිය මාවන්
පීරිස්ගෙ සමීප ඡායාරූපයක් ද. පසුගිය දවසක ගෝනහෙල හංදියේ තේ කඩයේ පත්තරය කියවනවා වගේ බොරුවට රඟපෑ පුද්ගලයගෙ සමීප ඡායාරෑපයක් ද විවෘතකර දෙක එකට තබා සංසන්දනය කර බැලුවෙමි. එම මුහුණු දෙකෙ කිසිම සමානකමක් දක්නට නොලැබුණි. ඉන්පසු දුරකථන ගෙන ඉඳුරාම ඇමතූමක් ගත්තේ මහනුවර ස්පයිඩර් වෙතය.
දු.ක - හෙලෝ..
චාර්ලි , ටැන්ගො බ්ලැක් ඇපල්
දු.ක - ටැන්ගො , සියරා .. ජූලියට් 100.
තහවුරුයි. නියෝජිත ජේ 100..
දු.ක - ආයුබෝවන් එස්ටී ( ST - Spy Tiger )
ආයුබෝවන් නියෝජිත ජේ 100. තත්ව වාර්තාව දෙන්න.
දු.ක - අංක එකද. නැත්නම් අංක දෙකද.. ?
අංක එක.
දු.ක - අංක එක මහනුවර ටවුන් එකේ සපත්තු මහන කෙනෙක්. නම සෙල්වරාජ්. කට්ටිය කියන්නේ “රාජ් අයියා” කියලා.
හ්ම්ම්… එහෙමද…? තහවුරුයි ද.. ?
දු.ක - තහවුරුයි එස්ටී.
හොඳයි.. එතකොට අංක දෙක.
දු.ක - පල්සර් මෑන් අද දවල් පැකේජ් ( පොත ) එක අරගෙන ගියා. මම පේන දුරින් පසුපසින් ගියා. තෙල්දෙණිය කලින් ගිය ස්ථානයමයි ගමනාන්තය වුනේ. ඒ තැන අපිට චෙක්කරන්න වෙනවා.
බොහොම හොඳයි.. දිගටම විමර්ශන කටයුතු කරගෙන යන්න. මම කතා කරොත් විතරක් මට තොරතුරු දෙන්න.
දු.ක - අනිවාර්යයෙන්ම එස්ටී.
බොහොම හොඳයි ජයවේවා.
දු.ක - ජයවේවා..
ඇමතුම විසන්ධි විය.
හ්ම්ම්… ඒකත් එහෙමද.. එහෙනම් අපි මෑන්ව දැනට අතාරිමු. එතකොට.. ඊලඟ යතුරුපැදි කරුවා ගැන බලාගමු. දැන් මොකක්ද කරන්නේ ? අපි උන්ට වඩා පියවර දෙකක් වත් ඉදිරියෙන් ඉන්න නම්, කාලය නිකරුණේ නාස්ති කරල බැහැ. එසැණින් ඇමතූමක් ගත්තේ සහයක පරීක්ෂකයා වෙතය.
හෙලෝ නාරද..
දු.ක - සර්….
සයිමන් අංකල් නිදිද… ?
දු.ක - ඔව් සර්..
ඉක්මනට එන්න.. අපිට ගමනක් යන්න තියනවා. ලෑස්තිවෙලාම එන්න
දු.ක- මෙි එනවා….
මොහොතකට පසු. කසුන් දොර අභියස සිටගෙන සිටියේ කළු කබායක්ද , අත්මෙිස් ඇඳගෙනය.
හා… කසුන් ආවද.. සයිමන් අංකල් නිදිද…
*ඔව් සර්… මෑන් බත ගහපු ගමන් නිදාගත්තා. දැන් ගොරව ගොරවා නිදි.
නියමයි … ඉන්න පොඩ්ඩක්. කියමින්. මා කලින් පටිගත කරන ලද පැයක පමණ කාලයක් ධාවනය වන දුරකථන ඇමතුමක කතාබහක හඬ පටයක් එය නැවත ඇසෙන පරිදි ටෙිප් රෙකෝඩරයට දමා, ක්‍රියාත්මක කර දොර වසා එලියට ආවෙමි.
