⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 256 වන දිගහැරුම ⸎
> මෝඩ ඔත්තුකරුවන් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**කමක් නෑ සර්. බෙල්ල ගහලා ගියත් වැඩෙි ගොඩදාමු..

ඔව් මහත්වරුනි. මරාගෙන මැරිලා හරි. වැඩෙි නවත්තලා දාමු. හ්ම්ම්… අපි යමුකො දැන් ටෙක්ස්ටයිල්ස් එකට.

මෙතැන් සිට….

හෝරා දෙකක් පමණ කාලයක් ගෙවාදමා ආපසු එන ගමනේදී ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක නැගී දෙදෙනෙකු අප පසුපස සැලකිවයුතු දුරක් ගෙවාදමා එන බැව් දක්නට ලැබුනි.

**සර්… දෙන්නෙක් දැන් සෑහෙන දුරක ඉඳලා අපිව ලුහුබඳිනවා වගේ මට පේන විදිහට.

ඔව්… ඒක ඇත්ත. හොදට බලන්න කවුද කියලා ඒ…?

*මෙි මෝඩ ජෝඩුව නේද…? මොකද කියන්නේ ගහලා දාමුද…?

එපා… මෙි පට්ට දවාලේ පාර මැද එහෙම දෙයක් කෙරුවොත් රටෙි ආරක්ෂක අංශ වලට අපි නිකං අභියෝග කරා වගේ වෙනවා. අපේ සේරම වැඩ තියෙන්නෙ රෑටනෙ. ඒ හන්දා රෑ වෙනතුරු අපට ඉවසලා ඉන්න වෙනවා මිත්‍රවරුනි. අපි උන්ව මගහරින්න ඕන හන්දා ඔය කෑම කඩෙික නවත්වන්න. අපි දවල්ට කාලා එහෙම යමු.

**හොඳයි සර්… කියමින් වාහනය කෑම කඩයක් අයිනෙ නවත්තනට විය.

තිදෙනාගෙම මුහුණු , මුහුණට මුහුණ පෙනෙන පරිදි වාඩිවී සතර දිශාව කෙරෙහි දැඩි අවධානයෙන් යුතුව කාලය ගෙව්වෙමු. ඒ ඇණවුම් කරන ලද දිවා ආහාරය එනතුරුය.

**සර් අරුන් දෙන්නා නැවැත්තුවා බයික් එක.

හ්ම්ම්… දිගටම බලාගෙන ඉන්න.

ප්‍රතිවාදීන් දෙදෙනාම අප පසුකර ඉඳුරාම ගමන් ගත්තෙ කෑම කඩෙි පසුපස ඇති මුළුතැන්ගෙටය. මොහොතකට පසු වෙිටර්වරයා දිවා ආහාරය රැගෙන එන ලදි. එය මෙිසය මත තබනවිට මාහට සැකයක් පහලවූ බැවින්.

මචංලා.. වෙලාගියා නේද බොසා අපිව අද වඩාගන්නවා ෂුවර්. මම කියන්නද. මල්ලි අපිට මෙි කෑම තුන පාර්සල් කරලා දෙන්න.

***ඒ වුනාට මහත්තයා …

*ඇයි මොකක්හරි ප්‍රශ්නයක් ද මල්ලි …?

***අ…. නෑ නෑ සර්.. මම ඔතලා දෙන්නම්.

හොඳමයි..

මද වෙලාවකට පසුව කෑම පාර්සල් තුනක් අප මෙිසය මත තැබු පසු. මා බිල්පත ගෙවාදමා කෑම පාර්සල් තුනද රැගෙන අප තිදෙනා නැවත ගමන ආරම්භ කරන්නට විය.

**ඇයි සර් අපි කෑවෙ නැත්තෙ…?

නියෝජිත ජනිත්. ඔය කෑම තුන කෑවොත් අපි සදහටම නිදි. නැත්නම් අනේක වද විඳලා අවසානයේ නිදාගන්න වෙයි. මොකද මට උණුබත්වල සුවඳට අමතරව වෙනත් සැර රසායනික සුවඳක් ආවා. ඔය දෙන්නට එහෙම සුවඳක් එන්න විදිහක් නැහැ. මොකද සුලං හමන දිශාව මට පක්ෂපාතීව තමයි තිබුනෙ.

**ඒ කියන්නේ මෙි කෑමවල වස තියනවා..?

ඔව් මහත්වරුනි. හැබැයි මම අනුමාන කරන විදිහට මෙිකෙ තියෙන්න ඕන නින්ද යන මොනවාහරි දෙයක්.

*හපොයි .. දැන් මොකද අපි කරන්නේ..?

අපි කාලා දාමු. අපරාදෙ නෙ සල්ලි නේද…?

