⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
28 වන දිගහැරුම
( බ්ලැක්මේල් )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


මම පහුවදා සේරම සිදුවීම් ටික මාවන් මල්ලිට කිව්වෙ. එයා හරියට දුක්වුනා.
“අක්කෙ උඹ කලබල වෙන්න එපා මම මෙිකට මොකක්හරි විසඳුමක් හොයලා දෙන්නම්” කිව්වා. මම ඉතින් නිදහසේ
ඒ ගෙදර හිටියා. ඊට දවස් දෙකකට පස්සේ ඉනෝකා නංගිගෙ ගාල්ල පැත්තෙ යාළුවෙක් අන්ත්‍රා වෙලා කියලා කෝල් එකක් ආවා.

ඉනෝකා නංගි.. ?

මෙතැන්සිට ….

*ඔව් ඉනෝකා සඳමාලි. මාවන් මල්ලි වගේම තමයි. හරිම හොඳ කෙල්ලෙක්.
එයා ඒ වෙනකොට ප්‍රෙග්නට් වෙලා හිටියෙ.
දුවෙක්ලු කියලා දෙන්නම සතුටු වුනා.
ඉතින් හදිසියේම ඒ දෙන්නා ගියා. මටත් එන්න කිව්වා. මට යන්න තරම් හොඳ මානසික මට්ටමක මම හිටියෙ නැහැ. ඉතින් ගෙදර ඉන්න මෙහෙකාර නැන්දා එක්ක මම ගෙදර තනිවුනා.

ඉතින් ඊට පස්සේ..

*අවසනාවකට එයාලා යන අතරතුරදී සුනාමියට අහුවෙලා වාහනය පිටින්ම
අතුරුදන් වුනා. ඒක මගෙත් අවසනාව.

ඉතින් ඊට පස්සේ …

*ඊට පස්සේ මෙි ආරංචිය කනට වැටුන පපා හිතේ ඇතිවුන ෂොක් එකට මොලේ නහරක් හිරවෙලා. කැනඩාවෙ හොස්පිටල් එකකට ඇඩ්මිට් කරලා ඊට පස්සෙ තමයි අංශභාගෙ හැදිලා ලංකාවට අරගෙන ආවෙ. දැන් හුඟාක් එයාට සනීපයි හිටපු හැටියට බලපුවාම. කථා කරගන්නවත් බැරුව කට ඇඳවෙලා හිටියෙ. ඉතින් මම ආයෙත් හෙන්ද්‍රික් වලව්වේ ලිංගික වහලියක් වුනා.

එතකොට මෙහෙ ආවට පස්සේ මිස්ටර් රිචඩ් දැනගත්තෙ නැද්ද ඔයා රහසේම විඳින දුක.

*නෑ කෙවින්. ඊට පස්සෙ දෙන්නා මාරුවෙන් මාරුවට මාව රූම් එකකට අරගෙන ගිහින් අසහනය දුරුකරගන්න පුරුදු වුනා. ඒ ආවෙත් මෙි රූම් එකටමයි(එහෙනම් ජගත් දවසක් වහෙන් හොරෝ කියපු කතාව හරි)

අයියෝ එහෙමද..? දැන් ඒ දෙන්නම නැහැ නෙ. දැන් ඔයා අසහනයෙන්ද ඉන්නෙ… ?

*ඔව්.. මම අසහනයෙන් හිටියේ ඔයා හමුවෙනකම්. ඇත්තටම දැන් මට එහෙම අසහනයක් නැහැ කෙවින්.

ඒ මොකද .. ?

*මම බලාපොරොත්තු වෙන්නෙ ආදරයක්
මිසක් රාගයක් නෙමෙි.

එතකොට කැරොලිනා. ෂෙල්ටන් ,නොයෙල්
මැරිලා නෙමෙ නෙ මම දන්න විදිහට. කවුරුන් හෝ මරලා නේද… ?

*ඒ දෙන්නවම මරන්න උදව් කරේ මම කෙවින්. ඔයා මෙි සේරම අහලා මාව පොලීසියට බාර දෙනවද .. ? එහෙම නම් මම ඒකට ලෑස්තිපිට ආවෙ. හැබැයි එහෙම බාර දෙනවා නම් ඊට කලින් මට එකම එක වතාවක් ආදරෙයි කියන්න. මම ලෑස්තියි
හිරබත් කන්න.

නෑ කැරොලිනා. මම ඔයාට ආදරෙයි කියන්න ලෑස්ති නැහැ.

*ඒ ඇයි…?

