⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora (පැන්ඩෝරා මෙහෙයුම) 41 වන දිගහැරුම ⸎
> අවසාන මෙහෙයුම - පැන්ඩෝරා වෛරසය <
~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නියෝජිත ජේ 50.

**සර්…

නියෝජිත j100 ට අවශ්‍ය කරන දේවල් සේරම දෙන්න ආයුධාගාරයට ගිහින්.

**හරි සර්..

මෙතැන්සිට ……

අඩහෝරාවකට පසු දුරකථන ඇමතුමක් ආවෙ LH ( Leader head - ඒකකයේ ප්‍රධාන නිලධාරි ) ගෙනි

LH - විශේෂ නියෝජිත ST ( Spy tiger )

සර්..

LH - සේරම සූදානම් ද… ?

ඔව් සර්…

LH - නියමයි. මම ප්‍රාර්ථනා කරන්නෙ එකම දෙයයි. ඔය ගියා වගේම කිසිම කෙනෙකුට හානියක් නොවී යන වැඩෙත් ගොඩදාගෙන එන්න ලැබෙන්න කියලා. මම දන්නවා වැඩෙි ඊසි නැහැ කියලා කොහොමත්ම. නමුත් පුළුවන් තරම් පරිස්සමෙන් වැඩටික කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නෙ. ඒ වගේම මම උකුස්සාගෙන් එයාර් සපෝර්ට් එකක් ඉල්ලුවා. රත්මලා⁣නෙන් එකක් දෙන්නම් කිව්වා. මට ගිය ගමන් එතන ග්‍රිඩ් එක දෙන්න. අපි තුන්දෙනාම මිෂන්එක ඉවරවෙනකම් සීට් වලින් නැගිටින්නෙ නැහැ.

හරි සර්…

LH - වෙනත් යමක් මගෙන් වෙන්න තියනවද…. ?

නැහැ සර්.

LH - මෙහෙමයි මාධව. තමුසෙ මෙි රටට කරලා තියෙන්නෙ නිහඬ සේවයක්. ඒක කියලා නිමකරන්න බැහැ වගේම ඒක මිළ කරන්නත් බැහැ. අනිත් අය වගේ තමුසෙත් මට පණපිටින් දකින්න ඕන. එතකම් මම නිදාගන්නෙ නැහැ. එහෙනම් ජයවේවා මම තිබ්බා.

ජයවේවා සර්…

අඩහෝරාවකට පසු වෑන්රථ දෙකම ටෙක්ස්ටයිල්ස් ගොඩනැගිල්ලෙන් පිටත්වූයේ යාල බලාය. අප වෑන්රිය මුලසුන ගත් අතර අප පසුපස අපව අනුගමනය කරමින් දෙවන වෑන්රිය එන්නට විය. රියදුරු ලෙස සුපුරුදු පරිදි නියෝජිත ජේ 50ද , අනෙක් පස කසුන් ද සිටි අතර, මා සමග දිව්‍යා අසුන්ගෙන සිටියා. මද වෙලාවකට පසු. මා ටික කලකට ඉහතදී ප්‍රොන්ටෝගෙන් ලබාගන්නලද රතු පැහැති පෙන්ඩ්‍රයිවරය කබා සාක්වෙන් එලියට ගෙන එය දෙස හොඳින් බැලුවෙමි.

දිව්‍යා - සර් ඔය මොකක්ද පෙන්ඩ්‍රයිවර් එකක් නේද …?

ඔව් මැඩම්. මෙික තමයි මගෙ සැළසුම.
මම දැන් කියන්නම් ඇතුලට ගිහින් කරන්න තියෙන වැඩෙි. අපි යන්න ඕන
රොකට් ලෝන්චරය මෙහෙයවන ප්‍රධාන පරිඝණක පද්ධතිය ලඟට ගිහින් මෙි පෙන්ඩ්‍රයිවරය ඒ පරිඝණකයේ යූඑස්බී එකට ගහන්න ඕන. ඇත්තටම කියනවා නම් මෙිකෙ තියෙන්නෙ දරුණු පරිඝනක වෛරස් එකක්. මෙි වෛරස් එක කොච්චර බලවත් ද කියනවා නම් ,ඕනෑම පරිඝණක පද්ධතියක් විනාඩි දෙකක් ඇතුලත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්න පුළුවන්. එතකොට රොකට් ලෝන්චරය
ක්‍රියා විරහිත වෙනවා. ඊට පස්සේ අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්.

දිව්‍යා - ඒක හොඳයි සර්. එතකොට අපිට පුළුවන් එතන අපේ පාලනයට ගන්න.
හැබැයි ඒක සුපර් පරිඝණකයක් වුනොත්
නැවත සිස්ටම් එක ටික වෙලාකින් ප්‍රකෘති වෙනවා.

ඔව් ඒක ඇත්ත. අපි බලමු ගිහින් මොනවා වුනත් ඔය රොකට් එක මුදාහැරෙන්නට දෙන්න නම් බැහැ. ඇය මාදෙස බලා හිස නවා අනතුරුව මාවතේ එහාපස බලාගත්තේ වෙනත් කිසිදු වචනයක් මා සමග කතා නොකරමින්ය.


හෝරාවකට පසු

නියෝජිත ජේ50.

**සර්… ඔය තිස්අටෙි කණුව නේද ඉදිරියේදී අපට හමුවන්නේ … ?

**ඔව් සර්…

එතන මට පොඩ්ඩක් නවත්වන්න.

**හරි සර්…

සුළු යෙිලාවකට පසු වෙිගයෙන් ධාවනය වූ වෑන්රිය එකවර නතර කරනවාත් සමග මා මාර්ගයෙන් එහාපස එබී බලනවිට තිස්අටෙි කණුව දක්නට ලැබුණි. ක්ෂනිකවම බැසගත් මා එම කණුව අසල තිබුන පොඩි පොල්අතු කඩෙිට ගොඩවී වටපිට බැලුවෙමි. කෙසෙල් කැන් දෙකක් පමණක් තිබුන පොඩි කඩෙි යම් අයෙකු මා අසලට වී `` බොසා කෙසෙල් ඔිනද ´´ කියමින් අසනවිට මා කබා සාක්කුවට අතදමා පිස්තෝලය අතට ගන්නාවිට හේ ඔහුගෙ ඉණේ පිටුපසට අත යවනවාත් සමග මා වෙඩි දෙකක් ඔහුගේ හිසට බැබුවෙමි. `` දඩාස් ´´ හඬ නංවමින් තරදියත් කඩාගෙන ඔහුගෙ නිසල දේහය බිමට වැටුණි. මුනින් අතට වැටුණ ඔහුගෙ දේහයේ ඉනේ පිස්තෝලයක් විය. කලිසහ් සාක්කු වලට අතදමා බලනවිට වම්පස සාක්කුවේ පසුම්බියක්ද, දකුණුපස සාක්කුවේ කුඩා ජංගම දුරකථනයක්ද විය.
එය අකට ගෙන ආපසු හැරුණ මා වෙිගයෙන් දුවගෙන ඇවිත් වෑන්රියට ගොඩවනවිට යමු යමු නියෝජිත ජේ50 කියමින් සෙමින් මිමිනුවෙමි.

වෑන්රිය වෙිගයෙන් ඉදිරියට යනවිට දිව්‍යා මාදෙස පුදුමයට පත්ව බලා සිටියාය.

