නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 13
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
13 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දු ක - සර් කිව්වා වගේ පට්ටම රස්තියාදුවක් වුනා විවාහ සහතිකය ගන්න
ඒ රාජ්‍ය සේවයේ හැටිනෙ. ඉතින් කියන්න බලමු මොකද තත්වය කියලා.
මෙතැන් සිට…
දු.ක - සර් මාවන් පීරිස් කසාද බැඳලා තියෙන්නේ ඉනෝකා සඳමාලි කියන ලේඩි එක්ක.
හොඳයි … බොහොම හොඳයි. එයාගෙ ලිපිනය කොහොමද තියෙන්නේ… ?
දු.ක - අංක 85/ඩී ඉහල තෝතැන්න, බණ්ඩාරවෙල.
හොඳයි.. ඕකෙ දෙපැත්තෙම පැහැදිලි ෆොටෝ දෙකක් මට ඊමේල් කරන්න දැන්ම.
දු.ක - හරි සර්…
එතකොට.. මාවන්ගෙ මරණ සහතිකයක් තියෙයිද … ?
දු.ක - නැහැ සර්… ඒ විතරක් නෙමෙි. ඔය කසාද බැඳපු නෝනගෙත් මෙහෙන් මරණ සහතිකයක් හොයාගන්න නැහැ.
ෂාහ්හ්හ්… නියමයිනෙ. ඒ කියන්නෙ දෙන්නගෙම මරණය ලියාපදිංචි වෙච්ච එහෙම ලියවිල්ලක් හොයා ගන්න නැහැ. මම හරිද.. ?
දු.ක - ඔව් සර්.. තහවුරුයි.
නියමයි බොහොම හොඳයි. ඒ කියන්නෙ
මෙි දෙන්නටම මරණ සහතික නැහැ.
දු.ක - සමහරවිට අතුරුදහන් හන්දා වෙන්න බැරිද..?
ඔව්… එහෙම වෙන්නත් පුළුවන් නාරද. නැත්තෙම නැහැ. හරි … කෝකටත් කියලා , මම රෑවෙලා කතා කරන්නම්. ජයවේවා නාරද.
දු.ක - ජයවේවා සර්.
එහෙනම් කැරොලින් මහත්මිය සහ මාවන්ගෙ බිරිඳයි එකම ප්‍රදේශයේ ඉපදුණු දෙන්නෙක්. හ්ම්ම්… ඒකත් නරකම නැහැ මාධව. අපි බලමු නේද කොහොමද මෙික පිලිවෙලට ගලපා ගන්නේ කියලා. ඉතාමත් සතුටු සිතින් නැවතත් මම කාර්යාලයට පැමිණ , දිවා වතු සංචාරය සඳහා මෝටර් රථයට ගොඩ වුනෙමි. පසුව කාර්යාලයට විත් ජගත් මහතාට ඇමතුමක් ගත්තෙමි. ජගත් මහත්තයා දැන්ම මගෙ කැබින්එකට එන්න.
මොහොතකට පසු ….
ඩග් ඩග්…( දොරට තට්ටු කරමින් ) සර් මම ඇතුලට එන්නද ..
ආ… එන්න ජගත් මහත්තයා. වාඩිවෙන්න.
*තෑන්ක් යූ සර් ..
ඉතින් කොහොමද වැඩකටයුතු.
*අවුලක් නැහැ සර්…
හොඳයි .. මම නෙ ඉතින් මෙතන අළුත්. හරි ක්‍රමය නම් මගෙන් නේද ඔය ප්‍රශ්නෙ අහන්න ඕන.
*එහෙම දෙයක් නැහැ සර්. සර් නියමෙට කරගෙන යනවා. මම හිතුවෙ නැහැ සර් මෙච්චර ඇඩ්වාන්ස් වෙයි කියලා.