යමු කසුන්… මම යන ගමන් කියන්නම්.
විදුලි බල්බවල ආලෝකය මහගරිමින්
අප දෙදෙනා අඳුරේම ගෝනහෙල මාවතේ ඉදිරියට ගමන් කළෙමු.
කසුන් (රහසින් ) අපි ඈතින් වාහනයක් එනකොට දෙකට බෙදිලා හැංගෙමු. මෙික
විවෘත ගමනක් නෙමෙි. අපි යන්නෙ ගෙයක් සෝදිසි කරන්න. ගෙයක් කිව්වට පාළු ගෙයක්.
*හරි සර්…
ඔයා දන්නවද.. අර පත්තරය කියවපු මෑන් සපත්තු මසන්නෙක්. මට මහනුවර අපේ නියෝජිතයා තමයි විමර්ශනය කරලා කිවිවෙ.
*හපොයි ඒකත් එහෙමද… ?
ඔව්… ඒ වගේම පල්සර් කාරයගෙ ඔය කියන තෙල්දෙණියෙ ගෙදරට අපි නුදුරේදීම රහසින් කඩාවදින්න ඕන. ඒකත් කරන්න ඕන මෑන් නැති වෙලාවක් බලාගෙන ඉඳලා. මට දැන් ටික ටික තේරෙනවා මෙතන යන ගේම්එක. අරමුණ මොකක් වුනත් මෙි මිනීමැරුම් දෙකම කරලා තියෙන්නෙ පොඩි කණ්ඩායමක්.
*සර් කියන්නේ දෙකම කරේ එකම කට්ටියක් කියලද… ?
ඔව් කසුන්… හැබැයි මට තේරෙන විදිහට
මෙි දෙකම පලිගැනීම් වුනාට දෙකටම එකිනෙකට වෙනස් හේතූන් බලපාලා තියනවා. මෙි තියෙන්නෙ තේ කඩෙි. මෙතනින් දකුණු හැරෙමු. තව ටික දුරයි කසුන්. අපි දිගටම කතා කරමු.
මෙතන මම කලින් හිතුවා මෙතන තියෙන්නෙ බල අරගලයක් කියලා සයිමන් අංකල් ගෙ කතාවට අනුව. නමුත් එහෙම දෙයකු නෙමෙි කසුන්.. මෙි හාමුලා ටික අපරාධ කීපයක් කරලා තියෙනවා. නමුත් ඒ සේරම නීතියේ රැහැනට හසුවෙලා නැහැ.
*ඇයි ඒ සර්… ?
සල්ලි වල තියෙන බලය තමයි. තෝරු , මෝරු එක්ක හාල් මැස්සන්ට හැප්පෙන්න බැහැ කසුන් මෙි තියෙන සමාජ තන්ත්රය එක්ක. හැබැයි හාල් මැස්සන් එකෙක් හෝ දෙන්නෙක් එහෙම මෝරෙකුගෙ කරමල අස්සෙන් රිංගලා හානි කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඉතින් එහෙම දෙයක් මෙතන වෙලා තියනවා කියලා මට ඉවෙන් වගේ තේරෙනවා. ඊටත් අමතරව තව කාරණයක් තියනවා. ඒකත් මම දැන් හොයාගෙන යනවා. අපි බලමු මොකද වෙන්නෙ කියලා.
*සර් රෑ නමය හමාර විතර වුනාට පස්සේ මෙි පැත්තම නිස්කලංකයි නෙ. අඩුම තරමෙ පාරෙ බල්ලෙක් වත් නැහැ නෙ.
ඒකට හේතුව මේ වතුයායවල් වල වැඩ කරන මිනිස්සු හොඳට මහන්සි වෙනවා. ඉතින් ඒ මහන්සිය හන්දම රෑට උයලා , කලින්ම කාලා නිදාගන්නවා. අර තියෙන්නෙ තැන අපි හෙමිහිට ඇතුලට යමු.
