අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 04 වන කොටස
…………………………………………………………...
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
…………………………………………………………....
…………………………………………………………....

හරි සර්… කාලය සීමිතයි. මම ගිහින් එන්නම්.

*ok මාධව …

මෙතැන් සිට…..

හා … තව දෙයක්…

*ඒ මොකක්ද ….?

මගෙ සහයකයට පුළුවන් තරම් ඉක්මනට රෝහල් කම්කරු පත්වීමක් ඔීන මරදාන රෝහලට.. මට තියනවා ඇතුලෙ අයත් එක්ක පොඩි ගණුදෙනු ටිකක් කරගන්න.

*හහ් හහ් හා…. හරි හරි හරි… මට තේරෙනවා..

මොකක්ද සර්ට තේරුනේ….?

*නෑ නෑ මොකුත් නෑ. ඔහොම යමුකො.

රාත්‍රිය උදාවුවත්, ගතද විවේකි වුවත් , කිසිවිටක තම මනස විවෙිකී නොවුණි. ගතවෙන සෑම මොහොතකම මෙහි තමාට අතහැරුනු දේවල් තිබේදැයි හා කල්පනා කරන්නට විමි. බැලූ බැල්මට මෙය පලිගැනිමක් ලෙස සිතන්නත් අමාරුයි. එය එසේ නොවෙ කියලා ⁣හිතමු.
එතකොට මෙය ඝාතකයගෙ ක්ෂනිකව ඇතිවු අවශ්‍යතාවයකට ඇතිවූවා කියන්නත් බැහැ මක්නිසාද යත්, සැළසුම්සහගත ලෙස ගසෙන් ගසට පැන
ඇවිත් කරන ලද ⁣මරණයකි. එය එසේනම් කුමක්විය හැකිද අරමුණ. කාලයක් තිස්සේ ඇය සමඟ තිබුන යම්කිසි සබඳතාවයක් බිඳවැටීමක් හෝ ඉන් එහාට ගිය දෙයක් හේතුවෙන් සිදුවූවාද…? එසේත් නැත්නම් මැය විසින්
දැකපු හෝ ඇසුන ප්‍රභල රහසක් හෙලිදරව් වීමේ අඅවදානමකින් බේරීමට ඝාතනය කලා විය හැකිද. එය එසේනම් යහන්ගතවන වාග්මාලාව කෙටි ලිපිය තුල සඳහන් කලේ ඇයි මැය මියයාමට පෙර…? මෙකී කාරණා අතරින් කිසිදු කාරණාවකට සැකයේ වැඩි වාස් තැබිමට නොහැකිය.

හොඳයි හොඳයි මාධව… අපි මෙි කාරණා එකින් එක බැහැර කරමු. අහඹු සිදුවීමක් නැත්නම් හදිසියේ කරන ලද ඝාතනයක් නම් නෙමෙි. එය පැහැදිලියි. එසේනම් ඒ කරුණ තාවකාලිකව අමතක කරමු. එතකොට ඉතිරිව ඇත්තේ හා අවධානය යොමුකල යුත්තේ , ප්‍රභල රහසක් එලිවේදැයි කියන බියට හෝ මෙකී යහන් ගතවෙන්න කියන බලපෑම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් කරන ලද මිනීමැරුමක් යන කාරණාවන් වෙතයි. නැවත මිහිරාණි මෙනවියගේ මියයාම සම්බන්ධව කරුණු සියල්ල සඳහන් ලිපිගොනුව පෙරලා පිටු එකින්එක කියවා
බැලුවෙ කුමන හෝ සුළු ⁣කරුණක් මගහැරි ඇද්ද කියා සොයාබැලීමෙ අටියෙනි.

