⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 33 වන දිගහැරුම ⸎
> පැහැරගැනීමක් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හ්ම්ම්… CDI එක අවධානයෙන් ඉන්නෙ. කරුණාකරල පරිස්සමෙන් කියලා ලියලා තියනවා නේද. හොඳයි. ඒ කියන්නේ මහත්වරුනි. අපිට ඉක්මන් කරන්න වෙනවා.

මෙතැන්සිට ……

හොඳයි… එහෙනම් හෙට අපි තවත් වැඩකට එලියට යන්න වෙනවා. වෙන කොහෙවත් නෙමෙි යාලට.

**යාලට…? හෙටම…?

ඔව් හෙටම. අපි අපේ ආයුධ කලින්ම ස්ථානගත කරන්න ඕන. මොකද අපි එදාට යන්න ඕන හිස් අතින්.

*හිස් අතින්..

ඔව් මහත්වරුනි. හිස්අතින් තමයි.
ඇමති⁣ කෙනෙකුට පුළුවන් යමිකිසි සීමාවකට හෝ පොලීසියෙන් රැකවල් ඉල්ලන්න. රොකටි එක මුදාහරින දවසට මොනයම් ක්‍රමයකට මෙයාලා උත්සාහ කරයි පොලිස් ආරක්ෂාව ඉල්ලන්න.
එතනදී අපිට අවාසි හන්දා තමයි. ඔය ඇමතියව කලින්ම ඉවරයක් කරලා දාන්න මම සැළසුම් කරේ. එතකොට පොලීසියෙන් රාජකාරි උදව්වක් ඉල්ලන්න තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා බොහෝදුරට. ඇත්තෙන්ම කියනවා නම් අවසාන මිෂන්එක මිලිටරි මිෂන් එකක් විදිහට තමයි කරන්න වෙන්නෙ.

*ඔව් ඉතින් කුලී හමුදාවක් වුනත් , උන් සන්නද්ධ හමුදා පුහුණුව ලබපු අයනෙ.
ඉතින් අපිට මිලිටරි මිෂන් එකක් විදිහට කරන්න වෙන එකේ අරුමයක් නැහැ.

ඔව් මහත්වරුනි. ඒ හන්දා අපිට අමතර ආයුධ වගේම , අමතර පතුරම් ද බොහෝදුරට ඕන වෙයි. ඒ හන්දා ඒ සේරම කලින් ගිහින් ස්ථානගත කරන එක තමයි කරන්න තියෙන්නෙ.

**සර් ටමානවද ගෙනියන ආයුධ …?

මොනවද ඉතින් ස්නයිපරයේ ඉඳලා ගෙනියන්න වෙනවා. මොකද ඇතුලට රිංගන්න කලින් ඔය හතර කොනේ උඩ තරප්පු පොයින්ට් වල ඉන්න හතර දෙනා නිහඬ කරන්න වෙනවා. මොකද උන් හතර දෙනාට තමයි පලමුවෙන්ම අපේ චලනයන් පේන්නෙ. ඒ හතරදෙනාට ගහලා තමයි එකවර කඩාවැදීමක් හෝ
නිහඬ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒක අවස්ථානුකූලව , ස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. ඔය මොනවා කලත්. මම ඔය රොකට් එක ලඟට යායුතුමයි. ගිහින් ඔය පරිඝණක පද්ධතිය අක්‍රීය කරන්න වෙනවා. ඉතින් අපි මොනවා කරත් වැඩක් නැහැ එ⁣තනට යන්න බැරි වුනොත්.

**සර් යන්න. අපි කොහොම හරි උන්ට ඔළුව උස්සන්න බැරිවෙන්න වැඩටික කරන්නම් නේද සර්..

*ඔව් නියෝජිත ජනිත්.. අනිවාර්යයෙන්ම.

හොඳයි මහත්වරුනි. ඉන්න මට කෝල් එකක් එනවා. නම්බර් එකේ හැටියට නම්
නලින් වගේ.

ඔව් නලින් ..

නලින් - සර් නිවුස් බැලුවද..?

නෑ දැන්නම් බැලුවෙ නැහැ. ඇයි…?

