⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 14 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හ්ම්ම්… හොඳයි මහත්වරුනි අපි යමු බලන්න පාළු තැනකට මෙයාලගෙ සුවදුක් විමසන්න.

**යමු සර්.. කියමින් වෑන්රියේ වෙිගය වැඩිකරන්නට විය.

මෙතැන්සිට …..

*සර් ඇයි අර දෙන්නට යන්න දුන්නේ..?

හොඳ ප්‍රශ්නයක්. එකක් තමයි මෑන්ට කොකා ගැස්සුවා නම් දරුපවුලකට තාත්තා කෙනෙක් , ස්වාමිපුරුෂයෙක් අහිමි වෙනවා. ඒ පට්ට අපරාධයක් කසුන්. මම දන්නවා ඒක අපේ ප්‍රතිපත්ති වලට පටහැනියි කියලා. නමුත් හෘද සාක්ෂියට එකඟව මට ඒ දේ කරන්න බැහැ. මොකද මම අම්මා , තාත්තා නැතුව විඳවපු දුක දන්නෙ මම වගේ දරුවන් විතරයි.

**ඔව් සර් මම එකඟයි. ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් , හැමෝම දාර්ශනිකයන්.

*ඔව් අපිත් දාර්ශනිකයන් ප්‍රශ්නයට අපි අහුවෙලා නැති හන්දා

ඔව් ඒක ඇත්ත. අපිට හාල්මැස්සන් එක්ක ගේමක් නැහැ මෙි මිෂන් වල.
සමහර වෙලාවට උන්ට දැනෙන්න යමක් කරනකොට හාල්මැස්සන් දෙන්නෙක් තුන්දෙනෙක් වට්ටන්න වෙයි. එහෙම කියලා උන් මත්තෙම ගිහින් අරමුණ වෙනස් කරගෙන බැහැ. අනික , උන් තවදුරටත් නීතිවිරෝධී වැඩකරනවා නම් උන්ව අල්ලන එක අපේ ඩියුටිය නෙමෙි. ඒක පොලීසිය බලාගනියි. අපේ විෂයපථය ඊට පුළුල්. ඒ හන්දා ඒ යන ගමනේදී මෙි වගේ කුඩා බස්නැවතුම් වල නැවතිලා බැහැ. අපි ගමනාන්තය දක්වාම යන්න ඔීන

**ඒක ඇත්ත තමයි සර්..

සාමාන්‍ය මිනිහෙක් එක්ක අපිට කිසිම ගණුදෙනුවක් නැහැ අපේ ජොබ්එකට අදාලව. ඉතින් මහත්වරුනි අපි උපරිම උත්සාහ කරමු මෙි මිනිස්සු ඇණවුම් කරන අදිසි හස්තය හොයාගන්න. මට ඔය වනගත කඳවුරට ලොකු වුවමනාවක් තියනවා. නමුත් ඒක අපි සැළසුම් කරපු විදිහට කරන්න බැහැ. එතකොට උන්ට සැක හිතෙනවා. එහෙම වුනා කියන්නේ සේරම ගැස්සෙනවා.

*එතකොට අපි කොහොමද ඒකට රිංගන්නේ..?

හොඳ ප්‍රශ්නයක්. අපි කියන්නේ මම , ඒ ඇතුලට යන ගමන උන්ට නීත්‍යානුකූල විය යුතුයි. ඒකට යතුර විදිහට මම පාවිච්චි කරන්නේ මුන් දෙන්නව. ඇත්තටම අරදෙන්නව අල්ලගෙන ප්‍රශ්න කරාට , අපිට වැදගත් ම දෙන්නා දැනට මෙි දෙන්නා. උන් දෙන්නා ලොකු දෙයක් දන්නෙ නැති බව මම කලින්ම දැනගෙන හිටියා. නමුත් නිකංම නිදහස් කරලා බැහැ. උන් දන්න දේ අපි එලියට ගන්නම ඔීන. මොකද උන් දන්න දේ අපිට සුළුවෙන් හෝ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. දැන් බලන්න ඒක අපිට අද ප්‍රායෝගිකව අත්විඳින්න ලැබුනා. දැන් අපි යමු ඉක්මනට.

