⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 07 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


හ්ම්ම්…… යමු කසුන්. අපි ලැබ් එකට.
ඉතිරි ලේ සාම්පල් එකත් රැගෙන පරීක්ෂණාගාරයට ගොස් පෙර පරිදිම ලේ සාම්පලයට නයෝසීන් බිංදුවක් දමා පරික්ෂා කෙරුවෙමි. පෙර පරිදිම නයෝසීන් සමඟ කිසිම ප්‍රතික්‍රියා කිරීමක් පෙනෙන්නට නොවීය.


මෙතැන්සිට …..

හ්ම්ම්… වැඩෙි පැහැදිලියි කසුන්. නයෝසීන් මෙි වෛරස් එක උදාසීන කරන බවක් පේනවා. නමුත් ඒක බොහොම කෙටි කාලයකට වෙන්න ඇති.

*ඒ කියන්නේ සතියකට වගේ.

ඔව් එහෙම තමයි වෙන්න ඔීන. මොකද අර වඳුරා ඇත්තටම ආසාදිතයෙක්. ඒ කියන්නේ වින්දිතයෙක්. ඒක තමයි ඌට සතියකට සැරයක් එන්නත ලබාදෙන්න ඕන. නැති වුනොත් ඌ මැරෙනවා වගේම , උගෙ ලේ බිඳක් වෙන කාගේ හෝ ලේ සමග මිශ්‍ර වුනොත් එයාටත් ක්ෂනිකව ආසාදනය වෙනවා.

*එහෙම බැලුවොත් ඔය සතාව මරපු ගමන් පුච්චලා දාන්න වෙනවා.

ඔව් කසුන්. එහෙම තමයි අර ටීම්එක වැඩෙි කරන්න සැළසුම් කරලා ඇත්තේ. මොකද උන්ගේ විද්‍යාඥ්ඥයන් තවම ලෑස්ති නැහැ මෙික සමාජගත කරන්න. මොකද ඒකට තවම ප්‍රතිවෛරස් එක නිර්මාණය කරලා නැතුව ඇති.එහෙමත් නැත්නම් මෙික ලංකාවෙ සමාජගත නොකර වෙනත් රටක සමාජගත කරන්න සැළසුම් කරලා වෙන්නත් බැරි නැහැ.
මොකද මෙි රට අමුතුවෙන් දුප්පත් කරන්න දෙයක් නැහැ නෙ. එදාමෙදාතුර හිටපු රාජ්‍ය නායකයින් වෙනත් රටවලින් උහුලන්න බැරි පොලී අනුපාත වලට ණය අරගෙන අනවශ්‍ය ව්‍යාපෘති කරලා, ඒකෙන් වැඩි මුදලක් තමන්ගෙ ජාත්‍යන්තර බැංකුව වලට දාගෙන රට දුප්පත් කර කර හිටියා මිසක , රට සංවර්ධනය කරේ නැහැ නෙ. වැඩේ කියන්නේ මෙච්චර ආර්ථික ඝාතන කරලත් තවමත් කඩෙි යන ගවයන් රට ඇතුලෙ ඉන්නවනෙ.

*ඔව් සර් ඒකනමි සහතික ඇත්ත. අවුරුදු හැත්තෑ පහක් තිස්සේ තමන්ගෙ ඡන්දය අවභාවිතා කිරීමෙි ප්‍රතිඵල තමයි නූපන් දරුවන් පවා විඳින්නේ අම්මගෙ බඩෙි ඉඳගෙන. ඒකත් හිතන්න ඕන කාරණාවක්. එතකොට ඇයි මෙි අපේ රටම මෙික නිශ්පාදනය කරන්න තෝරගත්තෙ …

එක හරිම සරළ කාරණයක් යාළුවා. ඒකට හේතුව දරිද්‍රතාවය.

*දරිද්‍රතාවය ….?

