⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 28 වන දිගහැරුම ⸎
> තවත් සැළසුමක් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*ඒකනෙ සර්…

හරි වාඩිවෙන්න. ඉතින් අපි මොනවද දවස් තුනක් මෙහෙ ඉඳලා කරන්නේ…?

**මොනවා කරන්නද සර්… කාලා බීලා ආතල් එකේ ඉමු.

ඔව් එහෙමත් හොඳයි.

මෙතැන්සිට …….

ඔය මහත්වරුන් දන්නවනෙ හොඳාකාරවම. තවම මහාචාර්ය විනීත මහත්තයා ප්‍රතිවෛරස් එක නිර්මාණය කරලා තියෙන්නෙ ඒක උන්ට තවම හොයාගන්න බැරිවෙලා තියෙන්නෙ කියලා.

*ඔව් සර්… ඒ වගේම උන්දෙන්නා කියපු විදිහට නම්, එහෙම එකක් හොයාගෙන තියෙන බව මුන් තවම දන්නෙ නැහැ.

**ඔව් සර්. මුන් තවම හොයන්නෙ එහෙම දෙයක් නිර්මාණය කරලා තියනවද කියලා.

ඔව් මහත්වරුනි. නමුත් මම දන්නවා ඒක නිර්මාණය කරලා ඉවරයි කියලා.


*ඇත්තටම සර් කොහොමද හරියටම කියන්නේ ඒක…?

හොදට කල්පනා කරලා බලන්න ඇයි මහාචාර්යතුමා සාමාන්‍ය කඩදාසියක ඔය සංයෝගය ලියන්නෙ නැතුව තඹකොල උපයෝගී කරගත්තෙ කියලා. එහෙම එකක් පාවිච්චි කරනවා කියලා දන්නෙත් අර හිස් පෑන් තිබුන හන්දා භුගත විද්‍යාගාරයේ. වැඩෙි සාර්ථක කරගත්ත හන්දා තමයි එච්චර රහසිගත විදිහට ඒ සංයෝග හෝ සමීකරණ ලියලා තියෙන්නෙ.

*මෙි මෝඩයෝ හිතන්නේ ඒ ලියලා ඉවරවුනු පෑන් කියලා එතකොට.

ඔව් මහත්වරුනි . ඒක සම්පූර්ණයෙන්ම නොමග යැවීමක්. විශ්වාස කරන්න මම මෙි වෙද්දී ඒ සංයෝගය ලියලා හංගලා තියෙන තැන දන්නවා.

**මොකක් ඔය ඇත්තමද කියන්නේ.

ඔව් .. ඇයි..

*එතකොට ඇයි සර් ඒක එලියට ගන්න උත්සාහ කරන්නේ නැත්තෙ …?

දැන්ම බැහැ කසුන්. මොකද එහෙම වුනොත් මුන් එක්ක මොකුත් කරගන්න බැරිවෙනවා. හැබැයි මම දැන් කල්පනා කරේ තව කීප දෙනෙක් ඉවරයක් කරලා දාන්න මෙික ඇමට අරගෙන. අමතක කරන්න එපා. අපේ රාජකාරිය ත්‍රස්ථ මර්දනය කිරීම කියලා. අපේ පස්සෙන් පන්නන්නෙ උන්ගෙ කට්ටිය වැඩි හන්දනෙ. අපි කරන්න ඕන මම කලින් කිව්වා වගේ එක එකා ට්‍රැක් එකෙන් අයින් කරලා දානඑක. එහෙනම් අනිද්දට පසු දවසෙ අපි තවත් කීපදෙනෙක් පරලොව සැපත් කරන්න ඕන. අන්තිමට අපි අවසාන ඇටෑක් එකට බහිනකොට උන්ගෙ පිරිස අවම මට්ටමක තියෙන්න ඕන. නැත්නම් අපිට පතුරම් නාස්ති කර කර , කාලය කාදමා ඉන්න වෙනවා ගිය වැඩෙි කරගන්න බැරුව. ඒ හන්දා ලැබෙන චාන්ස් වලින් උපරිම ප්‍රයෝජන ගමු. මිනීමරු හැතිකරේ නැතිකරලම දාන්න ඕන. ජඩ දේශපාලුවන් තමන්ගෙ බලය තරකරගන්න වුවමනාවට මුන් නිර්මාණය කරා. ඊට පස්සේ තමව්ගෙ විධායක , ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරලා නීතිය නමමින් මුන්ටික හුරතල් කර කර රට කාදමනවා. මම ජීවත්වෙලා ඉන්නකම් පොඩි එවුන් ටිකයි, අවසානෙට
මහඑවුන් ටිකයි අතුගාලම දානවා. නැත්නම් මෙි රටෙි අහිංසක මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා බොරු.

