⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 04 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


එතකොට අපි බලන්න ඕන මොකක්ද මෙි අත්හදාබැලීම කියලා. ඒක හානිදායකද නැත්නම් හානිදායක දෙයකින් බෙිරෙන්න කරන අත්හදාබැලීමක්ද කියලා. හරි… අපි දැන් යමුකො. මම කියන්නම් ඊලඟට කරන්න ඕන දේ… අපි යමු කසුන්.

*හරි සර්…

මෙතැන් සිට….

අවිස්සාවේල්ල නගරයට පැමිණ අවන්හලකට ගොඩවැදී, දහවල් ආහාරය
ගන්නා අතරතුරදී ඊලඟක කලයුතු දේ පිලිබඳව සාකච්ඡා කරන්නට වුනා.

අර ජෝඩුව පසුපස අපි නිතරම යන්න ඕන කොහොමහරි උන්ට නොදැනෙන්නට.
මොකද වුන් දෙන්නා තමයි අපිට පොටක් පාදගන්න තියෙන සරළම තැන. මුන් දෙන්නා ඇයි ලසු විපරම් කරන්නේ කියලා දැනගන්නට ඔීන. ඒ වගේම මුන් මෙි තොරතුරු ටික හොයන්නෙ ඇයි. කාටද දෙන්නද කියලා හොයාගත්තා නම් අපිට හුඟක් දේවල් දැනගන්නට ලැබෙනවා ඒකාන්තයි කසුන්.

*ඔව් සර්. අපි මුන් දෙන්නා දිහා ඇහැගහගෙන ඉමු.

මා ඉතාමත් සුපරික්ෂාකාරී ලෙස වටපිට බලනවිට චරපුරුෂයන් දෙදෙනා අවන්හලේ දොරටුවෙන් ඇතුල් වූ බව දුටුවා. කසුන්… ෂේප් එකේ ඉස්සරහ බලන්න.

*අප්පට හුඩු …. සර් මුන් දෙන්නා නේද..?

ඔව්… කලබල නොවී පාඩුවෙ නොදැක්කා වාගේ ඉන්න.

*සර් මුන් දෙන්නට අපිගැන ඉව වැටිලා වත් ද…?

හ්ම්ම්… එහෙම වෙන්නත් පුළුවන්, නැත්නම් අහඹුවක් වෙන්නත් බැරි නැහැ ඉතින්. අපි බලමුකො නේද…?

*අපි දෙන්නා දිහා බලනවද උන්…?

නෑ කසුන්. ඔන්න එනවා….

අප දෙදෙනා වාඩිවී සිටි ආසන වලට එහා පැත්තේ තිබුන ආසන දෙකෙහි වාඩීවී කතාවට මුලපුරන්නට විය.

**ඒ කතන්දරයත් අහවරයි බං….

***අපි ලොක්කට කියලා දාමු නේද තත්වය අවුලක් නැහැ කියලා.

**ඔව් ඔව් කියලා දාමු…

***එතකොට අර වඳුරට⁣ මොකද කරන්නේ. ඌව ඉවරයක් කරලා දැම්මෙ නැත්නම් එතනත් අවුලක් හිටිනවා. මොකද බඩු වැඩ කරොත් වැඩෙි ලීක් වෙන්න පුළුවන්.

**ඔව් මචං. ඒක ඇත්ත.. අපි සතියක් විතර මෙහෙම ඉමු. ඒ කියන්නේ හත් දවසේ දානෙ දෙන දවසේ රෑ වැඩෙි දීලම එමු.

***ඔව් ඒක හොඳයි.

අපි යමු පවන් මහත්තයා. කියමින් මා අසුනෙන් නැගිටින විට කසුන් ද නැගිටින ලදි. බිල ගෙවාදමා අප දෙදෙනා වටපිට නොබලාම අවන්හලෙන් එලියට විත් ඉඳුරාම ගමන් ගත්තෙ අවිස්සාවේල්ල නගරයෙන් මද දුරකටය.