ඒක නෙමෙි.. මම අහන්න හිටියෙ හිටපු සුපර්වයිසර් මහත්තයා මැරුණට පස්සේ පොලීසිය කීපාරක් විතර මෙහාට ඇවිත් තියනවද ඔයාට මතක විදිහට.
*සර් මුල් කාලයේදී නම් දවස ගාණෙ ආවා. ඊට මාසයකට පස්සේ ඒ කියන්නෙ මිනීමැරුම වෙලා මාසයකට පස්සේ සතියකට එක වාරයක් වාගෙ ආවා.
මෙහාට.. ?
*ඔව් සර්…
හ්ම්ම්ම්ම්…. හොඳයි
*ඇයි සර්… මොකුත් අවුලක්ද .. ?
නැහැ . එහෙම විශේෂ මොකුත් නැහැ. දැන් එන්නේ මාසයකට සැරයක් වගේ නේද..?
*ඔව් සර්…
ඒකනෙ.. එයාලා මෙහාට එන්නෙ අපි හරියට මෙතන ජාවාරම් කරනවා වගේ
නෙ. ඒකයි. මිනීමැරුමට වගකිවයුතු
කිසිම කෙනෙක් හොයාගන්න බැරිවුණා තවම.
*ඒක ඇත්ත තමයි සර්. මොකද අපි මෙතන
ගංජා කුඩු බිස්නස් කරන්නෙ නැහැ.
ඔව් ජගත් මහත්තයා. තේ කියන්නෙ මත්ද්‍රව්‍යයක් නෙමෙි නෙ. ඒකයි. නැත්නම් වෙන ඉතින් හේතුවක් නැහැ.
*සර් මම යන්නද එහෙනම්.
ෂුවර් ජගත් මහත්තයා. නැවත ඔයාව මට වුවමනාවක් වුනොත් මම කතා කරන්නම් බොහොම ස්තූතියි.
*ඕකේ සර් …
ඔහු පිටත්ව ගියාට පසු. පොලීසිය ගැන මගේ තිබුන සැකය තරමක් දුරට තුනීවිය.
නමුත් මගේ මෙි විමර්ශන ක්‍රියාවලියේදී
හුඟක් පරිස්සමෙන් කටයුතු කලයුතු බැව්
කුමන හෝ පාර්ශවයක් විසින් ඔවුන් නොදැන හෝ මාහට ඉඟි පලකරනවා සත්තයි. හවස ව්‍යායාම සඳහා එලියට ඇවිත් එය අවසානයේදී මා ගියේ හෙන්ද්‍රික් වලව්වටය. එහි ගොස් රිචඩ් හාමු හමුවී සුහද කතා බහකින් පසු, කැරොලින් මහත්මිය හමුවී කතාබස් කරන්නට අමතක නොකෙරුවෙමි.
හා…. මැඩම් කොහොමද ඉතින්.
*ඉන්නවා ඉතින් …
ඉන්නවා කියලා පේනවා. හොඳින් ඉන්නවද කියලා මම අහන්නෙ.
*හොඳින් ඉන්නවා කෙවින් මහත්තයො.
අන්න හරි…
මැඩම්.. ප්‍රශ්නයක් අහන්නද.. ? හැබැයි මාව වරදවා හිතන්න නම් එපා.
*අනේ නැහැ. අහන්න බලන්න.
මැඩම් ඔය හීනෙන් ඇවිදින්නේ මාසයේ මොනවගේ දවස් වලද.. ?
*හැම පෝයටම කලින් දවසෙ. හ්ම්ම්ම් එතකොට පෝය ලබලා දවස් පහකට පස්සේ සමහර මාසවල එහෙම වෙනවා.
ඇයි මිස්ටර් කෙවින්.
නෑ මැඩම් අන්න ඒ දිනවලට කලින් කවුරු හරි හොඳ වෙද මහත්තයෙක් ලව්වා නූලක් මතුරගෙන ඒක අතේ හෝ ඉනේ බැඳ ගත්තා නම් හරි.
