⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 10 වන දිගහැරුම ⸎
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අනිවාර්යයයෙන් බැලිය යුතුමයි. එහෙනම් බොහොමයක් ස්තූතියි නියෝජිත ජනිත්.

**හා.... ඒක සුළු දෙයක් සර්....
ඒක මගෙ රාජකාරියනෙ.

හොඳයි … හෙට දවසත් ඔහොම ගියාදෙන්.. මම හෙට හිඟාකන්න යන්නෙ නැහැ. මම ඔය කියන ගෙදර සෝදිසි කරන්න යනවා. ඒ වගේම ශාන්ත අතට ලිපි බෙදාහරින කණ්ඩායම කවුද කියලත් හොයන්න ඔීන. සාමාන්‍යයෙන් මෙි වගේ දේවල් යන ගමන් අත දික්කරලා දෙන්නෙ නැහැ නෙ. ඒක නිකං ගැටකපන්නෙක් ඇවදින් ඇ⁣ඟේ හැප්පිලා පර්ස් එකට තට්ටු දානවා වගේ තමයි මෙි හුවමාරුවත් වෙන්න ඔීන.

*ක්ෂනිකව ඇ⁣ඟේ හැප්පෙන ගමන් අතට දෙනවා. නැත්නම් සාක්කුවට ඔබනවා.

ඔව්…. එහෙම තමයි.

*එතකොට සර් මෙි රහස් ලිපි ක්‍රමය කොහොමද දැනගන්න ඇත්තෙ. මෙි ක්‍රමයට කරන්න ඔීන කියලා …

හොඳ ප්‍රශ්නයක් යාළුවා…. අපි වගේ නියෝජිතයෝ ඇකඩමි වල ඉගෙන ගන්නකොට , උනුත් සමහර දේවල් අනියම් ආකාරයෙන් ඉගෙන ගන්නවා. උදාහරණයක් ගත්තොත් වෙඩි තියන්න දන්නේ. හමුදාව , පොදුවෙ ගත්කල ආරක්ෂක අංශ විතරයි ද…? නැහැ නෙ.
ත්‍රස්තවාදීන් වගේම , පාතාල කල්ලි දන්නෙ නැද්ද. දන්නවා නේද…? අන්න එහෙමයි ඔීක වෙන්නේ. මෙි සෙල්ලම් ඉගෙන ගත්ත ආරක්ෂක අංශ සාමාජිකයින් පසුකාලීව නරක අතට හැරිලා අපරාධ කරන්නේ නැද්ද . එහෙම අපරාධ කරන ගමන් සමහර ශිල්ප උන්ගෙ සාමාජිකයින් හට උගන්වන්නෙ නැද්ද …? අන්න එහෙම තමයි මෙිවා නොයායුතු පුද්ගලයින් අතරට යන්නෙ.


අපි බලමු නේද ඔය ලිපියක් අතුරුදහන් කරලා. මොනවද ඒවගෙ තියෙන්නෙ කියලා. ඒක කියවගන්න පුළුවන් වුනොත් , අපිට පුළුවන් ලොකු පිම්මක් පනින්න.

*එතකොට සර් ඔය අකුරු කොහොමද තුනි කඩදාසියේ නොපෙනෙන පරිදි ලියන්නෙ…?

ඇත්තටම මෙතනදී කරන්නේ ලියන එක නෙමෙයි. කොටන එක.

*කොටන එක….?

ඔව්… මුඳ්‍රා ශෛලයෙන් කොටන එක. ඒකට යොදාගන්නේ ඉංග්‍රීසි අකුරු 26 න් සමන්විත ලෝහමය කූරු සෙට් එකක්.

*අර හමුදා සොල්දාදුවන්ගේ කරේ එල්ලලා තියෙන නාම පුවරු⁣වෙ ( dog tag , name tag ) සඳහන් පරිදි නේද..? ඒ විස්තර ටික කොටන්න ගන්නෙත් ඔය කියන කට්ටලයමයි නේද..?

හරියටම හරි…. ඔය කිව්වෙ. තව… වාහනවල එන්ජින් අංකය කොටන්න ගන්නෙත් ඔය මුද්‍රාමය අකුරු කූරූ තමයි.
ඔය අකුරු වික අරගෙන තුනී ලෑල්ලක් උඩ ⁣කඩදාසිය තියලා. ඒක උඩ පිලිවෙලින් වමෙි සිට දකුණ දක්වා අවශ්‍ය ආකාරයට වචන වලට ගලප ගලපා අකුරු ටික තියලා සාමාන්‍ය මිටි පාරක් ගහනවා කඩදාසිය හිල් නොවෙන්න. ඊට පස්සේ අතගාලා බලපුවාම තේරෙනවා, දැනෙනවා අකුරෙ හැඩෙි.මොකද අතට මතුපිටට නෙරා ඇති හැඩය දැනෙනවා. ඉතින් අපිට බලන්නම වෙනවා. මොකක්ද ඔය ලියලා තියෙන්නෙ කියලා.

