අද්භූත කතා පෙලක පලමු වැන්න.(The 1st Episode In A Series Of Mysterious Stories)

අබිරහස් යුවතිය (The Mysterious Girl)

කෙටි කතාවකි.

කර්තෘ-රුවන් චින්තක

ඒ 1880 වර්ෂයේ ඔක්තෝබරයේ එක් අඳුරු වැසි සහිත රාත්‍රියකි.මා මාගේ නිවසේ උඩු මහලේ කුටිය තුල බීර ස්වල්පයක් තොල ගාමින් පුවත්පතක් කියවමින් සිටියෙමි.එය මුළු ලන්ඩනයටම විශාල වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබූ වකවානුවකි.

අධික සුළං හේතුවෙන් රූස්ස ගස් මිහි මත පතිත වී මාර්ග මුළුමනින්ම අවහිර වී තිබිණ.අතොරක් නොමැතිව ඇද හැලෙන මහා වර්ෂාව හේතුවෙන් වීථියට යාමටද නොහැකි තත්ත්වයක් උදා වී පැවතිණි.

එපමණක්ද නොව අකුණු සැර ආලෝකයෙන් හා ගෙරවුම් හඬින් මුළු පරිසරයම පිරී ඉතිරී ගියේය.

මේ මොහොතේ නිවසේ සීනුව නාද වනු ඇසුනු බැවින්ම මම මඳක් වික්ෂිප්ත වූයෙමි.මෙවැනි අවස්ථාවක නිවසේ සීනුව නාද කරන්නේ කවුරුන්ද යන්න මා හට සිතා ගැනීමටවත් නොහැකි විය.මම ලන්තෑරුම ද දල්වා ගෙන කුටියෙන් පිටවී තරප්පු පෙල බැස විසිත්ත කාමරයට පිවිසියෙමි.

කිහිප වාරයක්ම සීනුව නාද වූ බැවින් මම දෙවරක් නොසිතාම ද්වාරය විවර කලෙමි. දම්පැහැති දිගු ගවොමකින් සැරසී සිටි අතිශය ශෝභාසම්පන්න තරුණියක් මාගේ නිවසේ ද්වාරය අසල සිටගෙන සිටියාය.ඈ මුළුමනින්ම තෙත බරිතව සිටි අතර ඈ ගවොමට පිටතින් ස්වීටරයක් ගත දවටා ගෙන සිටියාය.

ඇය නෙත ගැටෙත්ම මාහට ඇති වූයේ විෂ්මයකි.මෙතරම් සුන්දර තරුණියක් රාත්‍රියේ තනිවම පැමිණීම පුදුමයක් නොවන්නේ ද..?

"මෙනවිය ඔබ හොඳටම තෙමිලා ඉක්මනින් ඇතුලට එන්න..."

මම කීවේ මඳක් සන්සුන් වෙමිනි.

"ස්තූතියි ඔබට..."

එසේ කියමින් ඇය නිවස තුලට ඇතුළු වූවාය.

"අසුන් ගන්න මෙනෙවිය..."

ද්වාරය වසා දැමූ මම ඇයට හිඳගැනීමට අසුනක් පෙන්වා ගිනි උඳුනට තවත් ගල් අඟුරු එක්කලෙමි.

ඇය ගත දවටා තිබූ ස්වීටරය පසෙක තබා ගිනි උඳුන අසල වූ සුව පහසු අසුනක හිඳ ගත්තාය.

"ඔබ මේ රාත්‍රියේ කොහේ යන ගමන් ද..?"

මම ඇසුවෙමි.

"ඊට ප්‍රථම මම කවුද කියා ඔබට හඳුන්වා දෙන්නම්.මම ජෙෆ්රි ටෙරකාන්ස් ආදිපාද තුමාගේ දියණිය.ජූලියා ටෙරකාන්ස්..."

ඇය කීවාය.

"සමාවෙන්න ආදිපාද තුමියනි මම ඔබව හඳුනා ගත්තේ නෑ..."

මම කීවේ කණගාටුවට පත් වෙමිනි.

"ඒකට කමක් නෑ..."

ඇය කීවාය.

"ඉතින් පවසන්න ඔබ මේ රාත්‍රියේ තනිවම කොහෙද යන්නේ..?"

මම ඇසුවෙමි.

"මං මගේ මිතුරියකගේ විවාහ උත්සවයකට ගිහින් නිවසට යමින් සිටියදී වර්ෂාවක් ඇද හැලුනා.වර්ෂාව නිසා මාර්ගය අධික ලෙස ලිස්සන සුලු බැව් රථයේ රියදුරා පැවැසුවා.එසේ පවසා මද වේලාවක් ගත වන්නටත් පෙර රථය මාර්ගයෙන් ඉවතට පැන විශාල ප්‍රපාතයකට පෙරලුනා.මම රථයෙන් ඉවතට පැන ගත්තා.රියදුරා අසුන් දෙදෙනාත් සමඟ රථය ප්‍රපාතයට පෙරළී ගියා මහත්මයා..."

