⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 37 වන දිගහැරුම ⸎
> රහස් හමුවීම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~

DH - වෙරිගුඩ් මාධව. Excellent job. Im appreciate that.

බොහොමයක් ස්තුතියි සර්. ඉතුරු පැටිකිරිය නිවුස් වලින් දැනගන්න.

DH - ඕකෙ ජයවේවා මාධව.

ජයවේවා සර්. ( ඇමතුම විසන්ධි විය )

මෙතැන්සිට ….

කතාබහ හමාරවූවාට පසු…
දෙවනුව නලින්ගෙන් ඇමතුමක් එන්නට විය.

නලින් - ආයුබෝවන් සර්…

ආයුබෝවන් නලින්.

නලින් - සර්. මගෙ තොරතුරු හරි නේද..?

හරියටම හරි නියමයි. හොඳ වැඩක්.

නලින් - සර් මම, මගෙ ජීවිතයේමතක හිටින කාලෙක හොඳ වැඩක් කරාමද මන්දා.

තොරතුර හරියටම හරි. දැන් ඒ මැඩම් ලංකාවෙ නැහැ.

නලින් - මොනවා…

ඔව්… අද පාන්දරම රටින් පිටත් කරා..

නලින් - ඒ කියන්නේ සර්ලා ඊයේ රෑ උන්ට ගැහැව්වද…?

ඔව් නලින්.. නිවුස් බලන්න සමහරවිට ඉතුරු සිද්ධිය දැනගන්න පුළුවන් වෙයි.
මම මරන්න පටන් ගත්තහම කොණක ඉඳලා මරණවා වගේම , බේරන්න පටන් ගත්තහම කොණක ඉඳලා බේරනවා. ඒකයි මගෙ තියරිය.

නලින් - නියමයි සර්. කොහොම වුනත් මට සතුටුයි සර්. හරිම සතුටුයි. තව මොනවද මගෙන් කෙරෙන්න ඕන..?

තව වැඩක් තියනවා නලින්.

නලින් - මොකක්ද සර්…

අද හවස පහට මාව හමුවෙන්න පුළුවන් ද…?

නලින් - එකෙන්ම එන්නම් සර්. කොතනටද එන්න ඕන.

හවස පහට නුගේගොඩ හංදියට එන්න.
පොඩි වැඩක් තියනවා කතා කරගන්න. ඒක මෙිකෙ කියන්න බැහැ.

නලින් - ම⁣ට තේරුනා සර්. මව අනිවාර්යයෙන්ම එන්නම්.

හොඳයි නලින් බොහොමයක් ස්තුතියි. මම තියනවා.

නලින් - හොඳයි සර්. ජයවේවා

ජයවේවා.. ( ඇමතුම විසන්ධි විය )

**සර් අපි එන්නද ඇතුලට..

ෂුවර්.. එන්න. වාඩිවෙන්න.

*සර් මොකද තත්වය…?

කියන්න විශේෂ යමක් නැහැ. ඩාර්ක් හෙඩ් කතා කරා. ඊට පස්සේ නලින් කතා කරා. එච්චරයි.

**මොනවා වුනත් නලින් නියම තොරතුරක් දුන්නෙ. ඒක අපිට ෂෝට්කට් එකක් වුනා නේද සර්.

ඔව්.. නැත්නම් ඉතින් අපිට තව ටිකක් පරක්කු වෙනවා වැඩෙිට. සාමාන්‍යයෙන් බුද්ධි තොරතුරු කියන්නේ අපි හොයන දේටම නෙමෙයි. සමහර අවස්ථාවන් වලදී
අපිව හොයාගෙන එන තොරතුරුත් ඒ කාණ්ඩයට අයත් වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙකේ අතර තියෙන වෙනස. අපි හොයන තොරතුරු වල විශ්වාසවන්ත බාවය ඉහලයි වගේම , අපිව හොයාගෙන එන තොරතුරු වල විශ්වාසවන්ත බාවයේ යම් යම් සිදුරු තියෙන්න පුළුවන්. ඒකයි අපි ඒගැන පසු විපරමක් කල යුත්තේ. එතකොට තමයි අපිට ඒ පිලිබඳව විනිවිද බාවයකින් බලන්න පුළුවන්.