මොකද මැඩම් පුදුමයෙන් වගේ.

දිව්‍යා - සර් ඒ මොකක්ද කලේ.

මොකුත් විශේෂ දෙයක් කලේ නැහැ. ඔයා දකින්න ඇතිනෙ. ඔලුවට ⁣ෂූට් කරා. වෙන මොනවද ඉතින්… ?

දිව්‍යා - ඒක මම දැක්කා සර්. ඒත් ඇයි එහෙම… ?

දිව්‍යා මැඩම්. ඔයාට මෙි ක්ෂේත්‍රයේ තව ඉගෙනගන්න බොහොම කරුණු තියෙන පාටයි මට පේන්නෙ. පළවෙනි කාරණය ඉන්නෙ සැතපුම් කණුවක් ළඟ. ඒ කියන්නේ තමන්ගෙ ස්ථාගතවීම තමන් සේවා පසයන ස්ථානයට හරියටම දැනගන්නට. කරුණු අංක දෙක ජනාකීර්ණ නොවන ඔය වගේ තැනක කුඩාවට හෝ කඩයක් දාගැනීම. අංක තුන ඒ කඩෙි සන්තකයේ ම තියෙන්නෙ කෙසෙල් කැන් දෙකයි. මෙි සේරම දිහා බලපුවාම ඒ ඉන්නෙ උන්ගෙ ඔත්තු කරුවෙක් කියලා අපිවගේ කෙනෙකුට නිශ්චය කරන්න පුළුවන්. ඒක මම කරේ අද ඊයෙ නම් නෙමෙි මැඩම්. මුල ඉඳලම මෙි අය කරේ ඔත්තු සපයන එක. දන්නවද මෑන්ගෙ ටීෂර්ට් එකට යටින් ඉණේ මොකක්ද තිබුනෙ කියලා. (ඇය ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් ගොළුවී මාදෙස බලා සිටියා හැරෙන්නට කිසිවක් ⁣පැවසුවෙි නැත) පිස්තෝලයක් තිබ්බෙ. කෙසෙල් විකුණන මිනිහෙකුට පිස්තෝලයක් මොකටද මැඩම්. අපි තුන්දෙනා මෙි සේරම දැනලෙන හිටියෙ කල්තියාම. ඉතින් මෙි කතාව ඉවරවෙනකොට මෙි චරිතත් හකුලුවන්න වෙනවා. නැත්නම් මෙික අසම්පූර්ණ මිෂන් එකක් වෙනවා. තව දෙතුන් දෙනෙක් ඉන්නවා මග යනගමන් බිමදාන්න. එහෙම නේද කසුන් .. ?

*ඔව් සර්.. උන්ටික බිම දැම්මෙ නැත්නම් අපිට ඔතනට කිට්ටු කරන්න ලැබෙන්නේ නැහැ.

මැඩම්ට විශ්වාස නැත්නම් මෙි තියෙන්නෙ මෑන්ගෙ ෆෝන් එක. අපි යාලට යන්න මොහොතක් තියා හරි මෙිකට කෝල් එකක් එන්නම ඕන. අපි බලා ඉමුකො බලන්න.

දිව්‍යා - සර් මම හිතුවට වඩා දරුණු කණ්ඩායමක් නෙ.

හහ් හහ් හා…… එහෙමද හිතන්නෙ.
මා සිනාසෙන විට මගෙ සහයකයින් දෙදෙනාද එයට මැදිහත් වන්නට අමතක කලේ නැත. මැඩම් ඔයාලගෙ දෙපාර්තමේන්තුව වගේ බඩුත් එක්ක හොරු , නැත්නම් හොරුත් එක්ක බඩු හොයලා පොලීසියට බාරදෙන එක කරන්නෙ නැහැ. ඒක අපේ සම්ප්‍රදායට පටහැනියි. දරුණු අපරාධකාරයින් අපි උසාවි ගානේ රස්තියාදු කර කර , බන්ධනාගාර වල රජයේ හාල් පොල් කකා ඉන්න දෙන්නෙ නැහැ. මොකස අපි හොයාගන්න අපරාධ කාරයෝ අපරාධ කරපු එවුන් නෙමෙ. සාපරාධී ක්‍රියා කරපු එවුන්. උන්ට පරලොවට ටිකට්එක දෙනවා මිසක මෙලොව ඉන්න තියන්නෙ නැහැ. මොකද උන් සේරම ලංකාවෙ අග්‍ර ගණයේ
දේශපාලනය කරන උන්ගෙ අතකොළු මිසක, පොඩි පොඩි ගේම් දිදි එදාවෙල ෂේප් කරගන්න එවුන් නෙමෙි. උන් නීතියේ රැහැනට ගෙනාවට වැඩක් නැහැ. පහුවෙනිදම ඌ නිදහස් වෙනවා. නැවත සුපුරුදු සාපරාධී ක්‍රියා ම කර කර රටට සමාජයට පිලල වෙවි ඉන්නවා. ඉතින් මුන්ව නීතියේ රැහැනට ගේන එකා ගොනා නෙමෙිද පුතා. (එවර දිව්‍යා හයියෙන් සිනාසෙන්නට විය)

දිව්‍යා - එතකොට අපි ගොන්නුද …? සර්

නෑ නෑ ඔයාලගෙ ප්‍රතිපත්ති රෙගුලාසි අනුව ඔයාලා වැඩ කරන්නෙ. අපි එතනින් එහාට ගිය අයනෙ.

*කොටින්ම කියනවා නම් අපි යමපල්ලො මැඩම්.

ඔව් .. හැබැයි වරද පිලිගන්න කැමති එකාට මගෙන් පොඩි චාන්ස් එකක් තියනවා. එහෙම පිලිනොගන්න එකා පරලොව තමයි. ඌ දන්නෙත් නැහැ. ඌ පරලොව ඉන්නෙ කියලා.

**කතාවෙන් කතාවට අපි උණවටුනට ආවා සර්.

හ්ම්ම්ම් එහෙනම් අපි සේරම සප්පායම් වෙලා යමු.

අඳුර කෙමෙන් කෙමෙන් රජයද්දී අප පිරිස යාල වනයේ අතුරු පාරට පිවිස වෑන්රිය යුගලය හෙමින් සීරුවෙ ධාවනය වන්නට විය. වෙනදාා තිබෙන ගව ගාල පසුකර ගියද එහි කිසිවෙක් දක්නට ලැබුනේද නැත.

*සර් මෙතන ඔත්තුකරුවා නැහැ වගේ.

ඔව් කසුන්. සමහරවිට යන්න ඇති. මෙන්න අරූගෙ ෆෝන් එකට කෝල් එකක් එනවා. හෙලෝ මැරුම් කෑ ප්‍රතිවාදියාගෙ හඬින්ම ඇමතුමට ප්‍රතිචාර දැක්වූයෙමි.

දුරකථනයෙන් - මොකද තත්ත්වය…?

අවුලක් නැහැ බොසා.

දුරකථනයෙන් - අද තමයි දවස. මට ඉහලින් කිව්වා උපරිම සෝදිසියෙන් ඉන්න කියලා. උඹටත් කියන්නේ තියෙන්නෙ ඒකම තමයි.

හරි හරි බොසා මම දෙන්නම් තිතටම.