ඇය කීවේ එක හුස්මටය.

"හැබෑට...! ඔබට අනතුරක් සිදු නොවීම ගැන දෙවියන්ට ස්තූති වන්ත වෙන්න ඕන ආදිපාද තුමියනි..."

"මම කීවෙමි.

"ඒක බොහෝම භයානක අනතුරක් මහත්මයා.මං යහතින් ඉන්න එක ගැනත් මට පුදුමයි..."

ඇය කීවේ අතිශය භීතියකිනි.

"සන්සුන් වෙන්න ආදිපාද තුමියනි.මම ඔබට බ්‍රැන්ඩි වීදුරුවක් ගෙන එන්නම්..."

එසේ කියූ මම බ්‍රැන්ඩි ඩිකැන්ඩරයෙන් බ්‍රැන්ඩි ස්වල්පයක් කුසලානකට පුරවා ඇයට පිළිගැන් වූයෙමි.

"ඔබට ස්තූතියි..."

"මම ජෙෆ්රි ටෙරකාන්ස් ආදිපාදතුමා ගැන අසා තිබෙනවා.ඔහුට රූමත් දියණියක් සිටින බව අසා තිබුනත් අද තමයි ඔබව හැබැහින් දුටුවේ..."

"මම සාමාන්‍යයෙන් නිවසින් පිට වෙන්නේ විශේෂ අවස්ථාවලදී පමණයි.ලන්ඩනයෙන් ඈතට කොහෙත්ම ගිහින් නැහැ මහත්මයා. ඔබේ ආගන්තුක සත්කාරවලට ස්තූතියි. ඔබේ නම මොකක්ද..?"

"මම සිල්වෙස්ටර් ජොහැන්සන්..."

බොහොම හොඳයි.ඔබව හඳුනාගන්න ලැබීම සතුටක් මහත්මයා..."

"මටත් සතුටුයි ආදිපාද තුමියනි.ඔබට ආගන්තුක සත්කාර කරන්න ලැබීම මා හට ගෞරවයක්..."

අඩ හෝරාවක් පමණ අප දෙදෙනා පිලිසඳරේ යෙදී සිටියෙමු.

ඉන්පසු ඈ අසුනින් නැගී සිටියාය.

"මහත්මයා වැස්ස නතර වෙලා වගේ.මං දැන් යා යුතුයි.ඔබ මට කළ උපකාර වලට මා නැවතත් ස්තූතිවන්ත වෙනවා.එහෙනම් ඔබට සුභ රාත්‍රියක්..."

පසෙක තබා තිබූ ස්වීටරය ගෙන ගත දවටා ගත් ඈ නිවසින් පිට වීමට ද්වාරය අසලට ගියාය.

"ආදිපාද තුමියනි මේ රාත්‍රියේ ඔබ තනියම යන්නේ කොහොමද..?"

මම ඇසුවේ වික්ෂිප්තවය.

"මා වෙනුවෙන් රථයක් සූදානම් මහත්මයා. කරුණාකරලා මට යන්න ඉඩ දෙන්න..."

"හොඳයිමයි ආදිපාද තුමියනි..."

මම ඇයට සුභ රාත්‍රියක් පතා නිවසේ ද්වාරය විවර කලෙමි.

"ස්තූතියි.."

එසේ කියමින් ඈ නිවසින් පිට වී වීථියට පිවිස අඳුරු සෙවණැලි අතර අතුරුදහන් වූවාය.

මම ද්වාරය වසා දැමුවෙමි.ඇයට තනිවම යාමට ඉඩදීම පිළිබඳව මම කණගාටුවට පත් වුණෙමි.ඇය කොතරම් සුරූපී තරුණියක් ද..?

මෙසේ සිතමින් මම නැවතත් උඩුමහලේ මාගේ කුටිය තුලට ගියෙමි.

මා පෙර කියවමින් සිටි පුවත්පත පෙරළාගත් මම එය කියැවීමට පටන් ගතිමි.

එහි විශේෂ යමක් නොතිබූ බැවින් 'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පත සුරතට ගතිමි.එහි මුල් පිටුවේ පළ වී තිබූ පුවතට මාගේ නෙත දිව ගියේ නිතැතිනි.

