⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 36 වන දිගහැරුම ⸎

`` නඩු තීන්දුව ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


*සර් මෙි සේරම දැනගෙන හිටියද කලින්ම..?

ඔව් කසුන් සමහර තැන් ටිකක් විතරයි අඩුව තිබුනෙ කතාවට.

**ඒ කියන්නේ මෙික නීත්‍යානුකූල පලිගැනීමක්…

ඔව් බං………. (සිනාසෙමින් )

මෙතැන් සිට…..

*සර්… මට මෙහෙම ප්‍රශ්නයක් මතු වෙනවා….

ඒ මොකක්ද ඒ…..?

*ජොනියව වැඩෙිට කැමති කරවා ගත්තම කියමු.. ඒත් මෙි ප්ලෑන් එක මෙි භීෂනය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ද…?
අනික අපි නොතේරෙන්න උන් දෙන්නා යටින් ඩීල් එකක් ගහලා තිබ්බොත් අපි මාට්ටු නේද…?

ඔව් මම මෙි සැළසුම හැදුවෙ එවැනි දේවල් ගැන හිතලා. මොකද අපරාධකරුවන් වැඩි වාසියට නැමෙන එක තමයි උන්ගෙ ස්භාවය. ඉතින් එහෙම ඩීල් එකක් ගහලා අපිව කොටු කරලා දාන්න හැදුවොත් , එතන ඉන්න සේරටම ගහලා දාමු. ගහලා, දෙපාර්ශවය අතර වෙඩි හුවාමාරුවකදී
උන් මැරුණ විදිහට සිද්ධිය හදන්න තමයි තියෙන්නෙ. මොකද බත් වයලට් එස්අයි රවින්ද්‍රට කලින් කතා කරලා තියෙන්න පුළුවන් අහවල් දවසේ ජොනියව හමුවෙන්න යනවා කියලා. ඒ තොරතුර මත ජොනියව වැටලීමේ ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කරන්න බැරිත් නැහැ.
අපි කෝකටත් පරිස්සමෙන් වැඩ කරන්න ඔීන. මුන් මෙි ආගන්තුක කල්ලිය ජොනියගෙ මාර්ගයෙන් තමන්ගෙ කටටම ගෙන්නගෙන ගිලලා දාන්න බැරිත් නැහැ.
ඒක තමයි මම කලින් කිව්වා වගේ අපි දවසකට කලින් ඒ හොටෙල් එකේම රූම් එකක පාලක මැදිරියක් හදාගන්න ඔීන.
ඒ වගේම රූම්බෝයි කෙනෙක් හිතවත්
කරගන්න ඔීන සල්ලි ටිකක් විසික් කරලා.
මොකද එස්අයි කාරයා එතනට පුරුදු කාරයා වුනාට, ඔය වගේ තැන්වල හිතවත්කම් හටගන්නේ මුදල් වලටම විතරයි. ඒ හන්දා ඒක අපිට වාසිදායකයි.
මම කැමති නැහැ අදූරදර්ශි නායකයෙක් වෙලා. නිකං ලාභෙට මගෙ කොල්ලන්ගෙ ජීවිත උණ්ඩ වලට යටවෙන්න දෙන්න.

ඒ මොනවා වුනත් උන් අපි ගැන දන්නෙ නැති හන්දා තමයි අපි ඒ අවට කාමරයක පාලක මැදිරියක් හදලා , සන්නද්ධ වෙලා ඉන්නෙ. ප්‍රශ්න ඇතිවුනොත් සෙිරටම ගැහැව්වා , පැන්නා එච්චරයි. මොනවා සිද්ධ වුනත් , අපේ එක කොල්ලෙකුටවත්
හානියක් වෙන්න බැහැ. නියෝජිත ජනිත්… ?

**සර්………?

කෝ කසුන් මහත්තයට මම ඊයේ ගෙනාව
තෑග්ග

**ඉන්න සර්… මම අරගෙන එන්නම්

*තෑග්ගක් මෙි මට…?

ඔව්… ඇයි වෙන්න බැරිද…?

*සිරාවටම….?

ඔව්… ඉන්න ටිකක් වෙලා. නියමයි ජනිත් ඒක අරගෙන එයි…

මොහොතකට පසු නියෝජිත ජනිත් විසින් මි:මී නමයේ ඊගල් මාදිලියේ පිත්තෝලයක් මෙිසය මත තැබීය.

*ටහුඩු මෙික කොහෙන්ද…? මෙික රුසියන් සැල්වෙස්ටර් භාණ්ඩයක් නෙ.

ඇයි ඊයේ දෙන්නෙකුට සුදුකොඩි දැම්මනෙ මම. ඒ දෙන්නගේ දෙකින් එකක් තමයි ඔීක. එයාලා මතක්වෙන්න
ඉදිරි කාලයේදී පාවිච්චි කරන්න බැරියැ.

*ඒකත් හැබෑව තමයි…. එතකොට සර්…
දැන් අපි මොකද කරන්නේ .. මම අදහස් කරේ අද දවසේ..

ක්‍රියාකාරකම් මොකුත් එපා… වැඩිය දඟලන්න හොඳ නැහැ පාඩුවෙ ඉමු. මොකද හෙට නඩුවෙන් පස්සේ වැඩ පටන්ගන්න අපිට පුළුවන්. අනික අපි හිතුවට වඩා වෙිගයෙන් ඇවිත් තියනවා. ඒක වැරදි නැහැ. නමුත් එහෙම්ම ම ඔීනත් නැහැ. ජොනියව ගෙන්න ගන්න
තැනක් බලන්න යන්න තියනවා එච්චරයි.
වෙන මොකුත් නැහැ. ආයුධත් එපා. උපක්‍රමත් එපා. එච්චරයි… අද දවස මම යොදාගන්නේ කල්පනා කරන්න විතරයි.