දුරකථනයෙන් - හරි.. ( ඇමතුම විසන්ධි විය )

දිව්‍යා - සර්ට හඬ අනුකරණය කරන්නත් පුළුවන් ද.. ?

ඔව්.. ටිකක් විතර පුළුවන්.

**හොඳ ටික… ( සිනාසෙමින් )

හරි… අපි දැන් කොච්චර දුර ඇවිත්ද මෙි පාරෙ.. ?

** සර් තව කිලෝමීටර් හතක් වාගේ තියෙන්නෙ.

හොඳයි නවත්වන්න එහෙනම්. කසුන්.

**සර්..

පස්සේ අයටත් කියන්න කළුකිට් (කළුපාට නිළඇඳුම සමග වෙඩි නොවදින ජැකට්ටුව ) ඇඳගෙන නයිට් විෂන් දාගන්න කියලා. මැඩම් ඇතුළෙ ඉඳගෙන මාරුකරගන්න. මහත්වරුනි ( පිටුපසට හැරි ) සේරම බැහැලා කළුකිට් ඇඳගන්න. කියමින් සියල්ලෝම බැසගත්හ. ඉතාමත් ඉක්මනින් කළුපැහැති නිළඇඳුම ඇඳගත් මා පසුපස වෑන්රිය වෙත ගියෙමි.

නියෝජිත j100..

නියෝජිත j100 - සර්…

අපි මෙතන ඉඳලා යන්න ඕන කලුවරේ. ඒ හන්දා වාහනයේ කිසිම ලයිට් එකක් ඔන් වෙන්න නරකයි.

නියෝජිත j100 - හරි සර්…

ආපසු එනවිට සියල්ලෝම තම ඇඳුම් මාරුකරගෙන සිටියහ. දිව්‍යා මැඩම් රෙඩිද..?

දිව්‍යා - ඔව් සර්..

හරි.. සේරම නගින්න මහත්වරුනි. ඒ වගේම නයිට් විෂන් දාගන්න. මෙතන ඉඳලා අපි යන්න ඕන කළුවරේ. නියෝජිත ජේ 50

**සර්..

වාහනයේ කිසිම ලයිට් එකක් ඔන් කරන්න එපා. මෙි ටික හෙමිහිට කළුවරේම යමු.

**හරි සර්…

රාත්‍රි 21 පැය වනවිට යාල කඳවුරට සැළකිවයුතු දුරක වාහන දෙක නවත්වා. නියෝජිත j100 නායකත්වය දරණ
බ්‍රාවො කණ්ඩායම සන්නද්ධව සිටි බැවින් ඔවුන් වෑන්රිය යුගලය ළඟ ආරක්ෂාවට යොදවා අප කීප දෙනෙකු ගොස් අවිආයුධ සඟවා තිබූ ස්ථානයට ගියෙමු.

ඇල්ෆා ෆෝර් ඇල්ෆා වන් ඇන්ඩ් ඇල්ෆා ටූ. හොඳට භුමිය නිරීක්ෂණය කරන්න මෙතන ඇම්බුෂ් කරලද කියලා.

**ඇල්ෆා ටූ ෆෝ ඇල්ෆා මට විනාඩියක් දෙන්න සම ස්කෑන් කරන ගමන්.

රොජර්…

මිනිත්තු කීපයකට පසු..

**ඇල්ෆා ටූ ෆෝ ඇල්ෆා ක්ලියර්.. අපිට බඩුටික ගන්න පුළුවන්

රොජර්.. මහත්වරුනි මෙතනින් බඩුටික අරගෙන පසුබහිමු. නැවත වෑන්රිය අසලට එනවිට විනාඩි තිහක් පමණ ගතවගොස් තිබුණි. ආයුධ සන්නද්ධව සිටි බ්‍රාවෝ කණ්ඩායම වටපිටාව පිළිබඳව ඉතා අවධානයෙන් සිටියි. අවිආයුධ පෙට්ටි හතර බිම දමා අවිආයුධ. සමඟ පතුරෙමිද
, අත්බෝම්බ ද නියෝජිතයන් අතර බෙදා ගත්තෙමු. නියෝජිත ජේ 20 හඬ M18 වර්ගයේ ස්නයිපරය හා ඊට අයත් පතුරොම්ද , ආත්ම ආරක්ෂාවට සයිලන්සරය සහිත පිස්තෝලයද, ඊට අයත් පතුරොම් හා අත්බෝම්බ තුනක්ද දුන්නෙමු.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ…

නියෝජිත j100 - බ්‍රාවෝ ෆෝ ඇල්ෆා ඕකේ ඕවර්..

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ වාහනය පාරෙන් ඔබ්බට කරලා නවත්වන්න.

නියෝජිත j100 - බ්‍රාවෝ ෆෝ ඇල්ෆා ඕකේ.
මම කරන්නම්.

නියෝජිත ජේ 50…

**අපේ වාහනයත් පාරෙන් පන්නලා නවත්වන්න. පාරෙ දිග කවුරු ⁣ආවත් එකපාරටම නෙපෙනෙන විදිහට ස්ථානගත කරන්න.

**හරි සර්..

වෑන්රථ දෙකම කළුපැහැය හේතුවෙන් අඳුරේ දී හා මද මද එලියේදී පවා කිසිවෙකුට එකවර පෙනෙන්නට තිබෙන ප්‍රවණතාවය අඩුයි.

ඇල්ෆා ෆෝ ඕල් ගෝල්ෆ් ( ගෝස්ට් වෙනුවට යොදන කෙටි රහස් පදය ) සේරම ලෑස්තියිද…? මෙතනින් එහාට අපි එකිනෙකා අතර මීටර් පහක පමණ පරතරය තියාගෙන සිග්සැග් ( මාරුවෙන් මාරුවට ) පෙලක් ආකාරයෙන් ගමන් ගන්න ඕන. ස්කවුටි විදිහට මම පළමුවෙන් යනවා. ඊට පස්සේ කෝල්සයින් පිළිවෙළට මගෙ පස්සෙන් දුර තියාගෙන එන්න. මාව පැහැදිලි ද… ?

(සියල්ලෝම පිළිවෙලින් ප්‍රතිචාර දක්වන ලදි)

ඩිටෙක්ටිව් දිව්‍යා.

දිව්‍යා - සර්..

මගෙ පස්සෙන් එන්න.

දිව්‍යා - හරි සර්.

මම නැවත කියනවා. තමන්ගෙ ආරක්ෂාව අංක එක. එහෙනම් ජයවේවා හැමෝටම. යමු එහෙනම්. ගමන ආරම්භ විය. ඈත ගස් අතරින් පතර පෙනෙන කඳවුරු විදුලි ආලෝකයන් අනුගමනය කරමින් මා ඉදිරියෙන් ගමන් ගත්තෙමි. සෙසු අයවළුන් සිග්සැක් ක්‍රමයට පරතරය තබා ගනිමින් මා පසුපස එන්නට විය. කඳවුරට මීටර් පන්සීයයක් පමණ දුර තබා එක දණහිසක් පොළවට දණ නමා මා කණ්ඩායම් දෙකට නවතින ලෙස හස්ත සංඥා කෙරුවෙමි. සියල්ලෝම නවතින්නට විය.