**සර් එන්න එන්නම දරුණු වෙනවා වගෙයි.

ඔව් නියෝජිත ජනිත් රටෙි අපරාධ වැඩි වෙනකොට අපිටත් දරුණු වෙන්න වෙනවා. නැතුව බැහැ. හැබැ මොනවා කලත් සලකුණු තියන්න බැහැ. මොකද මෙි වෙද්දීන් හැම කණ්ඩායමක් ම මෙි ගැන හොයනවා. ඒ හන්දා කිසිම මොහොතක නීත්‍යානුකූල අවිආයුධ පාවිච්චි කරන්න එපා. මිනිස්සු මරලා
පතුරම් හිස් කොපුවෙ නමත් ගහන රටක අපි ඉන්නෙ. නිකමට හිතලා බලන්න. වෙඩි තියන්න එන මොන වෙඩික්කරුවද බිමට වැටෙන පතුරම් හිස් කොපුවෙ තමන්ගෙ නම කෙටියෙන් ගහන්නෙ..?
තනිකරම ප්‍රෝඩාව නේද යන්නෙ. ඊට වඩා හොඳ නැද්ද මිනිහව මරලා තමන්ගෙ හැඳුනුම්පත දාලා ගියානම් එතන. කාවද මෙි ගොනාට අන්දන්න යන්නෙ …? ජනතාවද..? තමන්ට තමන්ගෙ වැඩෙි කෙරෙනතුරු විතරයි තමන් විසින් නිර්මාණය කරපු පාතාල සාමාජිකයින්
ජිවත්ව තියෙන්නෙ. ඊට පස්සේ තමන්ගෙ වෙනත් වෙඩික්කරුවන් දම්මලා ඔවුන්ව මරා දමනවා එච්චරයි. ඊට පස්සේ නමගිය විදේශගතව ඉන්න පාතාල නායකයෙකුගෙ නම ප්‍රසිද්ධ කරලා, මෑන්ගෙ නමට ඒ වගකීමත් දානවා.
ඕකනෙ මෙි කරන්නේ. මොකද මහ එවුන් දන්නවා වසර 75 ක් රවටපු මෙි පුරවැසියන් තව වසර දාහක් ගියත් මෙි විදිහටම රවට්ටන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්ත කවුරුවත් පිලිගන්න අකමැති.

*ඒක තමයි සර් ඇත්ත. එකගයි..

**මමත් එකඟයි සර්…

ඉතින් මුන්ව බුරුතු පිටින් මරන්නෙ නැතුව කොහොමද අපේ රාජකාරි සම්පූර්ණ කරන්නේ මහත්වරුනි. හොදයි
අපි අද විවෙික ගමු. හෙට මට තියනවා වැඩක් කරන්න. ඔය දෙන්නා එන්න එපා. මම යනවා නුවර පැත්තෙ රවුමක් දාලා එන්න. අපි තුන්දෙනාම යනඑක හොඳ මදි.
මම යන්නෙත් බස්එකේ. එතකොට ඔය ආරක්ෂක අංශ දාලා තියෙන බැරියර් වලින් බේරෙන්න පුළුවන්. මොකද තවම
හදිසි නීතියක් ක්‍රියාත්මක කරන්න තරම් ලංකාව තුල ලොකු සිවිල් අර්බුදයක් හටගෙන නැහැ නෙ. අනික මැරිලා තියෙන එකෙක්වත් සාමාන්‍ය පුරවැසියො නෙමෙයි. ඒ හන්දා ආරක්ෂක අංශ ලොකු අවධානයක් දෙන්නෙ නැහැ මෙි විෂයට. නමුත් කරන හැමදෙයක්ම පරිස්සමෙන් කරන්න ඕන අපි මින් ඉදිරියට. ඒකයි මම පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න තීරණය කලේ. මොකද ලොකු සෙනඟක් අස්සෙ යනඑක නුවණට හුරුයි.