ඔව් දරිද්‍රතාවය. එහෙමත් නැත්නම් දුප්පත්කම. මොකද දුප්පත් රටවල්වල හිඟන්නන් බහුලයි. හිගන්නෝට ගෙයක් හෝ පවුලක් නැහැ. එතකොට උන් මොනයම් කරුණකට හෝ අතුරුදහන් වුනොත් හොයාබලන්න , පොලිස් ස්ථාන වලට පැමිණිලි කරන්න කවුරුවත් නැහැ.
එතකොට ඒ වගේ යාචකයින් මෙි පරීක්ෂණ සඳහා ඔින තරම් ඉන්නවා අපේ රට වගේම , ඉන්දියාව වගේ ජනගහනයෙන් වැඩි රටවල් වල. ඒක තමයි ප්‍රධානතම හේතුව. තරාතිරම වැඩක් නැහැ උන්ට ඔින පණ තියෙන මිනිස් ශරීර. ඒකත් කිසිම කෙනෙකුගේ අවධානයට ලක් නොවුන , නොවෙන එච්චරයි.

*ඒකනම් නියම පැහැදිලි කිරීමක් සර්.

එකගයි යාළුවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙහෙම තර්කයක් දාන්න.`` ඇයි දියුණු රටවල්වල හිඟන්නෝ නැද්ද ´´ කියලා. උත්තරය තමයි `` ඉන්නවා ´´
හැබැයි ඒ රටවල්වල දුප්පතා , පෝසතා කියලා නැහැ. ඒ දෙවර්ගයටම රජය සලකන්නේ සමාන වරප්‍රසාද ලැබිය යුතු පුරවැසියන් කියලා. ඒ හන්දා ඒ වගේ යාචකයෙක් අතුරුදහන් වුනොත් ඒ රටෙි පොලීසිය අනිවාර්යයෙන්ම හොයලා බලනවා. මොකද ඒ රටවල්වල ⁣ආරක්ෂක අංශ වලට තරාතිරම අදාල නැහැ .ඒක තමයි ඇත්ත කතාව. අපේ රටෙි එහෙම නොවන්නේ ඇයි. ඔයාම හිතලා බලන්න සමහරවිට උත්තරය ලැබෙයි.

*ඒක ඇත්ත සර්. මෙි රට දියුණු කරන්න බැරි ප්‍රධානතම හේතුව මිනිස්සුන්ගෙ තියෙන වැරදි ආකල්ප. කිසිම අධ්‍යාපන සුදුසුකම් නැති , නායකත්ව ගුණාංග නැති
එවුන් පුද්ගලික වාසි තකා අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවට යැවීම. තමන්ට දෙයන් වෙනවා නම් ඇති.
රටට කෙලවුනාට කමක් නැහැ. හැබැයි උන්ට තේරෙන්නේ නැහැ. තමන් ඉන්නෙත් ඒ කෙලවෙන රට තුලමයි. ඒ රට තමන්ගෙ රට කියලා.


හ්ම්ම්… ඒ ගැන කතා කරා ඇති. හොඳයි… අපි දැන් යමු නේද මෙතනින් මෙි ටිකට අපි ඇසිඩ් දාමු.

*හරි යමු..

කෝ මෙි නියෝජිත J50…? ආවත් හරි දැක්කෙ නැහැ නෙ.

*මෙලහකට ඇඳුම් තෝරනවා ඇති උඩ තට්ටුවෙ කස්ටමර් ලට..

හැබෑටම …? යමු බලන්න..

සුභ උදෑසනක් මහත්තයා. මට ඉණ 32 කළුපාට ඩබල් පොකට් කලිසමක් තෝරගන්න ඕන. පුළුවන්ද මට උදව් කරන්න.

**හපොයි පුළුවන් සර්. එන්න මෙි පැත්තට .. නියෝජිත J50 පසුපස අප දෙදෙනා පහල මාලයට යනවිට ඉහල මහලයේ වැඩකටයුතු නියෝජිත B200 ට වෙත පවරන ලදි. ආයුබෝවන් උතුමාණෙනි.. ආයුබෝවන් කසුන් සර්.
( මද සිනහවක් පාමින් )

ආයුබෝවන් නියෝජිත ජනිත්. ඉතින් තවම ඩෙනිම් තෝරනවා වගේ…?

**හපොයි සර්. මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. මෙිකෙ එන අයට ඇඳුම් තෝරලම. ඉතින් කොහොමද සැපසනීප.

*කියන්න වරදක් නැහැ නියෝජිත ජනිත්.