**ඒ කිව්වෙ …?

ඔව් … නවත්වන්න ඔය වාහනය පාළු තැනක අයිනකට කරලා.

**හරි හරි… අපිට තේරුනා සර්. අපි එයාලට දෙමු රස කෑමක්.

අන්න හරි… අපි කනවා වගේ රඟපාමු එහෙනම්. තිදෙනාම වතුර බෝතලයෙන් අත් හෝදගෙන කෑම කනවා වගෙ රඟපානවිට අප පසුපස ආ යතුරුපැදි කරුවන් ඈත සිට අප දෙස බලාගෙනම අප පසුකර යන්නට විය.

හරි… ඔන්න බලන්න තව ටිකකින් උන් දෙන්නා ආපසු එනවා. එතකොට අපි නිදාගෙන වගේ ඉන්න ඕන. රංගනය තාත්වික වන තරමට අපිට උසස් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා මහත්වරුනි.

*හරි එහෙනම් පටන්ගමු.

ඔව්. ඔය දෙන්නා රඟපාන්න. මම අයිනකට වෙලා ඒ දෙන්නා එනතුරු මග බලාගෙන ඉන්නම්. මිනිත්තු දහයකට පසු
නැවත ප්‍රතිවාදීන් දෙදෙනා පෙනෙන මානයේ යතුරුපැදිය නවතා අප දෙසට එන්නට විය. හෙමින් සීරුවෙ වෑන්රියට එබිකම් කරනවිට. ඔවුන් මුහුණෙන් මුහුණ බලන්නට විය.

මචංලා මාවද හොයන්නෙ. මෙි ඉන්නෙ පිටිපස්සෙ කියමින් පිස්තෝලය ඔවුන් වෙත ඉලක්ක කරනවිට. දෙදෙනාටම සෙලවීමට නොහැකි පරිදි තම ග්‍රහණයට ගත් සහයකයින් දෙදෙනා ප්‍රතිවාදීන් දෙදෙනාටම දෙඅත් පසුපසට කර මාංචු
දැමා, කටවල් වැසෙන පරිදි ටෙිප් ඇලවීය. වෑන්රිය වෙිගයෙන් ධාවනය කර අවසානයේ නතරවූයේ මීටර් සීයයක් පමණ වට ප්‍රමාණයක් ඇති ප්‍රධාන පාරට මදක් දුරින් පිහිටි වැටකෙයියා යායකය.

හරි… වැඩිය බයිලා වැඩක් නැහැ. දැන් මට කියාපල්ලා උඹලව අපේ පස්සෙන් එව්වෙ කවුද ..? මහේෂ් ලොක්කද…?
නැත්නම් අර පිලිමතලාවෙ ඉන්න ප්‍රාථමික විදුහල්පතිද…?

දෙදෙනාම මුහුනෙන් මුහුණ බලාගත්තද කිසිවක් කිව්වෙ නැත.

මෙි බලපල්ලා මහාචාර්ය විනීත මරලා දාපු දවසේ ඉඳලා උඹලා දෙන්නා හැමතැනම කරක්ගහන බව අපි දන්නවා.
මොකද උඹලා පස්සේ අපි කරක් ගැහැව්වා පසුගිය කාලයේ. ඒ හන්දා නිකං බයිලා වැඩක් නැහැ. කතාකරපං මිනිහෝ.. කවුද මහාචාර්යතුමා මැරුවෙ. කියමින් එකෙකුගෙ නළලට පිස්තෝලයේ තුඩ තැබුවෙමි.

***සර් සර් මම කියන්නම්.

*ඉතින් කියපං බඩ තඩියෝ හුරතල් නොවී.

බඩ තඩියා - මහාචාර්යතුමා මැරුවෙ මහේෂ් සර්… එයාගෙ අතින්මයි මැරුවෙ.

එතන උඹලා හිටියද…?

බඩ තඩියා - ඔව් සර්..

මොනවද මහාචාර්යතුමා අවසාන වශයෙන් කිව්වෙ …?

බඩ තඩියා - ``මං මගේ කොටස කරලා ඉවරයි. උඹලට බෑ ඒක එලියට දාන්න.
මම ඉඟිය දීලා ඉවරයි. බුද්ධිමත් නිලධාරියෙක් ඒ ඉඟිය වටහාගනියි. එදාට උඹලගෙ හැම දෙයක්ම වතුරෙ ´´ කිව්වා

හ්ම්ම්… ඒ කියන්නේ මහාචාර්යතුමා වෛරස් එක මැඩලන්න ප්‍රතිවෛරස් එක නිර්මාණය කරලා ඉවරයි. උඹලා වලි කාගෙන හොයන්නෙ ඒකද පිස්සු බල්ලෝ වගේ..?

බඩ තඩියා - ඔව් සර්. මහාචාර්යතුමාගෙන් වෙන දෙයක් දැනගන්න කලින් මැරුණා.