**ඇයි සර් `` අධික වේගය මරුවා කැඳ හදයි ´´ කියලා කතාවක් තියනවනෙ.

හා එහෙම කියමනකුත් තියනවද…?
දැන් මරුවත් කැඳ බිස්නස් කරනවද
බත් වයලට් වගේ…? ඒවනම් කැත වැඩ
මොකද එතකොට අලෙවිය මරුවා සහ බත් වයලට් අතර බෙදිලා යනවා නේද..?
ඒක හරි නෑ…

**සර් එහෙනම් මම යනවා පහලට.
මොකද දැන් කස්ටමර්ස් ලා එන වෙලාව.

හා… හරි හරි…

ඉතින් කසුන්… සයුරි මොකද කියන්නේ.
නවාතැන හොඳයිද….?

*සර් එහෙම්ම ම මොකුත් කිව්වෙ නැහැ.
හැබැයි අපෙ අම්මා නම් කැමතියි සයුරිට..

හ්ම්ම්… ටික දවසක් යනකොට හරියයි.
අම්මට ඇත්ත සිද්ධිය කිව්වද…?

*ඔව්… මම කිව්වා.. මොකද කාට බොරු කිව්වත් එයාලට බොරු කියන්න හොඳ නැහැ නෙ.

ඒක ඇත්ත . ඒ වුනාට ලොකුම බොරුව කියලා ඉවරයිනෙ.

*ඔව් සර්… එයාලා හිතාගෙන ඉන්නෙ මම සාමාන්‍ය පොලිස් උපපරීක්ෂක වරයෙක් කියලා. එච්චරයි…

ඒකට කමක් නැහැ. කිසිම දෙයක් එයාලා දැනගන්න හොඳත් නැහැ . එතකොට සේරම අවුල් යනවා. හොඳයි අපි දැන් යමුද කසුන් මහත්තයා ….

*දැන් අපි කොහෙද යන්නෙ …?

අපි යනවා කලින් ගිය තැනකට. ඒ තමයි ගෝල්ෆේස් එකට. එතන තමයි පැහැරගැනීමක් කරන්න හොඳම තැන.

*යමු සර්…

යමු … බස්එකෙ යමු. මොකද බස් එකක යනකොට තනියම යනවා වගේ නෙමෙයි.
කිසිම විදිහකින් කිසිම කෙනෙකුගේ වි⁣ශේෂ අවධානයක් යොමුවන්නේ නැහැ
පිරිසක් අතර අපිත් මිශ්‍ර වුනාට. මොකද අපි විෂයට අනුගතවෙලා කියලා අපි දන්නවා වුනාට , බාහිර කිසිම කෙනෙක් ඒක දන්නෙ නැහැ නෙ.

හෝරාවකට පසු ….

ඉතින් නාරද… මෙි ගල් පුටුවෙ ජොනි වාඩිවුනා කියමු. එතකොට අතන පේන
රථගාලෙන් වෑන්එක ස්ථානගත කරලා.
තිබ්බහම හරි. හැබැයි ලෑස්තිපිට ඉන්න ඔීන. අපි සේරම ඉන්නෙ වාහනේ. කිසිම කෙනෙක් එලියට බහින්න බැහැ . එතකොට පිටකොටුව පැත්තෙන් වෙිගයෙන් එනවා අපේ විරුද්ධ වාහනය.
එහෙම ඇවිත් වාහනයෙන් බැහින ගමන්
තමන්ගෙ ආයුධ මානගෙන ජොනියට යටත්වෙන්න කියලා තර්ජනය කරනකොටම, අපි අන් සහ ජොනි අතරට වාහනේ වෙිගයෙන් ඇවිත් බ්රේක් ගහන
ගමන් ජොනිව අල්ලගෙන ඇතුලට දාන ගමන් වාහනය පිකප් කරනවා. ඊට පස්සේ දකුණු පැත්ත මාර්ගය දිගේ වෙිගයෙන් අපි යනවා. විරුද්ධ වාහනය අපිට කිට්ටු කරනවා විතරයි අභිබවා යන්නෙ නැහැ.

දෙතුන් පාරක් කිට්ටු කරනවා විතරයි.
එහෙම කරපුවාම මෙික දකින ජොනියා හොඳටම බයවෙනවා. මොකද ඔය ඔීනම චන්ඩියෙක් මැරෙන්න බයයි. මැරෙන්න බය නැත්තෙ සොල්දාදුවන් විතරයි. ඒකනෙ උන්ට ``අටපාස් ආමිකාරයො ´´ කියලා රටෙි ඉන්න මහචාර්යවරුයි , ඔස්තාර්ලා නම තියලා තියෙන්නෙ. කොහොම වුනත් අපිත් ඉතාම අසීරුවෙන් හුඟක් උත්සාහ කරලා මෑන්ව බෙිරගත්තා කියලා පෙන්වන්න ඔීන. එතකොට තමයි වැඩි වාසිය අපිට ලැබෙන්නෙ. අපේ රංගනය තාත්වික වෙන තරමට ජොනියා අපිට පක්ෂපාතී වෙනවා. අපි මාර ගේමක් දීලා ජොනියව බේරගෙන ආවා කියලා මෑන්ට ඒත්තු ගන්වන්න ඔීන.