ඒ මොකද කියලා අහන්නෙ මගෙන් ..?
මම පොලිස් නිලධාරියෙක් නෙමෙි නෙ.
අනික ඔයාට වෙලා තියෙන්නෙ බලවත් අසාධාරණයක් ඒක තවමත් ඔප්පුකල නොහැකි. ඒ වගේම තමන්ගෙ අම්මා , තාත්තගෙ , මල්ලිගෙ ගරුත්වයට හානිදායකයි තවම. ඒ අවදානම තවම පහව ගිහින් නැහැ. මොකද පැට්‍රික් ලඟ
තවම ඔය වීඩියෝ ෆොටෝ තියනවා.
තවම ඔයාලා ඉන්නෙ ලොකු අවදානමක.
ඔයාගෙ පලිගැනීම සාධාරණයි. මම සාමාන්‍යයෙන් රටෙි පුරවැසියෙක් විදිහට මෙි මිනීමැරුමක් හෝ ඒකට උදව් කිරීම
අනුමත කරන්න බැහැ. නමුත් ඔයා මරලා හෝ මරවලා තියෙන එකට “නීත්‍යානුකූල
ඝාතනයක්” කියලා මට කියන්න පුළුවන් මට තේරෙන විදිහට. ඒක සම්මත නීතියට පටහැනියි තමයි. ඒත් උසාවිය ඉදිරියේ උන්ගෙ වරද ඔප්පු වුනොත් , ඒවට ලැබෙන්නෙත් මරණ දණ්ඩනය තමයි. මොකද බරපතල වැරදි කීපයක් මුන් තුන්දෙනා කරලා තියනවා.

*ඒ කියන්නේ ඔයා මට ආදරෙයි කියලා කියන්නේ නැද්ද… ?

නැහැ. එහෙම කිව්වා කියන්නේ මෙි රහස මම පොලීසියට ගිහින් හෙලිකරලා , ඔයාව සදහටම ඇතුලට දැම්මා වගේ වැඩක් නෙ.
ඉතින් මම කියන්න ඕන වෙලාවට ආදරෙයි කියලා කියන්නම්. ඇයි ඔච්චර හදිස්සිය.

*හ්ම්ම්… මට තේරුනා.

එතකොට ඔයා කාව ලව්වද ඔය දෙන්නම මැරෙව්වෙ… ? ( බලමු මෙයාගෙ උත්තරය මොකක්ද කියලා )

*මම ඒක වෙන දවසක කියන්නද … ?

හ්ම්ම්… කමක් නැහැ. ඔයා මාව විශ්වාස කරලා මෙතනට ඇවිත්. මෙිටික කිව්ව එකම මදැයි. මම දැන් දන්නවා ඔයාට මාව හුඟාක් විශ්වාසයි කියලා. ඒ විශ්වාසය මම රකිනවා කැරොලිනා අපි යමු එහෙනම්.

*මෙහෙම.. ?

හා… ඔව් නේද… ? ඔයා ඔහොම්මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇඳුම මාරු කරගෙන එන්න.

*හා…

ඇය නාන කාමරය වෙත ගිය පසු මා ජංගම දුරකථනය ක්‍රියාත්මක කෙරුවෙමි.
එසැණින් කෙටි පණිවිඩයක් දුරකථනයට ආ බැව් පෙනුනි.

“සර් මොකද තත්වය. අවුලක් නැහැ නෙ”

අවුලක් නැහැ නියෝජිත ජේ50. අද හවස මීටින් එකක් තියන්න ඕන. මම තැන කියන්නම්. දෙන්නම එන්න.

“ඕකේ සර්”

හරිද… ?

*හරි..

හ්ම්ම්… යමුද … ?

*එන්නකො මම ලඟට…

හ්ම්ම්…

*හිටගෙන ඉන්නෙ. මම ලඟින් ඉඳගන්නකො

හරි…

*මට ටිකක් ඔයාගෙ ඔඩොක්කුවෙ නිදාගන්න ඕන.

හරි… හැබැයි ආයේ අඬන්න ඔට්ටු නැහැ

*හ්ම්ම්… හරි. ඔයා දන්නවද. මට දැන් පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. අවුරුදු ගාණක් ඔලුව උඩ තිබ්බ බරක් බිමට දැම්මා වගේ. පුදුම සහනයක් හිතට දැනෙනවා. මෙච්චර කල් අසහනයෙන්
හිටියෙ.