හ්ම්ම්… අපි අළුත් මිෂන් එකක ඉන්නෙ.

**අම්මපා … ෂෝක් නෙ. මට නැද්ද ඒකෙ කරන්න වැඩක් හීනියට වාගේ. මට මෙි රෙදි තෝරලා ඇතිවෙලා තියෙන්නෙ.

රෙදි තෝරනවට තමයි රජයෙන් වැටුප් ගෙවන්නේ..

**හා එහෙම සර්. මම හිතුවෙ වෙන වැඩවලට ගෙවනවා කියලා.

ඒක නෙමෙි. අද කසුන් මහත්තයාගෙ කෑල්ල අපිට මුණගැහුනා..

**අම්මපා කියන්නේ සර්.

අම්මපා..

**ඉතින් ඉතින් ටෝක් කරේ නැද්ද…?

*යන ගමන් ටෝක් කරලා බලනවා..
(තිදෙනාම සිනාසෙමින් )

ඒක නෙමෙි නියෝජිත ජනිත්. අපි බොහොම අවධානම් මිෂන් එකක ඉන්නෙ.

**ඇත්තට. සර් ලේසියකට ඔය `` අවධානම් ´´ කියන වචන පාවිච්චි කරන්නේ නැහැ මම දන්න තරමට නම්. මොකක්ද සර් එච්චරම සීරීයස් කේස් එක.

මෙතෙක් කතාව සරළව මා නියෝජිතයා හට පැහැදිලි කරා.

**දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ. සර් මගෙන් මොනවද කෙරෙන්න ඕන.

දැනට මොකුත් නැහැ. මම කියන්නම්. ඔයාට තියනවා දිග පාරක ගමනක් යන්න එච්චරයි.

**දිග පාරක…?

ඔව්.. මම කියන්නම් වෙලාව ආපුවහම.

**හරි හරි සර් …

හරි .. එහෙනම් අපි තුන්දෙනාම යමු ඔප්ස් රූම් (සංඥ්ඤා කාමරයට ) එකට

*යමු යමු සර්…

ආයුබෝවන් ප්‍රොන්ටෝ ( ප්‍රධාන සංඥ්ඤා නියෝජිත )

***ආයුබෝවන් සර් …

වාඩිවෙන්න වාඩිවෙන්න. ඉතින් මොකද වෙන්නෙ…?

***මොකුත් විශේෂ දේවල් නැහැ වැඩටික කරගෙන යනවා..

හොඳයි… ප්‍රොන්ටෝ මට චෙක් කරලා කියන්න `` චයිනා මිල්ක් ´´ කියලා ගහපු බවුසර් එකක් මෙි කොළඹ අවට සැරි සරනවද. එහෙම තියනව නම් එයාලලේ ගමන් මාර්ග මොනවද කියලා මට දැනගන්න ඕන . කොටින්ම කියනවා නම් එහෙම යනවා නම් මොන පාරෙද යන්නෙ. දවසකට හෝ දවස් ගාණකට සැරයක් ද යන්නෙ කියලා.

***හොඳයි සර් මම ක්ෂේත්‍ර ඔත්තුකරුවන්ට කියන්නම්. දැන්ම.

හොඳයි.. ඒ වගේම මාතර ෆුඩ් කෝනර් කියලා කඩයක් තියනවද කියලා බලන්න කියන්න අපේ මාතර ඉන්න නියෝජිතයින්ට

***හරි සර්… මම ඉක්මනින්ම උත්තරයක් දෙන්නම් සර්ට…

හොඳයි…. බොහොම ස්තුතියි ප්‍රොන්ටෝ..

***ඒක සුළු දෙයක් සර්….

*සර් ඒ මොකද. කොහෙන්ද ඒ තොරතුරු ..?

ඒකට නිසි වෙලාව ආපු ගමන් මම උත්තරය දෙන්නම්. දැනට මට මොකුත් කියන්න බැහැ. එතකොට අපි යමු නේද කසුන්. නියෝජිත ජනිත් ..