ඇල්ෆා ෆෝ බ්‍රවෝ.. කණ්ඩායම සමග ස්ථාගතවෙන්න.. මෙතන ඉඳලා විරුද්ධ පාර්ශවයේ සන්නද්ධ අයට පමණක් පහර දෙන්න. මා නැවත කියනවා විරුද්ධ පාර්ශවයේ සන්නද්ධ අයට පමණක් පහර දෙන්න.

නියෝජිත j100 - බ්‍රාවෝ ෆෝ ඇල්ෆා. රොජර් ඕවර්.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ අවුට්.

ඇල්ෆා ෆෝ ආචර්… ඝන ආවරණයක් අරගෙන ස්ථානගතවෙලා උඩ ඉලක්කපත් වලට අවධානය දෙන්න. ඒ අතරෙම ජීපීඑස් මොඩම්එක අතට අරගෙන එහි තිරයේ දිස්වෙන තමන් සිටිනා භූමියේ ග්‍රිඩ් අංක යුගලය ලබාගෙන LH වෙත කෙටි පණිවිඩයක් යැව්වෙමි.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා රොජර්. කියමින් කොලපැහැති රැලි ඇඳුම ඇඳගෙන ස්නයිපරය අතැතිව සිටින නියෝජිත ජේ 20. ගසක් යට පිහිටි කුඩා ගල් කුට්ටියක් ළඟ බිම දිගාවී , තම ස්නයිපරය කඳවුරු ඉදිරියට අමෝරාගෙන ඉලක්කපත් නිරීක්ෂණය කරන්නට විය.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා.
ස්ථානගතවෙලා අවසන්. අණට සූදානම්.

ඇල්ෆා ෆෝ ආචර් ඕකේ. ඔන් මයි කමාන්ඩ්
( මගෙ විධානය අනුව )

ඇල්ෆා ෆෝ ඕල් ගොල්ෆ් ( සියලුම ගෝස්ට්ලා ) මෙතන ඉඳලා කැටපිලර් ( දළඹු ගමන - බඩගාගෙන යාමට වඩා බිස වැතිරී ඉදිරියට රූටා යාම . පාබල සේනා සතුරු භූම්ය තුල ගමන් කිරීමෙි සාර්ථක ක්‍රමයකි ) ගමනට මාරුවෙලා ගමන් කරමු. ලයිට් එළිය ආසන්නයේ දී නවතිමු. දැන් සී හැඩය හදාගෙන සූදානම් වන්න. සියල්ලම බිමදිගේ ඇදී ඉදිරියට ගොස් විදුලි ආලෝකයට ආසන්න පරාසය තුල නවතින්නට විය.

ඇල්ෆා ෆෝ ආචර්.. ස්ථානගතවීම සම්පූර්ණයි. පළමුවෙන්ම උස ටාගට් දෙක
ඩවුන් කරලා, දෙවනුව ප්‍රධාන ගේට්ටුවෙ දෙන්නා ඩවුන් කරලා දාන්න. අපි ඇතුලට ගියාට පස්සේ තව මීටර් දෙසීයක් ඉදිරියට ඇවිත් සැඟවී ස්ථානගත වෙන්න.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා රොජර්.

සැණෙකින් දෙපැත්තේ උඩ සිටින චීන සෙබලුන් දෙදෙනා ඇද වැටෙන්නට විය.
යට දෙදෙනාගෙන් එකෙකුට ස්නයිපර් වෙඩිල්ල වදිනවාත් සමග හතරවැන්නා ක්‍රියාත්මක වී සයිරන් නළාව ක්‍රියාත්මක කරන ස්විචය ආසන්නයට එනවිට මා සයිලන්සරය සහිත පිස්තෝලයෙන් ප්‍රතිවාදියාගෙ නලලට වෙඩිල්ලක් තැබුවෙමි. නැවත සියල්ල නිහඬ විය.

ඇල්ෆා ෆෝ ආචර්. නියමයි. අපි ඇතුලට යනවා. අපි අටදෙනාම ඇතුලට ගියාම කවුන්ට් එකක් දෙන්නම්. වටෙි තියෙන සියලුම ලයිට් වලට ගහන්න.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා රොජර්.

එහෙනම් ගොල්ෆ් අපි යමු ඇතුලට. කියමින් හෙමින් සීරුවෙ සියල්ලෝම ඇතුලට යන ලදි. පියවරෙන් පියවර උණ්ඩ වැදීමෙන් විදුලි බුබුළු එකිනෙක කුඩුවෙන්නට විය.

Diren yu jinru ( සතුරන් ඇතුලට ඇවිත් ) යනුවෙන් එකෙකු චීන බසින් මොරදෙන්නට විය. ඔහුගෙ හිසට MP 5 අවියෙන් වෙඩිල්ලක් තබා නිහඬ කෙරුවද
එය ළුලක් නොවීය. ඔවුන් බඹරු ඇවිස්සුනාක් මෙන් අවිආයුධ රැගෙන වෙඩි තබන්නට විය. සයිරන් නලාවද නාද විය.

ඕල් ගොල්ෆ් කවර් වෙන්න. Fire at will
( සුදුසු පරිදි වෙඩි තියන්න) මම නැවත කියනවා fire at will.

චීන කුලී සොල්දාදුවන්ට එරෙහිව අප නියෝජිතයන් වෙඩි හුවාමාරු විය. මා ඒ අතරතුරෙ වමෙන් දුවගෙන ආ ප්‍රතිවාදීන් දෙදෙනෙකුට වෙඩි තබා ඔවුන් බිමට ඇදවැ⁣ටුනි. ආවරණයක සිටි තවකෙකු අත්බෝම්බය පින්එක ගලවා අප දෙසට විසික් කිරීමට සැරසෙන මා දුටුවෙමි. පැත්තට පහත්වී අත්බෝම්බය රැඳි ඔහුගෙ අතට වෙඩිල්ලක් තබන විට ඔහුගේ පය පාමුලම එය වැටුණි. ක්ෂනිකවම බෝම්බය පුපුරා යන්නට විය. කසුන් ඇතුළු කණ්ඩායම ඇතුලතින් වට කවයක් වැනි හැඩයක් සාදාගෙන තුන්දෙනෙක් සමග වම්පස ආවරණය කරද්දී , නියෝජිත j50 දකුණු පසින් තවත් නියෝජිතයන් තිදෙනෙකු සමග වලයාකාරව ගොස් ඉදිරියේ ඇකි විවෘත බංකර් වල කුලී හේවායන්ට වෙඩි තබන ලදි.

***ඇල්ෆා ටූ ෆෝ ඇල්ෆා ඉදිරිය නිරවුල්.
ඇතුලට යන්න. මම කවර් කරන්නම්.

ඇල්ෆා ෆෝ ඇල්ෆා ටූ රොජර්.. කියමින් මා වෙිගයෙන් ඉදිරියට ගොස් භූගත විද්‍යාගාරයේ පිවිසුම් දොර ලඟට යනවිට දිව්‍යා ද මා පසුපසින් පහත්වී එන්නට විය. අාපසු හැරුණු මා දිව්‍යා ව ඇමතුවෙමි.

ඩිටෙක්ටිව් දිව්‍යා මෙි දොර අරින්න කෝඩ් පාවිච්චි කරලා. මම ඔයාව කවර් කරන්නම්.