නලින් - සර් දන්නවද නවෝදා ජයසිංහ.

ඔව්… මහාචාර්ය විනීත ජයසිංහගෙ දුවනෙ. තාත්තගෙ අවසන් කටයුතු වලට ලංකාවට ආවා. නැවත ගියා මට මතක හැටියට.

නලින් - කවුරුත් දන්නෙ එහෙම තමයි. නමුත් නවෝදා මිස් නැවත ගිහින් නැහැ කැනඩාවට. නිවාඩු වීසා මාස තුනකට
දාගෙන තමයි ඇවිත් තියෙන්නෙ. තාත්තගෙ තුන්මාසෙ දානෙත් දීලම යන්න.

හ්ම්ම්… ඒක සාමාන්‍ය දෙයක් නෙ. ඉතින් දැන් මොකක්ද අපිට අදාල නිවුස් එක.

නලින් - සර් අද හවස ඒ මිස්ව පැහැරගෙන ගිහින්.

මොනවා..

නලින් - ඔව් සර්.

ඉතින් මොනවද උන්ගෙ ඉල්ලීම්…?

නලින් - තවම මොකුත් නැහැ. කිසිම දෙයක් ඉල්ලලා නැහැ.

හොඳයි… දැන් මට ඇයි කතා කරේ…?

නලින් - සර්… ඒ මිස්ව පැහැරගෙන ගිහින් තියෙන්නෙ මහේෂ්.

මොකක් …?

නලින් - ඔව් සර්.. මට වටෙන් ගොඩෙන් මෙතන ඉන්න එකෙකුගෙන් තේරුනා ඒ වගේ දෙයක්.

තමුසෙ කොහොමද තක්කෙටම කියන්නේ… ?

නලින් - සර්.. මම නෙමෙයි මම.

ඔව් ඒක අපි දන්නවා නෙ. තමුසෙ මෙි වෙද්දී මැරිලා. නැත්නම් අතුරුදහන් නෙ. ඉතින්….?

නලින් - මගෙ ඉන්න අනිත් කොල්ලා ගිහින් තියනවා මහේෂ් ගෙ ගෙදර කුකුල් මස් අරගෙන. මොකද ගෙදර කෑමට උයන්න ඕන කරන හැමදේම ගෙන්න ගන්නෙ කොල්ලට කියලා.

ඉතින් ඉතින් …

නලින් - ඉතින් කුකුල් මස් තොගයත් අරගෙන කුස්සියට යනකොට එතන උයන ගෑනු කෙනා. අළුත් ඇඳුම් දෙකක් අරගෙන
එලියට ඇවිත් මහේෂ්ගෙ ලඟම හිතවතෙකුට දීලා තියෙනවා ඒ ඇඳුම් දෙක. ඉතින් අපේ එකාට අදාල නැති හන්දා ගණන් නොගෙන ඇවිත් තියනවා.

ඉතින් ඔය මහේෂ්ගෙ ගෝලයා දැකලා නැද්ද කොල්ලා බලාගෙන ඉන්නවා…?

නලින් - නෑ සර්…

එතකොට කොහොමද කොල්ලගෙන් මෙික දැනගත්තේ..? මෑන් දැන් අඩියක් ගහලා කියවනවා.

මහේෂ් ලා මිනිස්සු පැහැරගෙන යනඑක සාමාන්‍ය දෙයක් නෙ. ඉතින් මෙිකත් සාමාන්‍ය වෙන්න පුළුවන් නෙ.

නලින් - සර් කියන එක ඇත්ත. ඒත් එහෙම පැහැරගෙන යන්නෙ පිරිමි අය විතරයි. ඒකත් ඔය කියන පරික්ෂණයට.

හ්ම්ම්… එහෙමත් එකක්ද..? හොඳයි..
මට මොනවාහරි තොරතුරක් ලැබුනොත් අනිවාර්යයෙන්ම කියන්න.

නලින් - අනිවාර්යයෙන්ම සර්.. දුරකථනය විසන්ධි විය.

*මොකක්ද සර් ඒ ගිණිගෙඩිය..?