*හපොයි මිස්ටර් කෙවින් ඔයා ඒවත් දැන් විශ්වාස කරනවද… ?
සමහර දේවල් විතරක් විශ්වාස කරනවා මැඩම්. එ් දේවල් විශ්වාස කරන්න තරම් පුළුවන් මට්ටමක තියනවා.
*එහෙම කරගන්න පුළුවන් කවුරුවත් ඉන්නවද මෙි පලාතෙ.
මමනම් එහෙම කෙනෙක් දන්නෙ නැහැ. බොහෝදුරට ජෝශප් අංකල් දන්නවා ඇති.
*හරි.. මම අහලා බලන්නම්.
ඒක තමයි. එහෙම දෙයක් කරලා බලමු මැඩම්. ( අඩුම තරමෙ මෙයා හීනෙන් ඇවිදින කාල සටහන දැනගත්තා ඒ ඇති මට. මට වුවමනා දේ එච්චරයි )
*මිස්ටර් කෙවින් බර කල්පනාවක වගේ.
නෑ නෑ මැඩම් එහෙම එකක් නැහැ. ඒ ඉතින් මගෙ හැටිනෙ. හොඳයි රෑ වෙන්න ලඟයි වගේ. මම ගිහින් එන්නම් මැඩම්.
*හොඳයි පරිස්සමෙන් ගිහින් එන්න…
ඒ විදිහට අද දවසේ අවසාන හෝරා කීපය ගෙවී ගියා. කාලය කෙමෙන් ගෙවී ගොස් බ්‍රහස්පතින්දා දිනය උදාවිය. කාර්යාලයට අමුත්තන් කීප දෙනෙක්ම පැමිණි අතර , එසේ පැමිණියේ අන් කිසිවක් නිසාවත් නොව , සැමුවෙල් වතුයායේ අතුරු මුරකරු වශයෙන් තෝරා ගැනීමට අද දින සම්මුඛ සාකච්ඡා කැඳවන බැව් පත්තරේ පලකරපු දැන්වීමටය. දොලොස් දෙනෙක් අප කාර්යාලට උදෙන්ම ඇවිත් සිටියහ. ඒ අතර කසුන්ද සිටින ලදි. එකොලොස් දෙනෙකු පරීක්ෂකයට ලක්කිරීමෙන් පසු ඔවුන්ට දන්වන්නම් කියා පිටත්කර යැව්වෙමි. මෙි කාර්ය සඳහා කැරොලින් මහත්මියද පැමිණ සිටියාය. ඇය හුදෙක් එන්නෙ මා දැකගැනීමට බැව් මා දැන් හොඳාකාරවම දනිමි. අවසානයේ කසුන් ද මා ඉදිරිපිට ආසනයේ වාඩිවිය. ව්‍යාජ ලිපිගොනුව හොඳින් පරීක්ෂා කර බලපු මා ඔහුදෙස බලා අවසානයේ උගුර පාදමින් හඬ අවදි කෙරුවෙමි.
ඉතින් ගැමුණු විජේසිංහ… ඔව් ගැමුණු විජේසිංහ තමයි. නම තවම හුරු නැහැ.
**ඒකට කමක් නැහැ සර්…
හොඳයි ගැමුණු. මට කියන්න සැලරි එක කොච්චර බලාපොරොත්තු වෙනවද කියලා.
**සර්ලා මට කීයක් වගේ දෙන්න බලාපොරොත්තු වෙනවද… ?
අපි හතලිස් පන්දහසක් දෙන්නම්. ඊට අමතරව අතිකාල දීමනා ගැන සලකා බලන්නම්. නේද මැඩම්. (ඇය මාදෙස බලා සිටියා පමණි. ) මැඩම්… මැඩම්…
*ඕ ඕ…. මිස්ටර් කෙවින්.. මොකක්ද කිව්වෙ.
නෑ මැඩම්. මම මෙි කිව්වෙ සැලරිඑක ගැන.