හෝරාවකට පසු පාළු නිවසකට යාමට අපට හැකිවිය. දෙදෙනාම කාමර අඩස්සියක බිම දමා සිහිය එනතුරු රැඳී සිටියෙමු. වතුර බෝතල් කීපයක්ද , ප්‍රශ්නකිරීමට ගන්න ගන්නා ලොකු ආයුධ කට්ටලයක්ද රැගෙන ආවෙමු.

**සර් තව වෙලා යයිද …?

මොකද හදිස්සිය නියෝජිත ජනිත්

**මට මුන්ගෙ හොම්බට දෙකක් අනින්න.

හහ් හහ් හා.. තමුසෙ මහ පාප මිත්‍රයෙක් නෙ බලාගෙන ගියාම.

**පාපද පාප්පද කියන්න මම දන්නෙ නැහැ. මුන්ට ගුටි පූජාවක් තියලම ප්‍රශ්න කරන්න පටන්ගන්න ඔීන.

ඒක ඇත්ත. එතකොට තමයි හැමදේම ගන්න පුළුවන් එලියට. කසුන්…

*සර්

බලන්න පොඩ්ඩක් මුන්ව අවදි කරන්න පුළුවන් ද කියලා. මොකද දෙන්නට දුන්නෙ එක ප්‍රමාණය දෙකට බෙදලනෙ. ඒ හන්දා සුළු මාත්‍රාවක් තමයි ශරීරගතකරලා තියෙන්නෙ.

*ඉන්න බලන්න..
කියමින් දෙදෙනාම ප්‍රතිවාදීන්ගෙ කම්මුල් වලට තට්ටු කරන ලදි. තරමක් පියවි සිහියට එන බැව් පෙනී
වතුර බෝතලයෙන් වතුර ස්වල්පයක් මුහුණු වලට ඉසින ලදි.

**නැගිටපල්ලා… අපි කවුද කියනඑක උඹල..ට වැඩ..ක් නැහැ කියමින් නියෝජිත J50 විසින් දෙදෙනාගෙම මුහුණු වල⁣ට මාරුවෙන් මාරුවට පහරදෙන්නට විය.

සුපුන් විනාඩියකට නවත්වන්න… අපිට කියපං උඹලා මෙි අසරණ මිනිස්සු කාටද විකුණන්නෙ කියලා. කවුද උඹලගෙ ප්‍රධාන ගැනවුම්කරු.

පලමුවැනියා - කැපුවත් කියන්නේ නැහැ.

හරි… එහෙනම් අපි කපලා බලමු කියනවද නැද්ද කියලා බලන්න.
කසුන් ඔය පෙට්ටියෙන් කතුරක් අරගෙන
ඔය ඔය මෑන්ගෙ ඇඟිල්ලක් කපලා දාන්න. කියූ පරිදිම කතුරක් ගෙන දකුණු අතේ එක ඇඟිල්ලක් කපා බිම දැමුවෙය.
ඔහු වෙිදනාවෙන් කෑගසනවිට මා නැවත මගෙ හඬ අවදි ⁣කරා.

හරි ඔන්න එක ඇඟිල්ලක් කැපුවා. ඊලඟට ඔය නලින් කොලුවගෙ කනක් අපි කපනවා. අපිට අවශ්‍ය නිවැරදි පිලිතුරු ලැබෙනකම් අපි ඇ⁣ඟේ එක එක බාහිර අවයව ගලවනවා. ඊට පස්සේ තමයි අභ්‍යන්තර අවයව ගලවන්න පටන් ගන්නෙ. සුපුන් …

**තේනුවර ….

ගලවන්න ඔය නලින් ගෙ එක කණක්..

**දකුණ ද , වමද…?

එහෙම තීරණයක් ගන්න බැරිනම්. කාසියක් උඩදාලා බලන්න..

**හරි… වම් කන නෝනා , දකුණු කන පොල්ල… ඔන්න උඩ දැම්මා. පොල්ල තමයි වැටුනෙ. ඒ කියන්නේ දකුණු කන කපලා දාමු.

ඔව් එහෙම හොඳයි …

නලින් - ඉන්න සර් අපි කියන්නම්. දන්න සේරම කියන්නම්.

පලමුවැනියා - බූරුවා.. කටවහපං..