**ඒ කියන්නේ ප්‍රශ්න කරලා උත්තරය ගන්න කලින් ⁣මහේෂ් පරයා විදපු බෙහෙත වැඩකරා.

බඩ තඩියා - ඔව් සර්… ඒක මෝඩ වැඩක් කියලා මහේෂ් සර්ට වැටහෙනකොට මහාචාර්යතුමා නැතිවෙලා ඉවරයි.

*එතකොට උඹලා දැන් ප්‍රතිවෛරස් එක තියෙන තැන හොයාගත්තද …?

අනෙකා - තවම බැරුව ගියා.

හ්ම්ම්… ඒක තමයි මහාචාර්යතුමා තමයි හොඳටම කරලා තියෙන්නෙ.

එතකොට උඹලා⁣ දෙන්නා අපෙ පස්සෙන් ආවෙ ඇයි. අපිව මරලා දාන්නද…?

බඩ තඩියා - ඔව් සර්…

හොඳයි එහෙනම් උඹලා මැරියල්ලා කියමින් දෙදෙනාටම මා නිහඬ පිස්තෝලයෙන් හිසට වෙඩි තැබුවෙමු. ඉක්බිතිව දෙදෙනාම වැටකෙයියා පඳුරට විසිකර දමා වෑන්රියට ගොඩවී වෙිගයෙන්
ධාවනයකර හෝරාවකට පසු අපට ටෙක්ස්ටයිල්ස් එකට එන්නට හැකිවිය. ඉන්පසු ඉඳුරාම ගමන්ගත්තේ භූගතව පිහිටි අපේ සාකච්ඡා කාමරය වෙතය. හොඳයි මහත්වරුනි වාඩිවෙන්න. මම ලඟ තියනවා කෙටි චිත්‍රපටයක් ඔයාලට පෙන්වන්න කියමින් මල්ට්මීඩියා ප්‍රොජෙක්ට් එක ක්‍රියාකරවා. මා මෙතෙක්
සඟවාගෙන සිටි කුඩා කැමරාව එලියට ගෙන, එහි මෙමරිකාඩ් එක ලැප්ටොප් එකට දමා එහි කුඩා වීඩියෝව ක්‍රියාත්මක කෙරුවෙමි.

**මොකක් … එතකොට සර්ගෙ කලිසමෙි මෙතන තිබ්බෙ බොත්තමක් නෙමෙිද…?

නැහැ මිත්‍රවරුනි. බොත්තමක් වගේ වීඩියෝ කැමරා එකක්. මෙි බලන්න මම කියපු චීන සොල්දාදුවන්. ඒ වගේම මෙි තියෙන්නෙ ඒ යාන්ත්‍රික දොරටු. ඒ වගේම මෙි බලන්න අර රොකට් පෑඩ්එක.

*සර්.. මුන් මාර පොරවල් නේද …?

ඔව් කසුන්… ඒ වගේම මෙි මාස්ක් දාගෙන නැති චීන්නු සොල්දාදුවන්.
මෙි බලන්න මෙි තියෙන්නෙ උන්ගෙ බැරැක්ක.

*සර් පේන විදිහට මෙයාලා ඇතුලෙ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ වගේ.

ඔව්. මෙයාලා ආරක්ෂාව විතරයි බලන්නෙ. හැබැයි ඒක තිතටම කරනවා.
ඒ වගේම සැහැල්ලු අවි පාවිච්චි කරනවා.

**විශේෂ පුහුණුවක් ලබපු අය වගේ

ඔව් නියෝජිත ජනිත්. මෙයාලා විශේෂ පුහුණුවක් ලබපු අය තමයි. මෙිවගේ තැනකට ගිහින් එනවා කියන එකත් අවදානම් වැඩක්. ඒත් අපි කොහොමහරි ගියා. ඒ වගේම එතන ඉන්න ගබඩාකරු ගෙ රහස් අංකය මට මතකයි.

**ඒ කොහොමද…?

මෑන් ඩිජිටල් පුවරුවෙ අංක ටික ඔබනකොට මම බලාගත්තා. ඒ වගේම හැම කෙනෙකුටම ආවෙිණික කේතයක් තියනවා. ඒකෙන් හොයාගන්න පුළුවන් කැමරා අක්‍රීය වුනත් කවුද දොරෙන් එහාට මෙහාට ගියේ කියලා.

*සර් ඒක මාර තාක්ෂණයක්..