*සර් මොකද හිතන්නේ…

මොනවා හිතන්නද ඉතින්. කසුන් මොකද හිතන්නේ …?

*මමනම් කියන්නේ කිරියව මරන්න කලින් මුන් දෙන්නව අල්ලගමු කියලා.

හහ් හහ් හා… මට ඔයාගෙ අදහස බලන්න වුවමනා වෙලා තිබ්බෙ. ඔයා දන්නවද. උන් දෙන්නට අපි දෙන්නා ගැන සැක හිතිලා ඉවරයි. උන්ට සීයයට සීයයක්ම නැති වුනත්, උන් දෙන්නට මතක ඇති අපි දෙන්නා මහාචාර්ය විනීත මහත්තයගෙ මළගමට ගියා කියලා. උන් දෙන්නා කඩෙිදී දැක්ක හන්දා අපි දෙන්නා ඉන්නවා. උන් අනුමාන කරා ඒ මළගෙදර අපි ඉඳීමයි , මෙි කඩෙි අපි හිටපු එකයි අහඹු සිදුවීම් නෙමෙි කියලා. ඒකයි ඒ වගේ කතාවක් කරේ. නැත්නම් හිතලා බලන්න. උන්ගෙ ඉදිරි සැළසුම් ගැන එවැනි තැනක කතා කිරීම කොයිතරම් මෝඩ කමන්ද කියලා. අනික ඔච්චර මෙිස තියෙද්දිත් අපි ලඟ මෙිසයකට ඇවිත් කතා කරන්න කිසිම වුවමනාවක් නැහැ.
ඒකෙන්ම තහවුරු වෙනවා උන් අපි දෙන්නා ගැන සැකෙන් ඉන්නෙ කියලා.
හරියටම තහවුරු කරගන්න තමයි අර වඳුරා මරණ දවස ගැන මෙතන කතා වුනේ.

*ඒ කියන්නේ ඒක උගුලක් ….?

ඔව්… පැපැහැදිලිවම උගුලක්..

*හරී ෂෝයි…. ( සිනාසෙමින් )

ඉතින් අපි එදාට එතනට යනවද කසුන්..?

*ගිහින් බැහැ නේද….?

මොකද බැරි… ? අපි අනිවාර්යයෙන්ම යන්න ඔීන යාළුවා…

*යන්න ඔීන ….?

ඔව් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඔින.
හැබැයි ලඟට යන්නෙ නැහැ ඈත ඉඳලා.
ඈත ඉඳලා කියන්නේ බයිනො එකකින් බලන්න පුළුවන් සීමාවෙ ඉඳලා බලහු මොකද වෙන්නේ කියලා. එතකොට තමයි මෙි කතාව හරිම රසවත් වෙන්නෙ. මොකද ඔයා හිතනවද උන් දෙන්නා විතරක් එයි කියලා. නැහැ කොහෙත්ම නැහැ. මට තක්කෙටම කියන්න පුළුවන් උන් දෙන්නා තවත් හතර දෙනෙක් වත් අඩුම තරමෙ එක්කන් එනවා.

*හැබෑටම ඒක තමයි ඇත්ත.

ඔව් ඒකෙන් වෙන්නෙ අපිට තව අවස්ථා කීපයක් ලැබෙන එක.

*ඒ කොහොමද සර්… ?

කසුන් මොකද වෙලා තියෙන්නෙ. ඇයි අපරාධ පරික්ෂක කෙනෙක් විදිහට හිතන්නේ නැත්තේ… ඇයි අමතක කරන්න එපා. ⁣මුන් දෙන්නා වෙනුවට. තව කීපදෙනෙක්ගෙ මුහුණු අපේ මතකයට
ඇතුල්වෙනවා කියන එක. එතකොට තමයි අපිට අවස්ථාවන් ප්‍රමාණය වැඩි වෙන්නේ. හිතන්න එපා උන්ගෙ සහචරයන් එවෙලෙහි කුලියට ගත්ත එවුන් කියලා නම්.