*සර් මොකක්ද මෙි වත්ත. ඇයි අපි දෙන්න මෙහෙට ආවෙ… ?
ඒකට උත්තරය ආපහු එන ගමනෙදි මම කියන්නම්. දැන් කතාව සීමා කරමු.
*හරි සර්…
යමු යමු ඇතුලට. විවිධ වල් බිහිවූ කුඩා වත්තක් මැදින් අප ගමන් ගත්තෙමු. ඒ වෙන කොහෙවත් නොව මියගිය මාවන් පීරිස්ගෙ පාළුවට ගිය නිවහන වෙතය. පිටුපස දොරින් අප දෙදෙනාම ඇතුල් වුනෙමු. එය හොඳින් දොරගුළුලා තිබුනද බොහෝසෙයින් දිරාපත්ව තිබුණු බැව් මද අඳුරේ වුවද පෙනුනි. සඳ කිරණෙන් මුළු පරිසරයම වෙලාගෙන තිබූ බැවින් අවට පරිසරයේ ඇති සියල්ල පැහැයෙන් නොවුවත්, හැඩයෙන් මනාලෙස හඳුනාගත හැකිය. එය අප ලද පරම වාසියකි. පසුව දෙදෙනාම තම තමන්ගේ කුඩා විදුලි පන්දම් දෙක දල්වාගෙන සෝදිසි කරන්නට විය. පාළුවට ගිය නිවසේ විටෙන්විට වවුලන් ගෙ හඬ රජයන්නට විය. ඔවුන්ගේ දුර්ගන්ධය ද එසේමය. සැබවින්ම මෙහි කිසිවෙකු මෑත කාලයේ ඇතැමෙකු සිටි බවට කිසිදු සලකුණක් කොහොමත් ම පෙනෙන්නට නොතිබුණි. සෑම කාමරයක් ම ඉතා සූක්ෂමව පරික්ෂාවට ලක් කලද කිසිදු අයෙකු මෙහි සැරිසැරූ බවක් නොතිබුණි. නමුත් එක් සලකුණක් මා දුටුවෙමි. එය දැකීමෙන් මා මුසපත් වුනෙමි.
*සර්… මෙහෙනම් මොකුත් නැහැ.
ඔව් නේද … ?
*මොකද කරන්නේ…
අපි යමු කසුන් …
*සර් මොකද මෙි…
ඇයි කසුන් …
*අමුතු සතුටකින්…
එහෙම පේනවද… ?
*නැතුව ඉතින්….
හ්ම්ම්… ඔයා හරි යාළුවා. ඒක එච්චර බරපතල් හෝඩුවාවක් නෙමෙි. නමුත් ඒකේ යම්කිසි හරුපයක් නැතුවමත් නෙමෙි. සමහරවිට
මෙික බරපතල්ම හෝඩුවාව වෙන්නත් බැරි නැහැ. දැනට ඒක "සුළු" කියන වචනයෙන් නිමා
කරමු.
*මොකක්ද සර් ඔච්චර සුළුවෙන් හිතන කාරණය.. ?
කිසිම අඩුවක් කාමරවල දැක්කෙම නැද්ද හැබෑටම.
*නැහැ සර්..
හ්ම්ම් කාරි නෑ. කාරි නෑ කොලුවො. ( මදක්
සිනාසෙමින් ) මම මෙහෙම කතාවක් කියන්නම්. කසුන්… යම්කිසි දෙයක් දෙස අපි අපේ බලන කෝණය අනුව , අපිට විවිධ දේවල් පේන්න වගේම , විවිධ දේවල් මගහැරෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒක අපිට නොවැදගත් දෙයක් කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් පොඩිම පොඩි සියුම් දේවල් , සියුම්ව නිරීක්ෂණය කරලා විශාල දෙයක් වටහා ගන්නත් පුළුවන්. ඔයා හොඳාකාරවම දන්නවා අපරාධ විමර්ශකයෙකු විසින් හොයාගන්නා හැම හෝඩුවාවක් ම සාක්ෂි විදිහට උසාවියට ඉදිරිපත් කරන්න බැරි බව. අන්න ඒ වගෙ ඉක්මනට වියැකෙන දෙයක් මම දැක්කෙ. ඒකෙන් පුළුවන් අපිට හිතාගත නොහැකි අන්දමෙි බලාපොරොත්තුවක් උපදවා ගන්න. හොඳයි .. මම දැන් කියන්නම් කොහෙද අපි ගියේ කියලා. අපි දෙන්නා මෙි හදිසියේම ගියේ ඔය පීරිස් පරපුරේ බාලයා වන මාවන් පීරිස්ගෙ ගෙදර..