ඔව් මහත්වරුනි. ඒ තරම් සූක්ෂ්මව තමයි මෙි සෙට්එක වැඩ කරන්නේ.
හරිම පිලිවෙලයි. ප්‍රතිවාදීන් වුනත්.
මෙි වගේ තැනකට නලින් යන්න හිතුවෙ ඇත්තටම මොකද කියලා මට තවම රහසක්. නමුත් ඒක හොයන්න යනඑක දැන් කරන්න බැහැ. මම හිතන්නේ නැහැ මෑන් අපිට බොරු කරයි කියලා. කොහොම වුනත් මම විශ්වාස කරන්නේ නැහැ. ඉදිරි කාලයේදී මිනිහගෙන් තව වැඩක් කරගන්න තියෙන හන්දා තමයි තවම මෑන් ජීවත්ව ඉන්නෙ මගෙන් බේරිලා.

*සර් නලින් තමයි මිනිහා නම් මිනිහා නේද…?

ඔව් කසුන්.. අපි හොයලා බලන්න ඕන ඇත්තටම නලින්ට නිවුන් සහෝදරයෙක් ඉන්නවද හේමන්ත කියලා. මොකද පාස්පෝර්ට් එකේ තිබුනෙ එහෙම නමක්. ඒක මෙතනට වැදගත්. මොකද මම එහෙම ලේසියකට මිනිස්සු විශ්වාස කරන්නේ නැති බව දන්නවනෙ ඔය මහත්වරුන් හොඳාකාරවම. කලින් කිව්වා වගේ අපි බලමු තව ටිකක්. මම මෑන්ව එතනදී අතැරලා දැම්මෙ. මෙි ගේම්එක තව ටික දවසක් රහසේම අදගෙන යන්න ඕන හන්දා. තවම අපිට එතනට අතගහන්න බැහැ. ඒකට තවම අපි සූදානම් මදි. ඒ වගේම මම අර කියපු ගබඩාකරුගෙන් මම ඇහැව්වා ඇතුලෙ කට්ටිය මොකක්ද කරන්නේ කියලා. මෑන් කියපු විදිහට මෑන් දන්නෙත් පිලිකා සෛල වලට ප්‍රතිදේහයක් නිර්මාණය කරනවා කියලා තමයි. ඒ හන්දා ඔය ගිලන්රථවල ගේන අය පිලිකා ලෙඩ්ඩු කියලා තමයි මෑනුත් හිතාගෙන ඉන්නෙ.

**එහෙමද…? තනිකරම ප්‍රෝඩාව නේද..? එතකොට ජොනි කිව්වෙ බොරුද …? මෑන් රට ගියා සියැසින්ම දැක්කා කියලා …?

නැහැ එහෙමත්ම නැහැ. ජොනිගෙ දැක්මට අනුව මෑන් කිව්වෙ ඇත්ත වෙන්න ඕන. මොකද මෑන් මට බොරු කියන්නේ නැහැ කාට කිව්වත්. අනික ඕන කෙනෙකුට ගුවන්තොටුපළ ඇතුලට ගිහින් ආපසු එන්න බැරිකමක් නැහැ නෙ. රටෙි හැමතැනම තියෙන්නෙ ප්‍රෝඩාවනෙ මිත්‍රවරුනි. ලංකාවෙ මිනිස්සු හරියට කරන එකම දේ හොරාකෑමයි තව කෙනෙක් රැවටීමයි. ඒ දෙක තිතටම කරනවා. මතට තිත කිව්වට මොකද , තිතටම මත නම් තියනවා. කොහොම වුනත් අපි ඊලඟ ගේමට එන්ටර් වෙමු.

*සර් එතකොට මොකක්ද ඔය මහාචාර්යතුමාගෙ රහස් ඉඟිය…?

හහ් හහ් හා.. මිත්‍රවරුනි. මම මතකයිද මීට සති දෙකකට කලින් කිව්වා මම ලඟ තව තුරුම්පුවක් තියනවා කියලා. ඒ ඉඟිය තමයි තුරුම්පුව.

*මොකක් …? ඒ කියන්නේ සර් දන්නවා
ප්‍රතිදේහ මහාචාර්යතුමා නිර්මාණය කරලා ඉවරයි කියලා.

ඔව් කසුන්.

*ඒ කොහොමද ….?

මතකයිද මම කිව්වා ලියැවෙන්නැති පෑන්
වගයක් හමුවුනාට පස්සේ. ඒ ප්‍රතිදේහ වල සැකැස්ම ලියලා තියෙන්නෙ තඹ තහඩුවල කියලා. අන්න ඒ තඹ තහඩු ටික තියෙන තැන තමයි ඒ ඉඟියෙ සඳහන් වෙන්නෙ. ඒ තුරුම්පුව මම අවසානෙට එලියට දාන්නම්. දැනට මෙි කරුණු ටික දැනගත්තහම ප්‍රමාණවත් මිත්‍රවරුනි. හරි.. අපි දැන් ඊලඟ ලෙවල් එකට යමු.

*කවද්ද …?

