⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 40 වන දිගහැරුම ⸎

`` ප්ලෑන් බී ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


*මොකක්ද සර් ප්ලෑන් බී…

යමු ටෙක්ස්ටයිල්ස් එකට… මම පැහැදිලි කරන්නම් ..

**ok sir…


මෙතැන් සිට…..

හෝරාවකට පසු…

*සර් දැන්වත් කියන්න ප්ලෑන් ඒ මොකක්ද ඒ වගේම ප්ලෑන් බී මොකක්ද කියලා.

මට මතක නැහැ නෙ ප්ලෑන් ටික.

**මොකක් …. සර් පිස්සු නම් කෙලින්න හදන්න එපා…

ඒ කියන්නේ මම මැරුනොත් මෙි මිෂන්එක ඉදිරියට යන්නෙ නැද්ද හැබෑටම…?

*යනවා සර්… ඒත් සර් සැළසුම් කරන විදිහට අපිට සැළසුම් කරන්න වසර පහක් විතර යයි..

හපොයි එහෙමද….? ඉන්න ඉන්න එහෙනම් මම පොඩි ප්‍රයෝගයක් කරලා බැලුවෙ. මොකද ඉදිරි කාලයේදී මට පොඩි නාටකයක් රඟපාන්න තියනවා.

නියෝජිත ජනිත්. අපේ ops room එකේ එදා මම ගහලා අරගෙන ආපු අයිඩී වල
ඡායාරූප තියනවා නේද….?

**ඔව් සර්….

එතනින් ඔය මලින්ද රාජපක්ෂ කියන හාදයගෙ තොරතුරු ටික ඉක්මනට අපි ගන්න ඔීන. මොකද ඇත්ත නම මිල්ටන් දබරේරා නෙ. එතකොට ඒ මම ගහගෙන ආපු ෆොටෝ එ⁣කයි , ඒ පරණ නමයි ගලපලා තමයි බලන්න ඔීන මෑන් හරියටම කවුද කියලා. මලින්ද රාජපක්ෂ කියලා හොයලා වැඩකි නැහැ. මොකද ප්ලෑන් බී වලට ඒ සත්‍ය කරුණු ඔීනමයි මම කලින් කිව්වා වගේ…

*ඒ කියන්නේ තොරතුරු කේන්ද්‍රයට ඇතුල්වෙලා තමයි ගන්න වෙන්නෙ

**පැහැදිලියි සර්….

හරි….. ප්ලෑන් බී වලට යමු. හොඳට අහගන්න මෙි කථාව. ප්ලෑන් බී තමයි
මිල්ටන් ව පැහැරගැනීම.

*මිල්ටන්ව….

ඔව්…. ඒක තමයි. ඒක මම සැළසුම් කරලා සතියකට වැඩි කාලයක් වෙනවා.
මොකද මට දැනගන්න ඔීන කරුණු වලට වඩා සේපාලිකා මැඩම් වැඩිපුර කරුණු ටිකක් මට හෙලිදරව් කරා. ඒකෙන් මට තවත් වැඩෙි ලේසියි.

*මිල්ටන් උන්ට අතයටින් විරුද්ධවාදියෙක් කියන එකද….?

හරියටම හරි…. ඒක තමයි. මම සැළසුම් කරේ මෑන්ගෙ අපි නොදන්නා වගතුග හොයලා මෑන්ව මානසිකව හිරකරලා දාලා කෙටියෙන්ම කියනවා නම් මොනයම් හරි අධි රහසිගත දෙයක් හෙලිදරව් කරනවා කියලා මෑන්ව බිලැක් මෙිල් කරන්න ඔීන. ඒකට තමයි සැබෑ වපසරිය හොයාගන්න ඔීන. ඊට පස්සේ මෑන්ව අපි පැහැර අරගෙන ප්‍රශ්න කරලා
ගාණට , පිලිවෙලට ගේම්එකට බස්සන්න ඔීන.

⁣*මොනවද අපි ගන්න තොරතුරු….?