අපිට එක තැනක වැරදුනා මහත්වරුනි මම හිතන්නේ. මට හොයලා බලන්න බැරිවුණා මහාචාර්යතුමාගේ දුව ලංකාවෙන් ගියාද නැද්ද යනවග. දැන්
නිවුස් වලටත් කියලා තියනවා. එයාගෙ දුව පැහැරගෙන කියලා.

**තවම ඉල්ලීම් මොකුත් නැහැ …?

නැහැ.

*එතකොට සර් මොකටද පැහැරගන්න ඇත්තෙ..?

කල්පනා කරලා බැලුවොත් මෙි සිදුවීම් ටික එකිනෙකට ගැලපුවොත් පොඩි කතාවක් නිර්මාණය වෙනවා. හිතලා බලන්න සාමාන්‍ය ධනවතෙක් ගෙ දරුවෙක් පැහැරගත්තා කියලා. ඒක මුදල්
ගන්න කරපු වෑයමක් කියලා ඉතා පැහැදිලියි. නමුත් මෙතනදී ඊට එහාට ගිය සිසිද්ධියක් තියනවා. ඒ තමයි තනතුරු මත පැහැරගැනීම.

**තනතුරු මත…?

ඔව්… මම හිතන්නේ ඔය මහත්වරුන් ඒ ගැන හදාරලා තියනවා. සාමාන්‍යයෙන් පැහැරගැනීම් වලට එක එක අරමුණ රඳාපවතිනවා.

අංක එක - මුදල් ලබාගන්න.

අංක දෙක - තනතුරු බලයෙන් දෙයක් කරවාගන්න. හැබැයි ඒක මුදලට කරගන්න බැරි හන්දා වෙන්නත් පුළුවන්.
මොකද තනතුරු හොබවන අය විශේෂ දේකට සමත්කම් දක්වන හන්දා.

අංක තුන - බ⁣ලය උපයෝගි කරගෙන යම්කිසි කටයුත්තක් කරගන්න ඕන හන්දා.
උදාහරණයකට දේශපාලන බලය.

අංක හතර - පරණ සිද්ධියකට පලිගැනිමක් කරන්න.

*ඔව් සර්.. එතකොට ඔය වර්ගීකරණ වලින් කෝකටද මෙික අයිති වෙන්නේ..?

මම කිව්වොත් අංක දෙකට කියලා.

**එහෙම වෙන්න බැහැනෙ සර්. මොකද මහාචාර්ය විනීත මහත්තයා දැන් ජීවතුන් අතර නැහැ නෙ.

ෂාහ්හ්හ්හ් මරුනෙ ඔය දෙන්නා. ඉතාමත් ශක්තිමත් තර්ක නෙ දැන් මට දාන්නෙ. බොහොම හොඳයි. ඒක තමයි වෙන්න ඕන. මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. ලේනෙක් ⁣ගහක ගෙඩියක් කෑවට ඒ ගසේ ඒ ගෙඩිය සම්පූර්ණයෙන්ම කාලා යනවද..?

*නැහැ සර්..

එතකොට මහාචාර්යතුමා ඒ ලේනා කියලා හිතන්න මොහොතකට. එතකොට තමන්ගෙ දැනුමට හිමි තනතුර අදාල ගෙඩිය නම්. මොකද කියන්නේ….?

**මහාචාර්යතුමා තුමා කාලා ගියා නමුත් ගෙඩියේ තව කොටසක් ඉතුරුයි. ඒ කොටස මෙි පැහැරගත්ත එවුන්ට හොයාගන්න බැහැ. ඒ හන්දා ඒ ලේනගෙ
පැටියා පැහැර ගත්තා. හුවමාරුව පිණිස ගෙඩියේ ඉතුරු ටික ඕන උන්ට…

විශිෂ්ඨයි නියෝජිත ජනිත්. විශිෂ්ඨයි යාළුවා. ඒක තමයි මෙතන මම දකින සිද්ධිය.

*එතකොට ගෙඩිය තමයි ප්‍රතිවෛරස් එක.

