⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 25 වන දිගහැරුම ⸎

`` තවත් අයිස් කිණිස්සක් ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~---

එතකොට කසුන්… අර පංචිකාවත්ත ගරාජ් එකේ වැඩකරන හාදයෝ දෙන්නෙක්ගෙ සමීප ඡායාරූප දෙකක් ඉක්මනටම ඔීන කියලා උපදෙස් මැසේජ් දෙන්න අපේ එතන ඔත්තු බලන Spiders ලට. ඒක හදිසියි…

*හරි සර් මම දැන්ම මැසේජ් එකක් දෙන්නම්…

මෙතැන් සිට …….

*සර්…. ඩොක්ටර් අපිට කොකා පෙන්වනවා වෙන්න බැරිද….?

ඔව් මටත් එහෙම හිතුනා. ඒත් එහෙම නැහැ. මෑන්ට මොනවා කරත් ගැලවීමක් නැති බව දන්නවා. කොහොමහරි අපි මෙිටික සීරුමාරුවට කරගන්න ඔීන.

**සර් මෑන් රහසෙම නිවාඩු ඉල්ලුම් කරගනියි නේද… ? නැත්නම් සේරම ගැස්සෙනවා.

ඔව්… මෑන් කරගනියි. ඒකෙ සැකයක් නැහැ.

*සර් එතකොට මෑන් පස්සෙන් කවුරුවත් නොයන්නෙ ඇයි යන යන තැන.

එහෙම වුවමනාවක් උන්ට නැහැ . මොකද
පවුලේ අය ඇපේට තියාගෙන ඉන්න හන්දා ඒගැන උන් වදවෙන්නෙ නැහැ.

**සර් මම ගිහින් මෙි වැඩටික අපේ spiders ලට බාරදීලා එන්නම්

ඒක හොදයි… ගිහින් එන්න නියෝජිත ජනිත් .. බොහොම ස්තුතියි..

හොඳයි …දැන් මොකද කරන්නේ කසුන්… අද යනවද වැඩට…

*සර් මම කල්පනා කරේ යන්න තමයි…
ගිහින් හෙට උදේ කාලයේ සයුරි නෝනව කැමති කරවගෙන වත්තලට එන්න උත්සාහ කරනවා..

පුළුවන් වෙයිද එහෙම කරන්න ….?

*මම උපරිම උත්සාහ කරනවා සර්…
එහෙම පුළුවන් වුනොත් මම සර්ට උදෙන්ම කියන්නම්. මොකද මෙි වැඩෙි ඉරිදා කරන්න අමාරුයි. ඉරිදා හුඟක් අය බීච් යන්න බලනවා නෙ.

ඔව් ඒක ඇත්ත තමයි….
එහෙනම් අපි යමු අපේ තැනට…
වැඩට යනවා නමි, පොඩ්ඩකට කසල බඳුනට අවධානය යොමුකරන්න.

*හරි… යමු සර්…..

නවාතැනේ දී….

*සර්… එහෙනම් මම ගිහින් එන්නම්.

හොඳයි පරිස්සමෙන්…මම සතුටුදායක ප්‍රවෘත්තියක් බලාපොරොත්තු වෙනවා. සයුරි මෙනවිය ගැන. ඒ එක්කම මටත් තියනවා කරන්න වැඩක්. මම යනවා අද අපූරු වැඩකට. මම ඇවිත් කියන්නම් මොකක්ද කියලා…

හොඳයි සර් පරිස්සමෙන්…

රාත්‍රි අටෙි කනිසම වනවිට මා සිටියේ රාත්‍රි ආහාරය ගැනීමට අවහන්ලකය. එහි කෑම කෑමෙන් ඉක්බිතිව පයින්ම ගමන් කලේ. තම සෝදිසි කටයුතු සඳහාය.
අඳුරෙන් අඳුරට පැනමින් මිහිරාණි මෙනවිය ඝාතනය කෙරු නිවස පිහිටි වත්ත දිගේ ගොස් තාප්පය ද පසුකර, මා කලින් සෝදිසි කරන ලද නිවසෙහි ඉදිරිපස දොරටුව අසලය. හෙමින් සීරුවෙ තම කුඩා ආයුධ කට්ටලය ආධාර කරගනිමින් ගේ තුලට ඇතුළු වූයෙමි.