*හා ඔව් අතිකාල දීමනත් එක්ක අපි මාසිකව පනස්දාහක් ගෙවනවා.
**හරි මැඩම් මම කැමතියි.
*හැබැයි මෙහෙ නැවතිලා වත්ත මුර කරන්න ඕන නිතරම ගෙදර යන්න උත්සාහ කරන්න බැහැ. මාසෙකට පෝය නිවාඩුවත් එක්ක දින පහක් වගේ අපිට දෙන්න පුළුවන්. එහෙම නේද මිස්ටර් කෙවින්.
ඔව් මැඩම්… ඒක හරි..
**මැඩම් එහෙම හැම මාසෙම නිවාඩු මට ඕන නැහැ. ඕන වුනොත් මම කියන්නම්.
*වෙරිගුඩ්… එහෙනම් සුදුසුකම් එක්ක බලනකොට මෙයා හොඳයි නේද මිස්ටර් කෙවින්. අනික කුරුණෑගල කොල්ලෙක් නෙ.
ඔව් මැඩම්… රයිට් හෙට ඉඳලා වැඩට එන්න. මම කිව්වෙ මෙතන නවතින්නම බලාගෙනම එන්න. මාසෙ පඩියෙන් ඇඩ්වාන්ස් මුදලක් ඕනද.. ?
**එහෙම අවශ්‍ය නැහැ සර්..
හ්ම්ම් වෙරිගුඩ්.. එහෙනම් හෙට ඉඳලා වැඩ පටන්ගන්න. හෙට උදේ ඇවිත් මාව හමුවෙන්න.
**හරි සර්… බොහොම ස්තූතියි..
ඕකේ.. දැන් ඔයාට යන්න පුළුවන්. සහයකයා ලිපිගොනුව මෙිසය මත තබා
පසුපසවත් නොබලා යන්නට ගියා. එහි තිබු පෙර දිනක මහනුවර මහජන පුස්තකාලයෙන් ගන්නා ලද “යුගාන්තය” නමැති පොත කලින්ම මා මෙිස ලාච්චුවට හොර රහසේම දමා ගත්තෙමි.
එහෙනම් මැඩම් ඔන්න ඒ වැඩෙත් ඉවරයි.
*ඔව් මිස්ටර් කෙවින්. දැන් තියෙන්නෙ මගෙ වැඩෙි..
මැඩම්ගෙ වැඩෙි. මොකක්ද ඒ.. මගෙන් කෙරෙන්න ඕන වැඩක් නම් කියන්න.
*ඔව් ඔයාගෙන් තමයි මට ඒක කරගන්න ඕන.
ඒ මොකක්ද මැඩම් … ? මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් වැඩක් නම් මම අනිවාර්යයෙන්ම කරලා දෙන්නම්.
*මම ඒක වෙලාව ආපුවහම කියන්නම්.
වෙලාව… ඒ කියන්නේ නැකතක් තියනවද ඒකට මැඩම්.
*ඔයා දැන් ඕනෑවට වැඩියි මහත්තයෝ.
සොරි මැඩම්..
*ඕන්න ඔයා අවුල් ගියා වගේ.. මම අනේ විහිළුවක් කරේ. සොරි ඉතින්.
නෑ නෑ මැඩම් හරි. මම දැනගන්න ඕන මගෙ තැන කොතනද කියලා. ඒ වගේම
මගෙ ලෙවල් එක ගැනත් මතක මම තියාගන්න ඕන. මොකද මම ඔයාලගෙ සේවකයෙක් නෙ.
*අනේ මහත්තයෝ සොරි සොරි ඉතින්.
ඒකට කමක් නැහැ මැඩම්. හොඳයි.. මම දැන් විසිට් එකක් ගිහින් එන්නම්. කියමින්
මා ආසනයෙන් නැගිට කාර්යාලයෙන් පිටව යනතුරුම ඇය මාදෙස එක දිගටම දෙනෙත් අයාගෙනම සිටියා මා දුටුවෙමි.