උඹ කටවහපං පරයා කියමින් මා පිස්තෝලයේ උණ්ඩයක් ඔහුගෙ හිසට ඉලක්කකර මදාහැරියෙමි. නළල පසාරු කරගෙන ගිය උණ්ඩය පිටුපස කුඩා මොළය සිදුරු කරගෙන බිත්තිය සිපගන්නට විය. හරි නලින්. මම එයාව
නිහඬ කරා. දැන් හරි. තමුසෙ දෙන උත්තර අනුව තමයි තවදුරටත් ජීවත් වෙනවද , නැද්ද කියලා තීරණය වෙන්නෙ.

**ඔව් මචං නලින්..
උත්තර දීපං අපිට කෙලින්..
නැති වුනොත් බලෙන්...
උත්තර ටික ගන්න වෙනවා උඹෙි මුවින් …

*ෂාහ්හ්හ්හ් නියම කවියක් නෙ. සුපුන් මහත්තයා කිව්වෙ..

නලින් - මොනවද මගෙන් දැනගන්න ඕන ඔහෙලට…

හැමදේම … තමුන් දන්න හැමදේම දැනගන්න ඕන එච්චරයි. ඊට පස්සේ තමුන් ජීවත් වෙනවද නැද්ද කියලා අපි තීරණය කරනවා. මොකද පරපණ නසන්න උඹලා ගණුදෙනු කරනවා නම්, එක උණ්ඩයකින් උඹගෙ කතාව ඉවර කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ නෙ. ඒක සාධාරණයි මට හිතෙන විදිහට . මොකද උඹලා හොඳ මිනිස්සු නෙමෙි නෙ. මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිත බිලිදෙන්න ඇද්ද ඔය සුවඳ හමන කඩදාසි වලට. හරි… මම ම මුලපුරන්නම් කතාවට කවුද මෙි බී . ඒ කියන්නේ…? මොකක්ද තමුන්ලට මෑන් එක්ක තියෙන ගණුදෙනුව…?


නලින් - බී.ඒ කියන්නේ අපේ ප්‍රධාන ගැණුම්කරුවා. එයාට තමයි අපි අසරණ මිනිස්සු සපයන්නේ.

එතකොට බී.ඒ කියන්නේ මොකක්ද ..?
නම මොකක්ද …?

නලින් - බ්‍රැස්ට්යන් අල්මෙිදා.

හ්ම්ම්… එතකොට මෑන් කොහෙද ඉන්නෙ…?

නලින් - ඒකනම් දන්නෙ නැහැ සර්..

හොඳයි … තමුසෙලා එතකොට යාලෙ කැලේ තියෙන කෑම්ප් එකට ගිහින් තියනවද…?


නලින් - මො මො මොකක්… සර් කොහොමද ඒක දන්නෙ…?

අපි විතරයි ප්‍රශ්න අහන්නෙ. තමුසෙ උත්තර දෙනවා හරියට එච්චරයි.

**ඔව්.. නැත්නම් තමුසෙත් කෙලින්ම පරලොව තමයි ඉතින් සැපත් කරන්න වෙන්නෙ.

ඔව් සුපුන් මහත්තයා. හරි මට කියනවා
යාලට ගිහින් තියනවද…?

නලින් - එකම එක දවසක් යන්න ලැබුනා.

මොනවද එතන තියෙන්නෙ …?

නලින් - ඒක මට හරියටම කියන්න අමාරුයි සර්. මොකද එදා වාහනය කැඩිලා කියලා කෙලින්ම එහාටම එන්න කියලා තමයි කෝල් එක ආවෙ.

බ්‍රැස්ට්යන් අල්මෙිදා ගෙන්..

නලින් - ඔව් සර්…

හ්ම්ම්… ඉතින් …?

නලින් - ඉතින් අපිට ඇතුලට යන්න ලැබුනෙ නැහැ හතර දෙනෙක් ඇවිත් ට්‍රොලියක දාගෙන අරගෙන ගියා. අපිට යන්න කිව්වා.

ඒ හතරදෙනා යන්න කිව්වෙ සිංහලෙන්ද , නැත්නම් ගොළු භාෂාවෙන් ද…?

නලින් - ගොළු භාෂාවෙන් සර්..

හ්ම්ම්… නියමයි. එතකොට උන්ගෙ පෙනුම මොන වගේද …?

නලින් - සුදුයි , මිටියි. ඊට වඩා දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. මුහුණ වැහෙන්න මාස්ක් දාගෙන හිටියෙ.