ඉන්න බලන්න.. ස්ථාවර දුරකථනය ගෙන ප්‍රොන්ටෝ වෙත ඇමතුමක් ගත්තෙමි.
ප්‍රොන්ටෝ.. මොකද ලිපිනයේ තත්වය.
මට උත්තරයක් තියනවද ඒ ගැන… ?

ප්‍රොන්ටෝ - ඔව් සර්… උදේ හයදෙනෙක් එතන ඉඳලා තියනවා.

හ්ම්ම්… ඒකත් එහෙමද… ? එහෙනම් උන් රෑට එතන ගාල් වෙයි නේද.. ?

ප්‍රොන්ටෝ - ඔව් සර්… සර් මම ලඟ ඒ ගෙදර වගේම වටපිටාවෙ ඡායාරූප ටිකක් තියනවා. අපේ ස්පයිඩර් එතන ඡායාරූප ටිකක් අරගෙන තියනවා. මම දැන්ම සර්ගෙ ඊමෙිල් එකට දාන්නම්.

හරිම වැදගත් හොඳයි .. බොහොම ස්තුතියි ප්‍රොන්ටෝ. කියමින් දුරකථනය විසන්ධි කෙරුවෙමි. ඉතින් මහත්වරුනි. අපි දැන් මොකක්ද කල යුත්තේ. අපිට උන් ගහනකම් බලාගෙන ඉන්නවද…? නැත්නම් අපිට තර්ජනයක් වෙන්න කලින් උන්ටික ට්‍රැක් එකෙන් අයින් කරනවද…?

**අපි ගේමට බහිමු සර්.

*ඔව් සර්.. අපායට වුනත් කලින් යන්න ඕනලු. අපි අද රෑම ගේමට බහිමු.

හොඳයි මහත්වරුනි. කට්ටියම අවි වලට සයිලන්සරය හයිකරන්න. අද රෑ නමයට
අපි එතනට කඩාවදිනවා. එහෙනම් නැවත අපි රෑ හතට හමුවෙමු. කියමින් දෙදෙනාටම සමුදී සැටලයිට් විද්‍යුත් තරංග මගින් උකුස්සා (ආරක්ෂක ලේඛම් ) , DH (දෙවන අණදෙන්නා ) , LH (ප්‍රධාන අණදෙන්නා ) සම්බන්ධ වීඩියෝ ඇමතුමක් මගින් සම්බන්ධ කරගෙන මිෂන්එකේ ආරම්භයේ සිට මෙි දක්වා සියලුම දේ විග්‍රහ කෙරුවෙමි.

උකුස්සා - හ්ම්ම්… (දිග සුසුමක් හෙලමින්)
ඕකයි තත්වය නේද එහෙනම්. හොඳයි මාධව. දැන් මොකද ඊලඟට කරන්න බලාපොරොත්තු වෙන්නෙ….?

සර් මෙි දවස්වල තැන් තැන්වල වෙඩිතැබීම් කරේ මගෙ ටීම්එක. උන්ගෙ
එවුන් ටිකෙන්ටික ඉවර කලේ නැත්නම්.
අපිට මෙික ලේසි වෙන්නෙ නැහැ. ඒ හන්දා ඒ චීන පැරා ආමි එකට ගහන්න කලින් මෙි පිට ඉඳලා උන්ට සහයෝගය දක්වන පොඩි පොඩි කල්ලි ඉවරකරලා දාන්න වෙනවා. නැත්නම් අපි ලොකු අමාරුවක ඉදිරි කාලයේදී වැටෙනවාමයි.

උකුස්සා - ඔව් ඒක ඇත්ත.

ඒ වගේම සර්.. මම දැන් ඔය තුන්දෙනාගෙම ඊමෙිල් එකට දාලා තියනවා ඒ කඳවුර ඇතුලෙ මම රහසිගත
විදිහට කරපු වීඩියෝ එකක්. ඒකෙ සමහර මුහුණු ටික අපිට පුළුවන් නේද. ඉන්ටර් පොලිස් වෙබ්අඩවියට අප්ලෝඩ් කරලා මොනවගේ අයද කියලා දැනගන්න.

උකුස්සා - පුළුවන්. මොකද බැරි මාධව. මම ඒක කරලා දෙන්නම්. කොහොමත් පැරා ආමි එකක් සීයයට සීයයක් නීත්‍යානුකූල හමුදාවක් නෙමෙි නෙ.
සල්ලි වලට යුධ පුහුණුව හදාරපු එවුන් නෙ. අපි බලමු. මම ඒගැන හොයලා බලන්නම්.


DH - ඒ කියන්නේ මාධව උන්ගෙ කෑම්ප් එකට රිංගුවා එහෙමද…?