නමුදු මා එසේ පිටව යද්දී පෙර දිනක මා දුන් උපදෙස් එම අයුරින්ම පිලිපැද්ද කසුන්
ගෙන ආ නවකතා පොත පාර්සලයක් ලෙස එම ආකාරයෙන් රැගෙන ආ බැවින්
එය රැගෙන යාමෙිදී ඇයට සැකයක් ඇති නොවෙන්නට එය මහත් රුකුලක් විය. ඒ වගේම මා වුවමනාවෙන්ම මම අවුල් වීම තුලින්, එය ඇයගෙ හැඟීම් වලට තදබල ලෙස බලපෑමක් සිදුවීම හේතුවෙන් මෙි පාර්සලය ගැන ඇයගෙ අවධානය යොමු
වූයේ නැති බැව් මා සහසුද්දයෙන් ම දැන ගත්තෙමි. පසුව මෝටර් රථයේ ඉදිරිපස ආසනය මත පොත තබා , ඉඳුරාම මා
ධාවනය කලේ නේවාසිකාගාරය වෙතය.
ඉන් අනතුරුව පොත එහි දමා , වතුයායේ
වැඩකටයුතු සොයාබැලීමට ගියෙමි.
වතුයායේ වටයක් ගිහින් නැවත වාහනයට
ගොඩවෙන විට ඇමතුමක් ආවෙ සිත් තැවුලෙන් සිටි කැරොලින් මහත්මියගෙන් ය. වහාම වාහනයෙන් බැසගත් මා දොරද වසා දමා මදක් දුරකට ගියේ මෝටර් රථය
තුල තවමත් රහස් සංඥා උපකරණය අඛන්ඩව ක්‍රියාත්මක වන බැවිනි.
දු.ක - කෙවින් කොහෙද ඉන්නෙ.
මම එනගමන් මැඩම්..
දු.ක - මම යන ගමන්.
පයින්ම… ?
දු.ක - ඔව් මෙතන කෙටි මාර්ගයෙන් මම යනවා. කෙවින් ඔයා අවුලෙන් නේද ඉන්නේ… ?
නෑ කැරොලිනා. ඒක ෂේප්.. හැබැයි ඔයා අවුලෙන් ඉන්න එපා. ඔය ලස්සන සුදු මූණ
ජම්බු ගෙඩියක් වගේ රතු වුනාම ඒක කැපිලා පේනවා. එතකොට ඔය ඔෆීස් එකේ සේරම අය ඒක දකිනවා. ඒක ඔයාට හරි නැහැ.
දු.ක - මට තේරෙනවා රත්තරන්. ඔයා ඔහොම කියයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. ඒ වචන ටික මට හරිම මිහිරියි. මගෙ ආත්මයම හිරි වට්ටවන්න ඔයාට එක මොහොතකින් පුළුවන් කියලා මම දන්නවා. ඔයා දන්නවද මම හරියට පසුතැවෙනවා.
පසුතැවෙනවා… ? ඒ මොකද.. ?
දු.ක - මට මීට අවුරුදු පහකට කලින් ඔයාව මුණගැසුනා නම්, මගෙ ජීවිතේ
මෙි වෙනකොට කොච්චර ලස්සනයි ද
හ්ම්ම් … මට ඒකට උත්තරයක් දෙන්න බැහැ කැරොලිනා. ඒත් මම මෙහෙම දෙයක් කියන්නම් ඔයාට. ජීවිතයේ අපිට ඕන කරන , අපි පතන කිසිම දෙයක් අපිට ඒ අයුරින්ම ලැබෙන්නෙ නැහැ. එක්කො අපි පරක්කු වෙනවා. නැත්නම් අපි ප්‍රමාණයට වඩා ඉස්සර වෙනවා. ඒකෙන්
වෙන්නෙ ජීවිතයේ හොඳම හරිය , අපි බලාපොරොත්තු වන දේ මගහැරෙන එකයි. ඉතින් මෙි යථාර්ථය අවබෝධ කරගෙන ජීවත්වෙන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම , සුදුසුම දේ.