හ්ම්ම්… හරි. එතකොට උන් ඒ සිහිනැති කරපු හිහිඟන්නව අරගෙන ගියේ පොලව යටට මම හරිද…?

නලින් - ඔව් සර් ( ඇස් ලොකු කරගෙන )

පුදුමයි නේද…? පුදුම වෙන්න දෙයක් නැහැ. එතකොට තමුසෙලා ඔය අරගෙන යන අයව භාරදෙන්නෙ කාටද….? මොනවගේ වාහනයකද…?

නලින් - සුදුපාට කැබ් එකකට. ආහ් තව එකක් එනවා. ඒක බවුසර් එකක්.

හ්ම්ම්… බවුසර් එක ``චයිනා මිල්ක් ´´
කියලා ගහලා තියෙන රෝසපාට එක නේද.. ?

නලින් - ඔව් සර්..

එතකොට ඔය කියන අනිත් කැබ්එක මොන වගේද…?

නලින් - සර් ඒකෙ ලොකු අකුරෙන් දෙපැත්තෙම ගහලා තියනවා `` Uniself ´´
කියලා.

*බඩුම තමයි නේද තේනුවර මහත්තයා.

ඔව් ඒ බඩුව තමයි මිස්ටර් කසුන්.

හරි… එතකොට මෙි ටීම්එකේ ලීඩර් කවුද..? තමුන්ද නැත්නම් මෙිකද…?

නලින් - මෙයා තමයි ලීඩර්…

**එතකොට අනිත් එවුන් දෙන්නා…?

නලින් - උන් දෙන්නා නිකං එදාවෙිලට සපෝර්ට් කරන එවුන් විතරයි.

හොඳයි …. තව මොනවද කෑම්ප් එකෙ මතුපිටට දැක්ක දේවල්.


නලින් - හමුදාවක් හිටියා. පොඩි පොඩි ගොඩනැගිලි පහක් තිබ්බා එච්චරයි.

හොඳට මතක් කරනවා….

නලින් - ලොකු සූර්ය පැනල් දහයක් විතර තියනවා. තව සුදුපාට චෛත්‍යයක් වගේ දෙයක් තියනවා.

මොකක් … ? චෛත්‍යයක් …?

නලින් - චෛත්‍යයක් වගේ දෙයක්. අනේ මන්දා ..

**හරියට කියනවා… හරියට කියනවා.

නලින් - ඔව් සර්.. මම ඇත්තමයි කියන්නේ. චෛත්‍යයක් වගේ එකක්. නමුත් අර උඩ තියෙන උල ඒකෙ නෑ. මම හිතන්නේ ඒක හදන ගමන් ද මන්දා තවම..

*මොකක්ද තේනුවර මහත්තයා මූ කියන අටමගලෙ..

මිස්ටර් කසුන් ඔය උල කියලා කියන්නේ කොතට වෙන්න ඕන.

නලින් - ඔව් සර් ඒක තමයි සිලින්ඩාකාර උල.

මොන පාටද…?

නලින් - කොළපාට සර්.

**කොළපාට කොහෙද බූරුවෝ චෛත්‍ය තියෙන්නෙ ..? තේනුවර මහත්තයා මූ ගංජා ගහල ඉන්නෙ නැත්නම් අපි ගුලි කාලද ඉන්නෙ …?

නෑ මිස්ටර් සුපුන්. පොඩ්ඩක් ඉන්න. අපි ඒ ගැන හොයලා බලමු. හරි.. ඉතින් තව මොනවද…? එතකොට ඔය බ්‍රැස්ට්යන් අල්මෙිදා තමුසෙ දැකලා තියනවද…?

නලින් - නෑ සර්. මම දෙවියන් වහන්සේ නාමයෙන් දිව්රනවා.

දෙවියන් වහන්සේගෙ නාමයෙන්..?
ඒ කියන්නේ තමුසෙ කතෝලික ද..?

නලින් - ඔව් සර්…

**ඈහ් බොල ඔරිජිනල් හිපාටු ඌරෝ ජීසස් කියලා තියනවද මිනිස්සු විකුණගෙන කන්න කියලා. දෙනවා තොගෙ දත්ටික සමාජගතවෙලා යන්න.

පොඩ්ඩක් ඉන්න මිස්ටර් සුපුන්.. දැන් තමුසෙ ගන්නවා බ්‍රැස්ට්යන් කාරයට කෝල් එකක් අරගෙන කියනවා මෙි හාදයට කවුද වෙඩි තිතිබ්බා කියලා.
තමුසෙ පැනගත්තා කියලත් කියනවා. ඒ වගේ ටික කාලයකට තමුසේ අතුරුදහන් වෙනවා කියලත් කියනවා. හැබැයි පැකිලෙන්න බැහැ හරිද…? මිස්ටර් කසුන්.