*අන්ධ පුද්ගලයින්ටත් මෙිවගේ උපක්‍රමයක් නේද පාවිච්චි කරන්නේ.

හරියටම හරි….. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නෙ. ඉතින් කියන්න බලන්න ඔයාගෙ අළුත් රෝහල් යෙහෙළිය ගැන.

*එයත් හරියට කෙහෙලිය වගේ….

කෙහෙලිය වගේ…..?

*ඔව්නෙ… කෙහෙලිය වගේමයි… තොර තෝංච්යක් නැහැ . කටට එන හැමදේම කිසිම පැකිලීමක් නැතුව කියලා දානවා. කිසිම බ්‍රෙිරේක් එකක් නැහැ.

ඒකත් එහෙමද…? ඒක නියමයි. අර කථාවක් තියෙන්නෙ ``ගෑණුන්ට රහස් රකින්න බැහැ ´´ කියලා. ඒක නියමයි.
එතකොට ඔය ``කෙහෙලිය ´´ කියන්නේ
කවුද හැබෑටම. …?

*සර්…. රඹුක්වැල්ල පැත්තේ හිටියා ``කෙහෙලිය ´´ කියලා පිස්සෙක්. මෑන් ඉතින් කටට එන හැමදේම කියව කියව හිඟාකකා ඉන්නවා. ඒකයි මම මෑන්ව උපමාවට ගත්තෙ. ඉතින් මම මෙයාට ටිකක් වැඩියෙන් සමීප වෙන්න උත්සාහ කරනවා. මොකද ඔය කටවචාලකම හන්දා අපි නොදන්නා දේ, මෙයා දන්නා දේ අපිට ලේසියෙන්ම බෝලෙ බස්සලා එලියට ගන්න පුළුවන්. සමහරවිට අපිට ඒක ලොකු තොරතුරක් වෙන්න පුළුවන්.

ෂාහ්හ්හ්හ්.. නියමයිනේ. ඔබතුමා සෑහෙන්න දියුණුවෙලානෙ. හහ් හහ් හා…

*නැතුව බැහැ නෙ ඉතින්. සර් මට තනියම කරන්න බාරදුන්න පලවෙනි ටාස්ක් එකනෙ. ඒක හන්දා උපරිමයෙන් කරන්න ඔීන.

නියමයි …. කසුන්…

*ඒ විතරක් නෙමෙි…. මිහිරාණි ගැන කවුරුවත් නොදන්නා කරුණු මෙයා දන්නවා කියලා මට දැන් සහසුද්දයෙන්ම කියන්න පුළුවන් සර්…

හැබෑට….? මොනවද ඒ…?

*සර්…. මෙයාට කැන්ටිමෙි හාදයොත් එක්ක මොකක්හරි ඇලජික් එකක් තියනවා. හිටපු ගමන් කියනවා `` ඔීකුන් තමයි සේරම කරන්නේ ´´ කියලා.

ඉතින් ඉතින් …..?

*ඒත් නවතිනවා එතනින් එහාට මොකුත් කටින් පිටවෙන්නෙ නැහැ.

ඒ කියන්නේ කෙහෙලිය තරම්ම කටවාචාල නැහැ …?

*ඔව් සර්…. බලමු.. මම දන්නවා කටින් ගන්න හැටි. මට ටික දවසක් දෙන්න. මම සේරම වමාරවන්නම් එයා දන්න දේවල් ටික.

හොඳයි ජයවේවා …. එහෙනම් හෙට හමුවෙමු නැවත.

*ok sir …. Good night..

Good Night කසුන්….