*සර් අද දවසේ අපි මොනවද කරන්නේ..?

ස්ථාන ගතකරමු.

*අව්ආයු ද..?

ඔව්… අද හවස පහට අපි යන්න ඕන නුගේගොඩ හංදියට. නලින් එනවා එතනට. අපා බවුසර් එක පාවිච්චි කරමු.
එතකොට ඔය කාටවත්ම සැක හිතන්නේ නැහැ නෙ. මෑන් හමුවෙලා ඒ විස්තර ගැන කකාබහ කරලා ඒක ඉක්මනට හංගලා දාමු තැනින් තැන. මොකද මෙික දැන් දවසින් දවස ඇදෙනවා වැඩියි.

**ඔව් සර්. ඒකනම් ඇත්ත තමයි. අපේ උපක්‍රම හන්දා වගේම උන්ගෙ ගොන්කම් හන්දා උන්ගෙ වැඩි පිරිසක් අපේ අතින් නැතිවුන එකනම් ඇත්ත. ඒ කියලා පරක්කු කරන්න හොඳ නැහැ.

ආන්න හරි. ඔය තේරුනේ. දැන් දෙන්නම ගේමට බැහැලා ඉන්නෙ නේද..?

*නැතුව නැතුව සර්.

**දැන් ඉතින් නවෝදා මැඩම් ගිය හන්දා ඒ බාධකයත් ඉවරයි. හැබෑටම සර්. සර්ගෙ ඇත්ත නම කිව්වෙ නැහැ නේද..?

නියෝජිත ජනිත්.. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපේ නියම අනන්‍යතාවය වසන් කරන්න. මොකද පැය ගාණක් කතාබහ කල පමණින් පුද්ගලයෙක් ගැන තක්සේරු කරන්න බැහැ අපිට. ඒ වගේම එහෙම කෙටි කාලයකින් අපි අතර විශ්වාසයක් ගොඩනැගෙන්නෙ නැහැ නෙ. තව එකක් අපි තවම දන්නෙ නැහැ නෙ නවෝදා මැඩම් ඇත්තටම ලංකාවෙන් පිටත් වුනාද කියලා. ඒක සනාථ කරගන්න මට තව පැය තුන හමාරක් විතර බලාපොරොත්තු සහගතව ඉන්න වෙනවා.

*ඒ කියන්නේ සර් තවම විශ්වාස කරන්නේ නැහැ නවෝදා මැඩම් රටෙන් පිටවුණා කියලා.

කොහොමත් ම නැහැ මහත්වරුනි. ඒකට මම ලඟ සාධාරණ හේතු තියනවා. යම්කිසි කෙනෙක් සාමාන්‍යයෙන් හොටෙල් එකක කාමරයක් මිළට ගත්තා කියන්නේ.
ඒ කාමරය පුද්ගලිකයි. එතකොට ඒ කාමරයේ තියෙන අගුළු ලොකර්වල යතුරු දෙකෙන් එකක් තියෙන්නෙ ඒ තාවකාලික හිමියා ලඟ. අනික තියෙන්නෙ හෝටලයේ කළමනාකරු ලඟ. සාමාන්‍යයෙන් කළමනාකරු වුනත් ඒ කාමරය විවෘත කරන්නේ උසාවි අවසරයක් මත. හෝ පොලිස් සෝදිසි කිරීමෙි අවසරයක් මත. එහෙම නැතුව එයාටවත් ඒ ලොකර්එක අරින්න අවසර නැහැ. ඒක සොරකමක් වෙනවා. හැබැයි මෙි කාමරයේත් එහෙම ලොකර් දෙකක් තිබ්බා. එහෙම ලොකර් දෙකක පහසුකම් තියෙද්දිත් මෙි මැඩම් තමන්ගෙ පාස්පෝර්ට් එකයි,හැඳුනුම්පතයි ඩෙබිට් කාඩ් එකයි. දාලා තිබ්බෙ මෙට්ට කවරයේ ඇතුලෙ. ඒකෙ සිපර්එක ඇරලා තමයි ඒ කලමණා ටික උඩට ගත්තෙ. එතනදී නවෝදා මැඩම් පරිස්සම් වැඩිවුනාද කියලා මට සැකයක් උපදිනවා වගේම, මෙි වැඩපිළිවෙළ යම්කිසි ප්‍රොටෝකෝල් (න්‍යායපත්‍රයකට ) කරාද කියලා මට සැකයක් තියනවා. හැබැයි සැකයේ වාසිය එයාගෙන් ගිලිහෙනවා. මහාචාර්යතුමා මෙිකෙ වතගොත කලින්ම තමන්ගෙ දුවට පැහැදිලි කරලා තිබ්බා නම්. එහෙම කරලා නම් අපේ සැකය පුස්සක් බවට පත්වෙනවා. ඒක හරියටම අපිට දැනගන්න තව පැය තුනහමාරක් විතර යනවා.