ඔය එනවා කියන හයදෙනා ගැන. මොකද උන් තමයි මධ්‍යම අලෙවිකරුවන්. ඒ කියන්නේ තොග විකුණන එවුන්. උන් හරහා අපි යන්න ඔීන ගෙන්වන එවුන් දක්වා. මොකද ගෙන්වන එවුන් තමයි කම්බස් කරන්න ඔීන. නැතුව මෙි සොක්කො වැඩක් නැහැ. කොහොමත් එක එකා පරලොව යනකොට මහඑකා හැගෙනවා. නැත්නම් ඌ ගේමට බහිනවා
විවෘතව.. අන්න ඒ අවස්ථාව වෙනකම්
අපි හරියට සැළසුම් කරලා ගහන්න ඔීන.
ගැහැව්වා පැන්නා එච්චරයි. මොකාද ගැහැව්වෙ. කොහෙන් ඇවිත්ද ගැහැව්වෙ කියලා හොයාගන්න බැරිවෙන්න තමයි වැඩෙි කරන්න ඔීන. ඒකයි මම බොහොම සුමටව ප්ලෑන් හදන්නේ.

බොහෝදුරට ඔය ටයිගර්ස්ලාගෙ ඇන්ටනී වගේම උගෙ දකුණු අත වන මිල්ටන්ලා වැඩ කරන්නේ කාල සටහනකට අනුව.

නියෝජිත ජනිත්…

**සර්…

අපේ ස්පයිඩර්ස්ලට කියන්න
ඔය මලින්ද ගැන ඇහැගහගෙන ඉන්න කියලා. උගෙ සතියක කාල සටහන අධ්‍යනය කරලා අපිට වාර්තාවක් දෙන්න කියන්න.

**සර් මම හිතන්නේ අපි ලඟ තියනවා උන් දෙන්නගෙ දින චර්යාව..මට මතකයි
සර් කිව්වා කියලා නියෝජිත B200 එක හැදුවා..

අම්මපා ….මම එහෙම කතාවක් කිව්වද කසුන්… ?

*ඔව් සර්… මට මතකයි එහෙම දෙයක් කිව්වා. හැබැයි දිනේ නම් මතක නෑ.
හෑහ්… කෝ… ඉන්න බලන්න. කියමින්
ඇතුලේ දුරකථනය ඔස්සේ ප්‍රධාන සංඥ්ඤාකරුට ඇමතුමක් ගත්තෙමි.

ප්‍රොන්ටෝ…. නියෝජිත B200 ඉන්නවද
ඇතුලෙ.

***ඉන්නවා සර්…

දැන්ම මගෙ කැබින් එකට එන්න කියන්න
සියරා ටැන්ගෝ, ඉන්දියා, ගොල්ෆ් , එකෝ , රෝමියෝ, සියරා ගෙ ෆයිල් එකත් අරගෙන

***හරි සර්…….

එතකොට අපිට අයිඩී තුන කොයි වෙලාවටද ගන්න පුළුවන්.

**සර් ඒක Ops Room එකේ හදමින් පවතිනවා…

මොනවා වුනත් ඒ තුනත් කඩිනමින් හදන්න වෙනවා…

** හරි සර්…..

***සර්… මම ඇතුලට එන්නද..

එන්න නියෝජිත B200. එනකම් තමයි හිටියෙ.. ෆයිල් එක තියනවද…?

***ඔව් සර්… මෙිකෙ තියනවා. ඇන්ටනී , මලින්ද , දෙන්නගෙම මාසයක
චර්යා රටාව වෙන වෙනම..

එතකොට ඇයි මෙික මට කලින් දුන්නෙ නැත්තෙ… ?

***සර් මට කිව්වෙ එස්අයි රවින්ද්‍රගෙත්
මාසයක ගමනාගමන තොතොරතුරු ඔීන කියලා. ඒක තවම හොයන ගමන් ඉන්නෙ.

දැනට හොයාගත්ත විස්තර මෙිකෙ නැද්ද එතකොට ….?

***නෑ සර්…. ඒකට තව දවස් දහයක් යයි…

ඔිකේ ඔීකේ.. වෙරිගුඩ් …. හොඳ වැඩක්. එහෙනම් මම මෙික බලන්නම්… ඒ එක්කම ඩස්බින් එක හැමදාම වහන්න කලින් ඇතුලට ගෙනැල්ලා චෙක් කරන්න. සමහර දවස් වලට මට වැදගත් පණිවිඩ තියෙන්න පුළුවන්. අපේ සිකුරුටි නියෝජිතයින්ට කියලා තියන්න.