*හරි සර්… හැබැයි පරිස්සමෙන්.

හ්ම්ම්… මම යනවා පොඩි වැඩකට.
පිලිසඳරට සමුදුන් මා ආආයුධාගාරයට ගොස් අධි පිපිරුම් වෙඩි ද්‍රව්‍ය ( C4 ) ග්රෑම් දහයේ පැකට් දෙකක් හා ඊට අයත් ඩෙටනේටර් දෙකක් ද, කලින් අයගෙ සොරාගන්නා ලද දුරකථනයක් හා කුඩා ස්වංක්‍රීය විදුලි ස්විචයක්ද , ඉලෙක්ට්‍රොනික් උපකරණ කීපයක් පෑස්සීම සදහා වැල් ඊයම් ස්වල්පයක් හා බවුත් එකක්ද , වයර් කෑලි කීපයක්ද , 9v බැටරියක්ද අතැතිව වැඩ කාමරයේ මෙිසය අසලට ආවෙ. දුරකථනයෙන් ක්‍රියාකරන බෝම්බයක් සෑදීමටය. දුරකථනයෙන් ස්පීකරය ගලවා එතනට කුඩා වයර් දෙකක් පෑස්සීමෙන් පසු. එහි කෙලවර දෙක විදුලි ස්වංක්‍රීය ස්විචයේ සංඥ්ඤා ඇතුල් කරන තැනට සම්බන්ධ කර, පසුව 9v බැටරියේ ඍණ හා ධන අග්‍රයන් ස්වංක්‍රීය විදුලි ස්විචයේ විදුලිය ලබාගන්නා තැනට ඊයම් යොදා පෑස්සුවෙමි. ඉන්පසු වයරයක් බැටරියේ ධන අග්‍රයට ඩෙටනේටරයේ වයර් දෙකෙන් එකක් සම්බන්ධ කර, අනිත් වයරය ස්වංක්‍රීය විදුලි ස්විචයේ , ස්විචයට සම්බන්ධ කෙරුවෙමි. සැකසුම අවසානයි.

**සර් අපි ඇතුලට එන්නද…?

කමක් නැහැ. එන්න මහත්වරුනි.

**මොකක්ද සර් මෙි… සිග්නල් බෝම්බයක් නේද… ?

ඔව්… එහෙම කිව්වොත් නිවැරදියි. කසුන්ට මතකයිද මෙහෙම එකක් ඊශ්‍රායල් ත්‍රෛයි මාසික පාඨමාලවෙදි ඉ⁣ගැන්නුවා.

*ඔව් සර්… මතකයි ``අධි පුපුරණ දව්‍ය ´´
පාඩම නේද..? මට මතකයි. ඕකෙ තව ක්‍රම දහයක් තියනවා. අඩු පිඩන , වැඩි පීඩන , දුරස්ථ සංඥ්ඤා , ආසන්න සංඥ්ඤා , රැහැන් සංඥ්ඤා , කාල සංඥ්ඤා , ශබ්ද සංවෙිදි සංඥ්ඤා, උෂ්ණත්ව සංඥ්ඤා , අධි චලන , සුළු චලන

හහ් හහ් හා… සේරම මතකයි නේද..?
බොහොම අගෙයි. හරි අපි එහෙනම් බඩු වැඩද කියලා බලමු නේද. කෙටි පිලිසඳර අතරතුර අත්හදාබැලීම සඳහා සොරාගන්නා ලද දුරකථනයට වෙනත් සිම්පතක් දමා. ඇමතුමක් ගත්විට සුළු මොහොතකින් ``ටොස්ස්ස්. ´´
හඬ නංවමින් ඩෙටනේටරය පුපුරා යන ලදි. ``ජැක්පොට් මාධව ´´ එසේනම් ඊලඟ වතාවෙිදී ඩෙටනේටරය C4 අධි පුපුරණ ද්‍රව්‍ය තුල ගිලා බස්වා ඉලක්කගත ස්ථානයක සුමට කර , සගවා තැබිය යුතුයි. හ්ම්ම්… හෙට වැඩක් දෙමු.