හ්ම්ම්…. අද දවස මම හිතුවට වඩා ප්‍රයෝජනවත් වුනා.. හෙට දවස තුල හුඟක් දේවල් අනාවරණය කරගන්න පුළුවන් වෙයි කියලා මට සහතික වශයෙන්ම කියන්න පුළුවන්. හ්ම්ම් (සුසුමක් හෙලමින්) බලමු බලමු…


පසුදින…

පාන්දරින්ම මිහිරාණි මෙනවිය මියගිය ගරාවැටුණු නිවසට යාබදව පිහිටි ගෙදරට මා දොරගුළු රහසිගත ලෙස ඇරගෙන කඩාවැදුනෙමි. මාස කීපයකින් ජනනාවාස නොවූ මෙම නිවස තුල එසේ පාළු ගතියක් පෙනෙන්නට තිබුනෙ නැත.
අඩුම තරමෙ මකුලු දැලක්වත් තිබුනෙ නැති තරම්ය. ආලින්දයේ සෝපාකවකට තම දඹර ඇඟිල්ල තබා පිරිමැද්දෙමි. නමුත් එකදු දූවිලි කැටයක් එහි නොවීය.
ඉඳුරාම නානකාමරයට ගොස් පරික්ෂා කෙරුවෙමි. හ්ම්ම්… නියමයි. සබන්කැටය සීතලයි ඒ කියන්නේ දින දෙකක් ඇතුලත සේදීම් කටයුතු කරලා තියනවා. මාස ගාණක් පාළුවට ගිහින් කියලා කියන්න පුළුවන්. එහෙම නිගමනය කරන්න පුළුවන් ගෙදර එලියේ පසුබිමෙන් විතරයි. ඇතුලෙ භූමිකාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. එතකොට කවුද මෙි රහසිගත ලෙස ජීවත්වෙන ගුප්ත පුද්ගලයා ….? මොකටද….?
වෙනත් කිසිම දෙයක් අසාමාන්‍ය නැහැ. හොඳයි … අපි බලමු කුස්සියට ගිහින්.

ඔීහ්…. නියමයි නෙ. මෙි ගෙදරත් ශීතකරණයකට අමතරව අධිශීකරණයක් තියනවා. බලමු ඇතුලෙ.
ශීතකරණය තුල කිසිවක් නොමැති අතර, එය විදුලි සැපයුමෙන් විසන්ධි කර තිබුනි.
අධිශීතකරණ ද එසේ විදුලි සැපයුම විසන්ධි කර තිබුනද , එහි දොර විවෘත කිරීමට නොහැකි ලෙස අගුල් දමා තිබුණි. ඒ වගේම කඩදාසි මුද්‍රාවක්ද එහි විය.
`` මොකක්ද මාධව මෙික ´´ මා මටම මුමුණා ගත්තෙමි. සෝදිසි කරපු ගෙවල් දෙකේම අධිශීතකරණයක් කිබුනා. ගෙවල් දෙකටම පොදු කරුණ එය වුනාට. ඒක හරිම අසාමාන්‍ය දෙයක් නෙ. මොකක්ද මෙි ආරවුල. ඒ කියන්නේ එකම චරිතයද මෙි දෙතැනක සැරිසරන්නේ…? එසේනම්
එතකොට මොකක්ද මෙි අධිශීතකරණ හුටපටය….?

මොහොතක් සෝපාව මත ඉඳගත් මා කල්පනා කරන්නට ගත්තේ. මෙි ප්‍රහේලිකාව තුල අමුතු ප්‍රශ්න ටිකක් ගැබ්ව ඇති නිසාවෙනි. හ්ම්ම්… ඊලගට නිවස තුල ඇති පාසටහන් පරික්ෂා කරන්න උත්සාහ ගත්තෙමි. වැඩක් නැහැ මාධව … පස්සෙන් පස්සට යනගමන් අතුගාලා තියනවා. එතකොට තියපු අඩිපාරවල් මැකෙනවා නෙ. හරිම කපටියෙක් තමයි. තම දම්පැහැති කුඩා විදුලි පන්දම හැමතැනටම එල්ලකර බැලුවෙමි. කිසිවක් සොයාගැනීමට මා අපොහොසත් විය. අවසානයේ සිවිලිමට
විදුලිපන්දම් එලිය ගැසූ පසු. එක් තැනක
අත්සලකුණු දෙකක් දක්නට ලැබුනි.
`` ජැක්පොට් මාධව ´´ ඔය තියෙන්නෙ බඩු… එහෙනම් මෙතනට ප්ලාස්ටික් පුටුවක් තියලා, සිවිලිමෙි හතරැස් කැටයක් ඉවත් කරලා , ඒ තුලට ගිහින් , ලීයක් ආධාරයෙන් පුටුව සෝපාව අයිනට කර, නැවත එම ආවරණ කැටය වඩා මෙතනින් නින්ම ගිහින්. නියමයි නියමයි..
ඔය තියෙන්නෙ … අත් සලකුණු මනාව පිරික්සුවෙමි. එහි දිගලළල මැන තම සාක්කුවට අත දමා කුඩා සටහන්පොත එලියට ගෙන ලියා ගත්තෙමි.