"එංගලන්තයේ ලන්ඩන් නුවර ජෙෆ්රි ටෙරකාන්ස් ආදිපාදවරයාගේ සුරූපී දියණිය ජූලියා ටෙරකාන්ස් ආදිපාද තුමිය ඊයේ රාත්‍රියේ රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත."

එය කිය වූ මාගේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වාම හිරියක් ඇදී ගියේ මා සලිත කරවමිනි.

දෙවියනේ...! ඇය මිය ගිහින්.එසේ නම් මීට සුළු මොහොතකට පෙර මාගේ නිවසට පැමිණියේ කවුරුන්ද..?

මා වෙව්ලන සුරතින් නැවතත් පුවත්පත දෙස බැලුවෙමි.

"ඇය ගමන්ගත් අස් රිය ප්‍රපාතයකට පෙරළී ඇත.රියදුරා හා ජූලියා ටෙරකාන්ස් එම ස්ථානයේදීම මිය ගොස් ඇත."

ඇය ගේ සුරූපී ඡායාරූපයක්ද පුවත්පතෙහි තිබිණ.එමෙන්ම ඈ මියගිය අවස්ථාවේ ගත් ඡායාරූපක් ද විය.ඈ හැඳ සිටියේ මාගේ නිවසට පැමිණි අවස්ථාවේ හැඳ සිටි දම්පැහැති දිගු ගවොමමය.

මා මෙය කෙසේ නම් අදහන්නද..?

ජූලියා ටෙරකාන්ස් මීට සුළු මොහොතකට පෙර මා සමග කතා බස් කරමින් සිටියා නොවේද..? ඈ මුහුණ දුන් රිය අනතුර සැබෑවකි.එහෙත් ඇය ඉන් දිවි ගලවා ගත් බැව් මා සමඟ පැවසුවා නොවේද..?

නමුත් ඇය සැබැවින්ම මිය ගොස් ඇත.එසේ නම් මාගේ නිවසට පැමිණ මා හා කතා බස් කරමින් සිටියේ ඇයගේ අවතාරය ද..?

එය සිහිවත්ම මාගේ සිතට දැනුණේ නුහුරු භීතියකි.මෙය නම් සිතා ගැනීමටවත් නොහැකි ඉතා අසාමාන්‍ය වූ සිඳුවීමකි.සැලෙන හදින් යුතුව මම පුවත්පත වසා දැමුවෙමි.

අන්ධකාරය කොතරම් භයානක දැයි මාහට මෙවෙලෙහි සිහිපත් විය.

සමාප්තයි.

කතාව කියවා රසවිඳි ඔබ සැමට ස්තූතියි. ❤️❤️

රුවන් චින්තක.


Episode Name :
අබිරහස් යුවතිය (The Mysterious Girl) [07 Oct 2023]

Read Episode


Story :
අඳුරු මාවත (The Dark Way)


Date :
2023.10.13

Description : මිතුරෙකුගේ ප්‍රිය සම්භාෂණයකට ගොස් සිය නිවස වෙත නැවත යමින් සිටි සමන් නම් වූ ලිපිකරුවෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 13 Oct 2023

Read Story Now


Story :
මිනිසුන් අතර දෙවියෙක්


Date :
2023.10.10

Description : දරිද්‍රතාවෙන් පෙලෙන කුටුම්බයක ජීවන අරගලයක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 10 Oct 2023

Read Story Now


Story :
මාවතේ ගීතය


Date :
2023.10.08

Description : සමාජයේ ඇස නොගැටෙන වීථි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ ශෝචනීය සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 08 Oct 2023

Read Story Now


Story :
අබිරහස් යුවතිය (The Mysterious Girl)


Date :
2023.10.07

Description : සිල්වෙස්ටර් ජොහැන්නස් නම් තරුණයෙකු සිය නිවසේදි අත් දකින අද්භූත සිදුවීමක් මෙම නිර්මාණය තුලින් පිළිඹිබු වේ.

Date Added : 07 Oct 2023

Read Story Now


Story :
බිහිසුණු රැයක් (A Terrible Night)


Date :
2023.10.04

Description : හල්දෙමුල්ල ගම්මානයේ විසූ සිරිදාස නම් ගොවියෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
වැම්පයර් භීෂණය (The Vampire Terror)


Date :
2023.10.02

Description : ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත පිටත්ව යයි.එහිදී ඇඩම් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් සමූදායක් මෙම කතාන්දරය තුලින් පිළිඹිබු වේ.

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
මළවුන්ගේ හෝරාව (The Hour Of Dead)


Date :
2023.10.02

Description : සේරුවිල ගම්මානයට එල්ලවන අද්භූත බලවේගයක් හා මෙම කතාන්දරය ගෙතී ඇත.

Date Added : 02 Oct 2023

Read Story Now