***හොඳයි සර්…

හොඳයි …….බොහොමයක් ස්තුතියි…

අපි බලමු මෙයාලගේ කෙරුවාවල්…
`` ජැක්පොට් මාධව ´´ රයි….ට්. මලින්ද
සතියකට සැරයක් ගම්පහ ``පිය සෙවණ´´ ළමා අනාථ ආශ්‍රමයට යනවා.ඒ කියන්නේ ඉරිදා උදේ වරුවෙ. හරිනෙ. එතකොට අඟහරුවාදා රෑට යනවා බ්ලූමැන්ඩල්. එතකොට සිකුරාදා රෑට යනවා මැරියස්ටෝ කියන නයිට් ක්ලබ් වලට. බොහොම හොඳයි. එතකොට පංචිකාවත්තෙ තියෙන ගරාජ් එකේ ඉන්නවා ඉතිරි දවස්වල. ගරාජ් එකට එන අය අතේ තමයි කුඩු ටික බෙදාහරින්නේ. මරදාන රෝහලටත් ගරාජ් එකේ ඉඳලා සතියකට සැරයක් යනවා. බොහොම හොඳයි.. හරි සතුටුයි.
වාහන වර්ගය - ⁣මයික්‍රෝ පැන්ඩා
අංකය - (*******)

හ්ම්ම්… අද සෙනසුරාදා නේද… එතකොට හෙට ඉරිදා.. අපි ගේමට බහිමු. ඒ කියන්නේ මිල්ටන් ටික වෙලාවකට පැහැරගමු.

**හෙට……..

ඔව් හෙට…..

*සර්… මිනිහගෙ කිසිම දෙයක් අපි තවම හොයාගෙන නැහැ. එතකොට මොනවා කියලද මෑන්ව අපි හිරකරන්නේ…

හොඳ ප්‍රශ්නයක්… කරන්න දෙයක් නැහැ.
අපි ආදර්ශ කතාවක් දාලා බලමු…

**ආදර්ශ කතාවක්….

ඔව්… වෙන විකල්පයක් නැහැ. මොකද වැඩ පරක්කු කරලා බැහැ. මම අනුමාන කරන විදිහට මෑන් සතිපතා උපයන මුදල් වලින් අනාථ ආශ්‍රමයට මුදලක් දෙනවා ඇති. සාමාන්‍යයෙන් මම හිතන විදිහට මෑන් එතන වෙන්න ඔීන හැදුනෙ වැඩුනෙ.
ඒක එහෙම කියන්න හේතුව මෙි වගේ බිස්නස් වලට බහින්නෙ බොහෝදුරට හසරක් නැති අය. දෙමාපියන් යටතේ හිටිය අය මෙවැනි දේවල් වලට පෙලඹෙනවා බොහොම අඩුයි. ඒ හන්දා
අනාථ මඩමෙ හැදුන වැඩුන හන්දා. එතනින් ලබාදෙන ලඳ නමට අයිඩී එක හදාගන්න ඇති. හරියට මම වාගේ.

*සර් වාගේ… ?

ඔව්… මම වාගේ.. මොකද මම සැබෑ කෙනෙක් වුනාට මගෙ නම පසු දෙමව්පියන් දාපු එකක් නෙ. ඒකනෙ මම මාධව දිසානායක වුනේ. නැත්නම් මගෙ උපන් නම , නැත්නම් මුල් නම මාධව නෙමෙි නෙ.

*එතකොට සර්ගෙ මුල් නම මොකක්ද ..?

කසුන්… ඒක ඔයාට වැදගත් ද…?

*නෑ සර්…

එහෙනම් අහන්නෙ…?

*නෑ නිකමට ඇහැව්වෙ ….

**මල පැන්නා වගේ….

මොකක්ද කිව්වෙ නියෝජිත ජනිත්…

**නෑ මොකුත් නෑ සර්….

නෑ නෑ… මට ඇහුනා. නැවත කියන්න..
කෝ… කියන්න කියන්න…

**නෑ සර් මම කිව්වෙ…. ස……….ර්..ට
මල පැන්නා කියලා.

අන්න වචනෙ… පැන්නා වැඩක් නෑ. මල තමයි ඔීන…

**ඒ කියන්නේ සර්ට තරහා ගියෙ නැද්ද..?

මොනවටද….? ඒ වුනාට ``මල´´ කියන වචනෙට මම කැමතියි…

**ඒ කිව්වෙ …?

මට සැළසුම් කරාට ගමනාන්තය ගැන අදහසක් තිබ්බෙ නැහැ. වැරදීමකින් හරි
`` මල ´´ කියන වචනය පිටවුන හන්දා මට ආවා අයිඩියා එකක්. මම දැන් තීරණය කරා ගම්පහ මල්වත්ත ගමනාන්තය කරගන්න.. එහෙනමි දැන් අපේ ඉදිරි සැළසුම් වලට අවධානය යොමු කරමු මහත්වරුනි..