**ඒ කියන්නේ කොහොමද අපි ඒක දැනගන්නෙ…?

මහත්වරුනි.. ඔයාලා අමතක කරන්න එපා මම වැඩකරන පිලිවෙල මොකක්ද කියලා. අපි ගුවන්තොටුපලට එනකොටත්
ඒ ගැන බලන්න වෙනම ස්පයිඩර්ස්ලා දෙන්නෙක් මස දාලා තිබ්බෙ. එයාලගේ ටාස්ක් එක තමයි අපි එතනින් පිටවුනාට පස්සේ දහවල් දොළහ දක්වා එතන රැඳිලා නවෝදා ආපසු එයිද කියලා බලන එක. මම වරුවකට වැඩි කාලයක් බලාගෙන ඉන්න කියලා එතනට දැම්මෙ. නවෝදා මැඩම් එහෙම දෙයක් කරනවා නම්. එවෙලෙම හෝ පැය දෙක තුනක් එතන රැ⁣⁣ඳෙන්න පුළුවන්. නමුත් ඊට වඩා රැ⁣ඳෙන සම්භාවිතාවය අඩුයි. දහවල් දොළහෙන් පස්සේ නැවත ආපු තොරතුරක් නැහැ කියන්නේ. එයා සැබවින්ම ලංකාවෙන් පිටවෙලා කියන එක. එතකොට අපිට පුළුවන් අපි අපේ සැකය සම්පූර්ණයෙන්ම බැහැර කරලා දාන්න.

*එතකොට බැරිවෙලාවත් ආපසු ආවොත්..?

එහෙම ආවා කියන්නේ එයාලා මෙයා එක්ක ඩීල් එකක් දාලා. පිටපතකට අනුව වැඩකරා කියලා අපිට හිතන්න වෙනවා.
අපි බලමු නේද මහත්වරුනි මොකද වෙන්නෙ කියලා. හරි අපි යමු එහෙනම් එලියට. මොනවාහරි සප්පායම් වෙලා එන්න. උදේ ආහාරය ගන්නා අතරතුර විෂයට අදාල කිසිදු දෙයක් කතා නොකිරීමට අප වගබලා ගත්තෙමු.
දහවල් කාලයේද ටෙක්ටයිලස් හි සාමාන්‍ය රාකාරි වල නිරතවිමු. දහවල් දොළහ හමාරට ගුවන්තොටුල ඇතුලෙ රාජකාරි සඳහා යොසවා තිබූ නියෝජිතයන් දෙදෙනාගෙන් ඇමතුමක් ලැබුණි. ඔවුන් විසින් නවෝදා ආපසු පිටවුනේ නැති බව තහවුරු කලහ. ඉන්පසු දිව්‍යාට ඇමතුමක් ගත්තෙමි.

දිව්‍යා - හෙලෝ සර්…

කොහොමද ඉතින්.

දිව්‍යා - හොඳින් සර්.

හොඳයි. අද හවස වැඩක් තියෙනවා කරමුද..?

දිව්‍යා - කියන්න සර්. සම මගේ අයියට නොකරන වැඩක් තියනවද…?

හ්ම්ම්ම්ම්.. මම දැන් නලින් කියන හාදයගෙ විස්තර ටිකක් එවනවා. මෑන් අද හවස මාව මුණගැහෙන්න නුගේගොඩ හංදිය ළඟ තියෙන තෝතැන්නට එනවා.