*මෙතන නියමයි සර් වැඩෙිට…. මොකද ජනගහනයත් ටිකක් අඩුයි මෙතන.

ඒක තමයි මම මෙතන තෝරගත්තෙ.
ඊට පස්සේ අපි ජොනියව හොටෙල් රූම් එකක හංගලා තියාගමු.

*ඔව් සර්…

හොඳයි අපි යමු නේද දැන් …..

*යමු යමු….

මෙතනින් කොටුවට පයින් යමු. මොකද කි:මී එක හමාරක් වගේ තියෙන්නෙ.
අපේ විරුද්ධ වාහනයට මොනවද තියෙන බාධක කියලා බලාගන්න ඔීන.

*සර් මෙතන පොලිස් චෙක්පොයින්ට් එකක් තියනවා …

ඔව් පස්සේ කතා කරමු….

පිටකොටුවට පැමිණ බස් රථයක නැග
අප නවාතැනට පැමිණ විවෙික ගත්තෙමු.


රයිට් කසුන්… එහා පාරෙන් ආවත් තුන්මං හන්දියේ පොලිස් චෙක්පොයින්ට් එකක් තියනවා. ඒ වගේම මෙහා පාරෙන් ආවත් අපිට චෙක්පොයින්ට් එකක් හමුවුනා. දකුණු පාරෙ තමයි මොකුත්ම නැත්තෙ…

*බැරිවෙලාවත් අපේ විරුද්ධ වාහනය කොටුවෙ අපිට හමුවුන චෙක්පොයින්ට් එකෙන් නැවැත්තුවොත් …?
එතකොට මොකද කරන්න වෙන්නෙ… ?

හොඳ ප්‍රශ්නයක්…. ඒක තමයි යමක් සැළසුම් කරන්න කලින්. පොලවෙ පය ගහලා භූම්ය ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන්න ඔීන කියන්නේ… ඒ විතරක් නෙමෙි. මම දැක්කා නවත්වන හැම වාහනයක්ම අර හිටපු කාන්තා පොලිස් නිලධාරිනිය ලියාගන්නවා. ඒක අපිට හොඳටම අවාසි සහගතයි. මොකද මෙතන පැහැරගැනීමක් සිද්ධ වෙනවා.
ඒ හන්දා අනිවාර්යයෙන්ම පොලීසිය
වාහන ලැයිස්තුව පරික්ෂා කරනවා මයි.
අනික සිවිල් පොලිස් පිට නිලධාරීන් හැම තැනම බස්සලා තියෙන්න පුළුවන්.

හ්ම්ම්…එහෙම බලපුවාම අපිට තියෙන්නෙ විකල්ප දෙකයි. අපි සේරම බස්වලින් එමු. මොකද පොදු ප්‍රවාහන බස්
චෙක් කරන්නේ පිටකොටුවට ඇතුල් වෙනකොට විතරයි. පිටවෙන බස් බලන්නෙ නැහැ. එතන තියෙන වාසියෙන් අපි ප්‍රයෝගයක් ගමු. එතකොට ඒ විකල්පය හරි. දෙවන එක තමයි. වාහන
චෙක්පොයින්ට් පහු කරනකම් සැබෑ නම්බර් දාගෙන ගිහින්. එතනින් එහාට නම්බර් ගලවලා යනඑක. එතකොට
මොන වාහනේද කියලා කිසිම කෙනෙකුට හොයන්න අමාරුයි සාමාන්‍ය දුරක් ගිහින් නැවත නම්බර් තහඩු හයිකරගෙන අපිට යන්න පුළුවන් නෙ. එතකොට ගැටළුවක් නැහැ.

අනිත් විකල්පය ටිකක් බරපතල්… ව්‍යාජ අංක තහඩු භාවිතය..

*ඒ මොකක්ද සර්…….? ව්‍යාජ අංක තහඩු කිව්වෙ මොනවද…?

අපි ලඟ තියනවා නේද.. S Tigers ලාගේ
වාහනවල විස්තර …?

*ඔව් තියනවා …

අන්න ඒ වාහන එකක අංක තහඩුවක කොපි එකක් නිර්මාණය කරගෙන.
චෙක්පොයින්ට් එක පැන්නුවාට පස්සේ ක්ෂනිකව අපේ විරුද්ධ වාහනයේ නම්බර් ප්ලේට්වලට හයි කරන එක. එතකොට
මොනවහරි ගැස්සුනත් උන් තමයි මාට්ටු වෙන්නෙ. මම ඒකට සැළසුම් ටිකක් හදලා ඉවරයි…

*සැළසුම් හදලා ඉවරයි…. කොයි වෙලේද..?

*දැන් ඔය ප්‍රශ්නටික ඇපිට මතුවෙලා පැය එකහමාරක් ඇති. සර් කොහොමද සැළසුම් කරේ…..

කසුන්… කසුන්… කසුන්… අනිත් අපරාධ පරපරීක්ෂකයින්ට වඩා මගේ විශේෂත්වයක් කවුරු හරි දකිනවා නම් , ඒ තමයි සැළසුම්කරණයේදී පරිස්සම් වීම. එහෙම නැත්නම් රහසිගත බව.
දැකලා තියනවද මගෙ සැළසුම් වල සර්ව සම්පූර්ණ දේවල් සටහන් කරලා තියෙනවා කොහෙ හරි….?