*ඒක එහෙම වුනොත් අපිට තේරුම් ගන්න පුළුවන් මෙික මොකක් හෝ සංවිධානයක් කියලා.

ඔව් ඔය කිව්වෙ… මුන් ටික එක්තරා සංවිධානයක අය. නැත්නම් ඒ සංවිධානයට පිටතින් සහයෝගය දෙන
අය වෙන්න ඔීන. ඒක අපි වාගේ අයට
ලොකු වාසිදායක කරුණක්.

*ඇත්තටම ඔව් සර්. මට දැනුයි ඒක තේරෙන්නේ.

හත් දවසේ දානෙ කවද්ද .. තවද දවස් පහකින්. එදාට අපි හඹායෑමෙි සැළසුමක් ක්‍රියාත්මක කරමු. මොකද මට පායන ඉරහඳ වගේ විශ්වාසයි මෙතන සංවිධානයක් මොනවට හරි ක්‍රියාත්මක වෙනවා වගේම , ඒ සංවිධානයේ ක්‍රියාකරි සාමාජිකයෙක් හෝ දෙන්නෙක් එදාට එතනට අනිවාර්යයෙන්ම එනවා කියලා.
උන්ට තමයි පැහැදිලි වුවමනාව තියෙන්නෙ අපි දෙන්නව අල්ල ගන්න.
එදාට අපි එතනට යනවා කියන්නේ උන්ගෙ සැකය තහවුරු වෙනවා වගේම, අපි නොගිහින් හිටියා කියන්නේ. උන්ගේ සැකට ටිකක් හෝ තුනී වෙනවා. ඒ කියන්නේ අපිට තව අවස්ථාවක් ලැබෙනවා කියන එක නේද…?

*ඔව් සර් නියමයි…

නමුත් උන්ට නොදැනෙන්නට අපි ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. මැරෙන වඳුරෙක් මැරිච්චා වෙ.
අපිට ඊට වඩා හාත්පසින්ම වෙනස් වගේම , වැදගත් වැඩ තියනවා කරන්න


*එතකොට සර් මුන් එච්චරටම අපිව සැක කරන්න හේතුව මොකක්ද…? අවස්ථාවන් දෙකක්, දෙතැනක අපි දෙගොල්ලො එකට මුණගැසීමද…?

අන්න යාළුවා නියම පොයින්ට් එකක්. නැහැ ඒකම නෙමෙි මට දැන් හිතෙන විදිහට.

*එහෙනම්… ?

අපි මළගෙදර ගිහින්. එතන ඉන්නෙ නැතුව වඳුරව බලන්න ගිය එක තමයි.

*ඒක කොහොමද මුන් දෙන්නා දන්නේ…

කසුන් අන්න තවත් හොඳ ප්‍රශ්නයක්. වෘත්තීයමය ප්‍රශ්නයක් ඇහැව්වෙ මගෙන්. අමතක කරන්න එපා. එදිනෙදා වචන කීපයක් අපිත් එක්ක කතා කරපු අය සමඟ අපි කවදාවත් විශ්වාස කියන දේ ගොඩනගා ගන්න හොඳ නැහැ.

*ඒ කියන්නේ සර්ටඅර විදුහල්පති කියන හාදයා සැකයි…

ඇත්ත වශයෙන්ම ඔව්. කසුන්. මොකද දෙපාරක් නොහිතා එකහෙලාම අපි එක්ක වචන හුවමාරු කිරීම වගේම, කිසිම පැකිලීමක් නැතිව අදාල වඳුරා පවා පෙන්වන්නට උත්සාහ කිරීම තුල නැද්ද නිකං පොඩි අමුතුම ආකාරයේ ගතියක්..?