**සර් බඩු වැඩ නේද…

*සර් අපිට සැළසුම කියන්න පුළුවන් ද..?

හපොයි පුළුවන් මිත්‍රවරුනි. මොකද බැරි.
මම මෙිටික බෑග් එකක දාගෙන අරගෙන යනවා නුවර පසුකරලා හුන්නස්ගිරි කන්දට. ගිහින් මෙික ජනශුන්‍ය තැනක අටවලා බෑග් එකට දාලා තියනවා. ඊට පස්සේ අර දූෂිත ඉස්කෝල විදුහල්පතිට කෝල් එකක් දීලා කියනවා ඒ සංයෝගය
අපි ලඟ තියනවා , ඒක දෙන්නම් ඒකට අපිට රුපියල් කෝටියක් ඕන කියලා. ඊට පස්සේ ඒක ගන්න එතනට එන කී දෙනාද සේරම පුපුරවා හරින්න තමයි මගෙ සැළැස්ම. මොකද දැනටත් උන් අපිට බයවෙලා ඉන්නෙ. ඒ බය දිගටම අපි පවත්වාගෙන යන්න ඕන. මොකද අපිට දැන් කොළඹ හෝ ඒ අවට ටික කාලයක් යනතුරු මොකුත් කරන්න බැහැ. දැන් පොලිස් , හමුදා මාර්ගබාධක දාලා තියෙන්නෙ. මෙි වෙලාවෙ මාට්ටු වුනොත් අපිටත් හුඟක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හන්දා මුන්ට ඒත්තු ගන්වන්න ඕන. අපි කොළඹට විතරක් සීමා වෙච්ච කණ්ඩායමක් නෙමෙි කියලා. මරණය කියන ත්‍යාගය මුන්ට තිලින නොකරන තුරු මුන් නිදහසේ මිනිස්සු මරයි, පැහැරගනියි. ටික කාලයකට හරි මුමුන්ටික නිහඬ කරන්න නම්, අනිවාර්යයෙන්ම මෙි වගේ දේවල් කරන්න වෙනවා මහත්වරුනි.

**සර් උන් අපිව විශ්වාස කරයිද…?

ඔව් .. විශ්වාසය දනවන විදිහට අපි උන්ට කතාකරන්න ඕන.

*සර් එතකොට දෙන්නෙක් වගේ ආවොත්..?

ඔව් හොඳ ප්‍රශ්නයක් කසුන්. එහෙම වෙන්නෙ නැහැ. මොකද ඔතනට සල්ලි වලින් රුපියල් කෝටියක් අරගෙන එන්න ඕන. ඒක ගන්න අනිවාර්යයෙන්ම අපි යන බව උන් දන්නවා. ඒ හන්දා වැඩෙිට අඩුම තරමෙ හතර දෙනෙක් වත් අනිවාර්යයෙන්ම එනවා. ප්‍රතිවෛරස් සංයෝගය ගන්න දෙන්නයි, සල්ලි ගන්න එන අයට ෂොට්එක දෙන්න දෙන්නයි.

*එතකොට මොකක්ද දෙන සංයෝගය..?
උන් එතනම ඒක වැඩකරනවද කියලා බැලුවොත්…?

ඉතින් බලපුවාදෙන්. අපිට
සල්ලි ගන්න නෙ ඒක වැදගත් වෙන්නෙ.
ඉතින් ඔය මහත්වරුන්ට සල්ලි ඕනද..?