දිව්‍යා - හරි චීෆ්

මා බැරලයක් පෙරළාගෙන එය ආවරණය කරගෙන ඉදිරියේ මතුවන ප්‍රතිවාදීන්ට වෙඩි තබන අතරතුර දිව්‍යා විවිධ රහස් අංක කීපයක් පාවිච්චි කිරීමෙන් පසු ස්වංක්‍රීව විදුලි දොර විවෘත විය.

දිව්‍යා - යමු චීෆ්

ඇය දොරෙන් ඇතුලට යනවාත් සමග මා වෙඩි කීපයක් තබමින් විද්‍යාගාරයේ ⁣පිවිසුම්දොර පසු කරේ පසුපසට ගමන් කරමිනි. වහාම දොර වැසූ මා ආපසු හැරුනෙමි.

දිව්‍යා - චීෆ් දකුණට යමු.

දිව්‍යා පසෙකලා මා අවිය මානගෙනම ඉදිරියට ගියෙමි. එකවරම දෙදෙනෙක් මතුවී වෙඩි තැබීය. දෙදෙනාම පලලින් අඩු බිත්ති දෙකට වහාම ආවරණ වුනෙමු.
ඩිටෙක්ටිව් දිව්‍යා කතිර ක්‍රමයට ගහමු.
එකයි… දෙකා…යි. තුනයි. සට සටාස්..
හඬ නංවමින් මා දකුනෙ සිට වමෙි සිටි ප්‍රතියාදියාටද , දිව්‍යා වමෙිසිට දකුනෙ සිටි ප්‍රතිවාදියාටද අප දෙදෙනා එකවර වෙඩි කීපයක් තැබුවෙමු.

ටැන්ගො ( ත්‍රස්ත්‍රවාදීයාට යොදන කෙටි නාමයකි ) ඩවුන්.

දිව්‍යා - ටැන්ගො ඩවුන්.

නියමයි … කියමින් නැවත මා ඉස්සර විය.
වීදුරු දොර ළඟ ප්‍රතිවාදීන් දෙදෙනා වැටී සිටි අතර , අප ඔවුන් පසුකරනවාත් සමග කැඩුණු වීදුරු කැබලි සෙලවෙන ශබ්දයක් ඇසී මා මදක් නැමි පිටුපස හැරී බැලුවෙමි.
වැටී සිටි එකෙකු වෙඩිල්ලක් තැබු අතර, මා එකවර නැමි හැරුණු බැවින් එය මාගෙ හිසට උඩින් යන්නට ඇති. පටස් පටස් හඬ නංවමින් තවත් උණ්ඩ දෙකක් ඔහුගේ හිසටම කැබුවෙමි.

දිව්‍යා - සොරි සර්. ඒක මගෙ මිස්ටෙික් එකක්.

ඩිටෙක්ටිව් දිව්‍යා මීට පස්සේ මොකාට වුනත් ඔලුවට තියලා දාන්න. ජිනීවා යුධ ප්‍රතිපත්ති පිලිපදින්න ගිහින් නිකං අකාලයේ මැරෙන්න වෙයි. මා තදින්ම ඇයට කිව්වෙමි.

ඇය උරපතු දෙක හකුලා එය අනුමත කරන බවක් පෙන්නුවාය.

දිව්‍යා - යමු චීෆ්..

නැවත මා ඉස්සර විය.

දිව්‍යා - චීෆ් මෙි දොරෙන් පස්සේ තමයි ප්‍රධාන විද්‍යාගාරය තියෙන්නෙ.

හරි.. ඒකත් අරින්න..

දිව්‍යා නැවත රහස් අංක කීපයක් භාවිතා කර ස්වංක්‍රීව විදුලි දොර විවෘතවිය. එවර මා එකවර කඩාපැනීම නොකරන්නට වගබලා ගත්තේ දොර දෙපස ප්‍රතිවාදීන් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක් අප ඇතුල්වනතුරු රැකගෙන ඇතියි යනුවෙන් හැඟුන නිසාවෙනි. අත්බෝම්බයක් අතට ගෙන පින්එක කටින් ඇද ගලවා දොර කවුළුවෙන් ඇතුට බිම දිගේ රෝල්වන පරිදි විසික් කෙරුවෙමි. දිඩීන්න්න්… හඬ නංවමින් එය පිපිරෙන්නට විය. ඉන්පසු දෙදෙනාම ඇතුලට කඩා පැන ආපසු හැරී බලනවිට සැබවින්ම සිව් දෙනෙක් රැකගෙන සිටි අතර ඔවුන් මරණාසන්නව බිම ඇදවැටි තිබුණි. දෙදෙනාම ඔවුන්ගේ හිසට වෙඩි තැබුවෙමු. නැවත හැරී ඉදිරියට යනවිට වෙඩි කීපයක් ඉදිරි පසින් තබන බව පෙනී මා අසල පිහිටි මෙිසයකට පයින් ගසා අඩක් පෙරළා ආවරණය කර ගත්තෙමි. දිව්‍යා කොට බිත්තියකට ආවරණය වූ බව ඇය දෙස බැලුවාම මාහට පෙනුනි.

කීප දෙනෙකු බිමට පහත්වී සිටි අතර , ඇතැම් අය මෙිස වලට ආවරණය වී සිටියි.
ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් අනුව ඔවුන් විද්‍යාඥයන් හෝ සහයකයින් විය යුතය.


බ්‍රාවෝ ෆෝ ඇල්ෆා. හතර දෙනෙක් පැන යනවා ඔවුන් සන්නද්ධයි. හතර දෙනාම ඩවුන් කරා.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ රොජර්.. ගුඩ් ජොබ්.

හිටගෙන සිටි එක විද්‍යාඥයකුගේ හිසට පිස්තෝලයක් තියාගෙන යම් අයෙකු
තර්ජනාත්මක ස්වරූපයෙන් කෑ ගසමින් සිටියි.

`` හහ් හහ් හා…… අවසානයේ බළලා මල්ලෙන් එලියට පැන්නා නේද ´´

දිව්‍යා - සර් මූ මහේෂ් නෙ. ( රහසින් )

මොකක් වෙන්න බැහැ නෙ. මහේෂ් ඇමතිගෙ මළගෙදරනෙ. කෝ බලන්න.
කියමින් යාන්තමින් හිස මෙිසයෙන් ඉහළට ඔසවා බැලුවෙමි.

හැබෑටම මහේෂ් තමයි. ඩිටෙක්ටිව් දිව්‍යා.
ඔයා පිටිපස්ස ගැන අවධානයෙන් ඉන්න.
මොකා එයිද දන්නෙ නැහැ නෙ

මහේෂ් - මොකා වුනත් කමක් නැහැ. අවිආයුධ විසික් කරලා ඉස්සරහට වරෙව්.
මට තියනවා උඹලා එක් ගණුදෙනු එකක් නෙමෙි කීපයක්ම විසඳාගන්න. නැත්නම් මෙිකගෙ ඔළුව මම කුඩු කරනවා.

ඉතින් ඕකගෙ නෙමෙි, ඔතන ඉන්න සේරම උන්ගෙ ඔළු කුඩු කරත් මට පාන්ද බං. කොහොමත් ඕකුන් සාපරාධී පව් කාරයො මිසක් උපාසකයො නෙමෙ නෙ. මට ඕකුන් බෙිරගන්න කිසිම වුවමනාවක් නැහැ.

මහේෂ් - ඒකත් එහෙමද එහෙනං ඔන්න.
කියමින් විද්‍යාඥයාට වෙඩිල්ලක් හිස හරහා යන පරිදි තැබීය.