තම සාක්කුවෙන් කුඩා විදුලිපන්දම අතට ගෙන එය නොදල්වාම කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනේ අසල මාවතෙහි නිතර නිතර ගමන් ගන්නා රථවාහනවල මුහුණත් ලාම්පුවල පිහිටෙනි. එම එලි ජනෙල් කර්ටන් අතරින් නිවස තුලට කාන්දු වීම තරමක වාසිදායක විය. හෙමින් සීරුවට සෑම කාමරයක්ම සියුම්ව නිරීක්ෂණය කෙරුවද. පෙරදින මෙන් මෙම නිවසෙහි අභ්‍යන්තරය පිරිසිදුව
තිබෙනවා හැරුනුකොට , වෙනත් යමක් සොයාගන්නට මා අසමත් වුනෙමි. අවසානයේ මුළුතැන්ගෙට ගොස් වෙනස්කම් විපරම් කෙරුවද , එහිද කිසිදු වෙනස්කමක් සොයාගන්නට බැරිවිය. අවසානයේ ආපසු හැරී යන්න ලෑස්ති වනවිට. යමක් දොංකාර දෙන හඬක් ඇසුනි.

මොකක්ද ඒ හඬ මාධව …. දෝකාර හඬක් නේද..? මෙිසයකට වෙිගයෙන් තට්ටු දාන හඬක් වගේ යමක් නේද..?
වහ වහා හැරී ගොස් මුළුතැන්ගෙයි සෑම තැනකම පිරික්සුවෙමි. කිසිවක් සොයාගන්නට නොහැකි තැන, අධිශීතකරණය හා බිත්තිය අතර ඇති කුඩා පරතරය තුල යම්කිසි සුදුපැහැති කොටුවක් චලනය ⁣වන බවක් දුටුවෙමි.
``මෙි ඩිස්ප්ලේ එකක් නේද… ඒ කියන්නේ ෆෝන් එකක් ´´ මා සිත මට මුමුණා කීවෙි එය අතට ගන්නා ලෙසය. `` ජැක්පොට් මාධව ´´ මෙි තියෙන්නෙ බඩු. කියමින් පැත්ත, දෙපැත්ත පෙරලා බැලුවෙමි.
එය නොකියා 1100 මාදිලියේ දුරකථනයකි.

වහාම තම කුඩා සටහන්පොත අතට ගෙන එහි එහි එන ලද , මගහැරුනු හා ලබාගත් දුරකථන අංක හා එම දිනයන් හා වෙිලාවන්ද දුරකථන අංක වලට ඉදිරියෙන් ලියා ගත්තෙමි. ඉන්පසු එයින් තම දුරකථනයේ අංකයද ඩයල්කර, ඇමතුම සම්බන්ධ වූවාට පසු, විසන්ධි කරදමා, තම අංකය එයින් මකාදමා, නැවත තිබුන තැනම තැබුවෙමි. වටපිට
බලනවිට අධිශීතකරයේ බලසැපයුමද ලබාදී තිබෙනු දුටුවෙමි.

හ්ම්ම් ඩීප්‍රෙෂර් එක ඔන් කරලා… ඒ කියන්නේ මොනවාහරි ඇතුලෙ ඇති.
හ්ම්ම් හොදයි… කියමින් එය විවෘතකරන්නට වෙර දැරුවද, එය නිශ්ඵල කටයුත්තක් විය. අවසානයේ තම
ආයුධ කට්ටල බාවිතාකර එම අගුල ඇරදමා, එහි පියන ඉහලට විවෘතකර බලනවිට. මගෙ අනුමානය පසක් කරමින් අයිස් කිණිස්සක් එහි විය.
කදිමයි … මාධව කදිමයි… මා මටම මිමිනුවෙමි. වහාම එහි ඡායාරූපයක්
තම දුරකථනයෙන් ලබගෙන එයද වසාදමා. ආපසු එන ගමනේදී , නිකමට වාගේ පෙර පරිදි සිවිලිම විවෘතකර බැලීම සිතුවෙමි.