ඔව් සර්.. මම උන්ට වියලි සලාක ගෙනියන මෑන්ලා දෙන්නව හයිජැක් කරා. ඊට පස්සේ උන් දෙන්නගෙ විදිහට මුහුණු හදාගෙන කසුන් එක්ක ඇතුලට ගියා. ඒ යන ගමනේදී තමයි මෙි විඩීයෝ එක ගත්තෙ.

DH - බොහොම හොඳයි. වෙරිගුඩ්.

LH - මාධව එහෙනම් සම්පූර්ණ සැළසුම හදන්න ෆයිනල් මිෂන්එකේ. ඊට පස්සේ අපිට කියන්න අපි අපෙන් කරන්න ඕන ටික කරලා දෙන්නම්. එහෙම නේද සර්..?

උකුස්සා - ඔව්. දමිත්.. අනිවාර්යයෙන්ම.
එහෙනම් අපි නවතිනවා මාධව. ගන්න පුළුවන් හොදම ක්‍රියාමාර්ග ටික අරගෙන මෙික රහසිගතව ඉවර කරලා දාන්න. එච්චරයි.

බොහොමයක් ස්තුතියි සර්…

උකුස්සා - හොඳයි.. අපි යමු එහෙනම් මහත්වරුනි. කියමින් ඇමතුම විසන්ධි විය.

DH - එහෙනම් මාධව මමත් ගියා. ජයවේවා.

ජයවේවා සර්.

රයි….ට් ඒකත් හරි. ඊලඟට මා ඇමතුම ලබාගත්තේ දිව්‍යාටය.

මැඩම් මොකද තත්වය. නිකං එපාවෙලා වගේද…?

දිව්‍යා - නැහැ එහෙම නෑ සර්. හොඳයි. වෙනසකට තියෙන්නෙ එලියට යන්න විදිහක් නැහැ.

ඒ මොකද යන්න පුළුවන් නම් යන්න. හැබැයි ඉන්න තැන කොහොමටවත් දැනගන්න තියන්න එපා එච්චරයි.

දිව්‍යා - දෙන්නෙක් මෙි පැත්තෙ නිතරම ගැවසෙනවා මම දැක්කා. ඇඳුම වෙනස් කරාට වැඩක් නැහැ. මට මිනිස්සු අඳුරගන්න පුළුවන් සර්.

උස අඩි පහක් විතර. එකෙක්ගෙ බඩ මහතයි, අනිත් එකා කොණ්ඩය ටිකක් වවපු එකෙක් වගේම දෙන්නම එක සමාන උස නේද… ?

දිව්‍යා - ඔව් සර්…

හ්ම්ම්… මෙි මිෂන්එකට අපි අතගහපු දවසේ ඉඳලා උන්දෙන්නා අපෙ පස්සෙනුත් ආවා. උන්දෙන්නා ක්ෂෙත්‍ර ඔත්තුකරුවන් දෙන්නෙක් වුනාට දක්ෂතාවය කියලා පුළුටක්වත් ඇ⁣ඟේ නැහැ මැඩම්. නිකං ජෝකර්ලා දෙන්නෙක් වාගේ. අපි තුන්දෙනා අද දවල් ඒ දෙන්නව නිහඬ කරලා දැම්මා. සැන් අවුලක් නැහැ.

දිව්‍යා - ඒකත් එහෙමද..? හ්ම්ම්..
උන් කොහෙද මාව හොයන්නෙ. සර් ඒක නෙමෙි. යාලට ගියාද…?

ඔව් මැඩම්. මම අද දහවල් ගිහින් ආවෙ.

දිව්‍යා - ඔය ඇත්තමද..?

ඔව් මැඩම්. මම අර `` චයිනා මිල්ක් ´´ වාහනය ක්ෂනිකව අත්අඩංගුවට ගත්තා. පස්සේ ඒ දෙන්නා විදිහට ස්වරූපය හදාගෙන ඇතුලට රිංගුවා. එතන තියනවා නේද රොකටි පෑඩ් එකක්. මම ඒ ගැනත් ඈත ඉඳගෙන හරි ඇහැ දාලා ආවෙ.

දිව්‍යා - මෙික සර් ලේසි පහසු , සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නම් නෙමෙි.

ඔව් මැඩම් අවසාන මිෂන්එකට මැඩම් එන්න. මොකද මැඩම් තමයි ඇතුලෙ අස්සක් මුල්ලක් දන්නෙ. ඒ හන්දා මට හොඳ ප්‍රවිශ්ඨයක් වුවමනායි.

දිව්‍යා - අනිවාර්යයෙන්ම සර්. මම එනවා ෆයිනල් මිෂන් එකට.

හොඳයි බොහොමයක් ස්තුතියි. වැඩ ගොඩයි මට. මම නවතිනවා.

දිව්‍යා - හොඳයි සර්..