හ්ම්ම්… අපි බලමු කොතනින්ද එලියට ගිහින් තියෙන්නෙ. වහාම කොස්සක් ගෙන මාද මුලසිට පස්සෙන් පස්සට අතුගාමින් මගෙ අඩි සලකුණු සියල්ල මකමින් අවසානයේ කුස්සියට පැමිණ,
කොස්ස දොරමුල්ලේ අස්සට දමා , පිටුපස දොර විවෘතකර එලියට විත් ගේ වටේ රවුමක් ඇවිද ගියෙමි. හා මෙි තියෙන් බඩු. කියමින් එම මිදුල මත පස්වලට කාවැදුන පා සලකුණු වල දිග සහ පළල නූලටම මැන , එයද සටහන්කර ගත්තෙමි. බොහොම හොඳයි පොඩි පොඩි අතපසුවීම් ටිකක් කරලා තියනවා මෙි යෝධයා. ඒක අපිට කොච්චර වාසිදායකද. එහෙම තමයි ඉන්න ඔීන. අපිටත් පොඩි හරි අවස්ථාවක් දෙන්න ඔීන නෙ. එතනින් එහාට තිබුන පාසලකුණු ඉදුරාම ගොස් තිබනේ තාප්පය දෙසටය.

හොඳයි…. පෑල දොරෙන් නික්ම ගිහින්. මාර්ගයේ ඉදිරිපසින් ගියානම් හැමෝම දකින හන්දා පෑලදොරෙන් ආවගියාම කිසිම කෙනෙකුගෙ නෙත ගැටෙන්නේ නැහැ නොවැ. ඉතාම සැටකපට විදිහට තමයි හැසිරිලා තියෙන්නෙ. හරි…. මීට වඩා කාලයක්.මම මෙතන ගතකරොත් අසල්වාසීන් දකින්නට තියෙන අවස්ථාව වැඩියි. මමද ඒ තාප්පය වෙත පිම්මට පැන අතින් අතට තාප්පයේ දෙපස පෘෂ්ඨයන් වලට තබා අනෙක් පැත්තට පැන්නෙමි. මෙතනින් එහාට සලකුණු බලන එකේ තේරුමක් නැහැ. වහාම එතනින් නික්ම ගිය මා. ප්‍රධාන පාරට ගොස් තේ කඩයකට ⁣ඇතුළු වුනෙමි. තේ පානය අතරතුර තම සහයකයාට ඇමතුමක් ගත්තෙමි.

Hello….. good morning. කපිල මල්ලි

*good morning මහේෂ් මහත්තයා

මොකද… වැඩට යන්නද ලෑස්තිය…?

*ඔව්….

හොඳයි… ඔයාට අද ඇතුලෙ කරන්න විශේෂ දෙයක් තියනවා. පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න.

*ඒ මොකක්ද…?

අර ඇතුලෙ වැඩකරන (නි)ශාන්ත ගෙ සපත්තු දෙකෙ ප්‍රමාණය බලාගන්න . මම දන්නවා ඒක මැනගන්න බැහැ කියලා . හැබැයි අනුමාන කරන්න පුළුවන් නෙ. ඒකත් මට ප්‍රමාණවත්.

*හොඳයි මම උත්සාහ කරන්නම්.

Ok…. කපිල මල්ලි. එහෙනම් හවස හමුවෙමු.

ඇමතුම විසන්ධි කර . වහාම නැගිටගත් මා අවන්හලෙන් නික්මුනේ ඊලඟ කාර්ය සඳහාය. එනම් ඈත සිට ශාන්තව නිරීක්ෂණය කිරීමටය. රෝහල ඈත පේනමානයේ ගල්පුටුවක වාඩිවී , අවට තරඟකාරි පරිසරය දිහා බලාගෙන සිටියෙමි. විටෙන්විට ව්‍යායාමය පිණිස දෙතුන් දෙනෙක් වේගවත් ගමනින් ගමන් ගත්හ. ඇතැමුන් තම සේවා ස්ථානය වෙත කඩිමුඩියේ යන්නට විය. යතුරුපැදි හා වෙනත් වාහනද තර⁣ඟෙට මෙන් ගමන් ගනිද්දී ඒ අතරින් මා සෙව්වෙ එකම එක රුව ශාන්තම පමණි. බත් වයලට් ද කඩිනමින් කැඳ හා කඩල පිසමින් අලෙවිය කඩිනම් කරමින් පසුවුනාය.
හෝරාවක් පමණ අවට පරිසරය දෙස
බලමින් සිටිනවිට අපේක්ෂිතයා සෙනඟ අතරින් කඩිමුඩියේ තම බෑගයත් කරේ දමාගෙන එනවිට , යමෙකු මුහුණට මුහුණ හමුවන සේ ඇවිත් හිතාමතාම ඇ⁣ඟෙ හැප්පී යන්නට විය. `` සොරි ´´
කියමින් අතවනා පසුකර යන ඔහු පැවසූ වදන `` සොරි ´´ යනුවෙන් මා අනුමාන කලේ ඔහුගේ තොල්වල චලනය අනුවය.