මගෙ සැළසුම මෙිකයි… නියෝජිත ජනිත්
සමග කසුන් අපේ සූදුවෑන් එකේ යනවා ගම්පහ මල්වත්ත පාරෙ පාලම පහුකරලා
යද්දී තියෙන බෝගහ හන්දියට. එතන හොඳයි මොකද පාරෙන් ටිකක් ඈත නෙ.
ඊට පස්සේ මම යනවා අපේ ජැගුවරා එකේ. ඔය දෙන්නා වාහනේ ඉන්න.
මම අනාථ ආශ්‍රමය ලඟට ගිහින් මෑන් වාහනේ එනකොට මග බලාගෙන ඉන්නවා. මෑන් ගෙදරින් පිටත්වුනා කියලා අපේ ස්පයිඩර් අපිට මැසේජ් එක දුන්න ගමන් අපි තුන්දෙනාත් මෙහෙන් පිටත් වෙනවා. මම මෑන් එලියට ඇවිත් ටික දුරක් යනවිට මෑන්ගෙ වාහනය පහුකරලා කඩදාසි ගුලියක් විසිකරනවා
මෑන්ගෙ සීට් එකට. ඒ කඩදාසියේ ලියලා තියෙන්නෙ

`` තමුන්ගෙ හැම කෙරුවාවක්ම මම දන්නවා. ටයිගර්ස්ලාට කිව්වොත් තමුසේ කුඩු. අපේ කට වහන්න ඔීන නම් තමුන් තනියම ගම්පහ ටවුන් එකට ඇවිත් මෙි නම්බර් එකට කතා කරනවා. වෙන්න ඔීන දේ එතකොට අපි කියන්නම් ´´ එච්චරයි.

ඊට පස්සේ මෑන් සලිත වෙනවා. කුතුහලයෙන් හිත පිරෙනවා.. ඊට පස්සේ ගම්පහට ඇවිත් මට කතා කරාම. මම කියනවා කුලී රථයකින් මල්වත්තට ගිහින් ටිකට් අරගෙන ඇතුලට යන්න කියලා. ඒ වනතුරුම මම මෑන්ගෙ පස්සෙන් එනවා. එන්නෙ මගෙ ජැගුවරා එක ගම්පහ නියෝජිතයට දීලා එයාගෙ බයික් එකේ. එතකොට එතන මෑන්ට ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. අපේ තැන පහුකරාම ඔය දෙන්න මගෙ පස්සෙන් එන්න. අපි එතනින් ඒ පාරෙම කි:මී දෙකක් ගෙවාගෙන ගිහින් මල්වත්ත ඇතුලට යනවා. මම ඔය දෙන්නට වඩා ඉස්සර වුනාට කමක් නැහැ. නැත්නම් මගෙ දෘෂ්ටියෙන් මිනිහා මිදිලා මොන මොන ප්ලෑන් ගහයිද දන්නෙ නැහැ නෙ. ඊට පස්සේ ඔය දෙන්නා ඇතුලට එන්න. හැබැයි වැඩි වෙලා ගන්න එපා. ඇතුලෙදි අපි හමුවෙමු. ඇතුලෙ ටිකක් දුර ගිහින් අපි මෑන් එක්ක කතා කරමු.

**එතකොට සර්… මෑ තනියම අනාථ නිවාසයට නාවොත්… මොකද දැන්
තියෙන තත්ත්වය අනුව…?

ඔව් එතකොට අපේ සේරම ප්ලෑන් ඉවරයි.
එහෙම නේද… දැන් සැපද…?

මතක තියාගන්න මොනවා වුනත් මිනිහා එන්නෙ තනියම . මොකද මෑන්ගෙ සියලුම රහස් තියෙන්නෙ ඔය අනාථ මඩමෙ ඇතුලෙ. ඒ හන්දා මොනම තත්වයකදී වුනත් මෑන් එන්නෙ තනියම.

හොඳයි අපි ගිහින් බලමුකො. හදිසි තත්ත්වයක් ඇති වුනොත් අපි මිෂන් එක
නවත්තමු.