දිව්‍යා - නලින් කිව්වේ අර නවෝදා ඉන්න තැන ඔත්තුව දීපු මෑන් නේද… ?

ඔව්.. මෑන් තමයි. මෑන් එක්ක මම උපරිම තකාබහ කරන්නේ විනාඩි පහයි. ඊට පස්සේ අපි විසිරෙනවා. මට ඔයාගෙන් ඕන උදව්ව තමයි මෑන්ව ෆලෝව් කරලා කොහෙද යන්නෙ. ඒ වගේම මගින් මෑන්ව කවුරුහරි හමුවෙනවද. හමු⁣වෙනවා නම්. ඒ මෑන් ආපු වාහනයේ අංකය ලියාගන්න. එහෙම වාහනයකින් ආවෙ නැත්නම් මෑන්ගේ පස්සෙන් යන්න නලින්ව අතහරින්න. එහෙම යන ගමන් මට ලොකේෂන් එක දෙන්න මමත් එනවා එතකොට.

දිව්‍යා - හරි.. මම කරන්නම්. ඔය විදිහට සර් මාවත් අවිශ්වාස කරනවද දන්නෙ නැහැ.

මගෙ කෙනෙක් එහෙම අවිස්වාස කරන්නේ නැහැ මම සාමාන්‍යයෙන්. ඔයා මගෙ කෙනෙක් හන්දා තමයි මෙික ඔයාට බාරදෙනවා වගේම , ලොකු හඹායෑමක් නම් මට ඒගැන කියන්න කියන්නේත්.

දිව්‍යා - මගෙ අයියා වුණාට, සමහර වෙලාවන්වලදී මට ඔයාව තේරුම් ගන්නත් අමාරුයි.

හා ඒකට කමක් නැහැ. මම එහෙනම් තියන්නම්..

දිව්‍යා - හරි එහෙනම්

අවසානයේ හවස තිදෙනාම නුගේගොඩ පිහිටි තෝතැන්න වෙත ගමන් කෙරුවෙමු. එක කොන්ක්‍රීට් අසුනක වාඩිවූ මා. වෙනත් ආසන්නයේ ඇති කොන්ක්‍රීට් ආසන මත වාඩවී වටපිටාව ගැන විපරමෙන් ඉන්නා ලෙස උපදෙස් ලබාදුන්නෙමි. හවස පහ හමාරට පමණ නලින් අප හමුවට ආවත්, ඔහුගෙ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තිබුණි. ඔහු දෙස බලා සහයක නියෝජිතයින් දෙදෙනා මුහුණෙන් මුහුණ බලාගත්හ.

නලින් - ඉතින් සර්.. ඔන්න මම වෙලාවටම ආවා. මොකක්ද මගෙන් කෙරෙන්න ඕන.

නියමයි නලින්.. හොද වෙිෂ නිරූපණයක්.
මගෙ මුහුණ දිහා බලාගෙන කතා කරන්න එපා. එතකොට තමයි තාත්ත්වික වෙන්නෙ

නලින් - මගෙ ජීවිතේ දැන්නම් අනතුරක නෙමෙි තියෙන්නේ. ඒත් මමත් ටිකක් පරිස්සමෙන් ඉන්න ඕන කියලා හිතුනා.
මම දන්නවා මොන විදිහට ආවත් සර්ලා මාව අඳුරගන්නවා කියලා.

හ්ම්ම්ම්ම්.. ඒක ඇත්ත ඉතින්. නලින් මගෙ ඊලග සැළසුමට අනුව ඒකෙ කොටසක් තමුසෙටත් තියෙනවා.

නලින් - නියමයි සර්. මම මොනවද කරන්න ඕන.

ආයේ කවද්ද යාල යන්නේ …?

නලින් - සර් ආයේ අපි හෙට උදේ යනවා.

හ්ම්ම්ම්ම් එහෙමද.. ගෝලයත් යනවා නේද.. ?

නලින් - ඔව් සර්…

හොඳයි තව දවස් පහකට පස්සේ යන දවස කවද්ද.. ?