*මො.. මො. මොකක් … ? අර පහුගිය කාලේ සුනාමියට අහුවෙලා නැතිවුණා කියපු මිලිටරි හාදයගෙ ගෙදරද.?
ඔව් .. එහෙ තමයි කසුන්.
*එහෙ ගිහින් මොනවද අපි එතනින් බලාපොරොත්තු වෙන්නෙ.
ඒක අතුරු ප්‍රශ්නයක් නෙේද කසුන් මෙිකට සම්බන්ධ වුනත්. ඉන්න මම දැන් එතනට එන්නම්. අපි දෙන්නා කාමර බෙදාගෙන හෝදිසි කරා. ඒ වගේම මට කනාවට වගේ මාවන්ගෙ නිදන කාමරය කියලා අනුමාන කරන්න පුළුවන් ජාතියේ කාමරයකට ඇතුල් වෙන්න පුළුවන් වුනා. එතනදී කිසිම වෙනසක් නැතත්, ආපසු හැරිලා එන්න මම හදද්දී එක දේකට මගෙ නෙත යොමුවුනා.
*ඒ මොකක්ද සර්..
මාවන් මහත්තයගෙ වයිෆ්ගෙ පරණ ෆොටෝ එකක්. එහෙම කිව්වට මොකද ඒකෙ දෙන්නම ඉන්නවා. ඇත්තෙන්ම මෙිසය මත තිබ්බ උඩුකය ඡායාරූපයක්. මම ඒක දිහා කෙලින් බලපුවාම වෙනසක් පේන්න තිබ්බෙ නැහැ.
හැබැයි ටිකක් ඇලේට බලනකොට ඒකෙ වයිෆ්ගෙ ෆොටෝ එකේ මුහුණ විතරක් ලොකු දෙයකින් පිසදාලා තිබ්බා. ලොකු කිව්වට ඒක රෙදි කඩක් වගේ දෙයක් නෙමෙි. හරියට මහපට ඇඟිල්ලෙන් වගේ. මොකද යන්තමට ඇඟිලලේ තියෙන රේඛා වලින් සීරුන බවක් පේන්න තිබ්බා. ඒකෙන් මට නිගමනය කරන්න ලේසිවුනා ඒ මහපට ඇඟිල්ලක් මයි කියලා.
*හපොයි එහෙමද.. ?
ඔව් කසුන්.. ඒක තමයි මම කලින් කිව්වෙ යමක් දිහා බලන කෝණය අනුව වෙනස් ප්‍රථිපල ලැබෙන්නට පුළුවන් කියලා.
*සර්.. ඒක කවුරු කරන්න ඇද්ද .. ?
ඒකට නිවැරදි උත්තරය අපි දෙන්න කඩිනමින් හොයාගන්න ඕන කසුන්. අනික ඒ වගේ දෙයක් අතගානවා කියන්නේ ඒ මැඩම්ට හුඟාක් ආදරේ කරන කෙනෙක්. මොකද පරණ මතකයක් පාරනවා වගේ හැඟීමක් එන්න ඇති ඒක දකිනකොට.
*සර් එහෙම කරන්න කවුද ඉන්නෙ .. ?