හ්ම්ම්…….. උදරය තුලට කිඳාබැස ඇත්තේ තරමක් විශාල උල් ආයුධයක් බව පශ්චාත් මරණ පරීක්ෂකගේ නිගමනයයි සමේ පැලුමෙි ප්‍රමාණය අනුව.
කෙනෙකුට තර්කයක් දාන්න පුළුවන් සම ප්‍රසාරණය වන බැවින් එය වෙනස් විය හැකිය යන්න. නමුත් සම ප්‍රසාරණය වුවද , මාංශපේශින් එසේ වන්නේ නැත. ඒ කියන්නේ පිහියකට එහාගිය යමක් වේද…? එසේනම් කිණිස්සක් විය යුතුය. එහෙත් සැකකරු අත තිබී ඇත්තෙ කුඩා ප්‍රමාණයේ පිහියකි. එය ළුෑණු ගෙඩියක් , අඹ ගෙඩියක් කැපීමට එය ප්‍රමාණයවත්ය. එයින් පුද්ගලයෙක් ඝාතනය කිරීමට හැකිමුත් මියයන පුද්ගලයා හොඳ සෞඛ්‍ය තත්වයේ පසුවන්නේ නම්, පැයකට ආසන්න කාලයක් පමණ ගතවිය හැකියි ඔහු හෝ ඇය මියයාමට. ඊට වඩා ඉක්මන් මරණයක් ලඟා කිරීමට නම් ඉඳුරාම හෘදය පසාරු කල යුතුය. නමුත් මෙම ඝාතනය සිදුකර ඇත්තේ උදරයට තරමක විශාල ආයුධයක් ඇතුළු කිරීමෙනි.

හරි මාධව … ඒකත් එහෙමයි කියමුකො. එතකොට මෙි වතුර කතාව මොකක්ද. තාර්කිකව මෙහෙම හිතන්න පුළුවන් “ මියයාමට පෙර පානය කරන ලද වතුර ප්‍රමාණයක් මුවින් පිටවූවා “ කියා නමුත්
මුවින් පිටවූවා නම් සෙම මිශ්‍ර වතුර විය යුතුය. හරි.. එය එසේම වූවාම කියමු. එතකොට මුනින් අතට වැටී සිටින අයෙකුට වතුර වමනෙ යනවා නම්, එය මුඛයේ සිටම ඉදිරියට කෝණාකාරව විහිදී යායුතුයි. නමුත් සැකකාර තරුණයා පැවසූ පරිදි තරුණියට සැලකිවයුතු දුරකින් වතුර ස්වල්පය තැවරී ඇත.
එතකොට මොකක්ද මෙි වතුර තිබුනා කියන අමුතු අහේතුක සිදුවීම…?

හ්ම්ම්… ඇති දැන් ඇතුලට වෙලා හිටියා . මම අනිවාර්යයෙන්ම එලියට යායුතුයි වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන්. හෙට දවස තුල රවුමක් ගහලා මොනවාහරි යමක් හොයාගන්න බලන්න ඔීන.
පසුදින………

මරදාන රෝහල ආසන්නයේ තිබූ පදිකයින් සඳහා වෙන්කර තිබූ සිමෙන්ති ආසන මත වාඩිවී උදා ආහාරය ලබාගන්නා මා , තම වේෂය මන්ද මානසික⁣යෙකුගේ චරිතය නිරූපණය වන පරිදි සකස් කරගෙන සිටියෙමි. ඉන්පසු මා ඉඳුරාම ඇතුල්වූයේ රෝහල් පරිශ්‍රය වෙතය. මෙම පරිශ්‍රය තුල සෑම තැනක්ම වාගේ ඔබමොබ ඇවිද්දෙමි. මා මානසික රෝගියෙකු වන බැවින් ආරක්ෂකයින් පවා මාගැන සැලකිලිමත් නොවීම මා ලැබු ආශිර්වාදයකි. මිහිරාණි මෙනවිය අවසන් වරට රාජකාරි කල අංක පහේ වාට්ටුව වෙත ගොස් එහි පරිසරය හා සේවකයින්ගෙ බාහිර පෙනුම කෙරෙහි හා ඔවුන්ගේ හැසිරීම් රටාවන් මා ගැඹුරින් අධ්‍යනය කෙරුවෙමි. එසේ කිරීමට මා උත්සුක වූයේ ඉදිරියේදී අප විසින් රඟපෑමට නියමිත භූමිකාවන් වලට මහත්සේ රුකුලක් වන බැවින්ය.