නලින් - සර් හෙට ගියාට පස්සේ ආයේ යන්නේ ලබන සඳුදා. ඒ කියන්නේ දවස් හයකට පස්සේ

හොඳයි .. එදාට මට තමුසෙත් එක්ක යන්න පුළුවන් නේද.. මොකද අපි යන ගමනේ තැන් දෙක තුනක බවසර්එක නවත්වන්නත් ඕන. ඒ වගේම එදාට ගෝලයත් යනවනෙ එතකොට කොහොමද අපේ වැඩටික අපි කරගන්නේ..?

නලින් - සර් ඒ ගැන හිතන්න එපා. මම මෑන්ට අද කලින් දවසෙ රෑ හොඳට පොවන්නම් ටිකක් සැර ජාතියක්. එතකොට මෑන්ට උදේ දහය විතර වෙනකම් මොකුත් කරගන්න බැරිවෙනවා. මොනවද කරන්න තියෙන්නේ…?

අපි උන්ගෙ කඳවුර අවට හෝ ආසන්න දුරක අවිආයුධ හංගන්න ඔින. මොකද අපිට ඉඳුරාම අවිආයුධ ගෙනියන්න බැහැ. කලින් ගිහින් ස්ථානගතකරන්න ඕන.

නලින් - සර්… වඩෙිනම් ටිකක් සීරියස් එකක් වගේ. ඒත් ඒක කරන්නම ඕන නම් ඉතින් කරලා දාමු. අපි වැඩෙිට බහිමු.
වෙන කරන්න දෙයක් නැහැ.

හරි.. ඒක තමයි කරන්න ඕන. එහෙනම් මට ඉරිදා හවස වෙද්දී සිග්නල් එකක් දෙන්න.

නලින් - හරි සර්..

හොඳයි.. අපි යමු එහෙනම්.

නලින් - හරි සර් ජයවේවා.

ජයවේවා නලින්..

පළමුවෙන්ම නලින් එතනින් නැගිය ගිය පසු. අපි තිදෙනාගෙන් එක වරකට එකා බැගින් මිනිත්තු කීපයක විරාම තබා ගනිමින් එතැනින් නික්මෙන්නට විය.
වටපිට බලනවිට නවීන පන්නයට ඇඳගත් තරුණයක් මාදෙස වුවමනාවෙන් බලා එතැනින් පිටත්ව යනු මා දුටුවෙමි. ඒ වෙන කිසිවෙකු නොව දිව්‍යා ය. මග එන ගමනේදී තිදෙනාම අවන්හලකට ගොඩවූයේ කල්තියාම රාත්‍රි ආහාරය ගැනීමටය.

*සර් මෑන් දැන් ටිකක් අමුතුයි නේද.

** ඒකනෙ සර්.. දැන් මෑනුත් දැන් සබ්ජෙක්ට්එක කරනවනෙ.

අපි ගිහින් කතා කරමු.

**හරි සර්. අඩ හෝරාවකට පසු ඇණවුම් කරන ලද රාත්‍රි ආහාරයත් රැගෙන සුපුරුදු ටෙක්ස්ටයිල්ස් ගොඩනැගිල්ලට ආවෙමු. ඉන් අනතුරුව අප පොලවෙන් යට තනන ලද කාමර පද්ධතියේ සාකච්ඡා කාමරයට ගියෙමු. තිදෙනාම වාඩිවී කතාබස් කරන්නට විය.

හොඳයි දැන් කියමු බලන්න මහත්වරුනි ඔයාලගෙ අදහස්

**සර් මම කිව්වේ නලින් ගැන. මෑන් අපෙන් දෙයක් ඉගෙන තියෙන හැඩයි.

*ඔව් සර්. ඒක තමයි මමත් කියන්නේ.

ඔව්.. ඒ කතාවට මම එකඟයි මහත්වරුනි.
සමහරු දෙයක් බලාගෙන ඉඳලා ඉගෙනගන්නවා. සමහරු තමන්ට පවතින යම් අවධානම්සහගත තත්වය මත දෙයක් ප්‍රායෝගිකව කරලා බලනවා. කොහොම වුනත් මෑන්ව අවිශ්වාස කරන්න තරම් මට සාධාරණ හෝඩුවාවන් ලැබිලා නැහැ. හැබැයි එහෙම කියලා ඒකෙ තේරුම මම විශ්වාස කරනවා කියන එක නම් නෙමෙි.
මෙි වෙද්දී මෑන් පස්සේ එක්කෙනෙක් යනවා මගෙ අනුදැනුම ඇතුව.