*නෑ සර්….. සර් උන්ගෙ සැළසුමක් අපිට වටහලා දෙන්න සටහන් කීපයක් ඇඳලා තිබ්බොත් ඇරෙන්නට , මම දැකලා නැහැ කොහෙවත් සටහනක් ඇඳලා තියෙනවා
සර්ගෙ සැළසුම් ගැන..

හහ් හහ් හා …. ඒක තමයි. එව්වා කොහෙවත් නෑ. තියෙන්නෙ මෙි ඔළුගෙඩිය ඇතුලෙ විතරයි. ඔය පැය එකහමාර තුල මම සැළසුම් කීපයක් මගෙ ඔළුගෙඩිය ඇතුලෙ ඇඳලා ඉවරයි.
වෙලාව ආපුවාම මම විස්තර කරන්නම්.
මොකද මොනයම් හේතුවක් මත අපිව
කවුරුහරි පරික්ෂා කරොත් සේරම මාට්ටු වෙනවා. හැමදෙයක්ම සටහනක් තියලා තිබ්බොත් එහෙම. ඔය මොනවා කරත් ඔළුගෙඩියෙ ඇතුලෙ තියෙන එව්වා කාටවත්ම බලන්න බැහැ නෙ. හෙට නඩුවෙන් පස්සේ සති දෙකක් යනකම් කිසිම ක්‍රියාකාරකමක් අපි කරන්නේ නැහැ. මොකද දැන් ආරක්ෂක අංශ
හැමතැනම චෙක්පොයින්ට් දාලා, තැන් තැන් වලට සිවිල් පිට මිනිස්සු යවලා තියෙන්නෙ. මහජන ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් අපිත් ``ගොදුරක් ගියපු පිඹුරෙක් ´´ වගේ නිසොල්මනේ ඉන්න වෙනවා.

*එතකොට සති දෙකක් ජොනියට හැංගිලා ඉන්න පුළුවන් වෙයිද…?

ඒක උගෙ වැඩක් කසුන්… මොකද උගේ ඔීනෑවට වඩා ආරක්ෂාව ගැන අපි බලන්න ඌ හොඳ එකෙක් ද..? කාලෙන් කාලෙට එක එක ගේම් දිදී හැංගෙන එකෙක් නෙ. ඌට හැංගිලා හොඳට පුරුදුයි. ඒ හන්දා අපි ඒ ගැන වැඩිය හිතන එක උචිත නැහැ.

*ඒකත් ඇත්ත තමයි. මාළුවට පීනන්න උගන්වන්න ඔීන නැහැ නෙ.

ජොනියා කොහොම වුනත් දන්නවා මුන් වැඩිපුර ගැවසෙන තැන්. මෑන්ගෙන් ඒ තොරතුරු ටික අපි ගන්න ඔීන..අන්න ඒ තැන් වලට ගිහින් දෙන්නෙක් තුන්දෙනෙක් එලොව යවන්න ඔීන. විශේෂයෙන්ම නයිට් ක්ලබ්වල ඝෝෂාව හුඟක් වැඩියි. එතන වැඩෙි කරන්න බොහොම පහසුයි.

*සර් එතන ඉන්න සිකුරුටි චෙක් කරලා නේද ඇතුලට ගන්නෙ. අපි කොහොමද ආයුධ ඇතුලට ගෙනියන්නෙ….?

ඔව් ඒක ඇත්ත. ඒ වගේම සාමාජිකයින්ට පමණයි. ඒ කියන්නේ සාමාජික වෙන්න කලින් උන්ට මුදලක් ගෙවන්න ඔීන. ඊට පස්සේ උන් දෙනවා උන්ට ආවේණික හැඳුනුම්පතක්. ⁣සේරම පරික්ෂා කරලා ඉවරවෙලා තමයි හැඳුනුම්පත බලන්නෙ. ඉතින් මෙි හැමදේකටම සැළසුම් හදන්න වෙනවා. ඒවත් නිකංම එව්වා නෙමෙයි. සූක්ෂම සැළසුම්. මම ඒවටත් මෙි වෙද්දී සැළසුම් හදලා ඉවරයි.

*ඒකටත් සැළසුම හදලා ඉවරයි….?
මට තේරුම් ගන්න බැරිම තැන අන්න එතනයි.

ඒ මොකක්ද …?

*සර් කල්පනා කරන වේගය.. ඒක පුදුම වේගයක් නෙ. අපි ප්‍රශ්න කරනකොට , හරි උත්තරය හොයලා ඉවරයි.. අනේ මන්දා ඉතින් …

කසුන්… හැමදෙයක්ම අධ්‍යනය කරන්න පුරුදු වෙන්න. එතකොට ස්ථානයට අනුව අවස්ථානුකූලව සැළසුම් කරන්න ලේසියි.
වඩා වැඩි වෙිගය අනවශ්‍යයි. වැදගත් වන්නේ ගහන ප්ලෑන් එක හැම පැත්තෙන්ම නිවැරදි විය යුතුයි එච්චරයි.

*එතකොට අපි ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් හදන්න ඔීන උන්ගෙ ලේබල් එක දාලා.