ආයෙත් ඒ ප්‍රශ්නයමයි නේද.. ඒකට නිවැරදි උත්තරය ඉතින් කලින් එකම තමයි. අපි ඒක හොයන්න ඕන. ඒක එහෙම සුළුවෙන් අපිට පෙනුනට, ඕක මෙතෙක් ලැබුන බරපතල්ම හෝඩුවාව වෙන්නත් බැරි නැහැ. මොකද උඩ පේන්න පීනන මාළුවට වඩා , ගැඹුරින් පීනන මාළුවා බරින් වැඩියි බව මතක තියාගන්න. උඩ පීනන මාළුවන් දහයක් ඇල්ලුවත් එකයි, යටින් පීනන බරින් වැඩි මාළුවත් එකයි. වෙනසකට තියෙන්නෙ යටින් පීනන එකා අල්ලන්න අමාරුයි එච්චරයි. ඔන්න එහෙනම් අපි වත්තට ආවා. මෙතනින් ඇතුලට පනිමු.
මගදි කම්බි වැට පැන වතුයාය තුලට ඇතුළු වුන අපි නැවත වතාවක් විදුලි බුබුළු එලි ටි මගහරිමින් නවාතැනට ආවෙමු. එහෙනම් ගැමුණු අපි හෙට හමුවෙමු.
*හොඳයි සර්. ගුඩ් නයිට්..
වෙරි ගුඩ් නයිට් ගැමුණු.
ඔහුට සමුදුන් මා දොර වසා ගත්තෙමි. ටෙිප් රෙකෝඩරය තවමත් ක්‍රියාත්මකයි. මා නති අවස්ථාවක කවුරුන් හෝ නේවාසිකාගාරය අසලට ආවත් , ඒ දෙබස ඇසීමෙන් මා මෙහි සිටින බවට ඔවුන් සිතීමට තරම් එය තාත්වික විය. පසුව එය ක්‍රියා විරහිත කර නින්දට වැටුනෙමි.
පසුදින …
අද දින නිවාඩු දිනයක් බැවින්. උදෙන්ම කතා කරේ ප්‍රොන්ටෝ වෙතය.
ප්‍රොන්ටෝ - හඬ හඳුනාගැනීම තවුරුයි.ගුඩ් මෝර්නින් සර්.
වෙරි ගුඩ් මෝර්නින් ප්‍රොන්ටෝ.. මොකද තත්වය.
ප්‍රොන්ටෝ - සර්.. නම් පහක් විතර තමයි සමාන නම් තියෙන්නෙ.
නියමයි. එතකොට ඒ අය දැන් කොහෙද ඉන්නෙ … ?
ප්‍රොන්ටෝ - සර් මම ඊමෙිල් එකක් දාන්නම්.
හොඳයි .. එතකොට මාවන් පීරිස් කියලා නමක් තියනවද… ?
ප්‍රොන්ටෝ - සර් එහෙම නම් තියනවා පන්සිය හැට ගාණක්. මොකද වෙරළාසන්නයේ ඉන්නේ සේරම සිල්වා , පීරීස්, කොස්තා වගේ ක්‍රිස්තියානි ආගම අදහන අයනෙ. ඉතින් ඒ නම් අතරින් පීරිස් වාසගම විතරයි ගැලපෙන්නේ. මාවන් කියලා නමක් නැහැ.
හ්ම්ම්… ඒකත් එහෙමද… ? හරි.. කමක් නැහැ. මට දැන්ම ඊමෙිල් එකක් දාන්න මට
බලන්න ඕන.
ප්‍රොන්ටෝ - හරි සර්… වෙනත් යමක්..
දැනට එච්චරයි පල්සර් බයික් කාරයා ගැන අපි විස්තර ටිකක් හොයාගත්තා. අපිට තොරතුරක් ගන්න බැරිවෙයි කියලා තමයි තොරතුරු හොයන්න කිව්වෙ. කොහොම වුනත් තෑන්ක් යූ ප්‍රොන්ටෝ.
ප්‍රොන්ටෝ - හරි සර්… ජයවේවා.
ජයවේවා …
ඇමතුම විසන්ධි විය. හ්ම්ම්… බලාගෙන ඉඳලා බැහැ මාධව. හොයන්න ඕන. මොනවාහරි හොයන්නම ඕන. හනිකට ඇඳුමක් දාගත් මා කෙලින්ම ගියේ සයිමන් අංකල් ගෙ නවාතැනටය.