**සර්..

මම හෙට නෙමෙි අනිද්දා ඔයාට කෝල් එකක් දෙන්නම්. එදාට වෑන්එක ලෑස්ති කරගෙන ඉන්න මම ඉන්න ඕන තැන කියන්නම්.

**ගේමක්ද සර්

ගේමක්ම නෙමෙි. තෙල් ටැංකිය පුරවලාම තියාගන්න. ඒ වගේම තමන් පුද්ගලික අවියත් ඉනේ ගහගෙන ඉන්න අමතක කරන්න එපා. මොකද දුරදිග හඹායාමක් තියනවා අපි තුන්දෙනාට.
ඒ අතරතුරදී මොන මොන මරාල පාත්වෙයිද දන්නෙ නැහැ නෙ.

**ගේමක් නම් ඉතින් හොඳයි. කමක් නැහැ ඉතින් මොනවා කරන්නද. හරි සර් මම රෙඩි..

හ්ම්ම්… බොහොමයක් ස්තුතියි. ඩාර්ක් හෙට් ට කියන්න අපි ගියා කියලා.

**හරි සර්… කවුද අපේ සහය පරීක්ෂක තුමා. යන ගමන් අමතක නොකර කෑල්ලට ටෝක් කරගෙනම යන්න හො⁣ඳේ..?

*ඔව් මම කියනකම් හිටියෙ.. ගිහින් එන්නම්.

**හරි සර් ජයවේවා…

ජයවේවා නියෝජිත ජනිත්…

ප්‍රධාන දොරටුවෙන් එලියට විත් යතුරුපැදියට නැග ගත්තෙමු.

*සර් නියෝජිත ජනිත් ටිකක් ඕනෑවට වැඩියි වගේ නේද..?

මටනම් එහෙම නැහැ. ඔයාට එහෙම වෙන්න ඇති. මෑන් විනෝදකාමී මිනිහා. ඒක මිනිහගෙ ගතිය නේද..?

*නෑ නෑ මම නිකං කිව්වෙ. අපි යමු සර්..

මරදාන රෝහලට පැමිණ සයුරි සමග කෙටි පිලිසඳරක යෙදුන සහයකයා
මාද කැටුව නැවත කොටියාකුඹුර නගරය බලා පිටත් වන්නට විය. හෝරා දෙකකට පසු නවාතැන වෙත ඒමට හැකියාව ලැබුනි.

හොඳයි මම දැන් කියන්නම්. ඔයාගෙ හිතේ තියෙන සමහර දේවල් වලට උත්තර යාළුවා. පලමු ප්‍රශ්නය තමයි මගේ ලේවල තියෙන විශේෂත්වය මොකක්ද කියන එක. ඒකට හේතුව තමයි මම මෙච්චර මිෂන් කීපයක් කරලත් ඇයි මගෙ එක තුවාල කැළලක්
වත් නැත්තෙ. කසුන්⁣ට මතකයිද ගිය මිෂන් එකේ වෑන්එක පිපුරුන වෙලාව.
ඒ වෙලාවෙ මගෙ දකුණු අත තුවාල වුනා.
නමුත් එහෙම දෙයක් දැක්කද පසුුව වත්.

*නෑ සර්. මම හිතුවෙ සර්ට මොකුත් වුනේ නැහැ කියලා…

එහෙම නෑ කසුන්. මගෙ දකුණු අත අඟල් තුනක් විතර පහලට කැපුනා. නමුත් මෙි බලන්න කැළලක් වත් තියනවද කියලා.
නැහැ නේද…? ඇයි එහෙම වෙන්න හේතුව. මගෙ ශරීරය තුල අධිමාත්‍රාවක් අන්තර්ගතවෙලා තියනවා. ඒ හේතුවෙන් මගෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණය සීයයට පන්සීයයකින් වැඩියි. මට ඒක හරියටම දැනගන්න ඕනකම තිබුනා. නමුත් ඒකටම කියලා මට වෙනම අවස්ථාවක් ගන්න වුවමනාවක් තිබුනෙ නැතත් , අහම්බෙන් වාගේ ඒකට මඟක් පෑදුනා.
ඒකයි අද වුනේ. විශ්වාස කරන්න බැහැ නේද. කසුන් මට දෙන්න ඔය පිහිය මෙහාට. කෝ.. දෙන්න. මම දන්නවා කාට වුනත් මෙි කතාව විශ්වාස කරන්න අමාරුයි කියලා. නමුත් ප්‍රායෝගිකව දැන් බලාගන්න පුළුවන් ඔයාට.