හරියටම හරි.. අන්න එතනදී මහාචාර්යතුමාගෙ දුව පැහැගත්තේ මහේෂ්ගෙ ගෝලයෝ කියලා සැක කරන්න පැහැදිලි හේතු තියනවා. ඒ වගේම මෙි වෙද්දී ඇය පැහැරගත්තා කියලා විද්‍යුත් මාධ්‍ය හරහා ඒ ආරංචිය ජනගත කරලත් ඉවරයි. හිතන්න පුළුවන් ද ඇයි එහෙම ජනගත කරන්න හේතුව මොකක්ද කියලා.

**සර් උන් අපිව තමයි ටාගට් කරන්නේ.
මොකද අපි දුන්න කෝල් වලින් මහේෂ් දැනගත්තා අපි ලඟ ප්‍රතිවෛරස් එකක් තියනවා කියලා.

ඔව්.. ඒ වගේම උන් තදින්ම සැක කරනවා ඒක නිර්මාණය කරේ මහාචාර්යතුමා කියලා. මොකද වෙන කෙනෙක් නිර්මාණය කරන්න නම් මෙි රහස් ව්‍යාපෘතිය ගැන දැනගෙන ඉන්න ඕන. නමුත් එහෙම දැනගත්ත කෙනෙක් දැන⁣ට නිදහසේ ඉන්නෙ නැහැ නෙ. එහෙම ඉන්නවා නම් ඉතින් දිව්‍යා තමයි. නමුත් එයත් දැනට අතුරුදහන් වගේම එයාට එච්චර ලොකු දැනුමක් නැති බවත් මුන් දන්නවා. ඉතින් මෙි පැහැරගැනීම් ආරංචිය මාධ්‍ය හරහා ජනගත කරාම.
උන් දන්නවා අපි ප්‍රවෘත්ති බලනවා, අහනවා කියන්න. එතකොට ඒ මෙනවියව බෙිරගන්න ඕන හන්දා අපි කොයිවෙිලේ හරි මහේෂ්ට කතා කරනවා කියලත් උන් සහසුද්දයෙන්ම දන්නවා. ඒකයි මගේ අනුමානය තර්කානුකූලව බලපුවාම.

*දැන් උන් බලාගෙන ඉන්නෙ අපි කීයට හරි මෑන්ට කතා කරනකම් නේද …?

හරියටම හරි… අපි අනිවාර්යයෙන්ම කතා කරමු. හැබැයි උන් ඉන්න තැන වගේම උන්ට ගහන්න සැළසුමක් හදාගෙන ගහන්න ලෑස්ති වෙලා. එතකම් අපිට ටික කාලයක් මුනිවත රකින්න වෙනවා. ඔන්න කියනකොටම දිව්‍යා ගන්නවා.

හෙලෝ මැඩම් …

දිව්‍යා (දුරකථනයෙන් )
සර් නිවුස් බැලුවද….?

ඔව් මැඩම් ….

දිව්‍යා - මහාචාර්යතුමාගෙ දුව පැහැරගෙන නේද…?

ඔව්.. ඔයා දන්නවද එයාව..?

දිව්‍යා - ඔව් සර්. මට මතක කාලෙ ඉඳලා අපි දෙන්නා ගියේ එකම බාලිකා විද්‍යාලයට. පස්සේ එයා උසස් අධ්‍යාපනයට කැනඩා ගියා. සර්ට මට තේරෙන්නෙ නැත්තෙ එයාවම ඇයි පැහැරගත්තෙ කියලා. අනික ඒ ආරංචිය මෙච්චර ඉක්මනට රටම දැනගත්තේ කොහොමද …? ඒකට හේතුව මොකක්ද කියලා.

ඔව් මැඩම්… මට තේරෙනවා. ඒ වගේම ඔයා නොදන්නා දෙයක් තියනවා මෙතන.

දිව්‍යා - මොකක්ද සර් ඒ…?

ඒක මෙිකෙ කියන්න බැහැ. පුළුවන් නම් හෙට උදෙන්ම එන්න. මම සියල්ල පැහැදිලි කරන්නම්.

දිව්‍යා - හොදයි සර්… දැන් ආවොත් මොකද…?

