⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 26 වන දිගහැරුම ⸎

`` මිනීමැරුම් සිද්ධිය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**ඔව් සර්…. අපි කලින් ගිහින් N House එකේ ස්ථානගතවෙලා ඉන්න එපැයි.

ඔව් ඇත්ත වශයෙන්ම…
එහෙනම් දෙන්නම වත්තල බීච් එකේදී හමුවෙමු.. ජයවේවා …


මෙතැන් සිට….

උදෑසන දහයේ කනිසමට ලඟාවෙත්ම මම සමඟ නියෝජිත J50 සිටියේ වත්තල පිහිටි අප N House විවෙිකාගාරය තුලය.
එහෙනම් සුපුන් අපි වැඩෙි පටන්ගමු.
කියමින් තම සහකයා වෙත මිස්කෝල් එකක් ගැසුවෙමි. මද වේලාවකට පසු
සිහිසුන්ව සි⁣ටි සයුරි මෙනවිය ඔසවාගෙන
දොරටුව ලඟ සිටියේ කසුන්ය.

**සර් සනාථකිරීම සාර්ථකයි …

හ්ම්ම් එහෙනම් ගන්න ඇතුලට….

හරි… කසුන්… ඔය මිස්ව තියන්න ඔය සෝපා එකෙන් හෙමිහිට…

කෝකටත් කසුන්… ඔය වතුර ටිකක් ඉහලා දාන්න මොකද කාලවේලාව සීමිතයි නෙ…

***නාරද… අ අ… අ අ..පි කොහෙද මෙි..?
කවුද මෙි දෙන්නා …?

හා හා… සයුරි මිස්… කලබල වෙන්න එපා.

***නාරද…. මම ඔයාගැන මෙහෙම හිතුවෙ නම් නැහැ. මට යන්න දෙන්න..

සයුරි මිස් කලබල නොවී මම කියනදේ අහන්න. අපි ඔයාට කරදරයක් කරන්න අරගෙන ආවා නෙමෙි. එහෙම කරනවා නම් , මෙි වෙනකොටත් ඔයාගෙ අතපය බැඳලා දාලා විතරක් නෙමෙි කටටත් පාංකඩ ඔබලා… ඒ හන්දා මම කියන දේ කරුණාකරලා සිහිබුද්දියෙන් අහන්න ….

***මොනවද තමුසෙලාට මගෙන් දැනගන්න ඔීන….?

කසුන් … මේ මිස්ට වතුර ටිකක් දෙන්න…

මොකද මිස් මගෙ දිහා සැකයෙන් බලන්නෙ… ඔීකෙ වස නැහැ. නිකංම නිකං වතුර විතරයි තියෙන්නෙ. එහෙම
සැකයි නම් , නාරද ඔීකෙන් වතුර ටිකක් බීලා පෙන්වන්න …

හරි නේද…. හොඳයි ඔය මිස් ඔීක බීලා ඉන්නකො….

තම දෝතට වතුර වීදුරුව ගෙන එක හුස්මට ඈ පානය කලාය…

හරි… බොහොම හොඳයි….

***නාරද … මම හිතුවෙ නැහැ ඔයා මට මෙහෙම දෙයක් කරයි කියලා ….?

*සයුරි …

කසුන් මහත්තයා … ඉන්න මම කියන්නම්.

***කසුන්… ? මොන කසුන් ද….?

හරි හරි නාරද… නාරද… ඉවරයිනෙ කතාව. හරි….. මම කියන්නම්. මම අපරාධ පරීක්ෂක තේනුවර. මෙි ඉන්නෙ සුපුන් මහත්තයා වගේම , මෙි ඉන්නෙ කසුන්… එහෙමත් නැත්නම් ඔයා දන්න නාරද… අපි ජනාධිපති යටතේ විතරක්ම
ඉන්න සන්නද්ධ බුද්ධි අංශයක සාමාජිකයින්. අපි ආවෙ ඔයාගෙ හොඳම යාළුවා වන මහිරානි වත්සලා මිස්ගෙ ඝාතනය ගැන විමර්ශන කටයුතු කරන්න.