අසල ඇති ප්ලාස්ටික් පුටුවත් තබා එය මත නැග අදාල සිවිලිම් කැටය ආයාසයෙන් උනාදමා, සිවිලිම් සැකිල්ලට ඇතුළු වූයෙමි. තම විදුලිපන්දම පත්තුකර වටපිටාව හොඳින් බලනාවිට කිසිදු දෙයක් පෙනෙන්නට තිබුනේ නැත. විටෙක
වවුලෙක්ගෙ කිචි කිචි හඬ ඇසුනි. තව ටිකක් දුර මා එහි බඩගෑවෙමි. පෙනෙනමානයේ යමිකිසි කලු පැහැති දෙයක් දක්නට ලැබුනි. එය අතින් අල්ලා බලනවිට එය මල්ලක් බව පසක් විය. සැණෙකින් එය විවෘත කර විදුලිපන්දම් එලිය එයට එල්ල කරනවිට , එහි තුල කුඩා පිහියක් ද, මීට පෙර නොදැකපු දෙයක්ද එහි විය. මෙි අමුතු දේ වෙන්කර අතට ගෙන බලනවිට එය හම් රෙද්දෙන් මහන ලද ශක්තිමත් අත්වැසුම් දෙකක් වන අතර, එහි ඇඟිලි තුඩුවල යම් ලෝහමය කොටස් වලින් නිර්මාණය කරනලද දිග නියපොතු විය.
තවද , අත්ලෙහිද ලෝහමය කූරූ පහක් ඉතා දැඩිලෙස අමුණා තිබෙනු දුටුවෙමි.
ඉන්පසු. සම්පුර්ණ මුහුණු ආවරණයක් ද එහි විය. මෙි සියල්ලෙම ඡායාරූප ගැනීමට මා අමතක නොකෙරුවෙමි. අවසානයේ මෙි සියල් තිබු පරිදිම ආපසු ඉතාමත් පරිස්සම් සහගතව තබා, ආපසු සිවිලිමෙන් බැස, සියලුම සලකුණු මකාදමා. නැවත නිවසෙහි පෑලදොරෙන් එලියට විත්, තාප්පයෙන් පැන. එතනින් වහාම නික්ම පටු මාවතට ඔස්සේ මහ මගට විත් , සාමාන්‍ය විදිහට ඇවිද නවාතැන වෙත ඇවිද ආවෙමි.

රැය පහන්විය….පසුදින ……

උදෑසනම අවදි වී, තම ශාඛා මූලස්ථානය වන මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ගියෙමි.
තම ලැප්ටොප් පරිඝනකය ක්‍රියාකර, ජංගම දුරකථනයේ ඇති පෙරදින රාත්‍රියේ ලබාගත් සියලුම ඡායාරූප වල පිටපත්
දාගත්තෙමි. ඉක්බිතිව නුගේගොඩ පසුකර දෙල්කඳ හංදිය අසල මාවත අයිනේ. යතුරුපැදිය නවතාදමා. අන්ලිමිට් ටෙක්ස්ටයිල්ස් වෙළෙඳසැල පේනමානයේ ඇති බත්කඩයකට සේන්දුවී
උදා අහාරය ගන්නා අතරතුර තම උකුසු ඇස් පිටතින් පේන අන්ලිමිට් ටෙක්ස්ටයිල්ස් නෙත යොමා සිටියේ. සේපාලිකා වැඩකටයුතු සඳහා පැමිනෙන්නේද යන්න සොයාබැලීමෙ අදහස අතැතිවය. විටෙක තම ෆුල්ෆේස් හෙල්මට් එක හිසට දමාගෙන තම යතුරුපැදිය මතම කාලය ගතකෙරුවෙමි.

හෝරා දෙකකට ආසන්න කාලයක් විවිධ තැන්වල විවිධ ඉරියව් වලින් පසුවුද , සේපාලිකා එතැනට පැමිණියේ නැත.
එය එසේනම්……… තම දුරකථනය නාදවිය.

ඔව්… කසුන් ….

*good morning sir….

Very good morning kasun….

*සර් කොහෙද ඉන්නෙ ….?

මම ඉන්නෙ අන්ලිමිට් ටෙක්ස්ටයිල්ස් එක කිට්ටුව …

*අම්මටසිරි…. එහෙමද..?

ඇයි හදිසියේම කසුන්… ?

*සර් අර ගමන අද යන්න පුළුවන් …

මොන ගමනද පිත්තල (වත්තල වෙරලට) ගමනද…?

*ඔව් සර්…..

දැන් කොහෙද ඉන්නෙ ….?

*මම දැන් අඳුරු තැනේ ඉන්නෙ..