*නැහැ එහෙම නැහැ සර්. අපිට සල්ලි වලින් අඩුපාඩුවක් නැහැ නෙ. අපිට එහෙම සල්ලි ගන්නවා නම් ටේක්වූඩ් වලව්වේ හාමු මහත්තයා හංගලා තිබ්බ ධනස්කන්ධය ම ඇති නේද වෙන රටකට ගිහින් සැපසේ ජීවත් වෙන්න. නමුත් උන් දෙනවා නම් අපි ගමු නේද සර්… ?

**ඔව් සර්.. අපි ඒ ටික අරගෙන කෑලි කෑලි වලට කඩලා, නැතිබැරි පවුල් වලට දෙමු.
මොකද කියන්නේ ….?

*මමත් එතනට තමයි එන්න හැදුවෙ නියෝජිත ජේ50.

නියමයි මහත්වරුනි. නියමයි ( අත්පුඩි ගසමින් ) හොඳයි.. ඔය දෙන්නට එහෙම කරන්න අදහසක් ආපු එකට මම හුඟක් සතුටුයි. ඔය මහත්වරුන් දන්නවනෙ මම සැළසුම් කරන කිසිම දෙයකි අදවෙනතුරු ෆේල් වෙලා නැහැ නෙ. මෙිකත් එහෙම්මම තමයි. එහෙනම් මම ඒ රුපියල් කෝටිය අරගෙන දෙන්නම්. මිෂන්එක ඉවරකරලා දානකම් අපි තැනක හංගලා තියමු.

*එතකොට සර් උන් කොහොමද අපිව විශ්වාස කරන්නේ. අපි ලඟ ඇත්තටම එහෙම ප්‍රතිවෛරස් එකක් නැහැ නෙ. එතකොට උන් අපි කෝටිය දෙයිද…?

හහ් හහ් හා… කවුද කියන්නේ එහෙම ප්‍රතිවෛරස් එකක් අපිලඟ නැහැ කියලා.

**හෑහ් එහෙම එකක් අපි ලඟ තියනවද..?
කෝ .. කොහෙද තියෙන්නෙ …?

මහත්වරුනි… එහෙම එච්චර ඉක්මනට යටගියාව අමතක කරන්න එපා. එහෙම කරලා කොහොමද මිෂන් එකක් සම්පූර්ණ කරන්නේ. ප්‍රතිවෛරස් එක තමයි මෙි කතාකරන මම. අමතකයිද..?

*ඔව්නෙ.. සර්ගෙ ලේ වලට කිසිම ප්‍රතිචාරයක් නැහැ නෙ ඔය වෛරස් එකේ ඉන්න ජීවියා. සර් අපි කෝටියත් අරගෙන උන්ටත් කෙලවලා එමු එහෙනම්.

ඔව්. ඉන්න මම ගාණට සැළසුම ක්‍රියාත්මක කරන්නම්. දැන් මෙි ෆෝන්එක
හොඳට චාර්ජ් කරන්න ඕන. මොකද දවසක් දෙකක් වැඩෙිට ලෑස්තිපිට තියෙන්න එපැයි. තව වැඩ ටිකක් තියනවා. මහත්වරුනි මට ඒ වැඩටික තනියම ඉඳගෙන කරගන්න පුළුවන් නම් සතුටුයි ඉතින්.

**හරි සර්. අපි යන්නම් මෙතනින්. කසුන් සර් යමු අපි..

බොහොමයක් ස්තුතියි මිත්‍රවරුනි.
සහයක නියෝජිතයින් දෙදෙනා ගිය පසු
ලොකු ප්‍රමාණයේ සිලින්ජරයකට සම විදින කටුවක් සවිකර එම සිලින්ජරය පිරෙන පරිදි මගේ වම් අතේ නහරකට විද , එය ⁣පිරෙන පරිදි ලේ අරගෙන කුඩා කුප්පි දෙකකට පිරෙව්වෙමි. පසුව එය අධිකරණයට දැමුවෙමි.