**හෑහ් කවුද සර් ඒ…?

දිව්‍යා මැඩම්.

*දිව්‍යා මැඩම්

ඔව් දිව්‍යා තමයි.

*නමුත් ඇයි සර්… ? අපේ ස්පයිඩර් කෙනෙක් දාන්න තිබුනනෙ.

හොඳ ප්‍රශ්නයක්.. ඇයි මම එහෙම නොකරෙ. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් දැන් මෙයාගෙ පස්සෙන් ගියොත් ඒක සැකසහිත වෙනවා. නමුත් බවලතෙක් ගියොත් එහෙම සැක හිතෙන සම්භාවිතාවය අඩුයි. මොක නලින් පැහැදිලිව දන්නවා අපෙ සංවිධානයට නිලධාරිනියන් නැහැ කියලා. හුඟක් රාජ්‍ය සන්නද්ධ රහස් සංවිධාන වලට ගැහැණු අය බඳවා ගන්නෙ නැහැ.

**ඔව් ඉතින් ගෑණුන්ට රහස් රකින්න බැහැ නෙ.

හහ් හහ් හා… ඔව් ඒකත් එක හේතුවක් තමයි. තව කරුණු කීපයක් සම්බන්ධ අවධානය යොමු කරලා තමයි එහෙම බඳවාගැනීම් නොකරන්නෙ ලංකාවෙ නම්.
ඒක ඉතින් ඔය මහත්වරුන් හදාරලා ඇතිනෙ. ඒ දේවල් සමහර වෙලාවන් වලදී ප්‍රායෝගිකව අත්විඳලා ඇති නෙ.

**හපොයි සර් ඒකනම් ඇත්ත. අපේ යුනිට් එකේ බවලත්තු හිටියා නම් සොරි තමයි ඉතින්.

කොහොම වුනත් ක්ෂේත්‍ර ඔත්තුකරුවන් විදිහට වැඩ ටිකක් ගන්න පුළුවන්. ඊට වඩා දීර්ඝකාලීන දේවල් වලට අපි යොමුකරන එකේ තේරුමක් නැහැ. කොහොම නමුත් අපි බලමු නේද දිව්‍යා මැඩම්ගෙ තත්ව වාර්තාව. ඊළඟට තියෙනවා කියන්න තව සුභ ආරංචියක්.

*ඒ මොකක්ද සර්… ?

ඇත්තටම නවෝදා මැඩම් රටින් පිටවෙලා තියෙනවා. ඒක අපේ නියෝජිතයින් මට සනාථ කරා දවල් කාලයේදී.

**හා ඒකනම් හොඳ ආරංචියක් සර්. නැත්නම් ආයෙත් දුවන්න එපැයි.

හ්ම්ම්ම්ම් ඒක තමයි නේද…?

*සර් මට තේරෙන තව දෙයක් තියෙනවා.

ඒ මොකක්ද කසුන්.. ?

*සර් මුන්ට අපිව හොයාගන්න බැරි බව ඇත්ත. නමුත් මුන් දවසින් දවස එක එක දේවල් කරලා අපේ අරමුණ වෙන පැත්තකට හරවනවා කියලා හිතෙන්නේ නැද්ද … ? නිකං කල් මරණවා වගේ දෙයක්..

සහතික ඇත්ත. ඒක තමයි මෙි කරන්නේ.
ඒ වගේම , අපිව එකපාර ඇමක් දාලා අල්ලන්න තමයි මෙි මහේෂ් උත්සාහ කරන්නෙ. වැඩෙි කියන්නේ උන් ගහන ප්ලෑන්එක ක්‍රියාත්මක කරන්න කලින් අපි ගිහින් ගහලා එනවා. ඒ හන්දා මුන්ට කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නෙ. කෙටියෙන්ම කියනවා නම්. දැන් මහේෂ්ටත් උන්ගෙ ගැන්සියේ සමහර අය මෙි වෙද්දී සැක ඇති.