*ඔව් සර් තියනවා තමයි.

අන්න එතනදී අපි එයාව අවිශ්වාසය කරන එක සාධාරණ නැද්ද …?

*ඔව් සර්. හරිම සාධාරණයි.

හ්ම්ම්… ඒක තමයි. කවුද දන්නෙ විදුහල්පති හාදයත් මෙි මරණයට වගකිවයුත්තෙක් ද කියලා.

*ඔව්නෙ. ඇයි ඒක මට නොහිතනෙ….

හහ් හහ් හා…. ඒ වුනාට යාළුවා මට ඒක හිතිලා හුඟක් වෙලා මම නොකිව්වට.


*මුන් සේරම අපිට කොකා පෙන්වන්න නේද හදන්නේ ….?

බොහෝදුරට ඔව් කසුන්. කෝකටත් අපි පරිස්සමෙන් වැඩ කරන්න ඔීන. වෙන මොකකටවත් නෙමෙි. අපි අපේ මිෂන් එක සම්පූර්ණ කරන්න එපැයි. නැත්නම් කල්ලියකට ගේමක් දුන්න අපිට මෙවුන්නැහැලා මොක්කුද… ? නමුත් මොකක්ද මෙතන වෙන්නෙ..? ඇයි මහාචාර්යතුමා මැරුවෙ කියලා හොයාගන්න එපැයි.

*ඒක ඇත්ත තමයි. අපි මොකාටද බය.

බය ඉතින් තමන්ගෙ හෘද සාක්ෂියට විතරයි. මොකද මොනවා කරත් එයාට එකඟව කරන්න එපැයි.

*ඔව් නෙ. දැන් අපි මොකද කරන්නේ …?

දැන් නේද…. දැනට මොකුත් නැහැ. හෙට තියනවා නැවත පිලිමතලාවට යන්න.

*පිලිමතලාවට….?

ඔව් කසුන්. මහාචාර්යතුමගේ මහගෙදරට හෙට රෑ කඩාවදින්න ඔීන.

*මහගෙදරට….

ඔව් .. මහගෙදරට. මොකද පීඨයේ තියෙන නේවාසිකාගාරය සෝදිසි කරා කියලා අපිට ලොකු තොරතුරක් ගන්න බැහැ. මොකද හිතන්න එපා මහාචාර්යවරයෙක් එච්චර මෝඩ විදිහට හිතයි කියලා. එතකොට තමන්ගෙ ගෙදර හෝදිසි කරා කියලා වැඩකුත් නැහැ. ඇත්තටම මෙතන වෙන්නෙ අත්හදාබැලීමක්. ඒකට ගුප්ත විද්‍යාගාරයක් අවශ්‍යයි. නවාතැන් දෙකම යොදාගන්න බැහැ . ඒ ඒ වපසරියන් අනුව. එහෙනම් ගුප්ත එකම තැන කොතනද …?

*මහගෙදර…

හරියටම හරි. මහගෙදර තමයි. මම හොඳින් නිරීක්ෂණය කරා වටපිටාව.
මහගෙදරට හරිම නිස්කලංකයි. ඒ කියන්නේ ඒ ගෙදර කවුරුවත් දැනට පදිංචි වෙලා නැහැ. ගෙදර පරණයි, වටපිටාව නිස්කලංකයි , ඒ හන්දා කල්පනා ශක්තියට කිසිම බලපෑමක් නැහැ බාහිරින්. කවුරුවත් සැක හිතන්නෙත් නැහැ. මොකද ගේ අයිතිකාරයම තමයි ගෙසරට යන්නෙ එන්නේ. එතන සැක හිතන්න තරම් අමුතු කාරණාවක් ප්‍රදේශයවාසීන්ට තියෙනව කියලා මමනම් අනුමාන කරන්නේ නැහැ.
ඒ කරුණු කාරණා සසඳා බලපුවාම ඊට වඩා වෙන සුදුසු තැනක් තියනවද යාළුවා… ?