හා… හරි… එහෙනම් හොඳ ජැන්ඩියට ඇඳලා ටෙක්ස්ටයිල්ස් එකට එන්න එහෙනම්.

*හරි සර්….

හරි හරි… ඉන්න මම එන්නම්. අපි ඒගැන කතා කරමු.

………………………………………………………..

මිටෙන්හල කුරුලෙකු මෙන් තම යතුරුපැදියෙන් ඉඳුරාම මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත පැමිණ. තම කාර්යාලයට ගොඩවූයෙමි.

මද වෙිලාවකට පසු නියෝජිත J50 සමඟ මා හමුවට ආවෙි සුපුරුදු කසුන් ය…..

හා එන්න ඇතුලට…. දෙන්නටම සුභ උදෑසනක් වේවා…

**සර් මොකෝ වෙන්නෙ….? වාඩිවෙමින්

හොඳ ප්‍රශ්නයක්.. ඉදිරියේදී වෙන්න තියෙන දේවල් ගැන මට සේයා මැවෙමින් තියනවා මගෙ මනස තුල..

*ඒ කිව්වෙ සර්… මම දන්නවා අද්දැකීමෙන් සර් ඔහොම කතාවක් නිකංම කියන්නේ නැහැ කියලා.


ඔව්… මම කියන්නම් එකින් එක.
මෙහෙමයි ඊයේ රෑ මම ගියා. අර කලින් මම සෝදිසි කරපු ගෙදරට ආයේ පාරක්.

**අර මිහිරාණි මෙනවියගේ මරණය වෙච්ච ගෙදරට එහා පැත්තෙ තියෙන ගෙදරටනෙ.

ඔව් ඒ ගෙදර තමයි.. ඉතින් මම ගේ ඇතුලට ගියා.. පිලිවෙලින් ගේ ඇතුලෙ කාමරවල. ඊට පස්සේ ආලින්දයට, ඊට පස්සේ මුළුතැන්ගෙට… ඉතින් කාමරවල, ඒවගේම ආලින්දයේ මොකුත් වෙනසක් නැහැ. හැබැයි සුපුරුදු සිත්ගන්නාසුළු දේ නම් තිබ්බා…

*පිරිසිදුකම….

හරියටම හරි කසුන්… පිරිසිදුකම. මකුළුදැලක්වත් නැහැ පෙරසේම…
හ්ම්ම්… කරුණු එසේ වෙනකොට මම ගියා මුළුතැන්ගෙට. එතන ටික වෙලාවක් ඉන්නකොට පොඩි දෝංකාරයක් අහුනා.
ඒක නිකං ෆෝන් එකක් වයිබ්‍රෙිටි වෙනවා වගේ. මම ඊට පස්සේ හෙව්වා ඒක කොහෙන්ද එන්නෙ කියලා. ඒක මට අවසානෙදි හමුවුනා අධිශීකරණයත්, බිත්තියත් අතර තිබුන අඟල් ගාණක පරතරය තුල තිබිලා.

*ඒ කියන්නේ ඒක රින්ස් ගියා ඒ වෙලාවෙ..

ඔව් කසුන්… ඊට පස්සේ මම ඒක අතට අරගෙන ඒකෙ තිබුන කෝල් රෙකෝඩ්ස් ටික සේරම ලියාගෙන, මමත් ඒකෙන් කෝල් එකක් අරගෙන, ඊට පස්සේ ඒකෙ මගෙ නම්බර් එක delete කරලා. ආයේ තිබුන තැනින් තියලා. මම නැවත ආවෙ ආලින්දයට ..

නියෝජිත ජනිත් ….

**සර්…..?

මෙන්න ඒ රෙකෝඩ්ස් ටික… ලියාගන්න.
ලියාගෙන ගිහින් Ops room එක⁣ට දෙන්න. හදිසිම නැහැ මෙික. අපි මෙි නම්බර් කාගෙද, කතා කරන ලොකේෂන් ටික බලාගන්න ඔීන

**ok sir….

ඉතින් එහෙම ඇවිත්….

නියෝජිත ජනිත් අහගෙන නේද ඉන්නෙ…?

**ඔව් සර්….

හරි…. එහෙම ඇවිත්. අර බුරුල් කරපු සිවිලිම් කැටය පන්නලා මමත් සිවිලිම දිගේ බඩගෑවා උඩට . තද කළුවරේ හන්දා ටෝච්එක ගහලා සතර අත බලපුවාම පෙනෙන මානයේ කළුපාට දෙයක් දැක්කා. ලඟට බඩගාලා බලපුවාම තමයි දැක්කෙ ඒක මල්ලක් කියලා. ඊට පස්සේ මල්ල ලෙහලා බලපුවාම මොනවද දන්නවද තිබුනෙ …?