ඇමතුම විසන්ධි කර , සාකච්ඡා කාමරයෙන් කෙලින්ම පැමිණියේ මාගෙ කාර්යාලය වෙතය. ඉන්පසු මාගෙ පුද්ගලික ලැප්ටොප් එක ක්‍රියාකර, අංක 65/3 හතරවන පටුමගේ පිහිටි නිවසෙහි පමීප ඡායාරූප කීපයක් දිගහැර එහි පිවිසුම් දොරටු හා ජනේලයන් කීපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරවමින්ය. මෙිවනවිට මොවුන්ගෙන් කීප දෙනෙක් පරලොව සැපත්කර ඇති බැවින් ඔවුන් රෑ කාලයේදී පවා බොහොම අවදානයෙන් පසුවනවා ඇති. එහෙමනම් මම හදන සැළසුම ටිකක් වෙනස් විදිහේ එකක් වියයුතුයි. මොකද මුන් ලඟත් තියෙන්නෙ අපිට තියෙන ආයුධම තමයි.
වෙනසකට තියෙන්නෙ පුහුණුවයි , ශිල්පයයි වෙනස් එච්චරයි. හ්ම්ම්… මාධව හිතලා බලන්න හොඳට. මගෙ යටිසිත මටම මිමිනුවෙමි. එසැණෙන් එම ඡායාරූප වල මුද්‍රිත පිටපත් කීපයක් මුද්‍රණ යන්ත්‍රයෙන් ගත්තෙමි. අවසානයේදී සැළසුමක් නිර්මාණය කෙරුවෙමි.

රෑ හත වනවිට සහයකයින් දෙදෙනා මාගේ කාර්යාලයට එන විටත් මා සියල්ලට ලෑස්තිපිට සිටියෙමි.

හොඳයි මහත්වරුනි. මෙි ගෙදර හතර පැත්තෙන් ඡායාරූප හතරක් මෙතන තියනවා. මම අදහස් කරන විදිහට, ඒවගේම මම අනුමාන කරන විදිහට
මෙි ගෙදර හතර වටෙන්ම තාප්පයෙන් වටවෙලා තියෙන්නෙ. එතකොට කෙනෙක් ඇතුලට එනවා නම් තාප්පය පැනලා එන්න ඕන. හැබැයි එතකොට උන්ට පැහැදිලිවම පේනවා අපිව. ඒ හන්දා අපි යන්න ඕන ගෙදර ඉදිරිපස ගේට්ටුවෙන්මයි. බොහෝදුරට අපි හිටියා වගේ උනුත් ගේ ඉදිරිපස හා පිටුපස දොරටුවල රැකවල් දමාගෙන ඉන්න පුළුවන් බොහෝදුරට.

**නමුත් ගේට්ටුව ලඟත් ඉන්න බැරිකමක් නැහැ නේද සර්..?

ඔව්. හොඳ අනුමාන⁣යක්. නමුත් අපි ගේට්ටුවෙන් කෙලින්ම ඇතුල් වෙන්නෙ නැහැ. ඊට කලින් අපි තාප්පය වටෙිට රවුමක් යමු. කොහොමත් උන්ගෙ අවධානය යොමුවෙන්නෙ අපි ශබ්දයක් ඇති කරොත් විතරයි. ඒ හන්දා ගේට්ටුවෙ
ලොක් එක කඩන්න යන්නෙ නැහැ අපි.
ඒකට අපි ඇසිටික් ඇසිට් පාවිච්චි කරනවා. තත්පර පහෙන් ඉබ්බා දියවෙලාම යනවා. හැබැයි ඊට පස්සේ ගේට්ටුව අරින්නෙත් නැහැ.

*එතකොට ….?

අනිවාර්යයෙන්ම අපි ගේට්ටුව අරිනවා. හැබැයි ඊට කලින් හැම ලිවර් එකකටම ඔයිල් වක්නරලා විනාඩි පහක් විතර ඉන්නවා. එතකොට ඔය එක එක මලකඩ සද්ද ඇහෙන ප්‍රවණතාවය අඩුයි. ඊට පස්සේ තමයි දෙන්නෙක් එකවර ගේට්ටුව ඇරගෙන ඇතුලට යන්නෙ.