*සහතික ඇත්ත සර්…. අනික අත්හදා බලන්න ඕන සතා පවා එතන නෙ ඉන්නෙ. මොනවාහරි දෙයක් හදාගෙන ගවු ගණන් දුර ගෙවාගෙන එකෙ ප්‍රතිඵල බලන්න මහගෙදර වඳුරා ලඟට එයි කියලා හිතනවා කියන්නේ ඌ පට්ට ගොනෙක් වෙන්න ඕන…

හරියටම හරි. ඔය තේරුම් ගත්තෙ තක්කෙටම. සෑම සති අන්තයකම අනිවාර්යයෙන්ම මහගෙදර එන්න
ජයවර්ධනපුර ඉඳලා. ඒ එන ගමනේදී හලාවතින් අවශ්‍ය කරන දේවල් අරගෙන එන්න ඇති.

*එතකොට ඇයි හලාවතින්ම ඔය කියන දේවල් ගන්න ඇත්තෙ…?

හොඳ ප්‍රශ්නයක් කසුන්. ඒක උත්තරය තමයි වටෙි යැවීම. ඒ වගේම තව දෙයක්.

*වටෙි යැවීම….? තව දෙයක්…?

ඔව් පලමු කාරණය තමයි කොළඹ අවටින් ඔය කියන නයෝසීන් එන්නත ගත්තහම, මෑන් ගැන සෙවිල්ලෙන් පසුවන කුලී ඔත්තුකරුවන් ලේසියෙන්ම දැනගන්නවා. ඒ හන්දා හිතන්නේ නැති හාත්පසින්ම වෙනස් තැනකින් ඒ දේවල්
ගත්තහම හොයාගන්න අමාරුයි.

*එතකොට දෙවන කාරණය….?

හිතන්න එපා ඔය නයෝසීන් එන්නත වෙළෙදපලෙන් ගන්න තියෙන සාමාන්‍ය නයෝසීන් එකක් කියලා. ඊට වඩා සංයෝග බලයෙන් වැඩි එකක් ඕක. ⁣පොදු වෙළෙපලේ ගන්න තියෙන බොහොමයක් බෙහෙත් නිසි ප්‍රමිතියකින් තොරයි. සංයෝගවල වෙනස්කම් සුළුවෙන් හෝ තියෙන්න පුළුවන්. ඒ හන්දා නියම සංයෝගික බෙහෙත්ම ඕන කරනවා පර්යේෂණ වලට. මොකද මම එහෙම දෙයක් හිතුවෙ. අර කසල ගොඩෙන් අරගෙන මට දුන්න කුප්පියේ ``Made in calcuta india ´´ කියලා සඳහන් කරලා තිබ්බ ලේබලයේ ``යූ´´අකුර කළු තීන්ත එකකින් කුඩාවට කළු කරලා තිබ්බා. ඒකෙන් තේරෙන කාරණය මොකක්ද ….?

*ඒක විශේෂ ඇණවුමකට එවපු එකක් කියන එකද..?

විශිෂ්ඨයි … ඒක තමයි කාරණය.
අනික තව දෙයක් තිබ්බා ඒකෙ.

*ඒ මොකක්ද සර්…

`` use only for special pations “ කියලත් තිබ්බා. සාමාන්‍ය එහෙම සඳහන් කරන්නේ ඌනතා බොහොමයක් තියෙන අයට.

*එතකොට කොහොමද ඒක සිටි ෆුඩ්සිටි එකට ගෙනාවෙ. කවුද ගෙනාවෙ….?

බොහොම හොඳයි. තවත් හොඳ තාර්කික ප්‍රශ්නයක්. ඒකට පොඩි උදව්වක් නැත්නම් ඉඟියක් කරනවා අවට පරිසරය.
මොකක්ද අවට පරිසරයේ තියෙන විශේෂත්වය ….?