ඔව්…. ඒකට තියනවා වෙනම ප්ලෑන් එකක්… එතන ඇතුලේ වැඩකරන කෙල්ලෙක් අපි සම්බන්ධ කරගන්න ඔීන. බොහෝදුරට හවස ස්පා වල වැඩ කරන කෙල්ලෝ , නැත්නම් වීදී ගණිකාවෝ තමයි. ඔය නයිට් ක්ලබ් වල රෑට ඉන්නේ. මොකද ඔව්වා ඇතුලෙ සුරසැප විකුණන එකත් වෙන දෙයක් නෙ. සුරා,සූදුව වගේම සුරසැප තමයි ඔික ඇතුලෙ ප්‍රධාන කරුණු ටික. ඒ ⁣ගෑණු කෙනෙක් හොයාගෙන ඔය ක්ලබ් එකෙන් නිකුත් කරන හැඳුනුම්පත විතරයි අපිට ගන්න ඔීන. ඊට පස්සේ ඒකට ව්‍යාජ එකක් අපි හදාගමු. මොකද ඒකෙ ඇතුලෙ දෙයක් අපිට කරන්න බැහැ. එහෙම වුනොත් අපි මාට්ටු වෙනවා. අපේ සස්පයිඩර්ස්ලා ටිකක් ඔය ක්ලබ් ටික අවට දාමු. දාලා ඇතුලට යන එන එවුන් ගැන ඇහැගහගෙන ඉඳලා පැහැරගමු. මම කියන්නම් වෙලාව ආපුහම ඒක කරන්නේ කොහොමද කියලා. හෙට නඩුවෙන් පස්සේ වැඩෙිට අතගහමු.
කිසිම ක්‍රියාකරමක් නැහැ කියලා මම කිව්වෙ මිනීමැරුම් , පැහැරගැනීම් විතරයි. මොකද ඒ දෙක කෙරෙහි තමයි මේ දවස්වල ආරක්ෂක අංශ අවධානය
යොමුකරන්නෙ..

*සැළසුම් ගොඩයි නේද….?

ඔව්… සැළසුම් ගොඩයි… අපි සැළසුම් එකින් එක සරළව ක්‍රියාත්මක කරමු. එතකොට කවුරුවත් ව්‍යාකූලත්වයට පත්වෙන්නෙ නැහැ.

පසුදින …..

තිදෙනාම උදෙන්ම තම වේෂය වෙනස්කරගෙන ඉඳුරාම ගමන්ගත්තේ
පිටකොටුවට මහා අධිකරණයට යාම සඳහාය. සියළු සාක්ෂි ලිපිගොනුවක දමාගෙන මහාඅධිකරණයට මීටර් පන්සීයයක් පමණ දුරින් නියෝජිතයින් දෙදෙනාම පසෙක දමා , මා නීතීඥ්ඥ පැතුම් තිරිමාන්නගේ මෝටර් රථය එනතුරු මග දෙපස බලමින් රැඳී සිටියෙමි. සැළසුම් කරගත් පරිදිම අඩහෝරාවකට පසු… පැතුම් මහතා
තම මෝටර් රථය මා අසල නැවැත්වූ පසු එයට ගොඩවී අතුරු පටු මාවතකට දමා කරන ලදි. ඉන්පසු මා තම ගොරෝසු හඬ අවදි කෙරුවෙමි.

ආයුබෝවන් සර්…..
මෙතන තියනවා DVD තැටියක්. ඒකෙ තියනවා අර ප්‍රියාන් බංඩාර කොල්ලා
නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න පුළුවන් වීඩියෝ එකක්. ඔබතුමා දන්නවා කරන්න ඔීන ටික ඊට පස්සේ…

*මට ඒ වීඩියෝ එක දැන් බලන්න පුළුවන් නම් හුඟක් හොඳයි…

ඔව් පුළුවන් මහත්තයා… ඉන්න..
කියමින් මාගෙ දුරකථනය අතට ගෙන එහි ඇති වීඩියෝව ක්‍රියාකර පෙන්නුවෙමි.

ඇස් ලොකු කරමින් එය අවසන් වනතුරුම බලාසිටි පැතුම්. මා දෙස බලා තම හඬ අවදි කළේය.

*නියමයි ඔෆිසර්… මෙික ප්‍රමාණවත්.
මම හිතුවෙ නැහැ. මට මෙික මෙච්චර ලේසි වෙයි කියලා. මම දන්නවා කරන්න ඔීන වැඩෙි.

වෙරිගුඩ් …. එහෙනම් නමෝවිත්තියෙන් කියලා කොල්ලව එලියට දාලා දෙන්න..
මොකද මෑන් කිසිම වැරැද්දක් කරලා නැහැ මෙතනදී… ඒ වගේම මෙි මිනීමරුවා අයිස් වලින් හදපු කිණිස්සක් පාවිච්චි කරලා තමයි මිහිරාණිගෙ බඩට ඇණලා තියෙන්නෙ . ඒකයි ඒ ආයුධය බිම දාන්නෙ බය නැතුව. ඒවා අපි හොයාගත්ත දේවල්.. හරි…ඒ වගේම, මෙි වීඩියෝ තැටිය එක ලියම් කවරයක දාලා
තමන්ගෙ ගෙදර තැපැල් පෙට්ටියට
දාලා තිබිලා ඊයේ ලැබුනා කියපුවාම ඇති.
එතකොට ඔබතුමාත් බෙිරිලා නෙ.
මොකද මෙික හොයාගන්න ලොකු සැළසුමක් ක්‍රියාත්මක කරන්න අපිට සිද්ධවුනා…

*හරි…. මට තේරුනා ඔෆිසර්…

බොහොම ස්තුතියි මම එහෙනම්… මම බැස්සා… ජයවේවා සර්…
කියමින් මෝටර් රථයෙන් බැස, අතුපාර දිග ආපසු පැමිණ කසුන් සහ නියෝජිත ජනිත් සමග උසාවි පරිශ්‍රයට ඇතුල් වුනෙමු. මාගේ හිතමිත්‍රයාද වන විනුර බංඩාරද තම බිරිඳ සමග උසාවියේ විත්ති පාර්ෂවය පැත්තේ අසුනක වාඩිවී තම පුතනුවන්ගේ නඩු වාරය එළඹෙන තුරු බලා සිටියහ.