අන්න මෑන්… කියමින් නැගිටගත් මා. ඔහු පසුපස හඹාගියෙමි. පේනමානයේ පමණක් දුර තබාගෙන හඹා යන්නට තරම් මා පරිස්සම් වුනෙමි. හෝටන් පෙදෙසට යාමට පටු මාවතක හැරුණු ඔහු එම පටු මාවත ඔස්සේ ගොස් කුඩා ගෙයකට වැටී ඇති පාරදිගේ ගමන් කලා
මාහට දැකගත හැකි විය. එතනින් එහාට දැන්ම යාම එතරම්ම හොඳ තීරණයක් නොවන බව වටහාගත් මා නැවත හැරී ආපසු ආවෙමි. මොහු ඉන්න තැන හරියටම බලාගන්න නම්
වෙනත් ආකාරයකින් එතනට මා යායුතුයි. එසේනම් මා පිටකොටුවට ගොස් මොනවාහරි විකිණීමට හැකි දෙයක්
අරගෙන ආ යුතුය. ප්‍රධාන මාවත ආපු සැණෙන් පිටකොටුව බස්රථයකට ගොඩවී අසුනක වාඩි වුනෙමි.


මද වෙිලාවකට පසු පිටකොටුවෙ දෙවන හරස් වීදිය වෙත ගිහින් කුඩා සෙල්ලම් බඩු කීපයක් මල්ලක දමාගෙන. නැවත මරදාන බලා පිටත් වී. තම රහස් නවාතැන වෙත ආවෙමි. මද වෙලාවකට පසු පරණ කොට කලිසමක් හා ටීෂර්ට් එකකින් සැරසී , බඩු මල්ලත් අතට ගෙන නැවත පයින්ම හෝටන් පෙදෙස වෙත යාමට ඇති පටු මාවතට අවතීර්ණ වී එහි පස්වන ගෙදර වෙත යන්නට විය. කුඩා නිවසක් එහි විය. මිදුලට ගොස් `` ගෙදර කව්ද………. ගෙදර කව්ද……..´´ යනුවෙන් හඬනගා කතා කරන විට කළුපැහැති යටි රැවුල වවාගත් තරුණ හාදයෙකු ගේ පිටුපසින් ඉදිරියට විත්

*ඇයි…..?

මාතියා. ෂෙල්ලම් බඩු තමා තියනවා.
අඩු කරලා දෙනව. ගන්න.. ගන්න..
සින්න කාර්, පෙරිය කාර් , නලාව , ටොයිෂ් බඩු හුගක් තීනවා මාතියා….

*සෙල්ලම් කරන්න මෙහෙ ළමයි නැහැ.
ඉන්න ළමයි ලොකු ලොකු සෙල්ලම් තමයි කරන්නේ…. යනවා යන්න.

ෂාහ්හ්හ්හ් මරුනෙ යේකත්. ලොකු ළමයාට ෂෙල්ලම් කරන් එකක් ගන්න මාතියා… ( ඒ අතර තුර ඔහුගේ ගෙලවට ඇති මාලය දෙස බැලුවෙමි. එහි කුඩා නාම පුවරුවක්ද විය )

*මෙි…. මම දැන් සැරයක් කිව්වා නේද…? පව් නොදී යනවා යන්න …

ෂරි ෂරි සර්…. කියමින් එතනින් නික්ම ගියෙමි. වැවත හැරී , ප්‍රධාන මාවතට ගොස් එතනින් පසු ඉඳුරාම ආවෙ තම රහස් නවාතැන වෙතටය. සියළුම ඇඳුමි උනා දමා සාමාන්‍ය ඇඳුමක් ඇඳගත් මා පුටුවක වාඩීවී මෙතෙක් මා මුහුණ දුන් සිදුවීම් ටික. මෙනෙහි කරන්නට විමි.

එහෙමනම් මම හිතුවා වගේම මෙික ජාලයක්. හොඳයි අපි බලමු…

මතු සම්බන්ධයි…….



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now