*මොනවද….?

මෙන්න බලන්න තිබුන එව්වා … කියමින් තම ලැප්ටොප් එක තුල කලින් ගන්නා ලද ඡායාරූප පෙන්නුවෙමි.

**මෙි මොනවද …නිකං වලස් අත් වාගේ..?

*ඒ කියන්නේ අපේ අනුමානයන් හරි…
මෑන් ගහෙන් ගහට පැනලා , වහලයේ උළුකැට අයින් කරලා ගෙට ගොඩවෙලා තමයි මිහිරාණි මෙනවිය ව ඝාතනය කරලා තියෙන්නෙ.

ඔව් කසුන්… ඔව්…

**ඇයි සර් එච්චරටම පරිස්සමෙන් වැඩ කරන්නේ …?

හොඳ ප්‍රශ්නයක් තමයි… ඒකට කියන්නේ පරිස්සම කියලා. මොකද මනුස්සයාගෙ ඇස් වහන්න පුළුවන් වුනත් , විපරම් සුනඛයන්ගෙන් ඇස් වහන්න බැහැ නෙ...මොකද උන් වැඩ කරන්නෙ ඉවත් එක්ක නෙ.

*උඩින් ආපුහම ඉවට හසුවෙන්නෙ නැහැ නෙ…

හරියටම හරි… මම හිතන්නේ ඒ ගැන මීට කලින් මම සඳහනක් කරා. ඊට පස්සේ තමයි හොඳම හරිය තියෙන්නෙ.

**ඒ මොකක්ද ….

මම දැන් හැමදේම කිව්වට. එක දෙයක් කිව්වෙ නැහැ. ``ජීවිතේට රසවත්ම අද්දැකීම් රසවත්ම අද්දැකීම් ලැබෙන්නේ පරක්කු වෙලා ´´ කියලා කියනවා වගේ , හොඳම කොටස මම කියන්නේ අවසානෙට.

**ඒ කියන්නේ ඒකෙ තියනවා මොකක්හරි
දෙයක් …

නිසැකයෙන්ම.. නියමයි ජනිත්…හරි…
මම එතන වැටිලා තියෙන ෆෝන්එක අතට අරගෙන ඒ කතන්දර ටික කරලා නැවත තියලා බලකොට ඒ ලඟ තියෙන අධිශීතකරණය වැඩ කරනවා. ඉතින් මම ඒක ටිකක් උත්සාහ කරලා කොහොම හරි
විවෘත කරා. දන්නවද මොනවද ඒකෙ තිබ්බෙ කියලා ….

*මොනවද සර්….

මෙි බලන්න තිබුන දේ… කියමින් නැවතත් තම ලැප්ටොප් එකේ තිරයට ඇඟිල්ල තබා පෙන්නුවෙමි.

**මොකක් ….? මෙි තියෙන්නෙ සර් හදලා පෙන්වපු එකක් වගේ අයිස් කිණිස්සක් නේද…?

*දෙ⁣යියන්ටම ඔප්පු වෙච්චාවෙ … ඇත්ත තමයි..

**මෙිකා මහ කපටි රජෙක් නෙ…

ඒක තමයි නේද…? එක්තරා ආකාරයක උමතුවක් වගෙු නේද…?