``උසාවිය නිශ්ශබ්ද වන් ´´ කියමින් තෝල්කු තැන හඬනගද්දී සියල්ලෝම
නැගිට නඩුකාරවරයාට හිස පහත් කොට ගෞරව කිරීමෙන් පසු තම ආසනවල ඉඳගත්හ.

විවිධ අපරාධ නඩු කීපයක් විභාග කිරීමෙන් අනතුරුව පැමිණියේ මිහිරාණිගෙ මිනීමැරුම් නඩුවයි…

``නඩු අංක 112335. චෝදනාව වසර 2001 වූ ඔක්තෝබර් මස 01 වන දින රාත්‍රී 1900 යේ පැයට පමණ මිහිරාණි වත්සලා යන තරුණිය තම නවාතැනේදී සාහසික ලෙස මරාදැමීම. විත්තිය වශයෙන් චෝදනවා ලැබ සිටින්නෙ වශයෙන් බංඩාර මුදියාන්සේලාගෙ ප්‍රියාන් බංඩාර. චෝදනාව ගොණු කරේ පිකොටුව පොලිස් ස්ථානය උප පොලිස් පරීක්ෂක රවින්ද්‍ර රගුපති. කරුණු දැක්වීමට දේපාර්ශවයට අවසර ලැබෙනවා´´

පැමිණිලි පාර්ෂවයේ නීතීඥ්ඥයා -
ගරු ස්වාමීනි… මම හිතන විදිහට තවතවත් මෙි නඩුව ඉදිරියට ගෙනයන එක ⁣තේරුමක් නැහැ . මොකද මෙි චෝදනා ලැබ ඉන්න විත්තිකරු, මෙි මිනීමැරුම කර බවට නිවැරදි සාක්ෂි පවා ඉදිරිපත් කර තිබෙනවා.

විත්තියේ නීතීඥ්ඥයා - මම විරුද්ධයි ගරු ස්වාමීනි.. මගේ සේවාදායකයා. අතේ පිහියක් තිබුන බවත් ඇත්ත. ඒ ගෙදර තුල මිහිරාණි මෙනවිය මියගිහින් තිබෙන බවත් ඇත්ත. නමුත් මගේ සේවාදායකයා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවෙත් සිහිසුන්ව සිටි බැව් මෙි `` බී වාර්ථාවෙ ´´ පැහැදිලිව සදහන් කරලා තියෙනවා. එතනදී පදනම් විරහිත චෝදනාවක් මෙි කරලා තියෙන්නෙ මගෙ සේවාදායකයාට එරෙහිව. ඒ වගේම දැන් මගෙ උගත් මිත්‍රයා කියන විදිහට , මිහිරාණි මෙනවියට පිහියෙන් ඇනලා, එතනින් පලායනවා වෙනුවට තමන් විසින්ම සිහිනැති කරගෙන එතැනම වැටුනා කියලද කියන්නේ …? නැත්නම් පොලීසිය එනකම් ගෙට ගිංනි තියලා නිදාගත්තා කියලද කියන්නේ ..? ගරු ස්වාමීනි … එතනින්ම පෙනී යනවා මෙි සිදුවීම තුල තවත් අදිසි හස්තයක් සැරිසැරුවා කියන එක. ඒ අදිසි චරිතය තමයි ඝාතනය කරලා , ගෙටත් ගිණි තියලා , පලා ගිහින් තියෙන්නෙ. මගෙ සේවාදායකයා එතනට නිරපරාදෙ මැදිවුනා එච්චරයි ….

පැමිණිලි පාර්ෂවයේ නීතීඥ්ඥයා - මගෙ උගත් මිත්‍රයා… මෙතන කල්පිත ගොඩනගලා වැඩක් නැහැ. ගරු උසාවිය බලන්නෙ ප්‍රායෝගික පැත්ත විතරයි.
( උපහාසාත්මක ලෙස මදක් සිනාසෙමින් )

විත්තියේ නීතීඥ්ඥයා - ගරු ස්වාමීනි…
මම මෙතෙක් වෙලා කල්පකල්පිතයක් ගොඩනැගුවෙ නැහැ. මොකද මම එහෙම කල්පිත ගොඩනගන්න මම ලේඛකයෙක් නෙමෙිනෙ.. මම ගරු උසාවියෙන් ඉල්ලා සිටිනවා. මගේ සේවාදායකයා නිර්දෝශි කියලා ඔප්පු කරන්න පුළුවන් පැහැදිලි සාක්ෂියක් මෙි ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට.

නඩුකාර තැන - ඔබට අවසර ලැබෙනවා.

මෙතෙක් වෙිලා තමා ලඟ සඟවා තිබුන
ලද වීඩියෝ තැටිය නීතීඥ්ඥ පැතුම් විසින්
තෝල්කු අත තැබීය.