**කතිර ක්‍රමයට බලාගෙන.

ඔව්. හරියටම හරි. ඒක තමයි ක්‍රමය. ඒකට නියෝජිත ජනිත් සහ මම තමයි සුදුසුම. මොකද අපි දෙන්නා සමාන උසනෙ. අපි දෙන්නා මුහුණට මුහුණ බලාගෙන තමයි යන්නෙ. එතකොට මට පේනවා නියෝජිත ජනිත්ගෙ වම් කණෙන් පිට වගේම, නියෝජිත ජනිත්ට පේනවා මගෙ දකුණු කණෙන් පිට. එහෙම බලපුවාම දෙන්නටම පේන්නෙ තාප්පෙ ඇතුල් පැත්ත විතරයි. අපි දෙන්නා වත්ත ඇතුලට ගියාම පුළුවන් තරම් සැඟවිලා මොකක්හරි ආවරණයක් අරගෙන ඉන්න ඕන. කසුන් එන්නෙ ඊට හරියටම විනාඩි පහකට පස්සේ. එතකම් එලියෙ ඉන්න ඕන වටපිටාව ගැන සෝදිසියෙන්. මොකද අපිට නිවාඩු පාඩුවෙ ඇතුලට යන්න දිලා එකවර කීප දෙනෙක් ගේට්ටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඒක හොඳ උපක්‍රමයක්. ඒ හන්දා හරියටම විනාඩි පහක් එලියෙ කසුන් ඉන්නම ඕන.


*හරි සර් මම හරියටම ඒගැන බලන්නම්

රයිට් .. ඊට පස්සේ අපි තුන්දෙනා දොරවල් කඩාගෙන ඇතුලට යන්නෙ නැහැ. අපි⁣ හොදට සවන්දෙන්න ඕන උන්ගෙ ශබ්ද වලට. එතකොට අපිට සාමාන්‍යයෙන් පුළුවන් ඇතුලෙ කීයක් ඉන්නවද කියලා දළ වශයෙන්.

**එතකොට සර් උන් නිශ්ශබ්දතාවය රැකගෙන හිටියොත්… ?

ඔව් නියෝජිත ජනිත්.. හොඳ ප්‍රශ්නයක්. අපි වෙන දේවල්වලට වඩා නොවෙන දේවල් ගැන තමයි වැඩිපුර අවධානය යොමුකරන්න ඕන. එහෙම වුනේ නැත්නම් නියෝජිත ජනිත් වගේම කසුන් ඔය දෙන්නා පිටුපස දොර ලඟ හැංගිලා ඉන්න කිසිම මොහොතක උන්ට දැනෙන්න දෙන් එපා ඔය දෙන්නා දොර ලඟ ඉන්නවා කියලා. ඒ වගේම ඇතුලට මම කියනකම් එන්න හදන්නත් එපා.

*එතකොට සර්… ?

මම ඉදිරිපස දොරටුවෙ අගුල් සිදුරට ඇසිට් දානවා. ටික වෙලාවකින් මට පුළුවන් වෙනවා. ඇඟිල්ලෙන් වුනත් දොර තල්ලු කරන්න. ඊට පෙර දොරේ යට දාරෙටත් ඔයිල් දාලා ඉන්නවා. එතකොට නිශ්ශබ්දතාවය දිගටම රැකෙයි. ඊට පස්සේ මම ඇතුලට යනවා. ගිහින් එක එකාට තියනවා. ඔය දෙන්නට තියෙන්නෙ පැනලා එලියට යන එවුන්ට තියන්න. මට සහතිකවශයෙන්ම කියන්න පුළුවන් අඩුම තරමෙ තුන් දෙනෙක්වත් පිටිපස්සෙන් එලියට පනිනවා මයි කියලා.
හරි… ප්‍රශ්න මොකුත් තියනවද..?

*නැහැ සර්..

එතකොට යෝජනා මොකුත් …?

**එතකොට පැනයාම.

හරි.. අපි වාහනය නවත්තන්න ඕන මෙන්න මෙතන තියෙන මාර ගහ යට.
වාහනේ සංවෙිදක පද්ධතිය මොනවාහරි වාහනයට කරලා තිබ්බොත් ඒක අපිට දැනගන්න පුළුවන් නේද නියෝජිත ජනිත්…?

**ඔව් සර්… සෙන්සර් ටික අපිට දැනුම්දෙනවා.

නියමයි. එතකොට සෝදිසි කිරීම් මොකුත් නැහැ අපිට තියෙන්නෙ ඉක්මනට එතනින් පැනගන්න. එච්චරයි. හරි… එහෙනම්.
කළුපාට ඇඳුම් එතනදි ඇඳගමු. මෙතන තියනවා ඔයිල් කුප්පියක් වගේම අන්ත්‍රාදායක ඇසිටික් ඇසිට්. ඒ ටිකත් අරගෙන යමු එහෙනම් මහත්වරුනි ජයවේවා.

*ජයවේවා සර්…

තිදෙනාම රාත්‍රි හතහමාරට පමණ වෑන්රියට ගොඩවී. මහරගම බලා පිටත් වුනෙමු. අඩ හෝරාවක් පමණ අපට කාලය ගතවුවද , පෙර සැළසුම්කරගත් පරිදි පටු මාවත අද්දර ලොකු මාර ගසක් වට වෑන්රිය නවතා දැමුවෙමු.

මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now