හ්ම්ම්… (මා ඇයගේ මුහුණට වැටෙන කෙහෙරැල් සියුම්ව කන්පෙත්තෙන් එහාට
කෙරුවෙමි) ඇයි ඔයා මට මෙච්චරටම කැමති. ඔයා මාව දන්නෙ මාසයයි නෙ.
එහෙම මාසයක් ආශ්‍රය කරපු කෙනෙක්ව
විශ්වාස කරන්න පුළුවන් ද .. ?

*පුළුවන් මහත්තයෝ. ඇයි බැරි. ඔයා වලව්වට ආපු පලවෙනි දවසෙම මම ඔයා
ගැන හිතාගත්තා.

ඒ කොහොමද… ?

*මෙතෙක් කාලයකට මාත් එක්ක මුහුණට මුහුණ කතා කරපු හැම පිරිමියෙක්ම මාව
කන්න වගේ කාමාතුර බැල්මෙන් තමයි
බැලුවෙ. ඒත් ඔයා ලස්සන කොල්ලෙක් වෙලත්. මම දිහා එහෙම බැලුවෙ නැහැ.
මට ඒක ඇත්තටම පුදුමයි. ඇත්තටම ඇයි එහෙම එයා ඉන්නෙ … ?

ඔයා ළමයො හරි ප්‍රශ්න තමයි අහන්නෙ. මට එහෙම ගෑණියෙක් දැක්කා කියලා
පෙරේත කමක් ඇතිවෙන්නෙ නැහැ. මම ඕන තරම් ගෑනු ළමයි ආශ්‍රය කරලා තියනවා යාළුවො විදිහට. ඉතින් ගෑනු පුළුටක් වත් ආශ්‍රය නොකරපු අයටනම් ඒක අමුතු අද්දැකීමක් වෙන්න ඇති.

*අවංකවම කියන්න. ඔයාට කෙල්ලෙක්
ඉඳලම නැද්ද… ?

නෑ මැණිකේ. මට එහෙම නැහැ.

*පුදුමයි … මට ඇත්තටම පුදුමයි.

ඒ මොකද … ?

*මෙච්චර ලස්සන කොල්ලෙක්ට එහෙම
නැතිවෙන්න පුළුවන් ද .. ?

තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙ. මටත් අත්පුඩි ගහන්න ආවා හුඟක් අය.
ඒත් බැරිවුනා.

*ඉතින් දැන් පුළුවන් නෙ. ඔයාට කිසිම වගකීමක් නැහැ නෙ. ඔයාටම පවුලක්
ගොඩනගා ගන්න පුළුවන් නෙ.

හ්ම්ම්… පුළුවන්. බලමුකො ඉතින්.

*ඒ පවුලෙ අම්මා මම වෙන්න ඕන. වෙන කවුරුත් වෙන්න බෑ හරිද … ?

හරි හරි බලමුකො ඉතින්. උන් දෙන්නවම මැරෙව්වෙ ඔයාද … ?

*නෑ එහෙම නැහැ. හැබැයි මටත් ඒකෙ පොඩි කොටසක් තියනවා.

ඒ දෙන්නා යන්නම ගිය එකෙන් ඔයා වධහිංසන වලින් බෙිරිලා ඉන්නවා නේද .?

*ඔව්.. එච්චර තමයි ඉතින්.

එතකොට පැට්‍රික් ගෙන් ඔයා නිදහස් වෙන්නෙ කොහොමද .. ? එහෙම ගැලවෙන්න බැහැනෙ අර වීඩියෝ ටිකයි ,
ෆොටෝස් ටිකයි එයා ලඟ තියනකම්.
එතකොට මොකද කරන්නේ.

*මමත් දසඅතේ කල්පනා කරන්නේ ඒකම තමයි කෙවින්.

රැවුලයි කැඳයි දෙකම බේරගෙන මෙික කරන්න බැහැ. ඔයාගෙ විකල්පය මොකක්ද … ? ( බලමු මෙයාගෙ සැළසුම මම ඉදිරියේ දිග අරියිද කියලා) ඔයා ලඟ ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද … ?

*නැහැ කෙවින්. ඇත්තටම නැහැ.

එතකොට ඔයා එදා කිව්වෙ ඩිවෝස් එක ඉල්ලනවා කියලා. මෑන් බැහැ කිව්වොත්.
ඒ වගේම අප්පච්චිගෙ වීඩියෝස් එලියට දානවා කියලා කිව්වොත් ඔයා නැවත මුල් තැනටම එනවා නේද … ?

*ඔව් මගෙ මහත්තයෝ. ඒ ගැන හිතෙනකොටත් මට බය හිතෙනවා.