හපෝ… එකයි නෙ බං. තව එකෙක් අල්ල ගනින්. උෟටත් තියපං. ඒ බැරිනං තව කීප දෙනෙකුට තියපං මට පාන්ද ඉතින්. පේනවා නේද..? උඹලා ඔය වෙඩි කන්නෙ උඹලා කරපු අපරාදෙට වන්දි විදිහට. මට උඹලව බෙිරගන්න කිසිම වුවමනාවක් නැහැ.

මහේෂ් - මට තේරෙනවා උඹට ඕන රොකට් එක නවත්වන්න නෙ. හරි අපි එහෙදි හමුවෙමු. ටටා බායි කියමින් දුවන්නට විය. මා වෙඩි දෙකක් තැබුවද එය දොරට වැදි නිශ්ළුල විය. ඩිටෙක්ටිව් දිව්‍යා පරිස්සමට මූ නිකංම මෙහෙම එකවර යන්න විදිහක් නැහැ.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ…

නියෝජිත j100 - බ්‍රාවෝ ෆෝ ඇල්ෆා ඕකේ.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ. වාහන දෙක කිට්ටුවට ගේන්න.

නියෝජිත j100 - බ්‍රාවෝ ෆෝ ඇල්ෆා රොජර් ඕවර්.

ඇල්ෆා ෆෝ ආචර් තත්වය වාර්තා කරන්න.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා මගෙ නිරීක්ෂණයන් අනුව ටැංගෝස්ලා තිහක් විතර ඩවුන්.

ඇල්ෆා ෆෝ ආචර්. අපේ වාහන දෙක කිට්ටුවට එනවා. ඔබට කමාන්ඩ් එක ඇහෙන්න ඇතිනෙ. බලන්න වාහන දෙකට ආර්පීජී ගහන්න පුළුවන්.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා පණිවිඩය පැහැදිලියි. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ස්ථානගතවීම වෙනස් කරනවා

ඇල්ෆා ෆෝ ආචර් රොජර් අවුට්.

පරක්කු වෙන්න බැහැ. ඩිටෙක්ටිව් දිව්‍යා අපි යමු ඉදිරියට.

දිව්‍යා - යමු චීෆ්.. දෙදෙනාම ඉදිරියට යනවිට බිම වැතිර සිටි හතර දෙනෙක් එකවර නැගිට අපට වෙඩි තියන්නට විය.
වහාම දණහිසෙන් ඉඳගත් මා දෙදෙනෙකුගේ හිස් වලට වෙඩි තැබුවෙමි.
දිව්‍යා ද වෙඩි තබා දෙදෙනෙකු බිම දමන්නට සමත්විය. ඈ ඔවුන් අසලට ගොස් නැවත හිසට වෙඩි තබා හිස් මැගසින් එක ගලවා අළුත් එකක් අවියට කවන්නට විය. මා ඈ දෙස බැලුවෙමි.

දිව්‍යා - මොකද… ?

නෑ මොකුත් නෑ. අයියගෙම නංගී නෙ. කියමින් මාද හිස් මැගසින් එක ගලවා
අළුත් මැගසින් එකක් අවායට කවන ගමන් කිව්වෙමි.

දිව්‍යා - පුදුමයි ඔය කටින් එහෙම කියපු එක.

හරි අපි යමු වෙලාව සීමිතයි. ඔය සේරම මෙිකෙන් එලියට යන්න. ඉක්මනට කියමින් අප දෙදෙනාම ඉදිරියට දුවන්නට විය. දිව්‍යා කීප විටක්ම විවිධ රහස් අංක කීපයක්ම විදුලි අගුලට ඇතුල් කෙරුවද එය ප්‍රතිචාර
නොදක්වන ලදි.

දිව්‍යා - ෂික්.. මෙි මගුල ඇරෙන්නේ නැහැ නෙ. බලමු මෙිකෙ ෆින්ගර් සෙන්සරයට තියලා. තම අතේ මහපට ඇඟිල්ල ඇඟිලි සලකුණු සංවෙිදකයට තැබුවද එයද ප්‍රතිචාරයක් නොදක්වයි.

දිව්‍යා - ඒත් වැඩක් නැහැ.

හොඳයි එච්චර හිතන්න එපා. අරූ මැරුවෙ මෙිකෙ විද්‍යාඥයෙක්ද … ?

දිව්‍යා - ඔව් සර්….

හොඳයි අවධානයෙන් ඉන්න කියමින් මා පියනැගුවෙ මැරිලා හිටිය විද්‍යාඥ්යා ලඟටය. එසැණෙන් කිනිස්ස අරගෙන
මෘතදේහයේ දකුණු අතේ මහපට ඇඟිල්ල කපාගෙන නැවත ඇවිත් ඇඟිලි සලකුණු සංවේදකයට තබා තද කෙරුවෙමි. ක්ෂනිකවම දොර අගුළු හැරුණි.

එච්චරයි උගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය කියමින් එම ඇඟිල්ල ඉටි බෑගයට දමා සාක්කුවට දමා ගත්තෙමි.

දිව්‍යා - මොළයක් නෙමෙි. මොළ ගෙනාපු නැවක්.

හ්ම්ම්ම් … තවත් අත්බෝම්බයක් අරගෙන පින්එක ගලවා ඇතුලට විසික් කෙරුවෙමි එය පුපුරා ගොස් මද වෙලාවකට පරිසරය නිශ්ශබ්ද විය.
වීදුරු දොරෙන් මදක් හිස දමා මා ඇතුල බලනවිට චීන සෙබලුන් කීප දෙනෙක් මියගොස් වැටි සිටි අයුරු දැකගන්නට හැකිවිය.

හරි… අපි යමු ඇතුලට මතන තියාගන්න අපි දෙන්නා මෙතන ඉඳලා ඉදිරියට යන්න ඕන සිග්සැක් ක්‍රමයට. යමු එහෙනම්.

ඇල්ෆා ෆෝ ඇල්ෆා වන් ඇන්ඩ් ටූ…
තත්ත්වය වාර්තා කරන්න.

**ඇල්ෆා ටූ ෆෝ ඇල්ෆා. මෙි පැත්ත ක්ලියර්. ටැන්ගො දහයක ප්‍රමාණයක් ඩවුන්.

*ඇල්ෆා වන් ෆෝ ඇල්ෆා. ටැන්ගො එකොළහක් ඩවුන්. දෙන්නෙකුට තුවාලයි.

ඇල්ෆා ෆෝ ඇල්ෆා වන්. බරපතලයිද. ඇවිදින්න පුළුවන් ද.. ?

**ඇල්ෆා වන් ෆෝ ඇල්ෆා. නියෝජිතයෙකුගෙ කකුලකට ⁣ෂොට්එකක් වැදිලා. අනිත් නියෝජිතයගෙ බඩට වැදිලා තියෙන්නෙ

ඇල්ෆා ෆෝ ඇල්ෆා වන්. තුවාලකරුවන් අරගෙන ඔතනින් ඉවත්ව යන්න. එලියෙ වාහන දෙක ඇති. ප්‍රථමාධාර දෙන්න. ඉක්මනට ඉවත්වන්න. ඇල්ෆා ෆෝ බ්‍රාවෝ ටූ. ඇල්ෆා වන්ට උදව් කරන්න.