***මම කොහොමද ඔයාලව විශ්වාස කරන්නේ….?

හරි…. මෙහෙමයි මෙතෙක් කතාව. මිහිරාණිව මැරුවෙ දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න ප්‍රියාන් බංඩාර නොවන වගත් , ඒ මිනීමැරුම කලේ සම්පූර්ණ කළුපැහැති ඇඳගත්
ඇන්ටනී කියන පුද්ගලයා බවත්, ඒක කරන්න පිහියක් වගේ ආයුධයක් යොදාගත්ත බවත්, එම ආයුධයෙන් බඩට අයින වෙලාවෙ මිහිරාණි තම නියපොතු පාරක් ඒ මිනීමරුවගේ මුහුනේ සලකුණු කරා කියලත් අපි දන්නවා. තව දේවල් හුඟක් තියනවා. එය ප්‍රමාණවත් ද. ඔය නෝනට…?

***හරි හරි…. ඇති ඇති…. මට දැන් පැහැදිලියි ඔයාලා ගැන.

*සමාවෙන්න සයුරි ….

***කමක් නැහැ නාරද…. එතකොට ඔයාගෙ සැබෑ නම කසුන් ද…?

*ඔව් සයුරි …. සමහර දේවල් අපිට ප්‍රකාශ කරන්න බැහැ මෙි වෙලාවෙ.

සයුරි මිස්… කසුන් මම රෝහලට එව්වෙ
ඔයාගෙ ආරක්ෂාවට. මොකද මම දන්නවා ඔයා ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ කියලා. ශාන්ත වගේ අය ඔයාට බැල්ම දාගෙන ඉන්නෙ කියලා අපි දන්නවා.

***මගෙ ආරක්ෂාවට කසුන් … මෙයා..?

ඔව් …. ඇයි හොඳ නැද්ද …?

***හොඳයි…. මම ඔයාලට මොකක් කියලද කතා කරන්න ඔීන….

ඔයාට කැමති නමකින් කතා කරන්න පුළුවන්. ඒකට කමක් නැහැ …

***හොදයි ඔෆිසර්….

හැබැයි ඔයා මීට වැඩිය පරිස්සමෙන් ඉන්න වෙනවා…. මොකද කසුන්ට ඔයාව ආරක්ෂා කරන්න පුළුවන් රෝහලේදී විතරයි. නවාතැනේදී බැහැ.

***මොකක්ද ඒ කතාවෙ තේරුම…

ඔයා ඉන්න තුඹසෙ ලොකු නයෙක් ඉන්නවා . නයෙක් කිව්වට හැපින්නක්..
කොයිවෙලේ දස්ඨ කරයිද දන්නෙ නැහැ.

***හැපින්නක් ….

ඔව් හැපින්නක් …. මම කියන්නේ ඇත්තද , බොරුද කියලා ඔයා තීරණය කරන්න අර පැත්ත දිහා බලලා….

මෙතෙක් වෙිලා මා සංවාද කලද. මගේ ඇස් යොමුවී තිබුනේ. ජනේලයෙන් එහා කලබලයෙන් වටපිට බලන සේපාලිකා දෙසය…

එසැණින් ජනේලය දිහා බලපු සයුරි මෙනවිය, පුදුමයට පත්ව තම දෙඅත්වලින් මුව සහ නාසය වසාලීය.

***දෙයියනේ ….. සේපාලිකා නේද…?
එයා මොකද මෙහෙ කරන්නේ …?

පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා , වන්දනාවේ ගිය සමනළුන් හොයනවා…


**අප පස්දෙනා දිහා බල බලා….

ඒක අළුත් සිංදුවක් සුපුන් …?

**ඔව් සර්..

ඉතින් වන්දනාවේ ගිය සයුරි සමග කසුන් පසුපස ආවත්, ආගිය අතක් නැති හන්දා, සේපාලික ආතරමං වුණා.. මොකද මේ සමනළුන් දෙන්නා දැන් ඉන්⁣නෙ හැංගිලාන. ඉතින් සේපාලිකාට ඒක පේන්නෙ නැහැ.

සුපුන් මහත්තයා ඔය ජනේල් කර්ටන් එක වහලා දාලා , කැමරා ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න. මොකද සේපාලිකා වන්දනාවෙ ගිය සමණලුන් මෙි මල්ගහේ නැවතිලා ඉන්නවද කියලා විපරම් කරයි..