හරි … මම මෙි ප්‍රශ්නයට අතගහන්නද.. ?

*ඔයා කොහොමද මෙිකට අතගහන්නෙ.

පුළුවන් මැණිකේ. මට පුළුවන්. හැබැයි මං අහන ප්‍රශ්න වලට අවංකවම උත්තර දෙන්න ඕන.

*ඒ මොනවද … ?

එහෙම බෑ මට අවංක වෙන්න ඕන ඔයා.

*පුළුවන් මහත්තයෝ. මට පුළුවන්. මට ඔයාව විශ්වාස හන්දා තමයි මෙි ගමන ආවෙත්. මෙි දේවල් කිව්වෙත්.

හ්ම්ම්… හරි. පෙරලා ප්‍රශ්න අහන්න බැහැ මගෙන් හරිද … ?

*හරි..

පැට්‍රික් ගෙ ඇ⁣ඟේ මොනවද තියෙන සලකුණු. මම අදහස් කලේ ලප කැලැල් වගේ දේවල්.

*එහෙම විශේෂ දේවල් නැහැ. ආ.. වම් ඉණේ රෝස මලක් කොටලා තියනවා.

පච්චයක් ද … ?

*ඔව්… ඒක ඔය සහෝදරයින් හතර දෙනාගෙම තියනවා කියලා දවසක් මට පැට්‍රික් කිව්වා. ඒක එයාලා ජොලියට ගහපු එකක් ලු. ඔයා නිකං CDI ඔෆිසර්
කෙනෙක් වගේ නෙ ප්‍රශ්න අහන්නෙ.

අයියෝ … මම එහෙම කෙනෙක් නම් ඔයා අද මට කියපු දේවල් වලට දැන්ම මාංචු දාගෙන කුදලගෙන යනවා නේද … ?

*ඔව්… ඒකත් ඇත්ත තමයි නේද .. ?

හරි. එතකොට දෙවන ප්‍රශ්නය අහන්නද .?

*අහන්න උතුමාණෙනි. මාගෙන් අසනුමැන.

තිගේ වලව්වෙ බැලමෙහෙවරකම් කරන
මෙහෙකරුවන් මෙි තමුන්ට සිදුවූ සිද්ධි දාමය නොදන්නේ ද … ?

*දනී දනී උතුමාණෙනි. ඔවුන් සියල්ල දනී.
එනමුත් ඔවුන් කුමක් කරන්නද.. ? මෙි මිලේච්ඡ , අධම පාලනය හමුවෙ.

සැබෑය සැබෑය. හරි.. තුන්වන ප්‍රශ්නය.
පැට්‍රික්ගෙ ලැප්ටොප් එක කොහෙද තියෙන්නෙ. .. ?

*මම හොයලා බැලුවා. ඒක ලංකාවෙ නැහැ. ඒක තියෙන්නෙ කොහෙද කියලා මමවත් දන්නෙ නැහැ.

හ්ම්ම්… ඒකෙ ඇතුලෙ තමයි ඔය වීඩියෝ ටික තියෙන්න ඕන. එතකොට ෂෙල්ටන් , නොයෙල් ගෙ ෆෝනවල තතිබ්බ වීඩියෝස් කෝ… ?

*මම ඒවා ඩිලීට් කරා. හැබැයි මම ලඟ ඒ වීඩියෝ ටික තියනවා. මම නොයෙල් මැරුන වෙලාවෙ පටස්ගාලා ඒ වීඩියෝ ටික මගෙ ෆෝන්එකට දාගෙන තමයි ඒවගෙන් ඩිලීට් කරේ.

දැන් ඔයාලඟ එව්වා තියනවද.. ?

*ඔවි..

ඈ මැට්ටියේ ඇයි මට පෙන්නුවෙ නැත්තෙ.?

*ඔයා මට පෙන්වන්න කිව්වෙ නැහැ නෙ.

ඔයත් හරි ගෑණියෙක් තමයි. කෝ මට පෙන්වන්න.

*ආ.. මෙි තියෙන්නෙ.

සැබවින්ම වීඩියෝ දර්ශන දෙස බලපුවාම ඇයගෙ කතන්දරය සැබෑම එකකි. හොඳයි
දැන් ඇති. අපි මෙි අධම පාලනය ඉවර කරලා දාමු.

ක්ෂණිකව දුන්නක් සේ ඇය තම හිස මගෙ ඔඩොක්කුවෙන් ඉහලට ඔසවා මගෙ නාසය ආසන්නයට ඇගෙ නාසය ගෑවෙන නොගෑවෙන තරමට ලංකරන විට ඇගේ තොල් අතරින් පිටවන උණුසුම් සුසුම් පවන් මගෙ නාසයට දැනෙන්නට විය.