දු.ක - ඔයාගෙ ඔය වචන මට ජීවිත කාලයම වුනත් අහගෙන ඉන්න පුළුවන්.
ඒ තරම් ඒවා අර්ථවත්. මොනවා කරන්නද
ඉතින්. මම තියන්නම් ගේ ලඟටම ආවා.
වෙලාවට කන්න , පරිස්සමෙන් ඉන්න මහත්තයෝ.
හොඳයි. ඔයත් පරිස්සමෙන් ඉන්න. කියමින් ඇමතුම විසන්ධි කර වාහනයට ගොඩවී එය පණගන්වා කාර්යාලයට ආවෙමි. හ්ම්ම් … මාධව මෙිකනම් ලෙහන්න අමාරු කේස් එකක්. මගෙ
හැඟීම් එක්ක බුද්ධිය සටන් කරන මිෂන් එකක් මෙික. මෙතන මොකක්ද තියෙන
ප්රශ්නය. ඇය මට මොනවද මෙි කියන්න
හදන්නේ. මෙික වෙනම කේස් එකක්.
මෙික වෙනම හොයන්න ඕන එකක්.
හරි… අපි බලමු ඔහොම දිගටම රඟපාලා
මොනවද මෙයාගෙන් ගන්න පුළුවන් මොනවද කියලා. සටන් ජවනිකා , වෙිෂ නිරූපන ජවනිකා , ත්‍රාසජනක ජවනිකා රඟපාපු මට, අවසානයේ ප්‍රේම ජවනිකාද
රඟපාන්න වුනා එහෙනම්. හවස් යාමයද
සුපුරුදු පරිදි ගෙවී ගොස් අවසානයේ මා නැවතුනේ “ යුගාන්තය “ සුරතට අරගෙනය. මෙය පෙරලන්නට සූදානම්
වනවිටම නැවතත් ජංගම දුරකථනය නාද විය.
හෙලෝ නාරද…
දු.ක - කොහොමද සර් අද දවස… ?
වරදක් නැහැ. අපිට බොහෝ දේවල් තියනවා හෙලිදරව් කරගන්න.
දු.ක - ඔව් නේද සර්.. කැරොලින් මැඩම් කිව්වෙ. අද උදේ සර්ලග හිටපු ලේඩිද .. ?
ඔව් යාළුවා..
දු.ක - පට්ට ලස්සන කෙල්ලෙක් නෙ. අනේ මන්දා එක පාරක් දැක්කහම දෙපාරක් නෙමෙි දෙතුන් පාරක් බලන්න හිතෙනවා
අම්මපා.
හ්ම්ම් …. ඔයාගෙ නර්ස් නෝනට වඩා පෙනුමයි නේද.. ? හැබැයි ඔයාට වඩා අවුරුදු තුනක් විතර සීනියර්.
දු.ක - එහෙමද.. ? එතකොට සර්ට ලයින් දානවා කිව්වෙත් මෙයාද.. ?
ඔව් නාරද… නමුත් එයාගෙ ජීව්ත කතාව මොකක් වුනත් , එයා කොච්චර ලස්සන කෙනෙක් වුනත් , එයා මගෙ ප්‍රධාන සැකකරුවෙක්. අන්න එතනදී ඒ සේරම මෙිකට යටත්.
දු.ක - අම්මපා සර්. එතකොට එයාගෙත් සැක කරන්න තරම් සීන් තියනවද .. ?
ඔව් නාරද..තියනවා. මොකද නැත්තෙ. මම
ඒක සනාථ කරගන්න තමයි දඟලන්නෙ.
හරි.. අපි ඒ ගැන හෙට හමුවෙලාම කතා කරමු.
දු.ක - හොඳයි සර්. ගුඩ් නයිට්.
ගුඩ් නයිට් නාරද
නැවත හමුවෙමු….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023