පසුදින ලේ කුප්පි දෙක හැර අනෙකුත් සියලු ආම්පන්නද බෑග් එකක දමාගෙන උදෙන්ම නුවර බලා ගමන් ගත්තෙමි. ඒ සියලුම ගමන් සලසා ගත්තෙ බස් රථ වලින්ය. අවසානයේ නුවර සිට හුන්නස්ගිරිය බලා යන බස්රථයකට නැගී හෝරාවකට පසු හුන්නස්ගිරිය කන්දට ආසන්නයේදී ප්‍රධාන මාවතින් බැස ඉදිරියට ගියේ හුන්නස්ගිරිය කන්⁣ද බලාය. පොලවෙි සිට මීටර් සීයයන් පමණ ගෙවාගෙන ගොස්, තරමක ලඳු කැලයක ගසක් යට වලක් හාරා , බෑගය වලදමා , කොලරොඩු වලට උඩින් දමා , නැවත පල්ලම් බැස්සෙමි. නැවත කෑගල්ල නගරයට එනවිට මධ්‍යම දහවල වී තිබුනි. රහස් කේතය පාවිච්චි කර දොරගුළු ඇර එම් හවුස් එක තුලට ඇතුල් වනවිට. සහයකයින් දෙදෙනා දහවල් ආහාර පිසිමින් පසුවන්නේය.

හා… දෙන්නා බරටම වැඩ වාගේ.

**ඔව් සර්.. කටට රසට කන්න එපැයි. මම මෙි චිකන් ඩෙවල් එකක් දානවා. සර් එනවා අපි දැක්කා. මෙි ස්ක්‍රීන් එකෙන්. වටෙිම කැමරා ටික හොඳට වැඩ.

හහ් හහ් හා… ඔව්වා කොමිස් ගහලා ගෙනාපු බඩු නෙමෙි. ඒ හන්දා අවුරුදු ගාණක් ගියත් හොඳට වැඩ ඉතින්. කසුන් මහත්තයා එළවලු කපනවා වගේ..

*ඔව් සර්.. ඉතින් කොහොමද ගිය ගමන..?

හොඳයි. මම කියපු තැනටම ගිහින් බඩු හංගලා ආවෙ.

*ෆෝන්එක ඔන් කරලද ආවෙ.

ඔව් කසුන්..

*ඒ කියන්නේ අපි ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තොත් දරුණු පිපිරුමක් වෙනවා එතන..?

ඔව් … එහෙම තමයි.

*නියමයි සර්. එතකොට මම තව ප්‍රශ්නයක් අහන්නද…?

අහන්න…

*ඇයි එතකොට අපිට ඕක හෙට උදේ හයිකරන්න බැරි…?

හොඳ ප්‍රශ්නයක් කසුන් මහත්තයා.
අපි හෙට උදේ යන්නෙ මෙිකෙ ඇතුලෙ තියෙන අධිවේගී බයික් වල. ඒ යනකොට
මාර්ග බාධක කීපයක් වගේම , රථවාහන පොලිස් නිලධාරීන් කීදෙනෙක් හමුවෙන්න පුළුවන් ද..? එතකොට හෝදිසි කිරීමෙිදි අපි මාට්ටු වෙනවා. ඒ හන්දා තමයි කලින් ගිහින් වැඩෙි සෙට් කරලා ආවෙ. ලේ කුප්පි දෙකක් අරගෙන ගියා කියලා ඒකෙ කිසිම විශේෂත්වයක් කවුරුවත් දකින්නේ නැහැ නෙ. මම තව පැයකින් මිහිදු ලොක්කට කතා කරලා යෝජනාව දානවා.
හෙට බැරිනම් අනිද්දා වෙනකම් වුනත් අපිට කාලය තියනවා මොකද ඔය ෆෝන් එකක් සතියක් වුනත් ක්‍රියාකාරිව තියාගන්න පුළුවන් නෙ. එතකොට ඔයාගෙ ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් ලැබුනද යාළුවා… ?

*ඔව් සර් .

හොඳයි.. සුපුන් මහත්තයට මොනවත් තියනවද මගෙ සැළසුම ගැන අහන්න.

**නැහැ සර්. දැනට නැහැ.

හොඳයි මහත්වරුනි. මම හෙට උදෙන්ම සැළසුම ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. දැන් එහෙනම් උයමු නේද.
මම මොනවද කරන්න ඕන..