එම වීඩියෝ තැටිය. තැටි ධාවන යන්ත්‍රයට දමා ක්‍රියා කරවීය. සියල්ල චිත්‍රපටයක මෙන් පුළුල් තිරයේ සැමටම පෙනෙන පරිදි විකාශනය විය. නඩුව උඩුයටිකුරු වන්නට ගියේ නිමෙිෂයකි. සියළු දෙනා තුෂ්විභූත වෙමින්, ඇසිපිය නොහෙලා පුළුල් තිරය දෙස බලා සිටියේ. දකුණු ඉන්දියානු චිත්‍රපටයක අපරාධ සිද්ධියක්
නරඹනවා මෙනි. මිනිත්තු කීපයකින් එය නිමාවිය. අධිකරණය තුල මිනිත්තු කීපයක් නිශ්ශබ්දව පැවතීමට එම වීඩියෝව සමත් විය. නඩුකාරවරයා කීප විටක් වී⁣ඩීයෝ ඉදිරියට හා පසුපසට යවා බලන්නට විය.සුළු මොතකින් පසු තම හඬ අවධිකලේ නීතීඥ්ඥ පැතුම් ය.

විත්තියේ නීතීඥ්ඥයා - ගරු ස්වාමීනි.. මම හිතන්නේ මෙය ප්‍රමාණවත් මගේ සේවාදායකයා මෙම මිනීමැරුමට කිසිදු ආකාරයේ සම්බන්ධයක් නැහැ කියලා ඔප්පු වීමට…

පැමිණිලි පාර්ෂවයේ නීතීඥ්ඥයා - මම විරුද්ධයි ගරු ස්වාමීනි…

නඩුකාරවරයා - විරුද්ධත්වයට කරුණු පැහැදිලි කරන්න තමාට අවසර ලැබෙනවා.

පැමිණිලි පාර්ෂවයේ නීතීඥ්ඥයා - ගරු ස්වාමීනි මෙික නාටකයක් බව පෙනී යනවා… තුන්වැන්නෙක් මෙතන මිනීමැරුම කරා කියලා පෙනී යනවා.
ඒත් කෝ ඒ බිම දාපු ආයුධය…? ඒ වගේම
මෙි මිනීමැරුම සිදුවුන වෙලාවෙ මෙම විත්තිකාරයා එතනට ආවෙ ඇයි…?

විත්තියේ නීතීඥ්ඥයා - ගරු ස්වාමීනි..
ඒක කිණිස්සක් වුනාට , වැඩි වෙලාවක් පාවිච්චි කරන්න බැරි විදිහට නිර්මාණය
කරපු එකක් බව වීඩියෝ එකේ අවසාන ටිකේ පෙනී යනවා. සුළු වෙලාවකදී දියවී යන දෙයකින් නිර්මාණය කරපු එකක් කියලා හොඳමට පේනවා. මගෙ උගත් මිත්‍රයාට මම මතක් කරන්න කැමතියි. ඒ මිනීමරුවා හා එම ආයුධය හොයන එක අපරාධ වවිමර්ශන අංශවල වැඩක් මිසක්, ඒක අපේ වැඩක් නොවන වග. ඒ වගේම , මියගිය මිහිරාණි මෙනවියගේ යාළුවෙක් මගේ සේවාදායකයා. ඇයි හමුවන්න එතනට යනකොට ඇයි මියගිහින් තියෙන එකට මගෙ සේවාදායකයා මොනවා කරන්න ද..? තවද, මෙික නාටකයක් නොවන වග මනාවට පේනවා මෙි කිනෙ මුහුණු දෙස බලපුවා. මගෙ උගත් මිත්‍රයා කියන විදිහට මෙි නාටකය රඟපාන්න වෙන්නෙ.
මියගිය මිහිරාණි මෙනවියට නැවත පණ දීලා , මගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරයෙන් එලියට අරගෙන. අර තවමත් ගින්නෙන් දැවීගිය ගෙදර නැවත
තිබුන මට්ටමට හදලා තමයි.

සියල්ලෝම සිනාසෙන්නට විය…

නඩුකාරවරයා - ඔීඩර්.. ඔීඩර්… ඔීඩර්….

විත්තියේ නීතීඥ්ඥයා - අනික දැන් මගෙ උගත් මිත්‍රයා පිලිගත්තා මෙික තුන්වන පාර්ෂවයක් කරා කියලා.

නඩුකාරවරයා - පැමිණිලි පාර්ෂවයට තවත් යමක් කියන්න තියවනද….?

පැමිණිලි පාර්ෂවයේ නීතීඥ්ඥයා - නැත ස්වාමීනි…

නඩුකාරවරයා - චෝදනා ලැබ ඉන්න තරුණයා මීට පෙර වෙනත් වැරදි වලට
අධිකරණ දණ්ඩනයට නියම වෙලා තියනවද…?

විත්තියේ නීතීඥ්ඥයා - නැත ස්වාමීනි… මගේ සේවාදාකයා තමන්ගෙ පියාගෙ
ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම මියගිය මිහිරාණි මෙනවියගෙ නියම කල්‍යාන මිතුරෙක්.
උදව් ඉල්ලා සිටි අවස්ථාවෙිදී කිසිම අවදානමක් ගැන තැකීමක් නොකර
අදාල නිවසට ගියපු හන්දා තමයි අද නිකරුනේ රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නෙ. ඉතින් අවසාන වශයෙන් මම මෙි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙ මගෙ සේවාදායකයාව නිදොස්කොට නිදහස් කර. බාහිර ලෝකයේ නිදහස්ව ජීවත්වීමට අවසර
ලබාදෙන ලෙස. එපමණයි..

මොහොතකට අධිකරණය නිශ්ශබ්ද වීමෙන් පසු , නඩුකාරවරයා තම හඬ අවදි කරන ලදි..