ඇතැමෙකුට හිතෙන්නට පුළුවනි මා මෙි කරනදේ යම්කි විකාරයක් කියා. නමුත් විෂයානුකූලව මා කරනා සෑම ක්‍රියාවක්ම
ඉදිරියේදී මහත් රුකුලක් වන නොඅනුමානයි. සවස් යාමය වනවිට නැවත මා තම කාර්යාලය වෙත පැමිණියෙමි. මෙි ක්‍රියා පටිපාටිය දින තුනක් තිස්සේ සිදුකෙරුවෙමි.

හතරවන දිනය…..

කසුන් වාඩිවෙන්න… ඔයා දන්නවා මම දින තුනක්ම මරදාන රෝහලට ගිහින් වටපිටාව වගේම පුද්ගලයින්ගේ බාහිර පෙනුම හොදට නිරීක්ෂණය කරා කියලා.

*ඔව් සර්….

ඇයි දන්නවද ඇයි මම එහෙම කලේ කියලා …?

*ඔව් සර්… එතන ඉන්න කාර්ය මණ්ඩලයේ මුහුණු ටික ඇහැට හුරුකරගන්න ඔීන හන්දා නෙ..

හරියටම හරි. මොකද ඉදිරි කාලයේදී එතනින් තෝරාගත් පිරිසක් යනඑන තැන් වගේම ඇසුරු කරන අය ගැන පූර්ණ නිරීක්ෂණයක යෙදෙන්න අපිට සිදුවෙනවා කියලා මට තක්කෙටම කියන්න පුළුවන්.

*ඒ කියන්නේ පසුපස හඹායෑම් තියෙන්නත් පුළුවන්.

ඔව්. බාගවෙලාවට දඩමස් ගොරකා කරන අයත් මෙතන ඉන්න පුළුවන්.

*හපොයි එහෙම අයත් ඉඳියි ද….?

ඔව් යාළුවා… අමතක කරන්න එපා. “ හොරාගෙ අම්මගෙන් පේන අහන” කතාව
අර ලියමනේ තිබුනා කියලා. එහෙනම් පත්වීම ආපු ගමන් කසුන් ඇතුලෙ වැඩටික පටන්ගන්න. එතකොට මම එලියෙ වැඩටික බලාගන්නම්.

*පත්වීම ලැබුන ගමන් මම වැඩේට බහිනඑක හරි කියමුකො. මොකද මම රෝහල් කම්කරුනෙ. එතකොට සර් මොකද කරන්නේ එලියෙ ඉඳලා.

මම හිඟා කනවා…

*මොකක් …?

ඇයි අවුල්ද යාළුවා … මම යනවා අර රෝහල එදිරිපිට තියෙන දෙරාන මාරගහ යටට. හිගාකන්න.

*නියමයි … ඒකත් නරකම නැහැ. එතකොට අපි දෙන්නා දවල් කාලයේ සන්නිවේදනය කරන්නේ කොහොමද …?

හා .. ඒක සුළු දෙයක්. මම එතකොට කියන්නම් කෝ. එහෙනම් හෙට උදේ මෙතනට ඇවිත් මාව හොයනවා එහෙම නෙමෙි. මම යනවා උදෙන්ම හිගා කන්න.

*හා … හරි සර්. සුභ ගමන්….

මද වේලාවකට පසු කොළඹ කො⁣ටුවේ වීදි කඩ දෙක තුනකට ගොස් පරණ කරවල කැබලි කීපයක්ද , බෙහෙත් අලෙවිසැලකට ගොස් අතපය වෙලීමට ගන්නා ප්ලාස්ටර්, වෙළුම්පටි හා තුවාල වලට දමන දියර බෙහෙත් වර්ග කීපයක් මිළට ගත්තෙමි. බුලත්විටක්ද මිළදී ගත්තෙමි.