**ok sir…

***මට පැහැදිලිව කියන්න ඔෆිසර් මොකක්ද මේ වෙන්නේ? කවුද මේ අය..?

ඔයා ළඟ යමක් තියෙනවා ලෝකයාට වසන් කරලා තියෙන. ඒක ගන්න විවිධ අයුරින් විවිධ පුද්ගලයෝ ඔයා හමුවට එනවා. නමුත් උන්ට හරියටම සැකයි ඒක ඔයාලඟ තියෙනවද කියලා. එහෙම ඔයාලඟ හරියටම තියෙනවා කියලා. විශ්වාස නැති හින්දා තමයි ඔයා තාමත් ජීවතුන් අතර ඉන්නේ. මිහිරාණි මිස්ගේ මරණයට සම්බන්ධ. ප්‍රබල සාක්ෂියක් ඔයාලග තියෙනවා කියලා අපි දන්නවා. ඒක, අපිට වගේම උන්ටත් අත්‍යවශ්‍ය සාධකයක්. මොකද දැන් නම් කරලා ඉන්න අපරාධකාරයා, එහෙම නැත්තං සැකකරු, මම කියන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න කොල්ලා ගැන. මොකද ඒ කොල්ලා නොවෙයි මේ මිනිමරුම කළේ කියලා ඔප්පු කරොත්. නැවත මේ ප්‍රශ්නය අලුතින් ඇවිස්සිලා එනවා. එතකොට මොකද වෙන්නේ නැවතත් පූර්ණ විමර්ශනයක් මේක ඇරඹෙනවා. ඒක උන්ට ලොකුම අවාසිදායක තත්වයක් වෙනවා. ඒ හින්දයි ඊට අදාල ඔප්පු කර හැකි ප්‍රබල සාක්ෂියක් ඔයා ළඟ තියෙනවද කියලා සොයා බැලීම තමයි මේ දිනවල උන් කරන්නේ. ඒ සොයා බැලීමේ ප්‍රධාන ඔත්තු කාරිණියක් තමයි සේපාලිකා කියන්නේ. අපි දන්නවා ඔයාට එයා හුඟාක් හිතවත් වෙලා මේ විද්දීන් ඉන්නේ. ඒ යටි අරමුණ තමයි ඔය සාක්ෂි සහිත ෆෝන් එක ලබාගන්න එක. ඒක ලබාගත්තාට පසු. විශ්වාස කරන්නේ මිස් ඔයා ඒක විනාඩියක්වත් මෙි ලෝකේ ජීවත් වෙන්නේ නෑ කියන එක. අන්න ඒක නවත්තන්න ඔයාගේ ආරක්ෂාවට තමයි මම මෙි කසුන් නැත්නම් නාරද ඔයාගේ ළඟින්ම තියලා තියෙන්නේ.

***මම ලඟ එහෙම මොකුත් නැහැ. ඒක ඔයාලගෙත් එයාලගෙත් අදහසක්ම විතරයි..

මෙි බලන්න සයුරි මිස්….. මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්නේ එක බොරුවක් කියලා. ඔයා සතුව එහෙම දෙයක් නැහැ කියලා මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න. එතකොට මම පිළිගන්නම් ඔයා කියන්නේ ඇත්තක් කියලා…පුළුවන්ද ඔයාට එහෙම කරන්න මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කියන්න. ජීවිත සිය ගාණක් සමහර විට දහස් ගාණක්. මේ වනවිට ලෙඩ රෝග , අනතුරු වලින් බේරගන්න තමන්ගේ සක්‍රීය දායකත්වය දුන්, හෘද සාක්ෂියක් තියෙන ඔයාට , එහෙම පුළුවන්ද අවංක නිලධාරියෙක් ගෙ ඇස් දෙක දිහා බලාගෙන බොරු කියන්න…?

හරි… ඒ සේරම පැත්තකින් තියමු...
ඔයාට පුළුවන්ද කිසිම වරදක් නොකරපු, අර අහිංසක කොල්ලා, සදාකල් සිරගෙදර දුක් විඳිනවා දකින්න. මොකක්ද ඒ තරුණයා කරපු වැරැද්ද...?
ඔයාගේ හොඳම මිතුරා බේරගන්න ආපු එකද...? ඒ ඇවිත් නොකරපු වරදකට වන්දි ගෙවන එකද...? බලන්න මට හදවතට එකඟව උත්තරයක් දෙන්න…

***ඇති ඇති ඔීක නවත්තන්න...
මම දන්න සියලුම දේ , මම ඔයාලට කියන්නම්. මේක ටිකක් අමුතු කතාවක් කියලා ඔයාලට හිතෙයි. නමුත් මේක තමයි ඇත්ත කතාව. මෙච්චර කාලෙකට කිසිම කෙනෙකුට කියන්න බැරි උන කතාව.