**සර් බලන්න අර බත තැම්බිලාද කියලා.

හොදමයි අරක්කැමි මහත්තයා. ඔබෙි අපේක්ෂිතය එපරිද්දෙන්ම ඉටුවෙිවි.
( තිදෙනාම සිනාසෙමින් )

දිවා ආහාරයෙන් පසු….

මහේෂ් ජීවානන්දගෙ නුවර ගෝලයා වන මිහිදුට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

මිහිදු - කවුද මෙි…?

මහත්තයා ( ගොරෝසු හඬින් ) කවුද කියනඑක අදාල නැහැ. මම කකා කලේ ලොකු කාරණාවකට.

මිහිදු - කාරණාවකට …? ඒ මොකක්ද…?

මෙික හොඳට අහගන්නවා මහත්තයා. තමුසෙලා හොයන ප්‍රතිවෛරස් එක දැන් මම ලඟ තියෙන්නෙ.

මිහිදු - මො මො මොන වෛරස් එකද…?

මෙි.. බොසා නිකං බබා වෙන්න හදන්න එපා. `` පිටුව පෙරලුවාට සීතා බොත දන්නවා රාමා ´´ හහ් හහ් හා… ඔහේලා මෙච්චරකල් හොයපු ප්‍රතිවෛරස් එක. එහෙම නැත්නම් මහාචාර්ය විනීත මහත්තයා මරන්න කලින් හදපු එක. අන්න ඒක දැන් මම ලඟ තියනවා. තමුසෙට ඕනද එපාද එච්චරයි.


මිහිදු - මොනවා. තමුසෙට කොහෙන්ද ඒක.. ?

මෙි බොසා අදාල දේ විතරක් කතා කරමුද..? නැත්නම් මම කට්කරලා දාන්නද මෙි කෝල්එක. මෙිකෙ එන ඇමතුම් මම විසන්ධි කරලා තියෙන්නෙ.
මට නාස්ති කරන්න කාලයක් නැහැ.

මිහිදු - හරි හරි ඉන්නවා. ඉන්නවා.
තමුසෙට කීයක් ඕනද…?

මට කොකෙක් ඕන… කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

**සර් ඒ මොකද කට් කරේ…?

අමතක කරන්න එපා. විනාඩි දෙකකට අඩුවෙන් කතා කරන්න ඕන අපි. මොකද උන් අපිව ට්‍රෙිස් කරන්න පුළුවන්. හරි ඔය දෙන්නා ටිකක් නිශ්ශබ්ද වෙන්න.

නැවත ඇමතුමක් ගත්තෙමි.

ඔව් ලොක්කා.. කොකෙක්..

මිහිදු - කොකෙක්….? මොන කොකෙක් ද..?

තමුසෙ බබා වෙන්න හදනවද..? කොකෙක් .. කෝටියක් ඕන. ඒකත් කෑෂ් වලින්. පන්දාහෙ කොල වලින්.

මිහිදු - කෝටියක් …. අපෝ වැඩියි , වැඩියි..

වැඩියි නම් ඉතින් මම ඊට වඩා වැඩි ගාණකට මහේෂ් ලොක්කට දෙන්නම්. තමුසෙ දන්නවා ඇතිනෙ මෙි නියම වටිනාකම. එහෙම බලපුවාම මම ඉල්ලන්නෙ සොච්චම් මුදලක් අයිසෙ.

මිහිදු - මොනවා.. තමුසෙ අපිව හොඳට දන්න කෙනෙක් නේද…?

ඔව් මමත් ඔය ගැන්සියේම තමයි. මට ඕන සල්ලි මිසක් ඔය ගැන්සියේ පොරක් වෙන්න නෙමෙයි. මොකද ඔව්වගෙ හිටියා කියලා ලොකුවට ලැබෙන දෙයක් නැහැ නෙ. සල්ලි තමයි ලොක්කා හැමදේම. නිකං කාලෙ කන්න එපා. මම නැවත හවස කතා කකරන්නම් එතකොට මට පැහැදිලි උත්තරයක් ඕන. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now