හ්ම්ම්… පුළුවන් නම් කමක් නැහැ. හැබැයි පරිස්සමෙන්.

දිව්‍යා - හොඳයි සර්. මම දැන්ම එන්නම්. මොකද මම මෙි ලඟපාතමයි ඉන්නෙ.

හරි.. එන්න එහෙනම්. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

මහත්වරුනි ඔන්න දිව්‍යා මැඩම් එනවා.

**දැන් …?

ඔව් දැන්ම..

**එතකොට සර් දිව්‍යා මැඩම් ඔය ලියන අටමගලවල් ඇයි කොලයක ලියලා දැම්මෙ. එවෙලේ අපිව හමුවෙලා කියන්න තිබ්බා නෙ.

තවත් හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් පිරිමින් තුන්දෙනෙක් එක්ක අවන්හලකට කෑමට ගැහැණු කෙනෙක් එනඑක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒකට කිසිම කෙනෙක්ගෙ අවධානය යොමුවන
සම්භාවිතාවය අඩුයි. නමුත් පිරිමි තුන්දෙනෙක් පමණක් කෑම කකා ඉන්න මෙිසයකට එකපාරටම පිටින් ගෑණු කෙනෙක් ඇවිත් වාඩිවෙනවා කියන්නේ.
එතන නම් හිතන්න කාරණයක් තියනවා සාමාන්‍ය නොවන කෙනෙකුට.

**සර් කියන්නේ ඒ අපි කෑම කාපු තැන සැකකාර කවුරු හරි හිටියා කියලද..?

එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි කැලේ කොටි නෑ කියලා නිදහසේ ගමනක් යන්න මුවෙක් හිතනයා නම් , ඒ මුවා පට්ට මෝඩ මුවෙක් වෙන්න ඕන. ඔය මහත්වරුන් හිතනවද දිව්‍යා කියන්නේ පට්ට මෝඩ මුවෙක් කියලා. එච්චර ලාබෙට තමන්ව හඳුන්වාදෙන්න
තරම්.

**ඒකත් ඇත්ත තමයි නේද…

දැන් ටෙක්ස්ටයිල්ස් එක වහන්න කාලය හරිද…?

*නෑ සර්. තව පැයක් තියනවා රෑ දහයට.

හ්ම්ම්… රෑ දහයට නෙ අපි වහන්නේ.
තව කල් තියනවා. ඉතින් තව ස්වල්පය මොහොතකින් දිව්‍යා මැඩම් මෙතනට එයි
සුපුරුදු පාරිභෝගික මහත්මියක් විදිහට.
සුළු මොහොතකට පසු. මගේ රූපවාහිනී තිරයේ කාන්තාවක් රෙදිපිලි මැදුරට ඇතුල්වනවා දැක්කෙමි. අන්න එනවා.

දිව්‍යා - සර් මම ඇතුලට එන්නද…?

අනිවාර්යයෙන්ම. ඔයාව බලාපොරොත්තුවෙන් තමයි අපි තුන්දෙනාම හිටියෙ.

*එන්න මැඩම් …

වාඩිවෙන්න.

දිව්‍යා - වෙලාවකට මට මෙි වෙස්වලාගැනීම මහ වදයක් සර්. කියමින් තමන්ගෙ කොට කොණ්ඩය ගලවා මෙසය මත තැබුවාය. හ්ම්ම්… ඉතින් සර්… ?

හ්ම්ම්… මැඩම්ට මතකද දවස් හතරකට කලින් හුන්නස්ගිරිය කන්දේ සිදුවුන වෙඩිහුවාමාරුව වගේම එතන සිදුවුන පිපිරුම…?

දිව්‍යා - ඔව් සර්.. මම නිවුස් බැලුවා එකොළහක් විතර ඉවරයි එතනම නේද..?
මම දන්නවා ඒක සර්ගෙ වැඩක් කියලා.

ඒ කොහොමද ….?

දිව්‍යා - මම ඒ ගැන සුළුසුළුවෙන් අධ්‍යනය කරාම දැනගත්තා එතන ඉන්න සේරම මහේෂ්ගෙ ගෝලයෝ කියලා.