*ඇයි සර් මෙි වැඩෙිට මල්වත්තක් තෝරගත්තෙ …?

හොඳ ප්‍රශ්නයක්…. නිකමට හිතන්න.
මල්වත්තක් කියන්නේ හැමෝම යන තැනක්. එතනට කවුරු ගියත් කිසිම කෙනෙක් තෝරා බෙිරගෙන බලන්න කිසිම කෙනෙකුට බැහැ. අනික මල්වත්තකට ගිහින් කවුද ජාවාරම් ගැන හෝ ප්‍රශ්න කිරීම් කරන්නේ.

*ඒකත් ඇත්ත තමයි…

අනික මෑන්ට අවුලකුත් නැහැ නෙ. මොකද හිත නිදහස් කරගන්න සුළු මොහොතකට මල්වත්තට ගියා. කියලා වුනත් කියන්න පුළුවන් හේතු කාරණා වශයෙන්.

**සර් මූ ඇන්ටනීගෙ තැන ගන්න අතයට ගේමක් ගහනවා වෙන්න බැරිද…?

දවසේ හොඳම ප්‍රශ්නය… ඔව්.. එහෙම වෙන්නත් බැරි නැහැ. ඒක තමයි මෑන්ව අපි මූණට මූණ හමුවෙන්න ඔීන. මෙි පටලැවිල්ල ලෙහාගන්න නම්. ඊට පස්සේ ඌ එහෙම නම්, ඒකත් අපි ප්‍රයෝජනයට ගමු. මෑන් ලව්වා සේරම කොටවලා විනාශ කරලා. අවසානයේ මෑන්වත් ඉවර කරලා දාමු. එච්චරයි. කොහොම ගියත්
ඉතින් ගේම්එක අපිට වාසිවන විදිහට තමයි වෙන්න ඔීන එච්චරයි. ඒ හැමදේකටම අපි ලෑස්ති වෙන්න ඔීන.

හරි… එහෙනම් මහත්වරුනි අපි හෙට උදේ ලෑස්තිපිට ඉමු…

පසුදින …..

පෙරවරු දහයට ආසන්න වනවිට දුරකථනය නාදවිය…

හෙලෝ … ඔව්… ඔිකේ…
තනියමද..? ඔව් … ඔීකේ….
මයික්‍රෝ .. ඔව්.. කොලපාට එකක් හරි.. බොහොම ස්තුතියි …

මහත්වරුනි…. පිටත්වෙමු එහෙනම්…
මල් වත්තේදී නැවත හමුවෙමු…

**ජයවේවා සර්…

ජයවේවා මහත්වරුනි ….

මිටෙන්හල කුරු⁣ල්ලෙකු මෙන් අධි වෙිගවත් ජැගුවරා යතුරුපැදියට නැග
ගගම්පහ `` පියසෙවණ ´´ වෙත ගමන් ගත්තෙමි. මා එහි යනවිටත් ඉලක්කපත වන මිල්ටන් අනාථ නිවාසය තුලට ගොස් හමාරය. පෙනෙන මානයේ ගසක් යට යතුරුපැදිය නවතා , මා සාක්කුවට අත දමා ලියමන හොඳින් ගුලිකර ඔහු නැවත එනතුරු බලා සිටියෙමි. ඒ අතරතුර ගම්පහ අප ක්ෂෙත්‍ර ඔත්තුකරු වෙත ඇමතුමක් ගත්තෙමි.

හෙලෝ… නියෝජිත B340..

***හෙලෝ කවුද …

කෝඩ් 55880.. සියරා මයික්.

***ගුඩ් මෝර්නින් සියරා ටැන්ගෝ ( Spy Tiger )

ගුඩ් මෝර්නින්. ගම්පහ ටවුන් එකේ
`` මහප්පගේ බත් කඩෙි ´´ ලඟ ස්ථනගතවෙලා ඉන්න. මම ආපු රෝද දෙක වෙනුවට මට වෙන රෝද දෙකකට මාරුවෙන්න ඔීන. පැය කීපයකින් නැවත රෝද දෙක තිබුන විදිහට මාරු කරගන්නත් ඔීන.

*** හරි .. ඒ විදිහට එහෙම වෙයි.

ඔීකේ… තෑන්ක්යූ…

ඇමතුම විසන්ධි කර. නැවත මගේ නියෝජිතයින් දෙදෙනාව ඇමතුවෙමි.