අපි පුදුම වෙන්නේ නෑ මිස්... මොකද ඒකට හේතුව.. මේ වගේ තත්වයකදී කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ. හරි කවුද..? වැරදි කවුද...? අවංක කවුද...? වංක කවුද...? කියලා තෝරා බේරගන්න හරිම අසීරුයි කියලා අපි දන්නවා. හැබැයි මේ ප්‍රශ්න. කවදා හරි කොතනදි හරි කෙළවරක් දකින්න ඕන නේද...? ඔය හිතේ තියෙන සියලුම දේ , අපිට කියලා හිතේ බර නිදහස් කරලා සැහැල්ලු වෙන්න බලන්න. ඔයාගේ ජීවිත ආරක්ෂාව ගැන. මමයි, නාරදයි ,මගේ සෙසු සාමාජිකයනුයි , බලාගන්නවා කියලා මම පොරොන්දු වෙනවා.

***හරි හරි ඔෆිසර්.. මම කියන්නම්....
මිහිරාණි යි, මමයි හොඳම යාලුවෝ.
කවදාවත් අපි අතර රහස් තිබුණේ නෑ.
එයාගේ හැම රහසක්ම මට එකක් නෑර කියලා තිබ්බා. එයා වවුනියාව හොස්පිටල් එකේ වැඩ කරන කාලේ ඉඳන් එයාට එස්අයි රවින්ද්‍ර කියන පොලිස් නිලධාරියා. සෑහෙන්න බලපෑම් කරා.
මිහිරාණිව නම්ම ගන්න සෑහෙන දේවල් කරා.

අවසානයේදී මිහිරාණි අක්කා තීරණය කරා පුළුවන් තරම් ඉක්මනට මාරුවීමක් හදාගෙන , මරදාන රෝහලට එන්න. ඒක එයාගේ තාත්තගේ, හිතමිතුරන්ගේ ඉහල සම්බන්ධතාවය අනුව කරගන්න පුළුවන් වුණා. හැබැයි එස් අයි රවින්ද්‍ර මෙයාට කොතනින් හෝ වරදිනකම් ඇහැ ගහගෙන හිටියා. එක දවසක් කරුමෙට වාගේ විශේෂඥ වෛද්‍ය දුනිත් එක කරපු ශල්‍යකර්මයක් වැරදුනා. ඒකෙන් දෙන්නම අපහාසතාවයට පත්වුණා. ඒ වෙද්දී මේ ශාන්ත කියන මිනිහා. එස් අයි රවින්ද්‍රගේ ඔත්තු කරුවෙක් කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. මේ සියලුම තොරතුරු එක් රැස් කරගෙන සිටින බවක් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ඒක අත්වැරදීමක්. ඒ වගේ ඕන තරම්. වෛද්‍යවරුන්ට හෙදියන්ට තමන්ගේ. වෘත්තීය ජීවිතය තුළ වෙනවා. ඒ ශල්‍යකර්මයෙන් වෙච්ච සුළු වැරදීමක් හින්දා ඒ මනුස්සයා මිය යනවා. එයා රටේ ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙක්. ඉතින් දවසක් එස්අයි රවින්ද්‍ර ඇවිත්, තමන් ළඟ තියෙන සියලුම සාක්ෂි පත්තර වලට , රූපවාහිනී චැනල් වලට , රේඩියෝ චැනල් වලට වගේම නඩුවක් ගොනුකර උසාවියට ඉදිරිපත් කරන බවට තර්ජනය කරා.

ඉතින් කොහොම හරි අකමැත්තෙන් වුවද මිහිරාණි අක්කට එස් අයි රවින්ද්‍රගේ යෝජනාවට කැමති වෙන්න සිද්ධ වුණා. එතනදි යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තිබුණා. පළවෙනි එක අනියම් ඇසුරක්.
දෙවෙනි එක මත්ද්‍රව්‍ය ජාවාරමකට හවුල් වෙන්න කියලා..ඉතින් මේ ගැන කල්පනා කරලා උත්තරයක් දෙන්නම් කියලා. මිහිරාණි අක්කා ලෙඩ නිවාඩු දාලා දින දහයක් රාජකාරියෙන් මිදිලා, හුදෙකලාවම වාසය කළා. මියගිය දවසේ උදේ මට එන්න කියලා මේ සියලුම දේවල් මට විස්තර කළා.