*සර් මොකද ඔය කරන්න හදන්නෙ. අත කපාගන්න නේද…? පිස්සු කෙලින්න හදන්න එපා.

යාළුවා ටිකක් සන්සුන් වෙලා ම⁣ම කරන දිහා බලාගෙන ඉන්න. මෙි මගෙ නියෝගයක්. කියමින් තියුණු උල්පිහිය ආධාරයෙන් මම මගේ වම්අතේ මැණික් කටුවට පහලින් අඟල් තුනක පමණ කොටසක් කපා පෙන්නුවෙමි. ලේ බිඳු කීපයක් බිමට පතිත වූවා පමණි. යලි
තිබුන ලෙසම අතේ මාංශපේශින් ක්ෂනිකව පෑහෙන්නට විය. පුදුමයට පත්ව මගෙ අත දිහා ඇස් බෝල දෙක ලොකු කරගෙන කසුන් බලාසිටින්නට විය.

*මෙික වෙන්න බැරි දෙයක් නෙ සර්. කොහොමද එහෙම වෙන්නෙ…?

හ්ම්ම්… මතකයිද අපි දෙන්නා එක මිෂන් එකක් කරා. අර නොපෙනෙන දියර වර්ගය ගන්න ආචාර්යවරුන් කීපදෙනෙක් ගහපු ගේම්එක මැඩපවත්වන.
(නිහඬ ඝාතකයාගේ අභිරහස් තුන්ඩු හතරෙ මෙහෙයුම. ඔබ සමහරවිට කියවා ඇති )
*ඔව්… ?

එතනදී මතකයිද අවසාන මොහොතේ මම අදිසි දියරයෙන් ටිකක් බිව්වා කට්ටියව බිම දාන්න..?

*ඔව් ඔව්… ?

අන්න ඒ දියරය තවමත් ක්‍රියාත්මකයි මගෙ ඇඟ ඇතුලෙ. මම දන්නෙ නැහැ කොච්චර කාලයක් පවතියිද කියලා.
ඒකෙ ප්‍රතිඵල මම සමහර අවඅවස්ථාවන් වලදී තවමත් භුක්ති විඳිනවා කසුන්.

*එතකොට සර්. ඒකෙන් නොපෙනී ඉන්න බැරිද ….?

බැහැ කසුන්. එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් සමහරවිට ඒ ශීලාලිපිවල තිබුනද දන්නෙ නැහැ. මොනවා වුනත් ඒ ගල්ලෙන පොලව ඇතුලට ගිලා බැස්සනෙ. ඉතින් එච්චරයි මම දන්නෙ ඒ ගැන.

*ඒකත් වාසනාවක් බලපුවාම එක පැත්තකින් … නොහොම වුනත්. මම සතුටුයි ඒ ගැන.

බොහොමයක් ස්තුතියි යාළුවා. මෙන්න ගන්න ඔයාගෙ පිහිය.

හ්ම්ම්… හරි…. දැන් තියෙන්නෙ දෙවන ප්‍රශ්නය නේද… ? මොකක්ද අර බවුසර් කතාව. ඒක නේද ප්‍රශ්නය …? බවුසරේ මම ස්භාවය කිව්ව එකත් , ඒක මෙතනට කොහොමද සම්බන්ධ වෙන්නෙ කියන එක නේද…?

*හරියටම හරි සර් ….

ඒකට උත්තරය දෙන්න ඔීන. නමුත් මට තවම ප්‍රොන්ටෝ ගෙන් හරි උත්තරයක්
ආවෙ නැහැ. හරි විදිහට නම් දැන් මට උත්තරයක් එන්න ඔීන. මොකද ඒ උත්තරය මත තමයි මගෙ උත්තරය සාර්ථක වෙන්නෙ.

මතු සම්බන්ධයි……






Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now