හ්ම්ම්… දැන් අපිවත් අධ්‍යනය කරන්න පටන් ගත්තද මෙි CDI ක්ෂේත්‍ර ඔත්තුකාරිය එතකොට…?

දිව්‍යා - නෑ සර්. එහෙම්මත් නැහැ. මොකද මට ඇතුලෙන් ආවා නිවුස් එකක් ඒ කට්ටිය මහේෂ්ගෙ අය කියලා. ඒකෙන් මම දැනගත්තා අපේ අය දැන් ටිකෙන්ටික මෙි ගැන හොයන්න පටන් අරගෙන කියලා. ඒකයි ඒ ගැන කඩදාසියක ලියලා දැමමේ අතන කුණු කූඩෙට.

හරි… එතන පිපිරුමයි මෙතන පැහැගැනීමෙි සිද්ධියයි අතර ඍජුව සම්බන්ධයක් තියනවා.

දිව්‍යා - මොකක් …?

ඔව් මැඩම්.. ඒක එහෙම තමයි. ඒක එහෙම වෙනිනෙ මෙහෙමයි. (මා ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාත්මක කරන ලද සැළසුම විස්තර කෙරුවෙමි. නමුත් ප්‍රතිවෛරසය ගැන ලොකු විග්‍රහයක් නනොකරන්නටද වගබලා ගත්තෙමි )

දිව්‍යා - මයි ගෝඩ් සර්… දැන් උන් හිතාගෙන ඉන්නෙ සර් ලග ප්‍රතිවෛරස් එක තියනවා කියලා.

ඔව් මැඩම්.. මොකද මහාචාර්යතුමා පස්සෙන් මෙි අය හුඟක් පැන්නුවා එහෙම දෙයක් හදනවද කියලා බලන්න. නනමුත් වාසනාවකට වගේ එතුමාගෙන් ඒ ගැන වචනයක්වත් ගන්න බැරිවුණා. පස්සේ තමයි හර්ධයේ කපාටයක් හිරවෙන්න බෙහෙතක් විදලා , රටට , සමාජයට සැක නොහිතෙන පරිදි මරලා දැම්මෙ.

දිව්‍යා - සර් කියන්නේ ඇත්තටම ඒ වගේ ප්‍රතිවෛරස් එකක් මහාචාර්යතුමා නිර්මාණය කරලා තියනවා කියලද..?

ඔව් මැඩම් මම කලින් දවසක කිව්වා වගේ එහෙම දෙයක් නිර්මාණය කරලා
අවසන් කරලා තියනවා කියන්න මම ලඟ සාක්ෂි තියනවා.

දිව්‍යා - මොනවා.. මට ඒ ගැන මහාචාර්යතුමා කියලා නැහැ නෙ.

මම හිතන්නේ ඒක කියන්න අවස්ථාවක් ලැබෙන්න නැතුව ඇති. මොකද ඒවනවිට මැඩම් ඉන්න ඇත්තේ විද්‍යාගාරයේ ඇතුලෙ වෙන්න ඇති.

දිව්‍යා - ඔව් ඒක ඇත්ත තමයි සර්. ඒ කියන්නේ මෙි ප්‍රවෘත්තිය දැකලා සර්ලගෙන් ඇමතුමක් එනකම් උන් මග බලාගෙන ඉන්නවා. උන්ගෙ ටාගට් එක ඔය තුන්දෙනා එතකොට. මොකද උන් තවමත් ප්‍රතිවෛරස් එක හොයාගෙන නැහැ කියලා ඒකෙන් අපිට ඔප්පු වෙනවා වගේම. ඒක ගන්න මෙච්චර උත්සාහ කරන්නේ. එතකොට ඒ ප්‍රතිවෛරස් එකට වැයවන කාලයයි , මුදලුයි ඉතුරුවන හන්දා.

ඔව් මැඩම්.. ඒක තමයි ඇත්ත. මට දැන් සනාථ කරගන්න ඕන මහේෂ්ගෙ ගෝලයෝමද මෙි ගේම් එක දුන්නෙ කියලා. මට දැනට හෝඩුවාවක් ලැබිලා තියෙන්නෙ.