*මොකක්ද රත්තරන් කරන්න පුළුවන් දේ.
මට කියන්න. මට ඉවසිල්ලක් නැහැ.

අපි ඌරගෙ මාළු උරගෙ පිටෙිම තියලා
කපමු.

*මට තේරුනෙ නැහැ.

පැට්‍රික් ඔයාට කරපු දේම අපි මෑන්ට කරමු.

*මොකක් … ? ඒ ඒ කො කො කොහොමද.?

හරි.. මගෙ තුන්වන ප්‍රශ්නය. පැට්‍රික් කවද්ද ආයේ ලංකාවට එන්නෙ… ?

*හ්ම්ම්… තව දවස් විස්සකින් විතර එන්න ඕන.

නියමයි.. අපිට තව කල් තියනවා සැළසුම් කරන්න. අප්පච්චිට කරා වගේම. අපි මෑන්ටත් හොඳට පොවලා. කෙහෙහරි
ඉන්න කුණ්ඩවාලයක් ගෙන්වලා. රූම් එකකට දාලා නිරුවත් කරලා , පොඩි පෝර්න් වීඩියෝ එකකුයි, ෆෝටෝ ෂුට් එකකුයි කරලා රිටර්න් බ්ලැක්මේල් එකක් කරමු. ඉවරයි මෑන්ගෙ සායම. එතකොට ඔය වෙළෙඳ ප්‍රජාවට මුහුණ දෙන්න බැරිවෙන බයට ඔයාව හැම දේකින්ම නිදහස් කරයි. අපි ඒ තත්වයට මෙි ගේම ගහන්න ඕන. කියූ සැණෙන් ඇය මගෙ මුහුණ තදින්ම අල්ලාගෙන වේගයෙන් මාගෙ කම්මුල සිපගන්නට විය.

*උම්ම්ම්මා.. ඇයි දෙයියනෙ මෙි අදහස මට කලින් ආවෙ නැත්තේ.

ඒකට තමයි කැරොලිනා කියන්නේ “බලේ තියනකොට මොළේ නෑ, මොළේ තියනකොට බලේ නෑ” කියලා. පැට්‍රික් රට ඉන්න හන්දා මෙි ව්‍යාපාර වල බලය තියෙන්නෙ ඔයාටයි, මිස්ටර් රිචඩ්ටයි. එයා ක්‍රියාකාරි නැති හන්දා ඔයාට පුළුවන් ඕන විදිහට සල්ලි විසික් කරලා මෙි ගේම ගහන්න. ඉතින් මෙි බලය පාවිච්චි කරන්න
පරක්කු වෙන්න එපා.

*ඒ කියන්නේ මට මොළේ නෑ.

ඔව් ඉතින්. එහෙම තිබ්බා නම් මෙිවගේ
අදහසක් ඔයාට එන්න එපැයි.

*ඔව් නේද.. ? ඒක ඇත්ත තමයි. කෙවින් ඔයා තමයි හොඳම මොළකාරයා. අපි කරමු වැඩෙි. මට උදව් කරන්න ඒකට.

අනිවාර්යයෙන්ම මම උදව් කරනවා. මම
සාමාන්‍යයෙන් මෙි වගේ දේවල් වලට උදව් කරන්නේ නැහැ. නමුත් ඔයාට උන් කරලා තියෙන අමන, නීච වැඩෙිට උන්ට සමාවක් දෙන්න බැහැ. මම කියන්නම් ඒක කරන හැටි. අපිට ඒකට පොඩි කණ්ඩායමක් හදාගන්න ඕන.

*ඒකට මම මොනවද කරන්න ඕන.

මොකුත් විශේෂ දෙයක් නැහැ. සල්ලි ටිකක්
එලියට විසිකරන්න තමයි තියෙන්නෙ.

*ඒක මට සුළු දෙයක්.

එහෙනම් අපි ගේමට බහිමු. එතකොට ඔයා හෙට රෑටත් නින්දෙන් ඇවිදියිද .. ?

*ඔයා.. කොහොමද .. ?

නෑ නෑ ඒකෙ හිතන්න දෙයක් නැහැ. ඔයා පෝයට කලින් දවසෙ නින්දෙන් ඇවිදිනවා
කියලා කවුද ඒ පැත්තෙ නොදන්නෙ… ?
මම විහිළුවට කිව්වෙ. මම ඒ ගැන දන්න ඉටිගෙඩ්යක් නැහැ.