**ඊළඟට මොන වගේ ගේමක් ගහයිද දන්නෙ නැහැ මුන්.

ඒක තමයි පුතානෝට හොඳටම දැනෙන්න
පියානෝව දිවංගත කරන්න හදන්නේ.
මොකද පොඩි පොඩි එවුන්ට ගහපුවාම මෑන්ට දැනෙන්නෙ නෑ. ටිකක් දැනෙන දෙයක් කරන්නම ඕන අම්මපා. කල්පනා කරලා බලන්න.

*ඒකනම් අර කලු කුමාරයගෙ දෙබසක කොටසක් වාගේ

ඔව් ඔව්.. කල්පනා කරල බලන්න.
හරි.. දැන් අපි අවි ආයුධ ටිකක් පැක්කරමු.
මොකද හෙට බවුසර් එකේ දාගෙන යන්නත් එපැයි. ඩග්ලස් ජීවානන්දලාගෙ දේශපාලන බලය යොදාගෙන තියෙන හන්දා මෙි වාහන කවදාවත් කවුරුවත් පරික්ෂා කරන්නේ නැති හන්දා , අපි ඒ මුවාවෙන් එයාටම වල කපමු. එතකොට නෙ මෙි කතාව රසවත් වෙන්නෙ. අවසානයේ බලපුවාම මෑන්ගෙ බලයෙන් හොඳටම කරලා තියෙන්නේ අපි.

*සර් මෙිකට කීදෙනෙක් යනවද.. ?
මම කිව්වේ අවසාන මිෂන් එකට.

අපිට ලොකු පිරිසක් සහභාගි කරවන්න බැහැ කසුන්. මගෙ ඇස්තමේන්තුව නම් දොළහයි. ඒකත් ටීම් දෙකකට. අපි අටෙි කණ්ඩායමක් තමයි මුන්ට ගහලා කඳවුරට රිංගන්නේ. එතකොට අනිත් හතර දෙනා ඉන්නෙ ඇම්බුෂ් (රැකසිට පහරදීම ) එකක් විදිහට එයාලත් ක්‍රම දෙකකට වැඩ කරන්න ඕන. පැනයන එවුන්ට ගහන්න, නැත්නම් අමතර පිටින් ඇතුලට එන එවුන්ට ගහන්න. මොකද මුන් පැරා ආමි එකක් හන්දා සැළසුම් කරන්න ඕන තිතටම. එතකොට අපි අටදෙනා ``ටීම් ඒ´´
විදියටත් එලියෙ ඉන්න හතර දෙනා
``ටීම් බී ´´ විදිහටත් ඉන්න ඕන. අපිට විතරයි අපි ආයුධ කලින් ස්ථානගත කරන්නේ. ටීම් බී එකට අපි ආයුධ කලින් ස්ථානගත කරන්නෙ නැහැ . මොකද හේතුව එයාලා ක්ලේමෝ පවා ගෙනියනවා. මගේ සැළසුම අනුව.
හරි අපි දැන් යමු ආයුධාගාරයට.

ආයුධාගාර තුල..

මහත්වරුනි අපි සයිලන්ස් වෙපන් පාවිච්චි කරන්න ඕන. ඉතින් MP05 සයිලන්සරය සහිත වෙපන් අටක් ගන්න එළියට.

*එකයි … දෙකයි… අටයි. හරි. කියමින් මෙිසය මත තැබීය.

හොඳයි M18 ස්නයිපර් දෙකයි.

**හරි මෙන්න සර් ඒ දෙක.

9mm වර්ගයේ සයිලන්ස් පිස්තෝල නමයයි..

*හරි සර් මෙන්න…

හොඳයි.. පිහි අටයි.
( පතුරම් පුරවන ලද මැගසින් සමග සියලුම අවිආයුධ මෙිසය මත තැබුවෙමු)

හොඳයි .. මෙිටික අපි පැක් කරලා පැත්තකින් තියමු.

**එතකොට රේඩියෝ ට්‍රාන්ස්මීටර් ටික.. ?

එපා.. ඒක එදාට අරගෙන යමු.

මතු සම්බන්ධයි…..


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now