**ඇල්ෆා ටූ ෆෝ ඇල්ෆා අනිවාර්යයෙන්ම.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා..

ඇල්ෆා ෆෝ ආචර් ඕකේ ඕවර්.

නියෝජිත ජේ 20 - ආචර් ෆෝ ඇල්ෆා
සුදුපාට කුටීරයේ දොර ඇරෙනවා.

දිව්‍යා - සර් අර තියෙන්නෙ රොකට් ලෝන්චරය නේද… ?

ඇල්ෆා ෆෝ ආචර් ඕකේ පණිවිඩය පැහැදිලියි අවුට්.

යමු ඉක්මනට එතනට..

දිව්‍යා - චීෆ් මෙි දොර අරින්න බැහැ. කීබෝර්ඩ් එකක් නැහැ. තනිකරම සෙන්සර්.

විනිවිද පෙනෙන පරිදි ඝනකම් වීදුරු බිත්ති වලින් නිමකර තිබු තරමක් විශාල කාමරයක පරිඝනක පද්ධතියක් විය. ඊට එහායින් අඩි පහලවක් පමණ උස අඩි තුනක් පමණ විශ්කම්බයක් ඇති සුදුපැහැති රොකට්ටුවක්ද පෙනෙන්නට තිබුණි. ලොකු තිරයක පැය , විනාඩි , තත්පර සඳහන් තිරයක්ද විය.

මහේෂ් - හා… ඔය මැඩම් මට මතකයි. ඔය මැඩම් මෙතන වැඩ කරා නේද..?
පස්සේ අපි නෙරපලා දැම්මා. පුදුමයි තවම ජීවත්වෙන එක ගැන. එතකොට ඔය මහත්තයා ගැන මතකයක් නැහැ.

දිව්‍යා - චීෆ් අපි කොහොමහරි ඇතුලට යන්න ඕන. (රහසින්)

මූව අවුස්සලා බලමු.. ඔයා ගිහින් බලන්න තව කොහෙද වෛරස් එක ගබඩා කරලා තියෙන්නෙ කියලා. මට පුළුවන් තනියම මෙික හැඩ්ල් කරගන්න.

දිව්‍යා - හරි චීෆ්.

ඔව් මම තමයි උඹලගෙ හැම එකාටම කොකා ගැස්සුවෙ.

මහේෂ් - හහ් හහ් හා…… විශේෂ බළකායකින් වගේ.

ඔව්.. උඹෙ තාත්තටත් සුදු කොඩි පෙන්නුවේ මම තමයි. මෑන් මැරෙනකොට
හුඟක් දුක් විඳලා මැරුනෙ. උඹට දැන් චාන්ස් එකක් තියනවා. පුළුවන් නම් මාත් එක්ක හැප්පිලා වාඩුව ගනින් උඹ නියම පිරිමියෙක් නම්.

මහේෂ් - අඩෝව්… වර ඩෝ ඇතුලට. කියමින් ඔහු ඝනකම් වීදුරු දොර විවෘත කරන්නට විය. එසැණෙන් මා වීදුරු කාමරයට ඇතුල් වුනෙමි. අවිආයුධ බිම දමා , වෙඩි නොවදින ජැකට්ටුවද ගලවා දමා ඉදිරියට පැන පහර කීපයක් මහේෂ්ට එල්ල කරද ඒ සියලු පහරවල් වලින් ඔහු අතින් හරස් කර ආරක්ෂා විය. මාධව ප්‍රධාන පරිඝනකය ලඟට යන්න නම් ටිකක් ගුටි කලා මෑන්ගෙ අවධානය වෙනතකට යවන්න වෙනවා. මගෙ යටිහිත මට මුමුණන්නට විය. එසැණෙන් අපරික්ෂාකාරි පහරවල් කීපයක් නැවත එල්ල කෙ⁣රුවෙමි. ඒ සියල්ලම සාර්ථකව
මලහැරපු මහේෂ් පහරවල් කීපයක් මාහට එල්ල කරන්නට විය. මාරාන්තික පහරවල් දෙකකින් පමණක් බේරි ඉතුරු පහරවල් හිතාමතාම වදින්නට ඉඩහසර හැරියෙමි.
මුහුණට වැදුණු පහරවල් කීපයක් හේතුවෙන් මාගෙ දත්වලින් ලේ ගලන්නට විය.

කටපුරා කෙල පාරක් ගසාදමා මා නැවතත් අතමිටමොළවා අපරික්ෂාකාරි පහරවල් කීපයක් ගැසුවෙමි. පෙරළා මාහටද පාපහරවල් කීපයක් වැදුණි. මා විසීවී වැටුනෙ ප්‍රධාන පරිඝණකය පාමුලය.
සැණෙන් පෙන්ඩ්‍රයිවරය අතට ගෙන එය පරිඝනකයේ යූඑස්බී කවුළුවට තියා තද
කෙරුවෙමි. නැවත මගෙ කමිස කොළරයෙන් අල්ලා වැරෙන් ඈතට විසික් කරන්නට ප්‍රතිවාදීයා සමත්විය.

මහේෂ් - කෝ… ලොක්කා. ඔච්චරද පුළුවන්. මම හිතුවෙ හොඳ සටනක් තියෙයි කියලා. උඹ දන්නවද මෙච්චර කැපකිරීම් කරලා මෙි වෛරස් එක හදන්නේ කවුද කියලා. යුවාන් චෑන් තමයි ඒ මිනිහා. මෙික හදන්න මම උදව් කරනවාට මට ගෙවනවා කෝටි දාහක් අයිසේ. කෝටි දාහක්. හැමදෙයක්ම සල්ලි තමයි. සල්ලි වලට මොනවද කරන්න බැරි.
හැමදේම පුළුවන්. Money is everythings
හහ් හහ් හා…… මෙි වෛරස් එක අපි ඉන්දියාවේ නවදිල්ලියට යවනවා. ඊට පස්සේ සේරම ඉන්දියන් කාරයෝ සෙට්ට පොයිට්ට වෙනවා. පැන්ඩෝරා වෛරස් එක ලෝකයම ගිණිතියනවා. ඊට පස්සේ අපි ප්‍රතිදේහයට ඩොලර් බිලියන ගාණකට විකුණනවා. උන් දුප්පත් වෙනවා. ලංකාවෙ අපි දියුණු වෙනවා. යුවාන් චෑන් එක්ක මම ලෝක පූජිත වෙනවා. ඔන්න ඔහොමයි
පැන්ඩෝරා වෛරස් එකේ කතාව. උඹ මොනවා කළත් ෆේල් බං. මොකද ඕක
ගුවනට ගියාට පස්සේ ⁣ලෝකෙ කිසිම රේඩාර් එකකට අහුවෙන්නෙ නැහැ හහ් හහ් හා……

විනාඩි දෙකක් පමණ පහරකෑ මම අත්ඔරලෝසුවෙ වෙලාව බැලුවෙමි. මෙිවනවිට වෛරසය ප්‍රධාන පරිඝනකය ආක්‍රමණය කර ඇති බැව් පෙනේ.