*නෑ කෙවින්… ඒකත් මගෙ රඟපෑමක්.

රඟපෑමක් … ?

*ඔව්.. එහෙම නින්දෙන් ඇවිද්දෙ නැත්නම්
නොයෙල්ව මරන්න පහසු වෙන්නෙ නැහැ.
මම ඒක තමයි කිව්වෙ මෙි පලිගන්න මම
උදව් කරා කියලා.

ඒ කියන්නේ මෙි පලිගැනීම ඔයාගෙ එකක් නෙමෙිද.. ? මෙික පොදු පලිගැනීමක්ද.. ?

*ඔව් මහත්තයෝ. මම ඒක තව ටික දවසකින් කියන්නම්.

හ්ම්ම්… ඔයාගෙ කැමැත්තක්. එහෙනම් අපි යමු නේද .. ?

*තව ටික වෙලාවක් ඉමුද … ?

පිස්සුද මෝඩියේ දැන් හුඟක් දවල්වෙලා.
අපි ගැන සැක හිතන්න පුළුවන් කවුරුහරි.
ඒ හන්දා අපි යන්නම ඕන.

*හ්ම්ම්… යමු එහෙනම්.

ඇය සමඟ පහල මාලයට ඇවිත් ගාස්තුව ගෙවාදමා එතනින් නික්මෙන්නට විය.
දැන්වත් ඔය ෆෝන්එක ඔන් කරන්න ළමයෝ.

*ඔව් නේද. මට ඉතින් කවුරු කතා කරන්නද මෙිකට. මම කතා කරන්න කැමති කෙනා එක්ක දැන් වරුවක් විතර
හිටියනේ. අද දවස මට මගේ ජීවිත කාලයටම මතක තියෙයි. ඔයා දන්නවද
මට ඔළුවක් නෑ කියලා හිතෙනවා. ඒ තරම්
මගෙ මනස නිදහස්. පුදුම විදිහට මට දැන් සැහැල්ලුවක් දැනෙනවා. ඒක විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ කෙවින්.

එතකොට කැරොලිනා , කෙවින් රූම් ගිහින් ඕන්න ඔිකයි කරේ.

*අර දේවල් වලට වඩා මෙි කරපුදේ මට කොච්චර වටිනවද.. ? මම වෙනුවෙන් ලඟ
හිටපු එකම මට කල්පයකට ඇති. මෙි වගේ මට කවුරුත් සමීප වෙලා නෑ පවුලේ අය ඇරෙන්න.

හ්ම්ම්… යමු.

*අපි දවල්ට මොනවාහරි කාලා යමුද මගදි

අපෝ බැහැ මැණිකේ.. එතකොට වලව්වේ කෑම ඔයාට කන්න බැරිවෙනවා වගේම , සයිමන් අංකල්ගෙ කෑම ටික එහෙ ඉතිරි වෙනවා. එතකොට දෙපාර්ශවයට අපිගැන
සැක හිතෙන්න පුළුවන්.

*ඕහ් ඒකත් ඇත්ත තමයි. ඔයා හරිම මොළකාරයෙක් නෙ බලාගෙන ගියාම.

ඉතාම වේගයෙන් රිය ධාවනය කල මා මිනිත්තු හතලිස් පහකට පසු අපි ගෝනහෙල හන්දියට ආවෙමු. වාහනය
නැවත පාර අයිනෙ නතරකර පැති කණ්නාඩියෙන් පසුපස බලනවිට අප නියෝජිතයින් දෙදෙනා මා පසුකර යතුරුපැදි වලින් ගමන් ගත්හ.

මම ගෙදරට දාන්නද ඔයාව.

*හ්ම්ම්… හා..

මෙි අහන්න කැරොලිනා… ෂෙල්ටන් , නොයෙල් කරා වගේ මමත් ඔයාව රූම් ගානෙ ගෙනියනවා කියලා මේවනවිට මාව හංවඩු ගැහිලා ඉවරයි. ඒකට කමක් නැහැ. මම දන්නවා මම මොනවද කරන්නේ කියලා. හැබැයි මට මොන වගේ නරක නාමයක් ආවත් කමක් නැහැ මට ඒක ප්‍රශ්නයක් නෙමෙි. මට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ ඔයා තව දුරටත් අවුලෙන් හිටියොත් තමයි. ඒ හන්දා ඔයා ලස්සනට හිනාවෙලා ඉන්නවා තරම් මට ඒ දේවල් ලොකු නැහැ කියලා මතක තියාගන්න.