සියලුම කරුණු සලකා බැලීමෙන් පසු, පෙනී යනවා මෙම විත්තිකරු නොව වෙනත් අයෙකු මෙම අපරාධය සිදුකර ඇති බවත් , නැවත විමර්ශනය කර එම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කලයුතු බව කොටුව පොලීසියට මම අණනර සිටින අතර, තව දුරටත්
විත්තිකාර, බංඩාර මුදියන්සේලාගෙ ප්‍රියාන් බංඩාර. කිසිදු ආකාරයේ වගඋත්තරකරුවෙකු නොවන වගත් , මෙි සියළු චෝදනා වලින් එම පාර්ෂවය නිදොස්කොට නිදහස් කරන බව මෙම අධිකරණය තීන්දු කරනවා…

තෝල්කු තැන - විත්තිය නිදහස් අතන කාර්යාලයට ගිහින් අත්සන් ලේඛනයට අත්සන් තබා , මෙතනින් පිටව යන්න පුළුවන්.

පොලිස් නිලධාරියෙක් විසින් විත්ති කූඩුවෙත් ප්‍රියාන්ව එලියට ගෙනවිත්
මාංචු ගලවා අධිකරණ කාර්යාලය පෙන්වීය.

නාරද ….

*සර්…

එලියට යන්න…

*හොඳයි සර්…

විනාඩි දෙකකට පසු…

සුපුන් …

**සර්…

එලියට යන්න …

**හොඳයි සර්…

විනාඩි දෙකකට පසු.. මාත් හිස නමා ගෞරවය දක්වා අධිකරණයෙන් ඉවතට
එනවිට. මාගේ මිතුරා තම බිරිඳ සමග තම දරුවා වැළදෙගෙන හඬමින් සිටින ලදි.

අධිකරණ පරිශ්‍රයෙන් එලියට විත් අප තිදෙනා අසල කඩයටකට ගොඩවී තේ බොන ගමන්, ⁣මෙතෙක් වෙිලා එම කඩය බාරයේ පැවති දුරකතනද රඳවා තැබීමෙි කුලිය ගෙවා අතට ගත්තෙමු. දුරකථනය ඔන් කරනකොටම ඇමතුමක් එන්නට විය.

ඔව් විනුර …..

විනුර - මචං පුතා නිදහස් වුනා….ඔයාට මම කොහොම ස්තූති කරන්න ද මන්දා..
මම උඹට හුඟක් ණයයි කියලා මට හිතෙනවා…

විනුර විනුර විනුර …. මෙි අහන්නකො..
මම කරේ මගෙ රාජකාරිය. එච්චරයි..
ඔයාගෙ පුතා නිර්දෝශි හන්දා දෛවෝපගතව එයා නිදහස් වුනා. දරුවා වැරැද්දක් කරානම් ඉතින් ඒවටත් එයාට දඬුවම් ලැබෙන්න තිබුනා. දැන් සේරම හරිනෙ. අනික ඔයා මට ඔතන වෙන කිසිම දෙයක් විග්‍රහ කරන්න එපා. මම දැනුයි උසාවියෙන් එලියට ආවෙි.

විනුර - මොකක් ඔවා ආවද මෙතනට..
මම දැක්කෙ නැහැ නෙ..

ඔතනට ආවා නෙමෙි. මට ඔයාව පේනවා.
මම නෑවිත් කොහොමද…? දරුවයි , නෝනයි වාහනේ ඇතුලේ ඔයා වාහනයේ එලියෙ ඉඳලා කතා කරන්නේ.
හර හරි දැන් වටපිට බලන්න එපා. මාව හොයන එක නෙමෙි කරන්න තියෙන්නෙ.
ඔයා දරුවට ෆෝන් එක දෙන්න.

*හෙ හෙ හෙලෝ අංකල්….

මගෙ උණුසුම් සුභපැතුම්….

*තෑන්ක්යූ අංකල්.. අංකල් හන්දා තමයි මම එලියෙ ඉන්නෙ…

වැරදියි පුතා…. ඔයාගෙ තාත්තා හොඳ මිනිස්සු ආශ්‍රය කරන හන්දා තමයි ඔයා අද එලියෙ ඉන්නෙ. මතක තියාගන්න.
නිතරම අනුන්ට යහපත්වන දේවල් කරන්න. එතකොට ඔයාටත් පුළුවන් දෛවයෙන් වුනත් ගේම ඉල්ලන්න.

හරි… දැන් …. මම කියන දේ හොඳට අහගන්න. ගෙදර ගිහින්. තමන්ගෙ බඩුබාහිරාදිය සේරම පැක් කරගන්න.
අම්මගෙයි, තාත්තගෙත් එහෙමයි. ඊට පස්සේ මාසයක් යනකම් කොහෙහරි තැනක හැංගිලා ඉන්න. මොකද දන්නවද
මෙික අපරාධ ජාලයක්. ඔයාගෙන් උන්ට මොකුත් නොවුන එක ඇත්ත. ඒ වුනාට
ඔයාලා පරිස්සම් වෙන එක හොඳයි. දැන් දැන්ම යන්න ඔීන හරිද. ටික නාලෙකට අළුත් සිම් පාවිච්චි කරන්න.

*හරි අංකල්….

හරි…. එහෙනම් ජයවෙිවා..

*ජයවේවා අංකල් ….

දුරකථනය විසන්ධි කර…

හරි…. අපිත් යමු නාරද මහත්වරුනි


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now