ඉතින් ඊට පස්සේ ….?

අද හවස මම තීරණයක් ගන්නවා කිව්වා. මම ඇහැව්වා ඒ මොකක්ද කියලා. ඒකට මට උත්තරයක් දෙන්න බැහැ කිව්වා. හැබැයි හරියටම රෑ හතහමාර වෙද්දින් එයාව මුණ ගැහෙන්න මට එන්න කිව්වා. එහෙම ඇවිත් එයාගේ ෆෝන් එක ගෙට ඇතුල්වෙන තැන තියෙන වීදුරු කබඩ් එකේ තියනවා. ඒක අරගෙන ඉක්මනට දුවන්න . දුවගෙන ගිහින් මගෙ බෝඩිමට යන්න කිව්වා. ඒ වෙනකොට එතන මොනම සිදුවීමක් වෙලා තිබ්බත්, නවතින්න එපා කියලත් කිව්වා. විනාඩියක්වත් පරක්කු වෙන්නත් එපා. හත හමාරටම එන්න කිව්වා. ඉතින් හරියටම රෑ හතහමාර වෙද්දී මම මිහිරාණි අක්කගේ බෝඩිමට ගියා.
ගිහින් බලනකොට ගේ ගිණි ගන්නවා.
දොර ඇරලා තිබ්බෙ.. මම ඇතුලට යනකොට පිරිමි කෙනෙක් වැටිලා හිටියා. ඊට ටිකක් එහායින් මිහිරාණි අක්කා වැටිලා හිටියා. මම කිසිම දෙයක් ඇල්ලුවෙ නැහැ කෙලින්ම ගිහින් කබඩ් එකේ තිබුන ෆෝන්එක අතට ගත්තා. අරගෙන බලනකොට ඒකේ වීඩියෝ රෙකෝඩින් ඔන්කරලා තිබ්බෙ. මම ඊට පස්සේ වීඩ්යෝ එක ඔීෆ් කරලා ෆෝන් එකේ මෙමරිකාඩ් එකට සේව් කරලා, මෙමරිකාඩ් එක ගලවලා, එලියට ඇවිත් ෆෝන් එක ලිඳට දාලා කළුවරේම දුවගෙන මහපාරට ඇවිත් , වීල්එකක නැගලා ගෙදර ආවා. ඒ ඇවිත් මෙමරිකාඩ් එක පරිස්සමෙන් අරගෙන තිබ්බා . සතියකට පපස්සේ අරගෙන මගේ ෆෝන්එකට දාලා බලපුවාම සම්පූර්ණ සිද්ධිය ඒකේ පටිගත වෙලා තිබ්බා. නමුත් ඒකේ මුලින්ම මිහිරාණි අක්කා මගෙ නම කියලා කියනවා.
`` සයුරි නංගියේ .. කවදාහරි මෙි වීඩියෝ එක ඉල්ලගෙන විවිධ අය එයි. නමුත් හදිසි වෙන්න එපා. ඒ අය අතරින් හරිම කෙනා තෝරගෙන මෙික දීලා දාන්න. එතකම් අවුරුදු ගාණක් හරි නිහඬව ඉන්න ´´ කියලා …

ඉතින් සයුරි මිස් හරිම කෙනා හම්බවුනාද…?

***ඔව් ඔෆිසර් … මම හිතනවා. මම හිතුවට වඩා ඉක්මනින් මට හරිම අය හමුවුනා කියලා.

හ්ම්ම්… අපි මෙච්චර කලින් එන්නෙ නැහැ. නමුත් අර නිර්දෝශි කොල්ලව එලියට දාන්න ඔීන. අපිව පාලනය වෙන්නෙ ජනාධිපති හා ආරක්ෂක ලේඛම් ගේ අණසක යටතේ විතරයි. එතනින් පහල මොන කෙරුමෙක් වුනත් , වැරදිනම් සොරි තමයි. කිසිම කෙනෙක් අතහරින්නේ නැහැ . අපිට තනතුරු , තරාතිරම් අදාලම නැහැ. මිහිරාණි මිස් ගියා.. නමුත් තවදුරටත් මෙතනින් එහාට අකාලයේ මැරෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ . එහෙම නේද කසුන්…

*ඔව් සර්….