*ඔව් මහත්තයෝ. ඒක ඇත්ත මම මගේ වුවමනාවට නොවුනත් අවරුදු හතරක්
බහු බිරිඳක් විදිහට හංවඩු ගැහිලා ඉන්නෙ
කියන්න මම දන්නවා. පපා පවා මට හින්ට්
අරිනවා. ඔයා ඉස්සරහම කීපාරක් ඒ විදිහට කරාද කියලා ඔයාට මතක නැතුව ඇති. ඒකට කමක් නැහැ.

මෙහෙමයි මැණිකේ. සත්‍ය කියන එක
දිය යට ගිල්වපු රබර් බෝලයක් වගේ.
ඒක කවුරුන් හෝ වුවමනාවකට බලෙන් යට ගහලා තිබ්බත් කවදාහෝ ඒ බලය හීන වෙච්ච දවසට ඒ වතුර අභිබවා උඩට
එනවා. ඒක හැමදාම වලක්වන්නට බෑ. හැමදෙයක්ම තාවකාලිකයි. බොරුවට වුනත් වැඩි ආයුෂ නැහැ. ඒක තමයි ඇත්ත.
මම නුවර ටවුමට නිතරම යන්න වෙනවා.
මොකද අපිට ඕන කරන මිනිස්සු ටිකක් හොයාගන්න. මොනවා වුනත් මෙි ගේම අපි ගහමු. මම මෙි ගේම ඉවර කරලා තමයි පස්ස බලන්නෙ. ඔයාගෙ අප්පච්චි
මෙි ගැටෙන් නිදහස් කරනකම් මම මෙික අල්ලගෙන යනවා. ඒක ස්ථිරයි. දැන් හොඳ
ළමයා වගේ හිත සැහැල්ලු කරගෙන ලස්සනට හිනාවෙලා ඉන්න. ඔයා ඔය
කියවපු පොත මොකක්ද… ? ආහ් “සැළලිහිණි වසන්තය” ආ.. ඒ පොතේ ඉන්න කිරිල්ලී` වගේ නිදහසේ පියඹලා යන්න පුළුවන් වාතාවරණය හදලා දෙනවා. ඒක මම වෙන පොරොන්දුවක්.
හරි අපි යමු එහෙනම්. කිසිවක් නොපවසා
මාදෙස ඇස්පිය නොහෙලා ඈ බලාසිටියාය.
අවසානයේ නැවතත් ඇස් දෙකෙන් කඳුළු
බේරෙන්නට විය.

ඕන්න ඉතින්. ආයේ පටන්ගත්තා ටැප්එක අරින්න. ආ… කඳුළු පිසදාගන්න ළමයෝ.

*නෑ මගෙ මහත්තයෝ. මට මෙි සතුට වැඩි
කමට. ඇත්තටම කෙවින් ඔයා කවුද. ඔයාට⁣ කොහොමද පුළුවන් වුනේ මෙච්චර වේගයෙන් තවත් දැවෙන හිතක් තේරුම් ගන්න.

ඇත්තටම මම කෙවින් ෆර්නැන්ඩස්. සමහරවිට මගෙ බුද්ධි මට්ටම ටිකක් වැඩි ඇති. මම ඔයාවගේ නෙමෙි විවිධ සමාජ මට්ටම්වල විවිධ මිනිස්සු ආශ්‍රය කරලා තියනවා ඒක තමයි ඇත්ත. හරි.. අපි යමු එහෙනම්. මම ඔයාව වලව්වටම දාන්නම්
නේද … ?

*හ්ම්ම්… දාන්න.

එහෙම කමක් නැද්ද … ?

*කමක් නැහැ. මට පුළුවන් එතන මැනේජ් කරගන්න.

හොඳයි …

මද වෙිලාකට පසු අප නැවතුනේ හෙන්ද්‍රික් වලව් පරිශයේ මිදුලේය. වාහනයෙන් බැසගත් ඈ අත වනා යන්නට විය. මාද
මෝටර් රථය හරවන විට නැවත දුවගෙන ආවෙි කැරොලිනාය.

*මිස්ටර් කෙවින් .. මිස්ටර් කෙවින්… පපා
ඔයාට පොඩ්ඩකට කතා කරනවා. ඇවිත් යන්න.

ඕකේ මැඩම් නෝ ප්‍රොබ්⁣ලම්…

වාහනයෙන් බැසගත් මා ඉඳුරම ගියේ ආලින්දයටය. එහි පුටුවක හාන්සී වී දුම්
පයිප්පය උරමින් පසුවූයේ රිචඩ් හාමුය.