*පාරසරික විශේෂත්වය නම්ම්ම්.. වෙරළ තමයි ඉතින්..

නියමයි… වෙරළ තමයි. මුහුදු මාර්ගයෙන් තමයි.

*ඒ කියන්නේ ඉන්දියාවෙන් මෙික යාත්‍රා වලින් මෙහාට ගෙනාවා කියලද…?

ඔව් හැබැයි ඒක එහෙමමත් ම නෙමෙි.

*එහෙනම් ….?

ඔයා දන්නවනෙ දකුණු ඉන්දියන් වෙළෙන්දෝ තමන්ගෙ පුද්ගලික කුඩා ටෝලර් වලින් විවිධ දේවල් අරගෙන අනවසරයෙන් ලංකා මුහුදු සීමාවට ඇතුල් වෙනවා කියලා. සමහර අය ධීවරයෝ , ඇතැම් අය සළුපිළි , වියලි ආහාර වෙලෙන්දෝ.. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් නාවික හමුදාව නිදි ද..? කියලා.
එහෙම හිතෙන එක සාමාන්‍යයි. නමුත් ලංකාවෙ වෙළෙදපලට වඩා එකට දෙකක් විතර මෙි ගේන භාන්ඩ ලාභයි. මිනිස්සුන්ගෙ අනවශ්‍ය වියදම් ඉතුරුවෙනවා. මෙයාලගෙන් බඩු ගත්තහම. ඒ ගැන මානුෂිකව සලකලා තමයි නිසි පරික්ෂාවකින් පස්සේ මෙි අයට ⁣ඒ බඩු විකුණගන්න අවසරය තියෙන්නෙ. එහෙම කියලා පැය ගණන් ලංකාවෙ වෙරළෙ රැදෙන්න දෙන්නේ නැහැ. ආවා, බඩු දුන්නා. සල්ලි ගත්තා ගියා. එච්චරයි. ඈතින් ටෝලර්එක එද්දී මෙහෙ දමිළ මුදලාලිලා වෙරළෙ ඉන්නවා. උපරිම විනාඩි තිහක ගණුදෙනුවක් වෙයි එච්චරයි. අන්න එතනින් ගන්න බඩු
හලාවත ධීවරයින් අතේ මෙහාට එනවා එච්චරයි.

*ඒ කියන්නේ හලාවත සිටි ෆුඩ්සිටි එකට එන බඩු අනියම් ආනයන ක්‍රමයකින් එන්නෙ..

ඔව්. බොහෝදුරට එහෙමයි. අපි දන්නෙ නැති වුනාට එයාලගෙ විශ්වාසය දිනාගත් පාරිභෝගිකයන්ට වගේම , එතනින් තොග වශයෙන් බෙහෙත් ගන්න අයට එකට එකන් ලාබෙට බඩු ලැබෙනවා ඇති.
අපි ඒ ගැන හොයන්න අවශ්‍ය නැහැ. මිමිනිස්සුන්ට අඩුවට ඉස්තරම් බඩු ලැබෙනවා නම් අපිට මොකද. නීතියට පටහැනි වෙන්න පුළුවන්. ඒක අපිට අදාල නැහැ නෙ.

*එතකොට මෙි විශේෂ එන්නත ගේනෙ මහාචාර්යතුමාට ඉන්දියාවෙන් …?

ඔව් … හැබැයි ඇණවුම් කරන්නේ සිටිෆුට්සිටි එකෙන්.. ඒක ඇතිවෙන්න සල්ලි මහාචාර්යතුමා මෙයාලට ගෙවනවා එච්චරයි.

*හපොයි මෙච්චර දෙයක් සර් කොහොමද හොයාගත්තේ…?

ඒක තමයි ඔයාට තවමත් නැති , මට ඇති එකම දේ.