***ඇත්තටම ඔයාගෙ නම කසුන්ද…?

*ඔව් සයුරි …. ඔයා බයවෙන්න එපා. මෙි ප්‍රශ්නය ඉවර වෙනකම් ඔයාගෙ ආරක්ෂාව ගැන මම බලාගන්නවා . (ආගේ අතක් තම දෑතින්ම අල්ලාගෙන)

***ඇත්තටම මට සතුටුයි කසුන්… මම ඔයාව තදින්ම විශ්වාස කරනවා..

*තවමත් ….?

***ඔව් දැන් ඉතා තදින්ම .. ( මද සිනහවකින් )

*මම ඒ විශ්වාසය රකිනවා….

**හරි හරි ඔය දෙන්නා රොමැන්ටික් වුනා ඇති. ඔය මිස් ඇන්ටික් අපි ගැන හිතලා.
සාධාරණයක් කරන්න ….

***ඔව්… (සිනාසෙමින් ) ඔෆිසර් ….
අපි මෙි අපරාධ නවත්තලා දාමු. මම ඒ මෙමරිකාඩ් එක හංගලා තියෙන්නෙ. ඒක ඔයාලට දෙන්නම්. ඊට පස්සේ මිහිරාණි අක්කගෙ නාමයෙන් උන්ව සේරම මහඋළුගෙදර දක්කන්න ඔයාලා මැදිහත් වෙලා…

ඔය නෝනා හිතනවද අපි එයාලව මහඋළුගෙදර යවනවා කියලා ….?

***ඒ ඒ එහෙම නෙමෙිද. කරන්නේ ….

හපොයි නැහැ. එයාලා කෙලින්ම පෘතුවියෙන් එලියට යවනවා. ඔයා හිතන්න එපා . තම තමන්ගෙ යටි අරමුණ වෙනුවෙන් මෙච්චර කාලයක් වටිනා ජීවිතය රාශියක් විනාශ මුඛයට ඇදලා දාපු එවුන් අපි පණ පිටින් තියයි කියලා. ඒක නම් ඉතින් හීනයක්ම තමයි. ඔයාට දැන් වුනත් බලාගන්න පුළුවන් මෙි ස්ක්‍රීන් වලින් . මම එක කෝල් එකයි දෙන්නෙ. සේපාලිකා නෝනා චකබ්ලාස්ට් වෙන හැටි. හැබැයි අර කොල්ලව එලියට ගන්නකම් අපි මොකුත් කරන්නේ නැහැ.
මෑන්ව එලියට ගතතට පස්සේ ඔය සේරම
අපේ කුණාටුවට අහුවෙනවා.

***හරි හරි… මම ඒ මෙමරිකාඩ් එක කසුන්ට දෙන්නම්.

*කසුන් ….? කසුන් නෙමෙි මම නාරද.. බැරිවෙලාවත් ඒ නම කියන්න එපා…..

***හරි හරි…නාරද. ඔයාලා දන්නවද.
දැන් වුනත් මගෙ බෝඩිමෙි, මගෙ කාමරයේ මෙිසය උඩ ඒක තියනවා.
හැබැයි කවුරුවත් ඒක මෙමරිකාඩ් එකක් කියලා හිතන්නේ නැහැ. ඒක ඒ තරම්ම නිර්මාණශීලී විදිහට විසිතුරු භාණ්ඩයක් විදිහට තමයි තියෙන්නෙ.

හොඳයි හොඳයි…. අපිට ඒක හෙට ලැබුනොත් ඇති… එහෙනම් අපි සමුගනිමු .. මතකතියාගන්න මිස්. ඔයා අද ඉඳලා, වෙනදා හිටියා වගේම ඉන්න . කට පරිස්සම් කරගන්න. ඒ වගේම තමන් ලඟ සේපාලිකා නෙමෙි කවුරු හිටියත් බයවෙන්න එපා. එහෙම වුනොත් උන්ට සැක හිතෙයි. ඩොක්ටර් දුනිත්ව බෙිරගන්න අපි කටයුතු කරමින් පවතිනවා. එච්චරයි දෙන්නා සාමාන්‍ය විදිහට වෙරළ අසිරිය විඳලා ගෙදර යන්න.

නාරද ….

*සර්….?

එක්කන් යන්න මෙයාව. මලක් වගේ බලාගෙන. ලස්සනට ගිහින් දාන්න බෝඩිමට…

*හරි සර්…..

දෙන්නම ගියාද සුපුන් මහත්තයා …

**ඔව් සර්…..

මොකද හිතෙන්නේ ….?

**සර් වැඩෙි කෙරුනා තිතතටම


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now