සර් මට එන්න කිව්වෙ … ?

⁣**හ්ම්ම්… කොහෙද ඉලන්දාරියා කැරොලින් එක්ක ගියේ.

පුස්තකාලයට සර්. පුස්තකාලයට විතරක් නම් මදෑ. ඔන්න ඔය ඇඳුම් වගයක් ගන්න
ඕන කිව්වා. ඉතින් මහනුවර ටවුන් එකම පීරලා ඔන්න මොකක්ද ඇඳුමක් අරගත්තා.

**ඕහ්.. හැබෑටම කැරොලිනා.. කෝ බලන්න.

*මෙන්න පපා කියමින් මා අරන් දුන් සාරිය
රිචඩ් හාමු වෙත පෙන්වීය.

**හහ් හහ් හා කෙල්ලෙ ඕක තෝරන්න ද
ඔය නුවර ටවුන් එකම පීරූවෙ .. ? යසයි
යසයි.

සර්ට නම් හිනා ඉතින්. මට පැදුරකුයි කොට්ටයකුයි අරගෙන ගියා නම් හොඳයි
කියලා හිතුනා. හපොයි කාපු චාටරයක්.

**ඔය තරුණයා තවම කසාද බැඳලා නැති
හන්දා හොඳයි. අපිත් ඒ කාලෙ එහෙම තමයි. ගෑණුන්ට රෙදි තෝරනවා කියලා ඉතින් ආයේ වාහනයේ නිදා ගැනිල්ලක් තමයි ඉතින්. ඒකනම් කරුමයක් තමයි.
ඔයත් බැඳලම බලන්නකෝ. ඔයාටත් තේරෙයි.

නෑ නෑ මට දැනටම තේරිලා තියෙන්නෙ.
අනේ මැඩම් මෙන්න වැන්දා මම අපායට වුනත් එන්නම්. හැබැයි ටෙක්ස්ටයිල්ස් ගාණෙ යන්න නම් කතා කරන්න එපා හොඳ ද … ? දැන් බලන්න. මට වැඩක් කරන්න කාලයක් නැහැ නෙ. හොඳ වෙලාවට “නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ” වුනේ. නැත්නම් මගෙ පඩි කපයි ඩෝං ගාලා.

*පපා මම යන්නම්. මිස්ටර් කෙවින් බායි.

බායි මැඩම්.

**පඩි කියද්දි මතක් වුනේ. මිස්ටර් කෙවින්
මාසෙ පඩිය ලැබුනද … ?

ඔව් ලොකු සර්. ගිණුමට දාලා තිබ්බා.

**හ්ම්ම්… ( හිස ඉහල පහල වනමින් )
පඩිය ඇද්ද මදිද.. ?

මට ඇති මදි කියලා කියන්න අයිතියක් නැහැ නේද සර්. මොකද මම පලපුරුදු කෙනෙක් නෙමෙි ක්ෂේත්‍රයට. අනික ස්ථීර සේවකයෙකුත් නෙමෙි. මම මෙතන ඉන්නකම් මමවත් මගෙ යටතේ ඉන්න කිසිම කෙනෙක් මෙි වතුයායට විරුද්ධව
වැඩ කරන්න දෙන්නෙ නැහැ. ඒවා ඉතින් හීන තමයි.

**අන්න කතාව. මිස්ටර් කෙවින්. මම කැමති ඔන්න ඔය වගේ කෙලින් කතා
කරන, කෙලින් වැඩ කරන තරුණයන්ට. එහෙම තමයි වෙන්න ඕන. සැලරි මදිනම් මට කියන්න හොඳ ද..?

නෑ සර්.. මට ඒක ප්‍රමාණවත්. බොහොම ස්තූතියි. මම ගිහින් එන්නද .. ?

**හ්ම්ම්… දවල්ට කාලම යමු.

බෑ සර්… මට අද දවසේ වැඩටික කවර් කරන්න ඕන.

**නියමයි තරුණයා. ඔයා දවසක දියුණු වෙනවා ආයේ ලොවෙත් නැතිවෙන්න. හොඳයි එහෙනම් ගිහින් එන්න.

ජයවේවා සර්.. කියමින් ආපසු හැරී අඩියට දෙකට වාහනය වෙත ඇවිත් එය පණගන්වා නික්ම ගියේ කාර්යාල පරිශ්‍රය
වෙතය.

යලි හමුවෙමු ….




Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now