*ඒ මොකක්ද සර්…

``අපරාධ පරීක්ෂක ඉව ´´ ඒක දක්ෂතාවය වගේම සහජයෙන් ලැබෙන දෙයක්. හැබැයි මෙි ක්‍රම දෙකෙව් කොහොම ඒ හැකියාව ලැබුනත් ඒක ප්‍රගුණ කරගන්න එක තමන්ගෙ වැඩක්. ඒක අනුන්ට කරලා දෙන්න නම් බැහැ. ඒක මතක තියාගන්න. හ්ම්ම්… දැන් තියෙන්නෙ අපි නවාතැනක් හොයන එක. ⁣මාසයකට වගේ. මොකද කාමරවල ඉන්න එක හරිම අවධානම්. අපි යමු ටිකක් ඇතුලට මම හුඟක් කැමතියි හරිත පරිසරයට.

*යමු සර් ….

කොටියාකුඹුර දක්වා යතුරුපැදියෙන් විවිධ තැන්වල ගමන් ගත් අපි අවසානයේ කොටියාකුඹුර නගරයට ආසන්නයේ ඇති තැනක කුලී නිවසක් සොයාගැනීමට හැකිවිය. රාත්‍රි කාලය විවේකීව ගත කරන්නට විය.

පසුදින……

දහවල් කාලයේ අවිස්සාවේල්ල නගරයට විත් අවශ්‍ය කරන කුඩා විදුලිපන්දම් දෙකක්ද , කළුපැහැති අත්මෙිස් යුගල දෙකක්ද, මුහුණ වසාගන්නට කළුපැහැති රෙදි කඩක්ද , මිළට ගත්තා. ඉක්බිතිව නැවත දිවා ආහාරයද රැගෙන කුලී නිවෙස වෙත ගොස් කඩාවැදීමෙි සැළසුම සකස් කළෙමු.

හරි කසුන්. වැඩෙි වෙන්නෙ මෙහෙමයි.
අපි දෙන්නම හැන්සෑවෙ හය විතර වන විට මහනුවර නගරයට ගිහින් ඉන්න ඔීන. ඊට පස්සේ ටික ටික පිලිමතලාවට කිට්ටු කරලා රෑ හත වනවිට ඒ වත්තට ඇතුල්වෙලා තැනක හැංගිලා බලාගෙන ඉමු මොකුත් අවට චලන සිද්ධ වෙනවද කියලා. එහෙම චලන නැත්නම් තමයි අපි ඇතුලට යන්න ඕන. අපි ගෙදර ඉදිරිපස දොරින් ඇතුලට යන්නෙ නැහැ. මම විශ්වාස කරනවා බොහෝදුරට ඔය ගෙදර ඉදිරිපස දොර අරිනකොට උගුලක් ක්‍රියාත්මක වෙන්න හදලා තියෙන්න පුළුවන්. ඒ හන්දා අපි යන්න ඔීන ගේ පිටුපස දොරෙන්ම විතරයි. මම ඇතුලට ගිහින් සිග්නල් එක දුන්නහම ඇතුලට එන්න හරිද..

*හරි සර්.

අපිට ලොකු වාසියක් තියනවා මෙි පැත්තෙ ගෙවල් එක ලඟ පිහිටලා නැති එක. නැත්නම් මෙි කාර්ය අපිට හුඟක් අමාරුයි. කොහොම නමුත් අපි ලොකු හෝදිසි කිරීමක් කරන්න ඔීන. මොකද නිතරම යන්න පුළුවන් තැනක් නෙමෙි නෙ එතන. මම මෙි සෝදිසි කිරිම ඉක්මන් කරන්නේ. අනිත් පාර්ෂවය ඒක කරන්න කලින් …

හරි අපි තව පැය දෙකකින ගමනට ලෑස්ති වෙමු. ප්‍රශ්න තියනවද කසුන්.

*නැහැ සර්….

හොඳයි නියමයි .. අපි වැඩෙි වෙනස්වන විදිහට ඇණේ ගහමු හරිද…


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now