හෙලෝ…. තැනට ආවද…?

**ඔව්… එස්ටී (ST- Spy Tiger )

ඔීකේ…. මම FZ බයික් එකකට මාරු වෙනවා. මාව දකින්නේ FZ එකකදී..

**හරි…

හොරාවකට පසු….

කොල පැහැති මයික්‍රෝ මෝටර් රථය අනාථ නිවාසයේ ගේට්ටුවෙන් එලියට විත් මා පසුකර යන ලදි. මාද තම යතුරුපැදිය පණගන්වා වෙිගයෙන් ඉදිරියට පැද ගියෙමි. කල්යල් බලා ඔහුගෙ අසුනට ගුලිකරන ලද කඩදාසිය දමා, ගම්පහ නගර මධ්‍ය වෙත හරවා ගියෙමි.
අවසානයේ යතුරුපැදිය මාරුකර තම ක්ෂේත්‍ර ඔත්තුකරුට තාවකාලිකව සමුදී පාලම අසල ගසක් යට නවතා මිල්ටන්ගෙන් ඇමතුමක් එනතුරු රැඳී සිටියෙමි.

මිනිත්තු පහලවක් පමණ ගතවෙන්නට ඇති….

මාවකේ එහා මෙහා ගමන් කරන වාහන වල ඝෝෂාව අතරින් මගේ දුරකථනය නාද විය…

තම කටහඩ වෙනස්කරමින් තම හඬ අවදි කලෙමි.

*හෙලෝ කවුද තමුසෙ.. තමුසෙ දන්නවද කවුද එක්කද මෙි සෙල්ලම් දාන්නෙ කියලා…?

ඔව්… දන්නවා.. හොඳාකාරවම දන්නවා

*තමුසෙ ඔීන දෙයක් කරනවා. යක්කුන්ට බයනම් , සොහොනෙ ගෙවල් හදන්නේ නෑ ඩෝ…

හහ් හහ් හා ලොක්කා. සොහොනෙ කොහෙද යක්කු….? සොහොනෙ ඉන්නෙ මැරිච්ච මිනිස්සු විතරයි. අපිත් බය නෑ. මොකද යකාගෙ විමානෙ පදිංචි වෙලා
සෙල්ලම් දාන යක්කු..

අනාථ නිවාසෙ හිටපු මිල්ටන් දබරේරා.
මලින්ද රාජපක්ෂ කියන නමට සියළු දේවල් හදාගෙන, ටයිගර්ස්ලට මොත්තෙ දානඑක, ඒක සුපිරි නාට්‍යයක්. තව මම ලඟ තියනවා හොඳ නාටක ටිකක් තමුන් රඟපාපු… ඉතින් ටයිගර්ස්ලා එක්ක ඉඳගෙන ඉතුරු ටිකත් රන් කරනවද. නැත්නම් උන්ගෙන්ම වෙඩි කනවද…?
මට දැන් වුනත් පුළුවන් තමුසෙට කොකා ගස්සලා සුදුකොඩි පෙන්වන්න.. තමුසෙ නිකමට හිතනවා. ඔය කඩදාසි ගුලිය වෙනුවට මට පුළුවන් පින්එක ගලවලා ග්‍රෙනේඩ් එකක් දාන්න. තමුසෙ සැණෙන් පරලොව. නිකමට හිතලා බලනවා මට පවර්එක. තමුසේ මාත් එක්ක සංසන්දනය කරොත් අලියයි කූඹියයි වගේ.

*හරි…. වාද ඔීන නැහැ. තමුසෙට මොකක්ද කෙරෙන්න ඔීන..


ආන්න ලොක්කා පොයින්ට් එකට ආවා.
ඔය වාහනේ අයිනක හංගනවා. මගෙ මිනිහෙක් ඒක ගැන බලාගනියි. තමුසෙ
ඔතනින් නගිනවා ත්‍රීවීලර් එකක. නැගලා
යනවා කෙලින්ම මල්වත්තට. මම එතනදී තමුසෙ ගව හමුවෙන්නම්. මතක තියාගන්නවා. කාගෙන්වත් අමතර උදව් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ එන රොත්තම කුඩු කරලා දානවා. පාට්ස් ටික
එකතු කරලා සොපින් උර වලට දාන්න පුළුවන් විදිහට. එච්චරයි…


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now