අතපය ගසා දමා මා ක්ණිකව නැගිට්ටෙමි.
එච්චර හදිසි මොකද මහේෂ් ජීවානන්ද.
දැන් තමයි හොඳම හරිය. හුඟක් ගේම් දිනන්නෙ ශක්තිවන්තයා නෙමෙි. බුද්ධිවන්තයා. අපි බලමු කොහොමද මෙි රොකට් එක උඩට යන්නේ කියලා. අන්න බලපං සිස්ටම් එක ඩවුන් වෙනවා. උඹලා වෛරස් හැදුවා වගේ අපිත් වෛරස් එකක් හදලා, ඒක මෙි සිස්ටම් එකට දැම්මා. මෙච්චර වෙලා මම ගුටි කෑවෙ තමුන්ගෙ දක්ෂතාවයට නෙමෙි. මගෙ වෛරස් එක ක්‍රියාත්මක කරන්න කාලය ඕන හන්දා.
දැන් මගේ වාරය. කියමින් පහර පිට කීපයක් එල්ල කෙරුවෙමි. වැලමිට පහරක් නිකට වෙත එල්ල කර පාපහරක්
මුහුණට එල්ලකරන විට හේ විසිවී වැටුණ පසු නැවත නැගිට අතින් පහරවල් කීපයක්ම එල්ලකරනවිට මා ඒ සියල්ලම අවහිරකර උඩ පැන පාපහරක් පපුවට ගැහුවෙමි. නැවත ඔහු ඇද වැටුනෙ පරිඝනකයක් මතය. විදුලිසැර වැදී වෙනතකට විසීවි වැටුණි. දුර්වලවූ ප්‍රතිවාදියා හෙමිහිට නැගිටින්නට විය.
හිස දෙපසට ගසාදමා මාවෙත දුවගෙන ඇවිත් අතමිට මොලවා මගෙ මුහුණ හරහා පහරක් ගැසීය. එය ආවරණය කර, ඒ අත තදින්ම අල්ලා මා දෙසට ඇද දකුණු පාදයෙන් මා නහයට පාපහරවල් හතරක් ගැසුවෙමි. අවසානයේ අංශක 360 පහරක් හිසට ගසා බිම දැමුවෙමි.

කෝ මහේෂ් ඔයාගෙ දියුණු සටන් ක්‍රම. ඔච්චරයිද පුළුවන්. ම තරමක් ඉදිරියට ඇලවී ඇසුවෙමි.

මහේෂ් - උඹලට මෙික නවත්වන්න බැහැ. අන්න බලපං සිස්ටම් එක නැවත වැඩ කරනවා. ඔව්වා චීන උසස් තත්වයේ පරිඝනක. ඔව්වට උඹලගෙ වෛරස් අදාල නැහැ. කියමින් ඉදිරිපස පරිඝනක තිරයට ඇඟිල්ල දික්කර පෙන්වීය.

සැබවින්ම තවත් විනාඩි පහලවකින් රොකට්එක මුදාහැරීමට නියමිත බැව් පෙනුනි.

හ්ම්ම්ම් .. මට තමුසෙ එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ. කියමින් පිස්තෝලය අතට ගෙන අතපය හතරටම වෙඩි තැබුවෙමි.

දිව්‍යා - ඇල්ෆා ෆෝ ඇල්ෆා සීරෝ.

ඇල්ෆා ෆෝ ඇල්ෆා සීරෝ ඕකේ ඕවර්.

දිව්‍යා - මම තවත් වෛරස් ටියුබ් දහයක් අධිකරණයක තිබිලා හොයාගත්තා. ඒත් ප්‍රතිවෛරස් එක හම්බ වුනේ නැහැ.

ඇල්ෆා ෆෝ ඇල්ෆා සීරෝ නියමයි.
පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පිටවෙන්න. මෙතන රොකට් එක ලෝන්ච් වුනා හෝ නැතා තව විනාඩි දහයකින් සේරම පුපුරා යනවා.

දිව්‍යා - ඇල්ෆා සීරෝ ෆෝ ඇල්ෆා. ඇයි පෙන්ඩ්‍රයිවරය වැඩකරන්නෙ නැද්ද ඕවර්..?

නැහැ එකෙන් පුළුවන් වුනේ පද්ධතිය අඩපණ කරන්න විතරයි ඕවර්..

දිව්‍යා - මෙතන ඉන්නවා අත්හදා බලන්න ගත්ත කට්ටිය පහලවක් විතර ඕවර්..

ඇල්ෆා ෆෝ ඇල්ෆා සීරෝ.. ඒ අයත් අරගෙන පිටවෙන්න. ඕවර් ඇන්ඩ් අවුටි.

මහේෂ් - කොහොම කරත් ඔය රොකට්එක යනවා. ඒ වලේම මෙිකත් පුපුයනවා වෙිදානාවෙන් කොඳුරන්නට විය. මා රොකට්එක දෙස අවධානයෙන් බැලුවෙමි. එහි උඩ කොටසේ සුදුපැහැති විනාවිද පෙනෙන කේතුවක් විය. එහි කොළපැහැති වීදුරු ටියුබ් කීපයක් ඉතා සුමටව අසුරා තිබුනි. එහි කෙළවරට යාහැකි පරිද අැලුමෙිනියම් ස්ථාවර ඉණිමගක් තිබු අතර, එයට නැග මා හොඳින් නිරීක්ෂණය කරනවිට එම කේතු හැඩයේ බඳ කොටස
මැද කොටසට සම්බන්ධ කර ඇත්තේ පොට සහිත දිග ඇණ දහයකින් ය.
`` ජැක්පොටි මාධව ´´ කියමින් මා වේගයෙන් බැසගෙන අඬුවක් සොයන්නට විමි. එකවරම මතක්වූයේ කඳවුරේ කම්බි දැල කැපුමට මා ගත් අඬුවයි. එය අතට ගන්නා විට දිව්‍යා වීදුරු දොර ළඟ සිටගෙන සිටියාය.

දිව්‍යා - චීෆ් ඔික නවත්වන්න බැරිද…?

මට ඒක හරියටම කියන්න බැහැ මැඩම්. ඔයා පුළුවන් තරම් ඉක්මනින් ඔය ප්‍රාණඇපකරුවන් අරගෙන පිටවෙන්න.
තව විනාඩි දොළහකින් මෙික පුපුරා යනවා.

දිව්‍යා - මම කොහොමද ඒක කරන්නෙ.

ඒක කරන්න. දැන්ම පිටවෙන්න. මෙික මගෙ අණක් ඩිටෙක්ටිව් දිව්‍යා.

ඇය මෙතෙක් වේලා කනේ රඳවාගෙන සිටි මිනි ට්‍රාන්ස්මීටර් එක ගැලවීය.

දිව්‍යා - මට යන්න බැහැ. මෙි ඉන්නෙ මාධව නෙමෙි මගෙ අයියා. ඒ කියන්නේ මගෙ දෙවන තාත්තා. මට ඔයාව නැතිකරගන්න බැහැ. දෙවියන්ගේ නාමයෙන් මෙික අරින්න. අපි දෙන්නම එකට මැරෙමු. ඇස්වල කඳුළු පුරවාගෙන වීදුරු දොරට අත්දෙකෙන්ම තඩිබාන්නට විය.

මාද මිනි ට්‍රාන්ස්මීටර් එක සිය කනෙන් පන්නා දැමුවෙමි. මෙි බලන්න පොඩ්ඩි.
ඔයාගෙ අයියද වටින්නේ ඉන්දියාවෙ කෝටි සීයක මිනිස


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now