අංකල් … අංකල්…
**ඕ… අපෙ මහත්තයා.
මම ටවුන් එකට යන්න හදන්නෙ. අංකල්ට මොනවාහරි ගේන්න තියනවද.. ?
**අපෝ නෑ අපෙ මහත්තයා.. හෙට ගෙනාපුවාම ඇති.
හ්ම්ම්… හෙට අපි මාකට් එකට යමු. ගැමුණු මල්ලි මොකද කියන්නේ රවුමක් දාන්න යනවද… ? වටපිටාව ටිකක් බලාගන්නත් එක්කම.
*යමු… සර්. ඒත් ඉතින් සයිමන් මාමා කැමතිනම් විතරයි.
**මගෙ අහවල් අකමැත්තක්ද කොලුවො. ගිහින් වරෙන්. ගම රට දාලා යනවා නෙමෙ නොවැ.
*ඉන්න සර් මම ඇඳුමක් දාගෙන එන්නම්.
හරි… මම වාහනය ලඟට යනවා. ඔයා එන්න.
*විනාඩියෙන් එන්නම්.
පැවසූ පරිදි කසුන් ඉතා කෙටි කාලයකින් මෝටර් රථය වෙත පැමිණ ගොඩවිය.
*සර් කොහෙද අපි යන්නේ.
අපි යමුකො දිග්හින්නට. මගෙ යාළුවෙක් ඉන්නවා එහෙ.
*සර් දන්නවද යන්න.
මම එහෙම දන්නෙ නැහැ ගැමුණු මල්ලි.
හොයාගෙන යමු. දකුණු අතේ දඹර ඇඟිල්ල තොල් මත තබමින් මම කසුන්ට ඉඟි කලේ වචන සීමා කරන ලෙසය.
*යමු යමු සර්…
සැතපුම් කීපයක් ගෙවාගිය පසු මා නැවත හඬ අවදි කෙරුවෙමි. කසුන්.. දැන් හරි. අපි එයාලට හුගාක් දුරින් ඉන්නෙ. කියමින් වාහනය මාවතේ අයිනක නතර කර, ලොකර් එකෙන් කතුරක් ගෙන සඟවා ඇති ට්‍රාන්ස්මීටරයේ බලසැපයුම වන රතුපාට වයරය කපා දැමුවෙමි. නැවත වාහනය පණගන්වා ඉදිරියට ධාවනය කළෙමි.
*සර් ඇත්තටම අපි කොහෙද යන්නෙ… ?
කසුන් ඒක නොමග යැවීමක්.. මොකද අපි
කතාකරන දේවල් හුඟාක් දුරට උන් ටික අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අපි දැන් කඩුගන්නාවට යමු. මහනුවර ඉන්න අපේ ස්පයිඩර් ට ගන්න දැන්ම කෝල් එකක්. අරගෙන කියන්න මහනුවර මෑන් නවාතැන් ගන්න තැනට එනවා කියලා. ඒ වගේම අපි එන්නෙ වෙස්වලාගෙන යන්න කියන්න. මොකද අපි මෙි යන්නේ වැදගත් හදිසි විමර්ශනයකට.
*ඉන්න සර්. මම දැන්ම ගන්නම්. හෙලෝ…
හරි .. වැඩෙි කෙරෙයි.
නියමයි … කසුන්. මම දැන් කියන්නම්.
මොකක්ද අපි දැන් කරන්න ඕන කියලා.
කියමින් මෙම මෝටර් රථය මිළදී ගත් දින සිට මෙි දක්වා නඩත්තු සේවා විස්තර සඳහන් පොත කසුන් අත තැබුවෙමි. ඕක මෙි වාහනය ගත්ත දවසේ ඉඳලා මෙි වනතුරු නඩත්තු කටයුතු කරපු බලයලත් ගැරේජ් එකේ සටහන් පොත.