දිව්‍යා - ඒ කොහොමද සර්..

මම ලග ඉන්නවා රට වටෙිම නිලනොලත්
ඔත්තුකරුවන් රාශියක්. ඒ අය වැඩ කරන්නේ මුදලට මැඩම්. නමුත් ඒක ජාලයක් නෙමෙි. තනිතනිවම වැඩ කරන පුද්ගලයින් විතරයි.

දිව්‍යා - සර්ගෙ තියෙන්නෙ හරි පුපුදුමසහගත දේවල් නෙ.

**මැඩම් තවම දැකලා නැහැ සර්ගෙ වැඩ.

හහ් හහ් හා… හරි හරි. අපි බලමු නේද මහේෂ්ගෙ ගෝලයෝ කොහෙද අර මිස්ව හංගලා තියෙන්නෙ කියලා. ඒ වගේම මට ඔයාගෙ උදව් ඕන එයාව ගලවා ගන්න වගේම, එයාව හැකි ඉක්මනින් රටින් පිට කරන්නත්,

දිව්‍යා - අනිවාර්යයෙන්ම සර්. මම සර්ට කොච්චර ණයද. මට මෙි චාන්ස් එකක් දෙන එකම ඇති මට.

නෑ නෑ නෑ… ඔය මැඩම් මට මොනම ආකාරයකින් වත් ණය නැහැ. කර්මානුරූපව අපි අපේ රැකියාව කරලා තියෙන්නෙ. එච්චරයි. එහෙම නේද මහත්වරුනි.

**නැතුව නැතුව සර්…

හරි… මට දවසක් ඇතුලත තැන පිලිබඳව තොරතුරක් ලැබෙනවා. ඊට පස්සේ අපි බලමු මෙිකට සුදුසුම දේ කරන්න.

දිව්‍යා - හොඳයි සර් මම එහෙනම් ගිහින් එන්නම් . කියමින් බොරු කොට කොණ්ඩය යලි හිසට දාගෙන තම අත්දෙකින් අඩුපාඩු හැදුවාය.

හොඳයි.. බොහොම ස්තුතියි ආවට. සුභ රාත්‍රියක් පරිස්සමෙන් ගිහින් එන්න.

දිව්‍යා - සුභ රාත්‍රියක් මහත්වරුනි..

ටෙක්ස්ටයිල්ස් එකෙන් එලියට යන දෙස
නැමරා රූපරාමු දෙස බලමින් සිටින විට මගේ සිතුවිලි දැහැන බිඳ දැමුවෙ නියෝජිත ජේ50 ය.

**සර් මට වෙලාවකට හිතෙනවා.
ඔය දිව්‍යා කියන්නේ සර්ගෙ වෙන්වුණු නංගිවත් ද කියලා. මොකද සර්ගෙයි, මැඩම්ගෙයි අනුමාන හරියටම එක සමානයි.

*මටත් නම් ඒ ගැන සැකයි. සර්ට සැක නැද්ද හැබෑටම.

නෑ මට දුකයි…

**දුකයි…? ඒ මොකද…?

මෙි වගේ කෙල්ලෙක් මගෙ නොවුන එක ගැන.

*සර් ඉතින් අපිට හොයන්න පුළුවන් නෙ.
සර්ගෙ නංගි දැන් කොහෙද ඉන්නෙ කියලා.

හහ් හහ් හා… අපිට වෙන වැඩ නැද්ද මහත්වරුනි…? හරි… දැන් ඔය මහත්වරුන් ගිහින් විවෙික ගන්න. අපි හෙට බලමු මොනවද කරන්න පුළුවන් කියලා. දැනට මුනිවත රකින්න වෙනවා. තැන හොයාගෙන වැඩෙි සනාථ කරගන්නකම්.

**හරි සර්.. සුභ රාත්‍රියක් සර්…

*සුභ රාත්‍රියක් සර්..

සුභ රාත්‍රියක් මහත්වරුනි …


මතු සම්බන්ධයි…..



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now