*ඔව් … මිස්ටර් තේනුවර

මේ යකාගෙ ෆෝන්එක අරගෙන අර මෑන්ට කෝල් එකක් අරගෙන කනේ තියනවා.

*හරි ඉන්න … කියමින් මගේ උපදෙස් වහාම ක්‍රියාත්මක කෙරිනි. කිසිම සැකයක් ඇති නොවන පරිදි නලින් කතා කරන්නට විය.

මොකක් වෙඩි තිබ්බා. ..? (දුරකථනයෙන් ) මෑන් ඉවරයිද…?

නලින් - ඔව් සර්.. මම ටික දවසකට හැංගෙනවා.

දුරකථනයෙන් - හරි .. තමුසෙ හිතන්නේ කවුරු කරා කියලද මෙි වැඩෙි…?

නලින් - සර්.. මම අඳුරන්නෙ නැහැ. උන් දෙන්නා මුහුණු වහගෙන ආවෙ. මමත් බොහොම අමාරුවෙන් පැනගත්තේ.

දුරකථනයෙන් - හරි මම තිබ්බා. කියමින් ඇමතුම විසන්ධි විය.

නියමයි තමුසෙ හරියට වැඩෙි කරා.
තමුසෙ දන්නවද ඇයි එහෙම කරන්න කියලා මම කිව්වෙ කියලා.

නලින් - නෑ සර්… උන් කුලී හමුදාවක් තියාලෙන ඉන්න එවුන්. ඒ හන්දා පාතාලෙටත් වඩා උන් දරුණුයි. මූ මැරුණා කියන්නේ. අපි කෙසේ වෙතත් උන් උඹට ගුන්ඩුව දෙනවා. ඒ හන්දා උන්ට කල්පනා කරන්න අළුත් ප්‍රශ්නයක්
නිර්මාණය කරලා, ඒ අතරතුර තමුසෙගෙ පණකෙන්ද රැකගන්න ඕන හහන්දා තමයි මම එහෙම කරන්න කිව්වෙ.

නලින් - අනේ සර් ඒක ඇත්ත. බොහොම ස්තුතියි.

තමුසෙ අපිට ස්තුති කරන්න එපා. අබි තමුසෙ එක්ක ගණුදෙනුවක් මෙි කරන්නේ. ඉදිරි කාලයෙදී තමුසේ අපිට උදව් කරන්න ඕන. හරිද..? එතකොට දෙවියන් වහන්සේ තමුසෙට සමාව දෙයි.

නලින් - මම සර්ලා කියන ඕනම දෙයක් කරන්නම්.

බොහොම හොඳයි . තමුසෙ දැන් ඔය සිම්එක කඩලා විසික්කරලා දානවා. ඒ වගේම ටික දවසකට අතුරුදහන් වෙනවා. මෙන්න මෙි සිම්එක ඕකට දාගන්නවා. මම කතා කරන හැමවෙලේම තමුසෙගෙ ෆෝන්එක වැඩ කරන්න ඕන හරිද… ? මතක තියාගන්නවා ඩබල් ගේම් , අපිව පාවාදෙන වැඩ එහෙම කරන්න හදන්න එපා. එහෙම වුනොත් තමුසෙගෙ ඔළුවත් මෙි වගේ හිල්වෙලා කොහෙහරි කානුවක පතබෑවිලා ඉඳියි කොහෙහරි. හරිද…?

නලින් - හරි සර්….

හ්ම්ම්… මිස්ටර් සුපුන්. මෙයාව නිදහස් කරලා දාන්න.

**හරි.. ඉන්න … කියමින් මාංචු ගැලවීය.

හරි.. මෙි යකාව පැක්කරලා වාහනේට දානවා. අපි යනගමන් තමුන්ව පාරට දාගෙන යනවා. එතනින් බස්එකක නැගලා යන්න පුළුවන්.

නලින් - හරි සර්…


මතු සම්බන්ධයි……





Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now