*මෙි මොකක්ද.. “කඩුගන්නාව උල්ෆා ට්රෙිඩර්ස්” හරි හරි සර් මෙික නඩත්තු සේවා පොතක් නේද.. ?
ඔව් කසුන්. ඕක මෙි වාහනයේ සේවා නඩත්තු පොත.
*හ්ම්ම්… එකම තැනක තමයි කරලා තියෙන්නෙ ගත්ත දා ඉඳලා. මෙික වෙන කොහෙවත් ගෙනිහින් නැහැ. මෙි වාහනය අවුරුදු හතරක් පරණයි.
ඔව් කසුන් .. අන්න ඒක තමයි අපිට තියෙන පරම වාසිය. මොකද අවුරුදු හතරක් තිස්සේ එකම ආයතනයකින් සේවය ගත්තා කියන්නේ. එතන කාර්ය මණ්ඩලය එක්ක අයිතිකරු එක්ක හිතවත්කමක් ගොඩනැගෙනවා. ඒ තුලින් වෙනත් දේවල් ටිකක් කරගන්න පුළුවන්.
*සර් එතකොට අපි එතනට යන්නෙ ඇයි.. ?
කසුන් මෙි ප්රශ්නය දිහා මෙි තරම් සුළුවෙන් සැහැල්ලුවෙන් බලන්න එපා. මෙි වග්‍ෙ ට්‍රාන්ස්මීටරයක් හැම කෙනෙකුටම හයි කරන්න බැහැ. අනික මෙික ජපන් වාහනයක්. ලෙඩ අඩුයි. මගදි කැඩිලා ගරාජ් වල දැම්මා කියලා කියන්නත් බැහැ. මීටරේ දිහා බලපුවාම කියන්න පුළුවන් දුර ගමන් ගිහිනුත් නෑ කියලා. එතකොට මට හිතෙන විදිහට මෙික හයිකරන්න ඕන ඔතතනින්මයි කාගේ හෝ වුවමනාවකට. ඒ හන්දා තමයි එකම තැනට ගෙනියන්නෙ. වෙන තැනකට ගෙනිච්චොත් ෆුල් සර්විස් එකකදී මෙික අහුවෙනවා. එතකොට මෙික මොකක්ද කියලා කාර්මිකයට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. එතකොට වැඩෙි වයිරල් වෙන්න පුළුවන්. ඒ හන්දා රහසිගතව
මෙි වගේ වැඩ වෙනවා. මොනවද ඉතින් අමතරව පොඩි ගාණක් දෙන්න එයාලට වෙනවා එච්චරයි. ඒ වගේද මෙිකෙන් ලැබෙන රහස් ඕපාදූපයේ වටිනාකම.
*ඔව් ඒක ඇත්ත තමයි.
ඒ හන්දා ඔය හැම සර්විස් එකක්ම අත්සන් කරලා තියෙන් ජේඒ සියාම් කියන වාහන කාර්මිකයා. අපි යන්නෙ මිනිහගෙන් ප්‍රශ්න කරන්න.
*හොඳයි සර්. අපි බලමු මෑන්ට ඕක හයිකරන්න කිව්වෙ කවුද කියලා.
ඔව් කසුන්. දැන් ඇති බලාගෙන හිටියා. මෙිකෙ අගමුල හොයමු. මම මෙි දැන් වෙනකොට දැල් කීපයක් දාලා තියනවා. ඔය මොකකින් හරි. අවශ්‍ය කරන මාළුවෙක් පැටලෙන්නේ නැතයි.
*ඒක ඇත්ත තමයි. සර් අර ඉන්නෙ අපේ කෙනා හෙඩ් ලයිට් එක දෙපාරක් ගහන්න.
රයිට්.. මෙයා නේද.. කියමින් මා වාහනයේ
ඉදිරිපස විදුලි ලාම්පු දෙක දෙවතාවක් පත්තුකර නිවා දැමුවෙමි. ඔහු තමන් පසුපස එන ලෙස විධානය කර තම යතුරුපැදිය ඉදිරියට පදින්නට විය.
නැවත හමුවෙමු …
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023