*ඔව් සර්… අනික් පැත්තෙන් පරිස්සම් වෙන්න යෙදූ නිර්මාණශීලී උපක්‍රමයක්

**ඇත්තටම ඔය සංකල්පය කොහෙන්ද එන්න ඇත්තේ….?

මම ඒක තමයි කියන්නේ. මිෂන් එකක් ඉවර කරලා.. නිවාඩුවක් ගන්න කියලා.
නිවාඩුවක් අරගෙන ලෝකය දකින්න, ජීවිතය විඳින්න කියලා. පොතපත කියවන්න. රූපවාහිනී නාට්‍ය බලන්න.
ප්‍රවෘත්ති අහන්න, බලන්න . ඒ වගේම
ඉඳලා හිටලා චිත්‍රපටිත් බලන්න කියලා.
මෙහෙම සංකල්පයක් තියනවා නේද
`` The Mortal Combat ´´ කියන ඉංග්‍රීසි චිත්‍රපටයක…? ඒකෙ ඉන්නවා විරුද්ධ දක්ෂ මායා සටන් කරුවෙක් `` Sub Zero ´´ කියලා. මෑන්ට විශේෂ හැකියාවක් තියනවා අයිස් වලින් තියුණු ආයුධ මවලා
ප්‍රතිවාදියාට පහරදෙන්න වගේම, ප්‍රතිවාදියාව ක්ෂනිකව අයිස් කුට්ටියක් බවට පත්කරලා , එක පහරින් කැබලි වලට සුනුවිසුනු කරන්න. අන්න ඒ වගේ දෙයකින් උපුටා ගන්නා ලද දෙයක් වෙන්න පුළුවන් මෙික.

**හරි පුදුම දේවල් තමයි අපරාධකරුවන් ට හිතෙන්නේ නේද..?

ඔව් නියමයි ජනිත්… ඔීනම දෙයක් හොඳට වගේම නරකට යොදාගන්න පුළුවන්. වැඩෙි කියන්නේ මුන් මුන්ගෙ මොළගෙඩි යොදාගන්නේ වැරදි දේවල් වලටම නෙ.

*ඒක ඇත්ත තමයි සර්…

හැබැයි මහත්වරුනි.. ඒක නෙමෙි මෙතන තියෙන පුදුම හිතෙන , ඒ වගේම බරපතල කාරණය ….?

**ඒ මොකක්ද සර්…..?

එක හීයක් මුවාට නම් , ඉතිරි උණ්ඩය
හාවටද , නැත්නම් ගෝනටද..?

*අම්මපා සර්… ඇත්ත තමයි…

ඔව් මහත්වරුනි …. එකක් මිහිරාණි මරන්න නම්, තව එකක් හැදුවෙි කාව මරන්නද….? උත්තර තුනයි .

අංක එක - ⁣ඩොක්ටර් දුනිත්
අංක දෙක - සයුරි
අංක තුන - අපි නොදන්නා වෙනත් කෙනෙක්. අර ලිස්ට් එකේ ඉන්න.

**සර් බැරෑරුම් ප්‍රශ්නයක් නේද…?

ඔව් මහත්වරුනි …. කමක් නැහැ අපි බලමු නේද …? දැන් ඉතින් අපි ඊලඟ වැඩෙිට අත ගහමු. ඉතින් කියන්න බලන්න කසුන්… කොහොමද සයුරිව
ගෙන්න ගන්නේ….

*සර්… මම කිව්වා අපි අද බීච්එකට යමුද කියලා …. ඉතින් හා කිව්වා. ඊට පස්සේ මගෙන් අහැවිවා කොතනට යන්නෙ කියලා. මම කිව්වා ඔයා කැමති කොතනද කියලා …

ඉතින් ….

*මෙයා එකපාරටම `` ගෝල්ෆේස් යමු ´´
කිව්වා…. ඉතින් මම කිව්වා ගෝල්ෆේස් වල අද කට්ටිය වැඩියි කියලා . අපි යමු වත්තල බීච් එකට කියලා …

ඉතින් සයුරි කැමති වුනාද….?

*ඔව් සර්… ඹලුව වනවා බොහොම අහිංසක විදිහට අනුමත කරා….

නියමයි කසුන්… දෙන්නෙක්ගෙ ආදරය ලස්සන වෙන්නේ යුවතියගේ සංවරකමයි, තරුණයගේ නිහතමානිකම සමග යුවතියට දක්වන අවංක ගෞරවය මත. ඉතින් ඒ දෙක ඇති ආදරය දළුලන්න. හැබැයි ජීවත්වෙන්න වෙන දේවල් අවශ්‍ය වෙනවා. යුවතිය සංවර නම් , එම තරුණයාගේ සැකය යනවා
ආයේ ලංවෙන්න බැරි දුරකට…

**සර් දන්න දේවල්…. සර් ලව් කරලා තියනවා වගේ බොක්කෙන්ම…

හරි… ඒක මම නිකමට කිව්වෙ. කසුන්… කරන්නේ රඟපෑමක් නෙ. නේද කසුන් මහත්තයා …

*හා හා… ඔව් ඔව්….