මසක් ගතවී ( වර්තමානය )

අළුයම අවදිවූ මා කුණු කරවල දෙපාදයන්වල දණහිසට පහලින් තබා. වේළුම්පටි වලින් බැඳ දමා. ඊට උඩින් දියර බෙහෙත් වත්කර , අවසානයේ තම අතපයේ තැනින් තැන මඩ හා දැලි ගා ගත්තෙමි. ඉන්පසු. පරණ රෙදි මල්ලකට
තමන්ට වුවමනා කරන ටින් එකක් , පරණ බෙලෙක් වතුර කෝප්පයක් හා පරණ ලණු කැබැල්ලක් දමා ගත්තෙමි.
බුලත්විටක් සාදාගෙන නැහැමින් කට තුලට සමාගෙන හොඳින් තලුමරා හපමින් එය පදම් කරගෙන. මරදාන රෝහල ආසන්නයේ ඇති ලොකු මාරගස අභියස ලැගුම් ගත්තෙමි. කෙමෙන් කෙමෙන් අඳුර පහව ගොස් එලිය වැටුනි. මා හොරි සෑදුන රිලවෙකු මෙන් ඇඟ හැමතනම විටෙන්වට කසන්නට විමි. අඳුර පරයා ලා හිරු එලිය පතිත වෙත්ම , මෙහි විවිධ රාජකාරි කරන අයවළුන් ජීවිත සටන රැගෙන යාමට තරඟකාරි ලෙස එහා මෙහා රැකියාවන් සඳහා ලහිලහියේ පිටත්වන බව පෙනුනි.

සමහරුන් මාදෙස ඉතා පිලිකුලෙන් යුතුව බලබලා ගමන් කරයි. මා වයවෘද්ධ මිනිසෙකු මෙන් කොන්ද නමාගෙන. පරණ ටින්එක අතට ගෙන , පදික වෙිදිකාවෙ එහාමෙහා ගමන් කරන අයවළුන් හට අතපාමින් පසු වන්නෙමි.

“චික් විතරක් උදේ පාන්දරම කාලකණ්ණි “ කියමින් ඇතැමුන් මා හඩ උපහාසාත්මක ලෙස බැණවදිමින් ගමන් කරයි. සැබැවින්ම මගෙ රංගනය සාර්ථක වවන බව මාහට හැගෙයි. පුරා සතියකක් යනතුරුම මගේ විෂය කෙරෙහි මා අවධානය යොමු නොකෙරුවෙමි. පලමුව මා සිදුකරේ මේ හිඟන ජීවිතයට හුරුවීමය. මෙි සතිය තුල ඇතැම් දිනවල සිනකට එක් ආහාරවේලක් පමණයි ලබාගැනීමට හැකිවූයේ. එයට හේතුව වනුයේ ප්‍රමාණයවත් තරම් හිගමන් මදලක් දිනකට මා සතුව නොමැති නිසාවෙනි. අව්වට වේලී වේලී , වැස්සට තෙමී තෙමී දින ගණනින් ස්නානය නොකිරීම හේතුවෙන් මාගේ ශරීරයෙන් දුර්ගන්ධය හමයි. සැබවින්ම මා දැන්නම් සැබෑ හිගන්නෙක්ය.

පසුදින උදෑසන….

සුපුරුදු පරිදි ,
“ තේ එකක් බොන්ඩ…
“ තේ එකක් බොන්ඩ…
“ තේ එකක් බොන්ඩ… යනුවෙන් තෙපලමින් තම ටින්එක සොලවා යනඑන
අයවෙත අතපෑව්වෙමි. එක් අයෙකු නැවතී මාගේ ටින්එකට රුපියල් පනහක නෝට්ටුවක් දමන විට මා ඔහු දෙස තම කහට බැඳුණු දත් විලිස්සා සිනහවක් පෑවෙමි.

*සර් මම කසුන්… මට ඊයේ පත්වීම ලැබුනා. අද මම මෙි වැඩට යන ගමන්.
මම වැඩ පටන් ගත්තා එහෙනම්… යනුවෙන් රහසින් මාවෙත තෙපලීය.

මා ඔහුදෙස බලා “හරි එල” කියමින් ඉවත බලා ගත්තෙමි. නැවත හැරී බලනවිට ඔහු හා පසුකර රෝහල් පරිශ්‍රය තුලට ඇතුල්වී හමාරය.

මතු සම්බන්ධයි…….


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now