හරි… මම දැන් සැළසුම කියන්නම්. කසුන් ඔයා සයුරි එක්ක එන්න අපේ N House එක ලගට. ඊට පස්සේ මම මිස් කෝල් එකක් ගහපු ගමන් එයාව සිහිනැති කරලා, අපේ තානායම ඇතුලට දාගමු. ඊට පස්සේ…

**මල නොතලා රොන් ගමු….

හරියටම හරි…. නියෝජිත ජනිත්…
අපිට මල තලන්න අවශ්‍ය නැහැ. මොකද මල වැරදි කරලා නැහැ නෙ. ඒක මම හරියටම කරන්නම්. ඔයා කසුන් ඇතුලට අරගෙන එන්න. හැබැයි පරිස්සමෙන් වටපිට බලන්න… සීයයට සීයයක් ප්‍රවෙිසම් වෙන්න. මොකද මම මෙිවනවිට කාල නිශ්චය කරලා නිගමනයකට ඇවිත් ඉවරයි.

*ඒ මොකක්ද සර්….

හරි මහත්වරුනි … මම මෙහෙම කියන්නම්… සාමාන්‍යයෙන් දුර අනුව.
සයුරි කසුන්ට වඩා විනාඩි දහයකට කලින් තමන්ගෙ නවාතැනට යන්න පුළුවන් මම හරිද කසුන් මහත්තයා..

*ඔව් සර්…

නියෝජිත ජනිත් … ඔයා දන්නවද මම උදෙන්ම කොහෙද ගියේ කියලා….?

**සර් උදෙන්ම මෙතනට ආවා කියලා මම දන්නවා… එච්චරයි.

බොහොම හොඳයි.. කසුන් මහත්තයා දන්නවා …

*ඔව් සර්… සර් ගියානෙ සේපාලිකා වැඩකරන තැනට.

ඔව් … මම ගියා . මම සැළකිවයුතු වෙලාවක් බලාගෙන හිටියා . ඒ කියන්නේ පැය දෙකක් විතර. සේපාලිකා වැඩට එයි කියලා. නමුත් ආවෙ නැහැ. ඒ එක්කම තමයි මට කසුන් කෝල් කරලා කිව්වෙි
අද සයුරි එක්ක බීච් යන්න පුළුවන් කියලා. ඉතින් සේපාලිකා නාවෙ ඇයි.

**මල්ගහේ නැවතුනා වෙන්න බැරිද…

අන්න පොයින්ට් එක නියෝජිත ජනිත්..
සේපාලිකා මල්ගහේ නැවතුනා. කසුන් , සයුරි කියන සමණලුන් වන්දනාවෙ යනකොට පස්සෙන් යන්න.

*එතකොට සර් අපි බීච් වන්දනාවෙ යනවා කියලා සේපාලිකා කොහොමද දන්නෙ …?

අන්න කසුන් මහත්තයාත් පොයින්ට් එකට ආවා… ඒක තමයි මම කලින් කිව්වෙ. විනාඩි දහය තමයි ප්‍රශ්නය.
සයුරි ගිය ගමන් තමන්ගෙ තිබුන හදපිරි සතුට හන්දා, ඒක සේපාලිකාටයි , අනිත් යාළුවාටයි කිව්වා අද උදේ වරුවෙ කසුන්, එහෙමත් නැත්නම් සයුරිගෙ ව්‍යවහාරයෙන් කියනවානම් `` නාරද ´´
එක්ක බීච් යනවා කියලා. ඉතින් ඒක
``චර දූතියක්´´ වන සේපාලිකාට ලොකු නිවුස් එකක්. ඒ හන්දා එයා නුගේගොඩ වැඩට නොයා අද ඔයාලා පස්සෙන් බීච් එකට එනවා ඔත්තු බලන්න. ඔන්න ඔීකයි අද වෙන්නෙ… මට ඒක සහතිකවශයෙන්ම කියන්න පුළුවන්..

එහෙනම් නියෝජිත ජනිත් අපි යමු නේද..? අපි දෙන්නා විතරක් වෙස් වලාගෙන යමු.

**ඔව් සර්…. අපි කලින් ගිහින් N House එකේ ස්ථානගතවෙලා ඉන්න එපැයි.

ඔව් ඇත්ත වශයෙන්ම…
එහෙනම් දෙන්නම වත්තල බීච් එකේදී හමුවෙමු.. ජයවේවා …


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now